* හේයි චැම්පියන් පුලුවන් නම් ඊලඟට මරණ කෙනා හොයාගන්න... 248.58.216.224 එතකොට මම ඔයාගේ පුතාව අතාරින්නම් *
ඒ එක්කම මට ආපු මැසේජ් එකක සටහන් වෙලා තිබුනේ එහෙම.. මම ඒකත් බලලා පහලට ගිහින් වාඩි උනේ මේ ගැන හ්‍යුන්ග්ලට කියන්න හිතාගෙන..
" හ්...හ්‍යුන්ග් මේ...! "
මම ගොත ගහන ගමන් හ්‍යුන්ගල්ට මැසේජ් එක පෙන්නුවේ ජින් හ්‍යුන්ග් දිහා බලන ගමන්... එයාගේ මූණ අනික් හැමෝටම වඩා පුදුමෙන් පිරුණ එක මට තවත් ප්‍රශ්නයක් උනා... ඒ අතරේ යුන්ගි හ්‍යුන්ග් මාක්ට කෝල් කරලා මේ නම්බ් එකයි ip එකයි ගැන හොයාගන්න කියලා කිව්වා...
" ආයිශ්.. මූ ඒ පාර මොන අඩව්වක්ද අල්ලන්න යන්නේ? "
" මටත් තේරෙන්නෙ නෑ හ්‍යුන්ග් "
හොබී හ්‍යුන්ග් අහද්දි මම උත්තර දුන්නා... හොබී හ්‍යුන්ග් ඒ අතරේ මේ දවස්වල සෝශල් මීඩියා වල ටිකක් ෆේමස් අය ගැන අපිට විස්තර දුන්නා... ඒ වගේම නම්ජූන් හ්‍යුන්ග් අපි හැමෝටම id හදලා දුන්නා පොලිසියේ අයගේ වගේ.. මොකද ඒක අපිට විස්තර හොයාගන්න ඒක ලේසි වෙයි කියලා අපි හැමෝම විශ්වාස කලා... ඒත් ජින්, හොබී හ්‍යුන්ග් දෙන්නට ඇරෙන්න.. මොකද කිම් ගෲප්ස් නිසාත් හොබී හ්‍යුන්ගේ ෆීල්ඩ් එක නිසත් ඒ දෙන්නව ගොඩක් අය අඳුරනවා..
" මේවා පාවිච්චි කරලා මේ ගර්ල්ස්ලා හොයාගෙන විස්තර ගන්න බලන්න... ඒ වගේම හැමෝම පරිස්සමෙන්... මොකද මිනීමරුවා ඕනෙම කෙනෙක් වෙන්න පුලුවන් "
ජින් හ්‍යුන්ග් එහෙම කියන ගමන් එයාගෙ අතත් අල්ලන් උඩට ගියේ බෙහෙත් දාගෙන එන්න කියලයි.. මොකද ටේ පැන්න පාරට තුවාලේ පෑරිලයි තිබුනේ.. ඒ අතරේ මම කල්පනා කලේ හ්‍යුන්ග්ට බෙහෙත් ගන්න තරම් තිබුන ලෙඩේ මොකද්ද කියන එක...
අනී... ඒ හ්‍යුන්ග් නෙමේ... මට හිතෙන්නේ ඒ හ්‍යුන් ශික්.. මිනිහගෙ මල්ලිගෙ නමට රෙජිස්ටර් උන නම්බ් එකක් කිව්වනෙ ඒක... ම්ම්ම් ඒ එයාම තමා මගේ හ්‍යුන්ග් නෙමෙයි...
මම මටම කියාගන්න ගමන් හිත හදාගන්න උත්සහා කලා.. ජින් හ්‍යුන්ග් ආයෙම ආවට පස්සෙ අපි හැමෝම මේ ip එක ගැන හෙව්වෙ මොනාහරී තොරතුරක් හොයාගන්න පුලුවන් ද බලන්න... හවස් වෙනකන්ම මුකුත් හොයාගන්න බැරි තැන හැමෝම ආපහු යන්න ගියේ බලාපොරොත්තු බිඳුන හිත් එක්ක..
