THE BOXER || JJK ✔️

By _nim_nim_

23.2K 5.8K 1K

" ජීවිතය බොක්සින් වළල්ලක් ඇතුලේ ගෙවෙන සටනක් වගෙ.. අපි හැමෝම ඒ වළල්ල ඇතුලේ ජීවිතය වෙනුවෙන් සටන් කරන, අරගල කරන... More

DISCLAIMER
පෙරවදන
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 වන කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 වන කොටස
15 කොටස
16 කොටස

17 කොටස ( අවසාන කොටස )

1.7K 387 196
By _nim_nim_

" උබ හිතුවද අපිව රවට්ටන්න... මීනීමරුවා.."

මාක් ඇදන් වැටෙද්දි මාක් ලඟට ගිය ජන්ග්කුක් කිව්වේ මාක්ගේ මූණ පාගන ගමන්... ඒ එක්කම ජින් ජයග්‍රාහි හිනාවක් අරගෙන ලඟ තිබුන පුටුවකින් වාඩි වෙද්දි යුන්ගි බලන් හිටියේ මුකුත් හිතාගන්න බැරුව...

" මෝ???? මිනීමරුවා?? "

යුන්ගි ජන්ග්කුක් දිහාවට කෑගහගෙන එද්දි ජින් අතෙන් නවතින්න කියලා සන් කරලා ජින්ගේ සාක්කුවේ තිබුන මාක්ගේ id එක බිමට විසි කලා...

" ඔහේ...! අසරණ මිනිස්සු නිරපරාදේ මරලා දැම්මා... උබව මං අද පණ පිටින් මරනවා..."

ජන්ග්කුක් තමන්ගේ කකුල තවත් තද කරද්දි මාක්ගේ කටෙන් ලේ ආවත් මාක් දිගටම කලේ වියරුවෙන් වගේ හිනා උන එක විතරයි... ඒ එක්කම මාක්ගේ ලඟට ආව ජින් ජන්ග්කුක්ව එහාට කරලා මාක්ව නැගිට්ටෙව්වා .. තාමත් නොනවත්වාම හිනා වෙන මාක්ව දැකලා ජන්ග්කුක් කේන්තියෙන් අත මිට මොලවගද්දි ජින් ජන්ග්කුක්ව නැවැත්තුවේ මාක්ට ජන්ග්කුක්ගේ පාරවල් දරාගෙන ඉන්න බෑ කියලා දන්න නිසයි

" මාක් තමුසේ මට මේක කියනවා... ඇයි ඒ අහිංසක මිනිස්සුන්ව මරලා දැම්මේ?? "

" අහිංසක?? හහ්... උන් අහිංසකද? තමුසේ දන්නවද ඔය වගේ කාලකණ්ණි කීයක් නම් සෝශල් මීඩියාවලින් අනිත් මිනිස්සුන්ගේ ජීවිත විනාස කරනවද කියලා... ඒ වගේ උන් මං අයින් කරලා දාපු එක විතරයි කලේ .. ඔය වගේ කාලකණ්ණි නැති ලෝකේ මීට වඩා හොඳ වෙන්න තිබ්බා..."

මාක් කට කොනට ගත්තු හිනාවක් එක්ක කියද්දි ජින් මාක්ගේ කොලර් වලින් අල්ලගත්තේ කේන්තියෙන් රතු උන ඇස් වලින් කඳුලු කැට එක දෙක ගලාගෙන එද්දියි..

" එහෙනම් මොන එහෙකටද යකො උබ අර අහිංසකයෝ තුන්දෙනාව මරලා දැම්මේ...?? ශිට්.... "

ජින් කිව්වේ මාක්ට පාරක් ගහන ගමන්... කිසිම පසුතැවීමක් නොතිබුන මාක්ගේ මූණේ තිබුනේ හිනාවක් විතරමයි..

" දේ.... උන් තුන්දෙනාම අහිංසකයි... ඒත්....... ජොන්ග්... ජොන්ග් අනවශ්‍ය දේකට මැදිහත් උනේ... මගේ අතෙන් උන පොඩි වැරැද්දකින් මිනිහා මාව අල්ලගත්තා.... මං බොඩී එකක් දාලා දුවද්දි මගේ NIS id එක වැටුනා.. මිනිහා කොහොමත් මගේ පස්සේ වැටිලා හිටියේ.. ඒත් ප්‍රමාණවත් සාක්ෂි තිබුනේ නෑ ජොන්ග්ට... මිනිහා අනික් අයටත් කියන්න කලින් මං මරලා දැම්මා... එදා ජොන්ග් තනියෙම නෙමෙයි තව කෙල්ලො දෙන්නෙක් එක්ක ඉඳියේ... මං ඒ දෙන්නවත් මරලා දැම්මා... ඒක මාර ෆන් වැඩේ... හහ්... ඒ කෙල්ලො දෙන්නා වැඳ වැටෙන ගමන් මගෙන් ජීවිතේ ඉල්ලුවේ.."

" ආයිශ්.... උබ...."

ජින් තිබුන කේන්තියටම ලඟ තිබුන පුටුවෙන් මාක්ට දමලා ගහද්දි මාක් සිහි නැතිව ඇදගෙන් වැටුනා... ඒ එක්කම ජින් හැරුනේ හ්‍යුන් ශික් දිහාවට...

" තමුසේ... තමුසේ මොනාද දන්නෙ කියනවා..."

ජන්ග්කුක් හ්‍යුන් ශික්ගේ බෙල්ලෙන් අල්ලලා අහද්දි යුන්ගි ජන්ග්කුක්ව එහාට කලා..

