_Winter Bear_ ( Fan Fiction Only )
තිස් හතර වැනි ඍතුව
හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
________________________________
" පාටියක්..!!?"
" ඕ.."
" පිස්සු ද ජිමිනි..?! ටේට අමාරුයි..
" කියන්නෑ මන්.. දැන් කෙල්ල ඉන්නවනේ.. මොන අමාරුවක් ද..?"
ජිමිනුයි ජින් හ්‍යුනුයි රන්ඩු වෙනවා.. රෑ සෝජු පාටියක් දාන්න ජිමින්ට ඕනි වෙලා..
" ටේ බිව්වහම හැටි දන්නවනේ.."
" දේ දේ හ්‍යුන්.. මන් බලා ගන්නම් එයා ගැන.."
" ඒ වුණත්..!"
" අනේ අනේ හ්‍යුන්.. අපි කාලෙකින් පාටියක් දැම්මෙ නෑනේ.."
" අනේ මන්දා.."
" කැමතිනෙ.. අනේ මන්දානේ.. හරි.. ඒ කියන්නේ කැමතියි හොඳේ.."
ජිමින් එහෙම කියලා හිනා වෙවී එළියට ගියා. අද රෑට පාර්ටි.. ටේගෙ සතුටටම නෙවෙයි ඉතින්. කට්ටිය කාලෙකින්නෙ free වුනේ.
" යාහ් අහින්සා.. අපි අද රෑ පාටි දානවා.. එනවනේ.." ජිමින්ට තමා ලොකුම අමාරුව. කෝමහරි මේ වැඩේ arrange කලෙත් එයා තමයි.
" party..!? ඒ මොකටද..?"
" මොකද අහන්නෙ පාටි තියන්නේ සතුටට නේ.."
" සතුටට.. ඒක නම් දන්නවා.. දැන් මොකක්ද මෙතන තියෙන සතුට පාටි තියන්න තරම්..?"
" ඇයි පවුල් වුන එක.."
" මොකක්..!?"
" යාහ්..! ජිමිනී ඔප්පා.. මැරෙන්න ආසද..?"
" නෑ නෑ සීරියස් කියන්නේ අපි අද රෑට පාටියක් දානවා.."
" මොකද ඒ..?"
" විශේශයක් නෑ ඉතින්.. ගොඩ කාලෙකින් නිසා.."
" හ්ම්.. කමක් නෑ.. දාන්නකෝ එහෙනම්.. දැන් නොකියා කියන්නේ මට මෙහෙන් යන්න කියල ද..? ඕගොල්ලන්ට පාටිය තියන්න ඕන නිසා.."
" ඕ.. ඒම තමා.."
" හොදයි හොදයි.. මටත් hospital එකට යන්න ඕනි.. වැඩ වගයක් තියේ.."
" යාහ්.. මගෙන් ගුටි කන්න ඕනේ වෙලාද..?"
" හරි හරි.. joke එකක් කළේ.."
" joke තමා.."
" අහන්නකෝ ඉතින්.. මගෙන් මොනවා හරි උදව්වක් ඕනද..?"
" එහෙම නම් නෑ.."
" හරි ඒනම්.."
" ආ.. ඒත් එක උදව්වක් නම් ඕනේ.."
" මොකක්ද..?"
" ටේව දෙන්න පුලුවන් ද..? Party එකට.."
" යාහ්.. ඔප්පා.. ඇත්තටම ඔයාට මැරෙන්න ආසාවක් තියෙනවද..?"
" හා හා.. අපි පස්සේ රණ්ඩු කරමු.. මන් යනෝ බඩු අරන් එන්න.."
එහෙම කියපු ජිමින් පොඩි හිනාවක් දාලා හෝබි හ්‍යුන් එක්ක එලියට ගියා.
~~~~~~~~~~
ඇත්තටම වෙලාවකට මෙහෙමත් හිතෙනවා. Concert එකකින් පස්සෙ එන දිග නිවාඩුවත් හරි කම්මැලියි. මොකද කට්ටියම ඉන්නේ කාමර වල.. එක්කෝ ෆෝන් වලට එබීගෙන.. එක්කො නිදාගෙන..
විශේෂයක් වෙන්න ගොඩක් අහම්බෙන් තමයි.
මේ පාර ඒකට හේතුව අහින්සා. කවුරුත් කාටවත් විශේෂයෙන් නොකිව්වත් එයාව තමයි මේ පාටියට හේතු වුණේ. ජිමින් මේක ගැන කට්ටියට කියලාම තමයි plan කලේ. ඒත් අඩුම තරමෙ කුකිවත් ඇගෙව්වෙ නෑ අහින්සා නිසා තමා party එක arrange කරන්නෙ කියලා.
.
.
" ටේ.."
" ඕ බං.. වරෙන් ඇතුලට.."
" කොහොමද දැන් අවුලක් නෑනේ.."
" ඕ.. දැන් ගානක් නෑ.."
" ම්ම්.."
" වැඩේ හරිද ජිමිනී.."
" හරි.. බලන්නකෝ.. උබ මේක නේද ඉල්ලුවේ.."
ජිමින් එහෙම කිව්වේ ලස්සන box එකක් ටේගෙ අතේ තියෙන ගමන්. වෙන මොකුත් නෙමෙයි එකේ තිබේ ලස්සන necklace එකක්.
" උඹ බැලුවද..? මේක ලස්සනයි නේද..?"
" ආයෙත් ඕක මගෙන් අහන්න දෙයක්ද.. ඕක ගත්ත ගමන් මාත් ගැස්සුනා. උඹට නම් තියෙන්නෙ මාර choice ටේ.."
" සීරියස් නේද කියන්න ..?"
" ඔව් බං.. ඇත්තටම ඒක ලස්සනයි.."
" ම්ම්.."
" කෝමත් කෙල්ලගෙ මාලේ උබ ලගනෙ තියෙන්නෙ ඔය මාලෙන් දැන් ඒක ශේප්නේ.. කොල්ලා මෝඩමත් නෑනෙ බලන් ගියාම.."
