I MET HER [COMPLETED✔]

By Jeon_Dew_2003

2.4K 474 156

මිනිස් වෘකයන්ගේ සහ වැම්පයර්වරුන්ගේ ගැටුම් අතරින් ගලා යන වෘක කොල්ලෙක්ගේ සහ සාමාන්‍ය කෙල්ලෙක්ගේ ආදර කතාවක්....�... More

CHAPTER 1
CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10

CHAPTER 7

173 40 17
By Jeon_Dew_2003

ඉර මුදුන් වෙන්නත් ලඟයි.ජනේලෙන් කාමරේ ඇතුලට ආපු ඉර එලිය ඩී ගේ මූණටම වැටුනා.මුලු ගෙදරම පාලු වෙන්න ඩී ලොකුම ලොකු ඈනුමක් ඇරියා.ඇස් දෙකත් පොඩි කර කර අමාරුවෙන් නැගිට්ටා..

"හාආ.......හරිම කම්මැලි...ආව්..මගේ ඔලු ගෙඩිය.."

කලින් දවසේ ඩී හොඳටම බීලා හිටිය නිසා කිසිම දෙයක් හරියට මතක තිබ්බේ නෑ..ටිකෙන් ටික හැමදේම මතක් කරන්න උත්සාහ කරා..

"මේ number එක මොකද්ද?..මං කාටද මේ call අරං තියෙන්නේ.."

_________________________________________

"උබ මොකද ඔච්චර ඒ කෙල්ල ගැන කියවන්නේ..ආ?"

"ඔහ්..උබට ඒකි ගැන මොකක් හරි..මොකක් හරි..හිතිලද? "

තතමන්ගේ යාලුවා තාත්තා නැති වුණාට පස්සේ කවදාවත් සතුටින් ඉදලා නෑ කියලා felo හොදටමදන්නවා.ඒත් කෙල්ලෙක් නිසා හරි Jayce සතුටින් ඉන්න එක ගැන felo ගොඩක් සතුටු වුණා.ඒ වගේම තමන්ගේ යාලුවා ආදරේක පැටලිලා කියලත් felo ට තේරුණා.

"උබට පිස්සුද..මට එයා ගැන මුකුත් හිතිලා නෑ..උබ මොනා කියවනවද මන්දා.."

Jayce තමන්ගේ හැගීම් ඒ වගේම හිනාව පාලනය කරගන්න ගොඩක් උත්සාහ කලා.Jayce ට ඕන උනේ නෑ තමන්ගේ හිතේ තියන දේවල් යාලුවා දැනගන්න..ඒත් එක්‌කම Jayce ගේ ෆෝන් එක ring උනා..

" අඩෝ...කෑගහන්න එපා..මං හිතුවා එයා call කරයි කියලා.."

"කවුද බන්..?"

"කටවහපන්කෝ"

_________________________________________

"Helloo.."

"Hello කවුද මේ කතා කරන්නේ?"

"ඔයානේ මට කතා කරේ..කවුද කියලා දන්නේ නැත්තන් call කරේ මොකටද..පිස්සුද?"

"මට ඇති පිස්සුවක් නෑ..මගේ Phone එකෙන් ඔයාට call එකක් අරං තිබුණා..ඒත් මං ගත්තේ නෑ වගේ තමයි..මට මතක"

"හ්ම් හ්ම්...ඔයාට ඊයේ වෙච්ච කිසිම දෙයක් මතක නෑ වගේ..නේද ස්කූටි කෙල්ල"

"ස්කූටි..කෙල්ල"

"මං ඔයාගේ ස්කූටියේ හැප්පුන කෙනා..ඒ වගේම ඊයේ ඔයත් එක්ක බිව්වා කෙනා..තව ඔයාව කරේ තියාගෙන ගෙදරට ගෙනාව කෙනා.."

ඩී ට ඒ කියපු හැමදේම අපහැදිලි වුනත්..movie trailer එකක් වගේ එකේක සිද්ධි මතක් වෙන්න ගත්තා.

"මට ඔයාව හම්බෙන්න ඕනේ මේ දැන්ම..please"

"හරි..මං location එක දාන්නම්"

ඩී ට රෑ ඇත්තටම මොකද්ද උනේ කියලා..හරියටම දැනගන්න ඕනේ උනේ කිසිම දෙයක් හරියට මතක නැති නිසත්..අපැහැදිලි මතකයන් අස්සේ තමන්ව අවුල් කරන එක මතකයක් තිබ්බ නිසත්..ඒ තමයි Jayce ගේ හාදුව..

"ඇත්තටම මේ මොන..හරි හරි හොදට හුස්ම ගන්න ඩී..හැමදේම මතක් කරන්න..."

