🖤❤️To The Dark Side❤️🖤[comp...

By Mwahli_z

24.2K 4.5K 1.8K

අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්... More

🖤chapter 1🖤
🖤chapter 2🖤
🖤chapter 4🖤
🖤chapter 5🖤
🖤chapter 6🖤
🖤chapter 7🖤
🖤chapter 8🖤
🖤Chapter 9🖤
🖤Chapter 10🖤
🖤Chapter 11🖤
🖤Chapter 12🖤
🖤Chapter 13🖤
🖤Chapter 14🖤
🖤Chapter 15🖤
🖤Chapter 16🖤
Not a chapter
🖤Chapter 17🖤
🖤Chapter 18🖤
🖤Chapter 19🖤
🖤Chapter 20🖤
🖤Chapter 21🖤
🖤Chpter 22🖤
🖤Chapter 23🖤
🖤Chapter 24🖤
🖤Chapter 25🖤
🖤Chapter 26🖤(End)

🖤chapter 3🖤

1K 217 73
By Mwahli_z


කොලේජ් ඉවර වෙලා ගෙදර ආපු ටේ කෙලින්ම යන්න ගියෙ වොශ් එකක් දාගන්න කියලා.....

" ආ......ටේ පොඩ්ඩක් ඉන්න....මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ ටිකක්......"

" ඇයි නූනා.....කියන්න......."

" මේකයි.....මට අනිද්දට ගමනක් යන්න තියෙයි....ඔෆිස් එකේ වැඩ වගයකට......
එන්න දවස් දෙකක් යනවා......."

" අනේ නූනා.....🥺 "

" අනේ නූනා නෙමෙයි ටේ.....මට ඒ ගමන අනිවාරෙන් යන්නම වෙනවා.....
අනික ඇන් ඔයා ලොකු ලමයෙක්නෙ....
ඒ නිසා ඔයා ජීමින්ගෙ ගෙදර ඒ දවස් දෙකට විතරක් ගිහින් ඉන්නවද..........
මම එයාගෙ ඔම්මටත් කිව්වා......."

" හ්ම්.....හරි මම එහෙ ඉන්නම්...."

" හොද කොල්ලා......හරි එහෙනම් ගිහින් වොශ් එකක් දාගන්න..........."

" දේ......."

(ඕතරී:- ඇයි අනේ මූණ එල්ලන්....සතුටු නැද්ද.....නූනා ඔයාට ලොකු ලමයෙක් කිව්ව එකට.........)

(Tae:- ඈ.....එහෙම කිව්වද.......ඒත් නූනා ගිහාම පාලුයි මට......)

(ඕතරී:- අයියෝ......හරි ඉතිම් මේ මම ඉන්නෙ පාලුවට🌝)

(Tae:- අනේ යනවා යන්න ගොං ඊරි.....)

(ඕතරී:- මදැයි එකෙක්ගෙ හිත හදන්න ගියා.....අන්තිමට මමයි වැරදි.............
එන්නෑ ආයෙ පැත්ත පලාතෙ....තනියම ඉන්න එකයි ඇත්තෙ.......)

කොහොමහරි ටේ ඕතරී එක්කත් රණ්ඩු වෙලා කෙලින්ම ගියෙ වොශ් එකක් දාගෙන නිදා ගන්න කියලා හිතාගෙන....

.

.

වොශ් එකකුත් දාගෙන ආපු ටේ ඇදුනුත් මාරු කරන් ඇදට වැටුනෙ ටිකක් නිදාගන්න.ඒ අතරෙ නූනා රෑටත් එක්ක කෑම හදනවා.......
ටේට තිබ්බ මහසියටත් එක්ක වැටුන ගමන් නින්ද ගියා.........

ඒත් විනාඩි දහයක් නිදා ගන්න හම්බ උනේ නෑ ටේට කෝල් එකක් ආවා.........

මොන මල යකාද මේ වෙලාවෙ කෝල් ගන්නෙ.....කරුමෙ.....නිදා ගන්නත් නෑ.....

ඉතින් ටේ බනින්න තියෙන සේරම වචනවලින් බැන බැන කෝල් එක නිදි මර ගාතෙ ආන්ස්වර් කලා.....

