Love In The Moonlight | Jimin...

By Jungmi_11

13K 3.1K 1.1K

වෙලාවකට මගෙ හිතම මගෙන් කතා කරලා අහනවා.. "මේ හඳ එළිය යට ඉපදුණ ආදරේ උඹ මේ හඳ එළිය යටම වළලා දානවද..??" කියලා... ... More

...Teaser...
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 10
Chapter 11
Chapter 12

Chapter 9

647 208 75
By Jungmi_11

Jimin's View

ජන්ග්කුක් කියපු දේත් එක්ක මං හිටියෙ කිසිම දෙයක් විශ්වාස කරගන්න බැරුව..කොහොමද දෙයියනේ ඒක විශ්වාස කරන්නෙ?මං මෙච්චර කාලයක් ආදරේ කරේ..මේ වගේ වෛර කරපු එයාටමයි කියලා මං කොහොමද හිතන්නෙ මම?

ඇයි..

මට බැරිවුණේ ඒ සමානකම් දකින්න?

මැදිවෙලා හිටිය හිත් දෙක...

එක්කෙනෙක්ගෙමයි කියලා..

විශ්වාස කරන්න පුළුවන්ද?

පුරුද්දට වගේ එයා මාව පිටිපස්සෙන් බදා ගන්නකොට මට දැනුනෙ දුකක්..හැමදාම මෙතැනට වෙලා ඇඬුවෙ එයාද?අපිවත් හිනස්සලා හිනාවෙලා ඉන්න කෙල්ල මේ තරම් දුකක් හිතේ තියාගෙන ඉන්නවද?

"ඉතිං ඔයා හොඳින් ඉන්නවද ජියා?"මට තවත් මේ රඟපෑමට යටත් වෙන්න බෑ..ඒක අහපු ගමන් එයා මගෙන් ඈත් වුණේ ඊතලයක වේගෙන්..

මම එයා දිහාට හැරුණා..එයාගෙ ඇස්වල කඳුළු..අපි හම්බුණ පළවෙනි දවසෙ වගේම..මට ඒ කඳුළු නිසා පුදුමාකාර වේදනාවක් දැනුනෙ..

ඇයි මැණික මාව මේ විදිහට රැවැට්ටුවෙ?ඇයි මට මෙහෙම කරේ ඔයා?

මම එයාව ගහට හේත්තු කරගෙන ඇස් දෙකට එබුණා..හැමදාම වගේ මූණ වහගෙන..මම එයා දාගෙන හිටිය මාස්ක් එක ගලවලා විසිකරා..ඒ එයා නොවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරත් ඒ එයාමයි කියන්න මං දැනගෙන හිටියා..

වෙව්ලන තොල් එක්ක එයා බලාගෙන හිටියෙ මගෙ දිහා..ඇස් වලින් ගලන කඳුළු ඒ ඇස්වලට බර වැඩියි..ජියාගෙ ඇඬුම ඉකියක් වුනේ මං එයා දිහා බලන් ඉන්නකොටමයි..

ජියා කියලා කතා කරන්නද...

සරූ කියලා කතා කරන්නද...

මට තේරෙන්නෙ නෑ..

"ඇයි මට මෙහෙම කරේ ජියා?ඇයි මාව රැවැට්ටුවෙ?"මං ඇහුවා..එයාට උත්තර නැතුව ඇති..ඒ නිසා වෙන්න ඇති මං දිහාම නිහඬව බලාගෙන හිටියෙ..

"චි..මී.."එයා මුකුත් කියන්න කලින් මං අතින් එයාගෙ කට වැහුවා..මට නිදහසට කාරණා අවශ්‍ය නෑ..එයා මාව රැවැට්ටුවා..මගෙ ආදරේ විහිළුවට ගත්තා..එච්චරයි..

"තමුසෙ මහ⁣ බොරුකාරියෙක් ජියා..බලෙන් ආදරේ ලබාගන්නද මේ හැමදෙයක්ම කරේ තමුන්?"මං ඇහුවා..එයා හිටියෙ බිම බලාගෙන..