.
.
.
.
" ඉරේ... ලෑස්ති වෙන්න... අපි ප්‍රැක්ටිස් වලට යනවා.."
" මොහ්?? "
" Hurry up...අපිට වෙලා නෑ... අද ඉදන් හැමදාම උදේටයි රෑටයි ප්‍රැක්ටිස් "
" අහ්... ඉන්න... රෙඩි වෙලා එන්නම්..."
මම ගෙදර ගිය ගමන් ඉරේව ප්‍රැක්ටිස් වලට එක්කන් යන්න හිතුවේ මගේ ලඟ ඉන්න මිනීමරුවට අයිති කෙනා ඉරේ කියලා හිතුන නිසයි... ඉරේට මරණ තර්ජන එනවා කිව්වේ ඒ මිනිහගෙන්දෝ කියලත් මට සැක හිතුන එකත් ඒකට හේතුවක් උනා...
" රෙඩී... යමු.... "
ඉරේ ලෑස්ති වෙලා ආවට පස්සෙ අපි දෙන්නා එක්කම ගියේ ප්‍රැක්ටිස් කරපු තැනට... වෙනදට වඩා අලුතෙන් කීප්දෙනෙක්ම ඇවිල්ලා හිටියේ මේ මිනීමැරුම් වලට තියෙන බය නිසාම වෙන්න ඇති කියලයි මට හිතුනේ..
" ඉරේ අද අපි මේ දවස් ටිකේ හෙමින් හෙමින් ඉගෙන ගත්තු පන්ච්, කික්ස් ඔක්කොම එකපාර කරනවා... මෙච්චර කල් තනියෙන් නේ ප්‍රැක්ටිස් කලේ... අද මං එක්ක ප්‍රැක්ටිස් කරමු..."
" දේ කෝච්.."
මම කියද්දි ඉරේ කිව්වා.. මම ඉරේගෙ කැමතිම ගතියක් ඒක... එයා හැමවෙලේම තැනට ගැලපෙන විදියට හිටියා... කාලෙකට පස්සෙ ග්ලවුස් දෙක අතට දාගත්තු මං ඉරේ ලඟට ගියේ හරි සතුටෙන්.. බොක්සින් මගෙ ජීවිතේ වගේ..
" ඔකේ.. පන්ච්.. "
" මෝ..."
" මම කියන පන්ච් එක කරලා පෙන්නන්න ඕනි.."
" දේ කෝච්.."
" Jab - straight ... ගුඩ්... මූව් ලෙෆ්ට්... රයිට්.... පන්ච්... මූව් ෆෝවඩ්.. පන්ච්... කවර්... පන්ච් again....
cross... ෆාස්ට්..ෆාස්ට්...... මූව් ෆාස්ට්... පන්ච්... පන්ච් again...
ඕකේ මූව් ටූ right uppercut... පන්ච්... කවර්.. පන්ච්... කවර්... ඕකේ මූව් ලෙෆ්ට් uppercut.. පන්ච්... පන්ච් again .. මූව් ලෙෆ්ට්... ෆාස්ට්... ෆාස්ට්.."
" යාහ්... එකපාර එකක් කියනවකෝ... මම මැෂින් එකක් නෙමේ..."
" ඔය ගහනවා මදී තව හයියෙන්... සැර පාරක් ගහන්න.."
" යාහ්... "
" මූව් මූව්...... පන්ච්... සයිඩ් කික්..... පන්ච් again... කවර්...
Jab-cross-hook තුනම එකට... පන්ච්... ෆාස්ට් ෆාස්ට්...."
ඉරේ එක්ක එක දිගටම ප්‍රැක්ටිස් කරලා පුංචි බ්‍රේක් එකක් ගත්තේ ඉරේ මහන්සී කියලා නහයෙන් අඬපු නිසයි..
