~දින දෙකකට පසු~
Seo Ha's POV
Jimin කිව්ව නිසා ම ඊට පස්සෙ දවසෙ, ඒ කියන්නෙ පෙරේදා, මං Jin Young ව හම්බෙන්න ගියෙ නෑ. Jimin කිව්ව හරි. ඇත්තට ම මං ගියානං එයාගෙ හිත තවත් පෑරෙන්න තිබ්බ. ඊයෙත් මං එයාට කෝල් කරන්නවත් ගියෙ නෑ. එයා මොනව හිතුව ද දන්නෑ. ඒ වුණත් අර වෙලාවෙ කලබලේට ගන්න හැදුවත් මේ වෙද්දි මට ඒකට හයියක් නෑ. ඒත් ඊයෙ එයා ම මට කෝල් කළා ම මාර පුදුම හිතුණ. Jimin එයා 'මාර පොරක්' ය කිව්ව එක ආය ම ඔප්පු වුණේ එහෙමයි.
✧FLASHBACK✧
~ඊයෙ රෑ~
රෑ එකොළහයි ගාණට ඉතර වළං ගෝනියක් තරං තනියෙන් ම හෝදල බාගෙට මැරිල වාගෙ දත්වත් මදින්නැතු ව ඇඳට ගෑටුවෙ මැරුණත් ආය නැගිටින්නෑ කියල හිතම් දොයියගම්න. සීතල උණත් ෆෑන් එකත් දාල ලයිටුත් ඕෆ් කරල ඇඳට පැනල හොඳට පොරවම් හරි බරි ගැහිල බලන්න ඕනෙ හීනෙත් මතක් කොරම් දොයියගම්න ඇස් පියාගත්තා..
.
.
ඔන්නි ඔප්පගෙ ඇස් දිහා බලම් ඉම්නවා....
ඔප්ප ඔන්නිගෙ ඇස් දිහා බලම් ඉම්නවා....
ඔන්නි ලංවුණා....
ඔප්පත් තව ලංවුණා....
ඔප්පා ඔන්නිගෙ කම්මුලෙන් හෙමීඊඊඊඊඊඊට අල්ලගෙන....,
ඔන්නිගෙ මූණ ළඟට හෙමීඊඊඊඊට පාත් වෙනෝ.. පසුබිමෙන් Strong Woman Do Bong Sun එකේ ost එකෙන් Apink Jung Eun Jiගෙ 'You're my garden' සිංදුව ඇහෙනව. චෙරි මල් පාාාවෙලාා හෙමීඊඊඊඊට වැටෙනව. වටේ ම ලාාාා සෝඕඕඕස පාටයි....., සුදූඌඌඋ පාටයී............
ඔන්නි ඇස් පියාගත්තා....
ඔප්පත් ඇස් පියාගත්තා....
දෙන්නගෙ තොල් ගෑඈඈඈවෙනකොට ම !,
Eun Jiගෙ සුමියුරු ගායනයත් පරයගෙන,
මඟුලේ රින්ග්ටෝන් එකක් ඇහුණෙ නැතැයි කොහෙන්ද මන්ද.!
'අඩෝ !' ඔප්ප ඩෝං ගිහිම් කෑගැව්ව. ඒත් කටහඬ මගෙ වගෙනෙ.
ඒ රින්ග්ටෝන් එකත් වඩා තාත්වික ව හා පැහැදිලි ව ඇහෙන්න ගත්ත.
නිකං මගේ එකත් වගේ...
ඔව් මගෙ එක ම තමයි. මාත් Goblin ost එකේ 'Stay with me' සිංදුවෙ රින්ග්ටෝන් එක ම තමයි දාම් ඉම්නෙ. ඒ මදිවට මේක කන ළඟින් ම ඝාන්ඨාරෙ වගේ ඇහෙනව.
.
.
.
.
.
ඒ මගෙ පෝන් එක ටමා යකෝ!
මට එකපාට්ට ම ගැස්සිල ඇහැරුණේ පෝන් එක නයිට් ස්ටෑන්ඩ් එක උඩ වයිබ්‍රේට් වෙලා ඇවිත් ඩෝං ගාල මගෙ කන ළඟට වැටෙද් දි..
මීට පස්සෙ මේසෙ මැදින් ම තියල එම්නෝන.
මට යකා නැග්ගා!