"ඔව් චිමී..මං බොරුකාරියක්..හැමෝම ඉස්සරහා හිනාවෙලා හිටිය එක තමයි මං කරපු ලොකුම  බොරුව..හැමදාම මෙතනට අැවිල්ලා තනියම අඬන කෙල්ල තමයි ඇත්තම ජියා..ඇත්තම ජියා එහෙමයි ජිමින්..ඇයි දන්නවද මම හැමදාම මෙතන තනිවෙලා ඇඩුවෙ?ඔයා නිසා..ඔයා නිසයි.."ජියා කියද්දි මට දැනුනෙ ලොකු අනුකම්පාවක්..

ඒ ජියා ගැනද..

එහෙමත් නැත්නම් මං ගැනමද කියලා කියන්න මට හරි තේරුමක් තිබුණෙ නෑ..

මට මතක් වුණේ අපි මුණ ගැහුණ පලවෙනි දවසෙ ඒ හූඩි කෙල්ල අඩපු විදිහ..ඒ හූඩි කෙල්ල වෙන කවුරුත් නෙමෙයි ජියාමයි..

ඒ තරමට අඬන්න හේතුව මමද ජියා??

මං එයා දිහා බලාගෙන හිටියා..එයා කතා කරනකම්..ඉකි ගහන අස්සෙන් එයා කතා කරේ අමාරුවෙන්...

"ඔයා..මට වෛර කරන්න ගත්ත දවසෙ ඉඳන්ම මම මෙහෙමයි ජිමින්..මගෙ අප්පගෙ අත්වැරුද්දකින් ඔයාගෙ අප්පා මේ ලෝකෙ අත ඇරලා ගිය දවසෙ ඉඳන්ම මම මෙතැනට ඇවිල්ලා ඇඬුවා..මොකද ඒකට මමත් වැරදියි කියලා මට හිතුන නිසා.."එයා කතා කරේ අඬන ගමන්..ඒ ⁣කඳුළුවල ගැබ් වුණ වේදනාව අඩුවක් නැතුව මටත් ඒ විදිහටම දැනුනා..ඒ ඇයි??මං දන්නෙ නෑ..

"ඒ මොන දෙයක් වුණත් තමුසෙ කරේ වැරැද්දක් ජියා..ඇයි මට මෙහෙම කරේ?මගෙ ආදරේ⁣⁣ සෙල්ලමකට ගත්තෙ ඇයි?"මං ඇහුවා..එයා මං දිහා බැලුවෙ ලා බැල්මකින්..

"මම කිසිම දවසක ඔයාගෙ ආදරේ සෙල්ලමකට ගත්තෙ නෑ ජිමින්..හැමදාකම..ඒ ආදරේට ආදරේ කරපු එකයි කරේ මම..ඒ ආදරේ කොච්චර මට වටිනවද කියලා දන්නෙ මම විතරයි ජිමින්..ආදරේ බලෙන් ලබාගන්න බැරි බව ඇත්ත..ඒත්..මට ඔයාව බලෙන් තියාගන්න වුවමනා වුණේ නෑ ජිමින්..."ජියා කියද්දි මට හිතුනෙ එයාගෙ වෙව්ලන රෝස පාට තොල් වලට ආදරයයි..ගෞරවයයි පිරුණු උණුසුම් හාදුවක් දෙන්න..

ඒත්..

මට දැනුනා..

මට ඒකට අයිතියක් නෑ කියලා..

තව දුරටත්..

අපි අපේ නෙමෙයි කියලා..

අපි අතරෙ කිසිම බැදීමක් නෑ කියලා...

උඩුහිත මම තවත් ජියාට ආදරේ නෑ කියලා කියද්දි යටිහිත කිව්වෙම "උඹ ජියා ඇතුළෙ ජීවත් වුණ සරන්ග්ට හැමදාම ආදරෙයි" කියලා..

"ඇයි මගෙන් හැංගුවෙ හැමදෙයක්ම?"මං ඇහුවා..

"මම එහෙම නොකලා නම් මේ ටික කාලෙටවත් මම විඳපු ආදරේ මට නැති වෙනවා ජිමින්.."එයා දිගින් දිගටම මට කතා කරේ ජිමින් කියලා..මට ජිමින් කියලා කතා කරන්නෙ සරන්ග්..ජියා නෙමෙයි..ආයෙත් සරන්ග්ව ජීවත් කරවන්න එයා උත්සහ කරනවා වගේ..

