🖤❤️To The Dark Side❤️🖤[comp...

By Mwahli_z

25.1K 4.5K 1.8K

අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්... More

🖤chapter 1🖤
🖤chapter 2🖤
🖤chapter 3🖤
🖤chapter 4🖤
🖤chapter 5🖤
🖤chapter 6🖤
🖤chapter 8🖤
🖤Chapter 9🖤
🖤Chapter 10🖤
🖤Chapter 11🖤
🖤Chapter 12🖤
🖤Chapter 13🖤
🖤Chapter 14🖤
🖤Chapter 15🖤
🖤Chapter 16🖤
Not a chapter
🖤Chapter 17🖤
🖤Chapter 18🖤
🖤Chapter 19🖤
🖤Chapter 20🖤
🖤Chapter 21🖤
🖤Chpter 22🖤
🖤Chapter 23🖤
🖤Chapter 24🖤
🖤Chapter 25🖤
🖤Chapter 26🖤(End)

🖤chapter 7🖤

940 191 61
By Mwahli_z


Taehyung's prov :

එයා එක පාරටම එලියට ඇවිත් පෙනිලා නැති උනේ මගෙ හදවතේ වේගේ උපරිමේට වැඩි කරමින්........මට දැනුනෙ මගෙ පපුව කඩාගෙන වැටුනා වගේ........මට හිතා ගන්න බැරි උනා.......ඒ හිටියෙ එයාමද..........

ඔව් ඒ හිටියෙ එයාම තමා.......මම ඒ දැක්කෙ මගෙ ජන්ග්කුක්ව.....ඒත් එයා මෙතන........

" ජන්ග්කුක්.....ඔයා..ඔයා..කොහෙද......"

"......................"

මම තව ටිකක් ඉස්සරහට ගිහින් එයාට කතා කලේ එයා එක පාරටම අතුරුදහන් උන නිසා.......මට මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ....මම ඇත්තටම හිතුවෙ එයා මාත් එක්ක සෙල්ලම් කරනවා කියලා....ඒත් මෙහෙ එයා මොකද කරන්නෙ........

" කුකී.....මාත් එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව එලියට එන්නකෝ....මම විහිලු වලට කැමති නෑ........."

මම එහෙම කියලා ටිකකින් එයා මගෙ ඉස්සරහට ආවා.....එයා මා දිහා බලන් හිටියෙ හරිම අමුතුවට......
ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව එයා මා දිහා බලාගෙන හිටියා.....මාත් බලන් හිටියා කිසිම හැගීමක් නැතුව....

" කුකී.....ඔයා මොකද මෙහෙ කරන්නෙ......ආ.......අනික ඔයා මාව බය කරනවත් එක්ක........."

මම එහෙම කිව්වත් එයා මා දිහා ඉස්සෙල්ලා බලන් හිටියා වගේම හෙල්ලෙන්නෙ නැතුව බලන් හිටියා.....
ඊට පස්සෙ මම ලගට ගිහින් එයාගෙ අතින් ඇල්ලුවා.....එයා මොනවා හිතුවත් නැත්තත් මට කමක් නෑ........
මම එයාගෙ අතින් අල්ලන් දොර ගාවට යන්න හැදුවෙ.....ඒත්............

" ජන්ග්කුක් !!............. ඇයි මේ......එන්න යමු..........."

මම එයා දිහා බලන් අතින් ඇදන් ආයෙ යන්න හදනවත් එක්කම එයා අමුතුවට හුස්ම ගන්න ගත්තා......

ඊට පස්සෙ මම බලාගෙන ඉන්නකොටම එයාගෙ ස්වරූපය වෙනස් වෙන්න ගත්තා......මට හිතා ගන්න බැරුව හිටියෙ මේ මොනවද වෙන්නෙ කියලා........

" ජන්ග්කුක් !!!................😳 "

( මෙන්න මේ වගේ.......)

" තමුසෙ ඉවරයි....................මම උඹට යහතින් ඉන්න දෙන්නෙ නෑ................"

.

.

.

.

.

මට තදටම දැනුන ඔලුවෙ කැක්කුමකුත් එක්ක මට එක පාරටම ඇහැරුනේ මගෙ ඔලුව කවුරු හරි අතගානවා වගේ දැනුන නිසා............මම ඇස් ඇරලා බැලුවෙ මම කොහෙද ඉන්නෙ කියලා....
මම හිටියෙ ජිමින්ගෙ ගෙදර......රූම් එකේ......එතකොට ජිමින් මගෙ ඔලුව අත ගගා හිටියෙ......මට හිතාගන්න බැරි උනා.........මොකද මම හිටියෙ...........
එතකොටම මට මතක් උනේ ජන්ග්කුක්ව මගෙ හා පැටියාව................
ඒත් එයා අර කියපු එක එතකොට එයා විරූපී උන විදිහ.........මට ඒ සේරම එක පාරට මතක් උනා.........මම මගෙ ඔලුව අල්ල ගත්තෙ ඔලුව පැලෙන්න තරම් රිදුන නිසා..........

