WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_35th Winter_

733 158 192
By A_Shee1

_Winter Bear_ ( Fan Fiction Only )
තිස් පස්වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________


" ඔයා මල් වලට ඔච්චර ආසයි කියලා මන් දන්නෙ නෑනෙ.." ටේ හ්‍යුන් කිව්වෙ මල් ගස් වටේට දුවන අහින්සා දිහා හිනා වෙවී බලන ගමන්.

" ඇයි අනේ එහෙම කියන්නෙ..? බලන්න.. මේ මල් කොච්චර ලස්සන ද..?"

" ම්ම්.. ලස්සනයි තමයි ඉතින්.. ඒත් ඉතින්.."

" මොකක්ද ඒත් ඉතින්..?"

" ඔයා තරම් ලස්සන නෑනෙ.." ටේ හ්‍යුන් එහෙම කිව්වෙ කට කොනකින් හිනාවෙන ගමන් අහින්සා දිහා බලලා.

" යාහ්.. ඔප්පා..!!" අහින්සා කිව්වෙ බිම බලාගෙන මූනත් ජම්බු සයිස් රතු කරගෙන.

" ඉතින් මන් ඇත්තනෙ කීවෙ ළමයො.."

" හා හා.. යන්න ඔයා.." අහින්සා එහෙම කියන ගමන් ටේ හ්‍යුන්ගෙ කර වටේට අත දා ගත්තා.

දෙන්නා හිටියේ Garden එකට ඇවිත්. මතකයිනෙ.. එදා අර දෙන්නෙක් කපුරු මලකට රන්ඩු කලේ..

.

.

" ඔප්පා.. නොකිවුවට බයෙන් නේද ඉන්නෙ? මැහුම් කපන එකට..?"

" ම්ම්.. එහෙමමත් නෑ ඉතින්.. ඔයා ඉන්න නිසා බය වෙන්න ඕනි නෑනෙ.."

" බය වෙන්නෙපා. මන් රිදෙන්නෙ නැතුව මැහුම් අයින් කරන්නම්.."

" ම්ම්.."

" තාම ගොඩක් රිදෙනව ද ඔයාට..?"

" නෑ.. සතුටින් ඉන්නකොට තුවාල රිදෙන්නෙ නෑනෙ ඉතින්..'

" අම්මෝ ඉතින්.. මන් කියන්නෙ නෑ.."

" ඇයි මොකද..? ඉරිසියාද ඔයාට..?"

" වැඩේටමයි මට ඔයාට ඉරිසියා කරන්න. යන්න අනේ.."

" බ්ලා.. බ්ලා.. තමයි.. කටේ සැර.. මේ අහන්නකෝ.. එදා මන් අතින් වුන තුවාලෙ සනීපද..?"

" මන් හිතන්නෙ මන් කලින් දෙපාරක් කිව්වා ඔප්පා ඔයාට ඒ ගැන මතක් කරන්න එපා කියලා.. තේරෙන්නෙ නැද්ද ඔයාට..?"

" අහ්.. ඔයා එහෙම කිව්වට හරි යනවද..? මන් එදා ඔයාටව ඒ විදිහට තල්ලු කලේ නැත්නම් ඕක වෙන්නෙ නෑනෙ.."

" දැන් ඉතින් ඕක කියල වැඩක් නෑනෙ.. එදා ඒ මෝඩ තීරනේ ගත්තෙ නැත්නම් අද මේ විදිහරට wheel chair එකේ ඉන්න ඕනි වෙන්නෙත් නෑනෙ.." අහින්සා එහෙම කිව්වා විතරයි ටේ හ්‍යුන් බිම බලා ගත්තා. ඇත්තනෙ ඉතින්.. ටේනෙ වැරදි..

" හරි හරි.. ඒක දැන් අමතක කරමු.." ටේට දුක හිතුනා කියල දැනුන නිසා අහින්සා කිව්වෙ කොල්ලගෙ ඔලුව අත ගාලා.

" එන්න.. අපි ටිකක් ඇවිදිමු.." ටේව නැගිට්ටවපු අහින්සා එයාගෙ අතින් අල්ලගෙන garden වටේ එක්කන් ගියා.

දෙන්නට වෙලාව යනවා දැනුනෙ නැ. ගොඩක් වෙලා ඒ දෙන්නා මුලු garden එක වටේම ඇවිද්දා. එදා කවදාවත් නැතුව මුලු garden එක පුරාම ලස්සන මල් ගොඩාක් පිපිලා තිබුනා. ගොඩක්ම තිබුනෙ සුදු පාට ලිලී මල්. ඒවා හරිම චාම්. ඒ වගේම ගොඩක් ලස්සනයි.

.

.

.

.

" ටේ.. අහි.. කන්න එන්නෙ නැද්ද..? වෙලාව බලන්න. දෙන්නම ඇවිත් කාල යන්න මගෙන් ගුටි කන්නෙ නැතුව.."

ජින් හ්‍යුන් කෑ ගැහුවා. ඇත්තටම වෙලාව හවස තුනත් පහුවෙලා. මේ දෙන්නා dorm එකේ ඉදන් garden එකට එනකොට වෙලාව උදේ එකොලහයි. පැය හතරක් විතර දැන් දෙන්නා එලියේ.

