WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_42nd Winter_

564 150 174
By A_Shee1

_Winter Bear_ ( Fan Fiction Only )
හතලිස් දෙවැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" ලොව සුප්‍රසිද්ද පොප් සංගීත කන්ඩායමක් වන BTS සංගීත කන්ඩායමේ වාර්ශික ලෝක ප්‍රසංග සවාරිය ආරම්බ කිරීම සදහා ඔවුන් අද පස්වරු 7.50 පවුද්ගලික් ගුවන්යානයෙන් පිටත් වුනා.. මෙවර මාස දෙකකට අදික කාලයක් එම ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවටයි ඔවුන්ගේ ආයතනය අප සමග වැඩිදුරටත් පවසා සිටින්නේ.."

" BTS සංගීත කන්ඩායම මෙවර සහබාගි වන ලෝක ප්‍රසංග සවාරිය මාස දෙකකට.."

" බිලිබෝඩ් වාර්තා පිට වාර්තා පිහිටුවමින් සංගීත ගමනින් මුලු ලොවක්.."

" ඩයිනමයට් ගීතය සදහා වැඩිම දර්ශන වාර.."

" දකුනු කොරියාවෙ ප්‍රදානම විදේශ විනිම.."

හැම රූපවාහිනියකම වගේ ප්‍රදාන ප්‍රවෘත්තිය වුනේ BTS World Tour එක. මේ පාර ඒක ගොඩක්ම විශේශ වුනේ මාස දෙකකටත් වඩා වැඩියෙන් තියන්න කටයුතු සූදානම් කරලා තිබුන නිසා.

අහින්සා ටීවී එක ඕෆ් කරලා ඇදට ආවා. එයාට පුදුම විදිහට පාලුයි.. ටේ හ්‍යුන් එයාගෙ හැමදේම අරන් ගිහින් වගේ එයාට දැනුනෙ. හැම තැනම තිබුනෙ හිස් බවක්..

මාස දෙකක්..

ඒ ආදරේ නැතුව ඉන්න..

කමක් නෑ.. මේ දේවල් වලටනෙ කැපවීම කියන්නෙ..

අහින්සා එහෙම හිතලා හිත හදා ගන්න හැදුවත් මන් හිතන්නෙ නෑ ඒක සාර්තක වුනා කියලා.

~~~~~~~~~~

" මේ අහන්න.. පුලුවන් හැම වෙලාවෙම මන් ඔයාට කෝල් කරනවා මැනික.."

" ම්ම්.. මන් බලන් ඉන්නම්.. මන් හැමවෙලාවෙම ඔයාට මැසේජ් එකක් දාන්නම් ඔප්පා.."

" ම්ම්.. අඩන්නැතුව ඉන්නවා නේද..?"

" ප්‍රොමිස්.. මන් අඩන්නෙ නෑ ඔප්පා.. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනි.. තේරුනා නේද..?"

" ම්ම්.. මාත් ප්‍රොමිස් වෙන්නම් පරිස්සමෙන් ගිහින් එන්න.."

" ම්ම්.. වෙලාවට කෑම කන්න.. ලෙඩ හදා ගන්නෙපා.. ප්‍රැක්ටිස් කරන්න කියලා ගොඩක්ම මහන්සි වෙන්නෙපා. පුලුවන් හැමවෙලේම රෙස්ට් කරන්න.."

" ම්ම්.."

" එහෙනම්.. පරිස්සමෙන් ගිහින්.. ඔයාගෙ ආර්මිලාට සතුටක් එක්ක ලස්සන හිනාවක් දීලා එන්න.. මන් බලන් ඉන්නවා.."

" ම්ම්.."

" ලස්සනට පර්ෆෝම් කරන්න.. වරද්දන්නෙ නැතුව ප්‍රැක්ටිස් කරපු විදිහටම.."

" ම්ම්.."

" මන් ගැන හිතලා බය වෙන්න එපා.. මන් ඔයාට පොරොන්දු වෙනවා මන් ඔයා එනකල් පරිස්සම් වෙනවා කියලා.."

" අනේ මැනික.."

" බලන්න ඉතින්.. මේ යන වෙලේ අඩන්න ලෑස්ති වෙන්නෙපා.. චේබල්.."

" ඒ වුනත්.."

" හැබැයි ඔයා ඇඩුවොත් මාත් අඩනවා.."

" හරි.. මන් අඩන්නෙ නෑ.. ඔයා මන් එනකල් අඩන්නෙපා පොඩ්ඩක්වත්.."

" ඕකේ.. මන් ප්‍රොමිස් වෙනවා.."

" මන් එනකොට මගෙ මැනික සනීප වෙලා ඉන්න ඕනි සම්පූර්නයෙන්ම.. ම්ම්.."

" ඔව්.. මන් සනීප වෙලා ඉන්නම්.."

" ම්ම්.."

" කෝ.. දැන් යන්න.. අර ඔප්පලා බලන් ඉන්නවා ඔයා එනකල්.."

" අනේ.. තව විනාඩියක් මෙහෙම ඉන්න දෙන්න.."

ටේ හ්‍යුන් කිව්වෙ අහින්සව පපුවට තවත් තුරුලු කරගෙන.. අහින්සා ටේට පේන්න නැතුව එයාගෙ කදුලු පිහදා ගත්තා.

" මන් යන්නම් එහෙනම් මැනික.."

" ම්ම්.. පරිස්සමෙන්.."

" ඔයත්.. බායි අහින්සා.."

" ඔප්පා.."

" ම්ම්.."

" සරන්හේ ඔප්පා.."

~~~~~~~~~~

ඒක ඈත්වීමක් නෙවෙයි තමයි.. ඒ වුනත් ඒක වෙන්වීමක්.. ආදරේ කරන දෙන්නෙකුට ඇත්තටම ඒක දරා ගන්න අමාරු දෙයක්..

ඒ නිසාම ඒ වගේ වෙන්වීමක් ගොඩක් ආදරනීය කරන්න හොද නැ. මොකද ඒ මතකය හැම වෙලේම වේදනාත්මක වන නිසා..

මේ සේරම අහින්සට මේ මතක් වෙන කී වෙනි පාරද.. ජිමිනි හ්‍යුන් එයාව බදාගෙන " පරිස්සම් වෙයන් මගෙ නන්ගි.." කියපු විදිහ..

කුකී.. හොදම යාලුවා.. " එලීටත් වඩා මට ඔයාව මිස් වෙයි අහින්සා" කියපු විදිහ.

ජින් හ්‍යුන් අඩපු විදිහ..

"මන් ආපහු එනකල් උබට මැරෙන්න බෑ.." කියලා අනු කනෙන් ඇදපු විදිහ.

ඒ හැමදේම හරි ලස්සන මතකයන්..

ලස්සන වුනත්.. වේදනාත්මක මතකයන්..

මේ හැමදේම, ටේ හ්‍යුන් නැති අඩුව.. ඇත්තටම අහින්සට දරා ගන්න පුලුවන් දේවල් වෙන්න තිබුනා. මොකද එයාට ඒ දේවල් එච්චර ගානක් නැති නිසා.

ඒ වුනත් එහෙම පුලුවන් වුනේ නෑ එයාට..

මොකද එයාගෙ මෙඩිකල් රිපෝට්ස් ආපු නිසා..

ටේ ඔප්පා..

මට ඔයාව ඕනි ඔප්පා..

අහින්සා එහෙම හිතන ගමන් කොට්ටෙත් බදාගෙන අඩන්න ගත්තා..

ඔයා ගිහින් පැය තුනක්වත් නෑ තාම..

අනේ..

ඒ වුනත් මට ඔයාව ඕනි..

මන් ලගට එන්නකෝ..

