WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.9K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_33rd Winter_

980 175 518
By A_Shee1

_Winter Bear_ ( Fan Fiction Only )
තිස් තුන්වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" කොහොම කිව්වත් මන් දැනන් හිටියා ඔයා හ්‍යුන්ට එකපාරින් කැමැති වෙනවා කියලා.."

" ඇයි ඒම කියන්නෙ කුකී.."

දෙන්නා විනාඩි විස්සකින් විතර යන්තම් තරගෙ ඉවර කලා. කෙල්ල පැරදි ඉතින්.. අහින්සව බෙල්ලෙන් අල්ලගෙන කුකියා එයාව එක්කන් ආවෙ garden එකේ තියන pond එක ලගට. එතන හරි ලස්සනයි..

" ඔයා එයාට ආදරෙයිනෙ.. ගොඩාක්.."

" hint pass කරනවද ඔයා..?"

" පිස්සුද මෝඩියේ. මන් මේ serious.."

" ම්ම්.. ඇත්ත.."

" ඇත්තටම ඔයාලා දෙන්නම ගැලපෙනවා.."

" මොකක්..!"

" ඔයාලා දෙන්නා ගැලපෙනවා කියලා කිව්වේ.."

" ඇයි එක පාරටම එහෙම කියන්නේ..?"

" එකපාරටම නෙමේ ඔයාව දැක්ක ගමන් මට හිතුනා හ්‍යුන්ට ගැලපෙන්නෙ ඔයා වගේ කෙනෙක් කියලා.."

" ඔයාට එහෙම හිතන්න කිසිම හේතුවක් නැහැ නේ. අඩුම තරමේ මම ලස්සනවත් නෑ. ඔයාගෙ හ්‍යුන් world most hansome නේ.."

" අනිත් දේවල් වලින් නැතත් පෙනුමෙන් නම් නියමෙට ගැලපෙනවා.."

" අද උදේ ඇඳෙන් නැගිට්ටෙ අනිත් පැත්තෙන් ද..?"

" මං මේ serious මෝඩියේ කතා කරන්න.. තමුසෙ මාර ලස්සනයි.."

" ආ.. ඔව්නේ.. අමතක වුනා.. මන් world wide beauty නේ.."

" නෑ.. ඒම නම් නෑ.. එහෙම වුනා නම් ජින් හ්‍යුන්ටනෙ ඔයාව අයිති.."

" ඉතින් මන් දැන් අයිතිත් එයාටනේ..?"

" මැරුම් කන්න ආසද..?"

" හී.."

" පොඩ්ඩක් ඉන්න.. තමුන්ගේ bias ජින් හ්‍යුන් නේද..??"

" අපෝ මගේ යාලුවා වෙලා තාම ඒකවත් හරියට ගෙස් කර ගන්න බෑ.."

" මැරුම් කන්න ආසද..?"

" ටිකක්.."

" බෑනේ.. තමුසෙව මැරුවොත් එහෙම මට ගෙදර ඉන්න හම්බ වෙන්නේ නෑනේ.."

" අන්න හරි මෝඩයෝ.. අන්න ඒ බය තියාගන්න.."

" වහප් කට.. Serious කතා කරනවකෝ serious වෙලාවට.."

" මොනා ගැනද serious..?? ඒකෙ තේරුම ගැන ද..?"

" යාආආහ් මෝඩි.."

" හරි හරි.. කෑගහන්න එපා.. කියන්නකො ඉතින්.."

.

.

" ඔයා හිතනවද ඔයාට මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා ..?"

" දන්නෑ කුකී.. ඒ වුනත් ආපහු නම් හැරෙන්නේ නෑ. නෑ නෙවෙයි හැරෙන්න බෑ.."

" ම්ම්.. මට තේරෙනවා.. මොනා උනත් මං wish කරනවා ඔයාට සතුටින් මේ ගමන යන්න පුළුවන් වෙන්න කියලා.."

" කුකී.. මොකද මේ..? අවුලෙන් වගේ .."

" අවුලක් නෙමෙයි.. ඇත්තටම මට සතුටුයි.. ඔයා හොදම යාලුවා වුන ඒකට.."

" කුකී.."

" මේ දවස් දෙක තුනට ඔයා කරපු දේවල් නිසා මන් ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්තා.. ඇත්තටම ඒව හරි ලස්සන මතක.."

" ඔයා කතා කරන්නේ මං හරියට ඔයාව දාලා යන්න හදනවා වගේනෙ.."

" එහෙම නෙමෙයි. ඇත්තටම මට ගොඩක් සතුටුයි.. මට තියෙන ලොකුම සතුට තමයි හ්‍යුන්ට ඔයා වගේ කෙනෙක් ලැබුණ එක ගැන.. කවමදාවත් එයාට ඒ ගත්ත තීරනේ ගැන දුක් වෙන්න වෙන එකක් නැහැ.."

