Autumn Leaves | Jungkook Cent...

By Jungmi_11

8.2K 2.2K 350

තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01- More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 10 (Final)
A/N

Chapter 9

617 188 28
By Jungmi_11

Time Passed..

අතේ තිබබ මේපල් කොළේ දිහා බලාගෙන මං උන්නෙ හිනාවෙවී..සන්හී මේක දැක්කම සතුටු වෙයි..ඒ එක්කම මගෙ අතේ තිබ්බෙ පොඩි පෙට්ටියක්..කැනඩා වල ෂොපින් කරන්න ගියෙ වෙලාවෙ දැක්ක ලස්සන පොඩි මුද්දක් මං සන්හීට ගත්තා..මේවා දැක්කම එයාගෙ මූණෙ පිරෙන හිනාව මතක් වෙද්දිත් පුදුමාකාර සතුටක් දැනෙන්නෙ..

අපේ කොන්සර්ට් එක අතිසාර්ථක විදිහට සිද්ධ වුණා..මං බයෙන් හිටියෙ මගෙ අතින් මොකක් හරි වෙයි කියලා..ඒත් හියොන්ලාගෙ ස්ටාෆ් එකේ වගේම ආර්මිලාගෙ සහය නිසා මට හොඳින් පර්ෆෝම් කරන්න පුළුවන් වුණා..

හියොන්ලාටත් වඩා වැඩි කාලයක් මට ප්‍රැක්ටිස් කරන්න සිද්ධ වුණේ මට ගොඩක් ප්‍රැක්ටිස් මග ඇරුණ නිසා..ඒත් පුළුවන් හැම වෙලාවකම මං සන්හීත් එක්ක කතා කළා..හොස්පිටල් එකේ ඉඳන් ඇවිත් සතියක් විතර යනකම්ම මට රෙස්ට් කරන්න සිද්ධ වුණත් මං ටික ටික exercise කරන්න පටන් ගත්තා..සන්හී මුලින් මුලින් මාත් එක්ක කලින් වගේ කතා කළත් ඊට පස්සෙ එයා කෝල් වලට ආන්සර් කරෙත් නෑ..මැසේජ් වලට රිප්ලයි කරෙත් නෑ..මාසෙක ඉඳන් එයාගෙ කටහඬවත් අහලා නෑ..මේ කෙල්ලට මාව අමතක වෙලාද??එහෙමත් නැත්නම් සන්හී ට කරදරයක්වත්ද??

"මූඩ් ගහලා ඉන්න එපා ජන්ග්කුක්..අද ගිහින් සන්හී ව බලන් පුළුවන් නෙ.."යුන්ගි හියොන් මං ගාවින් වාඩි වෙන ගමන් කිව්වා..

"ඒත් හියොන්..එයා කාලෙකින් මට කතා කළේ නෑ..බයත් හිතෙනවා.."මං වාඩි වෙලා හිටිය තැනින් නැගිටලා මේපල් කොළේ සාක්කුවට දාගෙන මේසෙ උඩ තිබ්බ ඉරිඟු මල් පොකුරත් ගත්තා..

"යා..ජන්ග්කුකා..යමං..අපිත් එනවා උඹ එක්ක යන්න.."ටේ හියොනුයි ජිමින් හියොනුයි මං රූම් එකෙන් එළියට එද්දිම මං ගාවට ආවා..

"ආයිෂ්..හියොන්..මං යන්නෙ මගෙ කෙල්ලව බලන්න.."මං කටත් ඇදකරගෙන කියද්දි හියොන්ලා මගෙ කරට අත දාගත්තා..

"ඉතින්..ඒ අපේ යාළුවානේ..උඹ කෙල්ලව බලපන්..අපි යාළුවව බලන්නම්.."ජිමින් හියොන් කිව්වෙ ඇහැකුත් ගහලා..

මේ දෙන්නාගෙන් නම් බේරිල්ලක් නෑ..ඒකත් හොඳයි..සන්හී තරහා වෙලා නම් යාළු කරගන්නත් පුළුවන් හියොන්ලා ඉන්න නිසා..

"හරි එහෙනම් යමුකො.."මං හියොන්ලා දෙන්නත් එක්කම dorm එකෙන් එළියට බැස්සා..