" මේ එනෝ ජින් හ්‍යුන්.."

.

.

" කන්න කලින් wash දානවා නම් යමු ටේ.." හෝබි හ්‍යුන් කිව්වෙ අහින්සගෙන් wheel chair එක අරන්.

" ඔව් හ්‍යුන්. wash එකක් දාලා හිටියා නම් හොදයි.."

" යමු ඒනම්.. මන් උදවු කරන්නම්.."

හෝබි හ්‍යුන් ජිමින් එක්ක ටේ හ්‍යුන්ව එක්කගෙන උඩට ගියා. අහින්සා kitchen එකට ගියේ ජින් හ්‍යුන්ට කෑම dining table එකට ගේන්න උදවු කරන්න.

" අහි, මට ඔය plate එක අරන් දෙන්නකො.. Pantry cupboard එකේ තියන්නෙ.."

" දේ ලොකූ.. ආ මෙන්න.."

.

.

.

.

වෙනසක් වුනේ නෑ. දවස දෙක ඉක්මනින් ගෙවිලා ගියා. ලොකූගෙ බැනිලි, ජුන් හ්‍යුන්ගෙ studies, හෝබි හ්‍යුන්ගෙ sun shine smile එකත් එක්ක අලුත් dancing steps, සුගා හ්‍යුන්ගෙ නින්ද, ජිමිනිගෙ චාටර් වීම, කුකීගෙ රන්ඩු.. ඒ වගේම ටේ හ්‍යුන්ගෙ බැනිලි අහින්සට තව දුරටත් අමුතු දෙයක් වුනේ නෑ. එයා dorm එකේ හිටියේ සතුටින්. ඒ වගේම අනුහස් ඉස්සරටත් වඩා අහි ගැන හොයලා බැලුවෙ කරපු වැරදි වලට තාමත් පසුතැවිලි වෙන ගමන්. එලීසා අහින්සට හැම දේකදිම හිටියෙ හරියට නංගි කෙනෙක්ට වඩා හොද යාලුවෙක් වගේ. වෙලාවකට උපදෙස්, වෙලාවකට බැනුම්.. අහින්සටයි එලීසටයි දැන් ආගන්තුක දේවල් නෙවෙයි.

අහින්සා ටේගෙ මැහුම් කැපුවා. ඇත්තටම ටේට දැනෙන්නෙවත් නැතුව ඒක කරන්න තරම් කෙල්ල දක්ශ වුනා. ඊට පස්සෙ දවස් දෙකක් විතර යනකොට ටේ සාමාන්‍ය විදිහටම ඇවිදින්න පටන් ගත්තා. ඒ වගේම අහින්සගෙ අතේ වැලමිට ලග තිබුන ටේ නිසා ඇතිවුන තුවාලෙ සනීප වුනත් කැලල නම් මැකුනෙ නෑ. ඒ නිසා කෙල්ලට වුනේ දිගටම වැලමිට වැහෙන්න ඇදුම් අදින්න. හැබැයි එක විශේශ දෙයක් තිබුනා. අහින්සා කවමදාවත් දුක් වුනේ නෑ ටේ නිසා එහෙම කැලලක් ඇගේ ඉතුරු වුන එක ගැන. ඇත්ත කතාව කෙල්ල ඇගේ එක කැලලක්වත් තිබුනෙ නෑ. මොකද අහින්සා වෛර කරපු එක දෙයක් තමයි තුවාල කැලැල්. ඒ වුනත් අන්තිමට එයාට කැලලට හිමිකම් කියන්න වුනා.

.

.

.

.

BTS team එකට තව දවස් තුනයි නිවාඩුව ඉවර වෙන්න. ඊට පස්සෙ තියන්නෙ ලොකුම වැඩක්.

.

.

.

.

.

BTS World Tour

මේ පාර වෙනදා වගේ නෙවෙයි. මාස දෙකක්.. ඒකට එයාලට ලෑස්ති වෙන්න තිබුනෙ මාසෙකටත් වඩා අඩු කාලයක්. තිබුනෙ මාසෙකටත් වඩා පොඩි කාලයක් වුනත් හිතා ගන්නවත් බැරි වැඩ කන්දක් එයාලට ගොඩක් ගැහිලා තිබුනා. Bighit Staff එක නම් දැනටමත් වැඩ පටන් අරන්.. Costume designers, makeup artists, coordinators.. එයාල විතරක් නෙවේ. අනිත් හැමෝමත් වැඩ පටන් අරන්. වෙනදා වගේම ලොකුවට වැඩක් තිබුනෙ නැත්තෙ medical team එකට විතරයි.

" අහි.. පහලට එන්න.. ටේට බඩගිනියිලු.."

ජිමින් කෑ ගැහුවෙ පහල ඉදන්. දැන් ටේට අහින්සා කවන්නම ඕනි. ඒ මදිවට ජිමිනියි, කුකියිත් ඇවිල්ලා කට ඇරන් බලන් ඉන්නවා. හැමදාම බබාලා තුන් දෙනෙකුට කවලා අහින්සා කෑම කන්නෙ ගොඩක් පරක්කු වෙලා. බඩගිනි වුනාම නම් කෙල්ල කරන්නෙ එයාලට කවනකොට හොරෙන් කන එක.