"දන්නවද..මම සරන්ග්ටත් කලින් ආදරේ කරේ චොයි ජියාට.."මම ජියාගෙ කනට කරලා මුමුණද්දි එයා මං දිහා පුදුමයෙන් වගේ බැලුවා..

"මො..මොකක්ද??"එයා ඇහුවා..

"ඒත් දැන් මට ඒ ආදරේ ගැන තියෙන්නෙ කලකිරීමක් ජියා..ආයෙත් කිසිම දවසක..මට ඔයාව දකින්න ඕනෙ නෑ.."මම එයාව එතන තනියම දාලා ගෙදරට එන්න හැරුණා..

දෙයියනේ...

මං පණ වගේ අාදරේ කරපු කෙල්ල නේද ඒ?

මට ඕනෙ වුණා වෙනදා වගේ එයාව තුරුළු කරගෙන ඉන්න..

ඒත් අපි දැන් හුඟක් දුරයි..හිත් වලින්..

මම දැක්කෙ පායලා තිබුණ හඳ දිහා..

විදිහට මම හඳ එළිය යට ඉපදුණු ඒ ආදරේ හඳ එළිය යටම වළලලා දැම්මා..

A/N

ජිමින් කෙල්ලව අතඇරලා යද්දි කෙල්ල ඒ අත් අල්ලගන්න උත්සහ නොකරාම නෙමෙයි..ඒත් කෙල්ල ඒකට අපොහොසත් වුණා..

ජියා එතනම බිම ඉඳගෙන දනිස් දෙක අස්සෙ ඔළුව ඔබාගෙන ඇඬුවා..කෙල්ල ඉකි ගගහා ඇඬුවා..කෑ ගහලා ඇඬුවා..ඒත් වෙනදා වගේ කෙල්ලගෙ ඔළුව අතගාන්නවත්,කෙල්ලව බදා ගන්නවත් ජිමින් ළඟ හිටියෙ නෑ..ජිමින් ජියාව දාලා යන්න ගිහින්...

කොච්චර වෙලාවක් ඒ විදිහට ඇඬුවද කියලා කියන්න කෙල්ලට ගානක් තිබ්බෙ නෑ..කෙල්ල නැගිට්ටෙ අඩපණ වෙච්ච කකුල් වලින්..ඉස්සරහට ඇවිද්දෙ මලමිනියක් ගානට..අඬලා රතුවුණ ඇස් නිසා කෙල්ලට පාරත් අපැහැදිලියි...

කෙල්ලට මතක් වුණේ එදා හනා කියපු දේවල්..

*Flashback
"උඹ ඔය කරන්නෙ ද්‍රෝහිකමක්..ජිමින්ට වගේම ජියාටත්.."හනා කියද්දි කෙල්ල හනා දිහා බැලුවෙ පුදුමයෙන් ඇස් ලොකු කරගෙන..

"උඹ ඉස්සලේලම ජියාට පණ දීපන්..ජියාව ජීවත් කරවපන්..සරන්ග්ව මවන්න කලින් උඹ චොයි ජියා විදිහට ජීවත් වෙයන්.."හනා කිව්වෙ දැඩි කටහඩකින්...

"ඒත් මම.."කෙල්ලට මුකුත් කියාගන්න බැහැ..කෙල්ලව හිර වෙනවා..හැඟීම් අස්සෙම..

"උඹ හිතන්නෙ සරන්ග් කියන්නෙ ජියා කියලා දැනගත්ත දවසට ජිමින් කොහොම හැසිරෙයි කියලද?"හනා එදා අැහුවා..එදා ජියා කිසිම උත්තරයක් නැතුව අසරණ වුණා..මොකද ඇත්ත දැනගත්ත දවසට ජිමින් එයාව අතඇරලා දානවා කියලා කෙල්ල දැනගෙන හිටියා..
*End Flashback

"ඔන්නි..."බිම බලාගෙන ආපු කෙල්ල ඔළුව ඉස්සුවෙ ඒ ආමන්ත්‍රණය නිසා..ජියා දැක්කෙ කෙල්ල ඉස්සරහින් හිටගෙන ඉන්න රෝස පාට හූඩි එකක් දාගත්තු කෙල්ලෙක්ව...