" ඔයා එහෙම හිතනවද කුකී..?"

" ඔව්.. "

" දෙයක් ඇහුවොත්.."

" අහන්න.."

" ඔයා මට ඒකට උත්තර දෙන්න ඕනෙ මම ඔයාගෙ හොඳම යාලුවා කියලා හිතලා.."

" කොහොමත් එහෙමනෙ. ඒක කවදාවත් වෙනස් වෙන්නෑ.."

" දන්නවා.. ඔයා අනූම තමයි කුකී.."

" හරි හරි අහන්නකො ඉතිං.."

" ඔයා හිතනවද මං මේ මං මේ ගත්ත තීරනේ ගැන මට පසුතැවෙන්න වෙන එකක් නෑ කියලා.."

" ඔයා මාව අසරණ කරනවනෙ.."

" උත්තර දෙන්නකෝ.. පුළුවන් නම් විතරයි.."

" මං දන්නවා. ඔයා කිසිම දේකින් හිත රිද්ද ගන්න කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා මන් කෙලින්ම උත්තරයක් දෙන්නම්.."

" ම්ම්.."

🐰" මේ කතාවේ අවසානය ගැන මං කයන්න දන්නෑ. ඒ වුණත් අනිවාර්යෙන් මේ කතාවෙ මැදදී ඔයා මේ ගත්ත තීරනේ ගැන ඔයාට අනිවාර්යෙන් පසුතැවෙන්න වෙනවා.."

" ඒ කියන්නේ මං හරි.."

" ඔව්.. ඔයා හරි.. ඔයා එහෙම වෙනවා කියලා දැනගෙනමනෙ මේ තීරනේ ගත්තේ.."

" හ්ම්.."

" කමක් නෑ. දැන් කරන්න දෙයක් නෑ. ඒ නිසා දැනට ඔයා වර්තමානෙට මුන දෙන්න.. ඉස්සරහට වෙන දේවල් ගැන ඒ වෙලාවට අපි බලමු.."

" ම්ම්.."

" තව දෙයක්.. ජිමිනි හ්‍යුන් ඇවිත් ඔයාට කියපු දේවල් ගැන මම දන්නවා.. කවමදාවත් ඔයා එයාට වෛර කරන්න එපා.. එයා ගත්තේ එයාගේ හොඳම හොඳම යාළුවාගේ පැත්ත. ඒ කියන්නේ ඒ වෙලාවේ එයාට කරන්න තිබ්බ හොඳම දේ.."

" දන්නවා කුකී.. මං කවමදාවත් ජිමිනි ඔප්පට වෛර කරන්නේ නෑ.. ඔයාටත් මට මොනා හරි දෙයක් වුණොත් මගේ පැත්ත ගන්න බෑ. මොකද ඒ ඔයාගෙ හ්‍යුන්. අපි හොඳම යාළුවො වුනත් අපි හම්බ උනේ පස්සෙ. කමක් නෑ. මාත් එක්ක අනු ඉදියිනෙ.."

" ඔයාට එම කියන්න අයිතියක් නැහැ අහි.. හොඳට මතක තියාගන්න. ඔයා මේ ගත්ත තීරණය නිසා ඔයාට පසුතැවෙන්න වුනොත්, ඒ ටේ හ්‍යුන් නිසා වුනොත් කවමදාවත් මන් එයාට නම් සමාවක් දෙන්නේ නැහැ.."

" ඇයි ඔයා එහෙම කියන්නෙ.. ඔයාට ඒ විදිහට මගෙ පැත්ත ගන්න කිසිම අයිතියක් නෑ කුකී.."

" තියෙනවා.. ජිමිනි හ්‍යුන්ට පවා ඒ අයිතිය තියෙනවා. ඒ උනාට ඒ වෙලාවෙදි වුනේ ඒ අයිතියට වඩා එයාගෙ හොදම යාලුකම මතු වුන එක. එයා හරි.. ඒ වුන දේත් ඇත්ත.. මං එතන හිටියා නම් මාත් කරන්නේ ඒකමයි .."

" එහෙනම් ඇයි ඔයා මෙහෙම කියන්නේ.. මගේ පැත්ත ගන්නවා කියලා.."

" මොකද මං දන්නවා අනිවාරයෙන් හ්‍යුන්ගෙන් ඔයාට අසාධාරණයක් වෙනවා කියලා.."

" කුකී..!!"

