THE BOXER || JJK ✔️

By _nim_nim_

23.2K 5.8K 1K

" ජීවිතය බොක්සින් වළල්ලක් ඇතුලේ ගෙවෙන සටනක් වගෙ.. අපි හැමෝම ඒ වළල්ල ඇතුලේ ජීවිතය වෙනුවෙන් සටන් කරන, අරගල කරන... More

DISCLAIMER
පෙරවදන
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 වන කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
14 වන කොටස
15 කොටස
16 කොටස
17 කොටස ( අවසාන කොටස )

13 කොටස

931 287 36
By _nim_nim_

" වැඩේ හරි.... මට හම්බුනා....!! "

ටේගේ කෑ ගැහිල්ලට ජන්ග්කුක් වගේම අනික් හැමෝම දුවගෙන ගියේ ලිවින් ඒරියා එකට... යද්දි ටේ පෙඟුන කොල කෑල්ලක් අතේ තියාගෙන හිනා වෙවී හිටියේ... ඒ මදිවට ඩොකියුමන්‍ට්ස් තිබුන මේසේ පුරහම ග්‍රේප් ජූස් හලලා තිබුනා...

" ආයිශ් ... බලනවකො.. අපි එකතු වෙලා හොයා ගත්තුවා සේරම තෙමලා හොයාගත්තු එක හොඳ දෙයක් උනොත් හොඳයි.... නැත්තං මම බොගෙ ඔලුව කුඩු කරනවා.."

යුන්ගි එයාගේ ගන් එකත් අරගෙන ඒක කරකවන ගමන් කියද්දි ටේට තඩි කෙල ගුලියක් ගිලුනෙ ඉබේටමයි... හැමෝම ටේ ලඟට වට වෙද්දි සුයා , ඉරේ දෙන්නා මින්ජේ ලඟ නැවතුනත් කට්ටියගේ කතාබහ ගැන අවදානෙන් ඉඳියේ....

" යාහ් ටේ... කියනවකො වදේ... මොකද උනේ...?? "

ජිමින් කෑගහන්න ගත්තේ සුයා එක්ක කතා කර කර ඉද්දිම ටේ කෑගහපු නිසයි..

" මේ ... මේ චිට් එක දැක්කද... එදා අර කෙල්ලගෙන් ගත්තේ... ඒකට ග්‍රේප් ජූස් හැලුනා මගේ අතෙන්... බලන්න්කෝ ඒකේ ලියලා තියෙන් එක.."

ටේ ග්‍රේප් ජූස් වලින් පෙඟුන චිට් එක පෙන්නද්දි ඒකේ ලියවිලා තිබුනේ කලින් දවසේ රෑ මැරුණ අයගේ ගෙදර එඩ්‍රස් එක.... එතකොටයි හැමෝටම තේරුනේ ip address එකක් පස්සේ මෙච්චර කල් දුවලා තියෙන්නේ වැරදියට තේරුම් ගත්ත නිසා බව..

" ශිට්... අර බ@$* අපිව නොමඟ යැව්වා... ඕකගේ ඔලු කට්ට කුඩු වෙන්න තියනවා මගෙ ඉස්සරහට නම් අවොත්.."

යුන්ගි අත් දෙකෙන්ම ඔලුව අල්ලන් ලග තිබුන සෝෆා එකකට බර වෙලා කියද්දි ජන්ග්කුක් ඇස් කොනෙන් බැලුවේ කේන්තිය නිසා මිට මෙලවෙන ජින්ගේ අත් දිහා... සැකේ එන්න එන්න උඩු දුවද්දි ජන්ග්කුක් ජින් දිහා බැලුවේ අසරණව..

" මට පොඩි වෙලාවක් දෙන්න කෝල් එකක් ගන්න ඕනි... "

" ආ කුකියා මගේ රූම් එකට යන්න.."

" දේ..."

ජන්ග්කුක් හදිසියෙන් මතක් උන දෙයක් නිසා ටේගේ කාමරේට දුවද්දි අනික් අය ටේ හැඩි කරලා දාපු මේසේ අස් කරා... මේ අතරේ ඉරේ මින්ජේව සුයාගේ අතට දීලා ජන්ග්කුක් පස්සෙ ගියේ ඇති උන සැකේකට... මොකද ජන්ග්කුක් ඉරේගේ රූම් එකට ගිහින් තමයි ආයෙම ටේගේ රූම් එකට ගියේ..

" අනේ..... මගේ ජේකේ.... ඔයා මේතරම් දුකක් හිර කරන් ඉන්නේ කොහොමද දෙයියනේ තනියෙම... "

ජන්ග්කුක් කත කරපු දේවල් හොරෙන්ම අහන් ඉඳපු ඉරේගේ ඇස් වලට කඳුලු ආවේ ජන්ග්කුක්ගේ හිතේ මොන තරම් නම් දුකක් හිර කරගෙන ඉන්නවද කියලා හිතන ගමන්... ඒ එක්කම ජන්ග්කුක් ආයෙම එන බව දැකපු ඉරේ කඳුලු පිහිද ගෙන එතනින් යන්න හදද්දිම ඉරේ නැවතුනේ ජන්ග්කුක්ගේ කටහඬට..