අහින්සා අඩනවා.. එයා ලග එයා සනසන්න කවුරුත්ම නෑ.. මොකද දැන් එයා ඉන්නෙ හොස්පිට්ල් එකේ එයාගෙ ක්වාටස් රූම් එකේ.. අහින්සා ටේ හ්‍යුන් ගිය ගමන් නැන්දලගෙ ගෙදර ඉන්නෙ නැතුව හොස්පිට්ල් එකට ආවා. මොකද එයාට නැන්දලගෙ ගෙදර ඉදන් වැඩට එන එක පවා ගොඩක් අමාරු දෙයක් වෙලා තිබුනෙ.. ඒ නිසා කෙල්ල ටේ හ්‍යුන් යනකල් ඉදලා ඇවිත් හොස්පිට්ල් රූම් එකේම නැවතුනා.

Ahinsa's P.O.V.

" මන් යන්නම් එහෙනම් මැනික.."

" ම්ම්.. පරිස්සමෙන්.."

" ඔයත්.. බායි අහින්සා.."

" ඔප්පා.."

" ම්ම්.."

" සරන්හේ ඔප්පා.."

මට ඔයාට ඒ වෙලාවෙ කියාගන්න පුලුවන් වුනේ එච්චරයි.. මට කියා ගන්න ඕනි වැදගත්ම දේ මට ඔයාට කියා ගන්න බැරිවුනා ඔප්පා.. නෑ.. කියා ගන්න බැරිවුනා නෙවෙයි.. මන් කිව්වෙ නෑ. මන් කොහොමද ඔයාට ඒක කියන්නෙ..

ඇත්තටම මට බෑ මේක දරා ගන්න..

ඔප්පා..

ඔයා දන්නවද මට කියාගන්න ඕනි වුන දේ..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නෙ ටේ ඔප්පා..

.

බොරු නෙවෙයි..

මන් ඒ ගැන දැන ගත්තෙ අද උදේ..

දැන් ඒ චූටි අමුත්තට මාසයක්ලු..

ඉතින් ඔයා මේක දැන ගත්තම පිස්සෙක් වගේ සතුටු වෙයි නේද ඔප්පා..

සමහර විට නැතිවෙයිද..?

දන්නෙ නෑ..

චූටි අමුත්තෙක් ගේන්න තරම් අපි ලග සූදානමක් නෑ නේද ඔප්පා..

අඩුම තරමෙ තාම එයාට නීතියෙන් අප්පෙක්වත් නෑ..

නෑ නෑ..

මන් දන්නවා ඔයා එයාව සතුටින් පිලි ගන්නවා කියලා..

නේද..?

ඔව්.. ඔයා ගොඩක් සතුටු වෙයි..

ඒ වුනත්..

ඔයා හිතනවද මන් ඒකට සතුටු වෙයි කියලා..

නෑ..

මට ඕනි ඔයාට වයිර කරන්න..

හේතුව දරුවා ඔයාගෙ වුන නිසා කියලා හිතනවද..?

ඔව්..

මන් ඔයාට වයිර කරනවා කියලා කිව්වා නම් ඔයා අනිවාරෙන් එහෙම හිතනවා. මන් දන්නවා. ඔයා එහෙම හිතයි..

ඒ වුනත් එහෙම නෙවෙයි..

මන්..

නෑ මාව..

මාව..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

මාව පැරලයිස් වෙලා.. ඒකයි මට ඇවිදින්න බැරි..

.

.

.

.

කවුරුත් මන් කිව්ව දේට පුදුම වෙන්න ඕනි නෑ. මොකද මන් කියන්නෙ බොරුවක් නෙවෙයි. ටේ ඔප්පා යන දවසෙ උදේ මට හම්බුනේ ඒ රිපෝට්ස් දෙක. එකක තිබුනෙ මන් ප්‍රෙග්නට් කියලා. අනිත් එකේ තිබුනෙ මේ දේ.. මේක අමුතු දෙයක් නෙවෙයි. මාත් මුලින්ම හිතන් හිටියෙ මගේ කකුල් වලට ඩැමේජ් වෙලා නිසා තමා මාව වීල් චෙයා එකක තිබ්බෙ කියලා. ඒක වැරදි නෙවෙයි. ඒකත් හරි.. ඒ වුනත් දැන් මන් ඇවිදින්න ඕනි.. මොකද මගේ කකුල් වල ඩැමේජස් ගොඩක් අඩුයි. ඒත් මට ඇවිදින්න බැරි වුන නිසා තමා මන් මේ ගැන හොයලා බැලුවෙ. රිපෝට් එන්න කලිනුත් මට මේ දේ ලාවට වගේ තේරුන නිසා තමා මන් තාමත් මගේ කකුල් සනීප නෑ කියලා හැමෝටම පේන්න බැන්ඩේජ් දාන් හිටියෙ. ඉතින් මට ඒ දැනුන දේ ඔප්පු වුනේ ඊයෙ රිපෝට් එකෙන්.

පැරලයිස් කියන්නෙ අංශභාගය. සාමාන්‍ය ව්‍යවහාරෙ නම් ඒ ලෙඩේ කියන්නවත් දෙන්නෙ නෑ. මොකද එච්චරම නපුරු ලෙඩක් විදිහට මිනිස්සු ඒක සැලකුවෙ. මට ඒක වෙලා තියන්නෙ ලොකු බරක් සුෂුම්නාව උඩට වැටුන නිසා. මොනා වුනත් කවුරු මොන දේ කිව්වත් මන් සතුටු වෙනවා. මොකද දන්නවද..? ඒක තව ටිකක් ගැබුරට වැටුනනම් දැනටමත් මන් සදහටම ඇදට වැටිලා. ඉතින් ඇත්තටම මන් ඒකට සතුටු වෙන්න ඕනි නේද..?

නෑ නෑ.. මට ගොඩක්ම අමාරු නෑ. පැරලයිස් වල මුල්ම ස්ටේජ් එක. ඒක සනීප කරන්න පුලුවන්. ඒ නිසා බය වෙන්නෙපා.

ඒ වුනත්..

ඒ වුනත්..

.

.

.

.

මන් දැන් අම්මා කෙනෙක් වෙන්න යන්නෙ..

ඉතින්.. මන් කොහොමද සනීප වෙන්නෙ..

පැරලයිස් වෙලා ඇවිදින්න බෑ කියන්නෙ තුවාලයක් වෙලා කියන එක නෙවෙයි.

මගේ ඉනෙන් පහල කොටස පන නැති වෙලා කියන එක..

ඔයාලට මන් තරම් දැනුමක් නෑ තමයි. ඒ වුනත් මන් හිතනවා ඉතුරු ටික ඔයාලට තේරෙනවා ඇති කියලා.

.

දැන් මගේ ජීවිතේ තියන්නෙ අනතුරේ..

කෙලින්ම කිව්වොත් මගේ අසනීප තත්ත්වය ලැබෙන්න ඉන්න දරුවට බලපාන්නෙ නෑ.

ඒත් මට..

නෑ.. තව කියන්න ඕනි නෑ.

මන් හිතනවා ඉතුරු හැමදේම ඔයාලා තේරුම් ගනියි කියලා.

