Autumn Leaves | Jungkook Cent...

By Jungmi_11

8.2K 2.2K 350

තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01- More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10 (Final)
A/N

Chapter 6

598 197 9
By Jungmi_11

ඇයි මෙතරම් ඉක්මනට කාලෙ ගෙවෙන්නෙ කියලාවත් හිතාගන්න බැරි තරම් වේගෙන් කාලය ඉගිලුණා..කාලය ගෙවුණෙ හිතන්නත් කලින්..ලොකු කාලයක් නොවුණත් ඒක ගතට සුවයක් ගෙනාවට හිතට සුවයක් ගෙනාවෙ නෑ..තව සතියකින් මට ගෙදර යන්න පුළුවන්..අපිට කොන්සර්ට් එකත් හොඳින් කරගන්න පුළුවන් වෙයි..ඊට පස්සෙ එන්නෙ හුස්ම ගන්නවත් වෙලාවක් නැති මාස දෙකක්..ඒ කාලය ඇතුළත..කොහොමද මම සන්හීගෙන් ඈත් වෙලා ඉන්නෙ?

සන්හී..එයා වෙනස් වුණා..සමහර වෙලාවට වරු ගණන් රූම් එකට වෙලා නිදාගන්නවා..මට හිතුණා එයා මාව මගඅරින්න හදනවා වගේ..ඒත් ඒ සැකය හිතේ පීදෙන්නත් කලින් එයා කලින් විදිහටම හැසිරෙනවා..ඉතිං කොහොමද මං එහෙම හිතන්නෙ?

ඒත් එයාගෙ මං දැක්ක පැහැදිලිම වෙනස..එයාගෙ හිනාව..ඒක තනිකරම බොරුවක්..මං හැමදාම ආදරේ කරපු ඒ හිනාවෙ වෙනස මට අඳුන ගන්න බැරි වෙයිද?එයා මුවින් හිනා වුණා..ඒත් කිසිම වෙලාවක..ඇස් දෙකේ ඒ හිනාව තිබුණෙ නෑ..ඉවරයක් නැතුව කියවිල්ල තිබ්බෙ පුරුද්දට වගේ..ඒ වුණත් අර ලස්සන හිනාව මගෙන් ගොඩක් ඈතට ගිහින් වගේ මට දැනුනා..

හියොන්ලාගෙ හොඳම යාළුවා වුණේ සන්හී..එයාලා මුණ ගැහුණම මාව මතකවත් නෑ වගේ..පැය ගණන් විහිළු කරනවා..බිම වැටෙනකම් හිනා වෙනවා..මේ බැඳීම් වලට මං මෙතරම් ආදරේ කරන්නෙ ඒ නිසයි..

ප්‍රැක්ටිස් එක්ක හියොන්ලා බිසී වෙද්දි එයාලා එන කාලය අඩු වුණත් කොයි විදිහකින් හරි ඉඩ හදාගෙන විනාඩි පහකට හරි මාවයි සන්හීවයි බලලා යන්න එයාලා එනවා..මේ ‌වගේ සහෝදරයො ලබන්න මං කොයි තරම් වාසනාවන්තයිද??

"උඹෙයි සන්හීගෙයි වෙඩින් එකේ මං තමයි host.."දවසක් හිනා වෙවී ඉන්නකොට ජින් හියොන් කිව්වා..හොඳ වෙලාවට සන්හී හිටියෙ නැත්තෙ..මං සන්හීට එහෙම කිසිම දෙයක් ගැන කියලත් නෑ..මෙයාලා විකාර කියවනවා..ඒත් ඒ සරදම් වලින් මං සතුටු වුණ තරම දන්නෙ මං විතරයි..සන්හීගෙ නමයි මගේ නමයි පටලවලා කියද්දි උඩින් බොරු තරහක් පෙන්නුවත් හිත යටින් මං ඇත්තටම සතුටු වුණා..

Physiotheraphy වලට යන‌කොට සන්හී මගෙ පස්සෙන්මයි..මං ඒකට කැමති වුණා..theraphy room එකේ පැත්තකින් වාඩි වෙලා කකුල් දෙකත් වන වන සන්හී ඩොක්ටර්ස්ලා එක්ක කියව කියව ඉන්නෙ හරියට එයාගෙ ගෙදර වගේ..හොස්පිටල් එකේ හැම ‌ඩොක්ටර් කෙනෙක්..හැම නර්ස් කෙනෙක් ගානෙම සන්හීගෙ යාළුවෝ..එයාලා සන්හීට පුදුම තරම් ආදරෙයි..