"ජීහියා.."ජියා අඬ අඬම කෙල්ලව බදාගත්තෙ තමන් තනිවෙලා නෑ කියලා යන්තමට හරි දැනුන නිසා..හැමදේටම වඩා ජීහි පුදුම වුණේ ජියා තනියම රෑ පාරෙ ඉන්න එකටත් වඩා කෙල්ල අඬන එකට..

"ඔන්නි..ඇයි මේ?අඬන්න එපා ඔන්නි.."කෙල්ල හිමින් සීරුවෙ ජියාගෙ පිට අතගෑවා..

"ජීහි..මාව ගෙදර එක්කගෙන යන්න නංගි..මට තවත් මෙහෙම ඉන්න බෑ.."ජියා අඬඅඬ කිව්වා..ජීහි කෙල්ලව ගෙදර අරගෙන ආවෙ ඇඟට වාරු කරගෙන..ජියා කාමරේට දුවලා ගිහින් දොර වහලා දැම්මේ වේගෙන්...

"ඔන්නි..ඔන්නි මේ දොර අරින්න.."ජීහි එලියෙ ඉඳන් කෑ ගැහුවා..ඒත් ජියා ඒක ඇහුණෙ නෑ වගේ කාමරේ පුරාම ඇස් යැව්වෙ දත්මිටි කාගෙන..

කෙල්ල මුළු කාමරේම තිබ්බ බඩු පොලේ ගැහුවෙ වියරු වැටිලා වගේ..ඇඳේබෙඩ් ෂීට් එක ඇදලා දාලා මේසෙ උඩ තියලා තිබ්බ පොත් ටික ජියා විසිකරලා දැම්මෙ පිස්සුවෙන්...කාමරේ ඇතුලෙන් ඇහෙන ඝෝෂාවත් එක්ක කෙල්ලගෙ ඔම්මයි අප්පයිත් දුවගෙන ඇවිත් දොර අරින්න හැදුවත් කෙල්ල ඇතුලෙන් ලොක් කරලා..

"ජියා..පුතේ මේ දොර අරින්න.."ඔම්මයි අප්පයි කෑ ගගහා කියපු දේවල් කෙල්ල කනකටවත් ගත්තෙ නෑ..ජීහි දුවලා ගිහින් හනාට කෝල් එකක් ගත්තා..

"හනා ඔන්නි...චේබල් ඉක්මනට එන්නකෝ..ඔන්නි මෙහෙ කලබල කරනවා.."ජීහි කිව්වෙ අඬන ගමන්..

"මොකක්??හරි ඉන්න ජීහියා..මම එන්නම්.."හනා කෝල් එක කට් කරා..ජියාගෙ අප්පා දොර කඩන්න උත්සහ කරනවා..

ජියා කාමරේ ඇතුලෙ තිබ්බ හැම වීදුරු බඩුවක්ම කුඩු කරලා දාලා..ඒ උඩින් ඇවිදපු නිසා කෙල්ලගෙ කකුල් සිදුරු වෙලා..මුළු කාමරේම ජියාගෙ ලේ..ඒත් කෙල්ල කකුලෙ ඇනුන වීදුරු කටු එක්කම ඇවිදින්නෙ අඬ අඬමයි...

ජිමින් කියපු වචන කෙල්ලගෙ කන්දෙක ඇතුලෙ දෝංකාර දෙනවා වගේ...

'ආයෙත් කිසිම දවසක මට ඔයාව දකින්න ඕනෙ නෑ..'

කෙල්ල අත්දෙකෙන්ම ඔළුවත් බදාගෙන කෑ ගැහුවා...ජියා හිටියෙ පිස්සු හැදුණ ගානට..කෙල්ල බිත්තියට ඔළුව ගහගෙන ගහගෙන ගියෙ සිහිය විකල් වෙලා ව⁣ගේ..කෙල්ලගෙ හිතේ තිබුණෙම ජිමින්ගෙ ඇස්වල තිබුණ කඳුළු..එයාව එපා කියපු විදිහ..චොයි ජියාට කොල්ලා ආදරේ කරා කියපු විදිහ..