" ඉරේ..."

" ජන්ග්කුක්? "

" ආ මේක ඔයාගේ.. මියානේ හදිසියේ ගත්තේ..."

ජන්ග්කුක් කිව්වේ ඉරේගේ අතට liquid foundation බොට්ල් එකක් දෙන ගමන්.. ඉරේ ඒකත් අතේ තියාගෙන කල්පනා කරද්දි ජන්ග්කුක් එයාගේ සුපුරුදු බනී හිනාව දාලා යන්න ගියා...

කට්ටිය එක්ක ලන්ච් ගද්දි ජන්ග්කුක් මින්ජේව හෝදලා කවලා නිදි කෙරෙව්වේ කට්ටියට තිබුන වැඩ නිසයි... මින්ජේවත් ලඟ තිබුන සොෆා එකෙන් නිදි කරවන ගමන් ජන්ග්කුක් කට්ටිය හිටපු ටේබල් එක ලඟට ගියා..

" ආහ්... අරූ නම්............. "

යුන්ගි තාමත් තරහෙන් කියද්දි ජින් කට කොනකට හිනාවක් අරගෙන ෆයිල්ස් වලට එබුනා....

" මේකේ තියෙන්නේ බේකින් සෝඩා එක්ක වතුර කවලන් කරලා ලියපු එකක්... ඒවට ග්‍රේප් ජූස් හැලුනම ඒ මැසේජ් එක පේනවා..."

ජින් විස්තර කරද්දි අනික් හැමෝම තේරුම් ගත්තා මෙච්චරකල් ip එකක් පෙන්නලා මිනීමරුවා හැමෝමව මුලා කරපු බව... ඒ එක්කම යුන්ගිට මතක් උනේ කලින් දවසේ රෑ මැරුණ අයව...

" ආයිශ්... කලබලේට මට චිට් එක ගේන්න බැරි උනා... මම යනවා ඒක බලන්න... ඉක්මනට ඊලඟ ගොදුර හොයාගමු..."

යුන්ගි එහෙම කියන ගමන් ජැකට් එකත් දාගෙන එලියට බැස්සේ මාක්ට කෝල් එකක් ගන්න ගමන්... ඒ අතරේ අනික් අය රෑ උන මිනීමැරුම ගැන කතා කරන්න ගත්තා ..
.
.
.

< පැය කිහිපයකට පසු>

" මම මේක කියන එක හරිද මන්දා...ඒත් ඔය ඊයේ මැරුන අයගෙන් කෙනෙකුයි කලින් මැරුන ගර්ල්ගෙයි අතරේ එෆෙයා එකක් තිබිලා තියෙනවා... මං කිව්වෙ අනියම් සම්බන්ධයක් වගේ.. අන්න එහෙම... ඔය ගර්ල් ගොඩක් අය එක්ක සම්බන්ධතා තියාගෙන ඉඳලා තියෙනවලු.."

" යාහ්.. සුයා ඔයා මාරයි නෙ කොහෙන්ද ඕවා දන්නේ...?? "

සුයා කියපුදේ අහලා භාගෙට කට ඇරන් උන්න ටේ ඇහුවේ පුදුමෙන්... ඒ එක්කම ජන්ග්කුක් ඉරේ දිහා බැලූවෙ මේ දේවල් තමන්ට නොකිව්වේ ඇයි කියලා අහන්න වගේ... මොකද සුයා දන්න දෙයක් ඉරේ නොදැන ඉන්න හේතුවක් නැති බව ජන්ග්කුක් හොඳටම දැනන් හිටියා..

" මීඩියා වල ඉද්දි ඔයිට වඩා තොරතුරු හම්බවෙනවා.. අනික මෙතන තියෙන කේස් එක ඔය කොල්ලො ටික මෑතකදි නරක දේවල් පවා ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා .. අහල පහල අයගෙන් උනත් ඒ හැටි කැමත්තක් නෑ ඒ අයට... "

" ජින් හ්‍යුන්ග් හිතෙන්නෙ නැද්ද මේක එයා දඬුවම් දීමක් කරන්නේ කියලා ... නෑ මං මේ කිව්වේ බලන්න චිට්ස් උනත් මට හිතෙනවා ඒක පාපොච්චාරණයක් කියලා.. හැමෝටම එකම චිට් එක ... "

සුයා කියද්දි හොබීත් තමන්ට දැනුන දේ කිව්වේ සුයා කියපු දේ තහවුරු කරන්න වගේ...

" කලින් අය??? එයාලටත් මේ වගේ මොනාහරී තිබුනද? "

" මං හිතන්නේ... මතකද අපේ කොලේජ් එකේ කෙල්ල... එයත් ඔහොමයි නේ... අන්තිමට අසරණ දරු පවුලක් විනාස කලා..."

සුයා කිය්ද්දි ජිමින් උත්තර දුන්නේ පහුගිය කාලේ උන මරණයක් මතක් කරන ගමන්... ඒ එක්කම ජන්ග්කුක්ට මතක් උනේ හ්‍යුන් ශික්වයි එයා පටවපු ගෑස් ටැංකි ටිකයි...