දවසක් Physiotheraphy ඒරියා එකේ මම ඩොක්ටර්ස්ලා දෙන්නෙක්ගෙ උදව්වෙන් ඇවිදමින් හිටියෙ crutches නැතුව..සන්හී මං පොඩ්ඩ පොඩ්ඩ අඩිය තියන විදිහ දැකලා හයියෙන් අත්පුඩි ගැහුවා..ඒත් ඇයි ඒ ඇස්වල ලොකු සතුටක් මං නොදකින්නෙ?මං theraphy කරන කාලය ඇතුළත නිරන්තරයෙන් මගෙ ඇස් තිබ්බෙ සන්හීගෙ පැත්තට..ඒ අතරෙ මං දැක්ක දේ මාව පැටලිලි ගොඩකට මැදි කළා වගේ..

සන්හී ගාව හිටගෙන හිටියෙ ලේඩි ඩොක්ටර් කෙනෙක්..ගොඩක් වෙලාවක ඉඳන් ඒ දෙන්නා අතරෙ තිබ්බෙ ලොකු කතා බහක්..සන්හී බිම බලාගෙනම මොනා හරි කියද්දි එයා ගාව හිටගෙන හිටිය ඩොක්ටර්ගෙ ඇස්වලින් කඳුළු වෑස්සුණා..සන්හී ඩොක්ටර් දිහා බලන් හිටියෙ හරිම ලෙන්ගතු විදිහට..එයාම ඒ ඩොක්ටර්ගෙ කඳුළු පිහිදැම්මෙ  පොඩි හිනාවක් මූණෙ රන්දගෙන..මොනවා ගැනද කතා කරන්නෙ?ඒක එයාලගෙ පෞද්ගලික කතාවක් වුණත් මට දැනුනෙ ඒ ඩොක්ටර් අඬන්නෙ සන්හී වෙනුවෙන් කියලා..ඒක මගෙ හිත ‌නොසන්සුන් කළා..

"මගෙ සන්හී හොඳින් ද?"ඒ ප්‍රශ්නය මගෙ හිතින්ම මම ඇහුවෙ ඒ කතාබහට හවුල් වෙන්න මට අයිතියක් නැති නිසා..සන්හී එකපාරම මගෙ දිහා බලලා ලස්සනට හිනාවුණා..ඒ හිනාව..ඒ ඇස් දෙක..මාව පාලනයෙන් තෙර කරනවා..ඒත් මේ හොස්පිටල් එක ඇතුළෙ අපිට සීමාවක් තියෙනවා..ආදරෙන් ඔය දෙතොල් සිපගන්න ඕනෙ වුණත් මට ඒක කරන්න බෑ..වරුවක් විතර තුරුළු කරගන්න ඕනෙ වුණත් ඒක කරන්න බෑ..ඔයා ඉක්මනින් සනීප වෙන්න සන්හීයා..ඔපරේෂන් එකෙන් පස්සෙ ඔයා මගේමයි..ඔයාව සතුටින් තියන්නම් සන්හීයා..මුළු ජීවිත කාලෙම..

තෙරපි ඉවර වෙලා මං සන්හීත් එක්ක එළියට ආවෙ crutches වලින්මයි..එයාගෙ මූණ විඩාබරයි..නොපෙන්නා ඉන්න හැදුවත් එයාගෙ මැලවුණ මූණෙ තිබුණෙ ලොකු වෙහෙසකර පෙනුමක්..ඇයි මට හිතෙන්නෙ..එයා අනිත් හැමෝම දන්න දෙයක් මගෙන් වසන් කරනවා කියලා..

"සන්හී ඔයා හොඳින් ද?"එයාගෙ වෙනසක් දකින් හැමවෙලාවෙම මං එහෙම අහන්න පුරුදු වෙලා හිටියා..ඒ හැමවෙලාවෙම එයාගෙ උත්තරේ එකමයි..

"මං හොඳින්.."

අදත් කිව්වෙ ඒකමයි..ඒත් බොරු..ඔයා හොඳින් නෙමෙයි ඉන්නෙ..මොකක්ද ඔයා මගෙන් හංගන්නෙ?

ගාඩ්න් එකට අඩිය තියද්දිම සන්හීගෙ ඇස් පියවිලා එයාව බිමට වැටුණෙ ම‌ගෙ ඉස්සරහදිමයි..