" අනේ මේ.. විහිළු කරන්න නම් හදන්න එපා.."
" හරි හරි පිස්සෝ.. මන් දැන් විහිලු කලේ නෑනේ.."
" හැක හැක තමා.."
" කෙල්ලව හොඳට බලාගනින්.. උබ දන්නවනේ.. කෙල්ල අහින්සකයි.."
" යාහ්.. උබටත් මොකක් හරි උනාද..? ඇයි අනේ අද මේ කට්ටියම අමුතු වෙලා.."
" ඇයි.. මොකද උනේ..?"
" කුකිත් අද මාත් එක්ක පිස්සුවක් අල්ලලා ඉන්නෙ.."
" එහෙම තමයි ඉතින්.. මුලින්ම පවුල් වුනාම පොඩ්ඩක් චාටර් කරන්න එපැයි.. චින්ගු චින්ගු ගෑවට මාත් උබට හ්‍යුන් තමා මාස ගානකින් හරි.."
" ya..!!!"
" හරි හරි.. මන් යනෝ හොඳේ .."
" වැඩ ටික හරිද..?"
" තව ටිකක් තියේ.."
~~~~~~~~~~
රෑ අට විතර වෙනකොට party එක පටන් ගත්තා. Arrange කරලා තිබුනෙ අහින්සා වෙනුවෙන් වුනත් අහින්සා එක සෝජු වීදුරුවක්වත් බිව්වෙ නෑ. එයාට පුලුවන් වුනේ ඒ දිහා බලන් ඉන්න එක විතරයි.
ඔව්.. අහින්සා නැති වුනාට අනිත් කට්ටිය නම් වැඩ පටන් අරන්.. එකක් දෙකක් නෙවේ.. බෝතල් දහයකට වඩා දැනටමත් හිස් වෙලා.
කුකී මෙතන ඉන්න ලොකුම පිස්සා.. දැනටමත් මාළු ගැන කියව කියව ජිමින් එක්ක රණ්ඩු වෙනවා. ටේත් කට දානවා..
කුකී කියනවා මාළු වතුරේ පීනන්නේ නැහැල්ලු ඇවිදිනවාලු..
ජිමින් කියනවා මාළු වතුරෙ පියාඹනවලු..
ටේ ඔය දෙකෙන් එකකටවත් එකඟ නෑ. එයා කියනවා මාළුවෝ වතුරේ ඉදන් වතුර බොනවලු..
ජින් හ්‍යුන් ගැන නම් කියන්න දෙයක් නෑ. අහිංසගේ කරක් උඩට අත දාගෙන එයා කුස්සියේ තියෙන දේපල ගැන කියනවා..
කෑම මේසෙට කකුල් හතරක් තියෙනවලු..
පුටුවට කකුල් දෙකයිලු තියෙන්නේ.. තව දෙකක් එකතු කරාම හතරක් තියෙනවලු..
මේසෙ හරි නරකයිලු. එක් කෙනෙක් මදිවට අට දෙනෙක් බැදලලු. ඒ අට වටේ තියාගෙන ඉන්නවලු. නිදහසේ වාඩි වෙන්නවත් දෙන්නෙ නෑලු. ලොකුම ප්‍රශ්නෙ ඒ අට දෙනාටම කකුල් හතර ගානෙ තියෙන එකලු.
නම්ජුන් හ්‍යුන්.. එයා නම් කට වහගෙන පැත්තකට වෙලා ඉන්නවා. වෙන දෙයක් නෙමෙයි. පාටිය පටන් ගන්නකොටම එයා අතින් හොඳම glass එකක් බිඳුනා. ඒක බිඳලා ජින් හ්‍යුන්ගෙන් අහ ගත්ත ටික මදෑ.. වීදුරුව හදපු විදිහ.. හදපු තැන.. ඒකට ගත්තු වීදුරු වර්ගෙ.. කීයටද විකුනුවෙ.. කොහෙද විකුනුවෙ.. හම්මෝ.. සේරම කිව්වා. සැපයිනෙ ඉතින්..
හෝබි හ්‍යුන් නම් මොකුත් කලේ නෑ. එයාගේ කකුල් දෙක තියන්නේ තියන්නෙ සෝෆා එකේ හේත්තු වෙන තැන. ඔලුව තියන්නේ සෝෆා එකේ වාඩි වෙන තැන.. යන්තම් ඇස් දෙක ඇරගෙන ඉන්න එයාට පන තියනවා. ඒකත් අපරාදෙද මන්දා. මොකද දැන් එයා dorm එක plan කරපු architecturer ට දහ තුන් වතාවකට වඩා බැන්නා dorm එකට වහලක් දාපු එක ගැන. ලොකුම ප්‍රශ්නෙ ඒක නෙවේ. එයාට වහලෙ තරු පේන්නෙ නැති එක..
සුගා හ්‍යුන්.. දෙවියනේ කතා කරන්නවත් එපා.. එයා මොනවද කරන්න කියලා.. මොකද එයා මොනවද කරන්නේ කියලා තේරුම් ගන්න බෑ.. පිස්සු නෙවේ.. ඒකට පිස්සු කිව්වොත් පිස්සුවට කියන්න දෙයක් නෑ. එච්චරටම අන්තයි..
හැබැයි එකම එක දෙයක් තේරුම් ගන්න පුළුවන්කම තිබ්බා එයා කරපු දේවල් වලින්. ඒ තමයි අහින්සගෙයි ටේගෙයි අත් දෙක හැම වෙලේම එකට තියලා බඳින්න හදපු එක.
එක පාරක් තිබ්බාම අහිංසා කරන්නෙ නැගිටලා වෙන තැනකට යන එක.. ආපහු සුගා හ්‍යුන් අහින්සා පස්සෙන් ගිහිල්ලා එයාගේ අතකින් ඇඳන් ඇවිල්ලා ටේගෙ ලඟින් ඉන්ඳවනවා. ඊට පස්සේ ලේන්සුවක් අරගෙන අත් දෙක බඳිනවා. ටේත් ඉතින් එපා කියයියැ. හොඳට ඉන්නවා බලාගෙන.