"ජියා.."දොර කඩාගෙන එද්දි ඔම්මයි අප්පයි දැක්කෙ ජියා බිත්⁣තියෙ ඔළුව හප්පගන්න විදිහ..කෙල්ලගෙ ඔළුව පැලිලා ලේ එනවා වුණත් කෙල්ලගෙ නැවතීමක් නෑ..

"ජියා..නවත්තන්න.."ඒ එක්කම දුවගෙන ආපු හනායි ෂින්සුයි කෙල්ල ගාවට එද්දිම ජියාගෙ ඇස් පියවෙලා බිමට වැටුණා..

******
"ජිමිනා..මොකද මේ?"දොරට ගහන සද්දෙට දොර ඇරිය තේහියොන් ඇහුවෙ ඉදිමුණ ඇස්වලින් තමන් ඉස්සරහා හිටගෙන ඉන්න ජිමින්ව දැකලා..ජන්ග්කුක්ත් එතැනට ආවෙ තේහි⁣යොන් කතා කරපු සද්දෙට..ජිමින් වචනයක්වත් නොකියා කොල්ලො දෙන්නවම එකපාර බදාගෙන කෑ ගහලා අඬන්න ගත්තා..තේහියොන් ජන්ග්කුක් දෙන්නා හිටියෙ මුකත් හිතාගන්න බැරුව..ඒ දෙන්නා හිමින් සීරුවෙ ජිමින්ගෙ පිට අතගෑවා..

"ජිමිනා..මොකද වුණේ බං?"ජන්ග්කුක් ඇහුවා..ඒත් ජිමින් ඇඬුවා විතරයි..ජිමින්ට ඇති තරමක් අඬන්න දීලා කොල්ලො දෙන්නා බලන් හිටියා..

"ඒ..එයා..ඒ..එයාමයි...මගෙ සරූ...ඒ ජියාමයි.."ජිමින් කිව්වෙ වේදනාවෙන්..ජන්ග්කුක් තේහියොන් දෙන්නා මූණෙන් මූණ බලාගත්තෙ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව..

"ජිමිනා..මේ අහප.."තේහියොන් කියන්න යන දේ නවත්තලා ජිමින් කොල්ලො දෙන්නගෙන් ඈත් වුණා..

"ම..මට තනියම ටිකක් ඉන්න ඔිනෙ.."කියපු ජිමින් කාමරේට ගියා..ජිමින් ගියා විතරයි ජන්ග්කුක් බිම වාඩිවෙලා අඬන්න පටන් ගත්තා..තේහියොන් ජන්ග්කුක් ගාවින් දණ ගහගෙන කොල්ලගෙ උරහිස උඩින් අතක් තියාගත්තා..

"ඇයි ජන්ග්කුක්?ඇයි උඹ අඬන්නෙ?"තේහියොන් අහද්දි ජන්ග්කුක් කොල්ලා දිහා බැලුවෙ සමාව ඉල්ලන බැල්මෙන්..‌

"ටේ..මේක මගේ වැරැද්ද..මම ඒ ගැන නොකියා හිටියනම්..ඒ් braclete එක මම ජියාට දීපු එක කියලා මං නොකිව්වනම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ.."ජන්ග්කුක් අඬ අඩ කියද්දි තේහියොන් හිමීට කොල්ලගෙ ඔළුව අතගෑවා..

"නෑ ජන්ග්කුක්..උඹ කරපු දේ හරි..උඹ මේ ගැන කිව්වෙ නැත්නම් තවත් මේ දේවල් දුරදිග යනවා..ඒ නැතත්..කවදා වෙනකම් මේක රහසක් වෙලා තියෙන්නද?"තේහියොන් ජන්ග්කුක්ව සනසන්න උත්සහ කරා..ඒත් ජන්ග්කුක්ට හිතුනෙම ඒක කොල්ලා නොකියා හිටියනම් හොඳයි කියලා..