" ගෙට් අප්... ගෙට් අප්... ඔහොම බෑ.. "
" අනි... මගෙ ඇග රිදෙනවා මට බෑ "
" මාව බිම දැම්මොත් යන්න දෙන්නම්.."
" ඔහේ නම්... මල ඇණයක්... මෝඩ කූ..."
ඉරේ හති දම දම මටත් බනින ගමන් ආයෙම රින්ග් එක ඇතුලට ආවා.. ඉරේගේ පාරවල් වේගවත් උනත් ඒවා තාමත් ශක්තිමත් මදි.. ඒ නිසා මට ලේසියෙන්ම ඉරේව හිර කරගන්න පුලුවන් උනා... ආයෙම මම ඉරේව අතෑරියේ එයාට හුස්ම ගන්න අමාරු උන නිසයි..
" අදට ඇති දැන් යන්.."
" අනී... මට ඔහේව බිම දාන්න ඕනේ..."
" හීනෙන් තමා..."
" අනී... මට පුලුවන් මේ අන්තිම පාර..."
ඉරේගේ බලකිරීම මතම මම ආයෙම පාරක් ෆයිට් කරන්න එකඟ උනා... ඒ පාරත් ඉරේ හුඟක් වේගෙන් පන්ච් කරත් එයාගේ පාරවල් තාමත් ශක්තිමත් නෑ...
"මි..මියානෙ... රිදුනද? "
මම පන්ච් කරපු පාර ඉරේ ගිහින් අඩියක් දෙකක් විසිවෙලා බිම වැටුනා... මට හැමතිස්සෙම අමතක වෙනවා ඉරේ කියන්නෙ කෙල්ලෙක් කියන එක... වැදුන පාර සැර ඇති.. ඒත් එයාමනේ ඉල්ලන් කෑවේ.. මං මොනා කරන්නද..
" යාහ්... ඔහේ...."
" ඌයි... ඌයි කොන්ඩෙන් අතාරිනවා.... යාහ් ඉරේ...."
" අන්දේ... මම අද ඔහේව කොහොමහරි බිම දාන එක දානවා..."
" කරයි කියලා තමා බය..."
මම කිව්වෙ ඉරේව එහාට කරන ගමන්... මොකද වැටුන පාරට කේන්ති ගිය ඉරේ ඇවිත් එල්ලුනේ මගෙ බෙල්ලෙ...
" ඔම්මා...! "
මං එතනින් යන්න හදද්දි ඉරේ මගේ කකුලේ එල්ලුන එකෙන් මාව බිමට ඇදන් වැටුනේ මගේ ඇස් වලින් කඳුලු පනින්න ලන් වෙද්දියි
" ඇද්ද... මහලොකු චැම්පියන් "
ඉරේ හිනා වෙන ගමන් මට පයිනුත් එකක් ගහලා යන්න ගියේ ලොකු යුද්ධයක් දිනාගත්තා වගේ සතුටකින්... ඉරේගේ වැඩ නිසා මගේ කොන්ද නොකැඩි බේරුනේ හරිම අමාරුවෙන් ...
.
.
.
.
ගෙදර ගිහිල්ලත් ඔලුවට නම් නිවනක් තිබුනේ නෑ ජින් හ්‍යුන්ගේ ප්‍රශ්නේ නිසා.. ඒ නිසාම මම තීරණය කලා හ්‍යුන්ග් ශික් ගැන හෙට ඉඳන්ම හොයන්න...
.
.
~ පසුදින ~
මින්ජේගේ තුවාල තාමත් හොඳ නැති නිසා මින්ජේ ඔම්මයි අප්පයි එක්කම ඉද්දි මම ඉරේවත් SDN එකට ඇරලලා යන්න ගියේ HS හොස්පිටල් එකට... ජූන් හ්‍යුන්ග් හදලා දුන්නු id එක පෙන්නලා මං යන්න ගියේ හ්‍යුන් ශික් ලඟට.. ඒත් එවෙලේ එයා urgent ඔපරේෂන් එකක ඉඳපු නිසා මම හොස්පිටල් එකේ වැඩ කරන කීප දෙනෙක් එක්ක කතා කරන්න තීරණය කලා..