ආපහු ලේන්සුව ලිහලා අහින්සා යනවා. සුගා හ්‍යුන් ආපහු හොයන් ඇවිල්ලා අත් දෙක ගැට ගහනවා. ලේන්සුවෙන් නම් කමකුත් නෑ.. මේසේ උඩ තිබුන ලීක්ස් ගහකින්..
අහින්සට විකාර නෙමෙයි.. ඒ දැනෙන දේට කියන්න දෙයක් නෑ.. පොඩ්ඩක් හිතන්නකෝ ලෝක ප්‍රසිද්ධ Band එකක් එක කෙල්ලෙක් ඉස්සරහ පිස්සෝ වගේ හැසිරෙනකොට කොහොම තියෙයිද කියලා..
අන්තිමට කෙල්ල කළේ එකම දෙයයි. පඩිපෙලේ භාගයක් නැගලා පඩියක වාඩි වෙලා මේගොල්ලෝ කරන විකාර දිහා බලන් හිටපු එක. අත්වැට නිසා අහින්සා ඉන්න තැන කාටවත් පේන්නෙ නැති නිසා හොයන් එන්නෙ නෑනෙ.
.
.
" කෝ මේ අහින්සා.. මගේ පන.. මෙහෙට එන්න.." විනාඩියකට හරි අහින්සා පේන්න නැතිවුනාම ටේ කෑ ගහනවා..
" ඔයාගේ පණ.. ඔයාගේ පණ වෙන්න කලින් එයා තමා මගේ එකා.." ඒ කුකී..
" යාහ්.. තමුන් ඔය කියන සේරම දේවල් විකාර විතරයි.. ඔය හැමෝගෙම වෙන්න කලින් තමා ඒ කෙල්ල මගෙ නංගි උනේ.." ජින් හ්‍යුන්..
" කට වහගන්නවලා හැමෝම.. අහිංසා කියන්නේ legend එකක්. කොල්ලො හත් දෙනෙක් එක්ක හිටපු එක කෙල්ලෙක් කියන්නේ.. එයා අයිති එක්කෙනෙකුට නෙමේ.. හැමෝටම.." සුගා හ්‍යුන් පිස්සු කියවනවා.
අහින්සා, දවසේ ප්‍රමුඛ පුවත..
" හරියටම හරි හ්‍යුන්.. දැන් බලන්න මං අද හවස කුකීගෙ කනක් ගලවන්න හැදුවෙ ඔය ප්‍රශ්නෙ හින්දනෙ.. "
" යාහ්.. බොරු කියන්න එපා හ්‍යුන්.. මගේ කන් දෙක තාම ලස්සනට තියෙනවා.."
" දැන් මං පිළිගන්න ඕනද ඔයා කියන එක..?"
" නෑ.. පිස්සුද.. එහෙම ඔයා ඒ කිසිම දෙයක් පිළිගන්න ඕනි නැහැ.."
.
.
" සුගා හ්‍යුන්.." ඒ පාර ආපහු ජිමින්.
" ඕ.."
" ඔයාට හිතෙන්නේ අපේ මේ බිත්ති වල ගාලා තියෙන පාට මොන පාට කියලද ..?"
" අහ්හ් ඕක හිතන්නත් දෙයක්ද ඔය පාට ඔය පාට අර පාටනෙ.."
" මොන.."
" අර පාට දන්නැද්ද..? අර පාට.."
" ආ.. ඔව්නේ.." කුකී ආපහු.
" පිස්සු කතා කරනවද ඔයාලා.. ඕකේ ගාලා තියෙන්නෙ මේ පාට.."
" නෑ නැහැ.. අර පාට.."
" පිස්සුද.. මේ පාට.."
" අර පාට කිව්ව නේද..?"
" මේ පාට.."
" අර පාට.."
" කතා කරන්නෙපා.. මේ පාට.."
" නෑ නෑ නෑමයි.. අර පාට.."
මේ විකාර කතා අහන් ඉන්න බැරිම තැන අහිංසා කරේ පඩිපෙලේ අත්වැට අල්ලගෙන ඔලුව ඒකෙ ගහ ගත්ත එක. හරි හරි.. ඔලුව පැලිලා ගියොත් හරිනේ.. හැබැයි ඒත් වැඩකුත් නෑ.. කන් ඇහෙනවනේ..
ආ.. ඔයාලා හිතුව හරි.. මන් ඒක කියන්න ටිකක් පරක්කු වුනා. අහිංසා බිව්වෙ නෑ.. සිහියෙන් ඉන්න ඕන නිසා නෙමෙයි.. ඇත්තටම එයා drinks ගන්න කැමැති වුණේ නෑ.
" මගේ පන.. මෙහෙ එනවකෝ.. කී පාරක් කිව්වද.."
ටේ හ්‍යුන් කෑගහන්නෙ කකුලත් උඩ තියාගෙන.. වෙලාවකට හිතෙනවා අහිංසා ටේට කැමති වෙච්ච එකට සම්මානයක් දෙන්න ඕනි කියලා.
" යාහ්.. ඔප්පා.. දැන් ඇති නේද.. අපි යමු කාමරේට.. එන්න.. "
" මොකක්ද මැනික..?"
" දැන් නිදාගමු නේද ඔප්පා..?"
" අනේ මගේ රත්තරන්.. අපි යාලු වුනා තමයි. එහෙමයි කියලා මෙච්චර ඉක්මනට ඕවා කරන එක හරි නෑනේ .."
( ශිට්.. මරන්න මාව පොල්ලකින් ගහලා..🔪)
" යාහ්.. කට වහගෙන නිදාගන්න එනවද..? බෙහෙත් බොන්නත් තියෙනවා.."