End of the P.O.V.

~~~~~~~~~~

මුලු ලෝකෙම ප්‍රදානම මාතෘකාව තමා BTS World Tour එක. එයාලගෙ Concert tickets sale කරන්නත් කලින් විකිනෙනවා. දැන් ඉස්සර වගේ නෙවෙයි. ඊටත් වඩා එයාලගෙ ෆෑන් බේස් එක වැඩියි. එයාලා කැපවීමෙන් කරපු හැමදේකම වගේ ප්‍රතිපල දැන් තියනවා. ඒ කොන්සට් එකක් බලන්න ආසාවෙන් හිටියත් යන්න බැරි ගොඩක් පිරිසක් ඉන්න තරමටම දැන් එයාලගෙ ටිකට් එකක් ගනන්. ඒ එයාලගෙ කැපවීමට දක්ශතාවයට ලැබුනු හොදම දේ..

හැමදාමත් කියනවා වගේ ඒ idol life එක ලස්සන වුනේ පිටින් විතරමයි. ඇතුලෙ තිබුන ප්‍රශ්න, නිදහසක් නැතිවීම, හැමදෙයක්ම සීමා වීම.. ඔය එයාලට තිබුන ප්‍රශ්න වලින් දෙක තුනක් විතරයි.. අඩුම තරමෙ නිදහසේ ආදරේ කරන්නවත් එයාල්ලට බැරිවුනා. එයාලගෙ සම්බන්දයක් ගැන ප්‍රසිද්ද වුනොත්, එහෙම නැත්නම් කටකතාවක් පැතිරුනොත්.. එතනින් එයාට වෙන ඩැමේජස් ගැන හිතා ගන්නවත් බෑ..

මන් idol life එක ගැන ලොකුවට පැහැදිලි කරන්නෙ නෑ.. මොකද මන් දන්නවා ඔයාලා ඒ ගැන හරියට තේරුම් අරගෙන තමයි Army කෙනෙක් වෙලා ඉන්නෙ කියලා.

මන් කලීන් කිව්ව හැමදේකටම හොදම උදාහරණයක්..

අහින්සා වීනාවි..

ඔයාලට ඕනි නම් තවත් උදාහරනයක්..

එලීසා ග්‍රාන්ටේ..

කිසිම දේකින් අඩුවක් නැති ආදරේ කරන්න ඕනි හරිම වයසෙ ඉන්න දෙන්නෙක්ගේ ආදරේ මේ..

ඒ වුනත් එයාලා විදින දුක..

තමන්ගෙ ආදරේ හන්ගන්න ඕනි..

හැමවෙලේම වෙන්වෙලා ඉන්න ඕනි..

සමහර දවසට වචනයක්වත් කතා කරන්න හම්බෙන්නෙ නෑ.. ඒත් ඉවසන්න ඕඔනි..

අනිත් ගෑනු ලමයි එක්ක ඉද්දි ඉවසන්න ඕනි..

වැඩ ඉවර වෙලා ගෙදර එයි.. ඒ වුනත් එයාට කතා කරන්නවත් පන නෑ.. එතනත් ඉවසන්න ඕනි..

මන් මේ කිව්වෙ කොච්චර පොඩි දේවල් ටිකක්ද..?

කමක් නෑ..

ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න.. පොඩි දේටත් ඇස් වල කදුලු පුරවන් අඩන ඔයා ලග මෙහෙම කැපකීරීමක් කරන්න පුලුවන් තරම් ශක්තිමත් හිතක් තියනවද..?

එහෙනම් ඒත් එක්කම හිතලා බලන්න..

ඔයාට තව ජීවිතේ හදා ගන්න තියෙන දේවල් මොනාද කියලා.

~~~~~~~~~~

" මගෙ මැණික.. ඔයා හොදින් නේද..? ම්ම්..?"

" ඔව් ඔප්පා.. මන් හොදින්.. මේ ඒක නෙවේ.. ඊයෙ singularity performance එක ඔයාගෙ.. වාව්.. ඒක මාරම ලස්සනයි ඔප්පා.. යාහ්.. මට ඇඩුනත් එක්ක ඒකට.."

" යාහ්.. ඇත්තද කියන්නෙ ඔයා..?"

" ඇයි දෙයියනේ.. බොරු කිව්වම ඔයා මට මොනාද දෙන්නෙ..?"

" පනිශ්මන්ට්ස්.."

" යාහ් යාහ්.. කට වහ ගන්නවා.. මොනා කියවනද මන්දා.."

" අම්මෝ.. එක්කෙනෙක්ගෙ ලැජ්ජාව බලන්නකො.. ඔහොම නම් හරියන්නෙ නෑ මාත් එක්ක.."

" ඔප්පා.. මන් ඔහෙට ඇවිල්ලා ඔයාට ටොක්කක් ඇනලා යනවා.."

" අනේ ඒනම් එන්නකො මැණික.. ඔයා බැරිවෙලාවත් ආවොත් එහෙම මම ඔයාට යන්න නම් දෙන්නෙ නෑ.. ලගම තියාගෙන.."

" නවත්තනවා නවත්තනවා.. යාහ්හ්.. ඔප්පා.."

" හිහී.. ඇත්තනෙ කිව්වෙ.."

" ඇත්ත තමා.. ඔයා නරක් වෙලා ඔප්පා.."

හැමදාම විනාඩි පහක් හරි ලැබුනා ටේ හ්‍යුන්ට අහින්සට කතා කරන්න. ටේගෙන් කෝල් එකක් එනකොට අහින්සත් ගොඩක් වෙලාවට ෆ්‍රී වෙන්න තමයි ට්‍රයි කලේ. කෙල්ලට පුලුවන් හැමවෙලාවකම වගේ එයා ටේට මැසේජ් දැම්මා. මේ විදිහට ආපහු කිසිම වරදවා වටහා ගැනීමක් වෙලා වෙන් වීමක් වෙයි කියලා කාටවත්ම හිතන්න බැරි තරමටම එයාලගෙ ආදරේ පරිනත වෙලා තිබ්බා. මුලු ලෝකෙටම රහසක් වුනත් එයාලගෙ ආදර කතාව ඒ විදිහට ලස්සනට ලියවුනා.

~~~~~~~~~~

දැන් අහින්සා ඉස්සර වගේ නෙවේ. මූනෙ තිබ්බ ලස්සන පාට පවා නැතිවෙලා. ඇස් යට කලු පාට වෙලා. හැමවෙලේම එයාගෙ ඇස් වලින් පෙනුනෙ විඩාබර පෙනුමක්. උරහිස ලගට වෙන්න කොටට වුනත් එයාට කලින් තිබ්බෙ ලස්සන කොන්ඩයක්. දැන් ඒකත් වෙනස් වෙලා. කොන්ඩෙ පවා යන්න පටන් අරන්.

තාම චූටි අමුත්තට මාස දෙකක් විතරයි.. ඒ වුනත් චූටි අමුත්තගෙ අම්මට ගොඩක් අමාරුයි. ඉස්සෙල්ලටත් වඩා ඒ අම්මා වීල් චෙයා එක යූස් කරනවා වැඩියි. එක විනාඩියකට හිට ගත්තත් එක අතකින් ඉන අල්ලගෙන අනිත් අතින් ලග තියන බිත්තියක් අල්ලගෙන තමා එයා හිටියෙ..

ඒ අහින්සා ලග හිටියේ World most handsomeගෙ wifeගෙ දරුවා නෙවේ. World most handsomeගෙ දරුවා. ඔයාලා අමුතුවට බලන්න එපා. දරුවා ටේ හ්‍යුන්ගෙ වුනත් අහින්සා එයාගෙ කවුද කියන එක ඔප්පු කරන්න කිසිම සාක්ශියක් කා ලගවත් නෑ. අඩුම තරමෙ දරුවගෙ උප්පැන්නට දෙන්න නමක්වත්..

~~~~~~~~~~

හැම ආදර කතාවකටම ලස්සන අවසානයක් ඕනිද..?

හැම කතාවක්ම ලස්සනට ඉවර වෙනවද..?

නෑ..

කවුරු හරි එහෙම හිතන් ඉන්නවා නම් ඒක නිකන්ම නිකන් හීන ලෝකයක් විතරයි..

ඔයාලා දිගටම ඔහොම හිතුවොත් ඒ හීන ලෝකෙදි විතරක් නෙවෙයි.. මේ ඇත්ත ලෝකෙදි පවා ඔයා අතරමං වෙන්න පුලුවන්.. ඒ නිසා ඉක්මනින් එතනින් එලියට එන්න..

විශේශය මේකයි..

ලස්සන ආදර කතා මිනිස්සුන්ට ඉක්මනින් අමතක වෙනවා..

ඒත් වේදනාබර ආදර කතාවල් ඔයාලට හැමදාම මතක හිටිනවා..

උදාහරනයක් විදිහට කිව්වොත් ටයිටැනික්..

ඔයාලට තාමත් මතකයි ඒ ආදර කතාව..

ඒක දුකින් ඉවර වෙන දෙයක්..

ඒ වුනත් මන් පොඩි දෙයක් කියන්නද ඔයාලට.. ඒක ඔයාලා නොදැකපු පැත්තක්..