*******

මමයි හියොන්ලායි හොස්පිටල් එකට ආවෙ ගාඩ්ස්ලාත් එක්කමයි.
මට නම් දැන් ඉවසිල්ලක් නෑ..සන්හීව තදට බදාගන්න ඕනෙ..ඒ සුවඳ..ඒ උණුසුම ආයෙත් පාරක් විඳින්න ඕනෙ..හැමදාටම ළඟින් තියාගන්න ඕනෙ..

"ජන්ග්කුක්..උඹ කෙල්ලව කිස් කරන්න එහෙම යනවා නම් කලින් කියලා තියපන් ඈ..අපි එහාට යන්නම්..මේ චූටි හිතට ඔව්වා බර වැඩියි.."ටේ හියොන් කිව්වෙ මගෙ පිටට හයියෙන් පාරක් ගහලා..අයියෝ මේ හියොන්ලාට නම් මාව විහිළුවට ගන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනෙ නෑ..

මම දොර ඇරගෙන ගියෙ එයාව පුදුම කරවන්නත් කියලා හිතාගෙන..ඒත් හිස් වෙලා තිබ්බ කාමරේ දැකලා මගෙ කකුල් දෙක ඉබේම නතර වුණා..කිසිම කෙනෙක් නෑ..සන්හී ගෙ බඩු මුකුත් තිබ්බෙත් නෑ..

"හි..හියොන්..එයා ගිහිල්ලා නෙ.."මං හියොන්ලාගෙ පැත්තට හැරුනා..

"එයා ඩිස්චාර්ජ් වෙලාද ජන්ග්කුක්?උඹට කිව්වෙ නැද්ද සන්හී?"ජිමිනි හියොන් මගෙන් ඇහුවා..මං කළේ දන්නෙ නෑ කියන්න දෙපැත්තට ඔළුව වනපු එක..

"වේ..හියොන්..ඇයි එයා මට කිව්වෙ නැත්තෙ?"මං අහද්දි හියොන්ලා මගෙ උරහිසට අතක් තිබ්බා..

"අපි සන්හීගෙ ගෙදර ගිහින් බලමු ජන්ග්කුක්.."ටේ හියොන් මාව සැනසුවා..

"ඒත් මං එයාගෙ ගෙදර තියෙන තැන දන්නෙ නෑනෙ හියොන්.."මං කිව්වෙ බිම බලාගෙන..

"ඕ...එහෙමද?"

එතකොටම වගේ සන්හීගෙ රූම් එකේ දොර ඇරගෙන ආවෙ නර්ස් කෙනෙක්..මට මේ නර්ස්ව මතකයි..මේ නර්ස් තමයි සන්හී එක්ක නිතරම හිටියෙ..

"ජන්ග්කුක්..ඔයා ඇත්තටම ඇවිල්ලා..සන්හී කිව්වා ඔයා අනිවාර්යයෙන්ම එයි කියලා.."ඒ නර්ස් අපි ගාවට ආවෙ එහෙම කියාගෙන..මං පුදුම වුණා..ඒ කියන්නෙ මගෙ සන්හී මං එනකම් බලන් ඉඳලා..

"දැන් සන්හී කොහෙද ඉන්නෙ මිස්??"මං අහද්දි නර්ස්ගෙ මූණ අඳුරු වුණේ මගෙ හිත කලබල කරලා..මං මුකුත් අහන්න කලින් නර්ස් මගෙ පැත්තට දික් කළේ සුදු පාට පොඩි කෑල්ලක්...

"සන්හී මේක දෙන්න කියලා කිව්වා ජන්ග්කුක්.."ඒ නර්ස් අපිව රූම් එකේ තනි කරලා එළියට ගියා..මම දිග ඇරලා බැලුවෙ ඒ කොලේ දිහා..ඒකෙ ලියලා තිබ්බෙ ලිපිනයක්..හියොන්ලා දෙන්නත් කොලේට එබුණා..

"ඔය සන්හීගෙ ගෙදර ඇඩ්‍රස් එක වෙන්න ඇති ජන්ග්කුක්.."ජිමින් හියොන් කිව්වා..

"මමත් හිතනවා හියොන්..අපි ගිහින් බලමුද?"මං ඇහුවෙ හියොන්ලාගෙ උත්තරය මොකක් වෙයිද කියලා සැකෙන් වගේ..මොකද අපිට හැමතැනම ඇවිදින්න බෑ..හොස්පිටල් එකට ආවෙත් හැමෝටම හොරෙන්..