(ලමයි මම කෝල් එකකදි විතරක් emoji දානවා හොදේ......)

🐯: taehyung
🐥: jimin
........................................................................

🐥ටේ......මොකෝ කරන්නෙ.......

🐯: මොනවා කරනව වගේද පේන්නේ...
නිදා ගන්නත් නෑ වද දෙනවා.

🐥: මෝඩ ප්‍රශ්න අහන්න එපා ගොනෝ...
මට පේනවද ඔහේ කරන දේවල්...ඔන්න වීඩියෝ කෝල් එකක් ගත්තනම් කියන්න තිබ්බා........අනික තමන්ගෙ යාලුවට ඔහොමද කතා කරන්නෙ ආ.....

🐯: ආ....සොරි...සොරි...නිදන් හිටියෙ කොටෝ.....ඇයි දැන් ගත්තෙ....මට නිදි මතයි....කියන්න තියෙන දෙයක්                  ඉක්මනට කියලා තියන්න.......  

🐥: ඔයා අපේ ගෙදර එනවා නේද අනිද්දා.......

🐯: ආ....ඔව්...ඔව්...

🐥: ඉතින් මට අදහසක් ආවා....ඔයාගෙ වැඩේ අපි ඒ දවස් දෙකේ කරමු....අර භූත බංගලාවට යන එක.....

🐯: මොකක්......යකෝ...මූ.....මම තාම ඒ ගැන හිතුවෙවත් නෑ.....මූ හිතලත් ඉවරයි........                                          

🐥: එහෙම තමා ඉතින් මගෙ වැඩ......

🐯: අනේ මේ.....මම දන්නවනෙ ඔහේගෙ වැඩ.......ඔච්චරටම උනන්දුව ඉතින් මේ වැඩේට පූස් තඩියව ගෙන්න ගන්නවා කිව්ව නිසානෙ.....අනික තව මම ඒ ගැන අංශු මාත්‍රයක්වත් හිතුවෙත් නෑ......

🐥: හිහී.........

🐯: හෙට කොලේජ් එකේදි කතා වෙමුකො මේ ගැන.....දැන් තියනවා මට නිදාගන්න ඕනේ............                

🐥: හරි හරි නිදා ගන්නවා.කුම්බකරන කොටි තඩියා..........

🐯: මොකද්ද කිව්වෙ කොටෝ....මොකක් හරි කිව්වා නේද මට ඇහුනෙ නෑ.......

🐥: අහ්.....නෑ....නෑ....හෙට හම්බ වෙමු කියලා කිව්වෙ......

🐯: හා...හා...දැන්වත් තියනවා ඕක....

Call end..........

කෝල් එකත් ඉවර උන එකේ ටේ කලේ ආපහු නිදා ගත්ත එක........ඒත් එක පාරටම එලියෙ අදුරු කරගන ඇවිත් පුංචියට හිරිපොද වැස්සක් වහින්න ගත්තා......

හම්බෝ........ඇයි එක පාරටම මේ වහින්නෙ....හරියට horror films වල වගේ.....දැන්නම් බයයිත් වගේ........
මොක උනත් මොකෝ නිදා ගන්න හොද වෙලාව......නූනා මොනවා කරනවද දන්නෙ නෑ........කමක් නෑ එයා බය නෑනෙ......ඔන්න ඔහෙ නිදා ගන්නවා.......

ටේ එහෙමත් හිත හිත ආයෙත් බෙඩ් ශීට් එක ඔලුවෙ ඉදන් පොරෝගෙන නිදාගත්තා.........


" බුදාම්මෝ..........😱😱😱 අකුණු  ගහනෝ.......නූනා.......කොහෙද ඔයා..."

