CYPHER (Completed)

By Shey-Shooky

6.4K 1.9K 169

හීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්ම... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Epilogue

Prologue

1.4K 219 14
By Shey-Shooky


(කොරියානු පොප් සංගීත ක්ශේත්‍රයේ නවමු මානයන් විවෘත කරමින් BTS සංගීත කණ්ඩායම 21 වන සියවස තුල සංගීතයට අලුත්ම වර්ණයක් එක්කරමින් සිටියි.හුදෙක් කළාකරුවන්  යැයි කියාගත් පිරිසට නියම කළාකරුවන් යනු කවුරුන්දැයි යන්න ඔවුන් ඉතා සාර්ථකව පසක් කරමින් සිටියි.සිය කලා ජිවිතයේ පස්වෙනි වසරට අඩිය තබනා BTS යනු සාමාජිකයි සත් දෙනෙකුගෙන් සමන්විත පොප් ආරේ සංගීත කණ්ඩායමක්..කිම් නම් ජුන් , කිම් සොක් ජින් , මින් යුන් ගි , ජන්ග් හෝ සොක් , පාක් ජි මින් , කිම් ටේ හයොන්ග් , ජියොන් ජන්ග් කුක් යන තරුනයින් සත්දෙනාගෙන් සැදුම් ලත් BTS Bighit entertainment ආයතනය යටතේ සිය ගීත නිශ්පාදනය කරමින් සිටියි..ඔවුන් මේ සූදානම් වන්නේ ඔවුන්ගේ පස්වෙනි ස්ටූඩියෝ ගීත ඇල්බමය නිකුත් කරමින් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට සහ භාගි වීමට යි. )

මුලු හෝල් එකම පිරිලා ඉතිරිලා උන්නු එක එක චැනල් වල මාද්‍යවේදියෝ BTS සාමාජිකයන් ගෙන් සිය ප්‍රශ්න අහන අතරෙ තරුනයො හත් දෙනත් ඒ පරශ්න වලට විමසිල්ලෙන් උත්තර දුන්නා..හරිම නිහතමානීව හැන ප්‍රශ්නයකටම පැහැදිලිව උත්තරදෙන අතරෙම හැම කෙනෙක් එක්කම සුහදව හිනාවෙන්නත් එයාලා අමතක කරේ නෑ..මේ සාමකාමී මාධ්‍ය සාකච්ඡාව සම්පූර්ණයෙන් ම කනපිට හැරවෙන්න ගියෙ හරිම පොඩි වෙලාවයි..ඒ එක මාධ්‍යවේදිනියක් අහපු ප්‍රශ්නෙකින්..

"මං K - papers වලින්..මං කැමතියි මගේ ප්‍රශ්නය මින් සුගා ගෙන් අහන්න.."

කොන්ඩෙ කොටට කපල ලොකු කන්නාඩි දෙකකුත් දාලා සාමාන්‍ය කලිසමක් ඇදල උන්නු තරුණ මාධ්‍යවේදිනිය දිහා හොදින් බලන් ඉදලා හැගීම් විරහිත මූනකින් යුන්ගි මයික් එක අතට ගත්තා..

"දැනට මාස කිහිපයකට කලින් ඔබ ඔබේම නව ගීත එකතුවක් එලිදැක්වූවා..නමුත් විශාල පිරිසක් චෝදනා කරනවා එහි එක්ගීතයක පද රචනා ඉන්දීය ප්‍රසිද්ධ චිත්‍රපට ගීතයකින් සොරාගෙන කියල..ඒ වගේම ඒ ගීතය තුල නින්දා සහගත පද රච්නයක් අඩංගු වෙනවා කියල..ඒ ගීතයේ පද රචනය ඔබ විසින් ම කරපු එකක්.."

මාධ්‍යවේදිනිය ගේ වචන ඇහෙද්දි යුන්ගිට ටිකක් කේන්ති ගියත් නම්ජුන් ඔලුව වනල කිව්වෙ තරහ ගන්න එපා කියල..ඒ වගේම අනික් අයත් මූනට මූන බැලුවේ ඒ වගේ ප්‍රශ්නෙකට යුන්ගි කොහොම උත්තරයක් දෙයිද කියල..ඒත් යුන්ගි කතා කරන්න යද්දිම වගේ ඒ මාධ්‍යවේදිනිය ආයෙත් කතා කරා..