Idol කෙනෙක්ගෙ ජීවිතේ ලේසි නෑ..Dorm එකෙන් Company එකටයි company එකෙන් dorm එකටයි ගමන් කරන ජීවිතේ අපහසුවක්..ඇත්තම කියනවා නම් ඇක්සිඩන්ට් වුණ නිසා තමයි මම හොස්පිටල් එකේ ගෙවපු කාලෙවත් නිදහසේ හිටියෙ..නැත්නම් එහෙමවත් නෑ..

*******

සන්හී තියලා ගිහින් තිබ්බ ඇඩ්‍රස් එකට අයිති දොර ඉස්සරහට වෙලා මම විනාඩි පහක් විතර බලන් ඉන්න ඇති..හියොන්ලා දෙන්නාත් මගෙ දිහා බලන් ඉන්නවා..ඇයි මට මෙතරම් බයක් දැනෙන්නෙ..හරියට මට දැනෙන්නෙ මේ දොරෙන් එහාපැත්තෙ ලොකු වේදනාවක් තියෙනවා ⁣වගේ..

"දොරට තට්ටු කරපන් ජන්ග්කුක්..උඹට සන්හීව බලන්න ඕනෙ නැද්ද?"බලන් ඉඳලා බැරිම තැනද මන්දා ටේ හියොන් කිව්වෙ කම්මැලි කටහඬකින්..මම ලොකු හුස්මක් අරගෙන ඒ පුංචි ගෙදර දොරට තට්ටු කළා..

තුන්වෙනි පාරට තට්ටු කරද්දි දොර ඇරුණෙ සන්හීගෙ ඔම්මා අතින්..ඔම්මා මාව බලාපොරොත්තු නෙවෙන්න ඇති..මාව දැක්ක ගමන් සනිහීගෙ ඔම්මාව අඩි දෙක තුනක් පිටිපස්සට විසිවුණා..

"ඔම්මා.."මං කතා කරද්දි ඒ ඇස්වලින් කඳුළු කඩන් වැටුණේ වැස්සක් වගේ..

"ඔම්මා ඇයි අඬන්නෙ?"මං අහනවත් එකක්ම ඔම්මා මාව තදට බදාගත්තා..ඒ ග්‍රහණයේ තිබුණෙ දුකින් බේරෙන්න දරන උත්සහයක් වගේ..අතේ තිබ්බ ඉරිඟු මල් පොකුරත් එක්කම මම ඔම්මාව ආපිට වැළඳගත්තා..

"ඔයා ආ⁣වා නේද දරුවො??මගෙ කෙල්ලට ඒ තරම්ම ආදරෙයිද පුතේ?"ඔම්මා මගෙන් ඇහුවෙ ඉකිගහන ගමන්..

ආදරෙයි??ඒ වචනයටත් වඩා මං සන්හීට ආදරෙයි..කියාගන්න බෑ මේ අහම්බෙන් හම්බුණ කෙල්ලට මං ආදරේ කරන තරම..ඒ ආදරේට පරිමාවක් නෑ..සීමාවකුත් නෑ..ඒ ආදරේ කියාගන්නත් මට බෑ..

"වේ ඔම්මා??කොහෙද සන්හී?"මං ඔම්මාගෙන් අැහුවෙ කාලෙකින් දකින්න නොලැබුණ තවමත් මගෙ ඇස්වලට හසු නොවුණ ඒ රූපෙ හොයන ගමන්..මගෙ හිත එයාව හොයනවා..ගොඩක්..

ඔම්මා මාව අල්ලගෙන කාමරේකට එක්කගෙන ගියා..හියොන්ලාත් මගෙ පස්සෙන් එනවා වගේ මට දැනුනා..

ඔම්මා ඒ කාමරේ දොර ඇරියම මගෙ කකුල් දෙක පණ නැති වුණා වගෙයි මට දැනුනෙ..පපුව ගැහෙන එකත් නතර වුණා වගේ..

ඒ කාමරේ හැම බිත්තියක් ගානෙම අලවලා තිබ්බෙ අපේ ෆොටෝස්..BTS logo,albums,posters,photo cards...එක හිස්තැනක් නැති වෙන්නම හැම බිත්තියක් ගානෙම අලවලා..ඒ අතරේ තිබ්බා අතින් ඇඳපු මගෙ painting එකකුත්..