" ම්....මාක්.... මාක් ලඟ මගෙ මල්ලි ඉන්නේ.... එයා වැකේශන් වලට කොරියාවට ආවේ... ඒත් මාක් එයාව කිඩ්නැප් කලා... මේ වෙනකන් මම මාක් කියපු විදියට වැඩ කලේ ඒකයි..."

" තමුසේ... තමුසේ දන්නවද මේ කරපු දේවල් වල බරපතලකම... ශිට්...."

" ආහ්..."

යුන්ගි ආපු කේන්තියටම හ්‍යුන් ශික්ට පාරක් ගහද්දි හ්‍යුන්ග් ශික් කලේ වේදනාවෙන් කෑ ගහපු එක විතරයි

" ම්..මියානේ ඒත් ම්..මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ... මාක් හැමදාමත් මට එක එක ගර්ල්ස්ලාගේ ෆොටෝස් එවනවා... එයාලා හොස්පිටල් එකට ආවම මම මගේ කෙනෙක් ලව්වා ස්පෙශල් වෝඩ් එකකට ඇඩ්මිට් කරලා මාක්ට යවන එකයි කරේ... මාක් හොස්පිටල් එකෙන් ගෑස් ජාති, සර්ජරි ටූල්ස් වගේ දේවලුත් මගෙන් ගත්තා.. මේ දේවල් මම කිව්වොත් මල්ලිව මරලා දානවා කිව්වා... මාක්ට ඒක කරන්න බැරි නෑ... මාක් ඒ තරම් තිරිසන් මිනිහෙක්... එයා සයිකොපාත් කෙනෙක්..."

" ආයිශ්... ඒක තමා මූ හිතක් පපුවක් නැතුව මරලා දාන්නේ... ශිට්... ආහ් හ්‍යුන් ශික් මට ඔහේව මේකෙන් පහලට දාන්න තරම් කේන්තියි... කොහොමත් ඔහේවත් ඇතුලට දාලා මිසක් මම නවතින්නේ නෑ..."

යුන්ගි ආයෙම හ්‍යුන් ශික්ට පාරක් ගහන ගමන් කිව්වා.. ඒ අතරේ ජින් ජන්ග්කුක් දෙන්නා මාක්ගේ මූණට ගහලා ගහලා ඇහැරවගෙන ආයෙම අත්වැටට හේත්තු කලා...

______________________________________

Jungkook pov~

මම ජින් හ්‍යුන්ග් එක්ක අමාරුවෙන් මාක්ව ඇහැරවගෙන අත්වැටට හේත්තු කලා.. මාක් ආයෙම වියරු හිනාවක් ගද්දි මට හිතුනෙම ඌව එතනම ඉවරයක් කරලා දාන්න... ඒත් මේ දේවල් වලට හේතුව දැන ගන්න ඕනේ නිසාම මම ඉවසන් ඉඳියා...

" මාක්... ඕයි.... මාක්..... තමුසෙට ඇහෙනවද......."

මම මාක්ගේ මූණ දෙපැත්ත තදින් අල්ලද්දි මිනිහා අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා...

" හහ්... මහ ලොකු ඒජන්ට්ලා... තමුසෙලට කිසි වැඩක් කරගන්න බෑ... මම හෙන සිම්පල් ගේම් එකක් කලේ...... "

මාක් එයා කරපු දේවල් එකින් එක වමාරන්න ගත්තේ හරි උජාරුවෙන් .... මාක් කරලා තියෙන්නේ හැකින් යූස් කරලා එයා තෝරගත්තු ප්‍රසිද්ධ කීපදෙනෙක්ගේ සෝශල් මීඩියා වල හැසිරීම බලන එක... හෙමින් හෙමින් විස්තර හොයලා බලද්දි අනවශ්‍ය දේවල් වලට යොමු වෙලා ඉන්න ගෑනු ලමයි තමයි මාක්ගේ ටාගට් එක උනේ... මාක් එයාලා ගැන අවදානෙන් ඉදලා කිඩ්නැප් කරලා එයාම ඇම්බියුලන්ස් එකකින් ගිහින් දාලා හ්‍යුන් ශික් කිව්ව විදියට තමයි අනික් දේවල් කරලා තියෙන්නේ...

මාක්ට අනුව ip address එක නොමඟ යැවීමක්... මාක් NIS එක ඇතුලේ ඉදගෙනම ජොන්ග් හොයාගත්තු හැමදේම මකලා දැම්මා වගේම මැරුණ අයෙගෙත් එකවුන්ට් හැන්ඩ්ල් කරලා... ඒ වගේම ලඟදි මැරුන පිරිමි ලමයිනුත් අනවශ්‍ය දේවල් කරලා ගොඩ දෙනෙක්ට කරදරයක් උන අය... මාක් ඒ හැමෝගැනම අවදානෙන් ඉදලා තමයි මේ දේවල් කරලා තියෙන්නේ ... ඒකට හේතුව මාක්ගේ ලමා කාලය... මාක්ගේ අප්පට මේ වගේම සෝශල් මිඩියා වලින් හම්බුන කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා... ඒක දුර දිග ගිහින් මාක්ගේ ඔම්මා මාක්ව දාලා යද්දි මාක් තමන්ගේ අත් දෙකෙන්ම තමන්ගේ අප්පව මරලා දාලා ඒකට වෙන කෙනෙක්ව අහු කරලා දීලා තිබුනා.. ඒ වගේම 2016 දි ඉදිරිපත් උන කෙනා මාක්ගේ බලපෑම මත පොලීසියට භාර උන කෙනෙක්..

