Autumn Leaves | Jungkook Cent...

By Jungmi_11

8.2K 2.2K 350

තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01- More

Chapter 1
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10 (Final)
A/N

Chapter 2

708 225 19
By Jungmi_11

"ඕ..ඔයා අදත් ආවද මෙතැනට?"බංකුවෙ වාඩි වෙලා හිටිය මම ඇස් ඇරියෙ ඒ කටහඬට..

"සන්හී.."මම මුමුණද්දි එයා මං ගාවින් ඇවිත් වාඩි වුණා..

"මෙතන හුළඟ හරි සනීපයි නේද?"එයා ඇහුවෙ ඇස් දෙක පියාගෙන..වැහුණ ඇස්පිය වලට හුළඟ වැදිලා සෙලවෙන්නෙ රටාවකට..ඒ ඇස් දිහා බලන් ඉන්න පුළුවන් පැය ගානක් වුණත්..ඒ තරම් සන්හීගෙ පෙනුම ශාන්තයි..

ආහ්..ජියොන් ජන්ග්කුක්..මොනවද මේ හිතන්නෙ?විකාර..සිහියට එනවා..

මම මටම තරවටු කරගත්තා..

"ඉතිං ජන්ග්කුක්..ඔයා මොනවද කරන්නෙ?"සන්හී ඇහුවෙ මගෙ පැත්තට හැරිලා..

සන්හී මාව දන්නෙ නෑ..ඒක ටිකක් පුදුමයක් වුණත් ඒ ගැන මම සතුටු වුණා..එහෙනම් එයා මගෙ යාළුවෙක් වුණේ හදවතින්මයි..කිසිම යටි අරමුණක් ඇතිව නෙවෙයි..

"මම සින්ගර් කෙනෙක්.."මං කිව්වා..

"චින්චා??සෝලෝ සින්ගර් කෙනෙක්ද?නැත්නම් ⁣ගෘප් එකක මෙම්බර් කෙනෙක්ද?"එයා ඇහුවෙ මං දිහා බලාගෙන..

"මෙම්බර් කෙනෙක්.."

"අහ්..මං වැඩිය සින්දු අහන්න කැමති නෑ..ඔයා මොන බෑන්ඩ් එකේද?"එයා ඇහුවා..

"BTS.."මං කියද්දි එයා කල්පනාවට වැටුණා...විනාඩියක් විතර ඇස් කරකව කරකව කල්පනා කරද්දි මට ඉබේම හිනා ගියා..

"යාහ්..හිනා වෙන්න එපා ජන්ග්කුක්..මං එහෙම එකක් ගැන දන්නෙ නෑ..මියන්.."එයා කිව්වෙ වැරැද්දක් කරලා වගේ..

"ඒකට කමක් නෑ..අපි debut වෙලා තවම අවුරුදු දෙකයි..ඉතිං..අපි ගොඩක්ම ප්‍රසිද්ධ නෑ.."මං කිව්වෙ එයාගෙ හිත හැදෙන්නත් එක්ක..

අවුරුදු දෙකක්..අපිට ඒක ලොකු කාලයක්..මේ අවුරුදු දෙක ගොඩක් දුක් වින්දා..මහන්සි වුණා..අපි ප්‍රසිද්ධ වුණේ කාගෙවත් උදව්වෙන් නෙමෙයි...අපේම මහන්සියෙන්..අපි නොසෑහෙන්න ලේ,දහඩිය,කඳුළු වගුරවන්න ඇති..ඒ දුක..වෙන කෙනෙක් පැහැදිලි කරයි..ඒත් ඒ කිසිම කෙනෙක්ට ඒ විදිහටම ඒ දුක් කන්ද මවා පාන්න බෑ..

"ඔයා මයිකල් ජැක්සන්ව දන්නවද?"සන්හී එකපාරටම මගෙන් ඇහුවා..

"ඔව්..එයාව නොදන්න කෙනෙක් නෑනෙ සන්හී.."මං උත්තර දුන්නෙ හිනා වෙවී..