" ඩොක්ටර් පාර්ක් තමයි ඉන්න හොඳම කෙනා හොස්පිටල් එකේ..."
" ඩොක්ටර් පාර්ක්ට තරම් කාටවත් බෑ ඔපරේෂන් එකක් සාර්ථකව කරන්න "
මේ වගේ දේවල් තමයි ඒ අයගෙන් දැනගන්න පුලුවන් උනේ... ඒ නිසාම මම ජිමින්ගේ වෝඩ් එකට යන්න ගියේ තවත් මොනාහරී දැනගන්න පුලුවන් ද බලන්න...
" කුකියා...!"
" මට දෙයක් දැනගන්න ඕනේ... දැන් බිසී නැත්තං යන්ද ටිකක් එහාට..."
" ම්ම් දේ යන්..."
මං ජිමින් එක්ක ගියේ එයාගේ කැබින් එකට... අපි ඊයේ කතා කරපු දේවල් වගේම මට ආපු මැසේජ් එක ගැනත් මම ජිමින්ට විස්තර කරද්දි ජිමින් හිටියේ පුදුම වෙලා..
" ආයිශ්... මට දැන් නම් සැකයි ඩීන් ගැන...."
" වේ? "
" අනී... එයා තරම් හොඳට සර්ජරි බ්ලේඩ් එක හසුරුවන්න බෑ කාටවත්ම හොස්පිටල් එකෙන්ම... අනික මේ වෙනකන් ඒ එකක්වත් අසාර්ථක වෙලත් නෑ... අපෝ මගේ ඇඟත් හිරි වැටුනා මිනිහාද එතකොට මේ මිනීමරුවා? "
" දැනට සැක කරන්නෙ එයාව... "
මම ජින් හ්‍යුන්ග් ගැන නොකියන්න හිතුවෙ ඒක මගේ නිකන් සැකයක් නිසයි... අනික ජින් හ්‍යුන්ග් කවදාවත් එහෙම කරන්නේ නෑ.. මගෙ හ්‍යුන්ග් එහෙම නෑ... එයාට මොකක්හරි හේතුවක් ඇති කියලා මම හැමවෙලේම හිත හදාගන්න උත්සහා කලේ මේ දේවල් හ්‍යුන්ගේ පැත්තට හැරුනොත් මම මේකට කොහොම රිඇක්ට් කරයිද කියලා මටම හිතාගන්න බැරි නිසයි
" ජිමින් අර බ්ලඩ් සාම්පල් එක? ඒක ශුවර්ද මං දුන්නු රෙදි කෑල්ලෙන්මයි කියලා?? "
" දේ... මම ම තමා චෙක් කලේ... ඒක හොස්පිටල් එකේ කාටවත් මැච් උනේ නෑ... පස්සෙ නිකමට ලඟදි මං ආපු පේශන්ලගෙ බ්ලඩ් සාම්පල් එක්ක බැලුවා ඒක ජින් හ්‍යුන්ගේ "
" එහෙමද? "
" හ්ම්ම්ම්... කොහෙන්ද ඒක? "
" හ්‍යුන්ගේ අත තුවාල උනා මං එක්ක ඉද්දි... මං හිතන්නෙ එතකොට තමා ඔය ලේ ගෑවිලා තියෙන්නේ... ජිමිනා... හ්‍යුන් ශික් ගැන අවදානෙන් ඉන්න හරිද? "
" දේ..."
ජිමින්ටත් සමුදීලා මම කැබින් එකෙන් එලියට ඇවිත් මගක් යද්දි කාගෙදෝ ඇගේ හැප්පුනා.. ඒ කෙනාගේ ජැකට් එකේ තිබුනේ පාර්ක් හ්‍යුන් ශික් කියන නම...
