πŸ₯€πŸ”ž_πšƒπšπ™°π™Έπ™½π™Άπ™»π™΄_πŸ”žπŸ₯€

By Kwanyeona

75.1K 8.6K 1.2K

πšƒπš‘πš’πšœ πšœπšπš˜πš›πš’ πšœπš‘πš˜πšžπš•πš πš‹πšŽ πš’πš—πšπš˜πš›πš–πšŽπš πš‹πšŽπšπš˜πš›πšŽ πš’πš πšœπšπšŠπš›πšπšœ .. πšƒπš‘πš’πšœ πšœπšπš˜πš›πš’... More

InTroπŸ‘€
Chapter (01)
Chapter (02)
Chapter (03) πŸ”ž
Chapter (04)
Chapter (05)
Chapter (06) πŸ”ž
Chapter (07)
Chapter (08)
Chapter (09)
Chapter (10) [ ΰΆ†ΰΆœΰΆ±ΰ·ŠΰΆ­ΰ·”ΰΆš ΰ·ƒΰΆΈΰ·ŠΰΆ΄ΰ·Šβ€ΰΆ»ΰ·ΰΆ΄ΰ·ŠΰΆ­ΰ·’ΰΆΊ πŸ₯€]
Chapter (11) πŸ”ž
Chapter (12)
Chapter (13)
Chapter (14)
Chapter (15)
Chapter (17)
Chapter (18) πŸ”ž
Chapter (19)
Chapter (20) - [END] πŸ₯€
πš‚πš™πšŽπšŒπš’πšŠπš• π™²πš‘πšŠπš™πšπšŽπš› πŸ₯€
Thank you ❀

Chapter (16)

2.2K 342 41
By Kwanyeona


ටේගෙ උරහිසට ඔලුව තියන් ඉදපු කුකියා එක දිගටම කියෙව්වේ කුකී අතින් වෙච්ච වැරදි ගැන..ඒ වගෙම ලන්ඩන් වලදි ටේත් එක්ක ගත කරපු කාලේ ගැන..කුකියා අමාරුවෙන් හිතේ හිර කරගෙන හිටපු හැම දෙයක්ම ටේ එක්ක කියෙව්වා..ටේගෙන් දිගින් දිගටම සමාව ගත්තා..


" ටේ..! එකම එක චාන්ස් එකක් දෙන්න බැරිද..? මට සමාව දීලා ආයිත් මං ලඟට එන්න බැරුද...? "

" අපි ඕක ගැන පස්සේ කතා කරමු...ම්ම්ම්..දැන් මෙහෙම ඉදලා ටිකක් රෙස්ට් කරන්න..."

" මං හොඳටම දන්නවා ඔයා තවමත් මට ආදරෙයි කියලා ටේ...! ඉතින් මෙහෙම වෙන් වෙලා ඉන්න ඕනෙ නෑනෙ..."

කුකී කොච්චර ඇහුවත් ටේ කිසිම උත්තරයක් දුන්නෙ නෑ.කුකීට සිහිය ආවත් කුකී තවමත් දුර්වලයි..ඒ නිසා ටේ කොල්ලා කුකීට වැඩිය කතා කරන්න නොදී රෙස්ට් කරන්න ඉඩ දුන්නා..තිබුන අමාරුවට කුකීට ටේගෙ උරහිසේම නින්ද ගියා..ටේ කොල්ලා කුකීව තියාගෙන ටික වෙලාවක් ඉඳලා ඔෆිස් එන්න ඕනෙ නිසා එතනින් ආවා..

" ටේහ්‍යුන්ග්...! ඔයා මල්ලිව බලන්න ගියාද..කොල්ලා මොකද කියන්නේ..? "

" ඕහ් මිස්ටර් නම්ජූන්...මං මේ හොස්පිට්ල් එකේ ඉදන් තමයි ආවේ..ජන්ග්කුක්ට දැන් ප්‍රශ්නයක් නෑ.."

" මොනවද කියන්නේ..? මොකක්ද මිනිහට තියෙන ප්‍රශ්නේ..? "

" ඒක නම් මං හරියටම කියන්න දන්නෙ නැහැ මිස්ටර් නම්ජූන්..ජන්ග්කුක්ට වැඩිය කතාබහ කරන්න නොදී මං ආවා..."

" ම්ම්ම්ම් පුළුවන් නම් කොල්ලා එක්ක ටිකක් ඉන්න බලන්න.."