" අලේ බෑ කිව්වනේ.. දැන්ම ඕව කලන්න බෑ.."
" ඔප්පාආආ.."
" හරි.. අපි තව ටික දවසක් ඉමු.. හාද..? ඊට පස්සෙ පුලුවන්නේ ඉතින්.."
" ඕ.. ශිට්.. ඔප්පාආ..!!"
අහින්සා කෑ ගැහුවා ඒ පාර නම්.
යන්තම් හරි සිහිය තිබ්බෙ නම්ජුන් හ්‍යුන්ටයි ජිමිනිටයි විතරයි.. ජුනී හ්‍යුන් නම් ගොඩක් බිව්වෙ නෑ. ජිමිනි නම් හොදට බිව්වා. ඒ වුනත් එයාට ගානක් වුනේ නෑ.
ඒ ගමන කුකී ගිහින් සෝෆා එක උඩ සර්කස් පෙන්නන්න යනවා. සෝෆා එකේ head එකේ තනි කකුලෙන් ඇවිදිනවා.
" කුකී.. බහිනවා ඔතනින් බිමට.. අන්ඩක් කඩාගන්නද ඕන වෙලා තියෙන්නෙ..?"
" අනේ.. මගේ අහි.. දැන් පවුලක්නේ.."
" කුකීඊ..!!!!!"
" උඹ දන්නවද කෙල්ලේ මට කොච්චර සතුටුද කියල.. බොරු නෙමේ.. මුලින්ම මං ඔයාව හොඳම යාළුවා කරගත්තෙත් හ්‍යුන්ට උදව් කරන්න.. අන්තිමට ඔයාම එයාට කැමැති වුණා.. "
" යාහ්.. වැටෙයි මෝඩයෝ.."
" දැන්නම් මට මාරම සතුටුයි.. මම මෙච්චර කල් හිතන් හිටියේ මං ප්ලෑනක් ගහලා ඔයාව හ්‍යුන්ට සෙට් කරනවා කියල.. දැන් එකින් ඔය දෙන්නම සෙට් උනානේ.. ඒ කියන්නේ මගේ කිසිම වැරැද්දක් නෑ.. ඔයා දන්නවද මට දැනෙන සතුට.."
" කුකී..!"
" ඇයි අනේ.. කියන දේ අහලා ඉන්නවකො කෑ නොගහ.."
" මේ.. ඔතනින් බැස්සොත් මන් කියන දේ අහන්නම්.."
" ඉන්න.. බහින්නම්.." එහෙම කියපු කුකී සෝෆා එකේ ඇන්දෙන් බැස්සා.
" තමුසේ මුලු ජීවිත කාලෙම සතුටින් ඉන්න ඕනි.. ඒ වගේම තමුසෙ මැරෙනකල් හ්‍යුන්ව දාලා යන්න බෑ. අනිත් එක ඔයාට ඉක්මනට මැරෙන්නත් බැහැ.."
" මොනාද කියවන්නෙ කුකී.. පිස්සු හැදිල ද..?"
" කිව්වනෙ.. දැන් ඔයාට තියෙන ලොකුම duty එක තමා ජීවත් වෙන එක.."
" මෙන්න මෙහෙ එනවා.. නිදා ගන්නවා ගිහින්.."
අහින්සා කුකීව එක්කගෙන කාමරේට ගියේ පුදුම අමාරුවෙන්. කුකී හෙන size නේ. අහින්සා කුකීගෙන් අරික් කාලක්වත් නැතුව ඇති. කොහොම වුනත් පඩිපෙලේ වැටෙන්නෙ නැතුව කුකීව කාමරේට එක්කන් යන්න කෙල්ලට පුලුවන් වුනා. කුකීව ඇදට දාලා blanket එක පොරවලා අහින්සා එන්න හැදුවත් කුකී කෙල්ලගෙ අතකින් අල්ල ගත්ත නිසා එයා නැවතුනා.
" අහි.. ඔයාට බෑ හ්‍යුන්ගෙන් ඈත් වෙන්න දැන් කොහොමටවත්. එයා ඔයාව නැති වුනොත් පිස්සෙක් වෙයි. මතක තියා ගන්න.. ඔයා එයා වෙනුවෙන් දැන් ජීවත් වෙන්න ඕනි.."
කුකී එහෙම දෙයක් කිව්වට එයා හිටියෙ සිහියෙන් නෙවෙයි. ඒ වුනත් එයාගෙ හ්‍යුන්ගෙ සතුට තමා ඒ වෙලාවෙත් එයාගෙ ඔලුවෙ තිබුනෙ.. ගොඩක් ලස්සන සහෝදර බැදීමක් ඒක. ඒ කියන්නෙ කුකී පවා වැඩියෙන් හිතන්නෙ ටේ හ්‍යුන් ගැන. නැතුව අහින්සා ගැන නෙවෙයි. ඒ වුනත් අනිත් හැමෝටම වඩා එක දෙයක් කුකී තේරුම් අරන් තිබුනෙ. ඒ තමා අහින්සා නැත්නම් ටේ හ්‍යුන්ට කවමදාවත් කිසිම සතුටක් ලැබෙන්නෙ නෑ කියන එක. ඒ නිසා තමා එයා අහින්සට ඒ තරම්ම ලන් වුනේ.
අහින්සගේ ඇස් වලට කදුලු පිරුනත් අහින්සා ඇඩුවෙ නෑ. ඇයි අඩන්නෙ.. මොකටද අඩන්නෙ.. එයා කුකිගේ ඔලුව අත ගාලා room එකේ දොරත් වහලා ආපහු පහලට ආවා.
හෝබි හ්‍යුන්, සුගා හ්‍යුන්, ජින් හ්‍යුන් තුන් දෙනාම යන්තම් කාමර වලට ගියා. ගියා නෙවේ.. ඇත්තම කතාව නම් බඩ ගෑවා.
