අද දවස..
මට අද දවසට මුහුණ දෙන්නත් බැරි ගානයි..අද දවස නෑවීදින් තියෙනවානම් කොච්චර දෙයක්ද?තව පැය කීපයයි..අද හවසට මං හොස්පිටල් එකෙන් යනවා..ආයෙත් නිදහසක් ලැබෙන්නෙ මාස දෙකකින්..ඒ කාලය..මට බලන් ඉන්න සිද්ධ වෙනවා..
ඊයෙ දවසෙම සන්හීව හම්බුණේම නැති තරන්..එයා ඊයෙ බංකුව ගාවට ආවෙත් නෑ..මම තනියමයි..ඒ තනිකම ගොඩක් නුහුරු වුණා..මොකද සන්හී හැමදාම මගෙ ලඟින් හිටියා මිසක් මාව තනිකළේ නෑ..ඒත් මට දැනෙන්නෙ එයා මගෙන් ඈතට යනවා වගේ..පපුව අස්සෙන් හීනි රිදුමක් මතුකරන්න ඒ සිතුවිල්ලට පුළුවන් වුණා..
මං එයාගෙ රූම් එකට ගියෙ එයාව දැක්කෙම නැති නිසා..මං යද්දි එයා රූම් එකේ හිටියෙ නෑ..සන්හී ස්කෑන් එකකට ගිහින්..සන්හීගෙ රූම් එක ඉස්සරහා කැරකි කැරකි හිටියත් එයා එන පාටක් නෑ..තව ගොඩක් වෙලා යයි වගේ..මම හිමින් හිමින් පොකුණ ගාව තිබ්බ බංකුව ගාවට ගියා..මං පුදුම වුණේ බංකුව උඩ වාඩි වෙලා පොකුණ දිහා බලන් හිටිය කෙනා දැකලා..
කිම් සන්හී..
එයා ස්කෑන් රූම් එකට යනවා කියලනෙ කිව්වෙ..මොනවද මෙයා මෙතන කරන්නෙ?මං ගිහින් සන්හී ගාවින් වාඩි වුණේ මුකුත්ම කතා කරන්නෙ නැතුව..ඇස් වහගෙන හුළඟ විඳගමින් හිටිය එයා මං ආවා කියලා දැනුන නිසාදෝ මගෙ පැත්තට හැරුණා..
"ජියොන් ජන්ග්කුක්??"එයා ඇහුවෙ ඇස් ලොකු කරන්..කියෝ..
"මොකද මෙතන කරන්නෙ?ඔයා මෙතනට එනවා කියලා මට කිව්වෙත් නෑනෙ.."මං අහද්දි එයා මගෙ උරහිසට පුරුදු විදිහටම ඔළුව තියාගත්තෙ මාව හිරිවැටිලා යද්දි..
"තනියම ඉන්න පුරුදු වෙනවා ජන්ග්කුක්.."සන්හී කියපු දේ ඇහුවම මට දැනුනෙ ලොකු දුකක්..
"සන්හී යා.."
"අපි යමු ජන්ග්කුක්.."සන්හී නැගිට්ටෙ එහෙම කියාගෙන නැගිට්ටා..සන්හී මාත් එක්ක මෙතන ගත කරන කාලය නිතරම මග ඇරියා..හේතුව දන්නෙ නෑ..ඉස්සර වගේ නෙමෙයි..හවස ඉර බැහැගෙන යන වෙලාවට පැය ගණන් මෙතන වාඩි වෙලා ඉන්න සන්හී ආවෙ නෑ..
සමහර විට එයා හිතලම මාව මගඅරිනවද??
******
"ජන්ග්කුකා..දුක් වෙන්න එපා.."මගෙ බෑග් එකත් කරට දාගෙන නම්ජුන් හියොන් කිව්වා..හියොන්ලා ආවෙ මාව එක්කගෙන යන්න..ඒක හිතුවට වඩා අමාරුයි..හිත කෙළින් කරගෙන යන්නම බෑ වගේ..මම වාඩි වෙලා හිටිය ඇඳට තට්ටුවක් දැම්මා..
"අපි යමු ජන්ග්කුක්.."ටේ හියොන් මගෙ අතින් අල්ලගෙන නැගිට්ටෙව්වා..රූම් එකෙන් මම එළියට ආවෙ හැඟීමක් දැනීමක් නෑ වගේ..ඇස් වල කඳුළු හිරවෙලා තියෙනවා වගෙයි හරියට..මම මෙතරම්ම බොළඳ වෙලාද?ආදරේ නිසා...