" ම්..මියානේ.... මියානේ...."
මාව දැකපු ගමන් ගොත ගගහා වගේ සමාව ඉල්ලලා හ්‍යුන් ශික් එතනින් යන්න හදද්දිම මම එයාගේ උරහිසට අතක් තිබ්බම මිනිහා ගැස්සිලා ගියා...
" ඩොක්ටර් මම ජන්ග්කුක් සෝල් පොලිස්ස්ටේශන් එකෙන්... මට ප්‍රශ්න කිරීම් වගයක් කරන්න පුලුවන් ද? "
" ශුවර් ඔෆිසර්... මම ඉක්මනට එන්නම් චේන්ජ් කරන්..මගේ කැබින් එකෙන් ඉන්න..."
හ්‍යුන් ශික් මාව කැබින් එක ඇතුලට එක්කන් ගිහින් එයා ඒකෙම තිබුන බාත්රූම් එකක් ඇතුලට ගියා... ඒ අතරේ මම මේස ලාච්චු, ෆයිල්ස් වගේ දේවල් උඩින් පල්ලෙන් ඇදලා දැම්මේ මොනාහරී හොයාගන්න හිතාගෙන
මොහ්? මේ අර නැති උන කෙල්ල නේද? මේ ලඟදි මැරුවේ මෙයාව... ඒත් ඇයි එයාගේ ෆොටෝ එකක් මෙතන??
මගෙන්ම අහන ගමන් මම ඒකේ ෆොටෝ එකකුත් අරගෙන ආයෙම පුටුවෙන් වාඩි උනේ බාත්රූම් එකේ ලොක් එක කැරකෙන සද්දෙට...
" ඩොක්ටර් මට කියනවද පහුගිය මිනීමැරුම උන දවසේ කොහෙද හිටියේ කියලා?? "
" මං හිටියේ ගෙදර "
" ම්ම් ඕකේ එච්චරයි ආයේ ඕනි උනොත් මං එනවා..."
මම එහෙම කියලා එලියට ගියේ හ්‍යුන් ශික් උත්තර දෙද්දි එයාගෙ ඇස් වල තිබුන කලබලකාරී ස්වභාවය දැකලා මිනිහා අනිවාර්යයෙන්ම එදා ගෙදර නෙමේ ඉඳලා තියෙන්නේ කියලා මට තේරුනා...
ඒ එක්කම මම දැක්කේ ඈතෙන් එන ජින් හ්‍යුන්ග් ව.. හ්‍යුන්ග් මාව දකින්න කලින් ලඟ තිබුන වෝඩ් එකකට පැනගත්තු මං හැන්ගිලා බලන් ඉඳියේ හ්‍යුන්ග් කොහෙද යන්නේ කියලා.. ඒ එක්කම හ්‍යුන් ශික් එලියට ඇවිත් ජින් හ්‍යුන්ග්ට අතට අත දීලා ඇතුලට ගත්තේ වටපිට බලන ගමන්...
දෙන්නම එකට??? මොනාද කතා වෙනවා නැත්තේ?? ආයිශ්... ඇයි මේ හැම එකක්ම පැටලෙන්නේ...??? ඔලුව විකාරයි වගේ...
ටික වෙලාවක් ඉඳලා එලියට ආව ජින් හ්‍යුන්ගේ පස්සෙන්ම ෆලෝ කරන් ගිය මං නැවතුනේ කිම් ගෲප්ස් ගොඩනැගිල්ල ඉස්සරහා..
___________________________________
Author pov~
ජන්ග්කුක් ජින්ගේ පස්සෙන් එන බව දැනගත්තු ජින් තමන්ගේ ගමන් මඟ වෙනස් කරලා යන්න ගියේ කිම් ගෲප්ස් වලට... වාහනේ පාකින් එක පැත්තට ගෙනියපු ජින් පාරට වෙලා බලන් ඉන්න ජන්ග්කුක් දිහා බලන් හිටියේ අවදානෙන්... ජන්ග්කුක් ආයෙම යන්න යද්දි ජයග්‍රාහි හිනාවක් එක්ක ආයෙම වාහනේ පාරට දාපු ජින් යන්න ගියේ කාටත් හොරෙන්ම කෙනෙක්ව හම්බවෙන්න..