" මෙයාලගේ ඩෙත් රිපෝට් එකේ මොනාද තියෙන්නේ හ්‍යුන්ග්?"

" යුන්ගි එනකන් ඉන්න වෙනවා අපිට ... මං නිදාගන්න යනවා කතා කරන්නෙපා මට... ඇහැරුනහම එන්නම්කෝ... "

ජින් එහෙම කියද්දි ජන්ග්කුක් බලන් ඉඳියේ සැකයත් යථාර්ථයත් අතර හිරවෙමිනුයි..
.
.
.

~ පැය කිහිපයකට පසු~

" ශිට් අර @$&*@ අර කෙල්ලව උස්සලා... ඌ පිස්සෙක් යකෝ පිස්සෙක්... "

මහ වැස්සක් මැද්දෙ ගෙදර ආව යුන්ගි බෙරිහන් දෙද්දි හැමෝම පහළට දුවන් ආවේ යුන්ගිගෙ කලබලේට... වැස්සෙන් වගේම මහන්සියෙනුත් හෙම්බත් වෙලා හිටිය යුන්ගි ඉඳියේ ඉවසීමේ අන්තිම කට්ටත් පැනලා...

" හ්‍යුන්ග් අපි මේක හෙමීට විසඳමු..."

" හෙමිට? හහ්... මගෙ ජීවිතේ භාගයක්ම විනාස උනේ මේවගේ කාලකණ්ණි නිසා.. මට මේ රස්සාව දැන් තිත්තයි... මාත් මනුස්සයෙක්... "

ජිමින් ටේ දෙන්නා යුන්ගිව සනසවන්න හදද්දි යුන්ගි ඒ දෙන්නටත් බැනලා කාමරේට ගියේ සද්දෙට දොර වහගන්න ගමන්....

මේ අතරේ ජින් පහලට එන ගමන් බැලුවේ කලබල වෙලා තියෙන මූණු දිහා... ජින්ගේ තෙත් උන කොන්ඩේ ජන්ග්කුක්ගේ හිතේ ඇති උන සැකේ දලුලන්න හේතුවක් උනේ කාමරේ දොරත් ලොක් කරන් ජින් නිදාගන්න ගිය නිසත් මේ වෙනකන්ම පහලට ආවේත් නැති නිසා....

" හ්‍යුන්ග් නෑවද මේ වැස්සේ?? "

ජන්ග්කුක් ඇහුවේ තමන්ගේ හිතේ තිබුන සැකේ දුරු කරගන්නයි..

" දේ.. මට ටිකක් රස්නෙයි වගේ... රෑට මම කන්න හදන්නම්..."

" අනී... අපි ඕඩර් කලා... හ්‍යුන්ග් රෙස්ට් කරන්න..."

ජින් කියද්දි ටේ කිව්වේ හැමෝටම අද දවසම හුඟක් කලබලකාරී වගේම වෙහෙසකාරී එකක් උන නිසයි...

___________________________

මේ අතරේ,

" සුපර් ගර්ල්... "

" ම්ම්ම් කියන්න පැටියෝ..."

" ඔයා මගේ ඔම්මව අදුරනවද? "

මින්ජේ අහපු දේට ඉරේ නිරුත්තර උනේ මොනාද කියන්නේ කියලා හිතා ගන්න බැරුව .. මොකද ඉරේට ඕනේ උනේ නෑ මින්ජේට බලාපොරොත්තු දෙන්න.... ඉරේ දැනන් උන්නා ඉරේ නෑ කියලා කිව්වොත් මින්ජේගේ ඊලඟ ප්‍රශ්නේ එයාගේ ඔම්මා කොහෙද කියන එක බව... මින්ජේට ඔම්මා නැති අඩුව මේ තරම් කාලයක් ජන්ග්කුක් පිරෙව්වත් ඉරේ ලන් උන ටික කාලෙට මින්ජේට ඔම්මා කෙනෙක්ගේ ආදරේ අඩු නැතිව ලැබුනා..

අහපු ප්‍රශ්නේ මඟාරින ගමන් මින්ජේව නිදි කරවලා ඉරේත් එතනින්ම නිදාගත්තේ ජන්ග්කුක් පහල කට්ටිය එක්ක වැඩ නිසයි...

පාන්දර වෙනකන් කට්ටිය වැඩ කලේ තමන්ගේ ජීවිත වලටත් තියෙන අනතුර නිසයි... එක අතකින් ජන්ග්කුක්ගේ ඔම්මයි අප්පයි වගෙම යුන්ගිගේ පණ කැටියක් දරාගෙන ඉඳපු යුන්ගිගේ වයිෆ්... අනෙක් අතෙන් හති වැටිලා උන්න කොල්ලෝ හත්දෙනා...