ටයිටැනික් ආදර කතාවෙ හිටියේ ජැක් එක්ක රෝස් විතරයිද..?

ඔයාලා හිතන්නෙ ඔව් කියලා නම් ඔයා ඉන්නෙ තාම හීන ලෝකෙක..

ටයිටැනික් බලපු දවසෙ ඉදන් විනාඩියකට හිතුවද එදා තව කොච්චර ආදර කතාවල් මුහුදු පතුලෙ සදහටම සැගවිලා යන්න ඇතිද කියලා..

සමහරවිට ආදර කතාවක එක්කෙනෙක් වෙරලෙ ඉදන් තාමත් තනියම මුහුද දිහා බලන් ඇති එයා එයි කියන බලාපොරොත්තුවෙන්..

සෝ..

විනාඩියකට ඔයාලා ඔය හිතන රාමුවෙන් එහාපැත්තටත් පොඩ්ඩක් හිතලා බලන්න..

ලෝකයේ යතාර්ථය තියන්නෙ ඔයාල ඔය දකින රාමුව ඇතුලෙ නෙවෙයි. රාමුවෙන් පිට..

( මොනාද යකෝමන් මේ කියෙව්වෙ.. 🥲 )

~~~~~~~~~~

" එහෙනම් හෙටත් ලස්සනට පර්ෆෝම් කරන්න ඔප්පා.."

" හරි මැනික.. ඔයත් පරිස්සමෙන් වැඩ කරන්න.."

අහින්සා ටේ හ්‍යුන්ට කතා කරලා ඉවර වෙලා ඇදේ වාඩි වෙලා හිටිය ඉරියව්ව වෙනස් කරලා හාන්සි වුනා. එයාට දැන් චුට්ට චුට්ට දැනෙනවා එයාගෙ චූටි අමුත්තව.. මාස දෙකක් විතරක් ගිහින් දරුවගෙ චලන දැනෙන්න.. මොන විකාරයක්ද ඒ.. එහෙම වෙන්න බැරිද ඇත්තටම.. ඒක නම් මන් හරියට දන්නෙ නෑ.. ඒ වුනත් එයාට ගොඩක් චලන දැනුනා..

ටේ හ්‍යුන්ලා තාම ඉන්නෙ ජැපෑන් වල.. එහෙ තමා එයාලට ලොකුම ශෙඩියුල් එක තිබුනෙ.. හැබැයි පොඩි වෙනසක් තිබුනා. ඒ තමයි එයාලට රෙස්ට් කරන්න වෙලාව පොඩ්ඩක් වැඩියෙන් ලැබුනා. මොකද ගොඩක් මහන්සි වෙලා හරියට පර්ෆෝම් කරන්න බැරි නිසාත්, හැමදේම ශෙඩියුල් කරලා පිලිවෙලකට වැඩ ටික වුන නිසාත් එයාලට ටිකක් රෙස්ට් කරන්න වෙලාව ලැබුනා. ඒ නිසා ෆෝන් එකෙන් හරි ලන් වෙන්න ආදරේ කරන අයට පුලුවන් වුනා.

ඇදේ හාන්සි වෙලා හිටියත් දැනෙන විඩාබර ගතිය නිසාම අහින්සට නින්ද ගියේ නෑ.. එකපාරටම එයාගෙ ෆෝන් එක රින්ග් වුනා ආපහු..

" ජිමින් ඔප්පා.."

" අහි.."

" අම්මෝ.. යන්තම් ඇති එක්කෙනෙකුට හරි මාව මතක් වෙලා.."

" යාහ් යාහ්.. පිස්සු විකාර කියන්නෙපා හරිද..? අපිට කතා කරන්න ඕනි වුනත් කොහොමද කතා කරන්නෙ..? අදාල එක්කෙනා ෆ්‍රී වෙලාවක් ආවොත් ෆෝන් එකේ එල්ලෙනවනෙ.. ඉතින් අපිට කොහෙන්ද කතා කරන්න වෙලාවක්.."

" ආ.. හරි හරි.. මන් තමා වැරදි.."

" අනේ අනේ මේ.. කතා කරපු වෙලේවත් රන්ඩු නොකර ඉමු.."

" හරි ඉතින්.. දැන් කවුද රන්ඩු කලේ.. හුම්.."

" මේ අහන්න අහි.. ඔයා හොදින්ද..?"

" මන් හොදින් ඔප්පා.. ඔයාට කොහොමද..?"

" මන් හොදින්.."

" ම්ම්.."

" දෙයක් කියන්න අහින්සා මන් ගත්තෙ.."

" කියන්න ඔප්පා.."

" මට පෙන්නන්න බෑ සාමාන්‍යෙන් බොරු කියන මිනිස්සුන්ව.."

" සෝ.. ඇයි ඒක එකපාරටම මට කියන්නෙ ඔප්පා.."

" කියන්නෙ.. හේතුවක් නිසා.."

" මොකක් හරි ප්‍රශ්නයක්ද ඔප්පා.."

" ඔව්.. ලොකු ප්‍රශ්නයක්.."

" කියන්න ඔප්පා.. මොකද වුනේ.."

" මන් තමුන්ට මේ හොදින් කියලා පටන් ගන්නෙ.. විශේශයෙන් බොරු කියන්නවත් බබා වෙන්නවත් ලෑස්ති වෙන්නෙපා.."

" ඔප්පා.."

" දැන් ඔයාට තියන ලෙඩ සේරම කියනවා මට.."

" යාහ්.."

" කියනවා ඉතින්.."

"මට තියෙන්නෙ තිබ්බ ඉන්ජරි එක විතරයි ඔප්පා.. ඇයි මන් බොරු කීයන්නෙ.."

" ඌප්ස්.. එහෙමද ස්පෙශලිස්ට් මැඩම්.. ඔයා ස්පෙශලිස්ට් තමා.. ඒ වුනාට ඔයාට මට බොරු කියන්න බෑ.. ඇයි දන්නවද..? තමුන්ගෙ සේරම රිපෝට්ස් මට ලැබුනා.."

" වට්..?"

" ඔව්.. මන් කියන්නෙ ඇත්ත.. මට ඔයාගෙ සේරම රිපෝට්ස් ලැබුනා.."

" මියන්හේ ඔප්පා.."

" වැඩි‍ කතා එපා.. ටේයොනාට මේ ගැන දැන ගන්න දෙන්නෙ නැතුව තමුසෙ මොනාද මේ කරන්න හදන්නෙ.. ඒ දරුවගේ අප්පා ටේයොනා.."

" චේබල් ඔප්පා.. ඔය ගැන කතා කරන්නෙපා.."

" තමුසෙ හරිම මුරන්ඩුයි අහින්සා.. දැන් ඔයා හිතන් ඉන්නෙ එදා වුන කිසි දෙයක් මතක නැති නිසා ටේ හ්‍යුන් දරුවා එයාගෙ කියල පිලි ගන්න එකක් නෑ කියලද..?"

" ඔප්පා... මන් කිව්වනෙ එක පාරක්.."

" අහින්සා.. ඇයි කියන්න ඔයා ඔච්චර මෝඩ.. කලිනුත් හැම දේකින්ම පැනලා යන්න හැදුවා.. දැන් දරුවත් අරන් ගිහින් තනි වෙන්නද හදන්නෙ."

" මොන මෝඩ කතාවක් ද ඒ ගමන කියවන්නෙ.. හැම දෙයක් ගැනම පිටින් බලලා තීරන ගන්න හදන්නෙපා.."

" ඒ කියන්නෙ තමුන් තාම පිලි ගන්නෙ නෑ තමුන් වැරදි කියලා.. එහෙම නේ..?"

" හරි.. දැන් ඔය කියන විදිහට මන් දැන් එයාට කිව්වොත් එයා අප්පා කෙනෙක් වෙන්න යනවා කියලා.. මොකක්ද ඒකෙන් ලැබෙන සෙතේ.. කියන්න බලන්න.."

" එයා කොච්චර සතුටු වෙයිද කියලා ඔයා දන්නවද අහින්සා..?"

" ඔව්.. එයා ගොඩක් සතුටු වෙයි.. එහෙම වුනා කියලා එයා ඔය ගමන නවත්තලා දාලා මන් ලගට එන්නද..? නෑනෙ.. එහෙම වෙන්නෙ නෑ.. එයා මන් ලගට එන්න බැරි වෙන නිසා එයා ටෙන්ශන් වෙයි.. අන්තිමට ගිය වැඩේවත් හරියට කර ගන්නෙ නැතුව එයාට එන්න වෙන්නෙ.. දරුවෙක් ලැබෙන්න හිටියා කියලා මන් මැරෙන්නෙ නෑනෙ.. එයා එනකල් මන් බලන් ඉන්නවා. එයා කරපු වැඩේ කරලා ආවම මන් නිදහසේ මේ තෑග්ග එයාට දෙන්නම්.."

" යාහ්.. ඔයා.."

" ඔව්.. මන් මේ කිව්ව දේත් ඔයාට විශ්වාස නෑනෙ.. මන් දන්නවා ඒක.."

" අනේ අහින්සා.."

" බනින්න තව.. මන් අහන් ඉන්නම්.. හැමෝටම පුලුවන් මට බනින එක විතරයි.."

" අනේ.. සොරි.. සොරි අහින්සා.. මන් හිතුවෙ ඔයා කලින් පාර කලා වගේ මේ පාරත් මේ ප්‍රශ්නෙන් පැනලා යන්න හදයි කියලා.."

" මේ ගැන කාටවත්ම කියන්නෙපා.. මන් ඔයාලා ආවට පස්සෙ හැමදේම ලස්සනට විසදන්නම්. එදා වෙනකල් පොඩ්ඩක් ඉවසලා ඉන්න.. චේබල්.."

" හ්ම්.. පරිස්සම් වෙන්න එහෙනම්.."

" ම්ම්.."

" හදිස්සියක් වුනොත් කියන්න.. අපි ලග නැතත් කරන්න ඕනි වුන උදවුව අනිවාරෙන් කරන්නම්.."

" හා හා.. දැන් ගිහින් මට බැනපු ගින්දර ටික නිවෙන්න වතුර ටිකක් බොන්න.. නැත්නම් පිච්චිලා මැරෙයි.. මන් තියනවා.. බායි.."

අහින්සා අඩුම තරමින් ජිමින් බායි කියනකල්වත් හිටියේ නෑ.. මොකද ඒ කතාවට එයා ගොඩක් හිත රිද්ද ගත්තා.. ජිමින් බලලා තියෙන්නෙ ප්‍රෙග්නන්සි පොසිටිවු රිපෝට් එක විතරයි.. ඇත්ත.. මෙතන වැදගත්ම දේ දරුවා.. මන් දන්නවා.. ටේ ඔප්පා මේක දැන ගත්තත් කියන්නෙ මේකම වෙයි..

කමක් නෑ..

අනිවාරෙන් මේ දරුවා ඔයාට ලැබෙනවා ටේ ඔප්පා. මන් ඒක දිව්රනවා ඔයාට..

හැමදාමත් වගේ ජිමින් තවමත් හදිස්සි වැඩියි නේද..