එතකොට ජුන් හ්‍යුන් කිව්වා මැරුනත් එයා අද නිදා ගන්නෙ sofa එකේ කියලා. එයත් එක්ක ඉතින් අහින්සට තව මොන තර්කද..?
ජිමිනි උදවු කරපු නිසා ටේ හ්‍යුන්ගෙ තුවාලෙ පරිස්සම් කරලා යන්තම් කාමරේට එක්කන් යන්න අහින්සට පුලුවන් වුනා. ජිමින් මොකුත් නොකියා එයාගෙ කාමරේට ගියා.
ටේ දැනටම නිදි මරගාතෙ කියවනවා. අහින්සා යන්තම් බෙහෙත් ටික පොවා ගත්තා. ටේ හ්‍යුන් එහෙමම ඇදට වැටුනා. කරන්න තියෙන කිසිම දෙයක් එයාට මතකවත් නෑ.
අහින්සා හෙමින් ටේ ලගින් වාඩි වුනා. හොද වෙලාවට කෙල්ල බෙල්ලෙ උඩ ඉදන් වැහෙන jacket එකක් දාගෙන හිටියෙ. නැත්නම් ඉතින් ටේ හවස garden එකේදි කරපු වැඩේ දැක්කා නම් එහෙම ජිමිනිගෙ කටෙන් බේරෙන්න හම්බෙන්නෙ නෑ කල්ප ගානකට.
' ඔප්පා.. මාව ඔයාගෙන් ඈත් කරන්න පුලුවන් එකම දේකට විතරයි.. ඒ තමයි ඔයාම.. ඔයාගෙ කටින්ම කියන්න ඕනි මට ඔයාගෙන් ඈත් වෙන්න කියලා. ඒ දේ වුනේ නැත්නම් මගේ මරනෙට ඇරෙන්න කිසිම කෙනෙකුට මාව ඔයාගෙන් ඈත් කරන්න බෑ..'
අහින්සා හිතුවෙ ටේ හ්‍යුන්ගෙ වැහිලා තිබුන ඇස් දිහා බලාගෙන. හෙමීට නලලට වැටිලා තිබුන කොන්ඩෙ අයින් කරපු කෙල්ල ඒ නලල සිප ගත්තෙ ලොකු හැගීමකින්. ඒ සිප ගැනීමෙ තිබුනෙ රාගයක් නෙවෙයි.. ආදරයක්.. අවුරුදු හතරක ඒක පාර්ශ්වීය ආදරේ.. අද එයාගෙම වෙලා. ආදරේ දි ඉවසීම කියන වචනෙ අදුරන්නෙවත් නැති පිස්සු කොල්ලෙක්.
ටේ හ්‍යුන් ගැස්සිලා ඇහැරුනේ ඒ වෙලාවෙදි. එයාගෙ ඇස් දෙක ඉස්සරහ හිටියේ වෙන කවුරුත් නෙවෙයි.. අහින්සා.. ඉතින් මොනාටද බලන් ඉන්නෙ තවත්. අහින්සා තත්පරයක් යන්නත් කලින් හිටියේ ටේ හ්‍යුන්ගෙ අත් දෙක ඇතුලෙ හිරවෙලා. කෙල්ලගෙ බඩ වටේ අත් දෙක දාලා ටේ කෙල්ලගෙ සීතල පපුවට ගුලි වුනේ උනුසුමක් හොයාගෙන. දැන් සීතල නෑ. ගොඩක් උනුසුම්.. ඒ කොල්ලා නිසාමයි.
අහින්සා විනාඩියක් විතර දැගලුවෙ ඒ අත් වලින් බේරෙන්න. ඒ වුනාට දඩු අඩුවක් වගේ. කොහොම බේරෙන්නද..?
" දගලන්නෙපා මැනික. මට නින්ද ගියාට පස්සෙ මෙතනින් පැනලා යන්න හිතන්නවත් එපා. නැගිටින කොට මන් ලග ඉන්නම ඕනි ඔයා. මේ විදිහටම.. එහෙම හිටියෙ නැත්නම් පස්සෙ මන් නරකයි කියලා කියන්නත් එපා.."
ටේ කිව්වෙ එයාගෙ කටහඩ බර කරලා සීතල කට හඩකින්. ඉතින් තව මොන කතාද..? අහින්සා හෙමින් ටේගෙ ඔලුව අත ගෑවෙ කොල්ලට නින්ද යනකන්. විනාඩියක් යන්නත් කලින් එයා නිදි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වෙලාව හරියටම දොලහයි. අහින්සා එකදිගට පැයක් හෙල්ලෙන්නෙවත් නැතුව ඉදලා. ටේ හ්‍යුන් නම් හොදට නිදි. ඒ වුනත් අහින්සට නින්ද යන්නෙ නෑ. එකක් හවස කොල්ලා හින්දා ආපහු පෑරුනු තුවාලෙ රිදෙනවා. අනිත් එක ටේ කෙල්ලව හුස්ම හිරවෙන්න එන තරමට තදින් තුරුලු කරන් ඉන්නවා..
ටිකක් වෙලා කල්පනා කරපු අහින්සා හෙමීට ටේගෙ අත් වලින් ගැලවෙන්න try කලා. හරි පුදුමයි. එක පාරින් කෙල්ලට පුලුවන් වුනා ටේ හ්‍යුන් ලගින් අයින් වෙන්න. ඒ වුනත් කොල්ලට ඇහැරෙන්න වගේ ආපු නිසා ඉක්මනින් කොට්ටයක් අරන් ඒ අත් දෙක මැදින් තියපු කෙල්ල එතනින් ඈත් වුනා.
හරි.. එයා ආපහු හොදට නිදි.
අහින්සා ඉක්මනින් කාමරේ light එක නිවලා දොර වහගෙන එලියට ගියේ එයාට ඇහැරෙන්න කලින්. මොනවා වුනත් කෙල්ල දැනගෙන හිටියා හෙට උදේ අනිවාරෙන් ටේ හ්‍යුන්ගෙන් මේකට බැනුම් අහන්න වෙනවා හොදටම කියලා.