"මොන #*^%$*&%$ අපතය ද යකෝ මේ මහ රෑ තිස්සෙ කිස් එකක් මැදින් මා ව ඇහැරෙව්වෙ!?" එහෙම කියාගන මං පෝන් එක අතට ගත්තෙත් ලා නිදි මරගාතයක් තියෙද්දි ම යි. ඒත් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දැක්ක ම මගෙ මූඩ් එක සහමුලින් ම වෙනස් වෙලා ගියා.
(✧JIN YOUNG✧)
මං දෙපාරක් නොහිත ම කෝල් එක accept කළේ දැනටත් හෙන වෙලාවක් ඒක රිගින්ග් තිබ්බ හින්ද. මං මග අරිනව කියල හිතුව ද දන්නෑ..
"යො-යොබු-සෙයෝ.." ටෙන්ෂන් එකට ම මට වචනෙත් ගොත ගැහුණ.
"කතා කරන්න.. පුළුවන් නේ ද..?" එයත් කතා කළේ බොහොම් පරෙස්සමෙන් කියල ඒ කතා කරපු විදියෙන් ම තේරුණා. අපි දෙන්න අතර මෙච්චර පරතරයක් ඇතිවෙන්න ගියේ කොච්චර පුංචි කාලයක් ද.. එදා එයා බස් එකට නගින්න කලිනුත් සාමාන්‍ය විදියට උන්නු අපි දැන් කෝල් එකක් ගන්නත් පැකිලෙනව. ජීවිතේ ඇතුළෙ අපේ බැඳීම් පරීක්ෂාවට ලක් වෙන හැටි හරි පුදුමයි වෙලාවකට.. එයා යාළුවෙක් විදියටවත් මට නැතිවෙයි ද කියල බය හිතෙනව මට.
"ම්ම්.. කියන්න.." මගෙ හඬ බාල වුණේ ඉබේමයි. එයා වැරැද්ද මගෙ පිට දැම්මත් භාරගන්න හිතාගෙනයි මම හිටියෙ.
"හෙට... මා ව හම්බෙන්න පුළුවන් ද.. කතා කරන්න..?"
✦END OF FLASHBACK✦
Jin Young මට එන්න කියල තිබ්බෙ පොඩි ක්ලිෆ් පීක් එහෙකට. මං මෙතෙන්ට කලින් ගිහින් නෑ. මං යද්දිත් එයා මුදුනට ම ගිහින් හිටගන ඉන්නවා. මං හෙමීට ගිහින් එයාගෙ පැත්තෙන් හිටගත්තා.
"ලස්සනයි නේ..?" මං ආව බව තේරිලා එයා එහෙම ඇහුව. මාත් එයාගෙ ඇස් නැවතුණු දිහාවට ඇහැ යැව්වෙ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න.
"හ්ම්ම්.. ලස්සනයි.." නගරෙ ම ඈතට විහිදෙන දර්ශනයක් එතෙන්ට පෙනුණා. ඇත්තට ම ලස්සනයි. මං හරි ම කැමැතියි මෙහෙම තැන්වලට.. හරියට හිත නිවෙනවා. උදේ පාන්දර පහයි ගාණකට අමාරුවෙන් නැගිටල නිදි ගැට කඩ කඩ දුවගෙන ආවෙ මෙයාට උදෙන් තා වැඩක් තියේ ය කිව්ව හින්ද.. පාන්දර අඩ අඳුර කපාගෙන ආපු තැඹිලි පාට ලා හිරු රැස් තාමත් විදුලි පහන් පත්තු වෙන නගරෙ තැන් තැන්වලට වැටිල ගෙනාවෙ අමුතු ම ලස්සනක්.. මේ සීතලේ ඒ ලා ඉර එළියෙන් ලැබුණෙ හරි ම සනීප උණුසුමක්. මගෙ හිතේ මේ හම්බවෙන එක ගැන තිබ්බ ආතතිය නැති ම වෙලා ගියා ද මන්ද.. එයා මෙතන තෝරගත්තෙ මේ හින්ද ම ද කියලත් හිතෙනව. හිතට ආපු සතුට තොල් දෙකෙන් ලා හිනාවක් වුණේ මටත් නොදැනී. ඒ හිනාවෙන් ම මං ටික වෙලාවක් ඒ දර්ශනේ දිහා ම බලන් උන්නා.