"සන්හීයා.."මට දැනුනෙ මගෙ හුස්ම නතර වුණා වගේ..මං crutches දෙක පැත්තකට විසි කරලා එයා ගාවින් දණ ගහගෙන එයාගෙ ඔළුව පරිස්සමට මගෙ ඔඩොක්කුව උඩින් තියාගත්තා..එයාගෙ මූණ සුදුමැලි වෙලා..තොල් දෙක අළු පාටට හැරිලා..නළලට නැගුණ දාඩිය බිඳු නිසා කොණ්‌ඩෙ නළලටම ඇලිලා..එදා වගේම එයාගෙ මූණ නිල් පාටට හැරිලා තිබුණා..

"සන්හී..ඇස් අරින්න..මේ බලන්න..මං දිහා බලන්න.."මං දිගටම එයාගෙ කම්මුලට තට්ටු කරත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ..මං එයාව සම්පූර්ණයෙන්ම මගෙ අත්වලට ගත්තත් එයාව උස්සගන්න මට පුළුවන් කමක් තිබ්බෙ නෑ..එයාගෙ පපුවට කන තියලා බැලුවෙ හිතකින් නෙමෙයි..ඒත්..එයාගෙ හදගැස්ම මට දැනුනෙම නැති තරම්..කෙටි සුසුම් රැල් එක්ක සන්හීගෙ ඇසිපිය යන්තමට සැලුණා..

"සන්හීයා..චේබල්.."මගෙ කෑ ගැහිල්ලටද මන්දා ඩොක්ටර්ස්ලා දෙන්නෙක් එතනට දුවගෙන ආවා..අපි දෙන්නා ගාවින් දණ ගහගත්ත ඩොක්ටර් කෙනෙක් සන්හීගෙ පපුවට stethoscope එක තියලා බැලුවා..

"මෙයාව රූම් එකට අරගෙන යමු.."ඩොක්ටර්ස්ලා සන්හීව උස්සගෙන රූම් එකට දිව්වා..

මොකක්ද මගෙ සන්හීට වුණේ?එයා හොඳින් ඇතිද?මගෙ හිත වෙලාගෙන පැතිරුණේ නුහුරු බයක්..

ආයෙත් crutches දෙක අහුලගෙන මම ඇවිද්දෙ සන්හීගෙ රූම් එක පැත්තට..මං ටිකක් එළියට වෙලා හිටියෙ තවම එයාගෙ රූම් එකේ දොර වහලා තිබ්බ නිසා..විනාඩි පහකට විතර පස්සෙ රූම් එකේ දොර ඇරගෙන ආපු ඩොක්ටර කෙනෙක්ගෙ මූණෙ තිබ්බෙ සැනසිලි දායක පෙනුමක්..

"ඩොක්ටර්..සන්හීට කොහොමද?"මං ඇහුවෙ හිතේ බය දෙගුණ තෙගුණ වෙද්දි..

"සන්හී හොඳින් ජන්ග්කුක්..එයාට මහන්සි වෙන්න හොඳ නෑ..ඒත් මේ කෙල්ල පොඩ්ඩක්වත් රෙස්ට් කරන්නෙ නෑනෙ..හරියට කන්නෙ ‌බොන්නෙත් නැති නිසා එයාව නිතර ෆේන්ට් වෙනවා..දැන් නම් එයා හොඳින්.."ඩොක්ටර් කිව්වෙ මගෙ පිටටත් තට්ටුවක් දාලා..

"මට එයාව බලන්න පුළුවන්ද?"මං ඇහුවා..

"එයාට තවම සිහිය නම් ආවෙ නෑ..තව ටිකකින් සිහිය එයි..ඔයාට පුළුවන් එයාව බලන්න.."ඩොක්ටර්ගෙ අවසරයත් එක්ක මම ඇතුළට ගියා..

මගෙ කකුල නැවතුණේ එයා ඇඳ උඩ නිදන් හිටපු විදිහ දැකලා..ඒ ලස්සන මූණ වැහෙන්න ඔක්සිජන් මාස්ක් එකකුත් දාලා..ඔක්සිජන් දෙන්න තරම් එයාට අමාරු වෙන්න ඇතිද?මං crutches පැත්තකින් තියලා එයාගෙ ඇඳ ගාවින් වාඩි වුණා..මුණට  වැටිලා තිබ්බ පොඩි කොණ්ඩ රැල්ලක් කන පිටිපස්සෙ රඳවලා මං එයා දිහා බලන් හිටියා..

විනාඩිය..දෙක ගෙවිලා ගිහින් පැය භාගයක්ම ගෙවුණා..ඒත් තවමත් සන්හී ඇස් ඇරියෙ නෑ..ම⁣ගෙ පපුව ගැහෙන්නෙම බයෙන්..මීට කලින් කවදාවත් මං සන්හීව මෙහෙම දැකලා නෑ..