ඔෆිස් එකට ආපු ගමන්ම නම්ජූන් ටේව මුණගැහිලා කුකී ගැන විස්තර ඇහුවා..

කුකියා දවස් දෙකක් වගේ හොස්පිට්ල් එකේ හිටියා..ඒ දවස් දෙකේදිම ටේ කොල්ලා උදේ හවස වරද්දන්නෙ නැතුව කුකියව බලන්න හොස්පිට්ල් එකට ආවා...හැබැයි කුකියගෙ ප්‍රශ්නෙට නම් උත්තරයක් ටේගෙන් තවමත් ලැබුනේ නැහැ...කුකී හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් වෙලා වෙනදා වගෙම ඔෆිස් එන්න පටන් ගන්නවා..කුකියා දැන් ටික ටික ආයෙමත් ටේ ගැන බලාපොරොත්තු ඇති කරගෙනයි ඔෆිස් එන්නෙත්..

කුකියා හැමදාම උදෙන්ම ඔෆිස් එකට ඇවිත් ටේ එනකම් ලිෆ්ට් එක ලඟට වෙලා ඉන්නවා..ටේ එනවා දකිද්දිම කුකියා ඒක අහම්බයක් වගේ හරි ලස්සනට රඟපානවා...කුකීට ඔෆිස් එකේ වැඩක් නැති හැම වෙලාවකම කරන්නේ හොරෙන් ටේ කොල්ලා දිහා බලන එක...ටේ යන එන තැන් වලට හොරෙන් හොරෙන් පස්සෙන් යන එක...😅 ඒ වෙලාවට ටේ කුකියව දැක්කොත් කුකී ආයෙමත් අහම්බයක් වගේ ලස්සනට රඟපානවා....

" ඕහ් මිස්ටර් ලී කියන්න...මොනවා...? ආ හරි හරි මං මේ ඒ වැඩේට යන ගමන්.."

කුකියා ටේගෙ පස්සෙන් යද්දී එක පාරටම ටේ ආපස්ස හැරිලා බැලුවා..කුකියට කරකියා ගන්න දෙයක් නැති නිසා ටක්ගාලා ෆෝන් එක කනේ තියන් මිස්ටර් ලී එක්ක කතා කරනවා වගේ බොරුවට රඟපෑවා..

" ඔයා මේ මගෙ පස්සෙන් එනවා එහෙම නෙවෙයිනේ නේද... ආ.."

" මම..? පිස්සුද..මං මේ වැඩකට යන්නෙ.."

" ඕහෝ හරි එහෙනම් ඔයා යන්නකො මං පිටිපස්සෙන් එන්නම්..."

ටේ ඉස්සරහ කුකියට වැඩ වරදිනවා..ටේ කොල්ලා දන්නවා කුකියා හැමදාම මේ විදියට පස්සෙන් එනවා කියලා..ටේත් ඉතින් ඒකට හරි කැමතියි...

එක දවසක කුකියා ටේ එන්න කලින් ටේගෙ ගෙදරට යනවා..මිස්ටර් ලීවත් අඩුම තරමේ දන්නෙ නෑ කුකියා එයාගෙ ගෙදර යනවා කියලා..කුකී මිස්ටර් ලීටත් බොරුවක් කියලා වෙලාසනින් ඔෆිස් එකෙන් යනවා මිස්ටර් ලීට වැඩක් පවරලා..මිස්ටර් ලී දන්නෙ නෑ කුකී යන්නෙ කොහෙද කියලා...

" හෙලෝ...කොහොමද..? මම කුකී...ම්ම්ම්ම් මම ටේහ්‍යුන්ග්ගේ යාලුවෙක්..."

" ඕහ් එහෙමද...පුතා නම් ගෙදර නැහැ...කමක් නෑ දැන් එයි... පුතා එන්න ඇතුලට..."

" ටේහ්‍යුන්ග් එන්න ගොඩක් වෙලා යනවද ආන්ටි.."

" ම්ම්ම් නෑ පුතා...තව පැය බාගයක් ඇතුලත ටේ ගෙදර එනවා..පුතා ඉඳගන්නකො එන්න..."

කුකියා ටේගෙ ගෙදර ඇවිත් ටේගෙ අම්මා එක්ක කොෆි එකක් බොන ගමන් පොඩි කයියක් දාගෙන ඉන්නවා..රෑ 7 8 වෙද්දි ටේ කොල්ලයි මිස්ටර් ලීයි ඒ කියන්නේ ටේගෙ තාත්තයි ගෙදර එනවා...ගෙට ගොඩ වෙනවත් එක්කම දෙන්නම දැක්කේ කුකියව...