" මේ එනෝ ඔප්පේ.."

අහින්සා laptop එක off කරලා පහලට ආවා. එයාටත් දැන් hospital එකේ වැඩ කරන්න යන්න වෙලා තියන්නෙ. තව දවස් ගානකින් අහින්සට hospital එකේ doctor කෙනෙක් විදිහටයි, bighit එකේ medical officer කෙනෙක් විදිහටයි වැඩ කරන්න්න වෙනවා. ඒ කියන්නෙ එටා ටේටත් වඩා busy වෙනවා කියන එක. අහින්සා ඒ ගැන හිතේ අමාරුවෙන් හිටියත් එයා ඒක පිටට පෙන්නන්න ගියේ නෑ. ඒ වගේම ටේට අදුරගන්නත් බැරිවුනා අහින්සා ඉන්නෙ අවුලෙන් කියලා.

ඒ කියනෙ ටේ හ්‍යුන් තාමත් අහින්සව තේරුම අරන් නෑ කියන එකද..?

.

" ටේ ඔප්පා.. අනේ ඔයාට කොහොමද..?"

අහින්සා ජින් හ්‍යුන්ට කියලා කෑම එක බෙදාගෙන එන විනාඩියට ජීහී dorm එකට ආවේ ටේ හ්‍යුන්ව බලන්න. එයා දැනගෙන හිටියත් ටේ හ්‍යුන් ඉන්නෙ අමාරුවෙන් කියලා world tour එකට ලෑස්ති වෙන වැඩත් එක්ක එයාට office එකෙන් නිවාඩුවක් ගන්න chance එකක් ආවෙම නෑ. දැන් එයා ආවෙත් director ගෙන් පැයක out එකක් ඉල්ලගෙන.

" ආ.. ජීහී.. දැන් මට අවුලක් නෑ.." ටේ කිව්වෙ ලාවට හිනාවෙලා.

" අපිට නිවාඩු ගන්න දෙන්නෙ නෑ ඔප්පා.. ඒ නිසා තමා මට කලින් එන්න බැරිවුනේ.. මියන්හේ ඒකට.."

" හයියෝ.. ඒකට කමක් නෑ ජීහී.."

ජිමිනියි කුකියි හිටියේ වෙනම කතාවක. අහින්සා සාලෙට එන්න ආවත් ජීහිව දැකලා ආපහු ඇතුලට ගියේ එයා ඉද්දි කවන්න බැරි නිසා.

" මොකද අහි.. දැන් අරයා බඩගිනියි කියල කෑ ගැහුවනේ.."

ජින් හ්‍යුන් ඇහුවෙ කෑම එක අරන් එලියට ගිය කෙල්ල ආපහු kitchen එකට ආපු නිසා.

" ජීහි ඇවිත් කතාව ලොකූ.. එයා ඉස්සරහ කවන්නෙ කොහොමද..?"

" අම්මෝ.. අර ලොකු සීන් දාපු කෙනානෙ ඔයාට. ටේගෙ makeup artist.."

" ම්ම්.."

" ඉතින් ගිහින් පේන්න කවනවකෝ.. ජෙලස් වෙයිනෙ එතකොට.."

" පිස්සු ද ලොකූ..? පස්සෙ වෙන ප්‍රශ්න වලට වඩා මේ විදිහ හොදයි.."

" හපොයි.. ඒ කියන්නෙ ඔයා ඒ පොඩි කෙල්ලට බයයිනෙ..?"

" ඒම නම් නෑ ලොකූ.. ඒ වුනත් දැන් මන් පරිස්සම් වෙන්න ඕනි මන් වෙනුවෙන් නෙවෙයි. ටේ ඔප්පා වෙනුවෙන්. ඒ නිසා මන් කරන්න අකැමැති ගොඩක් දේවල් මට කරන්න වෙනවා. මන් අකමැතිම දේ තමා මේ විදිහට second වෙන එක. ඒ වුනත් මට ගානක් නෑ. මොකද ඔප්පා වෙනුවෙන් මන් මේ දේ කරන්නම ඕනි.."

" ඒ කියන්නෙ.. ඔයාටත් හිතෙනවද ඉස්සරහට ප්‍රශ්න ගොඩක් වෙයි කියලා.."

" ඔව් ලොකූ.. නොවෙන්න කිසිම හේතුවක් නෑනෙ.." අහින්සා කිව්වෙ සුසුමක් හෙලන ගමන්.

" ඒත්...." ජින් හ්‍යුන් ආපහු කතාව පටන් ගන්න හැදුවත් ටේ හ්‍යුන් කෑ ගැහුවා.

" අහි.. බඩගිනියි.. එනවද.. එනකොට හ්‍යුන්ගෙන් බොන්න මොනාහරි ඉල්ලන් එන්න.. ජීහි ඇවිත් ඉන්නෙ.."

ටේ සමහර විට මෙහෙම නොකියන්න තිබුනා. ඒ වුනත් එයා දැනන් හිටියේ නෑ ජීහී අහින්සට බැන්නා කියන එක.

" අහ්.. දේ.. ඔප්පා.."

