CYPHER (Completed)

By Shey-Shooky

6.4K 1.9K 169

හීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්ම... More

Prologue
Chapter 01
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Epilogue

Chapter 02

503 174 10
By Shey-Shooky

හදිසියෙන් දුවන මිනිස්සු අතරෙ හීනයක් පස්සෙ දුවන මං ටැක්සියක ඇවිත් තට්ටු නිවාස සංකීර්ණයක් ඉස්සරහින් බැස්සා..ඊයෙ රෑ ඩේගු වලින් ආපු නිසා අද උදේ වෙද්දි සෝල් වලට එන්න පුලුවන් උනේ එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ ආව නිසයි..ගේට්ටුව ගාවින් බැහැල ටැක්සියට සල්ලිත් දීලා මං ඇතුලට ඇවිදන් ගියා..ඒ වෙනකොට සෙකුරිටි ගාඩ් ගෑනු අය ගොඩක් එක්ක මොකක් හරි දේකට රන්ඩු වෙනවා..

"හරි හරි මැඩම්..මං ආයෙත් ගිහින් බලන්නම්කො..ඔයාල ගෙවල් දොරවල් වහන් උන්න නම් ඉවරයිනෙ."

"එතකොට වොච්මන් කියන්නෙ වැරැද්ද අපේ කියලද..මේවගෙ ඩිසිප්ලීන් කියල දෙයක් නැද්ද"

මැදි වයසෙ ගෑනු කෙනෙක් හයියෙන් කෑ ගැහුවා..

"මිසිස් කිම් මෙන්න මෙහෙ එන්න..අපි සොසයිටි එකට කම්ප්ලේන් කරමු.."

ඒ ගෑනු අය එතනින් පිට වෙද්දිම මං සෙකුරිටි ගාඩ් ගාවට ගියා..

"ෆ්ලැට් නම්බර් 15..රෙක්ස් ගෙ ගෙදර කිව්වම පෙන්නයි කිව්වා.."

මං කියද්දිම ගාඩ් මගෙ මූන දිහා අමුතු විදියට බලල මගෙ උඩ ඉදන් යටම බැලුවා..

"අර පැත්තෙ ලිෆ්ට් එක තියෙනවා..දෙවෙනි තට්ටුවෙ වම් පැත්තෙ තුන්වෙනි ගෙදර.."

කියල ගාඩ් අනික් පැත්ත හැරුනා..මං ලිෆ්ට් එකට යද්දිම යන්න ගිය ගෑනු දෙන්නා මොන මොනවදෝ කියල මං දිහා බැලුවෙ හරියට කුනුවෙච්ච මිනියක් දිහා බලනවා වගේ..සමහර විට සෝල් මිනිස්සුන්ගෙ හැටි වෙන්න ඇති..එහෙම හිතාගෙන මං ලිෆ්ට් එකට ඇවිත් කිව ගෙදරට ආවා.බෙල් කරල මං බලන් උන්නෙ දොර ඇරෙනකන්..බෑග් එකේ මහ ලොකු දෙයක් නැති උනත් උදේ ඉදන් එල්ලන් ඉදල උරහිස් දෙකම කැක්කුමයි..

"කාවද හොයන්නෙ"

ඒ එක්කම දොර ඇරල කලිසමක් විතරක් ඇදගෙන උන්නු උස මහත් තරුන පිරිමි කෙනෙක් ඇහුවා..

"රෙක්ස්?"

ඒත් එක්කම ඒ කොල්ලා මට ඇතුලට එන්න දොර ඇරල ඇතුලට ගියෙ මට අතින් සෝෆා එකපෙන්නල..මං ගිහින් බෑග් එකත් ගලවල ඉද ගත්තා..ඒත් එක්කම තවත් කොල්ලෙක් ඇවිත් මං ඉස්සරහින් ඉද ගත්තෙ හිනා වෙලා..

"ඩේගු කොල්ලා නේද?මං රෙක්ස්"

මං නැගිටල ආචාර කරද්දි රෙක්ස් හිනා උනා..

"යාලුවා විස්තරේ කිව්වා..මොකද්ද නම කිව්වෙ?"

"මං යුන්ගි ..මින් යුන්ගි"

"අහ් යුන්ගි..මේකයි කොල්ලො..මාත් දැන් ප්ලේ කරන්නෙ නෑ..ඒත් මං ඒජන්සි දෙක තුනක් බැලුවා..ගිහින් බලමුකො.."