" ටේ....ඇයි ඇයි ටේ......තාම ඔයාට අඩු නැද්ද ටේ......ඔලුව රිදෙනවද ටේ........"

" හ්ම්..............."

" ඉන්න.....මම බේත් ටික අරන් එන්නම්......."

" ජිමින්......දැන් වෙලාව කීයද......අනික මම මෙහෙට ආවෙ කොහොමද............"

" දැන් වෙලාව පාන්දර 4.45යි........මම කියන්නම් ටේ මොකද උනේ කියලා....
හැබැයි ඊට කලින් ඔයා බේත් ටික බීලා ඉන්නකෝ......."

" හ්ම්.........."

No one prov :

කොහොම හරි ටේ ජිමින් දුන්න බේත් ටිකත් බීලා ඇදේ වාඩි උනේ එයාට මොකද උනේ කියලා අහන්න.............

" ටේ........ඔයා මොකක් හරි එහෙදි දැකලා බය උනාද.........හියුන්ග්ලා යනකොට ඔයා සිහි නැතුව ඉදලා තියෙන්නෙ.........ඊට පස්සෙ තමා එයාල ඔයාව උස්සගෙන ඇවිත් වාහනෙන් තිබ්බෙ.....එයාලා මුකුත් දැකලත් නෑ........ඒත් ඔයාට සිහිය නැති වෙන්න තරම් දෙයක් උන එක තමයි අපිට තිබුන ප්‍රශ්නෙ.......කියන්න ටේ ඔයා මොකක්ද දැක්කෙ................"

ජිමින් එහෙම අහනකොට ටේගෙ මතකෙට ආවෙ එයා ඉස්සරහදි එයා ආදරේ කරන කෙනා වීරූපී උන විදිහ....
ඒ වගේම එයාට කියපු ඒ වචන ටික.....

" ටේ.....ඔයාට මතක නැද්ද........."

" නෑ......මතකයි.........."

ටේ හොද හුස්මක් අරන් එයාට උන සේරම දේවල් ජිමින්ට කිව්වා......ජිමින් ගොඩක් පුදුම උනා ඒක අහලා.............

" එතකොට ටේ.......අපි ඊයෙ දවල් දැකලා තියෙන්නෙ ජන්ග්කුක්ම තමා......එතකොට එයා හොල්මනක්ද....
ඒත් හරිම අමුතුයිනේ......හොල්මනක් නම් ඔහොම ඉන්න පුලුවන්ද........."

යාලුවො දෙන්නා මේ වෙලාවෙ ප්‍රශ්න ගොඩක පැටලිලා හිටියෙ...................
ජන්ග්කුක් කියන්නෙ කවුද.......?

" හරි ටේ.....දැන් ඔයා ඒක ගැන හිතන්න යන්න එපා.......දැන් ඔයා ටිකක් විවේක ගන්නකො.....අපි පස්සෙ මේ ගැන කතා කරමු.....දැන් ඔයා ටිකක් නිදා ගන්න....
මම පල්ලෙහාට යන්නම්......හියුන්ග්ලා පල්ලෙහා........"

" එයාලා තව මෙහෙද.........."

" හ්ම්........හරි ඔයා දැන් නිදා ගන්නකෝ.........."

ටේට නිදාගන්න කියලා ජිමින් පල්ලෙහාට ගියා.......

.

.

.

🐥 හියුන්ග්ලා මට ඔයාලට කියන්න දෙයක් තියෙයි.........

🐺 මොකක්ද ජිමින්........

🐥 මේකයි අපේ ටේ දැක්ක දේ නිසා එයා ගොඩක් ශොක් වෙලා ඉන්නෙ......

🐨 ඔව් අපිට තේරෙනවා.....එයාට සිහිය නැති වෙන්න තරම් ඒ දේ එයාට බල පෑවා කියන්නෙ........

🐴 ඔව් ඒක ඇත්ත......

🐥 ඉතින් ඒකට හේතුව ඔයාලා දන්නෙ නෑනේ......

🐱 ඔයා දන්නවද.......

🐥 හ්ම්..........මේකයි....ඔයාලා දන්නවද අර අලුතෙන් කොලේජ් ආව අමුතු ලමයා ජන්ග්කුක් කියලා...........