" අර බයික් එක... ඒක කුරියර් සර්විස් එකක එකක්.... මේ වගේ බොක්ස් පහක් කෙනෙක් ගෙනත් තියලා ගිහින් තියෙනවා දවස් පහ හයකට කලින්... ඇරත් මේක බුසාන් වලදි තමා දීලා තියෙන්නේ "

නම්ජූන් කිව්වේ එයාට ලැබුන විස්තර අනුව... එන්න එන්නම පැටලෙන මකුලු දැලක හිර උන කෘමීන් වගේ කට්ටියම මේ ප්‍රශ්නේ ඇතුලට තව තවත් ඇදිලා ගියා මිසක් විසඳුමක් ලැබුනේ නම් නෑ..

" ඒ කියන්නේ මිනිහා අපි ගැන හොඳටම දන්නවා?? අනිවාරෙන්ම මිනිහා අපි ගැන ඇහැ ගහන් ඉන්නේ... නැත්තං කුකී ගෙදර නැති වෙලාවේ එහාට යන්නේ නෑනේ.."

හොබී කියද්දි හැමෝම ඔලුව වැනුවේ ඒක ඇත්ත කියලා අනුමත කරන්න වගේ...

" යුන්ගි හ්‍යුන්ග් ඩෙත් රිපෝට් එක කොහොමද? "

ජන්ග්කුක් ඇහුවේ ජින්ගෙත් හ්‍යුන් ශික්ගෙත් අතර දෝලනය වෙන ගමන්

" එක කොල්ලෙක්ට ගෑස් දීලා... අනික් අයගේ අතපය සේරම කපලා දාලා තිබුනේ අර කලින් බොඩී එක වගේම.. සේරම ඇඟේ අවයව එලියට ඇදලා දාලා පස් දෙනාගෙම... මට ඔලුව කැක්කුමක් ඇල්ලුවා ඒක දැකලා... බොඩීස් සේරම කුණු වෙලා.. බලන්න බෑ එතන... කොහොමහරි අපි නොදැනුවත්වම මිනිහා මේ පස් දෙනාව උස්සලා..
මං දන්නේ නෑ මූ මොකෙද්ද කියලා... හැබැයි අමු පිස්සෙක්..."

" අනී... ඌ මොල කාරයෙක්...."

යුන්ගි කියද්දි ජින් කට කොනින් හිනා වෙලා උත්තර දුන්නා... මේ අතරේ ජිමින් කලබලෙන් වගේ ෆෝන් එක බලලා අනික් අයත් පෙන්නුවේ තමන්ට ආපු pdf ෆයිල් එකක්..

" හ්‍යුන්ග් .... මැරුණ හැමෝම... HS එකේ ඉඳලා තියෙනවා.... රෙකෝඩ්ස් මකලා දාලා හොස්පිටල් එක ඇතුලෙන්..."

" මොකක්??? "

" දේ... මම මේක ඇතුලේ ඉන්න නර්ස් කෙනෙක්ට කියලා ගත්තේ.."

ජිමින් කියද්දි හැමෝම පුදුම උනත් ජින් නම් පුදුම් උනේ නෑ.. කට කොනකට ගත්තු හිනාවක් එක්ක අත්වල හිරි අරින ගමන් ජින් නිදාගන්න යද්දි අනිත් අයත් නිදාගන්න ගියා...

මේ අතරේ නිදාගන්න ගිය ජන්ග්කුක් දැක්කේ ජින් කාටත් හොරෙන්ම ගේට් එකත් ඇරගෙන වට පිට බල බල එලියට යන හැටියි... ප්‍රශ්න කන්දරාවක් හිතේ තියන් ජන්ග්කුක් ජිමින් ලඟට ගියේ නිදාගන්න..
.
.
.

~ පසුදින ~

වෙනදා වගේම කට්ටිය තම තමන්ගේ වැඩ වල හිර වෙද්දි ජන්ග්කුක් ටේ දෙන්නා විතරක් ඩෝර්ම් එකේ නැවතුනා... මේ අතරේ යුන්ගි මාක් එක්කන් අතුරුදන් උන ගෑනු ලමයව හොයන්න පිරිස් යෙදෙව්වා..

" ටේ... දන්නවද ජින් හ්‍යුන්ගේ අර ඔෆිස් රූම් එකේ පාස්වර්ඩ් එක?? "

" අනී... ඒක හ්‍යුන්ග් ෆින්ගර් ප්‍රින්ට් එකට ඇරෙන්නේ... එහෙම නැත්තං වොයිස් එකට... ඒ ඇරෙන්න ඒක ඇතුලට යන්න බෑ... "

" අහ් එහෙමද...?? "

ජන්ග්කුක් උත්සහ කලේ ජින් නැති අතරේ එයාගේ රූම් එකට යන්න උනත් ඒකත් අසාර්ථක උනේ ජන්ග්කුක්ගේ බලාපොරොත්තු බිඳලා දාන ගමන්....

මේ අතරේ ජන්ග්කුක් ඔම්මයි අප්පයි එක්ක කතා කරන්නත් අමතක කලේ නෑ...
.
.
.