" යුන්ගියා... හ්‍යුන් ශික්ව අරගෙන මෙතනින් යන්න... අපි මූ ගැන බලාගන්නම්.. "

" ඒත් හ්‍යුන්ග්?? "

" යන්න..."

ජින් හ්‍යුන්ග් දැඩිවම කියද්දි යුන්ගි හ්‍යුන්ග් හ්‍යුන් ශික්වත් අරගෙන යන්න ගියා... හ්‍යුන් ශික් කියන්නේ මේකේ ඉත්තෙක් විතරක් උනත් එයාටත් සැලකිය යුතු තරමේ ලොකු දඬුවමක් ලැබේවී...

" මාක්... මම තමුසෙව ඉවරයක් කරනවා අද... උබ මහ @%&#*# .... ශිට්...!!! "

මාක්ව උස්සලා ගත්තු මම පාරවල් කීපයක්ම ගහද්දි මාක්ගේ මූණේ හැමතැනම තුවාල උනා... ඒ එක්කම මම මාක්ව ජින් හ්‍යුන්ගේ පැත්තට තල්ලු කර්ද්දි හ්‍යුන්ග්ට තුවාල වෙලා තිබුනත් සැර පාරවල් කීපයක්ම මාක්ට වැදුනා... ගුටි කාලා හෙම්බත් වෙලා ඉඳපු මාක් බිම ඇදන් වැටිලත් වියරුවෙන් හිනා උන එකයි උනේ...

" මං දිනලා ඉවරයී .... උබලට බෑ මට මුකුත් කරන්න... පොලීසියට මාව දුන්නම බේරෙන්න බෑ කියලද හිතන්නේ..? "

" පොලීසියට?? හහ්... හ්‍යුන්ග් මූ හෙන පව්... උබව අද පොලීසියට නෙමේ යම ලෝකෙට යවන්නේ..."

මම තිබුන තරහටම ලඟ තිබ්බ යකඩ පුටුවෙන් මාක්ගේ කකුල් දෙකට ගහගෙන ගහගෙන ගියේ මරන්න තරම් කේන්තියෙන් ...

" ආහ්ම්......ම්ම්...............ආආඅ.........."

" දැන් තේරෙනවද ඒ වේදනාව උබට...??? "

ජින් හ්‍යුන්ග් කිව්වේ එයාගේ බූට්ස් අස්සේ තිබුන කිනිස්සක් මාක්ගේ ඇඟ හරහ අරගෙන යන ගමන්....

" හහ්... ජින් ජින්..... ඔහේගේ මූණ දකිද්දි මට මතක් වෙන්නෙම අර කෙල්ලව.... ශහ්... මං ඉස්සරහා වැඳ වැටෙද්දි ඒ............"

" ආහ්.........මං මූව අද මරනවා...."

මාක් කියලා ඉවර කරන්න කලින්ම ජින් හ්‍යුන්ග් කකුලෙන් මාක්ට ගහගෙන ගහගෙන යන ගමන් ගන් එක ලෝඩ් කලා... මං ඒ එක්කම හ්‍යුන්ග්ව එහාට තල්ලු කලේ මටත් මාක් එක්ක තරහක් තිබුනත් හ්‍යුන්ග් මේ වගේ කලොත් මිනිහා මැරෙන නිසයි...

" හ්‍යුන්ග් ... අපි මූව එක පාර නොමරා ඉමු... මූට ජිවීත කාලේම විඳවන්න දෙන්න ඕනේ... අපි වගේම හැම රෑකම හෙට එලි උනේ නැත්තං කියලා මූ හිතෙන්න ඕනේ "

මං හ්‍යුන්ගේ පිටට තට්ටු කරන ගමන් කිව්වෙ මාක් ලේසියෙන් මැරිලා ගියොත් අපි කරපු දේවල් වතුරේ ගියා වගේ වෙන නිසයි....

" යාහ්....... කුකී මු එක්කම.... මාවත් මරපන්.... ශිට්.... මට සැනසීමක් නෑ ..... මං රෑ කීයක්.... විඳවන්න ඇතිද... මේ බ$@& නිසා.... ම්..මට බෑ... කුකී.... මට අර.... අහිංසකීගේ මූණ.... මැවිලා පේද්ද..... පපුව...... හිර වෙන්න වගේ...."

ජින් හ්‍යුන්ග් මාව බදාගෙන අඬද්දි මං හ්‍යුන්ගේ අතෙන් අල්ලන් හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට...

මූ හිටියත් එකයි නැතත් එකයි...

එහෙම හිතලා ජින් හ්‍යුන්ගෙන් මෑත් වෙලා මම ගියේ මාක් ලඟට...

" හහ්.... උබලා මහ දුර්වලයෝ.... ම්..මට මුකුත් කරන්න වෙන්නෙ නෑ උබලට..."

මම මාක්ව අත් දෙකෙන් උස්සද්දි මාක් කිව්වේ අමාරුවෙන්... මිනිහා තාමත් ජීවත් වෙන එකත් පුදුමයි... මොකද ඒ තරම් ගුටි කෑවා මිනිහා ....

" ශිට්.... උබ හිටියත් නැතත් එකයි...."