මං මුකුත් කිව්වෙ නෑ..ඒත් එක්කම කලින් දොර ඇරපු පිරිමි ලමයා බීම වීදුරුවක් අරන් ආවා..

"මේ ඉන්නෙ දොන්ජෝ...දොන්ජො මේ ඉන්නෙ අර මං කිව්ව ඩේගු කොල්ලා..යුන්ගි"

මං දොන්ජොටත් ආචාර කරල බීම වීදුරුව අරගත්තා..දොන්ජොත් කට කොනින් හිනා වෙලා මං දිහා බලල ආයෙත් ඇතුලට ගියා..

"යුන්ගි..වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා ඉදපන්..මං කෑම අරන් එන්නම්..අද මං නිවාඩු..දෙන්නම යමු වැඩේට…"

රෙක්ස් එහෙම කියල ඇතුලෙ කාමරයක් පෙන්නුවා..ගොඩක් ලොකු නොවුනත් ගෙදර කාමර දෙකක් කිචන් එකක් බාත් රූම් එකක් තිබ්බ ගෙදර අනික් කාමරෙ දොන්ජො එක්ක තවත් කොල්ලෙක් උන්න කියල තේරුනේ කතා කරනව ඇහුනු නිසා..මං ඉක්මනට නාගෙන ලෑස්ති වෙලා බලන් උන්නෙ රෙක්ස් එකනකන්.රෙක්ස් ආවට පස්සෙ දොන්ජො එක්ක උන්නු අනික් කොල්ලා යන්න ගියා..අපි තුන් දෙනා කෑම කාල දොන්ජො ගෙදර උතුරු වෙද්දි මං රෙක්ස් එක්ක එයාගෙ බයික් එකෙන් සෝල් ටවුන් එකට ආවෙ මගෙ ජීවිතේ එකම හීනෙ හැබෑ කරගන්න හිතාගෙන..

රෙක්ස් ගෙ බයික් එක නැවතුනේ A entertainment කියල ලොකුවට ගහපු බිල්ඩින් එකක් ගාව..

"A entertainment "

මට ඉබේම කියවුනා.දැනට කොරියාවෙ තිබ්බ ලොකුම ඒජන්සි එක..මගෙ හිතට ලොකු සතුටක් දැනෙද්දි තව පැත්තකින් මහලොකු බයක් දැනුනා..රෙක්ස් ඉස්සර වෙලා මං පිටිපස්සෙන් බිල්ඩින් එක ඇතුලට ගියා..රෙක්ස් අදුරන කෙනෙක් අපිව ඔෆිස් රූම් එකකට එක්කන් ගියා..ඒක ඒජන්සියෙ උන්නු රෙක්ස් අදුරන සර් කෙනෙක් ගෙ ඔෆිස් එකක්..අපි ඇතුලට යද්දිත් ඒසර් උන්නෙ කෝල්.එකක..අපි ඉස්සරහින් ඉදගෙන උන්නෙ එයාකෝල්.එක ඉවරවෙනකන්..විනාඩි පහකින් විතර කෝල් එක ඉවර කරල සර් අපේ පැත්තට හැරුනා..රෙක්ස් එක්ක හිනා වෙලා කතා කරා..රෙක්ස් මං වෙනුවෙන් හැමදේම කිව්වා..මගෙ සීඩී එකකුත් මං එ සර් අතට දුන්නෙ මං කරපුසිංදු වගේම මෙලඩීම් ගොඩක් ඒ සීඩි එකේ තිබ්බ නිසා..සීඩිඑකත් ඒ මේ අත හරවල බලල රෙක්ස් කියපු ඒවත් හොදට අහන් ඉදල ඒ සර් පුටුවට හේත්තු උනා..

"මෙහෙමයි පුතා..රැප්කියන්නෙ මේ දවස් වල මාකට් එක ටිකක් අඩු ෆීල්ඩ් එකක්..ඉතින් ඒ වගේ දේකට අත ගහන්න මැනේජ්මන්ට් එක ටිකක් අදි මදි කරනවා.."

"මගේ ස්ටයිල් එකයි කන්සෙප්ට් ටිකයි වෙනස් සර් අනික් රැප් වලට වඩා. "

මං කියද්දි ඒ සර් කටකොනින් හිනා උනා.