කාමරේට ගියපු ජිමින් දොරට හේත්තු වෙලා වාඩිවෙලා ඇඬුවා..ඇස් පිහාටු එකට එක ඇලෙන තරමටම කොල්ලා ඇඬුවා..ජිමින් ඔළුව උස්සලා බැලුවෙ සිනිඳු ස්පර්ශයක් කකුල් වලට දැනුන නිසා..ඔව්..ඒ චිමී...චිමීව දැක්කම කොල්ලාගෙ කඳුළු අලුත් වුණ එකයි වුණේ..කොල්ලා චිමීවත් අතට අරගෙන ජනේලේ ගාවට ගිහින් වාඩි වුණා..කොල්ලා පායලා තිබුණ හඳ දිහා බැලුවෙ කඳුළු පිහිදාගෙන..

"චිමී..එයා ඔයාට නම දාලා තියෙන්නෙත් මාව මතක් වෙන්නද පැටියො?ආ..ඇයි එයා මාව රැවැට්ටුවෙ?"කොල්ලා ඇහුවෙ පූස් පැටියගෙ ලොම් අස්සෙන් ඇඟිලි යවන අස්සෙන්..ජිමින්ට කියාගන්න බැරි තරම් දුකයි..පලවෙනි දවසෙ කෙල්ල අඬපු විදිහ මතක් වෙද්දි කොල්ලගෙ පපුව පසාරු වීගෙන යනවා වගේ..

"එයා ගොඩක් අඬනවද චිමී?ඔයා දන්නවා ඇති නේද?එයා හැමදාම ඒ විදිහට අඬනවද?"කොල්ලා මිමිනුවා..

එකපාරටම ආපු කැස්සත් එක්ක ජිමින් අතින් කට වහගත්තෙ තේහියොන් ජන්ග්කුක් දෙන්නට ඇහෙයි කියලා..හරියට හැමදාම වගේ..කැහැලා ඉවර වෙද්දි කොල්ලගෙ ඇඟට පණ නැති ගානයි..අතේ ගෑවිලා තිබ්බ ලේ දිහා හිස් බැල්මක් හෙලපු කොල්ලා චිමීව බිමින් තියලා බාත්රූම් එකට ගිහින් කට හෝදගත්තා..උගුරට දැනුන මලකඩ රසත් එක්ක රතු පාට වතුර ටික සින්ක් එක දිගේ ගලාගෙන ගියා..

කොල්ලා බිත්තියට වාරු දීගෙන ඇවිත් ඇඳට වැටුණා..ඔළුවට දැනුන බර ගතිය නිසාම ජිමින් කොට්ටයක් අරගෙන ඔළුවට තදකරගත්තා..

"මට සමාවෙන්න සරූ..."ඇස් පියවෙන්න කලින් කොල්ලා හිතුවෙ එහෙමයි..

__________________________________________

ආ..ළමයි..මාව මතක් වුණාද?

කුතුහලේ වැඩිවෙලා මැරෙන්න ගිය අය මේ පැත්තට..තව කොටස් තුනක් වගේ වෙයි හොඳේ..

මං හිතනවා ජියාගෙයි ජීහිගෙයි වෙනස ඔයාලට තේරෙන්න ඇති කියලා..කළු හූඩිය ජියම තමයි..මතකද ජීහි හූඩි එකක් ගැන කිව්වා?එයා තමයි රෝස පාට හූඩිය..

මේ චැප්ටර් එක ගැන තියෙන ප්‍රශ්න අහගෙන යන්න බලන්න..

මම ඔයාලගෙ ඔිතර් ජන්ග්මි..

Continue Reading

You'll Also Like

45.3K 6.3K 27
"යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තනිකරම මගේ අයිතිය මිසිස් ජියෝන්,තමුසෙ මගෙ...
8.2K 2.2K 11
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01-
51.4K 8.6K 30
ආදරණීය සරෝ... කුමාවෝ... මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරාට... මම මගේ අවසාන මොහොතෙත් දැක්කෙ ඔයාව.. ඔය ඇස් දෙක.. හරි පරිස්සමට මම මගේ චෙරි මල මේ පපුවෙ හංග ගත්තා...
93K 16.6K 25
ජීවිතේ කියන්නෙම අහම්බයක්.කොයි තරම් සැලසුම් කරත් මොනම තැනක හරි නොහිතපු දෙයක් වෙනවා..ඒ වගේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කොයි තරම් නම් වෙනස් වෙනවද.ඒ...