" ඔයා මේ හැම දෙයක් ගැනම දන්නෑ අහි.. ටේ හ්‍යුන් කියන්නේ අපේ team එකේ ඉන්න හරියට අඳුර ගන්න බැරිම කෙනා. අපි කවුරුත් දන්නෑ එයා කොයි වෙලේ, කොයි මොහොතක, කොයි විදිහට වෙනස් වෙයිද කියලා.. විශේෂයෙන්ම එයාට තනිකම කියන දේ අපි අනිත් හැමෝටම වඩා බරපතලව දැනෙනවා. ඒ නිසා එයා අයිතිය වෙනුවෙන් ගොඩක් වෙලාවට රණ්ඩු වෙනවා වැඩියි.."

" ම්ම්.. මට හිතුනා.. ඔය දේවල් දැන් වැඩිපුරම බලපාන්නෙ මටමයි කියලා මං දන්නවා.. කමක් නෑ.. මන් එයාට ඇත්තටම ආදරෙයි.."

" අන්න ඒ නිසා මං ඔයාට කවදාවත් විරුද්ධ වෙන්නෙ නෑ. මොකද ඔයාට කවදාවත් වරදින්නෑ.. සමහරවිට ඔයාට මැදදි වැරදියි.. ඒ වුණත් අන්තිමට ඔයා අනිවාර්යෙන් සාර්ථක වෙනවා.."

" අනේ කුකී.."

" අඩනවද ඔයා ඔය..?"

" පිස්සුද..? ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා.."

" මං දන්නවා ඔයා අහන්න යන ප්‍රශ්නෙ.."

" එහෙනම් උත්තර දෙන්න ඒ කොහොමද කියලා.. අඩුම තරමේ අවුරුද්දක් විතර යනකම් අනුටවත් ඒක කරන්න බැරි වුණා.."

" ඔව්.. මං ඔයාව මේ විදිහට තේරුම් ගත්තේ මාසෙකටත් වඩා අඩු කාලෙකින්. මන් දන්නෙත් නෑ ඒ ඇයි කියලා.. ඒ වගේම මං ගැන වැරදියට හිතන්නත් එපා.. හැමදාමත් ඔයා මට මගේ හොඳම යාළුවෙක්.. ඒ වුණත් මං දන්නෙ එක දෙයයි.. මේ හැමෝටම වඩා හොඳට මං නම් තේරුම් ගත්තා.. මන් හරිනේ ..?"

" ඔව් කුකී.. ඔයා හරි.."

" දැන් ඉතින් දුකෙන් ඉන්න ඕනේ නෑ.. මට කියන්න ඕන වුනේ මොන දේ වුණත් මම ඔයත් එක්ක ඉන්නවා කියලා.."