" සර්...? සර් ඔයා මෙහෙ? "

" සර්..? සර් කිව්වේ...?.මට කිව්වේ අපේ පුතාගෙ යාලුවෙක් කියලනේ.."

" ඕහ් පුතාගෙත් යාලුවෙක් තමයි..මේ ඉන්නෙ අපේ සර්..මිස්ටර් ජියොන්ගෙ පුතා.."

කුකියව දැකලා ටේගෙ තාත්තට හරි පුදුමයි..ටේ කොල්ලටත් කුකියව දැක්කම කට කොනින් අමුතු හිනාවක් ගියා...

" සර් මොනවා හරි බිව්වද..සර්ට මොනවා හරි බොන්න දුන්නද..? "

" ඕහ් මිස්ටර් ලී මං කොෆි එකක් බිව්වා..ආන්ටි මට රස කොෆි එකක් හදලා දුන්නා බොන්න.."

" සර් ඩිනර් එක අරගෙනම යන්න ඉන්න..මෙහෙට ආපු පලවෙනි දවසෙම නිකන්ම යවන්න බෑනේ..."

" අනිවාර්යයෙන්ම ඉන්නවා මිස්ටර් ලී..."

" මං එහෙනම් ඩිනර් එක රෙඩි කරන්නම්..."

" සර් පුතා එක්ක ඉන්න එහෙනම් මම ඉක්මනට වොශ් දාගෙන එන්නම්.."

" ඕකේ මිස්ටර් ලී..."

මෙහෙම කියලා ටේගෙ තාත්තා කුකියව ටේ එක්ක තියලා වොශ් එකක් දාන්න යනවා...ටේගෙ අම්මා ඩිනර් එක රෙඩි කරන්න යනවා...

" ඇයි මෙහෙ ආවෙ ආ...? "

" ඇයි එන්න එපාද..."

" මං වොශ් එකක් දාගන්න රූම් එකට යනවා..එනවා නම් එන්න..."

ටේ කොල්ලා මෙහෙම කියලා කුකියවත් එක්කගෙන ටේගෙ රූම් එකට යනවා..ටේ වොශ් එකක් දාගන්නකම් කුකියා රූම් එකට වෙලා රූම් එකෙ තියෙන දේවල් දිහා බල බල හිටියා..ටික වෙලාවකින් වොශ් දාගෙන ටවල් එක පිටින් ටේ කොල්ලා වොශ් රූම් එකෙන් එලියට එනවා...කුකී කර කර හිටපු වැඩෙත් නවත්වලා ටේ දිහා බලාගෙන හිටියා...ටේ කොල්ලෝ රූම් එකට ඇවිත් ටී ෂර්ට් එකයි බොටම් එකයි දාගත්තේ ලාවට වතුරු බිංදු ඇඟෙන් පෙරෙද්දිමයි...ටේ කොල්ලා ඇඳුම් දාගෙන කණ්නාඩිය ඉස්සරහට ගිහින් තෙත කොන්ඩේ අතින් හද හද පිහදමද්දි කුකී ටේව පිටිපස්සෙන් ඇවිත් හග් කරගත්තා...

"ඉස්සර වගේ මෙහෙම ආයෙමත් ඉන්න බැරිද කවදාවත්ම..? ම්ම්ම්ම්ම්..."

කුකියා මෙහෙම අහද්දි ටේ කොල්ලා කුකියගෙ කම්මුලෙන් අල්ලන ගමන් කුකීගෙ මූන පැත්තට හැරුනා..

" මම හැමදාම ඔයා එක්ක ඉන්න තමයි කුකී හීන දැක්කේ...ඒත් ඔයා...? "

" ඒ දේවල් වෙලා ඉවරයි ලමයෝ...මං ඒ දේවල් වලට පසුතැවෙනවා තාමත්...මට ඕනේ ඔයා එක්ක මේ වගේ එකට ඉන්න...ප්ලීස් ටේ..! එක චාන්ස් එකක් මට දෙන්න..ප්ලීස්..."