( Guess කරන්න.. උදේ මොනා වෙයිද..?🙂 )
~~~~~~~~~~
" අහින්සා.. නිදිද තාම..?"
" අහින්සා .."
" අහියෝ.."
" යාහ්.."
" මන් එනවා හොදේ ඇතුලට.."
ඒ ඊලග උදේ.. කුකී අහින්සගේ කාමරේ දොරට තට්ටු කලත් කෙල්ල සද්ද නෑ.. කතා කරල කරල බැරිම තැන තමයි දොර ඇරගෙන ගියේ.
ඒත්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔයාල බය වුනාද එයා පැනලා ගිහින් කියලා..
නෑ..
එයා කොට්ටෙ හයක් බදාගෙන නිදි. ඇදේ අනිත් පැත්තට..
" ඕ.. ශිට්.. නැගිටිනවා අහි.. දෙන්න හිතෙනවා නිදන් ඉන්න විදිහ දැක්කම.."
" නැගිටිනවා මෝඩියේ.."
" ඈ.. හා... ආ.."
" යාහ්.. නැගිටිනවා.."
" විනාඩි දෙකයි තව.."
" නැගිටිනවා මෝඩියේ.. වෙලාව දන්නවද..?"
" හා.."
" ඒ ගමන හාලු.. දහයයි වෙලාව නැගිටිනවා.."
කුකී ඒම කියලා කෙල්ලගෙ කොට්ටෙ ඇදලා විසික් කලා.
" අනේ කුකී.. ඔයා මට වෙනස්කම් කරනවා.. මන් කවමදාවත් ඔයාට ඕම කලේ නෑ.."
නහයෙන් අඩ අඩ එහෙම කියපු කෙල්ල අනිත් පැත්තට හැරිලා ආපහු නිදාගත්තා.
" එහෙනම් ඉන්නවකො ඔහොම.. අන්න අරෙහෙ එක්කෙනෙක් heart attack හැදිලා මැරෙයි.."
කුකී එහෙම කියලා කෙල්ලගෙ කාමරෙන් යන්න හදනවත් එක්කම අහින්සා ඉද්ද ගැහුවා වගේ නැගිටලා ඇද උඩ හිට ගත්තා. වෙනසක් නෑ.. එයාගෙ කොන්ඩෙත් අපේ වගේමයි. මහසෝනා පවා පරාදයි ඒ කොන්ඩෙ අවුල් වෙලා තියෙන විදිහට..
" යාහ්.. තමුසෙ පේන්නෙ යකෙක් වගේ.. ගිහින් wash කරලා කොන්ඩෙ හෝද ගන්නවා.." කුකි හා දත් දෙක ඉස්සරහට දාගෙන රවනවා..
" ඒ කුකියෝ.. ටේ ඔප්පට කේන්ති ගිහින් ද..?" අහින්සා ඇහුවෙ බය මූනක් හදාගෙන.
" කේන්ති.. කේන්ති තමා.. දැන් ඔයාව කන්න බලන් ඉන්නෙ.."
" අනේ.. මාව බේරගන්නවකෝ.. චේබල් .."
" පිස්සු හැදිලද අහි.. හීනෙන් බය වෙලාද..?"
" Serious අහන්නෙ හාවො.. එයා මාත් එක්ක කේන්තියෙන් ද..?"
" පිස්සු ද ඔයාට.. එයා ඔයත් එක්ක කේන්ති ගනියිද මැට්ටියේ.."
" ඒත්.. ඊයෙ.. රෑ.."
" හප්පට සිරි.. මොකක් හරි වුනාද..?"
" මේ.. ඒක.."
" හා හා.. ඕක මට කියන්න ඕනි නෑ.. දැන් බයවෙන්න එපා.. මොකද එයාට කවදාවත් බිව්වට පස්සේ වෙන දේවල් මතක හිටින්නෙ නෑ.."
" මොකක්..!?"
" ඕ.. කවමදාවත් වෙන්නෙ නැති දෙයක් ඒ.."
" ඒත් දැන්.."
" ආ.. ඔයා උදෙන්ම එයා ලගට ආවෙ නෑ කියලා එයා බය වෙලා. අපි කිවා ඔයා තාම නිදි කියලා.. වෙනදට ඔයානෙ උදෙන්ම නැගිටින්නෙ.. ඒකයි.. ඉක්මනින් එයා ලගට යන්න.."
" හරි කුකී.."
" මට නම් හිතා ගන්නවත් බෑ.. උබල දෙන්නා බැන්දට පස්සෙත් අපිට මෙහෙම පස්සෙන් ඉන්න වෙයි ද කියලා.."
වැඩි දෙයක් වුනේ නෑ. කුකී එහෙම කියනවත් එක්කම අහින්සගෙ hair dryer එක ඇවිත් කොල්ලගෙ ඔලුවෙ වැදුනා..
~~~~~~~~~~
" ටේ ඔප්පා.."
" අහින්සා.. මගෙ මැනික.."
අහින්සා ටේ ලගට යනවත් එක්කම ටේ අහින්සට තුරුල් වුනේ ඇත්තටම කෙල්ල දාලා ගියා වගේ. විනාඩි ගානක් යනකල් ටේ අහින්සා ලගින් හෙල්ලුනේවත් නෑ..
" ඔප්පා.. මොකද මේ..?" අහින්සා ඇහුවෙ කොල්ලගෙ ඔලුව අත ගාලා.
" මට බය හිතුනා.. අනේ ඔයා මාව.."
" අනේ ඔප්පා.. මොනවද මේ කියන්න හදන්නේ.. මම ඔයාට පොරොන්දු වුනා නේද කවමදාවත් දාලා යන්නේ නෑ කියලා..?"
" ඒත් මට ගොඩක් බය හිතුනා මැනික.."
" අනේ මෙයා නම්.. කෝ.. අත් අරින්න මාව.. මගේ හුස්මත් හිර වෙන්න එනවා.."