මේ අතරේ ප්‍රශ්න කන්දරාවක් ඔලුවේ තියන් ඉඳිය ජන්ග්කුක් යන්න ගියේ පොලිස් ස්ටේශන් එකට.... යුන්ගිව හොයාගෙන ජන්ග්කුක් ඇතුලට යද්දි ජන්ග්කුක් දැක්කේ ටවල් එකකුත් කරේ දාගෙන බ්‍රශ් එකත් කටේ ගහන් ෆයිල්ස් වලට එබිලා ඉඳපු යුන්ගිව.. ගෙවුන දවස් කීපයම යුන්ගිගෙ දවස ගෙවුනේ පොලිස් ස්ටේශන් එකේ.. අත්‍යාවශ්‍යම දේකට ඇරෙන්න එලියට නොගිය යුන්ගි , මාක් දෙන්නම දවසෙම හිටියේ ස්ටේශන් එකේමයි..
" හ්‍යුන්ග්? "
" ආ කුකියා.... ඉන්න මම ඉක්මනට එන්නම් "
ජන්ග්කුක්ව එලියට යවලා යුන්ගි ගියේ මූණ හෝදගෙන එන්න... විනාඩි කීපයකට පස්සේ එලියට ආව යුන්ගි ජන්ග්කුක්ව කට්ටියගෙන් ඈතට එක්කන් ගියේ ජන්ග්කුක් මොනවාහරි වැදගත් යමකට ඇවිත් ඇති කියලා හිතුන නිසයි..
" කුකි... මොකෝ අවුල?? "
" හ්‍යුන්ග් මං අද HS එකේ ඩීන්ගේ කැබින් එකට ගියා... ඒ යද්දි අන්තිමට මැරුන කෙල්ලගේ ෆොටෝ එකක් තිබුනා.."
" මොහ්?? දැන් මට කියන්නේ තනියෙම අර හොස්පිටල් එක අස්සෙ රින්ගලා හ්‍යුන් ශික්ගේ කැබින් එක ඇවිස්සුවා කියලද? යාහ්... ඔහේගේ මේ වැඩ නිසා තමා මම මැරෙන්නේ කොයිවෙලේ හරි... "
යුන්ගි කිව්වේ ජන්ග්කුක් කලින් වතාවකුත් කරගත්තු දෙයක් මතක් වෙලයි..
" ම්ම් හරිහරි... පුලුවන් නම් පොඩ්ඩක් මිනිහ ගැන ඇලට් එකේ ඉන්න... මම ටේගේ ශොප් එකට යනවා... අර කෝඩ් එක ගැන මුකුත්? "
" තාම නෑ කුකියා... අපි හොයාගෙන යනවා... මට හිතෙනවා මේ කෝඩ් එකෙයි කලින් කෝඩ් වලයි මොනාහරී සමානකමක් ඇති කියලා... "
" ම්ම්ම්.... අපි හ්‍යුන්ග් ශික්ව ඇරෙස්ට් කලොත්??? "
" එයාට තාමත් ප්‍රමාණවත් සාක්ෂි නෑ.. මම ප්‍රශ්න කිරීම් කීපයක්ම කලා...මුකුත් හොයාගන්න බැරි උනා කෝල් ලොග් වලිනුත්... වැඩේ කියන්නේ සේරම ක්ලියර් කරලා.. එක සිස්ටම් එකකින්වත් අල්ලගන්න බෑ... මාක් අමාරුවෙන් තමයි අර ඕස්ට්‍රේලියාවේ නම්බ් එකෙන් හ්‍යුන් ශික්ට ආපු කෝල් හොයාගත්තේ... කෝල් රෙකෝඩ්ස් වලත් ඒහැටි යමක් නෑ දෙන්නගෙ විස්තර කතා කරනවා විතරයි ..."