"ඔයාලා ගේට්ටුව ගාවින් ඉන්න හියොන්..මම සන්හී ව මුණ ගැහිලා එන්නම්.."මං කියද්දි හියොන්ලා ඔළුව වනලා ගේට් එක පැත්තට ගියා..මම ගෑටුවෙ සන්හී ගෙ රූම් එක ළඟට..මම යද්දිත් එයා කොරිඩෝවට වෙලා එළිය බලාගෙනයි හිටියෙ..මගෙ පපුවට දැනුනෙ මහා බරක්..
මං එයා ළඟට ගිහින් කතා කළා..
"සන්හී යා.."මට දැනුනෙ උගුරෙ ඉකියක් හිරවෙලා තියෙනවා වගේ..මම කතා කළේ අමාරුවෙන්..ඒත් සන්හී මං දිහා බැලුවෙවත් නෑ..කොරිඩෝ එකේ තිබ්බ ලොකු වීදුරුවෙන් එළිය බලාගෙන හිටපු එයා එකපාරක්වත් මගේ පැත්තට හැරුණෙ නෑ..
"මං යනවා සන්හී.."මං කිව්වා..ඒත් සන්හී හිටපු විදිහමයි..එයාට මං දිහා බලන්නවත් ඕනෙ නෑ වගේ..වචනයක්වත් කතා කළෙත් නෑ..
"හ්ම්ම්.."එච්චරයි..මං දිහා නොබලාම සන්හී කිව්වෙ එච්චරයි..
මේ මගෙ සන්හී නෙමෙයි..එයා මෙහෙම කරන්නෙ නෑ..කෝ ඒ හිනාව??කෝ ඒ ලස්සන ඇස් දෙක??කෝ ඒ පිරුණ කම්මුල්??සන්හී ගතින් විතරක් නෙමෙයි..හිතිනුත් ගොඩක් වෙනස් වෙලා..
"සන්හී යා..මං ඔයාට කියන්න දෙයක් තියෙනවා.."මට කියන්න ඕනෙ මං ඔයාට ආදරෙයි කියලා සන්හී යා..චේබල් එකපාරක් මං දිහා බලන්න..යන්න කලින් මං මේ ගැන ඔයාට කියන්න ඕනෙ..
"පරිස්සමට යන්න ජන්ග්කුක්..."මං කියන්න හදපු දේ නවත්තලා සන්හී කිව්වෙ තියුණු කටහඬකින්..මාව ගල් ගැහුණා..ඒ කියන්නෙ ඔයාට මං කියන දේ අහන්න ඕනෙ නැද්ද සන්හී?මාව එපාද?ඔයා කියන්නෙ මට යන්න කියලද?හරි එහෙනම් සන්හී යා..මං මේ හැඟීම මං ගාවම තියාගන්නම්..
"ආයෙත් හම්‌බෙමු සන්හී.."මං එතනින් ආවෙ එහෙම කියලා..ආයෙත් පාරක් මං හැරිලා එයා දිහා බැලුවත් සන්හී තවමත් ඉස්සරහා බලාගෙනමයි..
එහෙනම්..මේකයි අවසානය?සන්හී යා..එකපාරක්වත් මං ගැන යාළුවෙක්ට එහා ගිය හැඟීමක් තිබ්බෙ නැද්ද ඔයාට?මම මෝඩයි සන්හී..ඔයා ගැන යාළුවා කියන සීමාවෙන් එහාට හිතලා මමයි වැරැද්දක් කළේ..මියන්හේ..පරිස්සමට ඉන්න..ජීවිත කාලෙම..ගුඩ් බායි සන්හී යා..
"මොකද වුණේ?"මං ගේට්ටුව ගාවට එද්දිම හියොන්ලා මාව වටකරගෙන ඇහුවා..
"අපි යමු හියොන්.."මං කිව්වෙ එයාලවත් පහු කරගෙන ඉස්සරහට යන ගමන්..ඒත් ඒ අතරෙදි..
"ජන්ග්කුක්...."
ඒ කටහඬ..මං පිටිපස්ස හැරුණෙ වේගෙන්..සන්හී දුවගෙන ඇවිත් මාව බදාගත්තෙ හී සරයක් වගේ..එයා මගෙ බෙල්ල බදාගෙන ඉන්නෙ එයාව දාලා යන්න එපා කියනවා වගේ..හේතුවක් නැතුවම මගෙ ඇස්වල කඳුළු පිරුණා..මට දැනුනෙ පුදුමාකාර සැනසීමක්..මං හිතුවෙ සමුගැන්මක් නැතුවම අපි සමුගනී කියලා..ඒත්..එහෙම වෙන්නෙ නෑ වගේ..