~~~~~~~~~~

කාලය හෙමි හෙමින් ගෙවිලා ගියා..

ජිමිනියි එලීසයි විතරයි මේ ගැන දන්නෙ..

ටේ හ්‍යුන් හැමදාම කෝල් කලා.. එයාට තේරුනා අහින්සගෙ වෙනස.. ඒ වුනත් එයා හිතුවෙ වෙන්වෙලා ඉන්න නිසා අහින්සා දුකින් වෙන්නැති කියලා.. ඒ නිසා එයා හැම වෙලේම අහින්සව සැනසුවා වචන වලින් පවා.. ඉතින් අහින්සට ලැබුන එකම සැනසීම ටේ හ්‍යුන්ගෙ ඒ වචන ටික.. දරුවා ගැන පවා එයාට තිබ්බෙ ලොකු බයක්.. ඒ වුනත් අහින්සට ඒ චූටි අමුත්තගෙන් තොර ලෝකයක් තිබ්බෙ නෑ.. බබාගෙ අයිතිකාරයටත් වඩා එයා ඒ චූටි අමුත්තට තමයි ආදරේ කලේ..

ඇත්ත..

රාගික ආදරේට වඩා අම්මා කෙනෙක්ගෙ ආදරේ..

සමාන කරන්න බෑ කිසිම දේකට..

චූටි අමුත්තට මාස දෙක මාස තුන වුනා.. චූටි අමුත්තගෙ තාත්තයි මාමලටයි ආපහු එයාලගෙ රටට එන්න කාලය හරි වුනත් නොහිතපු විදිහට මාස දෙකක world tour එක මාස තුනක් වුනා.. එහෙම දෙයක් වෙන්න බෑ තමයි.. ඒත් එහෙම දෙයක් වුනා. අහින්සලා එලීසලා මානසිකව කඩන් වැටුනත් එයාලා එයාලගෙ ආදරේ නාමෙන්ම ඉවසුවා. එලීසා එයත් දුකින් කියලා කාටවත්ම පෙන්නුවෙ නැත්තෙ අහින්සා ලගින් ඉදගෙන එයාගෙ හිත හදන්න ඕනි වුන නිසා..

අහින්සගෙ බඩ චුට්ට චුට්ට ඉස්සරහට එද්දි ඒ බර එයාට දරා ගන්න පුලුවන් වුනේ නෑ. එයාට උදවුවට ලග හිටියෙ වීල් චෙයා එක විතරයි. බඩ ගෙඩියත් එක්ක එයාගෙ අත් කකුල් පිරෙන්න පටන් ගත්තත් මූනෙ තිබ්බ ලෙඩ පාට මකන්න චූටි අමුත්තගෙ වාසනාවට පුලුවන් වුනේ නෑ. මොකද චූටි අමුත්තත් දැන් පයින් අම්මට පයින් ගහන ගමන් එයාගෙ අප්පව ඉල්ලනවා. චූටි අමුත්තගෙ අම්මට තේරෙනවා ඒ ඉල්ලන්නෙ අප්පව කියලා..

" ඔයාට විතරක් නෙවෙයි පැටියෝ.. මටත් එයාව ඉක්මනින් ඕනි.. අපි බලන් ඉමු මැනික.." අහින්සා කීවෙ මාස තුනක් පිරිලා තිබුනත් ඊට වඩා මෝරලා තියන එයාගෙ කුස පිටින් අතගාන ගනන්.

" ටේ ඔප්පා.. ඉක්මනින් එන්න. මට පාලුයි.." හැමදාම ෆෝන් එකෙන් ඒ දේ කියන්න ඕනි වුනත් අහින්සා කවමදාවත් ඒක කිව්වෙ නෑ.. මොකද එයාට ඕනි වුනෙ නෑ ටේ හ්‍යුන්ව කලබල කරලා ගෙන්න ගන්න..

අහින්සා කියන්නෙ දරා ගන්න පුලුවන් ගලක්..

" Excuse me madam.."

" ඔව් එන්න ඉයුන්.."

" මැඩම්ව හම්බවෙන්න ඩොක්ටර් කෙනෙක් ඇවිත් ඉන්නවා.."

" මාව හම්බෙන්න.. කවුද..?"

" නම නම් කිව්වෙ නෑ මැඩම්.. ඒ වුනත් එයා කියනවා ඔයාව හම්බෙන්න ඕනි කියලා.."

" අහ් හරි.. එයාට එන්න කියන්නකො නර්ස් ඉයුන්.."