අහින්සා එහෙම උත්තර් දුන්නත් එයා හිටියේ මොකක්ද කරන්නෙ කියල හිතා ගන්න බැරිව. එයා ජින් හ්‍යුන්ගෙ මූන දිහා බැලුවෙ මොකක්ද කරන්නෙ කියලා. හ්‍යුන් මිල්ක්ශේක් එකක් අහින්සගේ අනිත් අතට දීලා..

" යන්න.. ඔයා හොදටම දන්නවනේ ජීහි ටේට කැමතියි කියලා. එයාට තේරුම් කරවන්න.. දැන් ඒක වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා.." කිව්වා. ටිකක් වෙලා කල්පනා කරපු අහින්සා ඉස්සරහට ගියා.

.

" බඩගිනියි මෝඩියේ. මෙච්චර වෙලා කෑම හැදුවද..?" ටේ හ්‍යුන් ඇහුවෙ අහින්සගෙ කොන්ඩෙත් අවුල් කරලා.

" හරි හරි.. කෑ ගහන්න එපා ඕකට ඔච්චර.."

අහින්සා ටේට රවන ගමන් ජින් හ්‍යුන් දුන්න මිල්ක්ශේක් එක ටීපෝ එක උඩින් තිබ්බා.

" ජීහි.. මේක බොන්න.. ජිමිනා.. කුකී.. එනවකෝ... කන්නෙ නෑද..?" ටේ කිව්වෙ අහින්සව තවත් එයා ලගට කර ගන්න ගමන්.

අහින්සා ජීහි දිහා බලලා ලාවට හිනා වෙලා ටේ හ්‍යුන්ට කවන්න පටන් ගත්තා. ආ.. එයාට විතරක් නෙවෙයි. අනිත් පොඩි බබාලා දෙන්නටත්. කලින් ජීහි කරපු දේවල් වලට ජීහිගෙන් පලි ගන්න අහින්සට ලොකු ඕන කමක් තිබුනා. ඒ වුනත් ටේ නිසා කෙල්ල මොකුත් නොකිය කට වහන් හිටියා.

ඉතින්..