ටේ එකපාරටම අකුණු ගහනවත් එක්කම ඇදෙන් පැනලා කෙලින්ම ගියෙ නූනාව හොයාගෙන........ටේගෙ room එකේ ඉදන් kitchen එකට ටිකක් දුරයි...
ඉතින් හෝ ගාලා ටේ නූනාව හොයාගෙන දුවන්න ගත්තෙ සොනික් වගේ......ඒත් එක පාරටම තව සැරයක් හයියෙන් අකුණු ගහනවත් එක්කම මුලු ගෙදරම කරන්ට් එක නැතුව ගියෙ ටේගෙ මයිල් කෙලින් කරමින්............
ඒ වගේම මුලු පරිසරයම මූසල විදිහට අදුරෙන් වෙලාගෙන හිටපු නිසා ටේ තවත් බය උනා........ඒ වෙලාවෙ ටේගෙ අතේ phone එක හොද වෙලාවට තිබ්බා......ඇදෙන් පයිනකොටම ටේ හොද වෙලාවට එයාගෙ phone එක අරගෙන ඇවිත් තිබුනා.....ටේ phone එකේ fash light එකත් ඔන් කරගෙන බයේ ගැහි ගැහී kitchen එකට ගියා....

අනේ නූනා ඔයා කොහෙද.....අනේ ඔයාගෙ මේ චූටි කොටි පැටියා හොදටම බය වෙලා ඉන්නෙ......ඇයි සද්දයක්වත් නැත්තෙ...........

" නූනා.......ඔයා කොහෙද...........නූනා"

ටේ නූනාට කතා කරන ගමන් kitchen එකට යන අතරෙ එක පාරටම සාලෙන් ඇහුන සද්දෙයක් නිසා එක පාරටම ගැස්සුනා.........

අනේ නූනා ඔයා කොහෙද......අනේ කවුද සාලෙ හොල්මන් කරනවා........
මට බෑ සාලෙට යන්න.........

ටේ එහෙම හිතන ගමන් සාලෙ පැත්තට ගියෙ ඒ ඉන්නෙ නූනා වෙන්න ඇති කියලා හිතාගෙන.....ඒත් නූනාගෙන් කිසි සද්දයක් නැති නිසා ටේ ගොඩක් බය වෙලා හිටියෙ......ටේ හිමින් හිමින් සාලෙ ගාවට ගියා..........

දැන්නම් මගෙ කකුල් දෙකත් වෙව්ලනවා වගේ......අනේ මට බෑ........
නෑ...නෑ...හොද විදිහට හිතන්න ටේ....
ඒ ඉන්නෙ නූනා.........හිතට පුරුෂ ශක්තිය ගන්න ටේ.....යමු.....යමු......
ඔයාට පුලුවන්........

ටේ එයාට පුලුවන් විදිහට එයාගෙ හිතට ශක්තිය අරගෙන එක පාරටම සාලෙට පැන්නෙ ඒ ඉන්නෙ කවුද කියලා දැන ගන්න.....ඒ හිටියෙ නූනා කියලා හිතාගෙන පැනපු ටේ දැක්ක දෙයින් එක පාරටම ගල් ගැහුනා වගේ උන ටේ.........
හිතන්නත් කලින් බෙරිහන් දීගෙන දුවන්න ගත්තෙ කවුරු හරි මරන්න පස්සෙන් පන්නනව වගේ...................

" බුදු අම්මෝ.........හොල්මනා.........ක්.....
😱😱😱😱 අනේ නූනා......හොල්මනක් පස්සෙන් එනෝ.........අනේ නූනා බේර ගන්ඩෝ...............මට බෑ බයායි......😭😭"

ටේ ඒ දැක්ක දේ නිසා අඩාගෙන දුවන්න ගත්තෙ පිස්සෙක් වගේ.....නූනත් කොහෙද දන්නෙ නෑ......ඒ නිසා ටේ හොදටම බය වෙලා.......එයා අඩනවා....
ගොඩක් බය වෙලා.........ඊට පස්සෙ ටේගෙ කකුල් පණ නැති වෙලා එක පාරටම බිම වැටුනු ටේ එතනම ඉදගෙන බය වෙලා අඩන්න ගත්තා........

එක පාරටම ආයෙ අකුණක් ගහනවත් එක්කම කරන්ට් එක ආපු නිසා මුලු ගෙදරම එලිය උනා.......ටේගෙ ඇඩිල්ල නැවතුනත් මූනෙ තිබ්බ බය ගතිය තවම නැති වෙලා නෑ.......ඊට පස්සෙ කොහෙද ඉදන් ටේ හිටපු තැනට දුවගෙන ආපු නූනා ටේව එක පාරටම තුරුලු කර ගත්තා.......