"ඔයත් දවසක එයා වගේ කෙනෙක් වෙනවද ජන්ග්කුක්?"සන්හී මගෙන් ඇහුවෙ ඒ බෝල ඇස් මගේ පැත්තට හරවගෙන..තද කළු පාට කොණ්ඩෙට තද කළු පාට ඇස් දෙක..ඇත් දළ පාට හම..සන්හී හුඟක් ලස්සනයි..

"අහ්..අපිට එච්චර නම් දුර යන්න බැරිවෙයි..එ්ත් අපි උපරිම උත්සහා කරනවා.."මං කිව්වා..

"අනිවාරෙන්ම දවසක ඔයාලා ඒ වගේ වෙනවාමයි ජන්ග්කුක්..ඔයාට පුළුවන්..හ්වයිටින්.."සන්හී අත මිට මොලවලා මට චියර් කළා..මට එයාගෙ වචන ලොකු ශක්තියක් ගෙනාවා..ඒත් මට ඒ වෙලාවෙ හිතුණෙ ඒ හීනෙ තියෙන්නෙ අපිට අල්ලන්න බැරි මානෙක කියලයි..

මං අහස දිහා බැලුවා..අපිට මේතරම් විශාල ප්‍රසංගයක් කරන්න ලැබුණා විතරයි..තව මාස තුනයි..ඒත් එහෙම තිබිලත් මේ මං කරගත්ත දේ..ඇයි මට බැරි වුණේ සැලකිල්ලෙන් වැඩ කරන්න?මං නිසා හියොන්ලාගෙ මහන්සියත් අපතේ යයිද කියලා මට බයයි...මං කොහොමද මටම සමාවක් දීගන්නෙ?

"I hate myself.."නොදැනිම මගෙ කටින් එහෙම කියවුණේ හිතේ මං ගැනම තිබබ තරහට..

"Love Yourself.."මගෙ එහාපැත්තෙන් ඇහුණ කටහඬත් එක්ක මම සන්හී පැත්තට හැරුණා.

"ම්වො?"

"මට ඔයාව ඇහුණා.."සන්හී කිව්වා..මං බිම බලාගත්තෙ මට දැනුන හිස් බව නිසාමයි..

"දන්නවද ජන්ග්කුක්..මං දන්නෙ නෑ ඔයා ඔයාටම වෛර කරගන්න හේතුව..ඒත්..තමන්ට ආදරේ කරගන්න බැරි කෙනාට වෙන කාටවත් ආදරේ කරන්න බෑ..ඔයා ඔයාටම වෛර කරන්නකොට කොහොමද අඩුම තරමේ අනාගතේ ඔයාගෙ වයිෆ්ට..දරුවන්ටවත් ආදරේ කරන්නෙ?විශ්වාස කරන්න..ඔයා ඔයාටම ආදරේ කරගන්න...එදාට ඔයා මුළු ලෝකෙටම ආදරේ කරයි.."

සන්හීගෙ වචන දියපාරක් වගේ හරිම පැහැදිලියි..එයාගෙ ඇස්වල තිබ්බ පැහැදිලි බවත්..කටහඬේ ගැබ් වෙලා තිබ්බ තියුණු ගතියත් එයාගෙ ඒ වචන මගෙ අන්තිම මොහොත වෙනකම්ම රන්දන්න තරම් වුණා..

මට දැනුනෙ හරි දුර්වල බවක්..සන්හීගෙ වචන...මාව ශක්තිමත් කළා ව⁣ගේම ම⁣ගේ ආකල්පය ගැන මාව දුර්වල කරා..ඇයි මට බැරි වුණේ සන්හී වගේ හිතන්න..

එදා සන්හී කියපු දේවල් මගෙ ජීවිතේට මේ තරම් ආශිර්වාදයක් වෙයි කියලා මං හිතුවෙ නෑ..වැටෙන හැම වෙලාවම මං නැගිට්ටෙ සන්හීගෙ වචන නිසා..මං විතරක් නෙමෙයි...නොදැනුවත්ම වුණත් මුළු ලෝකයකට හයිය දුන්නෙ සන්හීගෙ සිතුවිලි..