මෙච්චර දෙයක් වෙනකොට.. ජීහි ඉන්න ඇත්තෙ කොහොමද..?

~~~~~~~~~~

" මැනික.."

" ම්ම්.."

" හෙට ඉදන් ආපහු වැඩනෙ අපි.."

" ඉතින්.."

" ඉතින් අහන්නෙ..? අපි කෝමද මෙහෙම ඉන්නෙ එතකොට.. ඔයා දන්නවනේ. tour එක නිසා අපිට හෙල්ලෙන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නෑ කියලා.."

ඒ කතාව ඇහුන ගමන් අහින්සා එයාගෙ උකුලෙ ඔලුව තියන් හිටපු ටේව අතින් අල්ලලා ඇදෙන් වාඩි කෙරෙව්වා. ඊට පස්සෙ අහින්සත් එයාගෙ මූනට මූන බලාගෙන වාඩිවුනා.

" ඇයි එහෙම කතාවක් කියන්නෙ..? දැන් ඈතින් ඉන්න වෙනවා කියන්නෙ අපි වෙන් වෙනවා කියන එකද..?"

" ඒම නෙවෙයි ඉතින්.. අනේ.. ඔයා හැම වෙලේම මට සැර කරනවා.."

" යාහ්.. ඔප්පා.. මන් දැන් ඔයාට සැර කලාද..?"

" ඔව්නේ.." ටේ කිව්වෙ තොල් දෙකත් අනිත් පැත්ත පෙරලන් cute වෙන ගමන්.

" යාහ්.. ඕම cute වෙන්නෙපා. මට ආදරේ හිතෙනවා.." අහින්සා කිව්වෙ හිනාවෙවී. ආපහු ඉතින් ටේගෙ ඔලුව කෙල්ලගෙ උකුලෙ.

.

.

" ඇත්තටම අපි දෙන්නා ඈත් වෙයිද අහි..? ඔයා හොදටම දන්නවනේ මන් වැඩ වලට හිර වුනාම මට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ කියලා.."

" දැන් ඉතින් මන් ඔයාට ආදරෙයි කිව්වා නේද ඔප්පා.. ඒකෙ තේරුම කවදාහරි ඔයා මගෙන් ඈත් වෙන්න ඕනි කිව්වොත් ඇරෙන්න මන් මොන දේ වුනත් ඔයාව අත් අරින්නෙ නෑ කියන එක.."

" මැ.."

" ඉන්න ඔප්පා.. මන් කතා කරලා ඉවර නෑ.. ඔයා මන් ලග නෑ කියලවත්, ඔයාට මන් ලගින් ඉන්න නෑ කියලවත් මන් ඔයාව දාලා යන්නෙ නෑ. අනිත් එක මන් දන්නවා ආදරේ කරන හැමෝම කැමතියි හැමවෙලේම ලගින් ඉන්න. ඒ වගේම ඔයත් කැමතියි මන් ලගින් ඉන්න. මාත් කැම්තියි ඔයා ලගින් ඉන්න. ඒ වුනත් අපිට ඒ දේ කරන්න බෑ. අපි දෙන්නට එකතු වෙන්න වෙලාවක් එනකල් අපිට ඉන්න වෙනවා. කිසිම දේකට මන් ගැන බය වෙන්නෙපා. එකක්.. මට මන් ගැන බලා ගන්න පුලුවන්. ඒ නිසා මට මොනාහරි වෙයි කියලා මගේ පරිස්සම ගැන හිතලා කීයටවත් ඔයා බය වෙන්න ඕනි නෑ. අනිත් එක පුලුවන් හැමවෙලේම මාව විශ්වාස කරන්න. මොකද දන්නවද..? ඈත ඉදන් අපි දෙන්නගෙ ආදරේ රැක ගන්න අපිට කරන්න පුලුවන් එකම දේ.. දෙන්නට දෙන්නා විශ්වාස කරන එක.. ම්ම්.."

" ...."

" ඔප්පා.. අහගෙනද ඉන්නෙ..?"

අහින්සා ඇහුවෙ එයා දිහා ඇස් වල කදුලු පුරවන් උකුලෙන් ඔලුව තියාගෙන ඉන්න ටේගෙ කොන්ඩෙ අවුස්සන ගමන්. එතකොට තමා ටේ හොද සිහියට ආවෙ.

" අහ්.."

" මෙච්චර වෙලා මන් කියපු එකම දෙයක් අහන් හිටියේ නෑ කියල නම් කියන්න ලෑස්ති වෙන්නෙපා ඔප්පා.."

" මන් දෙයක් කල්පනා කලා මැනික.."

" කල්පනා කලා.. මොකක්ද..?"

" මන් වගේ කෙනෙක් ඔයාට ගැලපෙනවද කියලා.."

" මොකක්ද ඒ ගමන කියන්න ලෑස්ති වෙන්නෙ..?" අහින්සා ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.

" මන් එහෙම ඔයාට ගැලපෙනවා නම්.. මන් තමා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා.. ආදරෙයි මන් මැනික ඔයාට ගොඩක්.. ඇත්තටම මටත් වඩා ඔයාව විශ්වාස කරනවා. මේක පොරොන්දුවක්. අපිට කිසිම ප්‍රශ්නයක් එන එකක් නෑ. මට ඒක විශ්වාසයි. අපි හැමෝම සතුටින් ඉදියි අහින්සා.."

ටේ හ්‍යුන් ඇත්තටම ඉක්මනට කේන්ති ගන්න කෙනෙක් වගේම.. ගොඩක් සංවේදී කෙනෙක්. ආදරේ.. නිදහස.. එයාගෙන් ගොඩක් ඈත් වෙලා තිබුන දේවල්. ඒ වුනත් දැන්.. එයාට එයාගෙ ආදරේ නිසා දැනුන එකම හැගීම..

' ඔව්.. මන් දැන් සම්පූර්න කෙනෙක් කියන එක..'

අහින්සා හෙමින් ටේ හ්‍යුන්ගෙ නලලට වැටිලා තිබුන කැරලි කොන්ඩෙ අයින් කරලා ඒ පලල් නළල උඩින් හාද්දක් තිබ්බෙ කවමදාවත් ඒ ආදරෙන් ඈත් වෙන්නෙ නෑ කියලා, ඒත් ඒ වගේම එක දෙයක් එයාගෙ හිතේ තිබුනා. කවදහරි ටේ හ්‍යුන් කිව්වොත් එයාගෙන් ඈත් වෙන්න කියලා.. එදාට අනිවාරෙන් ටේ හ්‍යුන්ගෙන් ඈතට යනවා කියලා.. හැබැයි වෙන කවුරුත් නෙවෙයි. කිම් ටේ හ්‍යුන්ම එයාගෙ කටින්ම කියන්න ඕනි මගෙන් ඈත් වෙලා යන්න කියලා.

~~~~~~~~~~

මතකද ටේ හ්‍යූන් ලියන සින්දුව..

She looks like a blue parrot Would you come fly to me

I want some good day good day good day

Good day good day

Looks like a winter bear you sleep so happily

I wish you good night good night good night

Good night good night

ඒකෙ ලියල තිබුනෙ මෙච්චරයිනෙ.. ඒ කියන්නෙ ඒකෙ ලියවෙන්න ඕනි මෙච්චරයිද..?