"මේ සන්හීගෙ රූම් එක පුතේ.."ඔම්මා කියද්දි මම ඒ රූම් එකේ තිබ්බ පුටුවකට බර දුන්නා..තවත් හිටගෙන ඉන්න තරම් මට පණක් තිබ්බෙ නෑ..සන්හී..එයා කිව්වා අපිව දන්නෙ නෑ කියලා..මාව දන්නෙ නෑ කියලා..ඒත් ඒ සේරම බොරුද?ඇයි එහෙනම් එයා බොරු කිව්වෙ??

"සන්හී army කෙනෙක්ද?"ජිමින් හියොන් ඇහුවා..මටත් ඒකට උත්තරයක් නෑ..ඇයි මගෙ සන්හී මේ දේවල් මට නොකිව්වෙ??

"ඔ..ඔම්මා..සන්හී කෝ??මට එයාව හම්බෙන්න ඕනෙ..එයත් එක්ක කතා කරන්න ඕනෙ.."මං වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිටලා අහද්දි ඔම්මා ආයෙත් පාරක් මාව තදට බදාගත්තා..

"සන්හී අපිව දාලා ගියා රත්තරනේ...එයා යන්නම ගියා.."

ඔම්මාගෙ වචන..මට දැනුනෙ මගෙ ඔළුව උඩ අකුණු දහස් ගානක් පුපරලා ගියා වගේ..අතේ තිබ්බ මල් පොකුර මටත් නොදැනී බිමට වැටුණා..මගෙ හුස්ම වැටෙනවද කියලාවත් මට තේරුණේ නෑ..

"මො..මොකක්?මොනවද ඔම්මා මේ කියන්නෙ?ම..මට..මුකුත් තේරෙන්නෙ නෑ.."මං ඔම්මාව මගෙන් ඈත් කරලා අහද්දි ඔම්මා කඳුළු පුරවගෙන මං දිහා බලන් හිටියා..

"එයා දැන් අපි අතරෙ නෑ ජන්ග්කුක්..එයා ගියා..මගෙ කෙල්ල මේ ලෝකෙන් යන්න ගියා.."ඔම්මා කියද්දි මාව එතනම දණ ගැස්සුණා..

ඔම්මා මොනවද මේ කියන්නෙ?මම කොහොමද ඒක විශ්වාස කරන්නෙ?නෑ..බොරු..මේ සේරම බොරු..මගෙ කෙල්ල කොහොමද එහෙම මාව දාලා යන්නෙ?

"ඔ..ඔම්මා..විහිළු කරන්න එපා..ඒ විහිළුව ගොඩක් රිදෙනවා.."මං කිව්වෙ පපුවත් අල්ලගෙන..දැනටම මගෙ පපුව උඩට කළු ගලක් අතඅරිනවා වගේ..

"ඇත්ත දරුවෝ..මගෙ කෙල්ල පොඩි කාලෙ ඉඳන්ම විඳෙව්වා..දැන් එයා නිදහස්.."

"නෑ..බොරු කියන්න එපා ඔම්මා..බොරු..සන්හී යා..ඔයා කොහෙද ඉන්නෙ මැණික??එන්නකෝ..මේ සෙල්ලම සැර වැඩියි සන්හී..කොහෙද ඔයා ඉන්නෙ?"මං උස් හඬින් කතා කළේ සන්හී මං ගාවට දුවගෙන එනවද කියලා බලන්න..මං කොච්චර කතා කළත් එයා ආවෙ නෑ..එයා හැංගිලා..

"යාහ්..කිම් සන්හී..කියන දේ අහලා එනවා.."මං හයියෙන්ම කෑ ගැහලා නැගිටින්න හැදුවත් හියොන්ලා මාව අල්ලගත්තෙ මට නැගිටින්න නොදී..

"වේ හියොන්..මාව අතඅරින්න..මට සන්හී ගාවට යන්න ඕනෙ..එයා හැංගිලා ඇති හියොන්.."මං කියද්දි ජිමින් හියොන් මගෙ ඔළුව අතගෑවා..

"ජන්ග්කුකා..කියන දේ අහපන්.."හියොන්ලාගෙ ඇස්වලත් කඳුළු..ඇයි මේ හැමෝම මෙහෙම රඟපාන්නෙ?ඇයි මාව මේ විදිහට රවට්ටන්නෙ??