කුකියා ඇස් වල කඳුලු පුරවගෙන ටේවත් බඳාගෙනම ටේට මෙහෙම කියද්දී ටේ, කුකියගෙ කම්මුල් වලින් අල්ලන් කුකීගේ ඇස් දිහා හරිම ආදරෙන් බලන් හිටියා..ටේගෙ ඒ බැල්මත් එක්කම කුකී හෙමින් සැරේ ටේගෙ තොල් වලට ලං වුනා...කුකියා ටේට ලං වෙද්දී ටේගෙ ඇස් නොඳැනිම පිය වුනා...ඒ කියන්නේ ටේ කොල්ලා කුකීගෙන් ඒ දේ බලාපොරොත්තුවෙනුයි ඉදලා තියෙන්නෙ...🥺 ඇස් දෙක පියාගත්ත ටේ දිහා, කුකියා බලලා පොඩි හිනාවක් දාලා ටේගේ තොල් කිස් කලා..

කාලෙකින් ටේට මේ දැනුන හැඟීම කියලා නිම කරන්න බැරි තරම්...ටේට ඕනෙ වුනේ නෑ නවත්වන්න...කුකී නවත්වද්දී ටේ ආයෙම කිස් කරන්න ගන්නවා...

" පුතා...! වොශ් දාගෙන ඉවරද..? ඉවර නම් එන්න ඩිනර් රෙඩි... "

දෙන්නට ආපු හැඟීම් ඔක්කොම සුන්නත්දූලි කරගෙන ටේගේ තාත්තා දොරට ගහලා මෙහෙම කිව්වා...😑

" අද මම මෙහෙ ඉන්න ඕනෙද... ම්ම්ම්..? "

" මෙහෙ ඉන්න...? ඒ මොකටද...? "

" නෑ මට හිතුනා හිටියොත් හොඳයි කියලා..."

කුකියා ටේට මෙහෙම කිව්වේ ටේව බදාගෙන හිනාවෙන ගමන්...ටේත් කට කොනින් පොඩි ලැජ්ජවකුත් එක්ක හිනා වෙලා බිම බලාගත්‍තා..

" කන්න යමුද...? "

" ම්ම්ම්ම් යමු.."

කුකියා හරිම සතුටින්....ඒ වගෙම ටේ කොල්ලත්..දෙන්නම පහලට ගිහින් අම්මයි තාත්තයි එක්කම එකට ඩිනර් එක ගන්නවා හරිම සතුටින් හිනා වෙවී කතා වෙවී...තාත්තට තේරුනා මේ දෙන්නා මෙච්චර සතුටින් ඉන්නේ ඇයි කියලා...හැබැයි තාත්තගෙ හිනාවත් එක්කම තිබුනේ ලොකු බයක් මේ දෙන්නා ගැන...

කුකියා ඩිනර් එක අරන් ටික වෙලාවක් ඉදලා ගෙදර එනවා...කුකී අද ගෙදර එන්නෙ හොඳ සිහියෙන්...ඒ වගෙම ගොඩක් සතුටින්...කුකියා ගෙදර එද්දී කුකීගේ තාත්තයි නම්ජූනුයි ඩිනර් එක ගන්න ගමන් හිටියේ...

" ඕඕහ් පුතා..! එන්න ඩිනර් එක ගන්න..."

" මං මිස්ටර් ලීගෙ ගෙදරින් ඩිනර් එක ගත්තා තාත්තා..."

" මිස්ටර් ලීගේ ගෙදරින්...? "

"ම්ම්ම්ම් ඔව්..මං වොශ් දාගන්න යනවා තාත්තා පස්සේ කතා කරමුකෝ..."

කුකියගේ තාත්තාට පුදුම සතුටක් දැනුනා කුකී අද සතුටින් හැසිරෙන නිසා..

" අද නම් කොල්ලා සතුටින් වගේ...බීලත් නෑ...මිස්ටර් ලීගෙ ගෙදර මොනවා කරලද මේ මිනිහා..."

" මිස්ටර් ලීගෙ පුතා තමයි ජන්ග්කුක් එක්ක ලන්ඩන් වලදි එකට හිටපු යාලුවා..ඉතින් ඒ නිසා යන්න ඇති තාත්තා..."

" ආආහ් ලීගේ පුතා.. මට මතකයි...කොල්ලා ඒ කාලෙ ඉදන්ම හිටියෙ පොත් වලමයි..දැන් මං හිතන්නේ අපේ ඔෆිස් එකේ ඉන්නේ..."

තාත්තගෙයි නම්ජූන්ගෙයි කතාව මෙහෙම යද්දී කුකියා රූම් එකට ගිහින් වොශ් දාගෙන ඒ ගමන්ම කලේ ටේට කෝල් එකක් ගත්ත එක...දෙන්නට ගෙදරදි හරියට කතා කරගන්න බැරි වුන නිසා ෆෝන් එකෙන් හැමදේම කතා කලා...
.
.
.
.
.
.
.
( පහුවදා උදේ )

" පුතා...ලෑස්ති වෙලා ඉවරද..? මං කාර් එකට යනවා ඉක්මනට එන්න.."