"අනේහ්.......අනෙහ්.......නූනා කොහෙද හිටියෙ........අනෙහ් මාව දාලා කොහෙද ගියෙ....අනේ නූනා මම හොදටම බය උනා....නූනා හිටියෙ නැත්තෙ ඇයි......
අනේ නූනා.....නූනා සාලෙ කවුද හි.....
හිටියා....😭 අනෙහ් නූනා මම....මම හොල්මනක් දැක්කා......😥😭"

" ශ්...ශ්...හරි....හරි....ටේ දැන් හරි මම ඉන්නවනෙ....කෝ දැන් සන්සුන් වෙන්න මම ඉන්නවනෙ පැටියො.....කෝ කෝ අඩන්න එපා....."

" අනේ...අනේ...නූනා මම හොදටම බය උනා.....නූනා මාව තනියම දාලා යන්න එපා හරිද......."

" හරි.....හරි.....මම කොහෙවත් යන්නෙ නෑ.....දැන් සන්සුන් වෙන්නකො....කෝ හොද හුස්මක් ගන්න......."

හොද හුස්මක් අරගෙන පිට කරලා සන්සුන් උන ටේ නූනාව බදාගත්තා.....

" ටේ.....මේ අහන්නකො......"

" ම්ම්ම්ම්ම්..........."

" ඔයා බොරුවටනෙ බය වෙලා තියෙන්නෙ......."

" නෑ නූනා ඒ හිටියෙ හොල්මනක්......"

" මේ අහන්න.....ඒ හිටියෙ මම........"

" ම්වෝ.......😳😳😳😳"

" ඔව් ටේ......ඔයා බොරුවට බය වෙලා තියෙන්නෙ.....ඒ හිටියෙ මම....මම ටෝච් එක හොයාගෙන පත්තු කරනකොටමයි ඔයා මාව දැකලා බය උනේ......"

(නූනා ඉදලා තියෙන්නෙ මේ විදිහට....
ඉතින් ඈතට දකිනකොට මොකා උනත් බය වෙනවනෙ නේද.......)

" ඒත් නූනා......නූනා කියන්නෙ බොරු.....එහෙනම් ඇයි මට කතා කලේ නැත්තෙ....."

" ඔයා මට කතා කරනවා ඇහුනෙ නෑ....මම හිතුවෙ ඔයා නිදි ඇති කියලා..ඒකයි මගෙ පාඩුවේ මම ටෝච් එකත් හොයාගෙන ට්‍රිප් ස්විච් එක ගාවට යන්න ගියෙ.......පස්සෙ ඔයා කෑගහගෙන දුවනකොටයි මම දැනගත්තෙ ඔයා ඇහැරලා කියලා......"

" ඉතින් ඇයි නූනා මට කතා කරේ නැත්තෙ......"

" මම කතා කරේ නැත්තෙ ඔයා තව බය උනොත් කියලා.....මොකද ඔයා එවෙලෙ හිතන් හිටියෙ මම හොල්මන කියලනෙ..
ඊට පස්සෙ මම ඔයාගෙ පිටි පස්සෙන් ආවොත් ඔයා හිතන්නෙ හොල්මන එනවා කියලනෙ......."

" අනේ නූනා මම හොදටම බය උනා...."

" ඉතින් මම ඒකයි ට්‍රිප් ස්විච් එකත් ඔන් කරලම ඔයා ගාවට ආවෙ........."

" හ්ම්........🥺🥺"

" මේ අහන්න.....ඔහොම බය වෙලා බෑනෙ ටේ....ඔයිට වඩා හිත හයිය කර ගන්න ඕනෙ ඔයා........කවදා හරි මම නැතුව ඉන්න උනොත් ඔයා කොහොමද ඉන්නෙ කියන්නකො......"

" එතකොට කොහොම හරි ඉන්නම්කො.......දැන්නම් කොහෙවත් යන්න එපා නූනා......"

" හරි....හරි....එහෙනම් දැන් රෑ වෙලත් නිසා කාලා නිදාගන්න යමු......කෝ එන්න....."

" හ්ම්......."

