කාල දේවි (Not A Fanfiction)...

By Leya_Makinle

3.8K 776 1.3K

U better read the story. 😁 Cover credit - @Itran29 ⚠️A This story is published only in Wattpad. Using an unk... More

👀 දැකපු කවුරු හරි ප්‍රාණියෙක්ට
Copyright©
දෙවන දිග හැරුම.....📜
තුන්වන දිග හැරුම......📜
හතරවන දිග හැරුම....📜
පස්වන දිග හැරුම.....📜
සවැනි දිග හැරුම.....📜
සත්වැනි දිග හැරුම.....📜
අටවන දිග හැරුම.....📜
සමාවට හේතු
නව වන දිග හැරුම.....📜
දස වන දිග හැරුම.....📜
සොලොස්වන දිගහැරුම.....📜
දොලොස්වන දිගහැරුම.....📜
දහතුන්වන දිගහැරුම.....📜
දාහතරවන දිගහැරුම.....📜

පලමු දිග හැරුම.....📜

487 84 183
By Leya_Makinle

මදක් ඈතින් ඇහුණු පුරාවිද්‍යා කැණීම් ප්‍රදේශයේ සද්දේ ඇරුණම මුළු පරිසරයෙම රජ කරමින් තිබුණේ ලොකු නිහැඬියාවක්. ඒක යන්තම් හරි බිඳලා දැම්මේ විටින් විට කැණීම් භූමිය ගාව තිබුණු කැලෑවෙන් ඇහුණු වන සතෙක්ගේ හඬින්.

හවස තේ වෙලාව වෙනකම්ම කැණීම් කටයුතු කරත් කිසිම පුරාවස්තුවක් තියා ඒ අහලකින්වත් යන කිසිම දෙයක් හමු නොවීම පුරාවිද්‍යාඥයන්ගෙ නොසතුටට හේතු වී තිබුණා. ඒ වගේම ඔවුන්ගේ කණ්ඩායම භාර ප්‍රධානියා දවසම ඉවර වෙන්න ගිහින් තිබුණත් කැණීම් කරන භූමියට ඇවිත් නැති එක තවදුරටත් ඔවුන්ගේ නොසතුටට වගේම තරුණ ප්‍රධානියා ගැන තිබුණු අප්‍රසාදයත් තව තවත් වැඩි කළා.

"අද නම් ප්‍රොෆෙසර් විජේවර්ධන එන එකක් නැහැ වගේ." තේ බොන්න ගියපු වෙලාවේ එතන හිටපු බාලම කෙනා උන අශාන් එහෙම කිව්වේ එයාගේ ජේෂ්ඨයෝ ටිකට. එයා බාලම කෙනා වුණත් එතන තුන්වෙනියට වැඩිපුරම බලයක් තිබුණේ එයාට.

"ගෙවල්වල වැඩ බලාගන්න ඕන කට්ටිය මේ වගේ ඉහල තනතුරු වලට පත් වුණාම මෙහෙම වෙනවා" එතන දැනට බලය තිබුණු ජෙෂ්ඨ පුරාවිද්‍යාඥ Professor ලොකුහෙට්ටි එහෙම කිව්වේ තමන්ට ලැබුණු කහට එක උගුරට දෙකට බීල දාන ගමන්.

"ගෑනුන්ගේ මොළේ හැඳි මිටේ තරමට කියල කතාවක් තියනවනෙ මිස්ට ලොකුහෙට්ටි"  ජේෂ්ඨ කැණීම් සහයක මිස්ටර් කලුහේවා එයාලගේ කතාවට හවුල් වුණේ එහෙම.

"ඉස්සර ගෑනු අයට කුස්සියෙන් එළියට එන්න දුන්නෙ නැත්තෙ ඔය නිසා වෙන්න ඕන" මිස්ටර් ලොකුහෙට්ටි ආයෙමත් එහෙම කිව්වා.

"චහ්." අශාන් එයාගෙ උගුරින් හඬක් පිට කරේ සමච්චලයට වගේ. අශාන් කියන්නේ අසාධාරණයට අකමැති සමානාත්මතාව ඉහළින්ම අගය කරන කෙනෙක්. ඉතින් එයා එයාගේ ජේෂ්ඨයෝ ටිකට අප්‍රසාදය පල කරපු එක අහන්නත් දෙයක් ද? "ඔහේලට තියෙන්නේ හරිම පටු දෘෂ්ටි කෝණයක්නේ. දැන් බලන්න රටේ ලෝකෙ ගොඩක් ඉහළ තනතුරු දරන්නේ ගෑණු අය." 

"ඒක හරි මිස්ට අශාන්. ඒත් ඉස්සර ඉදලම ගෑනු අය ප්‍රමුඛ තැන ගත්තු තැන්වල කොච්චර අවුල් වෙලා තියෙනවද? ඒකට හොඳම උදාහරණය අනුලා බිසව" තමන්ගෙ හකුරු කෑල්ල එක කටට ගිලලා දාන ගමන් කැණීම් සහයක කපිල එහෙම කිව්වා.