🐱 අනේ නෑ...........

🐥 එහෙමද.......

🐺 හරි කමක් නෑ......ඉතින් එයාට මොකක්ද මේකට තියෙන සම්බන්දෙ.....

🐥 මේකයි.......මම යුන්ගි හියුන්ග්ට ආදරේ කරනවා වගේම එයත් ජන්ග්කුක්ට ආදරේ කරනවා.......

🐨 මවෝ.........

🐥 හ්ම්..........

🐴 ඉතින්..........

.

.

.

🐱 අනේ දෙවියනේ......එහෙම දැක්කම එයා ශෝක් වෙන්නෙ නැතුවෑ.............

🐺 ඒත් එයා එහෙම වෙන්නෙ කොහොමද.........

🐨 අපිට ටිකක් මේ ගැන හොයලා බලන්න වෙනවා නේද........

🐥 ඔව්.......අපි මේකට මොකක් හරි කරන්න ඕනෙ.........

ඉතින් කොහොම හරි කට්ටියම මේ ටේගෙ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න කතා උනා........
කාලය ඔහොම ගෙවිලා ගියා ටේගෙ නූනාත් ආවා........හැබැයි මේ සිද්ද වෙච්ච මුකුත් ටේයි ජිමිනුයි නූනාට කිව්වෙ නෑ.....කිව්වනම් වෙන්නෙ ටේටයි ජිමින්ටයි නූනගෙන් මැරුම් කන්න.........
ටේ වත් එක්කන් නූනා ගෙදර ගියා.......
ඒත් ටේ වෙනදා වගේ නෙමෙයි හැසිරුනේ......නූනාට ටේ මේ හැම හැසිරීමක්ම ප්‍රශ්නයක්.........ඉතින් නූනා ටේට මේ සතියෙ කොලේජ් නොයා ගෙදර ඉන්න කිව්වා.......නූනාත් නිවාඩුවක් අරන් ටේගෙ තනියට හිටියා.......කොහොම හරි එක දවසක් ටේ හවස නිදාගෙන ඉන්නකොට එයා හීනයක් දැකලා ගොඩක් බය උනා......
නූනත් ටේ ගාවමයි හිටියෙ.......ඉතින් ටේ හීනෙන් ජන්ග්කුක්ගෙ නම කිය කිය අඩන්න ගත්තා........එතකොටයි නූනාට තේරුනේ ටේ මෙහෙම හැසිරෙන්න හේතුව.........ඒත් නූනට මේ දේවල් හිතාගන්න බැරි උනා..........

Today morning.........

" ටේ.........එන්න කන්න............"

" දේ......නූනා......."

.

.

.

" ටේ.....මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙයි........"

" මොකක්ද නූනා..........."

" ඇයි ටේ ඔයා මේ විදිහට හැසිරෙන්නෙ....ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද.........මට කියන්න ටේ....මම මේ දවස් ටිකේම ඔයාගෙන් වෙනසක් දැක්කා...වෙනදා හිටිය මගෙ ටේ නෙමෙයි......"

Taehyung's prov :

නූනා මට කන්න කතා කරපු නිසා මම පල්ලෙහාට ගියා.....ඒත් මට කන්න උවමනාවක් තිබ්බෙ නෑ.....මොකද මේ දවස් ටිකේ මම ඉන්නෙ බාගෙට මැරිලා වගේ......ඒක නූනාටත් තේරිලා ඇති......
මට මගෙ හා පැටියව දකින්න නැතුව මම කොහොමද සතුටින් ඉන්නෙ........
ඉතින් මම ඔහෙ ඉන්නං වාලෙ ඉන්නවා...එයා මොනවා කරනවද දන්නෙ නෑ......ඒත් එයා මගෙ හිත රිද්දුවා....මට තේරෙන්නෙ නෑ මේ දේවල්.......එයා කවුද.......එයා කවුරු උනත් එයාට මම ආදරෙයි.....එයා හොල්මනක් උනත්......යකෙක් පෙරේතයෙක් කුම්භාන්ඩයෙක් උනත් මට කමක් නෑ........

මම මේ දේවල් හිත හිත පල්ලෙහාට ගිහින් කෑම මේසෙන් වාඩි උනා.......ඊට පස්සෙ තිබුන දෙයක් කන්න ගත්තා.....
මොනවද දන්නෙත් නෑ ඔහෙ කෑවා.......

" ටේ....මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙයි......"

" මොකක්ද නූනා..........."

මොනාද නූනාට මගෙන් අහන්න තියෙන්නෙ....

.

.

.