"හියොන්..මට මේක විශ්වාස කරන්නද කියන්නෙ ඔයා??මගෙ සන්හී මාව දාලා ගියා කියලා විශ්වාස කරන්න කියලද මට කියන්නෙ?මං මෝඩයෙක් නෙමෙයි..ඇයි ඔයාලා මට මෙහෙම කරන්නෙ?ඇයි බොරු කිය කිය මාව රිද්දන්නෙ මෙහෙම??"මෙච්චර වෙලා මගෙ ඇස්වලින් එළියට ⁣පයින්න පොරකාපු කඳුළු කම්මුල් දිගේ ගලාගෙන ගියා..මගෙ උගුර පසාරු වෙනවා වගෙයි මට දැනුනෙ...

"මේක බලන්න ජන්ග්කුක්..සන්හී කිව්වා ඔයා ආපු දවසක මේක ඔයාට දෙන්න කියලා.."ඔම්මා මගෙ අත උඩින් තිබ්බෙ journal එකක්..මං ඒකත් අරගෙන බිත්තියට හේත්තු වෙලා වාඩි වුණා..මගෙ අැඟිලි වෙව්ලනවා..මං හිමින් හිමින් පොතේ පිටු පෙරළුවා..

ඒ පොතේ..

මගේ පින්තූර..සම්පූර්ණයෙන්ම මගෙ පින්තූරමයි..stage එකේදි..fan meeting වලදී..photoshoot වලදි..හැම එකක් ගානෙම..මගෙ පින්තූර අලවලා තිබ්බෙ ඒ පොතේ..

ඒ පොත අස්සෙ තිබිලා මගෙ ඔඩොක්කුව උඩට වැටුණෙ හතරට නවපු කොළයක්..මං ඒ කොළේ දිග ඇරියෙ සැලෙන හිතින්..

ඒක ලියුමක්..පෙනුමින් ඒක ලියලා තියෙන්නෙ වෙව්ලන අතකින් වගේ..මං ඒක කියවන්න ගත්තෙ බොඳ වුණ ඇස්වලින්..

මගෙ ජන්ග්කුක් වෙත,

ඔයා මේ ලියුම කියවනවා කියන්නෙ මං ඔයා ගාව නෑ කියන එකයි ජන්ග්කුක්..ඔයා ගාව විතරක් නෙමෙයි..මේ ලෝකෙනුත් මම යන්න ගිහින් කියන එකයි..මට සමාවෙන්න..මං දන්නවා ඔයාගෙන් මං සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ..

මං ඔයාට බොරු කිව්වා..හැමදේම හැංගුවා..මේ හැමදේම ඔයාට කියලා දාලා දුක නිවෙනකම් ඔයාගෙ තුරුලට වෙලා අඬන්න හිතුණ අවස්ථා අනන්තයි පණ..මියන්හේ..මට ඕනෙ වුණා හැමදාම ඔයා ළඟින් ඉන්න..ඒත් ඒක මට කරන්න බැරි බව මං දැනගෙන හිටියා..මොකද ඔයාව මුණ ගැහෙන්නත් කලිනුයි මරණය මට මුණ ගැහුණෙ..ඉතින්..මට කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ..ඔයාව රිද්දන්න පුළුවන් කමකුත් නෑ..

මගෙ හදවතේ සිදුරක් තියෙනවා ජන්ග්කුක්..ඒක මම දැනගත්තෙ පොඩි කාලෙදිමයි..ඔයාලා debut වෙන්නත් කලින්..ඔයාලාව දකිනකම් මට මේ ජීවිතේ ගැන කිසිම ආසාවක් තිබ්බෙ නෑ..මරණය වැළඳගෙන ඉන්න ජීවිතයක මොන සතුටක්ද..ඒත් මොකක්දෝ හේතුවකට ඔයාලාගෙ සින්දු අහද්දි මට ජීවත් වෙන්න ආසා හිතුණා..මියන්හේ මං army කෙනෙක් කියලා නොකිව්වට..මං army කෙනෙක් තමයි ජන්ග්කුක්..2013 ඉඳන්ම..ඒ වගේම ඔයා තමයි මගෙ bais වුණෙත්..පුදුමයි නේද?ඔයාට හිතාගන්න පුළුවන් ද හොස්පිටල් එකේදි මං ඔයාව දකිනකොට මට දැනුන හැඟීම..ඒත් මට ඕනෙ වුණේ ඔයාගෙ යාළුවෙක් වෙන්න..ඒකයි මම ඔයාලව නොදන්නවා වගේ හැසිරුණේ..මං හිතුවා මං army කෙනෙක් කිව්නොත් ඔයා මාව නොසලකා හරියි කියලා..මට සමාව දෙනවද බොරු කිව්වට..