"ඒ වගේම සුගා ශී , ඔයාලා අලුත් ඇල්බම් එකට Love yourself , Self confidence වගේ තේමාවන් යොදාගෙන තියෙන්නෙ ඒ පරන වැරදි වහන්නද?"

ඒ වචන ඇහෙද්දි යුන්ගිගෙ කටකොනට ඉබේම හිනාවක් මතු උනා..

"ඔව් ඔය විදියෙ චෝදනා ගොඩක් මේ අවුරුදු පහ් පුරාවට අපිට ආවා..තවමත් එනවා..ඒත් කවුරුත් තාම ඔය හොරා ගත්තා කියන දේවල් ඔප්පු කරල නම් නෑ අගස්සි..අපි ඒ ගැන ආයතනය පැත්තෙන් ගන්න තියෙන උපරිම ක්‍රියාමාර්ග අරගෙනයි තියෙන්නෙ.මං නම් දකින්නෙ ඕවා අපේ ගමනට ආපු මඩ විතරයි.."

යුන්ගි මයික් එක මේසෙ උඩින් තියෙනවත් එක්කම තවත් මාධ්‍යවේදියෙක් කතා කරන්න හැදුවත් කලින් ප්‍රශ්න අහපු තරුන මාධ්‍යවේදිනිය ආයෙත් නැගිට්ටා..

"ඒත් 2020 දෙසැම්බර් තුන්වෙනිදා ප්‍රසිද්ධ ජයාරූප ශිල්පී බොක් ගුම් ඔබේ ආයතනයටත් ඔබේ කන්ඩායමටත් විරුද්ධව නීතිමය පියවර ගන්නවා.ඒ ගැන මොක්ද කියන්න තියෙන්නෙ.."

ඒ වචන ඇහෙනවත් එක්කම යුන්ගිගෙ ඉවසීමේ සීමාව පැන්නා..යුන්ගි කතා කරන්න යද්දිම නම්ජුන් මයික් එකාතට අරන් කතා කරා. 

"ඒ සම්බන්ධව නීතිමය කටයුතු කෙරීගෙන යනවා..වැඩිදුර තොරතුරු ආයතනයෙන් ලබාගන්න පුලුවන්..මොකද අපි ආයතනයේ කලාකරුවන් විතරයි..ඒ හැම ගීතයකම නීතිමය අයිතිය තියෙන්නෙ bighit ආයතනයට.."

"ඔයාලා හරි ලේසියෙන් ප්‍ර්ශ්න වලින් පැනල යනවනෙ නම්ජුන් ශි..'

ඒත් එක්කම මැනේජර් සේජින් එතනට ඇවිත් මාධ්‍ය සාකච්ඡාව අවසන් කරල BTS ලව එතනින් ඉක්මනට අරගෙන ගියා..ඒ වෙනකොටත් යුන්ගි වගේම ජන්ගුකුත් උන්නෙ හොදටම කේන්තියෙන්..මොකද අලුත් සිංදුව ගැන එයාලට කතා කරන්න ලැබුනෙ බොහොම ටිකයි..

"කොහෙන් ආපු පත්තර කාරියෙක්ද හයොන්ග් ඒ"

රෙස්ට් රූම් එකට ආපු ගමන් හෝබි තරහින් කෑ ගැහුවා..යුන්ගි ෆෝන් එකත් ඔබ ඔබ එහෙම්ම සෝෆා එකට වැටුනා.හැමෝආ උන්නෙ ටිකක් නොසන්සුන් ව..නම්ජුන් හෝබිගෙ පිටට තට්ටුවක් දාල යුන්ගි ගාවින් වාඩි වෙද්දි ටේමින්කුක් කොෆී කප් තුනකුත් අරගෙන ඉස්සරහින් වාඩි උනා..

"මඩ හොබ්බා..මඩ..මොකක් හරි ඒජන්සියකින් වෙන්න ඇති."

ජිනුත් කතාවට එකතු උනේ මේ වෙලාවෙයුන්ගි ඉන්නෙ හොදින් නෙවේ කියල දන්න නිසා..

"නෑ හයොන්ග්..මට ඒ ගැන මීට වඩා බලන්න තිබ්බා..ඒක ටීම් එකේ නමටයි හොද නැත්තෙ..ශිට්"

යුන්ගි ෆෝන් එක සාක්කුවෙ දාගෙන ඇස් පියාගත්තෙ හිත සන්සුන් කර ගන්න..එතකොටම මැනේජර් සේජින් ඇතුලට ආවා..