"ඔයා ව මුලින් ම කැන්ටින් එකේ දි දකිද්දිත් එහෙම ම යි හිතුණෙ.." එයා ඉස්සරහ බලාගන ම කියනව. මූණෙ ලස්සන හිනාවක් තියනව. එයා මේ මොහොත ඒ මතකත් එක්ක එකතු කරල උපරිමේට ම විඳිනව කියල මට හිතුණ. මං එයාගෙ දිහාවට හැරුණෙ අර හිනාව තියෙද්දි ම යි. මං තව ටිකක් හිනා වුණේ එයාගෙ හිතවත්කමට.
"ඔයා ව දකිද් දි මට මතක් උණේ ඉස්කෝලෙ යන කාලෙ මා ව.." මාත් හිනාවෙලා ම කිව්වෙ ඉස්සරහ බලන්.. එන්න එන්න ඉර එළිය වැඩි කරනව. අපි දැන් ටික ටික අපිට ම විවෘත වෙනව වගේ. අපිට අපහසුතාවක් නැතුව මෙහෙම කතා කරන්න පුළුවන් වෙච්ච එක ම ලොකු දෙයක්.
මං කිව්ව එක අහල එයාට ටිකක් හයියෙන් හිනාවක් ගියා.. එයා මං මෙතෙන්ට ආවට පස්සෙ මුල් ම වතාවට හැරිල මං දිහා බැලුව.
"මොකක්!?" මාත් එයාගෙ හිනාවට එකතු උණා. මං මේක එයාට මේ කියන්නෙ පළවෙනි වතාවට.
"හ්ම්ම්.. මමත් හයි ස්කූල් මුල් අවුරුද්දෙ ඉඳන් ම තමයි ජිමින්ගෙ පස්සෙන් යන්න ගත්තෙ. ඒත් එයාට දැනෙන්න නෙමේ.., හොරෙන්. එයා දකින කං මං Cha Eun Woo ව තමා කසාද බඳින්න උන්නෙ.." මගෙ ඒ කාලෙ මොංගල් මානසිකත්වෙ සිහි වෙලා මට ම හිනා. Jin Youngත් හිනා උණා ම මට පුදුම හිතුණ. එයා මාර පොරක් තමයි.
"මටත් ඔයාට කලින් ලොකු කරස් එකක් තිව්ණ HyunAට.." අපි දෙන්න ම ගොඩක් හයියෙන් හිනා උණා. හොඳ වෙලාවට එතන තව කවුරුත් හිටියෙ නෑ. හිනාව බාල උණු තැන මං ආය කතා කරන්න ගත්ත.
"ඉතිම්.. ඔයත් මට නොකිය මගෙ පස්සෙන් ඇවිත් හොයල බලනව කියල තේරුණා ම මට මතක් උණේ ජිමින්ගෙ පස්සෙන් හොරෙන් හොරෙන් ගිහිං බලං හිටපු මා ව. කැන්ටිමේ දි ඔයා දිහා බලන් මං ගැනම යි මං කල්පනා කර කර උන්නෙ.."
"ආයිශ්! ඔයාට තේරුණත් ද මන් පස්සෙන් එනව කියල..?" එයා හිනාවෙවී ඇහුවෙ ලැජ්ජාවෙන් වගේ. එයා දැනන් ඉඳල නැද් ද එතෝට මම ඒක ගැන මීටරෙන් හිටියෙ කියල.. අයිගෝ.. මටත් හිනා ගියා.
"නැත්තං.. හැමදා ම මං එන්න තප්පර ගාණකට කලින් ඇවිත් ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් එකක් කැන්ටිමේ මං ඉන්න ටේබල් එකෙන් තියල දුවද් දි මං දැක්කෙ නෑ කියල ද හිතන්නෙ..? ඔයා එහෙම කරපු පළවෙනි දවසෙ ම මං දැක්ක. එදා නං ෆට්ට ලෙස කොම්පියුස් උණා.. දවස දෙක යද්දි තමා සීන්නෙක තේරුණේ.." ඒක නං හරි ලස්සන මතකයක්.. ආයෙමත් මට මං ගැන ම ලැජ්ජාවක් මතුවීගන එද්දි කටේ තිබ්බ හිනාව මැකිල ගියා.