ඔයා මේපල් කොළයක් ගෙනාවා නේද?ඔයා ගේන්න ඇති..මං දන්නවා ඔයා ගේනවා කියලා..කුමාවෝ ඒකට..ඒත් මට ඒක බලන්න බෑනෙ..ඉතින් ඔයා ඒක තියාගන්නවද?මාව මතක් වෙන්න..

ඔයා මට ආදරෙයි නේද?දන්නවද ඔයා මට ආදරේ කරනවට වඩා වැඩි කාලයක් මං ඔයාට ආදරේ කළා..ඔයාලාගෙ debut එකේ ඉඳන්ම..ඒ නිසා මමයි දිනුම්..
ඔයාගෙ ඇස්වල ආදරේ දකිනකොට මං සතුටු වුණ තරම දන්නෙ මංම විතරයි ජන්ග්කුක්..ඒත් ඒ ආදරේ හිතේ හැටියට විඳගන්නවත් මට පිනක් නෑ..ඔයාව අන්තිම දවස් ටිකේ මග ඇ⁣රියෙ ඒ නිසයි..ඔයාව නොසලකා අරින හැමවෙලාවෙම මම කාමරේට ගිහින් කෑ ගහලා අඬනවා..ඔයාට ඇහුණෙ නෑ නේද?සමහර දවස්වලට ඔයා ගැන මතක් කරලා මගෙ ඔම්මා ගැන මතක් කරලා මුළු රැයක්ම අඬන්න ඇති..ඔයාලාව කොහොමද දාලා යන්නෙ කියලා මට හිතාගන්න බැරි වුණා..එ්ත්..යන්න වෙන බව මං දැනගෙන හිටියා..ඔයාට මේක දරාගන්න බැරි බව මට තේරුණා..නොකියා හිටියෙ ඒකයි මම..ඔයා මාත් එක්ක තරහා වෙන්නෙ නෑ නේද?මං දන්නවා මගෙ ජන්ග්කුක් තරහා වෙන්නෙ නෑ කියලා මාත් එක්ක..

එදා ඔයා ඩිස්චාර්ජ් වෙන දවසෙ ඔයා හැදුවෙ මට ආදරෙයි කියන්න කියලා නේද?මම ඒක දැනගෙන හිටියා..ඒත් ඒක නොතේරුණා වගේ මම හිටියෙ තව බැඳීමක් ඇතිවුණොත් මට යන්න හිත හදාගන්න අමාරුවෙයි කියලා..ඒ වුණත් ඒ වෙලාවෙ නොකිව්වා නම් කිසිම දවසක කියාගන්න බැරි වෙනවානෙ මට..ඒ් නිසයි මං ඔයාට ආදරෙයි කියලා කිව්වෙ..

ඔයා කිව්වා නෙ මයිකල් ජැක්සන් වගේ වෙනවා කියලා..එහෙම වෙන්න ජන්ග්කුක්..ඔයාලා හත් දෙනාටම මං ඒකට සුභ පතනවා..

ජන්ග්කුක් මතකද මං ඔයාට පුංචි පාඩමක් කියලා දුන්නා..ඒ පාඩම මේ මුළු ලෝකෙටම උගන්නන්න ජන්ග්කුක්..මං වගේ තව දාහක් දෙනා ඇති..ඒ හැමෝටම වැටෙන හුස්මට අර්ථයක් දෙන්න ඔයාලට පුළුවන්..මං වෙනුවෙන් ඒක කරන්න..මං ඉන්න තැනක ඉඳන් ඔයාලා දිහා බලන් ඉන්නවා..මං පොරොන්දු වෙනවා..