ටේගෙ තාත්තා මෙහෙම කියලා ටේ එනකම් කාර් එක ගරාජ් එකෙන් එලියට අරගෙන ඔෆිස් එකට යන්න ලෑස්ති වුනා..

" හරි තාත්තා යමු..."

ටේයි ටේගෙ තාත්තයි දෙන්නත් එක්කම ඔෆිස් එකට යන්න පිටත් වුනා..තාත්තා ඩ්‍රයිව් කරන ගමන් ටේගෙන් කුකී ගැන අහනවා..

" ඊයේ මොකද වුනේ පුතා...? "

" ඊයේ...? මොකක්ද තාත්තා.."

" ඊයේ ඔයාගෙ රූම් එකේදි ජන්ග්කුක් එක්ක මොනවද කතා කලේ.."

" ම්ම්ම්ම්ම්ම් "

" පුතා මේකයි..මගෙ ලොකුවට අකමැත්තක් නැහැ ජන්ග්කුක් ගැන..ඒත් පුතා අම්මා ගැනයි මිස්ටර් ජියොන් ගැනයි හිතද්දී පොඩි ප්‍රශ්නයක් එනවා..අම්මව මොකක් හරි කියලා ශේප් කරගන්න පුළුවන් කියලා හිතමුකෝ...ඒත් ජන්ග්කුක්ගෙ තාත්තා කොහොම වෙයිද කියන්න බෑ...එහෙම නේද.? "

" හ්ම්ම්ම් මට තේරෙනවා තාත්තා..."

" මට බය තියෙන්නෙ මේ දේ නිසා ඔය දෙන්නට ප්‍රශ්නයක් වෙයි කියලයි...පුතා ජන්ග්කුක් එක්ක කතා කරලා මේක විසඳුමක් කරගන්න බලන්න..ම්ම්ම්ම්...? සම්බන්ධයක් තියෙනවා නම් ඒක නවත්වන්න කියනවා නෙවෙයි මං මේ...ඒත් පුතා ඉස්සරහට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසයි මං දැන්ම කියන්නේ...."

" ම්ම්ම්ම්ම් හරි තාත්තා..."

ටේගේ තාත්තා මෙහෙම කියන්නේ දැන් ඉදන්ම ඉස්සරහට එන ඕනම ප්‍රශ්නයකට මූණදෙන්න ලෑස්ති වෙලා ඉන්නයි....
.
.
.
.
.
.
.
ඊලග මොකද වෙන්නේ කියලා බලමු ඊලග chapter එකෙන්...👀
.
.
.
.
.
සීමා මායිම් නැති ආදරයක ආගන්තුක සම්ප්‍රාප්තිය 🥀
.
.
.
.
.
.
.............................🔞TRAINGLE🔞............................

ඊලග chapter එකත් ඉක්මනට දෙන්නා.....ම්
අදට බා.....යි 🤭👋

Continue Reading

You'll Also Like

3.3K 550 8
Don't leave me I believe, I start running No ending, you are my heartbeat πŸ’— Even if I'm struck by rain Even if I'm erased by darkness I will defi...
5.5K 809 8
_’໐๓plΔ“tΔ“ΰ»“_ ~ I made changes but I didn't do it with you in mind.. But in the end you left me making me think so much about you.. Even now I'...
34.8K 701 5
Izuku Yagi's quirk "Current" may seem weak at face value but when used with his intelligence he's unstoppable! Top Rankings: 3# IzukuxMei Jul. 24. 20...
2.5K 679 8
ΰΆΈΰΆœΰ·™ ΰ·ƒΰ·œΰ·„ΰ·œΰΆ± ΰΆ‹ΰΆ© ΰΆ”ΰΆΊ ΰΆ…ΰΆ­ΰ·Šΰ·€ΰΆ½ΰ·’ΰΆ±ΰ·Š ΰΆ‘ΰΆš ΰΆΈ ΰΆ‘ΰΆš ࢻෝස ࢸࢽ්࢚ ΰΆ­ΰ·’ΰΆΊΰΆ±ΰ·ŠΰΆ±.... (Cover by Laya-K) Started : 27/12/2021 Ended : 05/01/2022 By Kit-Kat πŸƒ