"ආයිශ්හ් සාම්තහ්හ්...!!" එයා හයියෙන් හිනාවෙන්න ගත්ත. මං නිකමට එයා දිහා බැලුවෙ..
.
.
එයා අඬනව ද..?
මට කොච්චර අවුල් ගියා ද කියල තේරෙන් නෑ..
"ඔයා... යා.. ඒයි.." මට කියන්න දෙයක් හිතුණ් නෑ.. මං වැරැද්දක් ද කළේ ඒව මතක් කරල..?
"නැහ් මේ..හ්හ්.. හිනාව වැඩි වෙලා.. කඳුළුත් පයිනව.. හ්හ්.. හෙහ්.." එයා හූඩි එකේ අතකින් කඳුළු පීද පීද හිනාවෙන්නෙ ආයාසයෙන් කියල බලන ඕන කෙනෙක්ට තේරෙනව.
"ඔයා.. කියන්න තියනව කිව්වෙ මොකද් ද..?" තවත් මේක කරන්න ඕනෙ නැති නිසා මං ඇහුව. එයා ලොකු හුස්මක් පහළට දැම්ම.. ඒකල්ල ආය හිනාවුණා.
"මං ඔයාට ආදරෙයි.. ඔයා දන්නවනෙ.." මං ලාවට හිනාවුණේ එයාගෙ රතු වෙච්චි ඇස් දිහා බලන්..
"මියාන්හේ.. ජොන්මල්.. ඔයාටත් වඩා මං මෝඩයි ඒ කාලෙ. හ්හ්! දැන් කියලත් වෙනසක් නෑ ඉතිං.. මං හිතුවෙ නෑ මෙහෙම වෙයි කියල අඩුම...හ්හ්හ්.. මං මාවවත් හරියට තේරුම් අරන් නෙවේ හිටියෙ. තේරුම් ගත්තත් විශ්වාස කළේ නෑ.. ජින්ජ්ජා මියාන්හේ.. මං පසුතැවෙනව."
"එහෙම ඕන්නෑ.. ඔයාගෙ විතරක් තනි වැරැද්දක් නෑ.. මාත්.... දැන දැනනෙ හරකා වගේ පස්සෙන් ආවෙ.. දැන් හිතන්නෙපා.." මං ආය ම හිනාවුණා.. ලාවට..
"ඔයා හොඳ කොල්ලෙක්.. ජිමින් ම යි කිව්වෙ ඔයා මාර පොරක් කියල.. මාත් එකඟයි එකෙන් ම. හ්ම්ම්හ්හ්.. මං වගේ කමකට නැති එකියෙක්ට වඩා හොඳ කෙනෙක් ඔයාට අනිව හම්බෙයි.."
"මාත් හිතනව.." එයා ඉස්සරහ බලන් කිව්ව. මට එයා දිහා බැලුණ. මට තේරුණා එයා මට ඒක ටිකක් වදින්න ම යි කිව්වෙ කියල. ඒත් මං හිනාවුණා මිසක් මුකුත් කියන්න ගියෙ නෑ. මට හිතුණෙ එයාට එහෙමවත් තරහ පිට කරන්න අයිතිය තියනව කියල. එයා ම ආය කතා කරන්න ගත්ත.
"ජිමිනුත් එල කොල්ලෙක්.. කොල්ල එහෙම වුණේ උගෙ ඔම්මයි අප්පයි වෙන් උණාට පස්සෙ. දැන් ඉතිම් ආය හොඳයි.. ඔයාට බය වෙන්න දෙයක් නෑ.."
"හ්හ්හ්හ්ම්ම්ම්හ්හ්හ්.. මාත් එහෙම හිතනව.." එයා මාත් එක්ක ඊයෙ රෑ උන්නු හැටි මතක් උණා ම මට නිකන් ම හිනාවක් ආවා. එයාට ඒක ටිකක් වැදුණ ද මන්ද එයා ආය හයියෙන් හිනාවුණා. කමක් නෑ.. දැන් අපි සමානයි. මටත් හිනාගියා.
"සමානයි.."
"දැන් හරි.."
අපි දෙන්නට ම එකට ම වගේ කියවුණා ම අපි ආය හිනාවුණා.
"ම්ම්හ්... ආකේඩ් එකට යන් ද..?" එයා එකපාට්ට ම ඇහුවා ම මං එයා දිහා බැලුව.