මම හිතුවා හරි.......නූනාට මගෙ වෙනස තේරිලා...මම දැන් එයාට මොකක්ද කියන්නෙ....ජන්ග්කුක්ට මම ආදරෙයි කියලා කියනවද.....අනේ මට තේරෙන්නෙ නෑ.....එයා මේක කොයි විදිහට පිලි ගනීද.......ඒ මොක උනත් කමක් නෑ....නූනාට මම සේරම කියනවා......සමහර විට එයා මාව තේරුම් ගනීවි.....

" නූනා......මේ...."

" ඔව් ටේ මොකක්ද......"

" නූනා......ඔයා මේක අහලා මට හොදටම බනියි......ඒත් කමක් නෑ......."

" මම මොකටද ඔයාට බයින්නෙ....ඉතින් කියන්න ටේ......."

" නූනා.......මම...මම ජන්ග්කුක්ට ආදරෙයි.......එයාට මම ගොඩක් ආදරෙයි..............."

අනේ දෙවියනේ මම ඒක කිව්වා..........
නූනා මොනවා කිව්වත් මට කමක් නෑ..
මම ඒක කිව්වා.......

" මවෝ.........ටේ මේ ඇත්තමද.........."

" හ්ම්......"

" අනේ ටේ.......ඕකටද මෙච්චර දවස් මූන එල්ලන් හිටියෙ........කලින් කියන්න තිබුනනෙ මැනික......."

" මවෝ........"

නූනා කියපු දේ අහලා එක පාරට මම කකා හිටපු එකත් හිර වෙන්න ගියා......
නූනා මොකක්ද ඒ කිව්වෙ........ඒ කියන්නෙ එයා කැමතිද මේකට.........

" නූනා.....එතකොට ඔයා මේකට අකමැති නැද්ද........

" මම මොකටද ටේ ඔයාගෙ ආදරේට අකමැති වෙන්නෙ.......අනික ඔයා කැමති කෙනාට ආදරේ කරන එක ඔයාගෙ අයිතියක්......ඉතින් ඔයා එයාට කිව්වෙ නැද්ද මේක..........."

" තාම නෑ.........."

" එහෙනම් අපි ලගදිම කියමු........"

" දේ නූනා......ඒත් පොඩි ප්‍රශ්නයක්......."

" මොකක්ද.........."

මම නූනාටවෙච්ච හැම දෙයක්ම කියන්න නොගියට මායි ජිමිනුයි එදා දවල් දැක්ක දේ කිව්වා........

" ඉතින් ජන්ග්කුක් ඒ පැත්තෙ එන්න ඇති ටේ.........."

" හ්ම්ම්ම්......එහෙම හිතමු......."

" එහෙනම් ඔයා අනිද්දට කොලේජ් ගිහින් එයාගෙන් මේ ගැන අහලා දැන ගන්න....."

" දේ නූනා.........."

නූනාගෙ ඒ වචන ටිකම මගෙ හිතට ලොකු සැනසීමක්.......නූනා අනිත් දේවල් දැන ගත්තනම් කොහොම හැසිරෙයිද දන්නෙ නෑ..........
කමක් නෑ දැන්.......මගෙ හිතට දැන් හරි නිදහසක් දැනෙනවා..........
අනිද්දට කොලේජ් ගිහින් එයාව කොහොම හරි හොයා ගන්නවා...........
නැත්තන් බංගලාවට හරි යනවා....

........................................................................

ඉතින් ටේ කාලා ඉවර වෙලා එයාගෙ රූම් එකට ගියා.......නූනත් එයාගෙ වැඩක් කරන්න ගත්තා.......

Morning.......

කොහොම හරි දවස් ගෙවිලා ගියා.........
ටේ අද කොලේජ් යනවා.....කලින්ම ලෑස්ති වෙලා නූනාටත් කියලා ටේ බස් එකේ කොලේජ් යන්න පිටත් උනා......
බස් හෝල්ට් එකේ ජන්ග්කුක්නම් හිටියෙ නෑ...........පොඩි දුකක් ටේට දැනුනත් බලාපොරොත්තුව අත ඇරගත්තෙ නෑ.............

Jk's prov :

මේ දවස් ටිකේම ටේ හියුන්ග් කොලේජ් ආවෙ නෑ.......මට ගොඩක් දුක හිතුනා.....
ලොකු පාලුවකුත් දැනුනා........එදා උන දේ මම හරියට දන්නෙ නැති උනත්..........
එදා ලොකු දෙයක් එයාට වෙලා තියෙනවා.......අනේ මට මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ...එයා මාත් එක්ක තරහ ද දන්නෙ නෑ.............

මම එහෙම හිත හිතා යනකොට දැක්කෙ ටේ හියුන්ග් බස් හෝල්ට් එකේ ඉන්නවා.......මම එයාව දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනේ.....මට එයාව ගිහින් බදා ගන්න හිතුනා.......ඒත් මම එවෙලෙ කලේ එයාව මග ඇරපු එක....
එතන තිබ්බ ගහකට මුවා වෙලා එයා බස් එකේ යනකල් මම හිටියා...............

" එයා ගියා..........හ්ම්........."

No one prov :

ඉතින් කොහොම හරි ටේ ගියයින් පස්සෙ ජන්ග්කුක් ඊලගට ආව බස් එකේ නැගලා කොලේජ් එකට ගියා......
ටේ නම් හිටියෙ ටිකක් දුකින්......මොකද එයා හිතන් ඉන්නෙ ජන්ග්කුක් කොලේජ් ආවෙ නෑ කියලා...ඒත් ජන්ග්කුක් නම් සතුටින් එයා අද උදේම ටේව දැක්කනෙ.....කොහොම හරි අදත් ටේ කලින් කොලේජ් ආව නිසා එයා හිතුවා ජන්ග්කුක් ඇවිත්ද බලන්න එයාගෙ ක්ලාස් තියෙන පැත්තෙ ගිහින් බලන්න...........ඉතින් ටේ බෑග් එකත් තියලා කොලේජ් එකේ පොඩි රවුමක් ගහලා ජන්ග්කුක්ගෙ ක්ලාස් එක පැත්තට ගියා......ඒ යනකොට ටේ දැක්ක දෙයින් ටේට පුදුම හිතුනා..........ඒ ජන්ග්කුක් කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා........

Taehyung's prov :

මම ජන්ග්කුක්ගෙ ක්ලාස් එක පැත්තට යනකොට දැක්කෙ එයා කෙල්ලෙක් එක්ක හොදට කදේ දාන් ඉන්නවා....මට පුදුම තරහක් ආවෙ......
මම ඈතට වෙලා එයා දිහා බලාගෙන හිටියා...........

(ඕතරී:- ඔහොම බලන් ඉන්නෙ නැතුව එයා ගාවට ගිහින් අර කෙල්ලටත් ගහලා එයාව ඇදන් යන්නකෝ............)

( tae:- ඔව්......එහෙම කරානම් හොදයි තමා....එයා දකින්නෙ නැතෑ..........
එතකොට යනවා...........)

(ඕතරී:- මම එහෙමනම් බලන් ඉන්නෙ නෑ දැන්ම යනවා.........හබැයි ඔයාගෙ කැමැත්තක්.....මොකද ඔයා එයා නිසා බය වෙලානෙ ඉන්නෙ......ඒ නිසා පස්සෙම යන්න.....😁)

(Tae:- අනේ මේ......මම මොකක් හරි කර ගන්නම්කො......)

(ඕතරී:- හරි...හරි...උදව්වක් තිබ්බොත් කියන්නකෝ.....මම කැපුනා ඒනම්......)

එයා මාව දැක්කා......ඔව් මම බලන් හිටියා දැක්කා....එයා මාව දැක්ක ගමන් පිච්චුනා වගේ බය වෙලා එතනින් ගියා........මාත් එයා පස්සෙන් වේගෙන් වේගෙන් ගියා..........මම දැක්කෙ එයා වොශ් රූම් එක පැත්තට යනවා

හහ්.......මට තවත් ලේසියි වැඩේ........

(ඕතරී:- හපූ........ඔයා එයාට මක්කද කරන්න යන්නෙ........)

(Tae:- මොකක් හරි....මගෙ වැඩේට බාධා කරන්නෙ නැතුව යනවා............)

(ඕතරී:- තියෙන හදීසිය.......හා හා යන්නකෝ.................)

(Tae:- 🌝......ආ......ඒ පැතට කවුරුත් එවන්න එපා හොදේ.....එහෙනම් මම ගියා........තව දෙයක්.....ඔහේ එන්නත් එපා.......)

(ඕතරී:- දෙයියනේ.....හා...හා...සැජ්ජාවෙ බෑ ඕයි.....)

මමත් වොශ් රූම් එක පැත්තට ගියා එයා පස්සෙන්.ඇත්තමයි එයා කගවේනෙක් වෙන්න ඕනේ....පුදුම වේගයක් තිබ්බෙ........මාත් හැබැයි ඊට නොදෙවෙනිව එයා පස්සෙන් දිව්වා.......
එයා වොශ් එක ඇතුලට ගියා......මම ටිකක් නැවතිලා ඉදලා වට පිට බලලා හොද හුස්මක් අරන් ඇතුලට ගියෙ අද දෙකෙන් එකක් විසදගන්නවා කියලා හිතලා.........ඉතින් මම ඇතුලට යනකොට එයා මූණ හෝද හෝද හිටියෙ........

" කුකී.........ඇයි ඔයා මාව මග අරින්නෙ"

මම එහෙම එයාගෙන් අහනවත් එක්කම එයා ගැස්සුනා.....ගොඩක් බය වෙලා හිටියෙ....මොකද මම එවෙලෙ මගෙ මූනට බොරු තරහක් මවාගෙන හිටිය නිසා......

" හි...හියුන්ග්.....මම ඔයාව මග ඇරියෙ නෑ......."

" එහෙනම් ඇයි මාව දැක්කම මෙහාට ආවෙ........"

" නිකන්....මූ...මූණ හෝදන්න........"

මම එහෙම එයාගෙන් අහන ගමන් වොශ් රූම් එකේ මේන් ඩෝ එක ලොක් කරේ එයාට එලියට යන්න බැරි වෙන්න......ඊට පස්සෙ අඩියෙන් අඩිය මම එයා ගාවට ගියා.......එයත් ඒ හා සමානව පිටි පස්සෙන් පිටි පස්සෙට ගියා......අනිතිමට එයා ගිහින් නැවතුනේ බිත්තිය ගාව.........මට එවෙලෙ හිනා යන්න ආවෙ මගෙ බනී කොල්ලට එතනින් එහාට යාගන්න බැරුව මා දිහා බලන් හිටිය නිසා........

" කුකී.......මොකද බය වෙලා....."

" අහ්....අනියෝ හියුන්ග්......ම..මට දැන් යන්න ඕනෙ....මම යනවා හියුන්ග්......"

" බෑ......ඔයාට යන්න බෑ......ඔහොම ඉන්න මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ......"

මම එහෙම කියලා තව ටිකක් ලගට ගිහින් ජන්ග්කුක්ව බිත්තියට හේත්තු කරලා මගෙ වම් අත බිත්තියට තියලා මම එයාගෙ මූණට නැඹුරු උනා.......
ඒහෙම කරනකොට මම එයා දිහා බලා ඉද්දි එයාගෙ මූණ ජම්බු ගෙඩියක් වගේ රතු උනා.......

" කුකී........ඔයා මගෙන් මොනා හරි හංගනවද ආ.........."

" අ....අනියෝ හියුන්ග්.......මම ඔයාට මුකුත් හංගන්නෙ නෑ............"

" දේ........එහෙනම් මට කියන්න ඇයි ඔයා අර පාලු බංගලාවෙ ඉන්නෙ........."

" හි...හියුන්ග්.....😳 "

මම එහෙම අහනවත් එක්කම එයාගෙ මූණ වෙනස් උනා.......හරියට අඩන්න ඔන්න මෙන්න වගේ........ඔව් එයා මම අහපු එකට අඩන්න ගත්තා.....

" කුකී......ඇයි මැනික අඩන්නෙ.....මම අහපු දේට උත්තර දෙන්න බැරි නම් කමක් නෑ......."

ඒත් එයා ඒක අහන්නෙ නැතුව මූණ පල්ලෙහාට හරෝගෙන හෝගාලා අඩනවා.....මට එයා අඩනවා බලන් ඉන්න බැරි උනා.....එයා මොනවා හිතුවත් මට කමක් නෑ කියලා හිතලා එයාට තව ටිකක් ලං වෙලා එයාගෙ පිම්බිච්ච කම්මුලට කෙටි හාදුවක් තිබ්බා..........එයා මම කරපු දේ නිසා ඔලුව උස්සලා ගල් ගැහිලා වගේ මන් දිගා බලන් හිටියා......මට හිනා යන්නත් ආවා......ඊට පස්සෙ මම බලාගෙන ඉන්නකොටම එයාගෙ මූන ආයෙත් රතු පාට උනා...........

" මොකද ඔය රතු වෙලා........."

" ☺️........"

එයා ඒකට තවත් රතු උනා......එයා මා දිහා හරිම අහිංසක විදිහට බලාගෙන හිටියා.මට තවත් ඉවඩන්න බැරි වෙලා මට මාව පාලනය කර ගන්න බෑ වගේ හිතුනා.....ඊට පස්සෙ මම එයාව තවත් බිත්තියට තද කරලා මගෙ එක අතක් එයාගෙ ඉන වටේ යවලා එයාව මගෙ ඇගට තද කර ගත්තා..................
අපි දෙන්නා අතරෙ සෙන්ටිමීටරයක් තියා මිලි මීටරයකවත් පරතරයක් තිබ්බෙ නෑ........මගෙ හුස්ම එයාගෙ මූනෙ වැදිලා එයාගෙ කොන්ඩෙ ලස්සන තාලෙක හෙල උනා.........මම ඒ ඇස් දිහා වශී වෙලා වගේ බලන් හිටියා.....ලස්සන බෝල ඇස්......ඉස්සෙල්ලා අඩපු නිසා කදුලු වලට ඒවා දිලිසෙනවා.....ලස්සන රවුම් නහය.....රෝස මල් වගේ ලස්සන කම්මුල් දෙක........අනිතිමට මගෙ ඇස් දෙක නැවතුනේ ඒ රෝස පෙති වගේ ලස්සන සිනිදු තොල් ගාව.......මට පලවෙනි වතාවට ඒ තොල් මගේ කර ගන්න ආසාවක් ආවා..........ඉතින් මම ඒ තොල් දිහාත් ඒ ලස්සන ඇස් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා...................
එයා ඒ වෙනකොටත් ඇස් දෙක වහගෙන ඉවරයි.......හරියට මට ඒ දේ කරන්න ඉඩ දීලා වගේ........මම තවත් පරක්කු වෙන්නෙ නැතුව ඒ තොල් පලවෙනි පාරට හරිම පරිස්සමින් මගේ කර ගත්තා........ඒ තොල් හරිම සිනිදුයි...
රෝස පෙති පරාදයි......මම හරිම පරිස්සමින් ඒ තොල් මත මගෙ තොල් උඩට පල්ලෙහාට ගෙනිච්චා.................
මගෙ හා පැටියත් මගෙ හාදුවට ප්‍රතිචාරක් විදිහට මට තවත් ලංවෙලා එයාගෙ අත් මගෙ බෙල්ලෙ ඔතා ගත්තා........


මගෙ හා පැටියා අපේ පලවෙනි හාදුවට ප්‍රතිචාර දක්වනකොට මට දැනුනෙ කියා ගන්න බැරි සතුටක්...........ඉතින්  සියුම්ව හරි පරිස්සමට පටන් ගත්ත හාදුව එන්න එන්නම උණුසුම් උනේ අපි දෙන්නගෙ හැගීම් තවත් අවුස්සන ගමන්.....එයා එයාගෙ අත් මගෙ කෙස් අතරෙ එහා මෙහා ගෙනියන ගමන් මගෙ හාදුවට ප්‍රතිචාර දක්වනකොට මම එයාගෙ කලවා වලින් අල්ලලා උස්සගෙන මගෙ ඇග වටේ එයාගෙ කකුල් දෙක ඔතාගත්තා...මම ඒ හාදුව බිදෙන්න නොදීම එයාව ගිහින් සින්ක් එකේ කොනකින් ඉන්දෙව්වා........මම මගෙ හා පැටියගෙ තොල්වල රස උපරිමේට වින්දා..........අනිතිමේදි අපි දෙන්නටම හුස්ම ගන්න අමාරු නිසා අපි අපේ පලවෙනි හාදුවෙන් ඈත්වුනා......

" සරන්ග්හේ හියුන්ග්.............."

මොකක්.......එයා කිව්වෙ මට ආදරෙයි කියලා නේද.......එයා මට ආදරෙයි කිව්වා.....

" නාදු සරන්ග්හේ කුකී......."

මම එහෙම කියනවත් එක්කම එයා එයාගෙ මූණ මගෙ බෙල්ල අස්සෙ හංගගත්තෙ ලැජ්ජාවෙන්.........මම එයාව ටික වෙලාවක් තුරුලු කරගෙන ඉදලා ආයෙත් එයාව කෙලින් කලා......

" කුකී.......මේ අහන්න......."

" ම්.........."

" ඔයා දන්නවද මම ඔයා ගැන හිතන්න ගත්තෙ එදා ඔයා මගෙ ඇගේ හැප්පුන දවසෙ ඉදන්.......මම මගෙ හා පැටියට ගොඩක් ආදරේයි......මට හැම වෙලේම ඔයාව මතක් උනා.......මේ සතිය ඔයාව දකින්න නැතුව මම හිටියෙ බාගෙට මැරිලා වගේ....ඔයා නැතුව මට ඉන්න නම් බැ --- "

මට කියන්න හම්බ උනේ එච්චරයි කුකී ආයෙත් මාව කිස් කරන්න ගත්තා.......
මේ සැරේ එයා පටන් ගත්ත හාදුවට මම ප්‍රතිචාරක් විදිහට එයාගෙ ශර්ට් එක අස්සෙන් අත දාලා මගෙ අත් එයාගෙ සිනිදු පිට පුරා රටා මැව්වා.......මම ඒ කරපු දේ නිසා මගෙ හා පැටියට හිමීට කෙදි ගෑවුනා............හාදුවේ ගැබුරටම ගිය අපි දෙන්නට ආයෙත් හුස්ම ගන්න බැරි නිසා හාදුවෙන් ඈත් උනා..........
ඒ පාරනම් මගෙ හා පැටියා ගොඩක් රතු වෙලා.........

" දැන් ඔයා මගෙම විතරයි මැණික...."

" ☺️..........."

මම එහෙම කියලා එයාගෙ තොල් මතට කෙටි හාදුවක් තියලා එයාව උස්සලා අරන් බිමින් තිබ්බා......
ඊට පස්සෙ එයා මාව ආයෙත් බදාගෙන මගෙ කම්මුලට කෙටි හාදුවක් තියලා දොරත් ඇරගෙන වොශ් රූම් එකෙන් එලියට ගියා..............

මම ඒක එයාට කිව්වා......දැන් එයා මගෙම විතරයි.....

මමතව ටික වෙලාවක් එතන ඉදලා මගෙ ක්ලාස් එක පැත්තට යනකොට මගෙ කොට යාලුවා ඇවිත් හිටියා......

" කොහෙද පොල් බූරුවො හිටියෙ........"

" අහ්....මම ටිකක් ඇවිදින්න ගියා........"

" හ්ම්.......මොකද ඔය තොලට වෙලා තියෙන්නෙ........."

හුටා සෙත්ත පෝච්චි.......දැන් මොන මගුලක්ද කියන්නෙ.... කුකීව කිස් කරා කියනවද........මේකට මොකටද මගෙ දේවල් කියන්නෙ.....මූ කරන එව්වා මට කියන එකක් වෑ......

" අහ්......නෑ කොටෝ මම වොශ් රූම් එකට ගිය වෙලේ දොරේ හැප්පුනා........"

" මොන සිහියෙන්ද උඹ ඉන්නෙ.........."

" කූකීගෙ සිහියෙන්......."

" අම්මේ ඔව්....ඒක පේනවා.....හරි හරි දැන් යමු ක්ලාස් එකට........"

........................................................................

කාලය ගත උනා.....කොලේජ් එකත් ඇරුනා....ටේ එයාගෙ හා පැටියා එනකල් ගේට් එක ගාවට වෙලා හිටියා...
ටේ අද බස් එකේ යන්න තීරනය කලා....
මොකද එයාගෙ හා පැටියව තනියම යවන්න බෑනෙ.........

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

අදට ඉවරයි ලමයි.......🖤🖤🖤

Update දෙන්න පරක්කු උනාට sorry 🙏

අද එක ගැන මම මක්කවත් කියන්නෙ නෑ....හ්ම්ම්ම්......🙈🙊 මට ඒවා ලියන්න තේරෙන්නෙ නෑ.....පුලුවන් විදිහට ලිව්වා.......මේ කොටස ලියද්දි හිනා කාලා මැරුනෙ නැති ටික විතරයි ලමයි😪😁......

මට ඔයම්ලට කියම්න දෙයක් තියෙයි..
අද වගේ කොටස් මේ කතාවෙ තව තියෙම්න පුලාන්........ඒ වගේම ඊටත් එහා ඒවත් තියෙම්න පුලාන්...අද වගේ එව්වා තියෙම්නකොට මම කලින් දැනුම් දෙම්නෙ නෑ.....හැබැයි 🔞 වගේ එව්වා තිබ්බොත් කලින් කියනවා.............

ඔන්න කිව්වෙ නෑ කියම්න එපා.........
මේක මගේ කතාව නිසා මට ඕනෙ දෙයක් මම මේකෙ ලියනවා......ඒ නිසා මට කොරන්න දෙයක් නෑ......ඕනෙම දෙයක් වෙන්න පුලුවන් හොදේ මේ කතාවෙ🙈

කියන්න දෙයක් තියෙනවනම් කියන් යම්න😁😁

වැරදි ඇති එව්වට සමාවෙන්න

තව ඔයාලගෙ ප්‍රශ්න වලට ලගදිම උත්තර හම්බවෙයි හොදේ🥰

බායි🖤🖤🖤

            

       💜️💜️💜️love you all💜️💜️💜️

Continue Reading

You'll Also Like

148K 9.6K 46
តួឯកJeon Jungkookជាម៉ាហ្វៀសម្លាប់មិនរើស មុខមិនញញើតនឹងច្បាប់ តួឯកKim Taehyungជាកូនចិញ្ចឹមអ្នកម្នាង
171K 24.4K 30
bts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k st...
79K 11K 47
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...