"ඔහ්..ඔම්මා.."එක පාරම කෑ ගහලා පැතතකින් පේන ගේට්ටුව පැත්තට දුවගෙන ගියපු සන්හී එතන හිටපු මැදි වියේ වගේ පෙනුන ගෑනු කෙනෙකුගෙ ඇඟේ එල්ලුණා..ඒ සන්හීගෙ ඔම්මාද?ඕ..එයත් සන්හී වගේමයි..ඒ ගෑනු⁣ කෙනා සන්හීගෙ ඔළුවත් අතගාලා මං ඉන්න පැත්තට ඇවිදගෙන ආවා..

"ඔම්මා..මේ ඉන්නෙ ජන්ග්කුක්..මගෙ අලුත් යාළුවා.."සන්හී කියද්දි ඒ අජුම්මා මගෙ පැත්තට හැරුණා...

"ආ..මේ ළමයා ගැන නේද ඔයා මුළු දවසම කියව කියව හිටියෙ.."අජුම්මා සන්හීගෙන් අහනකොට මගෙ උගුර හිරවුණා වගේ...මගෙ කම්මුල්වලට ලේ පි⁣රෙන විදිහ මට දැනුනා..එක පාරටම කම්මුල් අතර රැඳුණෙ නුහුරු සීතලක්..

"අහ්..ඔ..ඔම්මා..එන්නකෝ..අපි යමුකො..අපි යන්නං ජන්ග්කුක්.."සන්හී එයාගෙ ඔම්මාවත් ඇදගෙන වෝඩ් එක පැත්තට ගියා..

සන්හීව තේරුම් ගන්න බෑ..මං සාමාන්‍යයෙන් ගෑනු ළමයි එක්ක කතා බහට එතරම් ඇලුම් නොකරත් සන්හී ගැන එහෙම හිතුණෙ නෑ..කරච්චලයක් වගේ කියෙව්වත් ඒක මට කරදරයක් වුණේ නෑ..එක අතකින් පාළු මකන එයාගෙ කියවිල්ලට මම ආසයි..

"Love Yourself.."මං ආයෙත් මතක් කළේ සන්හී කියපු දේවල්..එයා මට ඒ උගන්නපු දේ..මුළු ලෝකෙටම උගන්නන්න පුළුවන් නම්..ඒක ලොකු දෙයක්..ජීවිතේ අතඅරින්න හිතන කෙනෙක්ට ආයෙත් හුස්ම ගන්න..අලුතින් පටන් ගන්න ඒක ලොකු ශක්තියක් වෙයි..අතේ තිබ්බ ෆෝන් එකේ නෝට්පෑඩ් ඕපන් කරපු මම පොඩි සටහනක් ලියන්න පටන් ගත්තා..

අද...ලොකු විශේෂයක් නෑ..ඒත්..කියාගන්න බැරි සතුටක් එක්ක අමුතු හැඟීමක් හිතට දැනෙනවා..පළවෙනි පාරට ජීවිතයක තියෙන අර්ථය ගොඩක් හොඳින් තේරුණා කියලා මට දැනුනා..එයා නිසා...එයා කියනවා තමන්ට ආදරේ කරන්නලු..ඇත්තෙන්ම..එයා කියපු හැම වචනයක් ගානෙම මට හොඳින් මතකයි..මටම වෛර කරගනිමින් හිටිය මොහොතක එයාගෙ වචනයක් නිසා ඒ මොහොතෙම මං මට ආදරේ කරන්න ඉගෙන ගත්තා..ඔයා කවුද?ඔයා හරියට මිනිස් දුවකගෙ වෙස් ගත්ත සුරඟනක් වගේ..දන්නෙ නෑ අනාගතය මොන වගේ වෙයිද කියලා..ඒත්..මේ මොහොතෙ ඉඳන්ම මං මට ආදරය කරනවා...මට ගෞරව කරනවා..ස්තූතියි..එ් පාඩම ඉගැන්නුවට..

ෆෝන් එක පැත්තකින් තියලා මං ඇස් පියාගත්තා..හිතට දැනුනෙ පුදුමාකාර සැනසීමක්..ඒ නිදහස විඳගන්න අතරෙ මං හිමී⁣ට සින්දුවක් මිමිණුවා..

"දරුවෝ.."මං ගැස්සුණේ මං ගාවින් ආපු කරුණාවන්ත කටහඬට..මං ගාව හිටගෙන හිටියෙ සන්හීගෙ ඔම්මා..

"අජුම්මා..ඔයා..සන්හීගෙ ඔම්මා නේද?"මං ඇහුවා..මටත් පුදුමයි..වැඩි කතා බහක් නැති මම සන්හී නිසා දොඩමළු වෙලා වගේ..

"දේ.."සන්හීගෙ ඔම්මා මගේ ළඟින් වාඩි වුණේ හරිම මිත්‍රශීලී විදිහට..ඔම්මත් සන්හී වගේමයි..හැඩරුව වගේම ගතිගුණත්..

එකපාරම සන්හීගෙ ඔම්මා මගෙ අතින් අල්ලගත්තෙ මාව පුදුම කරවලා..

"ඔමොනි.."මං කිව්වා නෙමෙයි..කියවුණා..ඒ ස්පර්ශය මට මතක් කරලා දුන්නෙ මගෙ ඔම්මාව..

"කුමාවෝ ජන්ග්කුක්.."සන්හිගෙ ඔම්මා කිව්වා..

"වේ ඔම්මා?"

"අනී..සන්හී පුදුමාකාර සතුටකින් ඉන්නෙ පුතා නිසා..කුමාවෝ..චොම්මල් කුමාවෝ.."ඔම්මාගෙ ඇස්වල කඳුළු පිරිලා..ඒත් ඇයි ඒ?මගෙ හිත ප්‍රශ්න සීයකින් පිරිලා ගියා..

"ඒත්..සන්හී.."මං කියන්න කලින් ඔම්මා ආයෙත් කතා කරන්න ගත්තා..

"පුතා..මේ ඉන්න ටික දවසෙ සන්හීට දුකක් දෙන්න එපා..මං ඉල්ලන්නෙ එච්චරයි ඔය දරුවාගෙන්..ඔයා ආයෙත් සනීප වෙලා යනකම් පුළුවන් තරම් සන්හී එක්ක ඉන්න.."සන්හීගෙ ඔම්මා මගෙ ඔළුව අතගෑවා..හම්බුණ පළවෙනි වෙලාවෙ ඉඳන්ම සන්හීගෙ ඔම්මා මට සැලකුවෙ එයාගෙම පුතාට වගේ..මම කොහොමද බෑ කියන්නෙ?ඒත් මේ ඔමොනිගෙ ඉල්ලීම මට ගොනාවෙ අමුත්තක්..ඇයි එයා එහෙම ඉල්ලුවෙ?අනිත් අයගෙනුත් ඔමොනි මෙහෙම ඉල්ලන්න ඇතිද?

මං දන්නෙ නෑ..ඒත්..මට පුළුවන් වෙයි ඒ ඉල්ලීම ඉෂ්⁣ට කරන්න..ඔම්මාගෙ සතුට වෙනුවෙන්..සන්හීගෙ සතුට වෙනුවෙන්...

------🍂------

Continue Reading

You'll Also Like

70.8K 9.8K 36
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
103K 6.2K 44
တကယ်တော့ အချစ်ဆိုတာ စကားလုံးတွေနဲ့ လှပအောင် ပုံဖော်ထားတဲ့ အဆိပ်မီးတောက်လေး တစ်ခုပါဘဲ 🔥
106K 4.7K 45
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
11.8K 2.4K 20
"අපි කැමතිදේ අපිට ලැබෙන්නෙත් නැ, ලැබෙන දේට අපි ආස වෙන්නෙත් නැ, ඒත් කාලෙකදි අපි අකමැති වුන දේට අපි කැමති වෙනවා, ඒක ලෝකෙ හැටි, හැමදේටම ඕනේ කාලය " Ficti...