" ඇයි මෙච්චර වෙලා ගියෙ..?"
" මට අද නින්ද ගියා.. කෝ ඉතින්.. මට සමාවෙනවා නේද.. ම්ම්..?"
" මං මහ මෝඩයෙක්.. නේද..?"
" අනේ ඔප්පා.. උදේ පාන්දරම මගෙන් ගුටි කන්න ඕනේ වෙලාද ඔය..?"
" ඒත්.."
" කට කට.."
" ....."
.
.
.
.
අහින්සා හිටියේ ටේ හ්‍යුන්ට පිටුපාලා. මෙච්චර වෙලා ටේ හිටියෙත් අහින්සව back hug කරගෙන.
මතකද..? අහින්සගෙ මාලෙ..
මෙච්චර කල් ටේ කොලර් තියන ඇදුම් ඇන්ද නිසා තමා අහින්සා එයාගෙ මාලේ කොල්ලගෙ කරේ තියෙනවා දැක්කේ නැත්තෙ. ඒත් අද ටේ හිටිය කොලර් නැති ෂර්ට් එකක් ඇඳලා..
" කියන්න.. මං නැගිටිනකල් හිටියා නේද උදේට කන්න.. ඉන්න මම කෑම එක අරන් එන්නම්.."
අහින්සා එහෙම කියලා නැගිටලා යන්න හදනවත් එක්කම ටේ කෙල්ලව ආපහු අතින් ඇදලා ගත්තා. අහින්සා කෙලින්ම නැවතුනේ ටේගෙ බෙල්ල ඉස්සරහ..
" මොකද මේ..?" එතකොට තමා අහින්සා දැක්කෙ මාලෙ..
" මගෙ මාලෙ..!"
අහින්සට එකපාරටම එහෙම කියවුනෙ ඒ මාලෙට අත තියන ගමන්.
" කේන්ති ගන්නැතුව මන් කියන දේවල් සේරම අහන් ඉන්න අහින්සා .. ම්ම්..?"
" ඒත් .."
" අහන්නකෝ ඉතින්.."
" හ්ම්.."
ඒ විදිහට අහින්සව පපුවට තුරුලු කරගෙන ටේ හ්‍යුන් මුලු කතාවම අහින්සත් එක්ක කීවා. ටේ එයාව දැකපු විදිහ.. ආදරේ කරන්න පටන් ගත්තු විදිහ.. එදා ඉදන් අද වෙනකල් ඒ කතාව ගලාගෙන ගිය විදිහ. ඒ හැමදේම..
අහින්සා මොනා කියන්න ද..? එයාට ඇස් වල කදුලු පිරුනා. ඒ වුනත් එයා ඇඩුවෙ නෑ. ඇයි අඩන්නෙ.. මේ ඇවිත් තියන්නෙ සතුටු වෙන්න ඕනි කාලෙ..
" තරහ ද ඉතින් මාත් එක්ක අහි.?"
" නෑ ඔප්පා.. ඔයා ඕක තියා ගන්න.."
" මට මේක කලින් කියන්න තිබුනෙ ඔයත් එක්ක.."
" කමක් නෑ අනේ.. ටිකක් මේම ඉන්නකෝ සද්ද නොකර.."
අහින්සා කිව්වෙ ටේගෙ බඩ වටේ තිබුන එයාගෙ අත් දෙක තවත් තද කරන ගමන්. ටේ හිමීට කෙල්ලගෙ කොන්ඩෙ අස්සෙන් අත ගෙනිල්ලා සිනිදුවට ඒ කොන්ඩෙ අතගෑවා.
ඇත්තටම අහින්සා එහෙම සමාව දුන්නෙ කොහොමද..? එයා දවස් ගානක්ම ඇඩුවා ඒ මාලෙ නිසා. ඒක එයාට කොච්චර වටිනවද.. ඒ වුනත් අද.. එයා කිව්වෙ ටේ හ්‍යුන්ට මේක තියා ගන්න කියලා.. ඇයි ඒ.. ආදරේ කියන්නෙ ඒකද..
ටික වෙලාවකින් අහින්සා ටේ හ්‍යුන් ලගින් ඈත් වුනා..
" ඉන්න.. බඩගිනියි නේද දැන්.. මන් කෑම එක අරන් එන්නම්.."
එහෙම කියලා යන්න හැදුවත් හරි ගියෙ නෑ. ආපහු ටේ හ්‍යුන් ඇදලා ගත්තෙ කලින් විදිහටමයි.
( මට සාදාරන සැකයක් තියේ.. මේ විදිහට අතින් ඇද්දොත් එහෙම අතක් නැති වෙයිද කියලා.. මොකද කොයි වෙලේ බැලුවත් අතින් අදිනවා.. ඇග උඩ නතර වෙනවා.. අහින්සගේ අත වෙනුවෙන් මගේ සාතිශය දුක..🤧 )
" මොකද ඔප්පා..?"
" ඉන්න.. පොඩි දෙයක් තියෙනවා දෙන්න.."
" පොඩි දෙයක්.." අහින්සා ඇහුවෙ පුදුම වෙලා.
" ම්ම්.."
ටේ හ්‍යුන් අතට ගත්තේ ඊයෙ ජිමින් ගෙනත් දුන්න මාලෙ. ටේ හ්‍යුන් තමයි ඒක තේරුවේ.. ඇත්තටම ඒක හරි ලස්සනයි.. ටේට යන්න බැරි නිසා තමයි ජිමින්ට කියලා ගෙන්න ගත්තේ..
" මට ආදරේ කරනකල්ම මේක ඔයාගෙ බෙල්ලෙ තියන්න ඕනි.. කවදමහරි මාව දාලා යන්න ඕනි වුනොත් ඔයාට මේක ගලවන්න පුලුවන්.."
අහින්සගෙ කොන්ඩෙ මෙහාට කරපු ටේ හ්‍යුන් ඒ මාලෙ දාන ගමන් ඒම කිව්වා.