දන්නවද ජන්ග්කුක්..මගෙ ඔපරේෂන්  එක තමයි මං ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නෙ..මං නම් කියන්නෙ ඒක මගෙ ජීවිතේ අන්තිම දවස වෙයි කියලා..ඒත් ඩොක්ටර්ස්ලා කියනවා මාව බේරගන්නවාලු..ඒ බොරු නේද ජන්ග්කුක්?මගෙ හිත හදන්න ඒවා කියන්නෙ කියලා මං දන්නවා..මං ඩොක්ටර්ස්ලාට කිව්වා ඔපරේෂන් එක කරද්දිත් ඔයාලගෙ සින්දු දාලා තියන්න කියලා..එතකොට..මං අන්තිම හුස්ම හෙලද්දිත් ඔයාගෙ කටහඬ අහනවා මැණික..ඒක හොඳයි නේද?එතකොට ඔයා මගෙ ළඟම ඉන්නවා වගේ දැනෙයි..

කියන්න තව ගොඩාක් දේවල් තියෙනවා ජන්ග්කුක්..ඒත් මට හරි මහන්සියි..මෙතනින් එහාට මට ලියාගන්න හයියක් නෑ..මං ගොඩක් දුර්වලයි..

ඉතින්..මගෙ කඩවසම් ආදරේ..මං වෙනුවෙන් ගොඩක් අඬන්න එපා හොඳද?ඔයා අඬන්නෙම නැත්නම් මං කැමතියි..ඒත් ඒක කරන්න බෑනෙ..ඒ  නිසා චුට්ටම චුට්ටක් අඬන්න..

මං ඔයාව දාලා යනවට සමාවෙන්න ජන්ග්කුක්..ලබන ආත්මෙදි මං ඔයාගෙ වෙන්නම්..

මං ආදරෙයි..ගොඩාක් ගොඩක් ආදරෙයි..

මං ඔයාගෙ සන්හී..

අන්ද්වේ..මගෙ පණ..ඔයා කොහොමද මට මෙහෙම කළේ??ඔයා මාව දාලා ගියා නේද?ඇයි සන්හී..ඇයි ආත්මාර්ථකාමී වුණේ?දුක නැද්ද මං ගැන?මං කොහොමද ජීවත් වෙන්නෙ??

උත්තර දෙනවා කිම් සන්හී..ඇයි මට මෙහෙම කළේ??

සන්හී ලියලා ගිය අන්තිම ලියුම..එයාගෙ අන්තිම වචන ටික පපුවට ගුලි කරගෙන මං කෑ ගහලා ඇඬුවා..මට හිතක් පපුවක් නොතිබුනා නම් කොයි තරම් දෙයක්ද?මගෙ පපුව පැලිලා යන්න තරම් රිදෙනවා..උගුර ලේ රහ වෙනකම්ම සන්හීගෙ රූම් එකේ මුල්ලකට වෙලා අඬන්න ඇති...

ඔයා අන්තිම මොහොතෙ මගෙ කටහඬ ඇහුවද රත්තරං?සතුටින්ද ඔයා ගියෙ??

මට මෙච්චර කල් තනියම ආදරේ කරද්දි ඔයාට මොනවද දැනුනෙ සන්හී යා..?මීට පස්සෙ මමත් ආදරේ කරන්න ඕනෙ තනියම නේද??

චේබල් මැණික..අනේ ආයෙත් එන්න..මං කොහොමද ඔයා නැතුව ඉන්නෙ සන්හී යා..මං ඔයාට මේපල් කොළේකුත් ගෙනාවා..ඉරිඟු මලුත් ගෙනාවා..ඉතින් දැන්වත් එන්නකො..

ඔයා කොහෙද හැංගුණෙ මගෙ සන්හී??මගෙ හුස්මත් අරගෙන ඔයා කොහෙද ගියෙ??

------🍂------

Continue Reading

You'll Also Like

103K 6.2K 44
တကယ်တော့ အချစ်ဆိုတာ စကားလုံးတွေနဲ့ လှပအောင် ပုံဖော်ထားတဲ့ အဆိပ်မီးတောက်လေး တစ်ခုပါဘဲ 🔥
13K 3.1K 13
වෙලාවකට මගෙ හිතම මගෙන් කතා කරලා අහනවා.. "මේ හඳ එළිය යට ඉපදුණ ආදරේ උඹ මේ හඳ එළිය යටම වළලා දානවද..??" කියලා... Started - 2021.06.13 Finished - 2021.06...
251K 44.8K 56
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
31.2K 7.2K 28
~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature...