WINTER BEAR | KTH FF | ✔️

Av A_Shee1

39.9K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... Mer

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_Last Winter_
_Postscript_

_43nd Winter_

565 151 162
Av A_Shee1

_Winter Bear_ ( Fan Fiction Only )
හතලිස් තුන්වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" ඔන්නි.. නැගිටින්න.. දැන් අටටත් ලගයි.."

" ම්ම්.."

" අද ඔප්පලා එනවා ඔන්නි.."

" ඔව් නේද..? තව පැයකින්.. ලෑන්..ඩ් කරන..වා නේද..?"

" ඔව් ඔන්නි.."

" ඔයා යන්න.. එයාපෝ..ට් එ..කට ලීසා.."

" බෑ ඔන්නි.. අපි ගියාට වැඩක් නෑ.. කොහොමත් එයාලව එක්කන් එනවනෙ.. මන් ගියා කියලා කතා කරන්නවත් බෑනෙ.."

" ඔව්.. නේද..?"

" ඔන්නි.."

" ම්ම්.."

" මොකද මේ.. අමාරුවෙන් කතා කරන්නෙ..?"

" එහෙම.. නෑ ලී..සා ඇයි ඒ.."

" මට තේරෙනවනෙ.. ඔයා අමුතුයි.. ඇස් දෙකත් එක්ක යටට ගිහින්.."

" ඇග..ට චුට්ටක්.. පන.. නෑ එලීසා.. ඒක නිසා.. වෙන්නැති.."

" හිත නම් පිරිලනෙ ඇත්තෙ.."

" ම්ම්.."

මාස තුන ඉක්මනට ගෙවුනා. අද තමා මුලු කොන්සට් එකම ඉවර වෙලා කට්ටිය එන දවස. එලීසායි අහින්සයි ඉතින් ගොඩක් සතුටින් හිටියෙ.. ඒ සතුට ඇතුලෙ අහින්සගෙ හිතේ චකිතයක් නොතිබුනාම නෙවේ. මොකද ටේ හ්‍යුන් හැමදේටම කේන්ති ගන්න කෙනෙක්නෙ.. ඉතින් මේක එයා කොහොම තේරුම් ගනීද දන්නෑනෙ.

එක අතකින් ටේ හ්‍යුන් කලබල වුනොත් එයාගෙත් වැරැද්දක් නෑ. මොකද මාස තුනක් පිට ගිහින් එද්දි එයාගෙ girlfriend pregnant වෙලා ඉන්නවා දකින්න කවුද කැමති..

" එලීසා.. මේ අහන්න.. ඔයා හරි.. මට.. අමාරුයි.."

" ඔන්නි.."

" ඔයාට පුලුවන්ද මට සේ.." අහින්සට ඒක කියලා ඉවර කරන්න ලැබුනෙ නෑ. එයා හාන්සි වෙලා හිටපු ඇදේම ක්ලාන්ත වුනා.

" අනේ ඔන්නි..!!" එලීසා කෑ ගැහුවත් වැඩක් වුනේ නෑ.

~~~~~~~~~

" ටේයොන් ඔප්පා.."

" ඔව් කියන්න ජීහි.."

" ඔප්පා.. මේ අහන්නකෝ.."

" ජීහි.. ඉක්මන් කරන්න.. මන් අදත් බිසි කියලා ඔයා දන්නවනෙ.."

" අනේ ඔප්පා.. ඔයා මට සැර කරනවා.."

" ජීහි ප්ලීස් ජීහි.. කියන්න තියෙන දෙයක් කියලා ඉක්මනින් යන්න.."

" කියන්න දෙයක් නෑ ඔප්පා.. මේ ෆයිල් එක දෙන්න මන් ආවෙ.."

" හරි.. ඔතනින් තියන්න.."

" ඔයා මේක බලන්නම ඕනි එකක් ඔප්පා.."

" හරි හරි.. මන් බලන්නම්.. යනකොට දොර වහගෙන යන්න.."

ටේ හ්‍යුන් එහෙම කිව්වෙ ජීහිට කෙලින්ම නොකියා කාමරෙන් එලියට යන්න කියලා අගවන ගමන්. එවෙලෙ ජීහි මූන බෙරි කර ගත්තත් එලියට යනකල් විතරයි එයා ඒ විදිහට හිටියෙ. ඊට පස්සෙ එයාගෙ මුනට ආවෙ කුරිරු හිනාවක්.. ඒ හිනාවත් එක්කම එයා හිතුවා.

' ඔයා දැන් නම් වරද්ද ගත්තා ඩොක්ටර් අහින්සා.. ඔයා දැන ගන්න ඕනි මන් වගේ කෙනෙක් එක්ක හැප්පෙන්න කලින් දෙපාරක් හිතන්න.. මොකද මන් එච්චර හොද කෙනෙක් නෙවෙයි. දන්නවද ඩොක්ටර්..? ඔයා කරපු ලොකුම වැරැද්ද තමයි ඔය දරුවගෙ අප්පට ඒ ගැන නොකියපු එක. දෙන්නගෙ මහ ලොකු ආදරේ. කෙල්ල ලග තමන්ගෙ දරුවා ඉන්නවා කියලවත් අඩුම තරමෙ කොල්ලා දන්නෙ නෑ.. සෝ.. ඔයා කරපු වැරැද්දට දැන් පසුතැවෙන්න පටන් ගන්න.. මොකද දන්නවද..?

.

.

.

.

.

.

.

.

.

.

.

.

මන් ඔයාගෙ ප්‍රේමවන්තයට දුන්නෙ ඔයාගෙ ප්‍රෙග්නන්සි රිපෝට් එක.. විශේශම දේ..

.

.

.

.

.

.

.

ඒක ඇත්ත එක නම් නෙවෙයි. ඒකෙ පියාගේ විස්තර වල අයිතිය තියන්නෙ වෙන කෙනෙකුට.. ඉතින් බලන් ඉන්න.. දැන් එයා ඒක දැන ගත්තට පස්සෙ නිකන්ම ඔයාව දූවිල්ලක් වෙලා යන විදිහ..'

.

.

.

.

.

" අහින්සා මැඩම්ගෙ ඇග හොදටම වීක්.. ඔයාලා එයා ගැන තව අවදානය දෙන්න ඕනි.. මන් හිතන්නෙ එයා හරියට කෑමවත් අරගෙන නෑ.."

අහින්සට කැනියුලා එක සෙට් කරලා ඒ ඩොක්ටර් කිව්වෙ එලීසා දිහා බලාගෙන.

" අනිත් එක එයාගෙ මෙන්ටල් කන්ඩිශන් එක පවා එච්චර හොද මට්ටමක නෙවෙයි තියන්නෙ.. එයා ඉන්න තත්ත්වෙත් එක්ක ඔයාලා එයා ගැන කෙයා කරනවා ගොඩක් මදි.."

" සමාවෙන්න ඩොක්ටර්.."

" මගෙන් සමාව අරන් වැඩක් නෑ.."

" Excuse me.."

" සර්.. සර් ඔයා.."

" මන් මැඩම්ව බලන්නම්.. ඔයා එහා වෝඩ් එකේ ඉන්න පේශන්ට්ව චෙක් කරන්න පොඩ්ඩකට.."

" ඕකේ සර්.." ඒ ආවෙ ජින් හ්‍යුන්ගෙ ඔන්නිගෙ හ්‍යුන්.

" ඩොක්ටර්.."

" මන් දන්නවා තත්ත්වෙ.. එයා කියන දේ අහන්නෙ නෑනෙ.. ටේ හ්‍යුන් පරක්කු වැඩියි.. දැන් අහින්සව කන්ට්‍රෝල් කරන්න පුලුවන් ටේ හ්‍යුන්ට විතරයි.."

" ඔයා හරි ඩොක්ටර්.."

" ඔයාලා තවත් කොහොමද එයාව කන්ට්‍රෝල් කරන්නෙ ලෝයර් එලීසා?"

" අද ඔප්පලා එනවනෙ ඩොක්ටර්.."

" ඔව්.. ඒ වුනත් අද ටේ හ්‍යුන් එන්නෙ නෑ.."

" මොකක්..!?"

" ඔව්.. අද ටේ හ්‍යුන් එන්නෙ නෑ.. අනිත් හය දෙනා විතරයි එන්නෙ.."

" ඩොක්ටර්.."

" ඔව්.. ටේ හ්‍යුන්ගෙ බර්ත් ඩේ ප්‍රොජෙක්ට් එක තියනවා චයිනා වල.. එයා එහෙමම එහෙට යනවා.. එයා එහෙන් ආපහු එන්න සති තුන හතරක්වත් යයි.."

" දෙවියනේ මොකක්..?"

" ඔව්.."

" ඉතින් ඩොක්ටර් ඔයා කියන්නෙ අපිට ඔන්නිව චයිනා එක්කන් යන්න කියලද ටේ ඔප්පා ලගට..?"

" නෑ.. එහෙම නෙවෙයි.. ඒක කොහොමත් කරන්න බෑ අහින්සගෙ කන්ඩිශන් එකත් එක්ක.."

" ඉතින් ඩොක්ටර් මම කොහොමටවත් හිතන්නෙ නෑ අපිට ඔන්නිව කන්ට්‍රෝල් කර ගන්න පුලුවන් වෙයි කියලා.."

" ඔව්.. අඩුම තරමෙ ටේ හ්‍යුන් මේ ගැන දන්නෙවත් නෑ නේද ලෝයර්..?"

" ඔව්.. මට තේරෙන්නෙ නෑ මොකක්ද කරන්නෙ කියලා.. ඔන්නි ගොඩක් දුක් විදිනවා.."

" අපි බලමු.."

" ඒත්.."

" ජින්ලා ආවම අපි එයාගෙන් අහලා බලමු.. එයා මොනාහරි කියයි.."

~~~~~~~~~~

තව හන්ගන්නෙ මොකටද.. දන්නවනේ අපි දැනටමත් ඔයාලා කතාවෙ අවසානෙට ඇවිත් එන්නෙ කියලා.. ඉතින් ඒ නිසාම.. අපි යමුද ආපහු කතාවෙ මුල පැත්තට පොඩ්ඩක්..

මට මතකයි..

ගොඩක් අය හිටියෙ ටේ හ්‍යුන්ගෙ පැත්තෙ..

මට මතකයි..

සමහර අය හිටියෙ අහින්සගෙ පැත්තෙ..

ඒත් මන්..

මන් ඕතර්නිම්.. මට පුලුවන් වුනේ නෑ කාගෙවත් පැත්ත ගන්න..

ඒත්.. ඕතර්නිම් විදිහටත්, ටේ හ්‍යුන් විදිහටත්, අහින්සා විදිහට මන් බැනුම් ඇහුවා..

හොදත් ඇහුවා..

ඒ අතර මතකද ඔයාලට..

අහින්සාගෙ තීරන ගැන..

එයා ඔයාලගෙන් බැනුම් ඇහුවා කියලා මතකද..?

ඉක්මන් තීරන.. ප්‍රශ්න වලින් පැනලා යාම්.. දුරදිග හිතන තීරන.. වගේ දේවල්..

ඔය මන් කිව්වෙ මට මතක දේවල් තුනක් විතරයි..

ඉතින්..

දැනටත් ඔයාලා හිතනවද ඔයාලා එදා අහින්සට බැනපු එක වැරදියි කියලා..

පොඩ්ඩක් ඉන්න..

ඔයාලා ඒ ගැන හිතන්න කලින් පොඩ්ඩක් මතක් කරලා බලන්න..

කතාවෙ අන්තිමටත් ඇවිල්ලා කවුරු හරි දුක් විදිනවද..

විදිනවා නම් ඒ කවුද කියලා..

~~~~~~~~~~~

ඉතින්..

කියන්න දෙයක් තියනවද..?

~~

තියනවා නම්, කියලා යන්න.. ඕනිම දෙයක්.. මන් අහන් ඉන්නම්..

~~~~~~~~~~

" කුකී.."

" ඒන්ජල්.. මිස්ඩ් යූ සෝ මච් බබා.."

" මී ටූ කුකී.."

" කියන්න.. කෝමද ඔයාට ඒන්ජල්..?"

" මන් හොදින් කුකී.. ඔයා.. මොකුත් කරදරයක් නෑ නේද ඔයාට කුකී..?"

" නෑ නෑ පැටියෝ.. මන් මේ ඉන්නෙ හොදට.. පිස්සි.."

" හී.."

" කෝ.. ඔයාගෙ ඔන්නි...?"

" ඔන්නි හොස්පිට්ල් එකේ කුකී.."

" හයියෝ.. ඒ කෙල්ලට අදවත් නිවාඩුවක් දාන්න බැරි වුනාද අප්පා..?"

" ටේ ඔප්පා ආවෙත් නෑනෙ ඉතින් කුකී.."

ඔව්.. කට්ටියම ආවා.. ගොඩක් කලබල ඇතුලෙ.. මාද්‍ය, රසිකයො, කැමරා.. ඒ හැමදේකටම හරියටම මුහුන දීලා එයාලා දකුනු කොරියාවෙ එයාපෝට් එකෙන් එයාලගෙ මවූ රටට ඇතුලු ආපහු මාස ගානකට පස්සෙ.. ඒත් ටේ හ්‍යුන් නැතුව.. එයාගෙ birthday project එක. තියෙන්න චීනෙලු.. සති තුනක් කියන්නෙ කොහොමත් එයා එන්න තව මාසයක්වත් යනවා..

කුකී තවම දන්නෙ නෑ.. එයාගෙ හොදම යාලුවා.. එයාගෙ හ්‍යුන්ගෙ ගර්ල්.. දැන් ඉන්නෙ කොහොමද කියලා..

ඉතින්.. එහෙම දෙයක්වත් දන්නෙ නැත්නම්..

ඔයාලා හිතනවද ඒ මිත්‍රත්වය ලග විශ්වාසයක් තියන්න පුලුවන් කියලා..

~~~~~~~~~~

" ඔප්පා.."

" ඕ හනී.."

" ඔයා යනවද දැන්ම hospital එකට. අහින්සව බලන්න..?"

" ඔව්.. මන් හිතන්නෙ හෙට උදේ මට වැඩක් ශෙඩියුල් කරලා. එහෙම තිබ්බත් නැතත් මට දැන්ම යන්න ඕනි.. ටේවත් නැතුව ඒ කෙල්ල පිස්සුවෙන් වගේ ඇත්තෙ හනී.."

" ඔව්.. ඒ ගර්ල් මටත් වඩා අඩු වයසින් එසේ මෙසේ දුකක් නෙවෙයි විදින්නෙ.."

" ඔව්.. ඔයා හරි හනී.."

" ඒත් මේක ටේගෙ වැරැද්දකුත් නෙවෙයිනෙ ජිනී.."

" ඔව්.. කොච්චර ලස්සන කපල් එකක් වුනත් කොච්චර ප්‍රශ්නද..? අනිත් එක හනී මේ දෙන්නට තියෙන්නෙ කවදාවත් මන් වෙන කෙනෙක් ලග දැකලවත් නැති ප්‍රශ්න.."

" ඔයා ගොඩක් හිතන්නෙපා ජිනී.. මන් කෙල්ල ලග ඉන්නම්.. මන් මාස දෙකක් විතර ෆ්‍රීනෙ.."

" ඒ වුනත්.."

" ආ හරි හරි.. ඔයා දැන් කියන්න හදන්නෙ ඔයා ලග ඉන්න කියලනෙ.. ඒ වුනාට ඔයා එක විනාඩියක්වත් ෆ්‍රී නෑනෙ.. ඒ නිසා ඕක කියන්නෙපා.. හුම්.."

" අනේ හනී ඉතින්.."

" හනී හනී තමා.. ජිනී.. කවදහරි ඔයා ඔයාගෙ හයිබ් එකම මැරි කරන්න.. මන් ගැන නම් හොයන්නෙපා.."

" එහෙමද.. එහෙනම් මන් හයිබ් එකෙන් කෙනෙක්ම හොයා ගන්නම්කෝ.."

" මේ.. ඔයාගෙ රටට ආපු දවසෙම හයේ හතරෙ කම්මුල් පාරක් කන්න ඕනි නැත්නම් ඉක්මනින් වොශ් දාන්න.. අර කෙල්ලව බලන්න යන්න. මෙතන කියවගෙන එනවා.."

" අම්මෝ හනී.. ඔහොම කේන්තියක්.."

වාව්..

ඇත්තටම මන් දැක්ක ලස්සනම කපල් එක. ජින් හ්‍යුන් එක්ක එයාගෙ හනී.. දෙන්නම එකම වයස.. එකම වගේ ලස්සනයි. ජින් හ්‍යුන් කියන එකම දේකටවත් ඔන්නි පිටින් යන්නෙ නෑ.. ඒ වුනත් රන්ඩු කෙක්කක්.. නෑ.. එහෙමම කියන්නත් බෑ.. ඒ දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා.. කොච්චර රන්ඩු වුනත් අන්තිමට කිසිම ප්‍රශ්නයක් නෑ.. ලොකු ඔන්නි අහින්සව දැකලා තිබුනෙ ෆොටෝස් වලින් විතරමයි. ඒ වුනත් ජින් හ්‍යුන් එයාට කියපු දේවල් නිසා එයා අහින්සා ගැන ලොකු පැහැදීමකින් හිටියෙ.

ප්‍රශ්න..

ඇත්තටම ඉතින් ප්‍රශ්න හැම කෙනාටම එනවනෙ..

ඉතින් ඕක අමුතු දෙයක් යැ..

~~~~~~~~~~

" ඔප්පා.."

" දෙයියනේ.. කෙල්ල.. මොකද මේ වෙලා තියන්නෙ..?"

" ඔප්පා.. ඔයා හොදින්ද..?"

" පරිස්සම් වෙන්න කියලා ගිහිල්ලත් ඇයි මේ.. ඇයි මේම කර ගත්තෙ..?"

" මන් පරිස්සම් වුනා ඔප්පා.."

" ඔයා.."

" අනේ අනේ.. බනින්න නම් පටන් ගන්නෙපා. ඔන්නි ආවෙ නැද්ද.. අනේ මට එයාව බලන්න ඕනි ඔප්පා.." අහින්සා මූනත් ඇද කර ගත්තා..

" යකෝ.. මෙච්චර ලග ඉන්න මාව මුන්ට වැදගත් නැති හැටි.. ආ.. තියා ගන්නවා තමුසෙගෙ ඔන්නි.." ජින් හ්‍යුන් කෑ ගැහුවා.. කොච්චර අමාරුවෙන් හිටියත් අහින්සාට ඒකට නම් හිනා ගියා.

" හරි ඉතින්.. ඔයා අර ටීවී එකේ නැති වෙලාවක් නෑනෙ.."

" බ්ලා බ්ලා තමා.. එනවකො ආයෙ ලොකූ කියන් බටර් ගාගෙන.. බලාගන්නම් මන් එතකොට.."

" අහින්සා නේද ඔයා.. ලස්සන නමක්.."

" දේ ඔන්නි.. කුමාවෝ.."

" මට ජිනී ඔයා ගැන කිව්වා ගොඩක් දේවල්.. ඉතින් ඔන්න මන් ඔයාව බලන්න ආවා.."

" කුමාවෝ ඔන්නි.."

" ඒ විතරක් නෙවේ. මන් අද ඉදන් ඔයත් එක්ක ඉන්නම්.."

" ම්වෝ.. ඇත්තටමද ඔන්නි..?"

" ඔව් අනේ.. මේ ජිනී එක්ක හිටියොත් මට කේන්තියෙන් පුපුරලා මැරෙන්න තමා වෙන්නෙ.."

" ...."

අහින්සා හිනා වුනේ නෑ.. එයාගෙ ඇස් තිබ්බෙ රූම් එකේ දොර ලග.. ටේ හ්‍යුන්.. ඔයා කොහෙද..? එයා හිත එයාගෙන් ඇහුවෙ එච්චරයි.

" ලොකු ඔප්පා.."

" ඕ කියන්න නන්ගා.."

" ටේ ඔප්පා.. ටේ ඔප්පා එන්නෙ නැද්ද මාව බලන්න.."

අහින්සගෙ කදුලු පිරුන ඇස්.. වෙව්ලපු කටහඩ පෙන්නුවේ එයා දුර්වලයි කියන එක නෙවෙයි. එයාට ටේ හ්‍යුන්ව ඕනි කියන එක.. එයා නැතුව දැනුන පාලුව.

අම්මා කෙනෙක්ට දරුවෙක් ලැබෙන්න ඉද්දි ලගින් ඉන්න ඕනිම කෙනා ඒ දරුවගෙ අප්පා. කෙල්ලට එයාගෙ අම්මලා තාත්තලා නෙවෙයි.. ඊට වඩා වටින වෙන කවුරුත් ලග හිටියත් දරුවගෙ අප්පගෙන් ලැබෙන්න ඕනි ආදරේ ඒ කාගෙන්වත් ලැබෙන්නෙ නෑ. ඒකයි ඇත්ත. අහින්සා වුනත් එහෙම වැටෙන කෙනෙක් නෙවෙයි. ඒ වුනත් එයා හිටිය් තත්ත්වෙත් එක්ක එයාට දරා ගන්න බැරිවෙන්න ඇති.

ටේ හ්‍යුන්..

ඇත්තටම ඔයා පරක්කුයි..

සමහර විට ඔයා මෙහෙම පරක්කු වෙන එක ඔයාගෙ මුලු අනාගතේම අදුරු කරයි..

ඒක නිසා..

පසුතැවෙන්න නොවී ඉක්මන් කරන්න..

" නන්ගා.."

" කියන්න ඔප්පා. එයා..ට එන්..න කිය..ලා.."

" මේ අහන්න නන්ගා.."

" බෑ.. තවත් බෑ.. ඔයාලා කියන්න.. හදන්..නෙ.. එයා තව.. විනාඩි..යක් හරි පරක්කු.. වෙනවා.. කියලා.. නම්, ඒක කියන්..නෙපා.. ප්ලීස්.. වැද..ලා කියන්නම්.. එයාට කිය..න්න මන් ලග..ට එන්..න කියලා.." එයාගෙ කටහඩ ගොඩක් වෙව්ලුවා.

" මේ මේ.. නන්ගා.. කලබල වෙන්නෙපා.. මේ අහන්නකො.."

" ඔන්නි.. ඔයාවත් කියන්න.. එයා.. එන්..නෙ නැද්ද..? එයා එන්නෙ.. නැද්ද මාව.. බල..න්න.."

අහින්සා කෑ ගැහුවෙ ගොඩක් හයියෙන් වුනත් ඒක එච්චර හයියෙන් පිට වුනේ නෑ.. මොකද එයා එච්චරටම දුර්වලයි.. අතේ තිබුලා කැනියුලා එකත් කඩන්න හදන ගමන් එයා දගලන්න පටන් ගත්තා.

" මේ අහන්න.. අහන්නකො පැටියෝ.. ඔය බලන්නකො.. දගලන්නෙපා.. ඉන්නකො.. අපි කියන්නම්.."

" එපා.. මොකු..ත් කියන්නෙපා.. එයාව එක්කන් එන්න.. එයා..ව.. එක්..ක..න්.. එන්න.. චේබ..ල්.. කෝ.. ඔයාව එක්..කන්.. එන්න.."

" ජිනී.. මේ බලන්න.. අනේ.."

" අහින්සා.. මේ අහන්න අහින්සා.."

" නන්ගා.. අහන්න.."

" ටේ.. ඔ..ප්....පා...... අනේ...."

" ජිනී.. ඔප්පට එන්න කියන්න.. අහින්සව කන්ට්‍රෝල් කරන්න බෑ.."

ජින් හ්‍යුන් විනාඩි ගානක් යන්නත් කලින් එයා ගාවට ඔන්නිගෙ ඔප්පව එක්කන් ආවත් වැඩක් වුනේ නෑ. කැනියුලා එකත් ගලවගෙන, දගලලා වැඩි කමට කෙල්ලට දෙවෙනි වතාවටත් ආපහු සිහිය නැතිවෙලා තිබුනා.

" ඔප්පා.. එයාට කොහොමද..?"

" බය වෙන්නෙපා.. එයා හොදින්.."

" ඒත් එයාට සිහිය නෑනෙ හ්‍යුන්.."

" බය වෙන්නෙපා ජින්.. එයාට සිහිය එනවා තව ටිකකින්.."

" ..."

" ජින්.. අපි ටිකක් කතා කරමුද..?"

" හරි හ්‍යුන්..හනී.. ඔයා එතකල් කෙල්ල ලග ඉන්නවද..?"

" හරි ජිනී.. ඊට කලින් කියන්න ඔප්පා.. ඔයාට පුලුවන් නේද මේ ගර්ල්ව බේරන්න.."

" බයවෙනෙපා මෝඩියේ.. තමුසෙගෙ අයියට බැරි දෙයක් තියනවද..?"

~~~~~~~~~~

" ජින්.."

" හ්‍යුන්.."

" ටේ හ්‍යුන්ව ගෙන්න ගන්න බැරිද ඉක්මනින්.."

" බෑ.. ඒ ප්‍රොජෙක්ට් එක මග ඇරලා එන්න එයාට කීයටවත් බෑ හ්‍යුන්.. එහෙම වුනොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා.."

" මට නොතේරෙනවා නෙවෙයි ජින්.. ඒ වුනත් එයා මේ කෙල්ලට ඇත්තටම ආදරේ කරනවා නම් ඔය කරන කිසිම දේකින් වැඩක් තියෙයිද මේ කෙල්ලට මොනාම හරි වුනොත්.."

" හ්‍යුන්.. ඔයා කියන්නෙ.."

" නෑ නෑ ජින්.. එහෙම මොකුත් වෙන්නෙ නෑ.. එහෙම නරක දෙයක් ගැන නෙවෙයි මන් කියන්නෙ.."

" මට තේරෙන්නෙ නෑ හ්‍යුන්.."

" සාමාන්‍යෙන් ප්‍රෙග්නට් වෙලාවක ඒ ගර්ල්ගෙ මෙන්ටල් හෙල්ත් එක ගැන තමයි අපි ගොඩක් වෙලාවට වද වෙන්න ඕනි.. මොකද එයාට ගොඩක්ම නරක විදිහට බලපාන්න පුලුවන් මෙන්ටල් හෙත් එකට හානියක් වුනොත්. එසේ මෙසේ නෙවෙයි.. සමහරවිට ඒ ගර්ල්ගෙ මුලු අනාගතේටම, එහෙම නැත්නම් දරුවට වෙන්නත් පුලුවන්.."

" මෙතන ඉන්න වැඩිමල්ම කෙනා විදිහට මාත් ගොඩක් අසරන වෙලා ඉන්නෙ.. ටේ හ්‍යුන් මොනාද මේ කරලා තියන්නෙ.. එයාට තව ඉවසන්න තිබුනා. මෙච්චර වැඩ ගොඩක අපි හිරවෙලා ඉන්නෙ කියලා දැනගෙනත්.."

" ටේ හ්‍යුන්ගෙ වැරැද්දක් නෑ නේද ජින්..? ඔයා කියපු විදිහට දෙන්නම දුක් විදිනවා.."

" ඒ වුනත් අඩුම තරමෙ ටේ හ්‍යුන් මේ ගැන දන්නවා නම් එයා මොකක්ම හරි කරයිනෙ හ්‍යුන්.."

" ඒ වුනත් අහින්සා නන්ගි කැමති නෑ ටේ මේ ගැන දැන ගන්නවට.. එහෙම නේ..?"

" ඔව්.."

" එයත් එක අතකින් හරි ජින්.."

" ඇයි හ්‍යුන් එහෙම කියන්නෙ..?"

" ටේ හ්‍යුන් කියන්නෙ කොච්චර කලබල වෙන කෙනෙක්ද කියලා මටත් වඩා හොදට ඔයා දන්නවා නේද ජින්..? ඉතින් එහෙම තියාගෙන මෙහෙම දෙයක් අර ටේට මේ වගේ වෙලාවක කිව්වොත් එයා මොනා කරයිද කියලා හිතා ගන්නවත් පුලුවන්ද ජින්..?"

" ඒක ඇත්ත හ්‍යුන්.. මටවත් ඒක කල්පනා වුනේ නෑ.."

" අපි හිතන්නෙ නැති දෙයක් ගොඩක් දේවල් තියනවා ජින්.."

" හ්‍යුන්.. මන් මොකක්ද කරන්නෙ.. ඔයා මට කියලා දෙන්න.."

" නම්ජුන්ට කියන්න.. එයා මොනාහරි කියයි ඔයාට.."

" ජිමින්, කුකී.. මන් කොහොමද අහින්සව කෙසේවෙතත් මෙයාලව කන්ට්‍රෝල් කරන්නෙ..?"

" ජුන්ට කියන්න.. වෙන උත්තරයක් මන් දන්නෙ නෑ ජින්.."


~~~~~~~~~~

Taehyung's P.O.V.

අනේ..

අහින්සා.. ඔයා ඇත්තෙ දැන් පුදුම දුකකින්.. මන් දන්නවා මැනික.. මන් කොච්චර පරක්කු වුනත් ඔයා කේන්ති ගන්නෙ නෑ කියලා..

තව මාසයක් දෙන්න..

මන් එන්නම් මැනික ඔයා ලගට..

" අහ් ශිට්.. මේ මොන මගුලක්ද..? මගේ රූම් එක නිකන් පිස්සන් කොටුවක් වගේනෙ.."

මන් තනියම කෑ ගහන ගමන් කුනු කන්දල් සේරම අල්ලලා ඩස්බින් දැම්මා.. එතන ෆයිල්ස් ගොඩකුත් තිබ්බා. පොඩ්ඩක් ඉන්න.. අර ජීහි දුන්න ෆයිල් එකත් මෙත නේද..? අනේ කමක් නෑ.. වැදගත් දෙයක් තිබ්බා නම් කියයිනෙ කතා කරලා.. රෙද්ද..

ඔව්.. දැන්නම් මට මන් ඉපදුනු දවස ගැනත් කේන්තියි. හ්‍යුන්ලා හැමෝම ගියා. ඒත් මට ඒ ෆ්ලයිට් එකේම චයිනා එන්න වුනා. මගේ බර්ත්ඩේ ප්‍රොජෙක්ට් එක නිසා. ඔව්.. අහින්සාව බලන්න යන්න කියලා මන් කොහොමද මට පිස්සුවෙන් වගේ ආදරේ කරන මිලියන ගානකගෙ හිත් කඩන්නෙ.. බෑ.. මන් කොහොමද ඒක කරන්නෙ..?

ආ.. මගේ ඔලුව පිස්සන් කොටුවක් වගේ..

~~~~~~~~~~

ලස්සන මතකයන්.. දුක්බර මතකයන්..

ඒ හැමදේටම වඩා..

කරදර පිරුන මොහොතවල්..

ඒ වෙලාවල් වල ඔයා මාව සනසපු විදිහ..

යාලුවෙන්න කලින් මාව කී පාරක් නම් දාලා යන්න හැදුවද..?

බොරු කිව්වද..?

ඒ කිව්ව හේතු වලට ඔයාට තිබුන හේතු ගොඩ..

අනේ.. මගේ පිස්සි.. නෑ.. ඔයා මගේ ප්‍රින්සස්..

ඔයාව මට ඒන්ජල් කෙනෙක්.. නෑ.. එහෙම කියන්නත් බෑ..

මට ගොඩක් දේවල් ඔයා පුරුදු කරලා..

ඒ අතරින් විශේශම දේ..

ඉවසීම..

දැනටත් මන් මෙහෙම ඉන්නෙ ඔයා මට මෙහෙම පුරුදු කරපු නිසා.

මන් වෙනුවෙන් තව මාසයක් බලන් ඉන්න මගේ ප්‍රින්සස්..

ඊට පස්සෙ හැමදාටම මන් ඔයාව මගේම කර ගන්නම්..

කවමදාවත් කොහොමටවත් අත ඇරල යන්න බැරි වෙන විදිහට..

~~~~~~~~~~

She looks like a blue parrot

Would you come fly to me

I want some good day good day good day

Good day good day

Looks like a winter bear you sleep so happily

I wish you good night good night good night

Good night good night

එතනින් නවත්තලා තිබුන වචන ටිකට ආපහු මන් වචන කීපයක් එකතු කලා..

Imagine your face say hello to me

Then all the bad days they are nothing to me

With you

~~

මගේ හිත ඇයි මේ විදිහට ලස්සන වචන එන්නෙ..

ප්‍රින්සස්..

දැන් මන් පිලි ගන්නවා..

ඔයා මගේ ජීවිතේට ආපු ප්‍රින්සස් කෙනෙක්...

මේ ලෝකෙදි නම් ඔයා

Winter Bear කෙනෙක්.

~~~~~~~~~~

දැන් අපි ඉන්නෙ අවසානයේ නිසා සමහර විට ටේ හ්‍යුන් විදිහට මට ඔයාලට ඉස්සරහට කතා කරන්න බැරිවෙයිනේ..

ඒ නිසා මන් දැන්ම කියන්නම්..

Winter Bear.. ඇයි අහින්සට එහෙම නිර්වචනයක් දුන්නෙ.. නෑ.. ඒක මන් දාපු එකක් නෙවෙයි.. ඕතර් නිම්ගෙ අදහසක්.. සෝ.. කියවලා බලන්න මුල ඉදන් අහින්සගෙ චරිතෙ..

ඒ චරිතෙ කියලා දෙයි ඇයි අහින්සා Winter Bear වුනේ කියලා..

ඕතර්නිම්ගෙ විදිහට නම් මේකෙ හිටිය තේරුම් ගන්න බැරිම චරිතයක් මම..

නෑ.. එහෙම නෑ.. කැමති නම් මගේ චරිතෙ දිගෙත් ආපහු ඇවිදගෙන යන්න.. මේකෙ හිටපු ප්‍රදාන චරිතයක් වුනත් කිසිම වැදගත්කමක් නැතිම චරිතෙ මම කියන එක ඇත්ත.. ඒ වුනාට පොඩ්ඩක් ආපහු බලන්න.. ඔයාලා හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන චූටි චූටි දේවල් මන් ඔයාලට දුන්නා.. නෑ.. ඕතර් මන් අතින් ඔයාලට දුන්නා..

ඕතර්නිම් මේකෙ මාව දුර්වල චරිතයක් කලා නෙවෙයි. ඔයාලා එහෙම හිතනවා නම්, නෑ.. කලින් එක මොහොතකට හරි එහෙම හිතිලා තිබුනා නම්.. ඔයා මේ කතාව තුල අසාර්තකයි..

මන් ඔයාලට එකම එක දෙයක් කියන්නද..?

මේ දේ නම් සමහර විට ඔයාලට ආපහු මගේ චරිතෙ කියෙව්වත් හිතා ගන්න බැරිවෙයි..

ඒ නිසා මන්ම ඒක කියන්නම්..

මතක තියා ගන්න.. ජීව්තේ කවුරුත්ම පිටින් පේන ගතිගුන තියන අය නෙවේ. ඒ නිසා පිටින් පේන හැමදේම ඇතුලට යද්දි නැහැ..

ඔයාලට තේරුනාද මන් ඔයාලට ඒ දේ කියලා දුන්නා කියලා..

නැද්ද..?

ඉතින් අහන්න.. ඔයාට ආපු ප්‍රශ්නෙ..

කොහොමද ඕතර් ඔයා ඒක කලේ.. අපිට එහෙම දෙයක් මේ කතාව ඇතුලෙන් දැනුනෙ නෑනෙ කියලා.. ඒකට ඕතර්නිම්ම උත්තර දෙයි.. පස්සෙ නෙවෙයි.. මේ දැන්ම..

නවතින්න කලින් මන් කියන්නම්..

ආපහු මගෙන් ගන්න දෙයක් තිබුනොත්.. මන් ලගට එන්න ඕනි වුනොත්..

ඇවිදගෙන එන්න මුල ඉදන් මේ වින්ටර් බෙයා ඍතු දිගේ..

මන් බලන් ඉන්නම් ඔයාලා වෙනුවෙන්ම..

_මන් ටේහ්‍යුන් _

End of the P.O.V.

~~~~~~~~~~

උත්තර දෙන්නම් මාත්..

මන් කොහොමද දන්නවද ඒක කලේ..

ඔයාලා දන්න ඇත්ත ටේ හ්‍යුන් ඉන්නවා නේද..? ඇත්ත ලෝකෙ.. එයාගෙ ගති ගුනයි මේ වින්ටර් බෙයා ඇතුලෙ හිටපු ටේ හ්‍යුන්ගෙයි වෙනස බලන්න.. හරි.. මන් පිලි ගන්නවා.. මේක ප්‍රබන්දයක් විතරයි තමයි.. ඒ වුනත් මන් හිතනවා මන් ඔයාලට දෙන්න හදපු දේ ඔයාලා හරියට තේරුම් ගන්න ඇති කියල මාව වැරදියට තේරුම් නොගෙන.

නැද්ද..?

ටේ හ්‍යුන් ඔයාලට කිව්වා නේද එයාගෙ චරිතේ දිගේ ඇවිදින්න කියලා..

ඉතින් එහෙම ඇවිදගෙන ගියපු ඔයාලා එකම එක දෙයක් හරි ජීවිතේට ගත්තා නම් මන් සාර්තකයි.

~~~~~~~~~~~

අන්තිමට ඒ කොලේ ලියවිලා තිබුනා..

Sleep like a Winter Bear කියලත්..

එකපාරක් නෙවෙයි දෙපාරක්ම..

~~~~~~~~~~

" මියන්හේ ඔන්නි. මන් කලින් ටිකක් කලබල වුනා.."

" අනේ.. මට මියන්හේ කියන්නෙපා.. කෝ.. කමුද..? මට ඔයත් එක්ක එකට කෑම කන්න ඕනි.."

" ඔන්නි.. දැන් ගොඩක් හවස් වෙලා.. ඔයා කෑවෙ නැද්ද..?"

" නෑ.. මන් ඔයා නැගිටිනකල් හිටියා අහි.."

" අනේ.. ඔයා කන්න එපැයි.. අනිත් එක මට ටැබ්ලට් නිසා වැඩියෙන් නින්ද යනවා.. ඇයි බලන් හිටියේ ඔයා.."

" අම්මෝ අම්මෝ... ඔයා අර ජිනී වගේම ප්‍රශ්න කෝච්චියක්නෙ.. මේ.. මන් ඔය ටිකට පස්සෙ වෙලාවක කෝපි එකක් බොන ගමන් උත්තර දෙන්නම්.. ඊට කලින් අපි කාලා ඉමු.. ඔයාගෙ ලොකු ඔප්පා ඔයාටම කෑමත් හදලා එවුවා.. අනිත් එක ඔය චූටි අමුත්තට දැන් හොදටම බඩගිනිත් ඇති.."

" ම්ම්.. කමු.."

අහින්සා සිහිය නැතිවෙලා ආපහු නැගිට්ටෙ ආපහු සන්සුන් වෙලාමයි.

ජින් හ්‍යුන්ගෙ ඔන්නියි, අහින්සයි, එලීසයි දැන් එකට ඉන්නෙ.. තුන් දෙනාම එකතු වුනාම පිස්සන් කොටුව වගේ.. අහින්සා තේරුම් ගත්තා ටේ හ්‍යුන් එනකල් එයා ඉවසගෙන බලන් ඉන්න ඕනි කියලා. එයා තවත් ඇඩුවෙ නෑ. මන් දන්නෙ නෑ එයා ඇඩුවෙ නැත්තෙ අඩන්න කදුලු නැති නිසාද, එහෙම නැත්නම් දුකක් නැති නිසාද කියලා.. කොහොම වුනත් එයා ඇඩුවෙ නම් නෑ..

ටේ හ්‍යුන් හැමදාම වගේ අහින්සට කෝල් කලා. ඒ දෙන්නා ඇත්තටම ලස්සනට හිටියා. ඒ කතා කරපු එකම වචනෙකවත් කවුරුත් කාගෙවත් හිත රිද්ද ගත්තෙ නෑ..

අහින්සා දිනලා..

මොකද එයා ලස්සනට ටේ හ්‍යුන්ට ඉවසීම පුරුදු කරලා. ඉවසීම විතරක් නෙවෙයි, තව ගොඩක් දේවල්..

කුකීට කිසිම දෙයක් දැන ගන්න තියන්නෙ නැතුව ජින් හ්‍යුන් අනිත් හැමෝටම අහින්සා ගැන කිව්වා.. ප්‍රශ්නෙ කොච්චර බරපතල වුනත් නම්ජුන් හ්‍යුන් කිව්වෙ එක දෙයයි.. කිසිම දෙයක් කරන්නෙපා. කාලයට ඉඩ දෙන්න කියලා..

එලීසා කුකීට ගොඩක් අමාරුවෙන් තවමත් හැමදේම හන්ගන් ඉන්නවා..

ජිමින්.. පාක් ජිමින් මොකක්ද කලේ..

එයා ඒක අහපු විනාඩියේම අහින්සා ලගට ගිහින් සමාව ගත්තා. කොච්චර හරි.. එයාට ආපහු හැරෙන්න කියලා කියපු තීරනේට පවා සමාව ඉල්ලුවා.. ඒක බලන් ඉන්න පුලුවන් දෙයක් නෙවෙයි.

පාක් ජිමින් අඩනවා කාටද බලන් ඉන්න පුලුවන්.

ඒ වුනත් කිසිම කෙනෙක් එයාගෙන් සමාව ගත්තෙ නෑ.. මොකද එයා කරපු දේට එයා සමාව ගන්න ඕනි.. මොකද එදා වුනේ හැරෙන්න කියලා කියනවට වඩා හැරෙන්න කියලා කරපු බල කිරීමක්..

" ඔප්පා.. දැන් ඒ සේරම අමතක කරන්න.."

" ඔයා ඔහොම කතා කරන්නෙ කොහොමද අහින්සා.. ඇයි මට ගහන්නෙ නැත්තෙ.. ඇයි මට වයිර කරන්නෙ නැත්තෙ.."

" ජිමින් ඔප්පා.. එහෙනම් ඔයා අඩලා ඉවර වෙලා මන් ලගට එනකෝ.. මට ඔයාට ටිකක් කතා කරන්න ඕනි.."

" කියන්න අහින්සා.."

" දැන් මොකක්ද කියන්නකො ඔප්පට තියන ප්‍රශ්නෙ..?"

"ඇයි මට ගහන්නෙ නැත්තෙ.. ඇයි මට වයිර කරන්නෙ නැත්තෙ අහින්සා.."

" හරි.. ඔයා වැරැද්දක් කලා ඔප්පා.. එතකොට දැන් ඒක වෙලා ඉවරයි.. මන් ඔයාට ගහනවා නම් මන් ඔයාට වයිර කරනවා නම්.. මේ සේරම ප්‍රශ්න දැන් නැති වෙනවද..?"

" අහි.."

" කියන්නකො.. මගේ මේ අසනීපෙ.. එදා ටේ ඔප්පා මට ගහපු එක.. ඒ වුන හැම හිත් රිදවීමක්ම වගේ නැති වෙනවද මන් දැන් ඔයාට ගැහුවා නම් හරි වයිර කරා නම් හරි..?"

" අහි.."

" ඔව්ද..? නැද්ද..?"

" නෑ.."

" එහෙනම් චේබල්.. මට ගිහිල්ලා අර ටේ ඔප්පා එවලා තියන බෑග්ස් වලින් එකක් ගෙනත් දෙන්නකො.. එතන බෑග්ස් පනස් ගානක් තියනවා කීව නිසා මන් කිව්වා එලීසට තනියෙන් උස්සන් එන්නෙපා කියලා.. දවසට එක ගානෙවත් බලන්න වෙයි මොනාද ඒ කියලා.. කන දේවල් කිව්වා නේද..? දන්සලක් දාන්නද දන්නෑ එයා ඒ ටික එවුවෙ..?"

" අහින්සා ඔයා කතාවෙන් පිට පනිනවා.."

" මේ වීල් චෙයා එකක් උඩ ඉන්න මට මොන පැනිලි ද ඔප්පා.. ඔයා මෙතන මොනා කියවනද මන්දා.. ලෝකෙ වටේ ගිහින් ආවා.. මට මොකුත්ම ගෙනල්ලා නෑ.. බලන්න.. ටේ ඔප්පා බෑග්ස් පනස් ගානක්ම එවලා කන්න දේවල් විතරක්.."

" අහි.."

" පොඩ්ඩක් ඉන්න.. එයා මට මෙහෙම කන්න එවුවෙ චූටි අමුත්තා ගැන දැනගෙනවත් ද..?"

" අහි.."

" යාහ්.. කොටෝ.. තමුන් තාම ඔතනද.. මට ගෙනත් දෙනවා අර බෑග්ස් වලින් එකක්.. පේන්නෙ නැද්ද.. මේ පිස්සු කෝච්චිය මට පයින් ගහනවා චොක්ලට් කන්න ඕනි කියලා.."

" ආ චින්චා.. මේ කෙල්ලට දෙයක් කියනවට වඩා හොදයි.."

" යාහ් තමුන් යනවද නැද්ද..?"

" කෑ ගහන්නෙපා.. මේ යනවා.."

විනාඩියකට හිතලා බලන්න.. ඔයාලා අඩන වෙලාවට ඇයි අඩන්නෙ කියලා.. ඔයාට පුලුවන් නම් ඒ සිදුවීම අඩලා හරි ගස්සන්න.. මැරෙනකල් හරි කමක් නෑ අඩන්න.. ඒත් එහෙම දෙයක් වෙන්නෙ නැත්නම්.. මුලු ලොකයක් ඉස්සරහ ජීවිතේට අඩන්න හිතන්නවත් එපා.. මොකද එතකොට ඔයාට ලැබෙන නම එච්චර ලස්සන දෙයක් නෙවෙයි..

ඒ වගේම කෙනෙකුට වයිර කරන්න කලිනුත් හිතන්න එහෙම වයිර කලොත් තමන්ට වුන වැරැද්ද හරි ගැස්සෙනවද කියලා.. එහෙම වෙනවා නම් විතරක් වයිර කරන්න.. නෑ.. කවමදාමත් එහෙම වෙන්නෙ නෑ..

( අන්තිම වතාවට අහන්නෙ.. අර මන් බොන දාර්ශනික පෙත්ත ඔයාලට ඕනිද 🙂)

~~~~~~~~~~

" ටේ හ්‍යුන් එයාට බර්ත්ඩේ එකට අනිත් අයට කෙසේ වෙතත් අහින්සට නම් හොද තෑග්ගක් දීලා වගේ.." හෝබි හ්‍යුන් කඩාපාත් වුනේ ටේ හ්‍යුන්ගෙ බර්ත් ඩේ එක පහුවෙලා දවසකට පස්සෙ..

" ඇයි ඔප්පා.."

" කෝ තමුසෙගෙ ෆෝන් කට්ට.."

" හපොයි.. දන්නෑනෙ.."

" දෙන්න හිතෙනවා.."

" අනේ ඉතින්.. ඇයි කියන්නකෝ.."

" YouTube Update එක බලන්න.. අලුත් Solo MV එක එයා එහෙදි release කරලා.."

" මොකක්..?"

New released : BTS Solo, WINTER BEAR MV by V

Description

Actor : V

Director : V

Production of Film : Contents Creative @Big Hit Ent.

*Original Track : Winter Bear – V

....

She looks like a blue parrot

Would you come fly to me

I want some good day good day good day

Good day good day

Looks like a winter bear you sleep so happily

I wish you good night good night good night

Good night good night

Imagine your face say hello to me

Then all the bad days they are nothing to me

With you

Winter Bear..

Sleep like a Winter Bear

Sleep like a Winter Bear

~~~~~~~~~~

" වාව්.. මේකෙ ලස්සන.. අනේ එයා කොච්චර දක්ශද..?"

" යාහ්.. අඩන්නෙපා.. මේක එයාගෙන් ඔයාට ලැබුන තෑග්ග.."

" ලග හිටියා නම්.."

" ඉක්මනින් එයි.. තව සතියකින් විතර නන්ගා.."

" ම්ම්.. බලන් ඉන්නවා මන්.."

" කවදහරි ලස්සනට ජීවත් වෙන්න.. දෙන්නත් එක්කම.."

" ..."

" එයා කියනවා වගේ ඔයා එයාගෙ වින්ටර් බෙයා.. කවදහරි එයත් ඔයාගෙ වින්ටර් බෙයා වෙනකල් කැපවෙන්න.. එදාට දෙන්නම සම්පූර්නයි.."

" හෝබි ඔප්පා.."

" ම්ම්.."

" කුමාවෝ හැමදේකටම.."

" ම්ම්.."

~~~~~~~~~~

' පැටියෝ.. තව චුට්ට දවසයි.. ඔයාගෙ අප්පා එනවා ඔන්න..'

' මට ඕනි නෑ ඔම්මා.. අපි දෙන්නා විතරක් ඇති..'

' ඒ මොකද පැටියෝ..'

' මෙච්චර කල් නැති අප්පා දැන් ඇයි ඔම්මා..'

' ම්ම්.. ඔයාට ඒක එලියට ආවම තේරෙයි චූටි පැටියෝ.. අප්පා ඔය කැපවෙන්නෙ ඔයා වෙනුවෙන්මයි..'

' හුම්..'

' පිස්සු කෝච්චිය..'

~~~~~~~~~~

ටේ හ්‍යුන් ජුවෙලරි ශොප් එකෙන් එලියට ආවෙ එයා තෝරපු ලස්සනම ඩිසයින් එකේ කපල් රින්ග්ස් දෙක පැක් කරගෙන.. ඔව්.. එයා හිතන් ඉන්නෙ ඊලග සතියෙ කොරියාවට ගිය ගමන් අහින්සට ප්‍රපෝස් කරන්න..

තව සතියයි..

ඊට පස්සෙ එයා අහින්සා ලග..

එයාගෙ ඇස් වලින් පවා පෙනුනා එයාගෙ සතුට. ඒ ඇස් කොහොමත් ලස්සනයි තමයි.. ඒ වුනත් ඒ ඇස් දිලිසෙන කොට ඊට වඩා ගොඩක් ලස්සනයි.. ඒ දිලිසෙන්නෙ සතුටට නම් වචනෙන් කියන්න බැරි තරම් ලස්සනයි..

ඉතින්..