එහෙම නැත්නම් තව වචන ලියවෙන්න ඕනිද?

~~~~~~~~~~

" දැන් ඉතින් හෙට ඉදන් ආපහු වැඩ.." නම්ජූන් හ්‍යුන් එහෙම කියන් ඇවිත් සෝෆා එකට බර වුනා.

" ම්ම්.. tour එක ඉවර වෙනකල් අපිට හුස්ම ගන්නවත් බැරිවෙයි.."

" එසේ මෙසේ නෙවෙයි.. මාස දෙකක්.."

" ම්ම්.. මේ පාර කල් වැඩියි.."

" අපිට කෙසේ වෙතත් අපේ ප්‍රේම කුමාරයට තමා ප්‍රශ්නෙ වෙන්නෙ.." හෝබි හ්‍යුන් කිව්වෙ ටේ දිහා බලන් හිනා වෙවී.

" යාහ්.. හ්‍යුන්.. ඔය නම නම් මට කියන්නෙපා.." ටේ කෑ ගැහුවෙ මුලු මූනම ලැජ්ජාවෙන් රතු කරන්.

" ආ.. ආ.. ඔහොම රතු වෙන්නෙපා.. අර කෙල්ල දැක්කොත් ඇවිත් කාගෙන කාගෙන යයි.. ඇපල් ගෙඩියක් කියලා.."

මේ වගේ කතාවක් කියන්න ඉතින් team එකේ ඉන්න කෙනා කවුද..

" යාහ් කොටා.. මැරුම් කන්න ආසාවක් තියනවද..?"

( Author :- අහ්ම්.. අහ්ම්..

Tae :- වැරදිලා කිව්වේ.. රවන්නෙපා.. අම්මෝ..

Jimin ;- දැක්කද ..? ඒ කෙල්ල මට කොච්චර ආදරේද කියලා..

Tae :- නතින් ටු සේ සෝල්මේට්.. බායි..

Jimin :- ඕතර් සුදූ..

Author :- නතින් ටු සේ.. බායි.. )

[ Re-edit || කවුද දෙයියනේ මේවා ලියපු එකා 🥲 මරු හැබැයි ]

" අහි.. hospital එකේ වැඩේ හරිද..? ඔයාට post එක ලැබෙනවා කීවා නේද ආපහු.."

" තාම letter එක නම් ආවෙ නෑ ජුනි ඔප්පේ.. හම්බෙනවා කියලා නම් කීවා.."

අහින්සා කෑ ගැහුවෙ kitchen එකේ pantry cupboard එක උඩ වාඩිවෙලා ලීටරේ apple juice bottle එකකට තනියම හොරෙන් වග කියන ගමන්.

" පොඩ්ඩක් ඉන්න.. අහින්සා.. තමුන් ගත්තා නේද juice bottle එක.."

විනාඩියයි. ජින් හ්‍යුන්ට තේරුනා අහින්සගේ වැඩේ ගැන. දැන් ටිකකට කලින් ජින් හ්‍යුන් bottle එක refrigerator එකෙන් හන්ගලා තිබ්බෙ අහින්සා ඒකත් බිව්වොත් අදට ලීටරේ bottles හයයි.

" පිස්සුද අලේ.. සත්තයි නෑ.."

ජින් හ්‍යුන් kitchen එකට යන විනාඩියට අහින්සා අනිත් දොරෙන් සාලෙට ඇවිත් ටේගෙ පිටි පස්සෙ හැන්ගුනා.

" අහින්සා.. මන් හොදින් කියන්නෙ.. දැන්ම ටේගෙ පිටි පස්සෙන් එලියට ආවොත් ගහන්නෙ නෑ. ඒත් ආවෙ නැතොත් දෙන්නටම ගහනවා.." ජින් හ්‍යුන් ඉතින් හැමදාම කියන බොරුව කිව්වා.

" බෑ බෑ.. කියන්න්කො ඔප්පා.. මන් බිව්වෙ නෑ.." අහින්සත් ජාතික බොරුව ටේට කිව්වෙ දත් තිස් දෙකම පෙන්නලා හිනාවෙලා.

" බොරු කියන්නෙ.. බීලා තව බොරු කියන්නත් එනවා.."

ටේට කියලා කට ගන්න හම්බුනේ නෑ. අහින්සා දිව්වෙ washroom එකට. වමනෙ දාන්න. හිතන්නකෝ apple juice ලීටර්ස් ගානක්.

" කවදාවත් ඔය පුරුද්ද නම් හදා ගන්න බැරිවෙයි උබට.."

ජිමින් කිව්වෙ සෝෆා එකට එහා පැත්තෙ ඉදන් බිම වාඩිවෙලා බඩත් අල්ලගෙන හිනාවෙන ගමන්.

" කට වහපන් හිනා නොවී.. දවසක උබටත් තේරෙයි.." ටේ කිව්වෙ අහින්සා ගිය පැත්තට දුවන ගමන්.

" ජූනී.. ඔයා හිතන්නෙ දැන් ආපහු අපි busy වුන ගමන් ටේ මොන වගේ පිස්සුවක් නටයි කියලද..?"

" ඒක නම් මටත් හිතාගන්න අමාරුයි ජින් හ්‍යුන්.. මතකයිනෙ.. ටේට තාමත් එයාව control කර ගන්න අමාරුයි.. එයාගෙ mood එක fix කර ගන්න තාම බෑ.."

" එක අතකින් වුන ප්‍රශ්නත් එක්ක බලද්දි කොල්ලා ඔය ගානට හරි ඉන්න එක ලොකු දෙයක් කියලා හිතෙනවා මට ජූනි.."

" ඔව් බන්.. ඒක ඇත්ත.."

" දැන් අපිට කරන්න පුලුවන් ඈත ඉදන් බලන් ඉන්න එක විතරමයි. අර කෙල්ල මොනාද කරන්නෙ.. ඒ විදිහට තමා දැන් ටේගෙ mood හැදෙන්නෙ.."

" වෙන දෙයක් බලන් ඉමු.. කෙල්ල hospital ගියත් medical team එකේ ඉන්න කතාවක් නේද කිව්වෙ.."

ටේ අහින්සව බලනකොට ලොකු අයියලා ටික සාලෙ එහෙම ලොකු කතාවක්. ජිමින් බිම වාඩිවෙලා මූන ඔබාගෙන හිටියත් කන් තිබුනෙ මේ කතාව ලග. කුකී.. එයා හිටියේ kitchen එකේ දොර ලගට වෙලා මේ කතාව හොරෙන් අහගෙන.