කෙල්ලට ගොඩක් සතුටු හිතුනා. කෑ ගහලා හිනාවෙන්න හිතුනා. ඒ වුනත් මාලෙ දාලා ඉවර වෙනවත් එක්කම අහින්සා ටේ ලගින් අයින් වුනේ පුදුම කේන්තියකින්..
" අහින්සා .." ඒ පාරට නම් ටේත් බය වුනා..
" දාලා යන්න ඕනි නම් ඇයි මන් ඔයාට ආදරේ කරන්නෙ.. ආ..!!?" අහින්සා ඇහුවෙ කෑ ගහලා.
" මන්.."
" එපා කතා කරන්න.."
" අහි.."
ටේ එකදිගට කතා කලත් අහින්සා කේන්තියෙන් එලියට ගියා..
.
.
එලියට ගියේ නම් ආපහු ඇතුලට එන්නෙ නෑ කියලා හිතාගෙන. ඒත් ඉතින් ආපහු නෑවිත් ඉන්නයැ. දැන් අහින්සා කවන්නෙ නැත්නම් කොල්ලා කන්නෙත් නෑනෙ..
" ලොකූ.. අරයගෙ කෑම එක දෙනවද..?"
අහින්සා ඒ කේන්තියත් අනිත් අයගෙ පිටින් දානවා. ජින් හ්‍යුන් ඊයෙ බීලා මතත් තාම තියාගෙන kitchen එකේ වැනි වැනී ඉන්නකොට කෙල්ලගෙ සද්දෙ නිසා උඩ ගිහින් බිම වැටුනා.
" යකූ.. ගින්දර බීවද උදේම..?"
" බිව්වෙ නෑ.. පෙව්වා.."
එහෙම කියපු කෙල්ල මොකුත් නොකිය ගස්සගෙන ජින් හ්‍යුන් දුන්න කෑම plate එකත් අරන් උඩට ගියා.
" අම්මපා.. පවුල් වෙන එක නම් සාපයක්.." ජින් හ්‍යුන් තනියෙන් කියා ගත්තා.
.
.
" මේ.. ඔයාගෙ කට අරිනව ද..? නැත්නම් තනියෙන් කනවද..?"
" ඔප්පා.."
" ටේ ඔප්පා.." අහින්සා කොච්චර කතා කලත් ටේ හ්‍යුන් බැලුවෙවත් බෑ.
" එහෙනම් තනියම කන්න.."
එහෙම කියපු අහින්සා එතනින් යන්න නැගිට්ටත් ටේ ඇදලා ගත්තු පාරට නතර වුනේ ටේගෙ උකුල උඩ..
" මොකද මේ.. ඔච්චර කේන්ති ගන්න දෙයක් කිව්ව ද මන්..?"
ටේ ඇහුවෙ ආදරෙන්. ඒ වුනත් කෙල්ල හිටියෙ අනිත් පැත්ත බලාගෙනමයි.
" අනේ මැනික.. මේ අහන්නකෝ.."
" අනේ.."
ටේ අනිත් පැත්ත බලන් හිටපු කෙල්ලගෙ නිකටින් අල්ලලා මූන එයාගෙ පැත්තට හරව ගත්තා.. ඒත් ඒ එක්කම අහින්සා ටේගෙ බඩ වටෙන් අත් දෙක යවලා පපුව උඩින් ඔලුව තියා ගත්තා. ටේත් ටික වෙලාවක් යනකල් මොකුත් නොකර හිටියත් එයාට තේරුනා කෙල්ල අඩනවා කියලා..
" මේ අහන්න අහින්සා.."
" අඩන්නෙපා මැනික.. promise මන් ඒ වගේ කතාවක් කියන්නෙ නෑ ආපහු ඇත්තමයි.."
" අනේ.. අඩන්නෙපා ඉතින්.."
" ඇත්..ත..ට.. ම.. ඔයාට.. මාව.. විශ්..වා..ස.. නැත්..නම් ඇයි.. ම..ට ආදරේ.. ක..ලේ ඔ..ප්පා..?" කෙල්ල ඇහුවෙ කදුලු අතරින්..
" අනෙ.. ඒම නෑ මැනික.. මට ඔයාව විශ්වාසයි.. ගොඩක් විශ්වාසයි.."
" ඒනම් ඇයි ඒම කිව්වෙ ඔයා..?"
" ඔයා දන්නවනෙ ඉතින්.. මන් විහිලුවටනෙ කිව්වෙ.. හරි හරි.. ඒක ඉවරයි.. කෝ.. දැන් අඩන්නැතුව ඉන්න.. ම්ම්.."
" කෝ.. අඩන්නෑ නේද..?"
ටික වෙලාවක් අහින්සව තුරුලු කරගෙන හිටපු ටේ හ්‍යුන් කෙල්ලගෙ නලලට හාදුවක් තියලා ඈත් කලා. ඊට පස්සෙ කෙල්ල ටේටත් කවලා.. එහෙමම එයත් කෑවා.
අහින්සා කියන්නෙ එහෙම අඩන කෙනෙක් නෙවෙයි. සමහර විට ඒ වෙලාවෙ එයාගෙ ඇස් වලින් පිට වෙන්න ඇත්තෙ මෙච්චර කාලෙකට දරා ගත්තු වේදනාව වෙන්න ඇති. ඔව්.. දැන් එයාට පුලුවන් ඒ වේදනාව ටේ හ්‍යුන් එක්ක බෙදා ගන්න.. ඒ වුනත් ඔයාලා හිතනවද අහින්සා එහෙම කරයි කියලා..
[ Re-edit || කතාවකට හරි මගේ දෙබස් මෙච්චර රොමෑන්ටික් වුනේ කොහොමද..? ඇත්තටම මේක ලිව්වෙ මන්ද..?🥲🤌]
________________________________
Cover by Malsha thishakya.. ❤️
A_Shee ~