"ජන්ග්කුක්...මොකද වුණේ.."සන්හීගෙ ඇඳට ඔළුව තියාගෙන හිටිය මම ඔළුව උස්සලා බැලුවෙ ජිමින් හියොන්ගෙ කටහඬට..

"හියොන්..ඔයාලා මෙහෙ?"

"අපි උඹේ රූම් එකට ගියා..උඹ නැති නිසා නර්ස් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා උඹ මෙහෙ කියලා.."හියොන්ලා සන්හී දිහා බලන් හිටියෙ එයා ඉන්න විදිහ ගැන විශ්වාස කරන්න බෑ වගේ..

"සන්හී ට මොකද වුණේ?"ජින් හියොන් ඇහුවා..

"එයාව ෆේන්ට් වුණා හියොන්.."මං කිව්වෙ එයා දිහා බලාගෙනමයි..මමයි හියොන්ලායි රූම් එකෙන් එළියට ආවා..

"ලබන සතියෙ උඹට ඩිස්චාර්ජ් වෙන්න පුළුවන් නේද ජන්ග්කුක්?"යුන්ගි හියොන් අහද්දි මං ඔළුව ඉහළ පහළ වැනුවා..ලබන සතියෙන් පස්සෙ..මමයි සන්හීයි කාලෙකට ඈත් වෙනවා..ආයෙත් අපි හම්බෙන්නෙ සෑහෙන කාලෙකින්..ඒ ගැන හිතද්දිත් ලොකු දුකක් හිත වෙලාගත්තා..

හියොන්ලා එක්ක ටික වෙලාවක් කතා කර කර ඉඳලා හියොන්ලා ගියාට පස්සෙ මම ආයෙත් සන්හීගෙ රූම් එකට ගියා..

"සන්හී යා.."මම යද්දි එයා ඇස්ඇරලා හිටියා..මම ගිහින් එයාගෙ ඇඳ ළඟින් වාඩි වුණේ එයාගෙ අතකිනුත් අල්ලගෙනමයි..

"සන්හී..ඔයාට මොකද වුණේ?"මං අහද්දි එයා මගෙ පැත්තට හැරුණෙ නිදාගෙන හිටි⁣ය ඉරියව්වෙන්මයි..

"ජන්ග්කුක්..ඔයාල⁣ගෙ කොන්සර්ට් එක තියෙන්නෙ කැනඩා වල කිව්වා නේද?"සන්හී ඇහුවෙ මං එයාගෙන් අහපු ප්‍රශ්නෙ නෑහුණා වගේ..

"ඔව්.."මං කිව්වෙ එයා⁣ගෙ ඔළුව අතගාන ගමන්..

"ඔයා එද්දි..මට මේපල් කොළයක් අරන් එනවද?"එයා ඇහුවෙ හරි අහිංසක විදිහට..

"මේපල් කොළයක්?"

"යේ..මං දන්නවා..කැනඩාව මේපල් කොල හැලෙන කාලෙදි ලස්සනයි..මට එහෙ යන්න බෑනෙ..ඒ නිසා ඔයා මට මේපල් කොළයක් අරන් එන්න..ඔයාව මතක් වෙන්න තියාගන්න.."සන්හී කිව්වෙ ටිකක් දුර්වල කටහඬකින්..

"හරි..මං අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්..ඒ වගේම මං දවසක ඔයාව කැනඩා වලට එක්කගෙන යන්නම්.."මං කිව්වා..

"හ්ම්ම්.."සන්හී කිව්වෙ කෙඳිරියක් වගේ..එයාගෙ ඇස්වල ගොඩක් දේවල් ලියවිලා තියෙනවා..එ්ත් ඒ මොනවද?මොනවද සන්හී මට මේ කියන්න හදන්නෙ??

------🍂------

Continue Reading

You'll Also Like

435K 61.6K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
31.2K 7.2K 28
~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්යොන්.. ~ඔයා වැරදියි ආධ්යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature...
6.1K 1.1K 23
You're all that matters to me Ain't worried about nobody else If I ain't with you, I'm not myself You make me complete ❤ You're all that matters to m...
92.9K 16.6K 25
ජීවිතේ කියන්නෙම අහම්බයක්.කොයි තරම් සැලසුම් කරත් මොනම තැනක හරි නොහිතපු දෙයක් වෙනවා..ඒ වගේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කොයි තරම් නම් වෙනස් වෙනවද.ඒ...