ඉතින් ටේයි නූනායි දැන් සිද්ධ වෙච්ච දේවල් ගැන කතා කර කර රෑට කාලා නිදා ගන්න ගියා......නූනා ටේව එයාගෙ room එකට දාලා නිදාගන්න යන්න හැදුවත් ටේ මූණ බෙරිකරන් හිටියෙ එයත් එක්ක අද රෑට නිදාගන්න ඉන්න කියලා නූනගෙන් ඉල්ලන නිසා........
ඒත් නූනා ටේව තනියම දාලා නූනාගෙ room එකට ගියා නිදා ගන්න...............
මොකද දැන් ටේ ලොකු ලමයෙක්.ඉතින් එයාට තනියම ඉන්න පුලුවන්.තව හුරතල් කරන්න ගියොත් තොත්ත බබෙක් වෙනවා.........

(Tae:- ඕතරී...........ඔයා කොහෙද...........
මට සමාවෙලා ඉන්න තැනකින් එලියට එනවකො ඕයි..............අනේ මට බයයි)

(ඕතරී:- මට බෑ..........ඔහෙත් එක්ක තරහ වෙලා මම ගොඩක් කල්.......මට පාඩුවේ ඉන්න දීලා නිදාගන්නවා ගොං කොටියා......)

(Tae:- අනේ අප්පා......ඔහොම තරහ වෙනවද මාත් එක්ක.....ඔයානෙ මගෙ සූටි යාලුවා.....අනේ මාත් එක්ක ඉන්නකෝ.....)

(ඕතරී:- මට බෑ.....මට අර හොල්මන් බංගලාවෙ වැඩ වගයක් තියෙනවා.....
ඒක නිසා මට ඒ වැඩ ගොඩ කර ගන්න දීලා පව් නොදී නිදා ගන්න......)

(Tae: -😥🥺........)

කොහොමහරි ටේ බයෙන් බයෙන් නිදා ගත්තා..........

🖤👻🖤👻🖤👻🖤👻🖤👻🖤👻🖤👻

දැන් වෙලාව දොලහා පහුවෙලා විනාඩි දහයයි...ඒ කියන්නෙ වෙලාව 12:10.a.m

ඉතින් මේ වෙලාවට අර භූත බංගලාවෙ කවුරුත් නොදන්න දෙයක් සිද්ධ වෙනවා........

At භූත බංගලාව🏚️🏚️🏚️🏚️🏚️🏚️🏚️

" හහ්....හහ්....හහ්......හාහාහා............
මම එකෙක් වත් ඉතුරු කරන්නෙ නෑ.....
උබලට මගෙන් බේරෙන්න බෑ.........මම උබලව හොයාගෙන එනවා..................
හහ්.......හහ්.......හා..........................."

.

.

.

.

.

.

.

.


.

.

.


.

........................................................................

ප්‍රශ්න තියෙනවද..........🌝🌝🌝🖤🖤🖤

හරි එහෙනම් ඔන්න අදත් එපියක් දුන්නා........මේ ඕතරී හොදා නේද........
ප්‍රශ්න මැද මම ඔයාලට මේ චැපිය දෙන්නෙ.........මේකෙ මැද හරියක් ටයිප් කර කර ඉන්නකොට මට පොඩි කිව්වට ලොකු වැඩක් උනා.....🤕

මේ ඕතරී පව් නේ.......ඒක නිසා කියවන හැමෝම කොමෙන්ටුවක් කොටන් යන්න හොදේ........ඔයාල කොමෙන්ටු එවනකොට මට මාර සතුටුයි......🤩🤩

හරේ එහෙනම් ගියා..........බායි🖤🖤🖤

        💜️💜️💜️love you all💜️💜️💜️

Continue Reading

You'll Also Like

92.5K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
41.9K 6.1K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
1.1M 77.5K 28
မင်း ငါ့လက်ကို တွဲပြီး ကောင်းတဲ့လမ်းကို ပြန်မလျှောက်နိုင်တော့ဘူးဆိုရင် ငါ မင်းလက်ကို ဆွဲပြီး အမှောင်လမ်းထဲ တူတူ လိုက်လျှောက်ပေးမယ်။ မင္း ငါ့လက္ကို တြ...
236K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...