"එහ්? දැන් මොකට ද ඉක්මනට ම යන්න ඕනි කියල නේ ද මේ මළ පාන්දර මා ව ගෙන්න ගත්තෙ..!?" මට යමක් මීටර් වීගන එන්න ගත්තෙ එයාගෙ කුපාඩි හිනාව දැකල. "යාා.. තවුසෙ මාර පොරක්නෙ ඕයි.." මගෙ තූත්තුකුඩි බාසා සෛලිය ඇක්ටිවේට් උණේ අන්නෙහෙම..
"ඔව්.. ඔහේ ම කියුවෙ කලින්.. ජිමිනුත් කිව්ව ය බෝත් එකඟයි කියල.." එයාගෙත් ඇක්ටිවේට් උණා මයෙ හිතේ. මට දැනුණෙ මහා ලොකු සතුටක්.. යාළුකමක්වත් නැතිවෙයි කියල බයෙනු යි මං මෙතෙන්ට ආවෙ.
"යකෝ එහෙම යි කියල මෙහෙමත් ආතල් දෙනෝ ද මම් අහම්නෙ..!? ඇයි බං.." මං කිව්වෙ හිනාවෙවී..
"උඹට ඔහොම කතා කරන්නත් පුළුවම් නේ බම්.." මං කින්ඩියට හිනාවුණා..
"ඕන එකක් පුළුවම් ටමා.. වේ අහ්ජුස්ෂි..!?" ('ඇයි මිස්ටර්..!?') ඌත් කින්ඩියට හිනා වුණා.
"නෑ නෑ හාරි හාරි.. හරි ෆෙයාවෙල් එකක් ගම්නත් එපැයි.. යම්කො බං.. මොකද්දෝයි..!?"
"අනේ මේ පල පල යන්න.. මදැයි මගෙ හීනෙත් මග නවත්තල මළ පාන්දර දුවගෙන ආව. මූ දැන් මෙතන ආතල් දෙනව.."
(ඕටර් : අනේ මේ ඕකිට බැයි නං මා ව එක්කම් යම්න මණික. මම් එන්නං..😋👉🏻👈🏻😌
Jin Young : මොක, 'මණික'..? තමුසෙ කවු ද? එහෙම එක එකා ව එක්කගෙන යනෝ කියල ද හිතම් ඉම්නෙ..?😑
ඕටර් : නෑ මේ මේ..😀✨
Seo Ha : ඇයි, කවු ද බං Jin Young..?🙄
Jin Young : නෑ බම් මේ කොහෙ ද යන ඌරෙක්. පාර වැරදිලා ද කොහෙ ද..🙄😑
ඕටර් : හිකිස්.! යේකට නං හිත කැඩුණ හොඳේ.. ඌරෙක්ට කියලත් ගරුත්වයක් තියෙනව ඩෝ. ඇරත් කොහෙ ද යන නෙවි මම් හොඳ කුලවත් පරපුරකින් පැවත එන ගුණවත් පිම්වත් ෂූකරයෙ---😲💢
Jin Young : නිකං ඌරෙක් නෙවේ පිස්සු තද වෙච්චි ඌරෙක් ද කොහෙ ද.. යමු බං Seo Ha අපිටත් ජලභීතිකාව හැදෙයි..👀😑💔
ඕටර් : ඌරෙක්ටවත් ගරු කොරම්නැති මහ කූර ලෝකයක් මේක.. අහෝ !💔)
"හරි ඉටිම් බොට ඕන්නැත්තං හිටාම් මං තනියෙන් යන්නං.. බලෙන් ඇදන් යන්න උවමනාවක් නෑ මටත්.. හහ්! අපරාදෙ මම් ගාණෙ කන්න අරන් දෙන්නත් උන්නෙ.. කමන්නෑ ඒ ඔක්කොම සල්ලිවලින් මම් තනියෙන් කනව.."
මොකක් කියන්නෙ..? යකෝ ඕක මුලින් කිව්ව නං ඉවරයිනෙ ඕයි!