" ඕකේ මැඩම්.."

~~~~~~~~~~

" හායි.. ඔයා නේද Cardiologist Specialist ms. A. Weenawi.." ඒ ආපහු කෙනා කිව්වෙ හරියට නම කට පාඩමින් වගේ.."

" අහ්.. ඔව්.. වාඩිවෙන්න.."

" Thank you.."

" මන් නම් ඔයාව දන්නෙ නෑ.. සමාවෙන්න.."

" ආහ්.. ඉස්ට් ඕකෙ.. මාත් specialist කෙනෙක්. ස්නායු සම්බන්දව.."

" අහ්.."

" මං මෙහෙ වුනත් දැන් ඉන්නෙ මෙහෙ නෙවෙයි. England වල.."

" අහ්.." අහින්සට හිතා ගන්න බැරිවුනා ඇයි එයා එයාගෙ පවුද්ගලික විස්තර කියන්නෙ කියලා.

" ඕකේ.. මන් කෙලින්ම කතාවට එන්නම්.. මන් ආවෙ ඔයාගෙ තත්ත්වෙ ගැන බලන්න.."

" වට්.. මොකක් කිව්වා..?"

" ඔයා ටේ හ්‍යුන්ගෙ girlfriend නේද..?"

" ආ.." මෙච්චර හංගපු හැම දේම දැන ගන්න තරම් එයා කවුද..?

" අහ්.. ඔයා බය වෙන්නෙපා.. මන් සොක්ජින්ගෙ girlfriend ගෙ අයියා.. මට ඔයා ගැන කිව්වෙ සොක්ජින්.."

" ජින් ඔප්පා.. එයා මේ ගැන දන්නෑනෙ.."

" ඔව්.. ජිමින් විතරයිලු නේද ඒ ගැන දැනන් හිටියේ.. ඒ වුනත් ජිමිනි මන් ගැන දන්න නිසා ජින්ට හැමදේම කියලා.. ජින් මට කිව්වා පුලුවන් තරම් ඉක්මනින් ඔයාව බලන්න කියලා.."

" අහ් සොරි ඩොක්ටර්.. මන් ඒ ගැන දැනන් හිටියෙ නෑනෙ.."

" ආ.. හරි හරි.. ඒකට කමක් නැහැ.."

" ඕකේ.."

" මන් කිව්වනෙ මගෙ සයිඩ් එක ගැන.. මන් ඔයාගෙ රිපෝට් සේරම බැලුවා.. ජිමිනි නම් දන්නෙ ඔයා ප්‍රෙග්නන්ට් කියලා විතරයි. ජින් තමා රිපෝට්ස් ටික මට දුන්නෙ.. මන් ජින්ට සේරම විස්තර කලා. ජිමිනි කිසිම දෙයක් දන්නෙ නෑ.."

" ම්ම්.."

" ඔයා ටේ හ්‍යුන්ව මැරි කරලා නෙවෙයි ඉන්නෙ.. එහෙම නේද..?"

" ඔව් ඩොක්ටර්."

" මේ ඔයාගෙ ෆ්‍රසිට් ටයිම් ඇන්ඩ් ෆ්‍රස්ට් බේබි නේද..?"

" ඔව්.."

" පැරලයිස් වෙන්න ඇවිත් තියන්නෙ ඉන්ජර්ඩ් වුන නිසා.. මන් හරිනෙ.."

" යාහ් දේ.. ඔයා හරි.. සේරම කතාව දන්නෙ ජින් ඔප්පා කිව්වද.. රිපෝට්ස් වල ඔච්චර දෙයක් තිබුනෙ නෑනෙ.."

" ඔව්.. එයා කිව්වා.."

" හ්ම්. ඩොක්ටර් මන් මෙහෙම ඇහුවොත්..."

" අහන්න.."

" මට දරුවා ගැන 100 පසන්ට් විශ්වාස කරන්න පුලුවන් නේද..?"

" ඔව්.. බය වෙන්නෙපා.. අනිවාරෙන් දරුවව අපිට බේර ගන්න පුලුවන්.."

" නෝමල් බර්ත් එකක් කරන්න බැහැ නේද ඩොක්ටර්..?"

" ඔව්.. ඒත් අපිට පුලුවන් සිසේරියන් එකකින් මේක සක්සස් කර ගන්න.."

" මට තේරෙනවා.. දරුවට ප්‍රශ්නයක් නැත්නම් මට එච්චරයි ඕනි ඩොක්ටර්.."

" ඔයා ඔයා ගැන කෙයා කරන්නෙ නැද්ද ඩොක්ටර් අහින්සා.."

" ඒ ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් නෑ කියන්න මන් දන්නවා ඩොක්ටර්.."

" මන් දෙයක් කියන්නම්.. මේක හොදට අහ ගන්න ඕනි ඔයා.."

" කියන්න ඩොක්ටර්.."

" මට පුලුවන් ඔයාව බේර ගන්න.. ඒක ගොඩක් අමාරු වැඩක් තමයි. 50 පසන්ට් තියන දෙයක්. ඒ වුනත් මන් 30 පසන්ට් තියන අයව පවා බේරගෙන තියනවා.. සෝ.. මන් ඔයාව මගේ පේශන්ට් කෙනෙක් විදිහට වගකීම භාර ගන්නවා.."

" ඇයි ඩොක්ටර් අපි නිකන් බලාපොරොත්තු තියා ගන්නෙ.. මට එහෙම ඕනි නැහැ.."

" මේ අහන්න.. මන් දන්නවා.. ටේහ්‍යුන් පවා ලග නැතුව ඔයා ගොඩක් දැන් මෙන්ටලි වැටිලා ඇත්තෙ. බය වෙන්නෙපා.. ඔයා බලාපොරොත්තු තියා ගන්න.. හැබැයි ඔයාට මන් කියන හැමදේම කරන්න වෙනවා.."

" හැමදේම.. ඒ කියන්නෙ ඩොක්ටර්..?"

" ඔයා ඔයාගෙ ප්‍රෙශර් ලෙවල් එක ගැන වැඩි අවදානයක් දෙන්න ඕනි.. මෝකද අපිට බබාව අඩු වයසින් අරගෙන තවත් රිස්ක් එකක් ගන්න බෑ.."

" මට තේරෙනවා ඩොක්ටර්.."

" ඒ වගේම මන් පොරොන්දු වෙනවා ඔයාගෙ පැරලයිස් වලට ට්‍රීට් කරලා හොදටම සනීප කරන්න.. "

" මේ අහන්න ඩොක්ටර්.. සමහර පොරොන්දු තියන්නෙ කඩ කරන්න නෙවෙයිද..?"

" ඩොක්ටර් අහින්සා මේ අහන්න.. මන් වැඩ කරන්නෙ මොලේ සම්බන්දව.. ඔයා වැඩ කරන්නෙ හදවත සම්බන්දව. මන් අහලා තියන විදිහට ඔයා youngest cardiologist sp. in the world. ඒ වගේම තමා ඔයාගෙ වැඩ පර්ෆෙක්ට්. 1 පසන්ට් තියන අය පවා ඔයා සනීප කරලා තියනවා. ඉතින්.. එහෙම කරලා තියන කෙනා ඇයි මන් කියන දේ පිලි ගන්නෙ නැත්තෙ..?"

" ඇත්තම කතාව මන් බයයි බලාපොරොත්තු තියා ගන්න. අන්න ඒකයි මන් විශ්වාස කරන්න බය.."

" මේ අහන්න.. මෙන්ටලි ටෙන්ශන් වෙන්න එපා.. මට පුලුවන් ඔයාව බේර ගන්න.. ටේ හ්‍යුන්ගෙ වයිෆ් වෙලා වෙඩින්ග් එකක් ගන්න මන් ඔයාව බේරලා දෙන්නම්.. ජස්ට් ට්‍රස්ට් මී.."

" තැන්ක් යූ ඩොක්ටර්.. මට ඇත්තටම සැනසීමක් දැනෙනවා.."

" බය වෙන්නෙපා.. ටේ හ්‍යුන් ඔයාට ආදරේ කරන්නෙ පිස්සෙක් වගේ කියලා මට නන්ගි කීවා.. ඔයාලා දෙන්නගෙ ආදරේ පටන් ගන්නත් කලින් නැති වෙන්න දෙන්නෙ කොහොමද..?"

ඒ කතාවට නම් අහින්සට ලාවට හිනා ගියා. එයාට දැනුන චූටි අමුත්තා එයාට කකුලෙන් ගහන ගමන් කොදුරනවා.

" ඔම්මා.. මන් ඇත්තටම බයෙන් හිටියේ.. ඔයා මාව අප්පත් එක්ක තනි කරලා යන්නනෙ හැදුවේ.. ඒම කරන්නෙපා ඔම්මා.. මන් තුරුල් වෙන්නෙ ඔම්මට. අප්පා ඔම්මව තුරුල් කර ගනිද්දි මාවත් අප්ප ලගට තුරුල් වෙනවනෙ. මට ඔය දෙන්නවම ඕනි ඔම්මා.." කියලා..

' චූටි අමුත්තා අමුත්තෙක් වුනත් අමුත්තියක් වුනත් අප්පා වගේම පිස්සු කෝච්චියක් වෙයි' එහෙම හිතපු අහින්සට දැනුනෙ නෑ එයාගෙ ඇස් තෙත් වෙනවා.

" අඩන්නෙපා ඩොක්ටර් අහින්සා.. අපිට පුලුවන් ඔයාව බේර ගන්න.."