තව සතියකින් ඒ සතුටෙන් දිලිසෙන ඇස් වලට මොනා වෙයිද..

සතියක් කියන්නෙ කොච්චර දිග කාලයක්ද..?

දිග නෑ කියලා හිතෙනවා නම් ගාන හදලා බලන්න සතියකට තත්පර කීයක්ද කියලා.. එතකොට ඔයාලට තේරෙයි.. ඇත්තටම සතිය දිගයිද නැද්ද කියලා..

~~~~~~~~~~

" අද මොකද මේ කට්ටියම මෙතන.."

" කට්ටියක්.. කට්ටියක් කවුද..? මමයි ඔන්නියි ජින් ඔප්පයි, ජිමිනි ඔප්පයි විතරයිනෙ ඉන්නෙ.."

" හරි ඉතින්.. හතර දෙනෙක් ඉන්නවනෙ.."

" ඇයි දැන් අපිට එන්න බෑ කියලද තමුන් කියන්නෙ.."

" කෑ ගහන්නෙපා කොට ඔප්පේ.."

" හා හරි හරි.. ඔන්න මන් ෆිශ් කේක් ගෙනවා.. මමමයි හැදුවෙ.. ෆිශ් කේක් වලට එක්කෙනෙක් පෙරේත වෙලා කියලා මට එලීසා කිව්වා.." ජින් හ්‍යුන් වීදුරු පිහදාන හිනාව හෙමින් දැම්මා.

" ආපෝ.. මට දැන්නෙ තේරුනේ.. මෙයාලා ඇවිත් තියන්නෙ මගෙ ෆිශ් කේක් වලට වැඩේ දෙන්න.. අයියෝ අයියෝ.. කියන තැනකට වදින්නම්.. ඔයාලා අද එලියෙන් කන්න.. මට ඔය ෆිශ් කේක් ටික දීලා.."

" යකෝ මේකි වගේ එකෙක්.. මෙතන තියනවා කප්ස් පහක්.. හැමෝටම ඇති වෙන්න නෙවෙයි වැඩි වෙන්නත් එක්ක තියනවා.." ජිම්න් කෑ ගැහුවා.

" නෑ නෑ.. ඔයාලා මන් කන විදිහ දන්නෙ නෑ.. අනේ. මගේ ෆිශ් කේක් ටික ඔයාලා ගත්තොත් මන් නඩු දානවා.. දෙයියනෙ.. මන් මේ ඇත්තමයි කියන්නෙ.."

" මනුස්සයෝ මෙතන කප්ස්.."

" අනේ දෙවියනේ.. මගේ ෆිශ්කේක්ස් වලට ඉන්න දෙන්න.. අනේව්.."

" බුදුඅම්මෝ.. ආ ආ.. නලියන්නෙ නැතුව කනවා සේරම.. කිකිලියක් වගේ නටන හැටි.."

" බ්ලා බ්ලා තමා.."

අහින්සා ලගට බැන බැනම ෆිශ් කේක් කප්ස් පහම ගෙනින් තියපු ජිමින් චොප්ස්ටික් එක්ක හැන්දයි වතුරයි තියලා ගිහින් ටීවී එක දැම්මා..

අහින්සාට ෆිශ් කේක් පිස්සුව හැදිලා..

" තමුසෙ ඉතින් ඕක ගිල ගිල ඉන්නවා.. අපි පිට්සා හරි ඕඩර් කරන්නම්.." ජිමින් එහෙම කියන ගමන් චැනල් මාරු කලා..

" ඉන්න.. මන් ඕඩර් කරන්නම් පිට්සා.." ජින් හ්‍යුන්ගෙ හනී එහෙම කියලා හිනාවුනා.

" ඔන්නි.. මට පිට්සා දෙකක් ඕනි.."

" යාහ්.. අහි ඔන්නි.. ඔයාට වමනෙ යයි ආපහු.." එලීසා කෑ ගැහුවා.

" කමක් නෑ.. මට ඕනිමයි.."

" හරි හරි.. ගේන්නම්.. ඔය ටික හිර කර ගන්නෙ නැතුව කාලා ඉන්නකො ලමයො.."

~~~~~~~~~~

" අර ටේයොනා නේද පෙන්නුවේ ජිමින්.."

ජින් හ්‍යුන් එකපාරටම කෑ ගැහුවෙ ජිමින් අතින් ඉක්මනින් මාරු වෙලා තිබ්බ චැනල් එකක අහම්බෙන් ටේ හ්‍යුන් ඉන්නවා දැකලා.

" අහ් ඔව් නේද..? ඉන්න හ්‍යුන්.. මන් දාන්නම් ආපහු.."

' දකුනු කොරියාවේ ප්‍රදානම පොප් සංගීත කන්ඩායම වන BTS සංගීත කන්ඩායමේ සාමාජිකයෙක් වන කිම් ටේ හ්‍යුන් මේ වන විට ඔහුගේ ජන්ම දින ව්‍යාපෘතිය සදහා චීනයට පැමින සිටී.. දැන් එම ව්‍යාපෘතිය අවසන් වී අතර චීනයේ ගත කරන් අවසාන සතියේදි ඔහු විවිද රසික හමු වලට සහභාගි වෙයි. ඒ අතර ඔහුගේ පෙම්වතිය හමුවීමට ඔහු නිතර නිතර වේලාව වෙන් කර ඇති බවටත් කැමරා ඇසට වාර්තා වී ඇත. ඇගේ පෙම්වතිය චීනයේ තරුනියක බවත් ඇයට යුගල මුදු මිලදී ගැනීමට පවා කිම් ටේ හ්‍යුන් චීනයේ ඇති විශාලම සහ මිල අදිකම ආබරන වෙලදසැල වෙත ගොස් ඇති බවටත් ඔවුන් පවසා සිටියි. මුලු ලොවක් දැකගැනීම සදහා පෙරුම් පුරන ඔහුගේ පෙම්වතිය ඔහු සමග සිටින අපැහැදිලි චායාරූප පෙලක් දැන් අප ඔබ වෙත..'

.

" ස්ලාං .."

.

" අහින්සා.. කතා කරන්න.."

" අහි.. ඔන්නි.."

" ජිමින්.. ඔප්පට එන්න කියන්න.. එයාට ආපහු සිහිය නැතිවුනා.."

________________________________

Cover by :-Ishi jeon
Tnqqqqqqqq so much Akki ❤️

අවසන් කොටසින් හමුවෙමු..

A_Shee ~

Fortsett å les

You'll Also Like

73.6K 10K 37
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
4.9K 1.4K 11
♦️අවසානයේදී~~ ඔවුන් කෙසේ හෝ මා විනිශ්චය කරයි.. ඉදින් කෙසේ වුවත්... ? 🃏 🚫🚭⚠️️ Kim Seokjin FanFiction BTS FanFiction Just FanFiction
10.9K 2.2K 14
" ගොඩක් වෙලාවට අපි හැමෝම හිතනවා අපි ප්රාර්ථනා කරන දේවල් අපට ලැබෙන්නේ නෑ කියලා. ඒත් අපිට අපේ හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න පුලුවන් නම් අපේ හීන හැබෑ ව...
162K 26.9K 36
ආදරය වෛරය හමුවේ.... නපුරු නායකයෙකුගේ... හිත හොරාගත්.... ආත්ම සහකාරිය... You Are My Destiny....🖤