( තේරුම් ගන්න හොදම යාලුවෙක්ද.. තේරුම් නොගත්ත ප්‍රේමවන්තයෙක්ද වටින්නෙ.. වැඩිපුරම..? )

~~~~~~~~~~

" ආ.. ඔය එන්නේ කියනකොටම.. දැන් මේ දෙන්නද couple එක..?"

අහින්සයි කුකීයි එනකොට ජිමින් කෑ ගැහුවා. ඒකට නම් කට්ටියටම හිනා. බලන් ගියාම ඒක බොරුවකුත් නෙමෙයි.. ඩබල පේන්නෙ හරියට couple එකක් වගේ තමා..

" මට නම් හිතෙන්නේ එකම දෙයයි කුකී.. ජිමිනි හ්‍යුන්ට ලොකු උවමනාවක් තියෙනවා මගෙන් හොඳ පාරක් කාලා තව අඟලක් දෙකක් කොට වෙන්න.." අහින්සා කෑ ගැහුවෙ ජිමින්ට දෙවෙනි නොවී.

" එකෙන්ම එකගයි.."

" ඒ උනත් මෙහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා අහි.. " ඒ පාර හෝබි හ්‍යුන්.

" ඒ මොකක්ද ඔප්පා..?"

" ඔයා හිතනවද අඟල දෙකක් කොට වුණා කියලා මෙයාගේ කට වැහෙයි කියලා .."

අම්මෝ.. ඒකට නම් කට්ටියම බඩත් එක්ක අල්ලගෙන හිනාවෙන්න පටන් ගත්තා. අහින්සා තමා චාටර් වෙන්න ඕනි.. ඒ වුනත් ජිමින් තමා චාටර් වුනේ.. ජිමින් පවු..

" ගිහින් රෙද්දක් පොරවන් නිදා ගන්න ඔප්පා.. නිකන් මේ විදිහට චාටර් වෙන්නෙ නැතුව.. බලන්න.. ඔයාට ඕනි මාව චාටර් කරන්න.. ඒ වුණත් හැම වෙලේම ඔයා චාටර් වෙනවා.."

" යාහ්.. අහි.."

" ඔව්.. අහි තමා.."

" දන්නවද මන් කවුද කියලා ..?"

" ඔව් අනේ.. අර BTS .."

" අනේ ජිමිනෝ.. තවත් චාටර් වෙන්නෙ නැතුව කට වහ ගන්නවා.. කට ඇරියොත් චාටර් වෙනවා නම් කට වහන් ඉන්න පුරුදු වෙන්න ලමයෝ.." ජින් හ්‍යුන් කිව්වෙ හිනාවෙන ගමන්.

" හ්‍යුන්.. "

" ඔව්.. හ්‍යුන් තමයි.."

" අනේ.. මන් හිතුව අඩුම තරමේ ඔයාවත් මගේ පැත්තෙ ඉදී කියලා හ්‍යුන්.."

" එහෙම කොහොමද අනේ.. අයියා කෙනෙක් ගන්න ඕනේ නංගිගෙ පැත්ත කියලා දන්නැද්ද..?"

" එයා නංගි වෙන්න ඉස්සෙල්ලා මං ඔයාගෙ මල්ලි උනේ.."

" හරි හරි ඉතින්.. ගෑනු ළමයි වටිනවනෙ කොල්ලො.."

" සැක්.. ඇති ඔය චාටර් වුනා. නවත්තන්න දැන්.." නම්ජුන් හ්‍යුන්ට මේ විකාර අහල අහල මැරෙනකං හිනා.😂

" මන් යනවා යන්න.."

( දැන්වත් එයා තේරුම් ගන්න ඕනේ ඕතර් එක්ක බාල්දියක් දාගත්තහම ඔය විදිහට චාටර් වෙන්න වෙනවා කියලා.. පව් ඉතින්..

Jimin : යාහ් ඕතරියේ..

Author : ..

Jimin : යාහ්.. කතා කරනවකෝ..

Author : ......

Jimin : අනේ..

Author : .......

Jimin : හරි.. සොරි ඕතරේ.. ප්ලීස් කතා කරන්නකෝ..

Author : කියන්න..

Jimin : දැන් ඇති නේද තරහා වෙලා හිටියා..?

Author : තරහා වෙලා.. කවුද..?

Jimin : හරි. මං පිළිගන්නවා මන් වැරැද්දක් කලා කියලා.. ඒකට මියන්හේ..

Author : කමක් නෑ.. මගේ හිත රිද්දන එක ඔයාගෙ කැමැත්තනෙ..

Jimin : ඔයා ඔහොම කියන එක කොච්චර අසාධාරණ ද..? මන් විතරයි ද ඔයාගෙ හිත රිද්දුවෙ..? මං දැක්කා comment section එකේ තනිකරම තියෙන්නේ කඩු කැති පොලු විතරමයි.. එතකොට එයාලා හරිද..?

Author : ඔව්.. එයාලා හරි.. එයාලා මොනව දුන්නත් මන් එයාලට ලව්..

Jimin : අම්මෝ.. ඒනම් මාත් මොනවා කලත් ඔයා මට ආදරේ කරන්න. කොහොමත් මන් කලත් වැඩක් නෑනෙ.. ඔයා කැමති ටේටනෙ.

Author : මේ ප්ලීස්.. විකාර කියන්නෙ නැතුව කියන්න දෙයක් තියනවා නම් කියනවද..? නැත්නම් කට වහ ගන්න.. ඒ වගේම මතක තියා ගන්න. Army කෙනෙක් කියන්නෙ solo stander කෙනෙක් නෙවේ. එයාට bias කෙනෙක් ඉන්න පුලුවන්.. ඒ වුනත් අනිත් හැමෝමත් එයාට එක වගේ.. කොටින්ම All the 7 වගේ.

Jimin : යාහ්.. විහිලුවක් කලේ..

Author : ....

Jimin : ශිට්.. මගෙත් ගොන් කට.. දැන් ඉතින් ආපහු එපි ගානකට කතා කරන එකක් නෑ..)

( වෙලාවකට මට හිතෙනෝ ඕතර්ගෙයි ජිමින්ගෙයි කතාව ලියන් යන්න හප්පා.. ඒක මරුනේ.. 😌😂

හා හා..

බැන්නා නේ..

එන්නෙපාබැනගෙන ඉතින්.. )

[ Re-edit || දෙයියනේ.. මන් විහින් චාටර් වෙලාද ඕතර් නෝට් නිසා.. ඈක්කා x 33 🙂🔪 ]

~~~~~~~~~

හෝබි හ්‍යුන් ජිමින් එක්ක ගිහින් ටේට wash කරන්න උදවු කලා. අහින්සා ජින් හ්‍යුන්ට පහල උයන්න උදවු කළා. කොහොමින් කොහොම හරි අන්තිමට ටේට කෑම එක දෙන්න නම් යන්නෙ වුනේ කෙල්ලට තමා..

ටේ හ්‍යුන් ඉතින් පොඩි එකා වෙන්න දගලනවා.