"ආආෂ්..මට මුකුත් හරියට මතක නෑනේ...ඇත්තටම ඒ කොල්ලා මාව..kiss..නෑ..නෑ..ඒක වෙන්න බෑ..."

"හරි..මං එයාගෙන් හැමදේම අහගන්නවා..එයාට බෑ මට කොලේ වහන්න"

ඩී ගේ අක්කයි,තාත්තයි ආච්චිව බලන්න ගිහින් තිබුණේ..අක්කා නැති දවසට දෙකට මුලු ගෙදරම අවුල් ජාලාවක් වෙලා තිබුණේ..ඩී ඉක්මනට ගේ අස්කරන්න ගත්තා..හැමදේම තිබුණ විදියට හැදුවා...අක්කයි,තාත්තයි එදා එනවා කියපු නිසා..ඊට පස්සේ ඉක්මනින් ගෙදරින් එලියට පැන ගත්තේ Jayce ව හම්බවෙන්න හිතාගෙනයි.

"මේ පිස්සා ඇවිත් නෑනේ.."

Jayce කියපු විදියට ඩී cafe එකට වෙලා බලන් හිටියා.ඩී සැරින් සැරේ cafe එකේ වීදුරුවෙන් බල බල කොණ්ඩේ හදන්න ගත්තා.ඩී ගේ හිතෙත් Jayce ගැන පොඩි හැගීමක් තිබ්බා.ඒත් ඩී ඒක එයාගෙන්ම හංගගත්තා.

"ලස්සනට තියනවා"

ඩී ට හොදටම ලැජ්ජ හිතුනා..ඒත් මුකුත් වුනේ නෑ වගේ මූණ හදාගෙන Jayce එක්ක හිනා වුනා.

"Hi.."

"Hi..දැන් ඇයි මාව හම්බ වෙන්න ඕනේ කිව්වේ.."

"අහ්..ඒකද..ඇත්තටම මේකයි"

"කියනවද..මං යන්නද"

"අහ්..එපා..හරි..මට ඊයේ රෑ වෙච්ච හැමදේම දැනගන්න ඕන"

Jayce ට තේරුණා ඩී ඇඹරෙන විදියෙන් මොනවා දැනගන්නද ආවේ කියලා.Jayce ට තමන්ගේ හිනාව පාලනය කරගන්න ඕන නිසා තමන්ගේ මූණට ලොකු අහංකාරකමක් මවා ගන්න සිද්ධ වුණා.
Jayce ඩී ට හැමදේම කිව්වා.හැබැයි අන්තිම සිද්ධිය හැර..

"එච්චර ද?..ඇත්තටම එච්චර ද උනේ?.."

"ඔව්"

"මං කියන්නේ මේ වෙන දෙයක්..මේකයි..ඔයා..මේ මාව.."

"ඔව්..දිගටම කියන්න..ඇයි නැවැත්තුවේ?"

මේ කොල්ලා වෙච්ච හැමදේම කිව්වද?නැත්තන් මට මොනා හරි හංගනවද?මං කොහොමද දැනගන්නේ?ඩී ප්‍රශ්න ගොඩකට හිරවෙලා වගේ..

"මං කියන්න ගියේ..ඔයා මාව ගෙදර ගෙනාවට..thanks"

"අහ්..හරි"

"මං එහෙනං ගිහින් එන්නං..bye"

ඩී ට මේක මහ පිස්සුවක්..කොහොමද තමන්ගේ මතකයේ නොවිච්ච දෙයක් තියෙන්නේ..ඩී ගොඩක් කලබල වෙලා හිටියේ..

"ඕ...ඔඔ"

ඩී එකපාරටම කකුල පැටලිලා අනිත් පැත්තට වැටෙන්න ගියා..ඒත් වාසනාවට Jayce ට ඩී ව අල්ලගන්න පුළුවන් වුණා..ඩී එකපාරටම Jayce ගේ උරහිසෙන් අල්ලගත්තේ මිනිස්සු ඉස්සරහ බිමට නොවැටී ඉන්නයි..
Jayce ට ඩී ව අතඅරින්න හිතක් නෑ..Jayce ඩී ගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා..ඒ වගේම ඩී ට Jayce ගේ ඇස් දෙකෙන් තමන්ගේ ඇස් අහකට ගන්න ඕන කමක් තිබ්බේ නැහැ..දෙන්නම ඒ දෙන්නට නොදැනීම එකිනෙකාට ගොඩක් ආදරය කරන්න අරගෙන..ඒ නිසාම දෙන්නාගෙම හදවත් ගොඩක් වේගෙන් ගැහෙන්න ගත්තා..