~ දින කිහිපයකට පසු ~

දවස් ඔහේ ගෙවිලා යද්දි යුන්ගිගේ ජිවිතේ පොලිසිය ඇතුලේ ගෙවුනේ කටුක විදියට... ඒ වගේම හොබී, ජිමින් දෙන්නා තමන්ගේ වැඩ වලට ගියත් හිතේ නිදහසකින් නම් නෙමෙයි හිටියේ... ටේ , ජන්ග්කුක් දෙන්නා මින්ජේ එක්ක ගෙදරටම හිර වෙද්දි ජින් , ජූන් , වගේම ඉරේ සුයා දෙන්නත් නිදහසේ වැඩ වල යෙදුනා...

" ශිට්... අර යකා... කෙල්ලව කිඩ්නැප් කරලා හෙටට සතියක්... ඒ කෙල්ල ජීවත් වෙනවද මැරිලද දන්නෙත් නෑ... මූ නම් පුදුම අසහනකාරයෙක්..."

දවස් ගානකට පස්සේ ඩෝර්ම් එකට ආව යුන්ගි කිව්වේ කේන්තියෙන් කෑගහන ගමන්... කාලයක් තිස්සේ මරපු ගෑනු ලමයි... ඒ වගේම ඒ අතරෙන් නිරපරාදේ මරාදාපු තවත් තුන්දෙනෙක්.. කාලයක් අතුරුදන් වෙලා ඉදලා ආයෙම ඇවිත් දුන්නු අනතුරු ඇඟවීම්... ඒ වගේම සාහසික මිනීමැරුම් යුන්ගිගෙ ඔලුව සම්පූර්ණයෙන්ම විකාර කරවලයි තිබුනේ.. මනුස්සයෙක්ට දරාගන්න පුලුවන් උපරිම සීමාවත් යුන්ගි පැන්නේ මල සිරුරු වලටම කාලය ගෙවන ගමන්... ඒ වගේම තවත් සතියකින් දෙකකින් ඉපදෙන්න ඉන්න පුංචි පැටියා යුන්ගිගේ ඔලුවට තවත් බයක් ඇති කලේ ගෙදරටම ආපු පාර්සල් නිසයි...

හැමෝම මානසිකව වැටෙන්න තරම් මේ ප්‍රශ්නේ ඇතුලේ හිර වෙලා හිටියත් ජින්ගේ හිනා යන්නෙ නැති විහිලු, මින්ජේ පෝපෝ දෙන්නගෙ දඟ වැඩ කට්ටියට පුංචි හුස්මක්, තල්ලුවක් දුන්නා

" කුකී... "

" හ්‍යුන්ග්?? "

" ඇත්ත කියන්න ඔයා ඉරේට කැමතීද??? "

" අනේ මන්දා හ්‍යුන්ග් මට තේරෙන්නෙ නෑ ඕවා..."

ජින් අහද්දි ජන්ග්කුක් කිව්වේ ජනේලෙන් එලිය බලන ගමන්... තාමත් අඩුවක් නැතිව කඩන් හැලෙන වැස්සත් එයාලට පැහැරගත්තු කෙල්ලව හොයාගන්න තිබුන අන්තිම දවසත් අද කියන එක ජන්ග්කුක්ගේ හිතට ගෙනාවෙ ලොකු බරක්...

" මං දන්නවා මගෙ පොඩ්ඩා කැමතීනේ... ඉරේ මින්ජේට හොඳ ඔම්මා කෙනෙක් වෙයි... ඒක මං මේ ගෙවුන දවස් ටිකේ දැක්කා... ඔන්න ඕක කියලා දානවා මනුස්සයෝ.."

ජින් ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් කියද්දි ජන්ග්කුක් කලේ හිනා උන එක විතරයි... ගෙවුන දවස් කීපය හත්දෙනාට වගේම ඉරේ සුයා දෙන්නටත් ගෙවුනේ නිදි නැති දවස් කීපයක්...

" කුකී... මොකක්හරි අවුලකද?? "

" අනී හ්‍යුන්ග් මට තේරෙන්නෙ නෑ.. මගෙ වටේ වෙන දේවල් මට හරි ප්‍රශ්නයක් "

ජන්ග්කුක් එහෙම කියද්දි ජින් කලේ මුකුත් නොකියම ජන්ග්කුක්ව බදාගත්තු එක... ජන්ග්කුක්ගේ ඇස් වලට කඳුලු එකතු උනේ ජින්ව සැක කරනවට ජින්ගෙන් දහස් වාරයක් සමාව ඉල්ලද්දියි.. හිත ජින්ව විශ්වාසයි කියද්දි ජන්ග්කුක්ගේ මොලේ කිව්වේම ජින් මිනීමරුවා කියලමයි..

" මේ කොහොමහරි ඕක කියලා දානවා ඉරේට ඉක්මනටම... මේක ඉවරයක් වෙද්දි කවුරු ඉඳීද නැති වෙයිද කියලා කියන්න මං දන්නෙ නෑ... ඒත් මට ඕනේ මගෙ පොඩ්ඩො හයම මං ඉද්දි සතුටෙන් ඉන්නවා බලන්න.."