"ලමයි වාහනේ ලෑස්තියි…"

හැමෝම ඩෝම් එකට යන්න ලෑස්ති වෙලා තම තමන්ගෙ බඩු ටික අතට ගත්තා..ඒත් යුන්ගි නම් තාම උන්නු විදියමයි..

"යුන්ගියා යමු"

"ඔයාලා යන්න හයොන්ග්..මං තව ටිකකින් එන්නම්.."

යුන්ගි එහෙම කියල සෝෆාඑකේ ඇල වුනා..නම්ජුන් පොඩි තුන්දෙනාට යන්න කියල යුන්ගි ගාවට ආව..

"හෙට ශූට් එකට රෙඩි වෙමු හයොන්ග්..ඕක අපි පස්සෙ බලමු."

"ආහ් නම්ජුනා ශූට් එක පෝස්පෝන්ඩ් කරා කියල සේජින් හයොන්ග් කිව්වා..මට කියන්න අමතක උනා.."

හෝබි බෙල්ලත් කස කස කියද්දි ජින් ඇවිත් හොබියගෙ ඔලුවට ගැහුවා..

"යා ඕක හෙටම කියන්නෙපැයි..තව පොඩ්ඩෙන් මං හෙට පාන්දර ඇහැරෙනවා."

"අමතක උනානෙ"

හොබි ජින් එක්ක හුරතල් වෙවී කියද්දි යුන්ගි ඇස් ඇරල බර හුස්මක් අරන් කතා කරා..

"මං පොඩ්ඩක් ඇවිදින්න යනවා.."

"මොකක්...හයොන්ග්…"

නම්ජුන් , ජින් , හොබී තුන් දෙනාගෙම කටවල් ඇරිලා..වෙනදට ඇවිදින්න යමු කිව්වත් බෑ කියල කෙනාට අද ඇවිදින්න හිතිලා.

"ඔයාලා යන්න අර තුන්දෙනා මොනා කරගනීද දන්නෑ..මං ටිකක් රෑ වෙලා එන්නම්.."

"අනී යුන්ගියා තනියෙන් කොහෙවත් යන්නෙ නෑ..නම්ජුනා හොබා එක්ක ඩෝම් එකට යන්න මං යුන්ගියා එක්ක ඉදල එන්නම්.."

ජින් කිව්වෙ යුන්ගි ගැන දන්න නිසා..හිතේ අමාරුවට යුන්ගි මොනා කරයිද කියල කොල්ලට සැකයි..

"හයොන්ග් ඩෝම් එකට යන්න..පොඩි තුන්දෙනාට බඩිගිනි ඇති...මං යුන්ගි හයොන්ග් එක්ක ඉන්නම්.."

නම්ජුන් කියද්දි ජින්ට මතක් වුනේ කෑම ගැන..නම්ජුන්ට යුන්ගි එක්ක ඉන්න කියල ජින් හොබී දෙන්නා සේජින් එක්ක අනික් වාහනෙන් ඩෝම් එකට ආවා..ස්ටූඩියෝ එකට වෙලා ටික වෙලාවක් උන්නු යුන්ගි අදුරු වැටීගෙන එද්දි නම්ජුන් එක්ක ම ඩෝම් එකට එන්න පිටත් උනා..හන් ගගගාවින් එද්දි දැනුනු අමුතු හැගීමක් නිසා යුන්ගිට ටිකක් ඇවිදින්න හිතුනා..නම්ජුන් යුන්ගි දෙන්නා වාහනෙන් බැහැලා වැඩිය සෙනග නොගැවසෙන පැත්තක ගග ඉවුරට ඇවිත් ටිකක් ඇවිද්දා.

"මට අර කෙල්ලව හොදට දැකල පුරුදුයි වගේ නම්ජුනා"

"මොන කෙල්ලද හයොන්ග්"

"අර ජනලිස්ට්...මාර හුරු ගතියක් දැනුනෙ"

නම්ජුන් යුන්ගි එක්ක ලග තිබුනු ගල් බංකුවක වාඩි උනා...දෙන්නම කලුවරේ හදඑලියට දිලිසෙන හන් ගගේ වතුර දිහා බලන් උන්නෙ කාලෙකින් ලැබුනු නිදහස විදින ගමන්..