මං මාක්ට ආයෙම පාරක් ගහද්දි මාක් හිටියේ පහළට වැටෙන්න ඔන්න මෙන්න... තවත් පාරක් ගහද්දි මාක්ගේ කටෙන් වැටුන ලේ මගේ ඇඟ පුරා විසිවෙද්දි මම අඩියක් පස්සට ගියේ ලේ පිහිදන ගමන්... ඒත් අපි නොහිතුව විදියට මාක් අත් වැටෙන් බිමට පනින්න යද්දිම ජින් හ්‍යුන්ග් මාවත් තල්ලු කරගෙන ගිහින් මාක්ගේ ඇඳුමෙන් අල්ලගත්තා...

" යාහ්.......... දඟලන්නේ නැතුව ඉඳපන්...."

ජින් හ්‍යුන්ග් කෑ ගහද්දි මාත් මාක්ගේ අනික් අතෙන් අල්ල ගද්දි ජින් හ්‍යුන්ග් අල්ලන් හිටපු අත අතෑරුනේ හ්‍යුන්ගේ තුවාල තාමත් හොඳ නොවුන නිසයි..මං මාක්ගේ අතෙන් පුලුවන් තරම් හයියෙන් අල්ලන් ඉද්දි මාක් වියරු හිනාවක් රඳවන් එක වරම අතේ තිබුන කිණිස්සකින් ජින් හ්‍යුන්ගේ බෙල්ල හරහා යවද්දි හ්‍යුන්ග් ඇදන් වැටුනා... ඒ එක්කම මාක්ගේ අත මගේ අතෙන් අතෑරෙද්දි මම ජින් හ්‍යුන්ග්ව අල්ල ගත්තා...

" හ්....හ්‍යුන්ග් ........... හ්‍යුන්ග් චේබල්.... ඔහොම ඉන්න...."

මම අත්දෙකෙන්ම හ්‍යුන්ගේ බෙල්ල ලඟ තුවාලේ අල්ල ගෙන අනික් අයගෙන් උදව් ඉල්ලලා පුලුවන් තරම් කෑ ගැහුවා...

" හ්..හ්‍යුන්ග් ඔහොම ඉන්න.... ඉක්මනට යන් හොස්පිටල් එකට...ප්ලීස්... අනේ ඇස් ඇරන් ඉන්න..."

" ය්..යහ්...ම්..මේක..... ප්..පොඩි කට් එකක් විතරයි...... ප්..පොඩි එකෙ..ක් වගෙ...... අ..අඬන්න....එපා...."

" හ්..හ්‍යුන්ග් .... අනේ.... "

මං කෑගහලා අඬන සද්දෙට උඩට ආව අනික් හ්‍යුන්ග්ලා ටික ජින් හ්‍යුන්ග්ව උස්ස ගද්දි මම බෙල්ලට අත තියාගෙනම ඉඳියා... හ්‍යුන්ග් කිව්වා වගේ පොඩි කට් එකක් උනත් ටිකක් ගැඹුරට කැපුන නිසා ඒකෙන් හුඟක් බ්ලීඩ් උනා... උඩම තට්ටුවේ ඉඳපු නිසා පහළට යන එක ගොඩක් අමාරු උනත් අපි ඉක්මනට ජින් හ්‍යුන්ග්ව කාර් එකට දාගත්තේ ඇම්බියුලන්ස් එකක් එනකන් ඉන්න බැරි නිසයි ...

" ආයිශ්..... යාහ් නම්ජූනා ඉක්මන් කරපන්..."

යුන්ගි හ්‍යුන්ග් කෑගැහුවේ කාර් එකේ ඩෑශ් බෝඩ් එකට ගහන ගමන්... හ්‍යුන්ග්ලා දෙන්නා ඉස්සරහා ඉද්දි මම ජින් හ්‍යුන්ග් එක්ක පිටිපස්සෙ ශීට් එකේ හිටියා... බ්ලීඩ් වෙන නිසාම මම රෙදි කෑල්ලක් තුවාලෙ උඩින් තියලා අල්ලන් ඉඳියේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව...

" ක්....කුකී......."

" හ්... හ්‍යුන්ග් කතා කරන්න..එපා.... ප්ලීස්..."

" කුකී.... ම...මං හිතන්නේ.... මට..... බෙස්මන්ට ඉන්න..... බැරි වේවී..... වගේ......"

" හ්..හ්‍යුන්ග්..... මොනාද දෙවියනේ මේ කියන්නේ... "

" කූ....කී......... අ..ද..... නම්........... ම...මට........ සැනසීල්ලේ..... නින්ද යයි...... නේද? හ්...හැමදේම.... ඉ...ඉවරයි....."

ජින් හ්‍යුන්ග් කියන දේවල් අහන් ඉන්නවා ඇරෙන්න මට වෙන කියන්න මුකුත්ම තිබුනේ නෑ... මගේ කඳුලු බින්ඳු එක දෙක හ්‍යුන්ගේ මූණට වැටෙද්දි හ්‍යුන්ග් කලේ හිනා උන එක විතරයි .... ඒ හිනාව වෙනදා වගේමයි.... අඩුවක් නැතුව හ්‍යුන්ගේ ආදරේ පිරිලා තිබුනා...

" ජ්...ජුනියා..... ට්...ටේ කොහෙද?? ක්...කෝ ඒ... කරදරකාරයා ..... "

" හ්‍යුන්ග්.... ටේ... පිටිපස්සේ කාර් එකේ... හ්‍යුන්ග් ඔයාට පුලුවන්... ඔහොම්ම ඉන්න.... හොස්පිටල්.... එක පේන මානේ..."

ජූන් හ්‍යුන්ග් කියද්දි මං බැලුවේ ඉස්සරහා... ඇත්ත හොස්පිටල් එක අපි පේන මානේ...