"හැමෝම කියන්නෙ ඕක තමා පුතා..අපි බලමු..මං මේ සිංදු ටික අහල රෙක්ස් ට පනිවිඩයක් දෙන්නම්.."

අපි දෙන්නා ආපහු එන්න නැගිටිනවත් එක්කම ඇතුලට ආවෙ සොහාන්..දැනට් කොරියාවෙ ඉන්න ජනප්‍රියම රොක් ගායකයා.

"එන්න එන්න සොහාන්..කෝ අපිට අලුත් සිංදු ගෙනාවද?"

"පේ පාරනම් සීයට හැත්තැපහක්වත් ඕන මිස්‍ටර් ලී.."

මං එලියට ඇවිත් නිකමට ආයෙත් ඇතුල බලද්දි මිස්ටර් ලී මගෙ සීඩී එක ඩස්ට්බින් එකට දාල සොහාන් ගෙ ෆයිල් එක අතට ගත්තා..මට දැනුනෙ පුදුම තරහක්..මගෙ අත් මිටිමෙලවුනේ ඉබේමයි..ඒ සිංදු මගෙ මහන්සිය..මං හැදුවෙ ඇතුලට යන්න..ඒත් රෙක්ස් මගෙ අතින් අල්ල ගත්තා..

"පිස්සුද යකෝ.."

"මගෙ සීඩි එක "

"වරෙන් යන්න"

රෙක්ස් මාව බලෙම්ම වගේ එලියට ඇදගෙන ආවා..කේන්තිය නිසා මාව රත්වෙලා උන්නෙ..මූන පුරා දාඩිය දාලා..බයික් එක ගාවට ඇවිත් මගෙඅතට හෙල්මට් එක දීල රෙක්ස් එයාගෙ හෙල්මට් එක අතට ගත්තා..

"කොල්ලො ඉස්සරහට ඔය වගේ දේවල් වලට නිතරම මූන දෙන්න බලාගෙන බයික් එකට නැගපන්.."

මං කිසි කතාවක් නොකර හෙල්මට් එකත් දාගෙන බයික් එකට නැග්ගෙ රෙක්ස් බයික් එක ස්ටාට් කර ගත්තු නිසා..කිසිම කතාවක් නැතුව ඔහේ පැය භාගයා විතර අපි ආවා..හා හා පුරා කියල පලවෙනි ඒජන්සියෙන්ම මට ලැබුනෙ හරිම කැත උත්තරයක්..අඩුම තරමෙ ඌට ඒක විසි නොකර මට ආපහු දෙන්න තිබ්බා..කල කිරීමක් එක්ක අමුතු බයක් හිතට ආවත් මං හිත හයිය කර ගත්තෙ කොහොම හරි මගේ හීනෙට යන්න ඕන කියන සිතුවිල්ල නිසා..එක පාරටම රෙක්ස් බයික් එක නැවැත්තුව නිසා ඉස්සරහ බලද්දි අපි ඇවිත් තිබ්බෙ Sunshine fm කියල නම ගහපු බිල්ඩින් එකක ඉස්සහරට..බයික් එක පාක් කරල අපි දෙන්න ඇතුලට ආවා..එතන ගොඩක් සෙනග නොහිටියත් ටිකක් කාර්‍යබහුල තැනක් වගේ පෙනුනා..

"හෙලෝ මිස් අපිට මිස්ටර් ලිම් ව හම්බෙන්න පුලුවන්ද?"

රෙක්ස් රිසෙප්ශන් එකෙ උන්නු ලස්සන  ගෑනු ලමයට කතා කරද්දි එයා අපි එක්ක හිනා උනා..

"සර් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න..මං සර් ට කතා කරන්නම්.. "

රිසෙප්ශන් ගෑනු ලමය ඇතුලට ගියා..අපි දෙන්න එතන තිබ්බ පුටු පේලියෙන් වාඩි උනා..

"මචන් මේ fm එකේ උබෙ සිංදුවක් දෙකක් ප්ලේ කර ගත්තොත් වැඩේ ගොඩ..උබට එක දිගට වැඩ එයි.."

මං හිනා උනා විතරයි..මොකද උදේම උනු දේ නිසා මං උන්නෙ කතා කරගන්නවත් පුලුවන් මානසිකත්වෙක නෙවේ..ඒත් එක්කම වගේ මැදිවයසෙ පිරිමි කෙනෙක් අපි ගාවට ආවා..