"හයොන්ග් ටෙන්ශන් වෙලා ඉන්නෙ.මේ වැඩ ටික ඉවර උනු ගමන් රෙස්ට් එකක් ගමු හයොන්ග්..එතකොට ඔය ප්‍රශ්න අමතක වෙලා යයි..අනික ඒ දේවල් බෑන්ග් පීඩී නිම් බලා ගනි.."

"නෑ නම්ජුනා.මං මගේ සිංදු ගැන මීට වඩා සෙවිල්ලෙන් ඉන්න ඕන.අර කෙල්ල ගැනත්"

යුන්ගි අන්තිම වචන ටික කිව්වෙ ඇහෙන නෑහෙන ගානට..ඒත් එක්කම වගේ කවුරු හරි ලග තිබ්බ ගහකට මුවා වෙනවා යුන්ගි දැක්කා..හද එලියට යුන්ගිට පෙනුනෙ කවුරුහරි කෙනෙක් කැමරාවක් අතේ තියන් තමන්ගෙ ෆොටො ගන්න බලන් ඉන්නවා..මේ දේවල් යුන්ගිට හුරු උනත් අද උනුදේවල් එක්ක යුන්ගිට මහ අමුත්තක් දැනිලා ක්ශනිකව ඒ පැත්තට දුවගෙන ගියා..

"ඒයි ඔහොම ඉන්නවා"

යුන්ගි කෑ ගහගෙන යද්දි නම්ජුනුත් කලබල වෙලා යුන්ගි පස්සෙන් ආවා..මේ වෙනකන් ගහ පිටිපස්සෙ උන්නු සම්පූර්ණ කලු ඇදගෙන මූනත් වැහෙන මාස්ක් එකා දාගෙන උන්නි මනුස්සයා දුවන්න හැදුවත් යුන්ගි ඒ මනුස්සයගෙ ඇදුමින් අල්ලගද්දි අනික් පැත්ත හැරුනු මිනිහා යුන්ගිව තල්ලු කරා..

"හයොන්ග් බලාගෙන"

නම්ජුන් එතනට ආවාත් ඒ මිනිහා යුන්ගි නැගිටින්න කලින් එතනින් දුවල ගිහින් බයික් එකක නැගල එතනින් පැනල ගියා.ඒත් එක්කම යුන්ගිලගෙ ඩ්‍රයිවර් එතනට ආවත් ඒ වෙනකොට ඒ මිනිහා එතනින් ගිහිනුත් ඉවරයි..

"ශිට්.."

යුන්ගි තරහෙන් කැ ගැහුවා..වටපිට බලපු නම්ජුන් දැක්කෙ එතන එහාට වෙන්න කඩේක තිබුනු CCTV කැමරා..ක්ලබලෙන් උන්නු යුන්ගිවත් එක්කගෙන නම්ජුන් ඉක්මනට ඩෝම් එකට ආවා..උනු දේවල් අනික් අයට නොකියා ඉන්න කතා කරගෙන ඩෝම් එකට ආපු ගමන් යුන්ගි කාමරේට ගියත් නම්ජුන් ට නම් ජින් ගෙ ප්‍රශ්න වලින් බේරෙන්න බැරි උනා..

"යා නම්ජුනා..කෝල් කීයක් ගත්ත ද..සේජින් හයොන්ග් හොයන්නත් ගියා.."

"හන්ගග ගාව ටිකක් ඇවිද්දා හයොන්ග්"

නම්ජුන් කියද්දිම එතනට ආවෙ ජිමින්..නම්ජුන් ගෙ කතාව ඇහිලා ජිමින් කෑ ගහන්න ගත්තා..

"කුකියා..ටේයොවා..මෙන්න අපිව දාලා නම්ජුනි හයොන්ග් කා හන් ගග ට ගිහින්…"

දැන් ඉතින් මැක්නියො තුන් දෙනා ඇවිත් මෙතන හොද නාඩගමක් නටනවා කියල දන්න නිසා නම්ජුන් අඩියට දෙකට පඩිපෙල නැගල කාමරෙට ගිහින් දොර ලොක්කර ගත්තා..පොඩි තුන්දෙනා නම්ජුන් ට කරදර කරත් යුන්ගි ගෙන් නම් මලාට ඕක ගැන අහන්නෑ කියල නම්ජුන් දන්නවා..