"අනේ එහෙම නිරපරාදෙ සල්ලි නාස්ති කොරම්නෙපා මචං.. අනික උඹ දන්නෝ ද අර කවු ද කියල තියනෝලු බං මේ.., මොකද් ද මේ.., ආ! කියල තියනෝලු බං..., බෙදාගෙන කෑවමලු බං ඒ කාපු එකේ වටිනාකමක් තියෙන්නෙ කියල..! බලහං නේ බං කොච්චර වටින කතාවක් ද..? සහතික ඇත්තනෙ.." මං උගෙ පිටටත් ගහල කියුව.
"හම්මට! නෑ.....! සිරා එහෙම කියල තියෙනෝලු ද..? ස්ස්ස්ස්ස්ස්!!! මාාර වැඩේ නේ මචං.." ඌත් සෙකන්ඩ් වෙන පාටක් නෑ. කමක් නෑ මාත් අතාරින්නෑ බ්‍රෝ. නොමිලේ කෑම වෙනුවෙන් ඕන දෙයක්.
"ඒකනෙ.. මාරයිනෙ.. මං නං කියන්නෙ බං අපි ඒ උත්තමය කියාපු එක පිළිපදිමු.. උඹ කෝමත් මාර පොරක්නෙ. මාර පොරවල් මාර වැඩනෙ කරන්නෝන.."
"ඇත්ත ද? මාර වැඩනේ කරන්නෝන..?"
"අනිව!"
"බං මං බටර් කන්න ආස නෑ. මාගරින් විතරයි කන්නෙ."
"ස්ස්ස්.. මාගරින් හොඳ නෑ පාම් ඔයිල් තියෙම්නේහ්හ්. අපෙ එහා ගෙදර සිරි ලංකන් ඇන්ටි කිව්ව එහෙ පාම් ඔයිල් තහනමුත් කළාලු. ඒ නිසා බටර් කන්න.."
"හම්මට!? තහනං කරල ද..?"
"ඔව්.!" මං ඔළුවත් වනල කිව්ව.
"අනෙ මේ වරෙම් බං යන්න.. රෙද්දක් කියවම්නෙ.." කියාගන්න දෙයක් නැති වෙලා ද කොහෙ ද ඌ හිනාවෙවී එහෙම කිව්ව. හෙහෙ. මාත් එක්ක කටගහල දිනන්න පුළුවම් එකෙක් තා ම හොයන් නෑ මන්. අඩු ම මයෙ ඔන්නිටවත් බෑ.
🕶ගැම්මක් ටමයි ඉටිම්..!🕶
"යං යං යං.." මාත් උගෙ බෙල්ලට අත දාම් කන්ද පහළට දුවම්න ගත්ත. උගෙ බෙල්ල දුවන මගෙ අතට ඇදිල එන්න ගත්ත නිසා කෑ ගගහ ම මාත් එක්ක දිව්ව.
"යා යා යා මගෙ, බෙල්ල ගලවන්න ද යකෝ හදන්නේ..!?"
"දුවපම්කො ඉටිම් කෙල්ල වගේ ගාටන්නැතුව..!"
"හඃ!"
මං හිතන්නෙ මං හොඳ දෙයක් නෙමේ කිව්වෙ.
"යාාාාාාාාාාාාාාා!!! හරකෝ!! ඕයී!!" මගෙ කරට අත දාම් අර දිගංචි කකුල් පුළුවම් තරම් දික් කර කර මාවත් ඇදගෙන කන්ද පහළට විදින්න ගත්තෙ නැතැයි.. මේ අෂරණ මම් කෝම ද සාම්ත ඒ වේගෙ අල්ලන්නෙ..!? ඇරත් මේ පල්ලමක්. තියන අඩියක් ගාණෙ මේ දැන් දෙන්නත් එක්ක පෙරළිල යයි කියල සාධාරණ බයක් මට දිගට ම තිව්ණ.
"හිමිං පලයම් යකෝ!!!" මං ආය කෑගැහුව.. කොහෙ ද.. පල්ලම ඉවර වෙලා පාරටත් එනකං ම දිවිල්ල කෙසේ වෙතත් විදිල්ල නෙමේ නැවැත්තුවෙ. කවද් ද ඉතිම් සිරාවට ම මම් කියන දෙයක් ඇහුවෙ..
නැවතුණාට පස්සෙ නැවතිලා දෙන්නත් එක්ක දෙකට නැවිල දණිස් අල්ලන් හති අරින්න ගත්තෙ ආපු මහන්සියට. හතිය අඩු කළා ම Jin Young කතා කළා.