" අනේ අනේ ඉතින්.. මොකක්ද අනේ.."

" මේ අහන්නකෝ.. දැන් අත නෙවේනෙ තුවාල වෙලා තියන්නෙ කකුලනෙ.. ඔයා හැන්ද අල්ලන්නෙ අතින්නෙ අනේ.. ඉතින් කන්නකෝ.."

" අනේ ඉතින්.. මට කවන්නකෝ.. මන් දැන් ඔයාගෙ boyfriend නේ.."

" හෑ.. කවුද කීවෙ ඒමයි කියලා.."

" ආ නෑ නෑ.. මන් දැන් husband නේ ඉතින්.. අනේ ඉතින් කවන්නකෝ මට.. ඔයා හොද මැනිකනෙ මගේ.."

" යාහ් යාහ්.. husband.. පිස්සුද ආ..? අනික මන් ඔයාගෙ හොද මැනික නෙවේ.."

" යාහ්.. ඒ කියන්නෙ ඔයා වෙන කාගෙ හරිනේ..?"

" ඒයි ඔප්පා.. මැරුම් කන්න ඕනි වෙලාද..?"

" හරි හරි.. ඔයා අහින්සා.. හරිනේ.. ඉතින් මට කවන්නකෝ.."

" බෑ කිව්වානේ.. කෝ.. විකාර නොකර ඉක්මනට කන්න.. මන් පහලට යන්නෝනි.."

" ඒ කියන්නෙ කවන්න බෑ.."

" බෑ.."

" හරි එහෙනම්.. ඒ වෙනුවට වෙන දෙයක් කරන්නෝනි.."

" මොකක්ද ..?"

" මේක නැත්නම් ඒක කරන්නම වෙනවා.."

" කියන්නකෝ ඉතින් ඉක්මන් කරලා.." එහෙම කිව්වත් ටේගෙ අමුතු බැල්ම ගැන කෙල්ලට සැක හිතුනා.

" විනාඩි 10 ක දිග කිස් එකක් ඕනි.." හරිනේ.. අහින්සගෙ සැකේ හරි.

" කෝ බලන්නකෝ මගේ ඔප්පේ.. දැන් මේ කෑම එකත් හීතල වෙන්න ඇවිත්.. කෝ කට අරින්න.. මන් කවන්නම්.."

( මට බෑ යකූ..😂 ඔයාලටත් බැයිද 🙂🔪 බෑ කියාපිය.. )

අහින්සා එහෙම කියලා ඉක්මනට කෑම එක අරගෙන ටේට කවන්න පටන් ගත්තා. කෙල්ල බැරි වෙලාවත් ටේගෙ මූන දිහා නොබල ඉන්න පරිස්සම් වුනා. මොකද ඒ වෙනකොටත් කෙල්ල හිටියේ රතු පාට ජම්බු ගෙඩියක් වෙලා.. ලැජ්ජාවට.. ටේ හ්‍යුන්ට නම් මේකට තනියම හිනා.

" යාහ්.. දැන් ඉතින් මොකද ඔය මන් දිහා බලන්නෙ නැත්තෙ..?"

" අයියෝ ඔප්පා ඉතින්.. ඔයා දිහා බලන්නෙ කෝමද..? මන් මේ ඔයාට කවනවනේ.."

" ඇත්තට.. "

" ඇත්ත නේන්නම්.. මේ මන් කවනවා වගේ නෙවේද පේන්නෙ..?"

" ඔව් ඉතින්.. අනේ මන්දා.. ඔය කවන කෙනාට හිතෙන්න ඇතිනේ කවන එක ලේසියි කියලා. ඒ වුනාට පස්සෙ නම් ඔහොම මග අරින්න බැරි වෙයි.."

" යාහ්..!!"

" ඇයි ඉතින් කෙනෙකුට කලිනුත් වුනේ ඕකනෙ.. මන් ලගට ආවත් එයා පන නැතිවෙනවා. ඉතින් මට ඕනි එකක් කරගෙන යන්න පුලුවන්.."

ටේ අහින්සට පුලුවන් තරම් හින්ට් පාස් කරනවා. අහින්සගෙ මූන දෙහි ලෙල්ලක් වගේ හරියට.

" යාහ්.. ටේ ඔප්පා.. කට වහගෙන කනවද.. නැත්නම් මන් මෙතනින් යන්නද..?"

" හෑ.. කට වහගෙන කොහොමද කන්නෙ..?"

" නහයෙන්.." එහෙම කියපු අහින්සා හැන්ද දික් කලේ ටේගෙ නහයට.. ටේට නම් මැරෙන්න හිනා.

" හරි හරි.. කේන්ති ගන්නෙපා. කේන්ති ගියාම ඔයා ඇපල් ගෙඩියක් වගේ.. හපලා කන්න හිතෙනවා.."