" ද්..දේ හ්‍යුන්ග් ... මං හිතලා බලලා තීරණයක් කියන්නම්..."

" දේ... මං යනවා මින්ජේ ලඟට.... "

ජින් කියලා යද්දි ජන්ග්කුක්ගේ හිත ටිකකට ගැස්සුනේ මිනීමරුවා මින්ජේට කරදර කරනවා කියපු එක මතක් වෙලයි.. දිගින් දිගටම ජන්ග්කුක් හිතෙන් සමාව ගන්න ගමන් ජින්ගෙ පස්සෙන් වැටිලා මින්ජේ පේන මානෙන් හිටියා..
.
.

< පැය කිහිපයකට පසු >

රෑ වෙනකන්ම කිසි දෙයක් හොයාගන්න බැරි උන තැන හැමෝම වැටුන වැටුන තැන් වල ඔහේ බලා ඉද්දි යුන්ගි හ්‍යුන් ශික්ව ඇරෙස්ට් කරන්න වොරන්ට් එකක් ගන්න උත්සහා කරන ගමන් ඉඳියේ... මේ අතරේ ජින් ආයෙම වතාවක් කාමරේට යනවා කියලා කාටත් හොරෙන්ම එලියට යද්දි ජන්ග්කුක්ත් ඒ පස්සෙ වැටුනේ සැකේ නැත්තටම නැති කරගන්න...
.
.
.
.

" මොහ්? හ්‍යුන්ග් කොහෙද මේ යන්නේ... එතකොට එදා ආවේ හ්‍යුන්ග් ද? ."

ජන්ග්කුක් කිව්වේ ජින්‍ මහ රෑ එලියට යන දිහා බලාගෙන... ජන්ග්කුක්ගේ ගෙදරට පැන්න මනුස්සයා වගේමයි ජින් ඇදලා හිටියේ... තනි කලුපාට ඇදන් හිටපු ජින් කැප් එකකුයි මාස්ක් එකකුයි දාලා ඉඳියේ... ජින් පාරේ කොනකට වෙන්න නවත්තලා තිබුන කාර් එකකට නැගලා යන්න යද්දි ජන්ග්කුක්ත් ටැක්සි එකක් අල්ලගෙන ජින්ට නොදැනෙන්න ඒ පස්සෙන් ගියා..

ජින් අතෑරලා දාපු පැත්තකින් වාහනේ නවත්තලා යද්දි ජන්ග්කුක්ත් ඒ පස්සෙන්ම යන්න ගියේ ඇඳන් හැලෙන වැස්සෙමයි.. පඳුරක් අස්සේ හන්ගලා තිබුන ලොකු පොලිතීන් බෑග් එකක් අතට ගත්තූ ජින් ඒකත් ඇදගෙන මහ වැස්සෙම යන්න ගියේ කාර් එක ලඟට..

" අනී... හ්‍යුන්ග් ... එ...ඒ ඔයාද??? ප්ලීස් හ්‍යුන්ග් මං හිතන දේ ඇත්තක් වෙන්නෙපා..."

ජින්ගෙ කාර් එක පිටිපස්සෙ හැන්ඟිලා ඉඳිය ජන්ග්කුක් අත් දෙකෙන්ම කට වහන් හිටියේ වෙන දේවල් හිතාගන්න බැරුව... ඒ එක්කම වෙඩි හඬවල් කීපයක් ඇහෙද්දි ජන්ග්කුක් බැලුවේ ජින්ගේ දිහාව

" ල්..ලේ...?? "

ඒ එක්කම ගලාගෙන ආව වතුර පාරේ කලවම් වෙලා ආවේ රතුපාට යමක්... ඒ එක්කම ජන්ග්කුක් නැගිටලා ජින්ට කිට්ටු කලේ ජින් මරන්න යන කෙනාව බේරගන්න හිතාගෙනයි...

" හ්‍යුන්ග්.......! "

ජන්ග්කුක් කෑගැහුවේ ජින් කිනිස්සක් අතේ තියාගෙන ඉන්නවා දැකලයි.. වැස්සෙන් තෙත බරිත වෙලා හිටිය ජින් ගෙ ඇස් පුදුමෙන් පිරුනේ ජන්ග්කුක්ව දැකලා...

" ජ්..ජන්ග්කුක් ඔයා මොකද මෙහේ?? "

ජින් ගානකට නොගෙනම ජන්ග්කුක් ලඟට එද්දි ජන්ග්කුක් අඩියෙන් අඩිය පස්සට ගියේ ජින්ගේ අතේ තිබුන ලේ බේරෙන කිණිස්ස දැකලා..

" ඕකේ ඕකේ... ඔන්න මම පහලට දැම්මා.. ඔමෝ මගේ පොඩි එකා මං පස්සෙන් එන්න අරගෙන නේ..."

" වේ...??? එහෙම කලේ ඇයි..?? මොන හිතකින්ද අසරණ මිනිස්සු මරලා දැම්මේ... ඇයි එහෙම කලේ හ්‍යුන්ග් ඇයි..?? "

" කුකී මේ අහන්නකෝ..."