"මිස්ටර් ලිම්"

රෙක්ස් නැගිටල ආචාර කරද්දි මාත් ඒ විදියටම කරා..

"සර් මං කෝල් කරල කිව්ව ලමය මේ.."

"ආහ් මෙකයි මල්ලි..මේ දවස් වල ශෙඩූල් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නෙ බන්..ප්ලේ කරන්නෙම පරන සිංදු..දන්නැද්ද අලුත් ලොක්කෙක් ඇවිත්..මට සිංදු ටිකක් දීල යන්නකො..ලබම සතියෙ දිහා බලමු.."

මං ඉක්මට බෑග් එකෙන් තව සීඩීඑකක් ඇදල මිස්ටර් ලිම් ට දුන්නා..එයා ඒකත් අරගෙන ඉක්මනටම එතනින් ගියෙ හරියට කවුරු හරි පස්සෙන් පන්නනවා වගේ වේගෙන්..

"උබෙ නම් වෙලාව නරකයි බන්"

එලියට එන ගමන් රෙක්ස් කිව්වා..මාත් උන්නෙ ටිකක් අවුලෙන්..මේල මෙච්චර අමාරු වැඩක් කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ..

"කමක් නෑ..අපි තව ප්ලේස් එකක් තියෙනව ගිහින් බලමුකො.."

"ඒකත් මෙහෙම වෙයිද දන්නෑ"

මං කිව්වා නෙවෙ කියවුනා..රෙක්ස් මං දිහා බැලුවෙ හිනා වෙන ගමන්..

"එහෙම තමා බන් මේ  වගේ ෆීල්ඩ් වල..ටිකක් රස්තියාදු වෙන්න වෙනවා.."

අපි එහෙම්ම ගියෙ ලග තිබ්බ කඩේකට..දෙන්නම දවල් ට කාලා ඒ ගමන්ම ටවුන් එකෙන් ටිකක් පිටට ආවා..පැයක විතර ගමනක්..ඒ අවිත් නතර උනේ තරමක් ජනාකීර්ණ පටු පාරක..එතන ඉස්සරහම තිබ්බෙ Park entertainment කියල නම ගහපු බිල්ඩින් එකක්..අපිඑතනට යද්දිම ගේට්ටුව ඉස්සරහ ලොකු කලබලයක්..ගාඩ් ලා කාවදෝ එලියට ඇදන් එනවා..

"මුන් මහ හොරු..මගෙ මුලු ඇල්බම් එකම හොරකන් කරල..ඒ මදිවට මට නඩුත් දාලා..බලමුකො මං අත අරින්නෙ නෑ මේක ලේසියෙන්.."

ඒ මනුස්සයා අත් දික් කර කර කාටද බනිනවා..

"තමුසෙට ආයෙ කියන්නෙ නෑ.මේ පැත්ත පලාතෙ ආවොත් පොලිස්සියට අල්ලල දෙනවා.."

ගාඩ් කෙනෙක් කෑ ගැහුවා.මාත් බයික් එකෙන් බැහැල ඒ පැත්තට ඇවිදන් ගියා.

"ආ බලමු..කාටද පොලිසි යන්න වෙන්නෙකියල..මගෙ අවුරුදු ගානක මහන්සිය කොල්ල කාලා මාව බල්ලෙක් වගේ එලියට ඇදල දැම්මා.."

ඒ මනුස්සය බිල්ඩින් එක පැත්ත බල බල බැන බැන මං ගාවට ආවා..

"කොහෙද මල්ලි යන්නෙ..වැඩ හොයන්නද..යන්ඩ එඔආ.මුං හොරු..මෙලඩි කොල්ල කන හොරු.."

එ මනුස්සය කිය කිය යද්දි මං බැරුවෙ රෙක්ස් දිහා..රෙක්ස් ගෙ මූනෙත් තිබ්බෙ කිසිම විස්වාසයක් නැති පෙනුමක්..ඇතුලට යන්න තරම් විස්වාසයක් මට තිබ්බෙත් නෑ...මං මොකද කරන්නෙ?

To be continued 

(හුදෙක් රසික ප්‍රබන්ධයක් පමණි)

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

යුන්ගි මොනව කරයිද?

ශෙහා 💜️

Continue Reading

You'll Also Like

42.7K 6.2K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
92.7K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
2.7K 554 11
යුන්ගි කියන්නේ හොරෙක් !! 💥🏃‍♂️🖤