" ආයිශ්....@%@*- ට්‍රැෆික් එකට අහු උනා නේද.... ඉන්න.. මම ඉඩ ඉල්ලන්නම්.... මුන්ගේ@$%#& "

යුන්ගි හ්‍යුන්ග් බැන බැන බැස්සේ අපි හදිසියේම ට්‍රැෆික් එකකට අහු උන නිසයි.... ජින් හ්‍යුන්ග් හුස්ම ගත්තේ හරි අමාරුවෙන්...

" ජ්..ජූන් හ්‍යුන්ග් මම... මම... ජින් හ්‍යුන්ග්ව.... අරගෙන යනවා... ම්ම්..මගේ..... පස්සෙන් එන්න...."

" මෝ?? .. දේ.... "

" හ්‍යුන්ග්..... ඉක්මනට..... අපිට වෙලාව නෑ..."

මම දොර ඇරලා ජින් හ්‍යුන්ග්ව අත්දෙකට ගද්දි ජූන් හ්‍යුන්ග් බෙල්ලේ තිබුන රෙදි කෑල්ල තදින් අල්ල ගත්තේ බ්ලීඩ් වෙන එක නවත්තන්න... හ්‍යුන්ග්ව උස්සන් පුලුවන් තරම් වේගෙන් දුවනවා ඇරෙන්න මට වෙන කරන්න පුලුවන් දෙයක් තිබුනේ නෑ.. කඳුලු ඔහෙ කඩන් වැටෙද්දි මම කලේ දෙවියන්ගෙ හ්‍යුන්ගේ ජීවිතේ බේරෙන්න කියලා ඉල්ලුව එක විතරයි

" කුකියා..... මං ගන්නම්.... හ්‍යුන්ග්ව... "

ටේ අඬන ගමන් කියද්දි මම හ්‍යුන්ග්ව මාරු කර කර ඉන්න වෙලාවක් නැති නිසා මම බැහැයි කියලා ඔලුව වනද්දි ටේ කෑගහන ගමන් පාර ක්ලියර් කරලා දුන්නා...

" ආයිශ්... ඇක්සිඩන්ට් එකක්.... "

ජිමින් කෑගහද්දියි මාත් දැක්කේ ට්‍රැෆික් එක ඇතිවෙලා තිබුනේ ඉස්සරහා වාහන දෙකක් හැප්පිලා තිබුන නිසා බව...

" ක්..කුකී.... ම්...මට.... ය්..යන්න දෙන්න..... දැන්... පරිස්සමෙන්.... ඉන්න.... හැමෝම.... ම්...මං හැමෝටම ආදරෙයි..... ට්...ටේට කියන්න ම්..මගේ ශූස් දැන් එයාට... ග... ගන්න පුලුවන් කියලා...ක්..කුමාවෝ! හැමෝටම..... මේ තරම්කල්.... මගේ හයිය... ඔයාලා... චුසිම්හේ... "

හ්‍යුන්ග් අමාරුවෙන් කියලා ඇස් වහ ගත්තා... මට කතා කර ගන්න බැරි තැන ජූන් හ්‍යුන්ග් කතා කරන්න ගත්තා..

" හ්‍යුන්ග් හොස්පිටල් එක ලඟ ඉන්නෙ අපි .. දැන්... සේරම හරි....."

ජූන් හ්‍යුන්ග් කිව්වේ ජින් හ්‍යුන්ග් ඔලුව එක අතකින් අතගාන ගමන්.... ඒ එක්කම හ්‍යුන්ගෙන් කිසම සද්දයක් නැති වෙලා යද්දි මම බැලුවේ හ්‍යුන්ගේ මූණ දිහා... හ්‍යුන්ග් මගෙ පපුවට ඔලුව තියාගෙන ඇස් වහගෙන හිටියේ ඒ මුණේ ලාවට ඇඳුනු හිනාවක් එක්ක

" හ්‍යුන්ග්!!! "

හොස්පිටල් එක ඇතුලට යන්න තවත් අඩි දෙක තුනයි තිබුනේ... ඒ එක්කම ටේ ජිමින් දෙන්නා ඇතුලේ ඉඳන් ඩොක්ටර්ස්ලා කීපදෙනෙක් එක්ක ආවේ කලබලෙන්...

" අයෑම් සොරි මිස්ටර්... තව ටිකක් කලින් ගෙනාවා නම්..."

ඩොක්ටර් කෙනෙක් මගේ පිටට තට්ටුවක් දාලා කියලා යද්දි මං ජින් හ්‍යුන්ග් එක්කම ඇඳන් වැටුනේ හීනෙන් වගේ.... අනික් හ්‍යුන්ග්ලත් මාව වට කරගත්තේ අඬන ගමන්...

ටේ ජින් හ්‍යුන්ගේ අතක් ඉබින ගමන් අඬද්දි ජූන් හ්‍යුන්ග් අත් දෙකෙන්ම ඔලුව අල්ලන් අඬන්න ගත්තා... ජිමින් හොබී හ්‍යුන්ග්ලා දෙන්නත් දණ ගහගෙන අඬන්න ගද්දි යුන්ගි හ්‍යුන්ග් අපේ වාහන දෙක පැත්තකට පාක් කරලා දාලා අපි ලඟට ආවේ අඬාගෙන... අපි හය දෙනාගෙම හැඬුම් හොස්පිටල් එකේ වගේම වටේ ඉන්න අයගෙත් ඇස් වලට කඳුලක් අරන් ආවා...