"අපි හ්‍යුන් ශික්ගේ ගෙදර බලමුද? සර්ච් වොරන්ට් එකකින්.."
" කියන තරම් ලේසී නෑ කුකී වොරන්ට් එකක් ගන්න... බලමුකෝ... "
" හ්ම්ම්... එහෙනම් මං යනවා..."
යුන්ගි එක්ක කතා බහ කලාට පස්සේ ජන්ග්කුක් මින්ජේවත් බලලා ආපස්සට යන්න ගියේ ටේගේ කොෆී ශොප් එකට...
_____________________________
මේ අතරේ
@SDN
" සුයා..."
" ම්ම්ම්ම්????? "
" මට තේරෙන්නෙ නෑ මේ දේවල් කොහෙන් ඉවර වෙයිද කියලා මට බයයි..."
" ඉරේ... බය වෙන්නෙපා... කොහොමහරි එහෙට ගියානේ... අරක හම්බුනේ නැද්ද තාම? "
" නෑ සුයා... මට රූෆ් ටොප් එකට යාගන්න විදියක් නෑ... ජන්ග්කුක් හැමතිස්සෙම ඒක ලොක් කරලා යන්නේ... අනික මට එයාට මෙහෙම කරන්න හිතෙන්නෙ නෑ..."
" මොකෝ... කොල්ලට හිත ගියාද? "
සුයා ඉරේට වැලමිටෙන් එකක් අනින ගමන් කියද්දී ඉරේ කලේ හිනා උන එක විතරයි..
" මේ ඒක නෙමේ බන්... මම නම් අර කොල්ලව අල්ලගත්තා... ඔමෝ එයා මාර හැන්ඩ්සම් "
" කවුද බන්? "
" ජිමින් බන්... පාර්ක් ජිමින්..."
" මොහ්.. අර දොස්තරයා?? "
" දේ.... අපි ඩේට් එකකට යන්න ඉන්නේ... පහුගිය ටිකෙ ඔම්මා හොස්පිටල් ඉඳියනේ... ජිමින් තමා ඔම්මට ට්‍රීට්මන්ට් කලේ.. මිනිහා රබර් ඇහැ දාලා බැලුවා.. මාත් ඉතින් දන්නෙ නැද්ද "
සුයා ඇඹරි ඇඹරි කියද්දි ඉරේ හිනා වෙන ගමන් හවසට තියෙන ප්‍රෝග්‍රෑම් එකේ වැඩයි අලුත් ආටිකල් එකේ වැඩටයි අවදානේ දුන්නා.. මේ අතරේ ඉරේට කෝල් එකක් ආව නිසා ඉරේ වොශ්රූම් පැත්තට යන්න ගියා..
" යොබොසෙයෝ "
..............................................
" අනී.....මට තව කල් ඕනේ ... දේ මට තේරුනා.."
"................................................"
" අනී... එයාට මුකුත් කරන්නෙපා... මම කරන්නම්.. මේක මම බලාගන්නම්....."
.
.
මඳ වේලාවකට පසු ~
" ජන්ග්කුක්ව මේකෙන් ඈත් කරන්න ඕනෙම දෙයක් කරනවා මං... ඉරේ හිත හයිය කරගන්න.."
ඉරේ තමන්ටම කියාගන්න ගමන් ආයෙම තමන්ගේ ටේබල් එකට ඇවිත් වැඩ කරන්න ගත්තේ දහසක් ප්‍රශ්න හිතේ තියාගෙන...