ටේ කෙල්ලගෙ කොන්ඩෙ අවුල් කලේ හිනාවෙවී එහෙම කියන ගමන්.

~~~~~~~~~~

" අන්න ඔයාගෙ ප්‍රේම කුමාරයා වඩිනවා පහලට.."

ජිමින් ආපහු කෑ ගැහුවේ හෝබි හ්‍යුන් කුකි එක්ක ටේව පහලට එක්කන් එනවා දැකලා. අහින්සා ඒ වෙලාවේ හිටියේ සාලේ සෝෆා එකක වාඩි වෙලා phone එක ඔබන ගමන්. එයාගෙ ජාතික වැඩේ phone එක ඔබන එක. ඒත් මේ දවස් ටිකේ busy වුණු නිසා කෙල්ලට ෆෝන් එක ගන්න වෙලාවක් තිබුනෙම නැති තරම්. ටේ හ්‍යුන්ව එක්කන් එනවා දැකපු අහින්සා ඉක්මනින් phone එක පැත්තකින් තියලා පඩිපෙළ ළඟට දුවගෙන ගියා.

" හම්මෝ ඉතින් එයා ඉන්නකොට අපිව මතකත් නෑ.."

ජිමින් ආපහු කෑගහනවා. අහින්සා මොකුත්ම කියන්න නැතුව හිටියේ මොනවා උනත් ටේ හ්‍යුන් ඉස්සරහ ජිමින් එක්ක රණ්ඩු වෙන්න බැරි නිසා. හෝබි හ්‍යුන්ගෙයි කුකිගෙයි උදවුව ඇතුව ටේ හ්‍යුන් පහලට ඇවිත් සෝෆා එකේ වාඩි වුනේ කකුල ඉස්සරහ පොඩි table එක උඩ තියාගෙන.

" ඉතින් ටේ.. දැන් ඔයාට පොඩ්ඩක්වත් සනීපයක් දැනෙන්නෙ නැද්ද..?" ජින් හ්‍යුන් ඇහුවෙ කොල්ලට එහා පැත්තෙන් වාඩි වෙලා.

" රිදෙනවා හ්‍යුන්. ඒ වුනාට ඊයේ තරම්ම නම් ‍රිදෙන්නේ නැහැ.."

" අපි බලමුකෝ.. තව කල් තියෙනවානේ.. කොහොමත් ඕක සති එකහමාරකින් මග ඇරිලා යනවා කියලා කිව්වනේ .."

" ම්ම්.."

" අනික ඉතිං එහෙම කිව්වෙ ඔයාට විශ්වාසවන්තම ඩොක්ටර් කෙනෙක්නේ .."

ඒ සුගා හ්‍යුන්. හරි.. දැන් ඉතින් චාටර් වෙන්නෙ ජිමින් නෙවේ ටේ හ්‍යුන්.

" හ්‍යුන්..!" ටේ ඇස් ලොකු කරල බැලුවා.

" ඇයි ඉතින් මතක නැද්ද..? Specialist කෙනෙක්ගෙන් treatment ගන්න බෑ කියල doctor කෙනෙක්ව ගෙන්නපු කොල්ලෙක්නෙ මේ ඉන්නේ.."

" ඒකට නම් මාත් එකගයි හෝබි.. හම්මෝ අර doctor ව ගෙන්නන්න කියලා මැරෙන්න හදපු විදිය මතකද..? මගේ කරේ නැග්ගෙ නැති ටික විතරයි. ඒකත් තුවාල වුනේ කකුලට නෙමේ නම් මගේ කර උඩ තමයි මෙයා නවතින්නේ.. "

නම්ජූන් ඒම කිය කිය හිනාවෙනවා. මේකට නම් ඉතින් අහින්සටත් හිනා. පවු.. ටේ හ්‍යුන් බිම බලාගෙන ඉන්නවා.

" දැන් ඉතින් හොඳට සනීප ඇතිනෙ.. බෙහෙත් දාගෙන කරගෙන තියෙන්නේ ඔය හොඳ වැඩක්.." ඒ ගමන ආපහු ජින් හ්‍යුන්.

" මෙහෙමයි ටේ.. මට එහෙම ඔහොම එකක් උනා නම් මං මෙලහට පණපිටින් ඉන්නෑ ලැජ්ජාව නිසා.. මේ කොල්ලට ඉතින් එහෙම ගානක් තියෙන එකක්යැ.." ආපහු සුගා හ්‍යුන්.

" ඔව්නේ.. අර twitter sence එක.." නම්ජුන් හ්‍යුන් ආපහු.

" අම්මෝ අම්මෝ.. මතක් කරන්න එපා.. මට හිනායනවා.."

" යාහ් හ්‍යුන්ලා.. ඕක නවත්තන්නකෝ අනේ.. දැන් ඇති.. ආපහු ඔයාල කියවන්න පටන් ගත්තොත් එහෙම මං කාමරේට යනවා.."