"හ්හ්හ්... උදේටහ්හ්හ්.. දුවන එක හොඳයිලු..හ්හ්හ්..හ්හ්..."
"ඇත්ත දහ්හ්හ්හ්..? හ්හ්හරි බං එල..හ්හ්හ්..හ්හ්හ්.." ඒත් එක්ක ම මට ලොකු ඈනුමක් ගියා. හතිය නිස කට වහගන්නත් අමතක උණා..
"ආපෝ යකෝ.. ශික්! හොඳ වෙලාවට තා ම උදේට කාල නැත්තෙ. අමාසෙ ඇතුළත් පෙවුණ ඕයි.."
"අනේ පලෑම්.." මං ඌ ව පහු කරල ටිකක් ඉස්සරහට ගිහින් ආය පිටිපස්සට හැරුණ. "මං.., සැන්ඩ්විච් හතරක් ම කාල ආවෙ. හික්! චී නේ..!?" කියල කින්ඩියට හිනා වෙලා ආකේඩ් එකට පැත්තට යන්න ගියා. තව මීටර් 10ක්වත් නෑ මේ ඉස්සරහ පේනව. උගෙ මූණත් චී වෙන හැටි මං කුරිරු ෂටුටකින් බලම් උන්නෙ. ආව මෙතන මගෙ ආමාසෙ පරිමාව හොයම්න.. ඒ ගමන ටක් ගාල මං හරියට ආව.
"යකෝ මේ පාන්දර එච්චරත් ගිලල ද මේ තා කන්න යන්නෙ..?"
"දැම් මගෙ ආමාසෙ දැක්ක කිව්ව නේ..? මුකුත් නෑ කිව්වෙ ඒකෙ.. අන්නේකයි.. ඕනතරං ඉඩ තියනව." මං මගෙ බඩට දෙපාරක් තට්ටු කොරල අමුතු ආඩම්බරයක් මවන් ඉස්සරහට ගියා. ඇත්තනෙ ඉටිම්. කොයි වෙලාවෙත් ඒකෙ ඉඩ තියෙනව.
"අනේ අම්මාපල්ල.."
අපි දෙම්න ගිහිම් ඉටිම් ඔය එක එක විකාර කර කර ඇවිදිනවටත් වඩා තැන් තැන්වල නැවති නැවති කාපු එක ම තමයි කළේ. එයා ගා ව ඇතිවෙන්න නෙමේ ආය නැතිවෙන්න ම සල්ලි ගොඩකුත් තිබ්බ. එයාටත් වඩා මං තමා හිතෙන හිතෙන එක ගිල්ලෙ.
Jin Young's POV
එයා නං ඉක්මනට හිත හදාගත්ත වගේ.. ඒකට සතුටුයි ඉතිම්..
ඒත් මං..
මට තා ම බෑ.. කොච්චර කළත්.., ඒක කරන්න අමාරුයි. එයා ව උදෙන් ම ගෙන්න ගත්තෙත් අන්තිම වතාවට එයත් එක්ක හොඳ දවසක් ගත කරන්න ඕනි වෙච්ච නිසා. එයා යාළුවෙක්වත් නොවෙයි කියල බයකුත් නොතිබුණාමත් නෙවේ. ඒත් දැන් මෙහෙම වෙච්ච එක හොඳයි. මං හිතන්නෙ එයා අද තමා පළවෙනි වතාවට එයා විදියට මාත් එක්ක හිටියෙ. මං ළඟ දි මෙච්චර නිදහසකින් එයා කවමදාවත් හැසිරිල නෑ. ඒ ගැන මට සතුටක් තිබ්බ වගේ ම දුකකුත් නෑ කිව්වොත් වැරදියි ඉතිම්..
එයා පිස්සියෙක් වගේ දුව දුව තියන හැම ස්ටෝල් එකෙන් ම වගේ කකා හිනාවෙද් දි මං ඒ දිහා බලන් හිටියෙ මහ ගොඩක් ආසාවෙන්. එයා මාත් එක්ක කවමදාවත් මෙච්චර ලස්සනට හිනාවෙලා නෑ. මේ තරං ලස්සන හිනාවක් එයාට තියේ කියලවත් මං දැනගෙන හිටියෙ නෑ. ඒකට මගෙ පපුව ඉස්සරටත් වඩා වේගෙන් ගැහෙන්න ගත්ත. දැන් වෙලාවකට හිතෙනව මං එයා ව බැඳල දාල තියාගත්තදත් කියල.