ජින් කිනිස්ස බිමට දාලා හිනාවේගෙනම ජන්ග්කුක් ලඟට ගිහින් ජන්ග්කුක්ගේ උරහිසෙන් අතක් තිබ්බා..

" අත ගන්න ඔයා මගේ ජින් හ්‍යුන්ග් නෙමේ... තමුන් මහ රාක්ෂයෙක්..."

ජන්ග්කුක් කියද්දි ජින් කට කොනකින් හිනා වෙන ගමන් තවත් ජන්ග්කුක්ට ලන් උනා..

" මිනීමරුවා!! "

ජන්ග්කුක් වැරෙන් පාරක් ජින්ගේ මූණට ගහද්දි ජින්ගේ තොලේ කොනක් පැලුනේ ඒ පාරේ සැරට...

" කුකී මට ඔයාට රිද්දන්න ඕනි නෑ..."

එක අතකින් කට කොනේ රැඳුන ලේ පිහිදන ගමන් වගේම අනික් අතෙ තිබුන ගන් එකෙන් ඔලුව කස කස කියද්දි ජන්ග්කුක්ගේ කේන්තිය දෙගුණ තෙගුණ උනේ ජන්ග්කුක්ගේ තවත් පාරකින් ජින්ව අඩියක් දෙකක් පස්සට යද්දි.. ජින්ගේ ගන් එකත් ඒ පාරෙන්ම බිම වැටෙද්දි ජන්ග්කුක් දිව්වේ තවමත් ලේ ගලාගෙන යන කලු පොලිතීන් බෑග් එක දිහාවට...

" කුකී... මම සැරයක් කිව්වා!! "

ජින් කේන්තියෙන් කෑගහන ගමන් ජන්ග්කුක් දණහිසට තමන්ගේ කකුලෙන් පාරක් දෙද්දි අනපේක්ෂිත ප්‍රහාරය නිසා ජන්ග්කුක් බිම ඇදන් වැටුනේ එක ක්ෂනයකින්... ඒ එක්ක ඉක්මන් උන ජින් එක අතක් ජන්ග්කුක්ගේ බෙල්ල වටා යැව්වේ ජන්ග්කුක්ව හිර කරගන්න ගමන් ...

" ආහ්..."

ඒ එක්කම අත් දෙකෙන්ම ජින්ගේ ඇඳුමෙන් අල්ල ගත්ත ජන්ග්කුක් ජින්ගේ ග්‍රහනයෙන් මිදෙන ගමන් පිටිපස්සෙන් හිටපු ජින්ව උස්සලා බිම දැම්මේ ජින්ට හිතන්නවත් ඉඩක් නොදී.... වැදුන පාරේ සැරට ජින්ට කෑගැස්සෙද්දි ජන්ග්කුක් අඬ අඬම ජින්ගේ ඇඟ උඩට ආවේ අත මිට මොලවගන්න ගමන්...

" ඇයි මාව මේ තැනට පත් කලේ..? හ්‍යුන්ග් ඔයාට බෑ මෙහෙම කරන්න ඔයා මගෙ හ්‍යුන්ග් නේ... ක්... කොහොමද මේ තරම් රාක්ශයෙක් උනේ..?? "

ජන්ග්කුක් තාමත් මිට මෙලවුන අතත් උස්සන් අනික් අතෙන් ජින්ගේ ජැකට් එකේ කොලර් එකත් අල්ලගෙන කිව්වේ ජින්ට ගහන්න හිතක් නැති නිසයි... ජින් ඒත් කලේ මුකුත් නොකියම හිනා උන එක විතරයි

" වේ...??? මොනවාහරි කියන්න .... "

" මොනා කියන්නද ඔයා මගෙ පොඩ්ඩනේ..."

" අනී... ඔයා මගේ ජින් හ්‍යුන්ග් නෙමේ..."

ජන්ග්කුක් කෑගහගන ගමන් අඬද්දි හිත හයිය කරගත්තේ අවුරුදු පහකට කලින් උන දේවල් මතක් කරගන්න ගමන්... ඒ වගේම තමන් අදුරන ජින්ගෙන් දහස් වාරයක් සමාව ගන්න ගමන්...

" තමුසේ...!!! තමුසේ කොහොමද එයාලව මරලා දැම්මේ..."

" ක්..කුකී.... ආහ්......"

" මාවත් මරලා දානවා... මාවත් අනික් උන් වගේම මරලා දානවා... "

ජන්ග්කුක් කිව්වේ වියරු වැටෙන ගමන්... හුස්මක් ගන්නෙ නැතුව ගහපු සැර පාරවල් වලින් ජින්ගේ තොල තවත් පැලුනා වගේම මූණේ තැනෙන් තැන තද රතු පැල්ලම් සටහන් උනා...

" ජන්ග්කුක්!! නවත්‍තනවා..... "

අමාරුවෙන් වචන ගැටගහගත්තු ජින් කිව්වේ ජන්ග්කුක්ව තමන්ගෙන් එහාට තල්ලු කරන ගමන්... අමාරුවෙන් නැගිටපු ජින්ගේ මූණ පුරා තිබුන ලේ වැහි වතුරෙන් හේදිලා යද්දි ඒවා ඇදුම් කන්න ගත්තේ ජින්ගේ මුවෙන් සිහින් කෙඳිරියක් පිට කරන ගමන්..