~~~~~~~~~~

After one week

" Hi.. කපුරු මල නේද..? මට ඔයාට කරලා දෙන්න පුලුවන් උදවුවක් තියේද..?" ඒ කුකී.

" කපුරු මල.. කාටද කීවේ..?" කෙල්ල කටත් ඇරගෙන ඇහුවෙ.

" අර කෑ ගහන කටක් තියන ලස්සන පොඩි ලෝයර්.."

" ඉතින්.. කපුරු මල.. ඒ මොකක්ද..?" එලීසගේ මූන රතු වෙලා හොදටම.

" මතක නෑනේ.. ඕනි නම් මතක් කරලා දෙන්නම්.." කුකී එහෙම කිව්වෙ ඇහැකුත් ගහලා.

" ඕනි නෑ. අර ඔයාට කතා කරනවා මිස්ටර් ජන්කුක්.. මන් යනවා.."

අඩියයි දෙකයි තුනයි හතරයි.. කෙල්ල දුවලා ගිහින් එයාගෙ room එක lock කරගෙනත් ඉවරයි.

දැන් සතියක ඉදන් හැමදාම මේ දෙබස එකම විදිහට වෙනවා. වෙන කවුරුවත් අතර නෙවෙයි. එලීසයි කුකීයි අතරේ. අන්තිමට දිනන්නෙ එලීසා.. කියවගෙන ගිහින් නම් නෙවේ. මොකක් හරි බොරුවක් කියලා පැනලා ගිහින්.

~~~~~~~~~~

අහින්සා surgery room එකෙන් එලියට එනකොට රෑ 9.30 ත් පහුවෙලා. එහෙමම changing room එකට ඇවිත් අත් දෙක විතරක් clean කරගෙන ඇදුම් මාරු කර ගත්තු කෙල්ල කාර් එකට නැග්ගෙ ඉක්මනින් dorm එකට යන්න හිතාගෙන.

අද උදේ කෙල්ල නැගිටිනකොට 5.00 යි. මොකද උදෙත් එයාට surgery එකක් තිබුනා. ඒක කරලා hospital එකෙන් dorm එකට එනකොට 7.00 යි. ඊට පස්සෙ උදේට කාලා.. ලොකු බබාට කවලා එහෙමම office එකට ගියා. ඒ වුනත් ගොඩ වෙලාවක් එයාට Bighit එකේ ඉන්න ලැබුනෙ නෑ. මොකද හදිසි surgeries දෙකක් එකදිගට වැටුනා කියලා hospital එකෙන් call කලා. එහෙමම ටේට කියලා hospital එකට ගිය කෙල්ල දැන් තමා වැඩ ඉවර කරන්නෙ. එක දවසක් නෙවේ. වැඩ පටන් ගත්තු දවසෙ ඉදන්. අහින්සට වැඩ පටන් ගත්තේ team එකට වැඩ පටන් අරන් දවසකට පස්සෙ. අහින්සට ගොඩක් මහන්සියි එක දිගට මහන්සි වෙන නිසා. ඒ වුනත් එයා එක වැඩක්වත් මග ඇරියෙ නෑ. කෙලින්ම කිව්වොත් ටේට කෑම එක පවා කැව්වා.

ටේත් දැන් පුරුදු වෙලා ඈතින් ඉන්න. හැම වෙලේම ලගින් ඉන්න බැහැනෙ. office එකේදි වුනත් ඒ දෙන්නට කතා කරන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නෑ. වෙලාවක් ලැබුනත් කතා කරන්න වෙන්නෙ නෑ. මොකද ඇස් කීයක් ටේ හ්‍යුන් හැම විනාඩියේම වගේ බලන් ඉන්න නිසා.

ඒ වුනාට දෙන්නා වෙනදටත් වඩා ආදරේ කලා. ඒ ආදරේ වෙනසක් වුනා. ඒත් ඒ අඩුවුනා නෙවේ. වුනේ වැඩි වුන එක.

අද යන්තම් විනාඩි 45ක් යනකොට කෙල්ල පුලුවන් වුනා dorm එකට යා ගන්න. ඒම වුනත් වෙලාව 10.30ටම ලගයි. කෙල්ලගෙ හිතේ තිබුනෙ එකම දෙයයි..

' ටේ ඔප්පා තාම කාල නැතුව ඇති..' පැයේ ගමන විනාඩි 45ක් වුනේ ඒ නිසාමයි.

.

.

" ඔප්පලා මන් ආවා. කාලා ඉමුද බඩගිනී.."

ශූ රැක් එක ලග ඉදන් ශූ ලේස් ලිහන ගමන් කෙල්ල කෑ ගැහුවා. ඒ වුනත් ඇතුලෙන් කිසිම සද්දයක් නෑ. වුනේ මොකද බලන්න කෙල්ල ඉක්මනින් ඇතුලට ගියා. හැමෝම ගල් ගිල්ලා වගේ බලන් ඉන්නවා.

" ඔප්පා.." අහින්සා කතා කලත් කවුරුත් කතා නෑ.

" ටේ ඔප්පා.. මොකද මේ..?"