හවස් වෙනකං ම එයා කීයක් දේවල් කෑව ද කියල මට ගාණක්වත් මතක නෑ. ඒ තරං හෙන ලෝඩ්ඩෙකක් ගිල්ල. කොහොම ගිලිනව ද මන්ද. මටවත් එච්චර කාගන්න බැරිවුණා. එයාගෙ මේ චරිතෙට තවත් ආදරේ කරන එක මට නවත්තගන්න බැරි උණා. මං අසරණයි.
කමක් නෑ ඔයා කොහොම මං ගැන හිතුවත්. ඔයා ජිමින් ව කසාද බැඳල මා ව මාමා කෙනෙක් කරත්.., එතකොටත් මං ඔයාට ආදරේ කරයි. ඒ තැන වෙන කාටවත් හම්බෙන එකක් නෑ.. ඒක විශ්වාසයි.
අපි පොඩි රවුම් මේසෙක ඉඳන් රෑටත් දැන් ම රමෙන් කකා හිටියෙ. එයා එකපාට්ට ම රෑට රමෙන් කමු කිව්ව ම මං ගැස්සිල ගියා. ඒත් එතන තියෙන්නෙ හිතවත්කමක් විතරයි කියල මතක් උණා ම මට ම හිනාවක් ගියා. එයාටත් සීන් එක ක්ලික් උණේ ඒ වෙලාවෙ ද කොහෙ ද..
"අහ්හ්.. හෙහ්.. කාලෙකින් කෑවෙත් නෑ.. හෙහෙ.." මට ආය ම හිනාගියත් ඔළුව වැනුවෙ 'හරි' කියන්න.
(කොරියාවෙ මෙන්න මෙහෙම මෙව්ව එකක් තියේ.. කොහොම ද දන්නව ද..? මෙහෙමයි.. තරුණ කෙනෙක් තවත් තරුණ කෙනෙක්ට 'එන්න, රමෙන් (රම්‍යොන්) කමු/කන්න..' කියල කිව්වොත් ඒකෙන් සැඟවුණු අර්ථයක් විදියට 'අද රෑට එනෝ ද ආන් අරක කරමු..?' වගේ එකක් අදහස් වෙනෝලු.. 'ආන් අරක' මොකද් ද කියල අහගන එම්නෙපා ඉටිම් දැන් හරිය.. කසනව වගේ නං ගූගල් ඔප්පට කියාල තම තමන් ම හොයාගම්න එකයි. මොක ද මම් මලක්.😌🌸🙌🏻)
එතකොට ම වගේ කවු දෝ කතා කළා.. ගෑනු කටහඬක්..
"ආ ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ස්.., මොකෝ වෙම්නෙ මේ..?"
***
මතු සම්බන්ධයි...
A/N
හා හා තෑන්ක්ෂ් කොරම්න ඕනි නෑ.. කටා ඩෙකක් එක ඩවසෙ ඩැම්මෙ මගෙ හොඳකම නිසා..😌✨
ආ තා දෙයක් කියම්න බැරිඋණානෙව.. සාම්තයිය බෝට්ටුවෙන් කොරියා පැනල.. ඒකයි ජින් යොන්ග්ට එයැයි ව සිහි උණේ..😌🔥
ඒනං මහා කුණු ලබ්බක් වූ මේ ගොබ්බ පතරංග ජාතකයේ අවසානයෙන් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගම්න මම,
ඔබේ ආදරණීය; සදාදරණීය; පිම්වත්; ගුණවත්; කුලවත්; විනයවත්;....-
.
.
ඇහ්?
ආ ඇථි ද? සොරි.
-ෂූකර්ස්-ssi..🐷🔥
Writing again on 23/07/2023
Reads 1 500යී!!! හිකිස්..
ඉම්හි ඉම්හි.
ෂටුටුඉ ඉටිම්..🤧
ආයි ඩාම්නෑ මේම.. කෝමත් ඉවර වෙම්න කලින් 100ක් එන් නැතිවෙයි.. ඉහික්..
තැම්කියු මයෙ පිම්වත් ඌරු පැට්ටො ටික..🥺💜
ඉම්හි ඉම්හි..
💜💜💜