~~~~~~~~~~

" අම්මා.."

" දු.. ඔයා හොදින්ද.. දැන් ඔයාට සනීපද..?"

" ඔව් අම්මා.. මන් දැන් හොදින්.. මොකද මේ හදිස්සියේම.."

" නෑ දුව.. මන් මේ දවස් වල නරක හීන දකිනවා ගොඩක්.."

" අනේ අම්මා.. ඕවා ගනන් ගන්නෙපා... හිත සැහැල්ලුවෙන් තියා ගන්න.."

" ම්ම්.."

" ඉතින් අම්මා.. අප්පච්චි ඒම කෝමද..? හොදින් නේද දෙන්නා.."

" ඔව් පුතේ.. අපි හොදින්.."

' අම්මා දන්නව නම් දුව දැන් ඉන්න විදිහ.. අම්මා පපුව පැලිල මැරෙයි අම්මා..' අහින්සා එහෙම හිතුවා විතරයි. කිව්වෙ නෑ.

නැන්දලගෙ ගෙදර ආපු නිසා නැන්දා අහින්සට කරදරයක් කියලා කෙල්ලගෙ අම්මත් එක්ක කියලා තිබුනා. ඒ වුනත් වුනේ කොහොමද.. කොච්චර අමාරුද.. ඒ මොකුත්ම කවුරුවත් දැන ගෙන හිටියෙ නෑ.

~~~~~~~~~~

' ඔම්මා... අප්පා මොන වගේද ඔම්මා..' අහින්සට ඇහෙනවා චූටි අමුත්තා කොදුරන හඩ.. අනේ.. එයා නම් පිස්සු කෝච්චියක්..

' ම්ම්.. පැටියගෙ අප්පා තමා මේ ලෝකෙන් ලස්සනම කෙනා..'

' ලස්සන කියන්නෙ මොකක්ද ඔම්මා..'

' ම්ම්.. ඒක බලා ගන්න නම් ඉක්මනට එලියට එන්නකො පැටියෝ.. එතකොට ඔයාට තේරෙනවා.'

' ඒක ගොඩක් ලොකු දෙයක්ද ඔම්මා.. ඒ කියන්නෙ අප්පා ලොකු කෙනෙක්ද..?'

' ම්ම්.. අනෙ මන්දා.. පොඩ්ඩක් ඕම ඉන්නකො.. අප්පා ඔම්මට කතා කරපු වෙලේ කිව්වා එයා ඉක්මනින් එනවා කියලා.. එතකොට ඔයාටම අප්පගෙන් අහන්න පුලුවන්."

' මට අප්පව මිස් වෙනවා ඔම්මා.. ඔම්මට නැද්ද..?'

' මට ඉතින් මේ ඉන්නෙ පැටියෙක්.. මට ඉතින් පාලු නෑ..'

~~~~~~~~~~

' අනේ ඔප්පා.. ඉක්මනින් එන්නකෝ.. මට දැන් ඕනි එකම දෙයයි.. ඔයාව හග් කරන්න ඕනි ඔප්පා.. මට බයයි.. නෑ.. හදිස්සියේ මට යන්න වුනොත්.. ඊට කලින් මට ඔයා ලගට වෙලා ඉන්න ඕනි.. එතකොට මට සතුටින් යන්න පුලුවන්නෙ.. ඉක්මනින් එන්න ඔප්පා.. මන් ගියත් මට තියනවා ලොකු තෑග්ගක් ඔයාට දෙන්න..' අහින්සා කෙදිරුවෙ ෆෝන් එකේ තිබුන ටේ හ්‍යුන්ගෙ වෝල්පේපර් එක දිහා බලන ගමන්.

~~~~~~~~~~

" ඔන්නී.. මන් ආවෝ.."

" යාහ්.. එලීසා.. මන් කිව්වෙ නේද තමුන්ට එන්නෙපා කියලා මේකට.."

" මන් ඔයා කියන දේ අහන්නෙ කවද්ද ඒයි.. ඒ නිසා නිකන් අපරාදෙ ඔයාගෙ වචන.."

එලීසා කෑ ගැහුවෙ වොශ් රූම් එකේ ඉදන්. අහින්සා හිටියෙ එයාගෙ ක්වාටස් රූම් එකේ. එලීසා හැමදාම ඔෆිස් එකේ වැඩ කරලා අහින්සට ඕනි බඩුත් අරන් එයාගෙ ක්වාටස් එකට එනවා. ඊට පස්සෙ එයත් එක්ක එකට කාලා නිදාගෙන ආපහු උදේට වැඩට යනවා. එලීසා පවු. හොස්පිට්ල් එකේ ඉදන් bighit එකට යන්න පැයක් විතර යනවා. ඒ වුනත් එයා හැමදාම එනවා, යනවා අහින්සා නිසා. මොකද එයාට තේරුනා එන්න එන්න අහින්සාගෙ තත්ත්වෙ බරපතල වෙනවා කියලා.

" ඔන්න මන් අද ෆිශ් කේක් ගෙනාවා. ඊයෙ කන්න ඕනි කියලා මැරෙන්න හැදුවෙ.."

" යාහ් පිස්සි.. කුමාවෝ ඒයි. මන් හිතුවෙ මට ෆිශ් කේක් කන්න ලැබුනෙ නැතොත් මැරෙයි කියලා හුස්ම හිරවෙලා."

" අම්මෝ.. එහෙනම් මන් ලොකු පිනක් කරලා. යාහ් ඔන්නි.. හිර කර ගන්නෙ නැතුව කනවා. ආ.. මේ වතුර ටිකක් බීලා ඉන්නවා.. පොඩි එකෙක් වගේ.."

" හි හී.."

" එයා ඔයාට කතා කරනවද ඔන්නි..?" එලීසා අහින්සා ලගට ඇවිත් චූටි අමුත්තගෙ නවාතැන උඩින් අතක් තිබ්බා.

" ඔව්.. අහන ප්‍රශ්න වලට උත්තරත් නෑ.. අප්පා වගේම පිස්සු කෝච්චියක් වෙයි.."

" ශෝයි නේද.. ඔන්නි.. ඔයා දැන් බිත්තරයක් වගේ බෝල වෙලා. ඔප්පා දැක්කොත් චූටි අමුත්තා ඉන්නවා කියලා ඉවසන එකක් නම් නෑ හොදේ.."

" මට පාලුයි ලීසා.."

එලීසා කලේ අහින්සව හිනාගස්සන්න විහිලුවක් වුනත් ඒකෙන් වුනේ අහින්සා කන එකත් නවත්තලා ටේ හ්‍යුන් ගැන මතක් කරන්න ගන්න එක.."

" යාහ්.. එයා ඉක්මනට එනවනේ ඔන්නි.. මෙන්න මේ ටික කාලා ඉන්න.. බලන්න.. එයාට බඩගිනිලු.." එලීසා ආපහු ෆිශ් කේක් බොක්ස් එක කෙල්ලගෙ අතට දුන්නා.

" මන් එයාට ආදරෙයි තමයි එලී.. ඒ වුනත් එයා ලග නැති වුනා කියලා මට පාලුවක්, දුකක් දැනිලා නෑ කවමදාවත්.. ඒත් මන් දැන් හරි අමාරුවෙන් ඉන්නෙ එලීසා. මට එයාව ඕනි.."

" ඒ පැටියා නිසා ඔන්නි.. ඔප්පා ඉක්මනින් එනවනෙ.. එතකල් අපි බලාගෙන ඉමු.."

" ම්ම්.."

" හෙට මන් නිවාඩු දැම්මා.. ඔයා නම්සන් යන්න ඕනි කිව්වනෙ.. අපි දෙන්නම යන්.."

" මට බෑ එලී.."

" ඒ මොකද.. අනේ වැඩ නිවාඩුවක් දාන්න.. ඔයාට බැරි නම් මන් ඉල්ලන්නම්.."

" නෑ ලීසා.. මන් කෝමද වීල් චෙයා එකක යන්නෙ.. මට බෑ.. අපි පස්සෙ දවසක යමු.."

" අනේ අනේ මේ කෝලම් කරන්නෙපා.. මන් ඉන්නවනෙ.. මන් ඕක උස්සගෙන හරි දුවන්නම්.."

" මේ කෙල්ලගෙ කට.."

" ඇයි අනේ.. ඇත්තනෙ කිව්වෙ.."

" හා හා.. මෙන්න මෙහෙ එනවා කන්න.. මට නිදිමතයි.. ඉක්මනින් නිදා ගන්න ඕනි.."