අහින්සා ආපහු එහෙම ඇහුවෙ අනිත් කවුරුත්ම කතා කලේ නැති නිසා. ටේ හිටියේ සාලෙ මැද නෙවේ. මුල්ලකට වෙලා. දන්නව ද..? එයාගෙ ඇස් තිබුනෙ කොහොමද කියලා.. රතුම රතු පාටට. හරියට ගින්දර පිටවෙනවා වගේ. අහින්සා එහෙම අහපු ගමන් කෙල්ල ලගට ආපු ටේ හ්‍යුන් කෙල්ලගෙ උරහිස් දෙකෙන් තද කරලා ඇල්ලුවා.

" තමුන්ගෙ මහ ලොකු ආදරේ මේකද..?"

එහෙම ඇහුවෙ නිකන්ම නෙවේ. ඒ උරහිස් දෙක තදට හොල්ලලා. අහින්සා උඩ ගියේ කොහෙටවත් නැතුව අහපු ඒ ප්‍රශ්නෙට.

" ඔප්පා..!! මොකද මේ.. මොනාද කියන්නෙ..?" අහින්සා ඇහුවෙ පුදුමයෙන් ටේ දිහා බලලා.

" මොනාද කීවෙ..? කවමදාවත් දාල යන්නෙ නෑ කිව්වා.. "

" ඔප්පා..!!!!"

" තමුන්ට මෙහෙම මාව රවට්ටන ඕනි නම් කෙලින්ම කියලා අයින් වෙන්න තිබුනා නේද..?"

" ඔප්පා ඔයා.."

මෙච්චර දෙයක් වෙලත් අනිත් හය දෙනා කිසිම කතාවක් නැතුව ඔහේ බලන් ඉන්නවා.

" තමුන් මට ආදරේ නැත්නම්.."

" ඔයා මොන විකාරයක් ද මේ කියන්නෙ..?"

ටේ කියන්න හදපු දේ ඉවර කරන්න කලින් අහින්සගේ ඉවසීමේ සීමාව පැන්නා. ඒ නිසා ටේගෙ පපුවෙන් අල්ලලා තල්ලු කරපු අහින්සා කෑ ගැහුවා. ඇත්තටම අහින්සා හිතුවට වඩා ගොඩක් හයියෙන් කෑ ගැහුනා. විනාඩියයි ගියේ..

" චටාස්.."

ටේගෙ හීනි දිග ඇගිලි තියන දකුනු අත අහින්සගේ වම් කම්මුලේ වැදුනා. නිකන් නෙවේ. ගොඩක් හයියෙන්. ගොඩක් මහන්සි වෙලා හොදටම බඩගින්නෙ හිටපු කෙල්ලට ඒක දරා ගන්න බැරිවුනා. එහෙමම විසි වෙලා ගිය අහින්සා බිත්තියේ වැදුනේ ඔලුවත් හයියෙන්ම වැදිලා. ඒක කොච්චර රිදුනත් කම්මුලට වඩා කෙල්ලට රිදුනේ එයාගෙ හිත. ඇස් දෙකෙන් කදුලු වැටෙද්දි අහින්සා ටේ හ්‍යුන් දිහා හැරිලා බැලුවා.

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

එහෙම කියපු ටේ පඩිපෙල නැගලා උඩට ගියා. ඒ වචන අහින්සගේ කනේ දෝන්කාර දෙද්දි තවත් දරා ගන්න පුලුවන් කමක් නැති වුන නිසා කෙල්ල බිත්තිය දිගේ රූටලා ගිහින් බිමට වැටුනා.

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

" වැරදි කරලා කට ගහගෙනත් එනවා. මන් කොහොමද තමුසෙ වගේ ගෑනියෙකුට ආදරේ කලේ..?"

ඒ වචන වල දෝංකාරය..

________________________________

දන්නවද ඔයාලා..

සමහර පොරොන්දු තියන්නෙ කඩ කරන්න..

________________________________

Cover by :- Isuri Senarathna..
Tnqqqqqqqq akki ❤️❤️

A_Shee ~

Continue Reading

You'll Also Like

20.8K 5.4K 16
Don't Copy My Work 🚫 Sinhala JUNG HOSEOK / MAIN Sera : වෙච්ච දේ මටම උනා කියල හිත හදා ගන මම උන්නෙ... ඒත් ඒත් ඔයා නිසා මම දැන් ඔම්ම කෙනෙක් වෙන්න ය...
162K 26.9K 36
ආදරය වෛරය හමුවේ.... නපුරු නායකයෙකුගේ... හිත හොරාගත්.... ආත්ම සහකාරිය... You Are My Destiny....🖤
442K 62.3K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
27K 2.7K 32
Миний хайртай эмэгтэй эргэн ирж байна. Гэхдээ тэр нөхөртэйгөө эргэн ирж байна.