" හරි හරි.. අපිට ඉතින් දැන් කියන්නකො කොහොමද පවුල් ජීවිතේ විස්තර කියලා.."

සුගා හ්‍යුන් ආපහු ගානට hint එක pass කලා. අහින්සා මොකුත් නොවුනු ගානට ජින් හ්‍යුන්ගෙ එහා පැත්තට ආවේ කාටවත් පේන්නැති වෙන්න. එතකොට ඉතින් කවුරුත් එයාව චාටර් කරන්නේ නැහැනෙ.

" අනේ හ්‍යුන්.. චේබල්.."😑

" යකෝ කොල්ලො.. මන් මේ serious අහන්නේ.. අපිට ජිමිනි කිව්වා ඔයාල දෙන්නා දැන් යාලුයි කියලා.."

" ම්ම්.." ටේ බිම බලාගෙන ටිකක් වෙලා කල්පනා කලා.

" හ්‍යුන්.. අපි දෙන්නා අතර affair එකක් තියනවා. ඇත්තටම මං තමයි මුලින්ම එයාට කැමැතියි කිව්වෙ.. ඔයාලා දන්නවනේ කලින් මං මේක කරල එයා මට කැමති වුණේ නැහැ කියලා.. ඒ වුණත් මේ පාර එයා මට කැමති වුණා. මම වැරැද්දක්ද කලේ හ්‍යුන්ලා. එහෙම නම් මට සමාවෙන්න.. සමහරවිට මං ඉක්මන් වුන එක වැරදි වෙන්න ඇති. ඒ වුණත් උනත් ඇත්තටම මං එයාට ආදරෙයි.. මම පරක්කු වුණා නම් මට එයාව නොලැබෙන්න තිබ්බා. ඒක නිසා තමයි මම මේ විදිහට ඉක්මනින් එයාට මේ ගැන කිව්වෙ.." ටේ හ්‍යුන් එක දිගට කියාගෙන ගියා.

" ඇයි ටේ ඔයා අහන්නෙ ඔයා වැරැද්දක්ද කළේ කියලා..?" හෝබි හ්‍යුන් ඇහුවා.

" අයියලා පස් දෙනෙක් ඉද්දි මං ඉක්මන් වුණ එක.."

" ඒක නෙමේ මෙතන තියන ප්‍රශ්නේ. හැඟීම් කියන්නේ අයියලා මල්ලිලාට වෙනම එන දෙයක් නෙමෙයි පිරිමි අයට, ගැහැනු අයට පොදුවෙ එන දෙයක්.. ඒ අතින් ඔයා වැරදි නැහැ.. ඒ වුනත් මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා.."

" මොකක්ද ජින් හ්‍යුන්..?"

" ඔයා හිතනවද ඔයාට මේ කෙල්ලට හරියට සලකන්න පුළුවන් වෙයි කියලා කිසිම දුකක් දෙන්නැතුව.."

" හ්‍යුන්..!"

" ඔයා එයාට ඇත්තටම ආදරේ නම් ඔයා හිතලා බලන්න ඕනි නේද ඒ ගැන.. එහෙම නේ.."

" ඔව් හ්‍යුන්.. ඔයා හරි.."

" ම්ම්.. එහෙනම් ඔයා හිතනව ද ඔයාට ඒ දේ පුළුවන් කියලා.."

" ඔව්.. මට විශ්වාසයි මට ඒ දේ කරන්න පුලුවන් කියලා.."

ටේ කිව්වේ ලොකු විශ්වාසයක් හිතේ තියාගෙන. ඇත්තටම එයාගේ ඇස්වලින් ඒ විශ්වාසෙ පෙනුනා.

" හොඳයි.. එහෙනම් දැන් අපි සුබ පතලා පැත්තකට වෙන්නම්.. දෙන්නත් එක්ක සතුටින් ඉන්න ඕනේ හරිද ..?"

" යාහ්.. ජින් හ්‍යුන්.. ඔයා හරියට කතා කරන්නෙ ඔයා අපිව දාලා යන්න හදනවා වගේනෙ.."

" ඕකනේ කියන්නේ.. ආදරය කරන්න ගත්තට හරි යනවද මොළයක් කියලා නාමයක් නෑ.. කෝ මේ අහින්සා.. මෙහෙ එන්න.."

ජින් හ්‍යුන් එහෙම කියලා එයාගේ පස්සහ හිටපු අහින්සව අතින් ඇදලා ලගට ගත්තා. දැන් ජින් හ්‍යුන්ගෙ දෙපැත්තේ අහින්සයි ටේයි දෙන්නා. ජින් හ්‍යුන් අනිත් අතින් ටේගෙ අත අරගෙන කෙල්ලගෙ අත ටේට දුන්නෙ හැමෝම බලාගෙන ඉද්දි.. කලින් හිනා වෙවී හිටපු හැමෝම දැන් නම් හෙනම serious mood එකේ.