"Excuse me..ඔයාලගේ bill එක"

දෙන්නම එකපාරට ගැස්සුනා..දෙන්නම වටපිට බලන්න ගත්තේ වෙන ලෝකෙකට ගිහින් එකපාරට ආයිත් ආවා වගේ..දෙන්නට දෙන්නා මූණ බලාගත්තා..දෙන්නටම හිනා ගියා..

මිනිස් - වෘක ආදර කතාව දැන් පටන් අරගෙන..එයාලා දෙන්නට දෙන්නා දැන් ආදරය කරනවා..ඒත් ඩී දැනගෙන හිටියේ නෑ Jayce එයාට ආදරේ කරනවා කියලා..ඒ වගේම Jayce දැනගෙන හිටියෙත් නෑ ඩී එයාට ආදරේ කරනවා කියලා..
ඒත් එයාලට එයාලව නැතුවම බැරි වුණා..එයාලා නිතර හම්බවුණා..නිතර කතා කරා..
____________________________________________

"Happy Birthday ඩී"

"Thank you"

"Happy Happy Birthday මචං"

"Thanks බන්"

"Happy Birthday..අඩෝ..අපිට party ඕනේ"

"හරි හරි ඕයි..thanks බන් Wish කරාට"

ඩී ට අද උදේ නැගිටින්න උනේ එයාගේ වදකාර Alarm එකට නෙමෙයි.යාලුවන්ගේ call වලට.එදා ඩී ට විශේෂ දවසක්..එදා තමයි ඩී ගේ Birthday එක

"Helloo...thank you thank you"

"මොකා..මොකටද thanks කරන්නේ..?"

"ඔහ්..sorry ඇත්තටම..මං නම බැලුවේ නෑ..මං හිතුවේ යාලුවෙක් Wish කරන්න ගත්තා කියලා.."

"Wish...මොකටද?"

"දැන් ඔයා මාසෙක විතර ඉදන් මාව දන්නේ..ඉතින් ඔයා දන්නේ නැද්ද..අද ගැන?"

"මාසයක් නෙමෙයි..මාසයයි දවස් 12යි..පැය,විනාඩි..මතක තියාගන්න බැරි උනා"

"ඇත්තටම අයියේ..ඔයා කොහොමද ඔහොම මතක තියාගත්තේ...මං එච්චර special ද ඔයාට?"

"හ්ම්.."

"හරි ඉතින් අද ගැන ඔයා කිව්වේ නෑනේ?"

"අද මගේ Birthday එක"

"Birthday..."

"අද රෑ 8 ට..beach එකට එන්න"

"අහ්..මේ..Helloo...Helloo..මෙයා cut කරලනේ"

එදා ඩී ට විශේෂ දවසක්..ඒත් Jayce ට ඕන උනා තවත් විශේෂයක් මේ දවසට එකතු කරන්න..Jayce ට හිතුනේ අද තමයි හොඳම දවස හිතේ තියෙන හැමදේම ඩී ට කියන්න..Jayce දැනගෙන හිටියත් මේ ආදරේ වෘකයන්ගේ නීති වලට පටහැනි කියලා..Jayce ට ඕන උනා ඩී ව තමන්ගේ කරගන්න..Jayce ගේ පලවෙනි ආදරේ මොනදේ වුනත් Jayce ට නැති කරගන්න ඕන වුණේ නැහැ..ඒත් Jayce ගේ හිතේ තිබුණ ලොකුම බය තමන්ගේ ඇත්ත ඩී දැනගත්තම මොනා වෙයිද කියලා....

👉CHAPTER 8👉

Continue Reading

You'll Also Like

649 100 14
හැමෝම කිව්වට කිදුරියක් වෙන එක දුර්ලභ සද කිදුරියක් වෙන එක හොද දෙයක් කියලා....මට ඒක එක්තරා ශාපයක් උනා.... ...
436 96 15
නොසිතූමරණයක් පුංචි ආදරනීය පවුලක් පියෙක්ගේ/ සැමියෙක්ගේ පලිගැනීමක් සල්ලි කෑදරයෙක්ගෙ මරණයක් මෙවන් දේවල් ඇතුලත් හරි සුන්දර කතාවක් සම්පූර්ණයෙන් කියවන්න ❤�...
394K 8.3K 48
He was gigantic. The 7'0 monster of a man towered over her, even though he was sitting. Bright cyan eyes gazed down at her unreadably. He gestured w...
40.8K 4.5K 51
This book contains spoilers for all other books in The Regal Eclipse Pack Series. I highly recommend reading those books first. Kyra Remington is in...