"හහ් මහාවංශයේ කාමධේනුව" අෂාන් එහෙම කිව්වේ සමච්චලයට වගේ. "මම අනිත් පැත්තට ගිහින් එන්නම්" එහෙම කියපු අශාන් එතනින් ආවේ එයාගේ මතයට අනුව කිසිම දෙයක් පිළිගන්න අකමැති උද්දච්ඡ නාකයෝ ටිකත් එක්ක කොල්ලට තව ටික වෙලාවක්වත් ඉන්න උවමනාවක් තිබුනේ නැති නිසා. කොහොමත් ගොඩක් පිරිමි අය ඉස්සර ඉඳලම ගෑනු අය බලයට එනවට කැමති වුනේ නැහැ කියලා මතක් වෙද්දි අෂාන් සමච්චල් සහගත හිනාවකුත් එක්කම තමන්ට කියා ගත්තේ කොච්චර කාලය ගෙවිලා තිබුනත් සමහරුන්ගේ ගෝත්‍රික ගති නම් තාම අයින් වෙලා නැහැ කියලා. 

අනුලා! මහාවංශය විසින් කාමධේනුවක් විදියට හංවඩු ගහපු ආසියාවේ ප්‍රථම කාන්තා පාලිකාව. ඇයි කියලා නොදන්නවා වුණත් අශාන් පොඩි කාලේ ඉඳලම අනුලා බිසවට ගොඩක් ගරු කරා. තමන්ව මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න හේතුව උනෙත් අනුලා බිසවම නේද කියල මතක් වෙද්දි අශාන්ගෙ තොල් අතරේ ඇඳුනේ හීනි හිනාවක්. අෂාන්ට නිතරම හිතුනේ ඉතිහාසය අනුලා බිසවට ගොඩක් ලොකු අසාධාරණයක් කරලා තියෙනවා කියලමයි. කාලයේ වැලි තලාවෙන් වැහිලා තිබුණු අසාධාරණයටපත් අගරැජිනගේ කතාවට සාධාරණයක් කරන්න ඕන කියල හිතුන නිසාමයි කොල්ල මේ මාර්ගය තෝරා ගත්තේ. ඒත් කොල්ලා කොච්චර අනුලා බිසව ගැන තොරතුරු හොයන්න උත්සාහ කර හම්බවුනේම අනුලා කියන්නේ දූෂිත පාලිකාවක් කියන විස්තරම විතරයි. 

මහාවංශයට අනුව අනුලා කියන්නේ පුරුෂයන් බොහෝ දෙනෙක් ඇසුරු කරපු වේශාවක්. එක සැමියෙක් එක්ක ඉදලා ඇතිවුනාම අනුලා බිසව ඒ සැමියාට වස දීලා මරලා තවත් කෙනෙක් විවාහ කර ගත්තලු.  අනුලා බිසවගේ කාලේ අනුරාධපුර රාජධානියේ පිරිහුණුම දූෂිතම කාලයක් කියලයි මහා වංශය කියන්නේ. ඒත් ඇයි එහෙනම් සමහර සිද්ධි පිටු ගණන් විස්තර කරලා තියෙන මහා වංශය වාක්‍ය පේළි කිහිපයකින් විතරක් අනුලා බිසවගේ මුළු ජීවිත කාලයම විස්තර කරලා තියෙන්නේ? මේ ප්‍රශ්න අශාන් කොච්චර අනිත් අයගෙන් වගේම තමන්ගෙන්ම අහගත්තත් එයාට තාම ඒකට හරි උත්තරයක් හම්බවුණේ නැහැ. ඒක නිසාම තමයි කොල්ලා මේ කැණීම් කරන ප්‍රදේශයට පැන ගෙන ආවේ.

ඒත් එක්කම කැණීම් භූමිය ගාවටම දූවිලිත් අවුස්සගෙන ආවේ රේසින් කාර් එකක්..... නෑ. රේසිං කාර් එකක් එක්ක වේගෙන් ආපු බොහොම සාමාන්‍ය ජීප් එකක්. පස්සෙ ජිප් එකේ දොරත් දඩස් ගාලා ඇරලා ඒකෙන් එලියට පැනලා ජීප් එකේ දොරට ආපහු දඩාස් ගාලා පයින් එකක් දීලා දොර වැහුවේ කෙල්ලෙක්. එයාව දැක්කම නම් අශාන්ගේ මූණ ආපහු ඇඳුන පොඩි හිනාවක්