" හ්..හ්‍යුන්ග් ... මියානෙ....... මියානේ හ්‍යුන්ග් ....... ම..මං එදා ගැහුවේ නැත්තං මේ ... මේ මුකුත් නෑ...."

" හ්‍යුන්ග්.... අපි... අපී හ්‍යුන්ග්ව... එක්කන් යන්.... අ..අර ඩොක්ටර්ට.... එ..එයාට.... ව්...වැරදිලා... වෙන්න ..ඇති "

මං අඬන ගමන් කියද්දි ටේ ජින් හ්‍යුන්ගේ නිසල සිරුර උස්සන්න උත්සහා දරන ගමන් කිව්වා...

" හ්‍යුන්ග් ...... චෙබල් හ්‍යුන්ග් ..... ඔ...ඔයාට යන්න බෑ... මෙහෙම...."
.
.

පැය කිහිපයකට පසු....

අපි හොස්පිටල් එකට යන අතරේ මාක්ව සම්පූර්ණයෙන්ම අමතක වෙලා හිටියේ... ඒත් මාක් උඩ ඉදන් වැටෙද්දි වැටිලා තියෙන්නේ යකඩ කූරූ ගොඩකට... අපි යද්දිම වගේ මාක් මැරුණ බව ඉරේ අපිට කිව්වා... NIS එකේ අයගේ මැදිහත් වීමෙන් ජින් හ්‍යුන්ග්ට ලැබෙන්න ඕනේ සේරම ගෞරව එයාලා දක්වද්ද්දි හ්‍යුන්ග් උදව් කරපු හුඟ දෙනෙක් සෙමෙට්‍රි එකට එකතු උනා..

" හ්..හ්‍යුන්ග් ..... ද්..දැන්වත්..... නිදහසේ .... නිදාගන්න..... "

මම කිව්වේ ජින් හ්‍යුන්ගේ කකුල් දෙකෙන් අල්ලන ගමන්... වෙනදට අපි එක්ක හිනා වෙලා අපිව හිනස්සන හ්‍යුන්ග් අද අපි හැමෝමව දාලා ඈතකට ගියා... තාමත් හ්‍යුන්ගේ මූණ ආදරෙන් පිරිලා කියලයි මට දැනුනේ... වෙනදට දුවලා පැනලා ඉන්න හ්‍යුන්ග් අද තනියෙම ලොකු නින්දකට වැටිලා... ඉතින් හ්‍යුන්ග් සුභ ගමන්...

මම ලොකු හුස්මක් පිට කරන ගමන් හ්‍යුන්ගේ කොෆින් එකේ පැත්තක් කරට ගත්තා... අඬලා අඬලා හෙම්බත් උන අපි හය දෙනාම හිටියේ මැරුණ ගානට... වැටෙන්න ඇස් වල කඳුලු නැති තරම්... ඒ අතරේ සැරෙන් සැරේ හමාගෙන ගිය සීතල සුළන් රැළි නිස ඒ මේ අත වැනෙමින් බිම වැටුන ගස් වල කොළ හරියට හ්‍යුන්ග් නිසා කම්පා වෙලා වගේ... අමුතුම අන්ධකාරයක් සෙමෙට්‍රි එක පුරා පැතිරෙද්දි මම , ජිමින්, නම්ජූන් , යුන්ගි,හ්‍යුන්ග්ලාගෙ කර මතෙන් ජින් හ්‍යුන්ගේ කොෆින් එක ඉස්සෙද්දි හොබී හ්‍යුන්ග් ටේව වත්තම් කරන් අපි පස්සෙන් ආවා...

" හ්‍යුන්ග්......... දැන් කවුද අපිට බනින්නේ....?? "

ටේ ආයෙම කෑගහලා අඬන්න ගත්තේ හ්‍යුන්ගේ කොෆින් එක පස් වලින් වැහිලා යද්දියි... ඉරේ සුයා වගේම මින්ජේත් ඇඬුවා හුඟක්...

" අප්පා... ජින් අන්කල්ව එලියට ගන්න... එයා පව්....."

මින්ජේ මගේ ට්‍රවුසර් එකෙ කොනක් අල්ලලා කියද්දි ඉරේ මින්ජේව අරගත්තේ මගේ තත්වේ තේරිලා තිබුන නිසයි...

" කුකියා... මාව අතාරිනවා... කුකී.......... "

ටේ හ්‍යුන්ගේ කොෆින් එක වහන්න නොදී ඒකටම බහින්න යද්දි මං අඬන ගමන් ටේව හයියෙන් අල්ලගත්තේ වෙන කරන්න දෙයක් නැතිකමට... ටේ පොලවේ හැපි හැපි අඬද්දි මගේ කඳුලු ආයෙම අලුත් උනා

එක්කෙනා දෙන්නා යන්න යද්දි වෙනදා වගේම අපි හය දෙනා විතරක් ජින් හ්‍යුන්ග් වටේ ඉතුරු උනා...
.
.
.
.

මාස හයකට පසු...

අදට ජින් හ්‍යුන්ග් නැති වෙලා මාස හයක්... අපේ ජීවිත හෙමින් හෙමින් සාමාන්‍ය අතට හැරුනත් හැමෝගෙම ජීවිත වල ජින් කියන හිඩැස තිබුනා...

නම්ජූන් හ්‍යුන්ග් ටේ එක්ක කිම් ගෲප්ස් භාර ගනිද්දි අනික් අය තමන්ගේ වැඩ වලම යෙදුනා... යුන්ගි හ්‍යුන්ග්ට උසස් වීම් කීපෙකුත් ලැබුනා... ඒ වගේමයි HS හොස්පිටල් එක වහලා දැම්මේ හ්‍යුන් ශික්ට වසර පහළොවක සිර දඬුවමක් නියම කරන ගමන්...

