I MET HER [COMPLETED✔]

By Jeon_Dew_2003

2.4K 474 156

මිනිස් වෘකයන්ගේ සහ වැම්පයර්වරුන්ගේ ගැටුම් අතරින් ගලා යන වෘක කොල්ලෙක්ගේ සහ සාමාන්‍ය කෙල්ලෙක්ගේ ආදර කතාවක්....�... More

CHAPTER 1
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 7
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10

CHAPTER 2

301 62 2
By Jeon_Dew_2003

ඩී ට ගොඩක් බය හිතුනා.මුලු ඇඟම සීතල වෙලා ගියා.ඩී එකපාරටම ඇස් ඇරියා.

"what the hell?"

උසම උස ගස් පිරිච්ච මහ ඝන කැලෑවක තමන් ඉන්නේ කියලා ඩී ට තේරුණා.එක වෙලාවකට ඩී ට හිතුනා තමන්ගේ ඇගෙන් තමන්ගේ ආත්මේ එලියට ඇවිල්ලද කියලත්.ඩී ගේ හිතට ඒ වෙලේ එකේක දේවල් ආවා.

"මං කොහොමද මෙතනට ආවේ..අනේ මං මොකද්ද කරන්නේ?..save me Jesus"

ඕනම කෙනෙක්ට මේ වගේ වෙලාවක ඇඩෙන්න තරම් බය හිතෙනවා.ඩී වටපිට බැලුවා.ගස් ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ.
එකපාරටම ඩී ගේ මූණට ලොකු එලියක් ආවා.ඇස් දෙක පුංචි කරගෙන අමාරුවෙන් ඉස්සරහ බැලුවා.

"වෘකයෙක්.."

ඩී ට හිතා ගන්න බැරි වුණා..තමන්ගේ ඉස්සරහ වෘකයෙක් ඉන්නවා.ඒ වෘකයා සුදු පාටයි.ගොඩක් ලස්සනයි.එයා දේවදූතයෙක් වගේ දිලිසෙනවා.වෘකයන්ට ගොඩක් ආස උනත් ටිකෙන් ටික පස්සට ගියේ ඊලඟට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරුව..

"බය වෙන්න එපා,මට ඔයාට කරදරයක් කරන්න ඕනේ නැහැ.."

"කතා කරනවා..දෙවියනේ මේ වෘකයා කතා කරනවා.."

ඇඳේ නිදා ගෙන ඉන්නකොට එකපාරට කැලෑවකට ආවා.දැන් වෘකයෙක් කතා කරනවා.ඩී ට හිතුනේ මේක මහ පිස්සු හීනයක් කියලා.

"ඔබේ දෛවය,ඔබේ ඉරණම මෙයයි..ඔබයි තෝරාගත් තැනැත්තිය..මාගේ කාර්ය ඔබේ ඉරණමට ඔබ ගෙන යාමයි"

වෘකයා කිව්ව දේ තේරුම මොකද්ද?ඇයි එහෙම කිව්වේ?...ඒ කිසිම දෙයක් හිතන්න ඩී ට වෙලාවක් තිබුණේ නැහැ.වෘකයා ඩී ගේ ඇඟට පැන්නා.වෘකයාගේ දත් ඩී ගේ බෙල්ලේ ඇතුලට ගියා ටිකෙන් ටික..තමන්ගේ බෙල්ලට රත් කරපු කටුවකින් අනිනවා වගේ අමුතු ලොකු වේදනාවක් දැනුණා ඩී ට දැනුණා..දන්නෙම නැතුව ඇස් දෙකෙන් කදුලු වැටුණා.ඒත් එක්කම ඩී ගේ ඇස් පියවුණා..
තත්පරයක් විතර යනකොට ඩී ට දැනුණා එයා ඉන්නේ ඇඳ උඩ කියලා.ඇස් දෙක ඇරලා වටපිට බැලුවා.එහා පැත්තේ ඩී ගේ අක්කා හිටියා.ඩී ට තේරුණා එයා දැන් ඉන්නේ කාමරේ කියලා.

"ඕහ්..දෙවියනේ ඒක හීනයක්..මං හොඳටම බය වුණා."

ඒත් එක්කම ඩී ගේ බෙල්ලේ පොඩි වේදනාවක් ආවා.

"ආව්..මගේ බෙල්ල"

ඩී බෙල්ල එකපාරටම අල්ලගත්තේ වේදනාව දරාගන්න බැරි වුණ නිසා.බෙල්ල අත ගනකොට අමුතු තෙත ගතියක් දැනුනා නිසා

"ලේ..ලේ එන්නේ කොහොමද මගේ බෙල්ලෙන්..

👉CHAPTER 3👉

Continue Reading

You'll Also Like

41.9K 4.6K 52
This book contains spoilers for all other books in The Regal Eclipse Pack Series. I highly recommend reading those books first. Kyra Remington is in...
421 107 15
My hybrid boyfriend season 2 බලමු නේද එයාලාට මේ පාර මොන 🪣 වැටෙයි ද කියලා... Jeju Island එකට ගිහින් මොනවා කරගනීද? [Cover by Lan_kimra]
1.1K 192 15
ලොකයේ තැන් හයක ඉන්න කෙල්ලො 6 ක්. තමන්ටම කියලා කව්රුත් නැති කියාගන්න බැරි තරම් දුක් විඳින මේ ගෑනු ළමයි 6 දෙනා. තමන් අනිත් අයට වඩා වෙනස් බව සහ අනිත් අය...
593 98 4
කොරියානු සංගීත කලාව කියල කියන්නේ අද වෙනකොට මුලු ලෝකෙම හොල්ලපු කලාවක්.ඒ කලාව ගොඩක් අයගේ හිත දිනා ගත්ත කලාවක්.තවත් අයගෙ පරම අප්‍රියතාවයට හේතු වෙච්ච කර...