" අද තමුසෙගෙනුයි මගෙනුයි එකෙක් ඉතුරු වෙයි..."

නැගිටලා ආව ජන්ග්කුක් කික් කරද්දි ජින් ආයෙම ඇදන් වැටුනේ වැස්ස නිසා ලිස්සන සුලු පොලවේ වාසියත් ජන්ග්කුක්ට අත්කරලා දෙන ගමන්... බිම තිබුන ගලක ජින්ගේ නළල තදින් වැදෙද්දි ජින්ගේ නලල සීරිලා ගියේ ජන්ග්කුක්ගේ අනපේක්ෂිත ප්‍රහාරය නිසයි...

" ජන්ග්කුක් මේක නවත්තපන් මනුස්සයෝ.... මට රිද්දන්න ඕනේ නෑ ඔයාට... කුකී මං කියන දේ අහන්න... මගෙ ඉවසීම පරික්ෂා කරන්නෙපා.."

" හහ්... වේ හ්‍යුන්ග් වේ????? "

අඬන ගමන් අඩ සිහියෙන් උන්නු ජන්ග්කුක් ජින්ව පෙරලගෙන පහර පිට පහර දුන්නේ වේදනාවෙන් කෑගහන ගමන්... ජන්ග්කුක්ගේ පාරවල් වල සැරට ජින්ගේ කටෙන් ලේ එද්දි ජන්ග්කුක් තමන්ටම සාප කරගත්තා අවුරුදු ගානක් හෙවනැල්ලක් වගේ උනු ජින්ට ගහන්න සිද්ද උන නිසා..

" ජන්ග්කුක් එහාට යනවා..."

ඒ එක්කම පිටිපස්සෙන් සද්දයක් ඇහෙද්දි ජන්ග්කුක් බැලුවේ පිටිපස්ස...ඒ හිටියේ ඉරේ... ජන්ග්කුක් දිහාවට ගන් එකක් දික් කරන් ඉදපු ඉරේ අහසට වෙඩිල්ලක් තිබ්බේ ඕනෙම වෙලාවක ශූට් කරන්න පුලුවන් කියලා කියන්න වගේ..

" ඉ..ඉරේ ඔයත්??? දෙවියනෙ මගේ වටේ ඉඳිය මිනිස්සු මාවම රවට්ටලා..."

ජන්ග්කුක් අත් දෙකෙන්ම ඔලුව බදන් කියද්දි ඉරේ ජන්ග්කුක්ගේ ඔලුවට ගන් එක තිබ්බෙ හෙමින් හෙමින් ලන් වෙන ගමන්..

" ජන්ග්කුක් නැගිටිනවා.. එහාට වෙනවා... නැත්තං මං තමුසෙට මෙතනම තියලා දානවා මේකෙන්..."

ඉරේ කියද්දි කෑලි වෙලා තිබුන හිත තව තවත් රිදුම් දෙද්දි ජන්ග්කුක් නැගිටලා ජින්ගෙන් එහාට උනේ අඬන ගමන්මයි... ඉරේට ආදරේ කලේ ඇයි කියලා ජන්ග්කුක් තමන්ගෙන්ම අහගන්න ගමන් දණ ගහගත්තේ තවත් හිටන් ඉන්න ශක්තියක් නැති නිසයි... පේන මානෙක ගෙයක් නැති පාලු ඉඩමක හිරවුන ජන්ග්කුක් ජින් ඉරේ දිහා බලාගෙන ඇස් වහගත්තේ මැරිලා ගියා නම් හොඳයි කියලා හිතන ගමන්...

මතුසම්බන්ධයි
_____________________________________________

හුදෙක් මනඃකල්පිතයක් පමණි.🙂❤️
වෝට්, ලයික්, කමෙන්ට් කරන හැමෝටම හුගාක් ස්තූති ❤️ ඔම්කේ තව කොටස් තුන හතරකින් මම මේක ඉවර කරනො 🙂 අනික් ඒවා වගේම😁 දිගට අදින්න හිතෙන්නෙ නෑ මට 😂 සොරි වේවා හොඳෙ😁

සරන්හේ ❤️❤️
#නිම් 💜️

Continue Reading

You'll Also Like

743 219 10
the love never ended ❤️
25K 4.9K 26
හිත් කියවන්න පුලුවන් නපුරු කොල්ලෙක් පිස්සු කටකාර කෙල්ලෙක් ඉස්සරහට මොනවා වෙයිද....? කියවලා බලන්න ??️
61.2K 10.4K 50
ආදරය කියන වචනයට පවා වෛර කරන කොල්ලෙක් අහිමි වූ සෙනෙහස හොයන දගකාර කෙල්ලෙක් එක රැයකින් ඔවුන්ගේ ජීවිත කෙසේ වෙනස් වේවි ද.... ? Start :29/04/2022 End ; 29...
43.5K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