මං එයාගෙ ඔළුව පිටිපස්ස පිරිමැද්දෙ මාව බදාගෙන ඉන්නකොටමයි..සන්හීගෙ සිනිඳු කොණ්ඩෙ මගෙ ඇඟිලි වලට ගෙනාවෙ සනීපයක්..
මේ මොහොතෙම නැවතිලා ඉන්න මට දැනුනෙ මහා දොළදුකක්..කාලය ගත නොවෙනවා නම්..අපි දෙන්නාට මේ විදිහටම ඉන්න..
"සරන්ග්හේ ජන්ග්කුක්.."මගෙ පපුවට තුරුළු වෙලා එයා මුමුණද්දි මාව ගැස්සුණා..පපුව ගැහෙන්නෙ කිසිම රිද්මෙකින් නෙමෙයි..මෙච්චර වෙලා හිතේ පිරිලා තිබ්බ දුක දූවිල්ලක් වෙලා හුළඟට ගහගෙන ගියා වගෙයි මට දැනුනෙ..
හියොන්ලාත් අපි දෙන්නා දිහා බලන් ඉන්නෙ පුදුමයෙන් වගේ මට දැනුනා..ඒත් කමක් නෑ..හියොන්ලා විතරක් නෙමෙයි..මුළු ලෝකෙම දැකපු දෙන් අපිව..තාමත් හරියට නමක් නැති අපේ බැඳීම මුළු ලෝකයක් ඇස්වලින් දැකපු දෙන්..දෝරෙ ගලන මේ හැඟීම් ඔහේ ගලපු දෙන්..
මට ඕනෙ වුණා ඒ මූණ දිහා බලන්න..ඒ ඇස් දිහා බලන්න..ඒ සැලෙන දෙතොල් දිහා බලන්න..රතු වුණ කම්මුල් දිහා බලන්න..මං එයාව මගෙන් ටිකක් එහාට කරන්න හැදුවත් සන්හී තවත් ග්‍රහණය තද කරගත්තා විතරයි..
"මගෙ මැණික..මං දිහා බලන්න.."මං එයාගෙ කන්පෙති වලට කෙඳිරුවත් එයා පොඩ්ඩක්වත් එහාට වුණේ නෑ..
"සරන්ග්හේ සන්හී යා.."මං කිව්වෙ එයාගෙ හිස් මුදුනට හාදුවක් දීලා..
"ජන්ග්කුක්..මාව බලන්න එද්දි..මේපල් කොළයක් ගේන්න..ඉරිඟු මලුත් ගේන්න..ඒත්..සුදු රෝස ගේන්න එපා ජන්ග්කුක්..මං ඒවට බයයි.."සන්හී කිව්වා..මට කිසිම වෙලාවක සන්හී කියන දේවල් තේරුම් ගන්න පුළුවන් කමක් නෑ..දැනුත් මට එයා කියපු දේවල් පැහැදිලි වුණේ නෑ..
"මොනවද කියන්නෙ සන්හී යා..?"මං අහද්දි උත්තර දෙනවා වෙනුවට සන්හීව මගෙ ඇඟට බර වුණේ එයාගෙ කකුල් පණ නැති වුණා වගේ..
"සන්හී.."හියොන්ලාත් සන්හීව අල්ලගත්තා..මට පුදුමයි..සන්හීට මොකද මේ වෙලා තියෙන්නෙ?
සන්හී හියොන්ලා හැමෝමව එකපාර බදාගන්නකොට මම මගෙ ඇස්වලින් වැටුණ කඳුළු පිහිදාගත්තා..
"ඔප්පා..ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි සහෝදරයො නැති මට සහෝදරයන්ගෙ ආදරේ දුන්නට.."සන්හී කිව්වා..
"සන්හී යා..අපි ඉක්මනට එන්නම් ඔයාව බලන්න..අපි එද්දි හොඳටම සනීප වෙලා ඉන්න..අරස්සෝ?"ජින් හියොන් සන්හීගෙ කොණ්ඩෙ යන්තමට අවුල් කරේ හියොන් මගෙ කොණ්ඩෙ අවුල් කරනවා වගේ...