මේ අතරේ මම ජොන්ග් ගැන ඇත්ත ඔම්මටයි අප්පටයි කිව්වේ තවත් හන්ඟන්න දරන උත්සහය කවද වෙනකන් කරන්නද කියලා තේරුන නිසයි... ඔම්මාට වගේම අප්පටත් ඒක දරාගන්න බැරි උනා... එයාලා දවසක්ම ජොන්ගේ සොහොන් කොත ලඟ වැලපුනේ අඬන ගමන්
.
.
.
.

" කුකී.... හැපි මැරේජ් ලයිෆ්.... "

" කුමාවෝ ටේ..."

ජිවිතේ හරි පුදුමයි අද මගේ බෙස්මන් ජින් හ්‍යුන්ග් වෙනුවට මගේ අතිජාත මිත්‍ර ටේහ්‍යොන් ... දේ... අද මගේ වෙඩින් එක.... වෙඩින් හෝල් එකේ කොනක මම නොඉවසිලිමත්ව ඉද්දි මට මැවිලා පෙනුනේ ජින් හ්‍යුන්ග්ව... ටික වෙලාවකින් ඉරේ එයාගේ අප්පගේ අතේ එල්ලිලා හෝල් එක ඇතුලට එද්දි හැමෝගෙම ඇස් යොමු උනේ ඉරේට.. ඉරේ අද ඒන්ජ්ල් කෙනෙක් වගේ... Ivory කලර් ෆ්‍රොක් එකක් ඇදලා හිටිය ඉරේගෙන් පෙනුනේ වෙනදා නොදැකපු තරමේ ලස්සනක්...හැමෝගෙම ආශිර්වාදය මැද්දේ අපි දෙන්නා නීතියෙනුත් අපේම උනා.... ඒ වගේම ඉරේ ගෙදර නැවතිලා මින්ජේ වෙනුවෙන් එයාගේ කාලේ යෙදෙව්වා....
.
.
.

වසර තුනකට පසු...

හැමෝගෙම උදව් මැද මම ආයෙම බොක්සින් වලට ආවා... ඒ වගේම මම මගේම ඇකඩමි එකක් පටන් ගත්තා... ඒ වගේම අපි හැමෝම දැන් ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා..

අද ඔලිම්පික් ඉවර වෙලා අපි ආයෙම එන දවස... කොරියාවෙන් ගිය හැමෝමව එයාපෝට් එකේදී හරි උණුසුම් විදියට පිලිගත්තා... ඒ අය අතරෙන් ටිකකට ඈත් වෙලා මම ආවේ ජින් හ්‍යුන්ග් වගේම ජොන්ග්ව බලන්න...

" හ්‍යුන්ග් ඔයා සනීපෙන්ද?? මින්සු නූනව හම්බ උනාද... මතක ඇතුව ජොන්ග්ට ලොකු ටොක්කක් අනින්න මාව දාලා ගියාට... හ්‍යුන්ග්ව එයා ලඟට ගත්තට... හ්‍යුන්ග් දන්නවද... ඉරේගේ ස්කෑන් එකේදි කිව්වා එයා පිරිමි ලමයෙක් කියලා... චූටි ජින් කෙනෙක් ලගදිම ඒවී... හ්‍යුන්ග් දන්නවද මම මගෙ හීනෙට ගියා... දැක්කද මේ මෙඩ්ල් එක... මං ... මං කොහොමහරි ඒක කලා හ්‍යුන්ග් ... මගෙ ජින් හ්‍යුන්ග් තමයි හොඳම කෙනා... ම්..මියානේ හ්‍යුන්ග් මියානේ....... ඒයි ජොන්ග්... මේ කූ දැන් හොඳයි නේද... කුමාවෝ ජොන්ග්... කුමාවෝ ජින් හ්‍යුන්ග් "

" ආහ් තව ටිකෙන් අමතක වෙනවා ඔයාගේ මින්ජේ... හරි වැඩ එයාට නම්... දැන් බොක්සින් ඉගෙන ගන්නවා... මතකද ජින් හ්‍යුන්ග් එයාගේ නම දැම්ම හැටි... මින්සුගෙන් මින්... ජොන්ගෙන් ජේ... මින්ජේ... හ්‍යුන්ග් එයාට නම දැම්මේ එහෙම... මතකද හ්‍යුන්ග්?? මට තාමත් හීනයක් වගේ හ්‍යුන්ග් මේ හැමදේම.... කුමාවෝ.... චොම්මල් කුමාවෝ..."

මං කඳුලු පිහිදගෙන හ්‍යුන්ගේ සොහොන් කොත දිහා බැලුවා... හ්‍යුන්ගේ සොහොන් කොත පිටිපස්සේ තිබුන අරලිය ගහ... ඒක ගොඩක් ලස්සනයී හැමදාම මල් පිපිලා... වටේටම සුවඳ බෙදනවා... හරියට මගේ ජින් හ්‍යුන්ග් වගේ... කාගෙන්වත් මුකුත් බලාපොරොත්තු නොවී හැමෝටම ආදරේ බෙදුවා මගෙ හ්‍යුන්ග් ... ඒත් එයා දැන් සැනසීමෙන් ඇති..

ඉතින් අපි නවතිනවද? ඉස්සරහට යනවද?