~~~~~~~~~~

එලීසාට හැම වෙලේම කෝල්ස් ආවෙ ජින් හ්‍යුන්ගෙන්.. කුකී නම් කොහොමත් ගත්තා. ඒ තරම්ම වගේ ජින් හ්‍යුනුත් ගත්තා. මොකද අහින්සා තත්ත්වෙ ගැන හරියටම දැනන් හිටියෙ ජින් හ්‍යුනුයි එලීසයි විතරයි. ජිමින් අතට රිපෝට්ස් ලැබිලත් එයා දැනන් හිටියෙ නෑ අහින්සගෙ කන්ඩිශන් එක ගැන. ජින් හ්‍යුන් ඒක ගැන කියන්න ගියෙත් නෑ. මොකද බැරිවෙලාවත් ජිමින් ඒක දැන ගත්තොත් එතන පිස්සෙක් වගේ දෙකක් කරනවා කියලා ජින් හ්‍යුන් දැනන් හිටියා. එලීසා දැනන් හිටියත් කුකීට කිව්වෙ නෑ. මොකද කුකීත් මොනා කරයිද දන්නැති නිසා.

" ඔප්පා.."

" අහින්සාට වෙනසක් නැද්ද එලීසා.."

" නෑ ජින් ඔප්ප.. එන්න එන්නම එයා ගොඩක් අමාරුවෙන් ඉන්නෙ. මාස ගානට වඩා දරුවත් ලොකුයි.."

" අදි වර්දනය වගේද..?"

" එහෙම තමයි නේද ඔප්පා..? මට වැඩිය තේරෙන්නෙ නෑ. ඩොක්ටර් රිපෝට් එක දෙද්දි මට එහෙම තමයි කිව්වෙ.."

" ම්ම්.. හෙට මොකද කරන්නෙ.. එයාව පුලුවන් තරම් සතුටින් තියන්න එලීසා.."

" නම්සන් යන්න ආසයි කියලා ඔන්නි මාත් එක්ක ගොඩක් කාලෙකට කලින් කියලා තියනවා ඔප්පා.. හෙට මන් එයාව එක්කන් යනවා.. මන් නිවාඩුත් ගත්තා.."

" කෙල්ල කැමතිද..?"

" නෑ.. මන් බැනලා කැමති කරව ගත්තා.."

" ම්ම්.. පරිස්සමෙන් දෙන්නම ගිහින් එන්න.. ඔන්නිත් ඉක්මනට නිවාඩු අරන් ඔයාලා ලගට එන්නම් කීවා.."

" අහි ඔන්නි ලොකු ඔන්නිව දකින්න ගොඩක් ආසයි කිව්වා ඔප්පා.. අනිත් එක.."

" ඇයි එලීසා.."

" එයා දැන් හැමදාම ටේ හ්‍යුන් ඔප්පා ගැන කල්පනා කරනවා. එයාව ඕනි කියලා. සමහර දවසට අඩනවත් එක්ක.."

" තව සති ගානයිනෙ එලීසා.. පුලුවන් තරම් එයාව කන්ට්‍රෝල් කර ගන්න ප්‍රෙශර් වෙන්න දෙන්නෙ නැතුව.. එයාට ප්‍රෙශර් එන්න හොද නෑ කියලා මට දිගින් දිගටම ඔන්නිගෙ හ්‍යුන් කිව්වා.."

" මන් දන්නවා.. පුලුවන් තරම් ඉක්මනින් එන්නකො ඔප්පා.. මන් පුලුවන් තරම් ට්‍රයි කරන්නම් එයාව කන්ට්‍රෝල් කරන්න.."

~~~~~~~~~~

එක්කෙනෙක් දෙන්නෙක් වෙලා..

දෙන්නෙක් තුන් දෙනෙක් වෙලා..

දෙන්නෙක් එක තැනක එක්කෙනෙක් එක තැනක තනිවෙලා..

~~~~~~~~~~

" ටේ ඔප්පා.. චූටි අමුත්තත් එක්ක ඔයාගෙ ප්‍රින්සස් තනියෙන්.. ඉක්මනින් එන්න.. මට ඔයා නැතුව ගොඩක් පාලු දැනෙනවා.."

~~

" මගෙ මැනික.. මට ඔයා ලගට එන්න ඕනි.. මට ඔයා නැතුව මෙහෙ පාලුයි.. පුලුවන් තරම් ඉක්මනින් එන්නම් මන්.. එතකන් පරිස්සමෙන් ඉන්න මගෙ ප්‍රින්සස්.. සරන්හේ.."

~~

" අප්පා.. අපි ලගට එන්නුකෝ.. ඔම්මයි මායි තනියෙන් ඉන්නෙ. මට නම් ඔම්මා ඉන්නවා.. ඒ වුනාට ඔම්මට කවුරුත් නෑ අප්පා.."

~~

" මට සැර කරාට, බැන්නට ඔයා නැතුව ඉන්න බෑ කුකී.. ඉක්මනින් එන්න.. පරක්කු වුනාට මන් තරහ නෑ.. පරිස්සමෙන් එන්න.."

~~

" බෝල ඇස් දෙකයි.. පන්ඩිත කටයි මට මිස් වෙලා එලී.. කුකී ඉක්මනට එන්නම්.. එතකල් ඔය පන්ඩිත කට වහන් ඉන්න හොදේ.. සරන්හේ ගොඩක්.."

~~

ඒ විදිහට ගොඩක් අය රෑ අහසෙ තිබුන තරු වලට රහසින් කතා කලා. ඒ වුනත් එයාලා දැනන් හිටියෙ නෑ ඒ තරු එයාලට ඇහුම්කන් දුන්නද නැද්ද කියන එක..

________________________________

මට බනින්නෙපා.. ජුක හිතෙනවා..
( හොටු හූරන ඉමෝජිය x 6546 )

Special Thanks for : umayanethmi ( Red Flag Author ) ❤️

Cover by : _nim_nim_ ( Psycho Author ) Tnqqq akkioo ❤️

A_Shee ~

Continue Reading

You'll Also Like

109K 4.8K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
257K 45.6K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
795 156 7
මෙ පොත ,තමන්ව හොදම විදිහට ප්‍රතිනිර්මානය කරන්න උත්සහ කරන ඔයාට මගෙන් පුන්චි තෑග්ගක්. පොතෙ අන්තර්ගතය -Effective study time -Time management ways -Ment...
46.8K 10.7K 27
🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 "සෙල්ලම පටන් ගත්තේ මංනම් ඉවර කරන්න ඕනෙත්...