ඒ කෙල්ලව දැකපු ගමන් එතැන විවේක සුවයෙන් හිටපු ඔක්කොමලා ආපහු වැඩට බැස්සා. ඔව් ඒ හිතේ එයාලගේ ප්‍රධානියා Professor විජේවර්ධන. හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් මෙච්චර කාලෙකට අවුට් වුණ ලාබාලම පුරා විද්‍යාඥවරිය. ඒත් අෂාන් නම් බලන් හිටියේ මෙච්චර වෙලා කෙල්ලට බැන බැන හිටපු මිනිස්සු ටික කෙල්ලව දැක්ක ගමන් කෙල්ලගෙ සුවච කීකරු අනුගාමිකයෝ වුන හැටි. අශාන්ගේ කටින් නොදැනිම සමච්චල් සහගත හිනාවක් එළියට පැන්න සැරින් සැරේට පැත්ත මාරු කරන මිනිසුන්ගේ ස්වභාවය දැකලා. කෙල්ල අතින් අනිත් කට්ටියගේ වැඩ ටික කරගෙන යන්න කියලා සංඥා කරලා ආවෙ අශාන්ගේ පැත්තට.

"යොහානි" කොල්ලා හිමිහිට හිනා වෙන ගමන් තමන්ගේ දිහාවට එන කෙල්ලගේ නම කිව්වා. "කිසිම ස්ටයිල් එකක් නැති ඕවර් සයිස් ඇදුම්.... කොටටම කපපු කොන්ඩේ. මැට්ටි ඔයා නම් තාම පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ"

"ඔයත් එහෙමයි මෝඩයෝ." යොහානි අශාන්ගේ ලගටම ඇවිත් ටිකක් ඉස්සිලා කොල්ලගෙ කරට අත දා ගන්න ගමන් කිව්වා. "ඔයා මෙච්චර උස ගියේ මොකටද? මට දැන් ඔයාගේ ඔළුවට ගහන්න උඩ පනින්න වෙලා" යොහානි නොරිස්සීමෙන් වගේ කියද්දි කොල්ලට නොදැනීම හිනා ගියා.

"දැක්කනෙ උඩ ඉන්න දෙවියොත් කැමති නැහැ ඔයා මට කරදර කරනවට." අශාන් එහෙම කිව්වේ යොහානිගේ කොන්ඩේ අවුස්සන ගමන්. "පොඩි කාලේ කරපුවට පල්ලියත් එක්ක රිටන් එක දෙන්න දැන් කාලෙ ඇවිත් වගේ"

"ඒවා හඳේ කොල්ලො. මම යොහානි විජේවර්ධන. ඔයාට ඒක අමතක උනාද?" අශාන්ගේ කනින් අදින ගමන් කොල්ලට මතක් කරා. "මොනව හරි හම්බ වුනාද?" කෙල්ල එහෙම ඇහුවේ ආශාන්ව අත ඇරලා කැලෑව දිහා බලාගෙන.

"මොකුත්ම නැහැ." අශාන් කිව්වා. "දවසම කැණීම් කරත් කිසිම දෙයක් නැහැ. "ඇයි ඔයා මෙතනම තෝරාගත්තෙ? ඇයි මේ කැණීම් ගවේෂණයම?"

"අනේ මන්දා අෂාන්. මට හිතෙනවා කවුරු හරි මට මොනවා හරි කියන්න හදනවා කියලා. මට මෙතන හැමදාම හීනෙන් පේනවා. ඒකමයි මම මේක බාරගත්තේ" යොහානි කිව්වේ කැලෑව දිහා බලාගෙනමයි. "ඒක නෙවෙයි කවුද අර කැණීම් කරන තැන හොයා ගත්තෙ?"

"ඔයාමනේ" අශාන් කිව්වේ ටිකක් විතර පුදුම වෙලා. "ප්‍රොෆෙසර් ලොකුහෙට්ටි කිව්වේ එහෙමයි." 

"මම! ඔයාට පිස්සුද අශාන්? මම කිව්වේ මෙහෙට එන්න කියලා විතරයි. මගේ අනුමානේ හරි නම් ඒවා තියෙන්න ඕන කැලේ ඇතුලේ. නැතුව අතන නෙවෙයි" යොහානි කිව්වේ ටිකක් විතර පුදුම වෙලා කැලෑවයි කැණීම් කරන තැන දිහායි මාරුවෙන් මාරුවට බල බල.

"ඒත් යොහානි එහෙම වෙන්නේ කොහොමද?" අශාන් එහෙම තර්ක කරන ගමන් යොහානි දිහා බැලුවත් එයා තවදුරටත් එතැන හිටියේ නැහැ. අශාන් දැක්කේ කැලෑව ඇතුළට යන යොහානිව. මොකක්ද මන්දා හේතුවකට කොල්ලත් කිසිම සද්දයක් නොකරම යොහානිගේ පස්සෙන් කැලෑව ඇතුළට ගෑටුවා. එත් වැඩි දුරක් යන්න කලින්ම අශාන්ට යොහානිව මග ඇරුනේ එක පාරටම ආපු කිසිම දෙයක් නොපෙනුන සැර මීඳුමක් නිසා.

Continue Reading

You'll Also Like

1.7M 69.2K 29
After a disastrous first season in London, Rose Wilde finds herself torn between two men who love her -- but who both hide secrets that could ruin he...