"හයොන්ග් මේ දොර අරින්නකෝ"

ජන්ගුක් නම්ජුන්ගෙ කාමරේ දොරට ගහ ගහ කතා කරනවා..නම්ජුන් ඇහුන්නෑ වගේ වොශ් දාගත්තෙ ටේමින්කුක් නම්ජුන් යුන්ගි දෙන්නට බැන බැන කෑගහ්ද්දියි..එ වගේම නම්ජුන් සේජින් ට කතා කරල හන්ගග ගාව තිබ්බ කැමරා චෙක් කරල ඒ මිනිහා ගැන තොරතුරක් හොයා ගන්න කියන්න අමතක කරේ නෑ..මොකද නම්ජුන් ටත් ඒ මිනිහා ගැන තිබ්බෙ ලොකු සැකයක්..

පහුවදා ෆොටෝ ශූට් එකත් නොතිබුනු නිසා කොල්ලො ටික වෙනදා වගේම ප්‍රැක්ටිස් කරා..හවස් වෙනකන් ප්‍රැක්ටිස් කරල පොඩි විවේකයක් අරගත්තා..යුන්ගි තමන්ගෙ ස්ටූඩියෝ එකට ගියෙ විවේකයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ටිකක් නිදා ගන්න..මොකද රෙස්ට් රූම් එක ටේමින්කුක් බදු අරන් තිබ්බෙ..යුන්ගි ඇස් පියා ගන්න හද්දිම නම්ජුන් කොලේකුත් අරගෙන යුන්ගිව හම්බෙන්න ආවා.

"හයොන්ග්…"

"දේ නම්ජුනා.."

"හයොන්ග් ඊයෙ අර මිනිහා ගැන මං සේජින් හයොන්ග් ට බලන්න කිව්වා..ඒත් වැඩි විස්තරයක් හම්බෙලා නෑ..CCTV වලින් බයික් නම්බර් එක හොයාගෙන චෙක් කරල..මේ තියෙන්නෙ බයික් අයිතිකාරයගෙ විස්තර…"

යුන්ගි කොලේ අතට අරන් බලන්න හැදුවත් නම්ජුන් ආයෙමත් කතා කරා..

"ආ හයොන්ග් අර කෙල්ල K papers වල වැඩ කරන කෙනෙක් නෙවේලු..එයාලගෙ ජනර්ලිස්ට් අසනීප වෙලා ඇවිත් නෑ..මං හිතන්නෙ කාගෙ හරි වැඩක් ඕක.."

නම්ජුන් එහෙම කියල ස්ටූඩියෝ එකෙන් පිටවෙලා ගියා..යුන්ගි බර හුස්මක් අර අතේ තිබ්බ කොලේ බැලුවා..ඒ කොලේ තිබ්බ නම , වගේම ෆොටෝ එක දැකපු යුන්ගිට හුස්ම ගන්නත් අමතක උනා..

"හනී නූනා "

යුන්ගිගෙ ඇස් වලට කදුලු උනද්දි කොල්ලා තමගෙ ජීවිතේ වලදාපු අදුරු අතීතෙ මතක අතරෙ හිර වුනා..

To be continued 

(හුදෙක් රසික ප්‍රබන්ධයක් පමණි)

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

CYPHER  කියන්නෙ ටිකක් අදුරු කතාවක්..ඒ වගේම 100% ක් මා විසින් නිර්මාණය කරපු රසික ප්‍රබන්ධයක්..මේ කතාවෙ කිසිම සිදුවීමක් අයිඩල් ගෙ ජීවිත කතාවට සම්බන්ධ නෑ..

ශෙහා 💜️

Continue Reading

You'll Also Like

298K 51K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
212K 44 1
មីន-យុនហ្គី ♥︎ ស៊ូ-ហ្វីឡា នាងមានឈ្មោះជាកូនបំណុលរបស់គេ មានតួនាទីដោះបំណុលជំនួសឳពុក បើគ្រួសារនាងមិនមានប្រាក់គ្រប់គ្រាន់មកសងគេវិញដល់កាលកំណត់នេះទេ ដូចឆ្នេ...
2K 666 40
" I would not be here If you did not come .. So You are the reason I stay alive today .. " Start Date 📆 : 2022.02.18 End Date 📆 : 2...
43.1K 6.2K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...