____________________________
< පැය කිහිපයකට පසු >
ජන්ග් මහත්තයට හොඳ උන නිසාම ජන්ග්කුක්ට මේ ටිකේම රෑ වෙනකන් වැඩ තිබුනා.. වැඩ ටික සේරම ඉවර කලාට පස්සෙ ජන්ග්කුක් ජන්ග් මහත්තයා එක්කම ඉඳගෙන සෝජු ටිකක් තොල ගාගත්තේ ටික වෙලාවකට හරි මේ ප්‍රශ්න වලින් ඈත් වෙන්න් හිතාගෙන..
" ආයිශ්... අර කෙල්ල....... ඔ..ඔම්මා.. එක්ක බෑනේ.... වේ... වේ..........."
ජන්ග්කුක් වෙරිමතෙන්ම කියන ගමන් බස් හෝල්ට් එක දිහාවට ගියේ සේහීගේ ( ජන්ග්කුක්ගේ ඔම්මා) ඉල්ලීම මත... මොකද ඉරේ හුඟක් රෑ වෙන නිසා සේහී ජන්ග්කුක්ට ඉරේවත් අරගෙනම එන්න කියලා බල කලා..
" ආයිශ්.. අර මෝඩයා බීලද? වැනි වැනී ඉන්නේ.. "
ජන්ග්කුක් කණුවකට හේත්තු වෙලා වැනි වැනි ඉන්නවා දැකපු ඉරේ හෙමින් මුමුණන ගමන් ගියේ ජන්ග්කුක් ලඟට..
" ඉ...රෙ...... මගෙ යාලුවා....... ඉරේ....... මගේ යාලුවා... මගේ හීරෝගේ යාලුවා..."
" ආයිශ්... බිව්වද? දැන් මට තමා ඔහේව කරගහන් යන්න වෙන්නේ..."
ජන්ග්කුක් හිනා වෙවී කියද්දි ඉරේ බැන බැනම ජන්ග්කුක්ගේ අතක් තමන්ගේ උරහිස වටා දාගන්න ගමන් ජන්ග්කුක්ව වත්තම් කරගෙන යන්න පටන් ගත්තා..
" ඔමෝ... ඔහේ හරි බරයි නේ.."
" ඇයි මේ ඉරේලා දෙන්නෙක්..? සෝක්.... ඉරේලා දෙන්නයි... කරදරත් දෙකයි.."
ඉරේ ජන්ග්කුක්ව තවත් වත්තම් කරගෙන ඉන්න බැරි තැන ලඟ තිබුන කනුවක් ලඟින් හේත්තු කරවලා වතුර ටිකක් බොන්න දුන්නා.. ටික වෙලාවක් ඉද්දි ජන්ග්කුක්ගේ වෙරි හොඳටම නැතත් තරමක් දුරට අඩු උනා කියලා තේරුන නිසාම ආයෙම ජන්ග්කුක්ව නැගිට්ටවගෙන යන්න ලෑස්ති උනා...
" ඉරේ...."
" ම්ම්ම්..."
" මං ඔයාට මේක කියලා තියෙනවද? "
" මොකද්ද??"
" ඔයා ලස්සනයී .... ඇත්තමයි මේකප් නැතුවත් ලස්සනයී "
ජන්ග්කුක් එයාගේ බනී හිනාව දාලා ඇඹරි ඇඹරි කියද්දි ඉරේ ජන්ග්කුක්ගේ මූණ දිහා බලන් හිටියේ සතුටෙන් වගේම හැන්ඟුන දුකකින්...
" ඉරේ...."
එක වැරම ඉරේගේ උරහිස් දෙකෙන් අල්ලගත්තු ජන්ග්කුක් දෙපාරක් නොහිතම ඉරේගේ තොල් වලට බර වෙද්දි ඉරේත් ඇස් පියාගත්තේ ඒ හැඟීම මොහොතකට විඳින ගමන්..
මතුසම්බන්ධයි
_____________________________________________
හුදෙක් මනඃකල්පිතයක් පමණි.🙂❤️
වෝට්, ලයික්, කමෙන්ට් කරන හැමෝටම හුගාක් ස්තූති ❤️
සරන්හේ ❤️❤️
#නිම් 💜️