අනිවාර්යයෙන්ම ඉස්සරහට යමු... මොකද අපි වෙනුවෙන් අපි නොදන්නවා උනාට හුඟ දෙනෙක් කැපකිරීම් කරලා ඇති... හරියට මගේ ජින් හ්‍යුන්ග් වගේ... ජොන්ග් වගේ... ඒ වගේම ලෝකේ හිතන තරම් සුන්දර නෑ... මාක් වගේ වෙස්මූණු බැදගත්ත අය හැමතැනම... තාක්ෂණය හරියට පාවිච්චි කරන්න... මොකද ඒක දැලි පිහියක් වගේ... ඒත් මොන දේ උනත් හීනවලට යන්න... හරියට බැඳීම් වලින් හති වැටුන මම කලා වගේ.. බැඳීම් අපිට ඕනේ... හිත් රිදවීම් වෙන්නත් ඕනේ ... ජීවිතේ එකපාරක් හරි වැටෙන්න ඕනේ... අන්න එතකොටයි අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ..

ජීවිතෙත් හරියට බොක්සින් ක්‍රීඩාවක් වගේ..මොකද අපි පරාජය වෙන්නෙ ඇද වැටුණම නෙමෙයි, නැඟිටින එක ප්‍රතික්ෂේප කරාට පස්සෙයි... ඒ නිසා වැටෙනවට වඩා දෙගුණයක් වේගයකින් ආයෙ නැඟිටින්න උත්සාහ ගන්න එකයි කරන්න ඕනේ... ඒ ගමනෙදි වෙන වැරදීම් කියන්නෙම ජීවිතේට තවත් අත්දැකීමක් විතරමයි... ජීවිතේම නෙමෙයි..!!! ඒ දේවල් මට ඉගැන්නුවේ බොක්සින්...

ජීවිතය බොක්සින් වළල්ලක් ඇතුලේ ගෙවෙන සටනක් වගෙ.. අපි හැමෝම ඒ වළල්ල ඇතුලේ ජීවිතය වෙනුවෙන් සටන් කරන, අරගල කරන boxersලා

ආදරය
අමුතු අකුරු හතරක්
බැඳීම් ගොන්නක්
වේදනා ගොන්නක්
අපි ආදරේ කරපු අය
අපිට ආදරේ කරපු අය
හැමදාම ලඟ රැඳෙන්නේ නෑ...
ලඟ රැදෙන්න කියලා නීතියකුත් නෑ
හැබැයි
ඒ අය මේ ලෝකෙන් ගියා කියලා
අපිත් යන්න ඕනේ කියලා
නීතියක් ඇත්තෙත් නෑ
සමහර අයට ඒ ආදරෙ නොලැබුනාම
තවත් ආදරයක් ලැබෙනවා
ඒත් එහෙම ලැබෙන්න ඕනෙම කියලා
නීතයක් ඇත්තෙත් නෑ
මොකද සමහර අයට පුලුවන්
ජීවිත කාලෙම ගැහෙන හදවත
එක් අයෙක්ටම විතරක් දෙන්න
ඒ ආදරේට වටිනාකමක් දෙන්න
ඒ ආදරේ වෙනුවෙන්
හැමදාමත් ජීවත් වෙන්න
ඉතින් ඒ වගේ හදවත්
හැමදාම අමරණීයයි
ඒ වගේ හදවත් වලට
කවදාහරි සැනසීමක් ලැබේවී..
එහෙම හදවත් සුවපත් වේවී ❤️

- නිමි -

_____________________________________

හුදෙක් මනඃකල්පිතයක් පමණි.🙂❤️

වෝට්, ලයික්, කමෙන්ට් කරන හැමෝටම හුගාක් ස්තූති ❤️

A/N

ඕතරයා අසරණයී 🙂 ඉතින් පසු වදනක් නෑ මේකට 🤧🤧🤧 මං දන්නෙ නෑ හරියට ලිය වුනාද නැද්ද කියලා ... වැඩ එක්ක ලියපු නිසා මට කතාව හරි මදි කියලමයි හිතුනේ... ඒත් මාව මෝටිවේට් කරපු මයෙ සෝල්මේට් කෑල්ල, සුයා අක්කා, ඉරේ අක්කා, සමාදි, සැසේ හැමෝටම හුඟාක් ස්තූතියි... කියවපු ලයික් කරපු හැමෝටම හුගාක් ස්තූති ආදරෙයි ... මට වෙලා තිබ්බේ නෑ රිප්ලයී දාන්න ඔයාලට... ඒත් ඔයාලා හැමදාම කමෙන්ට් කලා... ගොඩාක් ස්තූතී ඒවට... මම අවුල් වෙන හැමවෙලාවකම මේවා කියෙව්වා... ඉතින් ඕතරයා ඔන්න මේ පාර නම් ඇත්තටම අතුරුදන් වෙනෝ...එක්සෑම් වගයක් තියෙනවා එක දිගට
ඒනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ... ආයෙමත් කුමාවෝ හැමදේකටම ❤️

සරන්හේ චින්ගු ❤️❤️
#නිම් 💜️

Continue Reading

You'll Also Like

589K 36.8K 73
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
16.9K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
54.4K 7.6K 14
වෛරයේ ගිනි දැල් මතින් ජීවිතය සොයන අහිංසකාවිය🥀 Plot Crdit:-@deshu93
12.3K 3K 10
Don't Copy My Work 🚫 Sunhala fanfication PARK JIMIN MAIN සංවේදී අය කියවීමෙන් වලකින්න 🚫 දුශ්ථ ඕතරී 😈