ආයෙත් මගෙ පැත්තට හැරුණ සන්හී මාව තදට බදාගත්තා..ඔයා ඔහොම හැසිරෙද්දි මම කොහොමද ඔයාව දාලා යන්නෙ පැටියො?මට හිත හදාගෙන යන්න අමාරුයිනෙ..
සන්හීගෙ සුවඳ මගෙ නාස්පුඩු අස්සෙන් රිංගන්නෙ වෙනස්ම විදිහකට..මීට කලින් දැනුන සුවඳ වෙනස් වගේ මට දැනෙන්නෙ ඇයි??
"මං ආදරෙයි ජන්ග්කුක්..ගොඩක් ආදරෙයි මං ඔයාට..චේබල්..ජීවිතේ කවදාවත් මාව අමතක කරන්න එපා.."සන්හී කිව්වා.
"සන්හී යා..මම දිව්රනවා..ඔයා මට ආදරේ කරනවට වඩා සිය ගුණයක් මං ඔයාට ආදරෙයි..මහ ගොඩක් ආදරෙයි..මගෙ අන්තිම හුස්ම වෙනකම්ම ඔයාව අමතක කරන්නෙ නෑ.."මට දැනුනා මගෙ ඇස් දෙක බොඳ වෙනවා වගේ..සන්හීව ආයෙමත් සැරයක් මගෙ ඇඟට බර වුණා..
"සන්හී ග්වෙන්චානා??"මං ඇහුවෙ එයාව මගෙන් ටිකක් ඈත් කරලා..මට දැනුනෙ මගෙ පපුව ඉරිතැලුවා වගේ..මම මෙච්චර කල් කවදාවත්ම දැකපු නැති දේ...සන්හීගෙ ඇස්වල දිලිසෙනවා..
කඳුළු..
ඇස්වලින් වගුරන කඳුළු එක්ක සන්හී මගෙ දිහා බලන් හිටියෙ හරිම අසරණ බැල්මෙන්..මේතාක් සන්හීගෙ හිනාව මිස කඳුලක් මං දැකලා තිබ්බෙ නෑ..ඒත් අද..මට සන්හීගෙන් ඈත් වෙන්න හිත හදගෙන්න බැරි වුණා..
"සන්හී..දරුවෝ.."අපි හිටපු තැනට දුවගෙන ආපු නර්ස්ලා දෙන්නෙක් සන්හීගෙ දෙපැත්තනේ අල්ලගෙන එයාව වාරු කරගත්තා..සන්හී තවමත් ඇස්වල කඳුළු පුරවගෙන මං දිහා බලන් ඉන්නවා..ඒ් ඇස්වල ලියවිලා තියෙන්නෙ එක දෙයයි..
දාලා යන්න එපා ජන්ග්කුක්..මාව දාලා යන්න එපා..
ඒ ඇස් එහෙම කියනවා..
"යන්න ජන්ග්කුක්..තවත් හිටියොත් ඔයාට යන්න අමාරු වෙයි.."ඇස්වලට බොරු කරලා සන්හී එහෙම කිව්වා..
"අපි යමු ජන්ග්කුක්.."හියොන්ලා මගෙ අතින් අල්ලගත්තා..හියොන්ලා එක්ක ගේට්ටුවෙන් එළියට යන පොඩි දුරට මං කී වතාවක් හැරි හැරි සන්හී දිහා බැලුවා ද දන්නෙ නෑ..
නර්ස්ලා දෙන්නෙක්ට වාරු වෙලා හිටි නිසාදෝ එයාගෙ රෝගී බව ගොඩක් කැපිලා පෙනුනා..මට හිතෙන්නෙම එයා ළඟ නවතින්න..ඒත් කොහොමද මං නවතින්නෙ??
ඉක්මනට සනීප වෙලා ඉන්න මැණික..මං එද්දි හොඳටම සනීප වෙලා ඉන්න..
ඒත්..
මට එදා මොහොතකට හිතුණා නම්..
ඒ අපේ අන්තිම හමුවීම..
අපේ අන්තිම වැළඳගැනීම කියලා..
කොච්චර ඕනෙ වුණත් මං ඔයාව දාලා යන්නෙ නෑ මැණික..එක තත්පරයක්වත් ඔයා ළඟින් හෙල්ලෙන්වත් නෑ..ඒත් ඇයි එදා මට එහෙම නොහිතුණේ සන්හීයා..ඇයි..මේ හැමදේම මගෙන් හැංගුවේ???
------🍂------