" ටේ.. ඔයා මතක තියා ගන්න.. ඔයා මේ ගන්නෙ වගකීමක්.. වෙන අයට වඩා ඔයාට මේකෙන් එන බලපෑම වැඩියි. හදිස්සියේ පොඩි හරි වැරදීමක් වුනොත් මේ කෙල්ලට ඒකට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා දැන් ඉදන් ඔයා මේ වගකීම ගන්න. ඔයා හැමදාම අපේ මල්ලි තමා. ඒ වුනත් වගකීමක් තියෙන කෙනෙක්.."

ජින් හ්‍යුන් ගොඩක් දේවල් කිව්වා. ඒ හැමදේම කිව්වෙ ටේ හ්‍යුන්ට. මොකද ජින් හ්‍යුන් දැනන් හිටියා අහින්සට මේ කිසිම දෙයක් පැහැදිලි කරලා දෙන්න ඕනි නෑ කියලා. ටේ හ්‍යුන් ඒ සේරම අහන් හිටියා. අහින්සට නම් මේ දේවල් දරා ගන්න අමාරු වුනා. ඒක නිසාම එයාගෙ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා. එයා එහෙමම බිම බලා ගත්තේ අනිත් හැමෝගෙන්ම කදුලු හන්ග ගන්න.

" ඔන්න එහෙනම්.. අපේ හත් දෙනෙක්ගෙ පවුල දැන් අටයි.. තව අපිට එකතු වෙන්න තියන්නෙ හය දෙනයි.." නම්ජුන් හ්‍යුන් දැක්කා අහින්සා අඩනවා. එයා අහින්සා ලගට ඇවිත් කෙල්ලගෙ ඔලුව අත ගාලා කිව්වෙ කෙල්ල හිනාවෙයි කියලා.

ඒ වුනත් අහින්සා හිනාවෙනවා වෙනුවට කලේ තවත් අඩපු එක. නම්ජුන් හ්‍යුන් කෙල්ලව බදා ගත්තේ හොදට අඩන්න දීලා. හ්‍යුන්ගෙ ඇස් වලත් කදුලු. ටේ හ්‍යුන් ජින් හ්‍යුන්ව බදාගෙන අඩනවා. සුගා හ්‍යුන් විතරයි හිනාවෙලා බලන් හිටියේ. ඒ වුනත් එයාගෙ ඇස් වලත් කදුලු පිරිලා තිබුනා.

" හා හා ඉතින්.. දැන් දෙන්නත් එක්ක අඩලා හරියනව ද..? ටේ.. ඔයාට පුලුවන් වෙන්න ඕනි දැන් කෙල්ලව නලව ගන්න.." ජින් හ්‍යුන් කිව්වෙ ටේගෙ ඔලුව අත ගාලා.

" යාහ් ඔප්පා.. මන් බබෙක් නෙවෙයි නලවන්න.." අහින්සා නම්ජූන් හ්‍යුන් ලගින් ඈත්වෙලා කෑ ගැහුවා.

ජින් හ්‍යුන්ට පුලුවන් ඕනිම වෙලාවක කාවහරි අඩවන්නත්.. කාව හරි හිනා ගස්සන්නත්..

" හා හා.. ඔය හොටු හූර ගන්නවා.. බලනවා.. නහයෙන්නෙ තමුසෙ කතා කරන්නෙ.."

මෙච්චර වෙලා සේරම පැත්තකට වෙලා බලන් හිටපු කුකී කිව්වෙ අහින්සට ලේන්සුව දික් කරලා.

" යාහ්.. මන් කතා කරන්නෙ කටින්.."

" හා හා.. මොකෙන් හරි.. ඔය මූන මැද එක තියෙන එක පිහදා ගන්නවකෝ.."

" අන්තිමට ඒනම් මේ පිස්සි ටේටම පවුල් වුනානේ.." හෝබි හ්‍යුන් කිව්වෙ අහින්සගේ කොන්ඩෙ අවුල් කරන ගමන්.

" මන් පිස්සෙක් නෙවේනෙ.." අහින්සා කිව්වෙ මහ සද්දෙට නහය උඩට අදින ගමන්.😂

" යාහ්.. ඕක උඩට අදින්නෙ නැතුව පහලට අදිනවා මැට්ටි.."

" බෑ.. .. ම...න්.. මට.. බ්ලෑක්.." අහින්සා කතා කරන්නෙ නහයෙන්.

" මට නම් හිතා ගන්න බෑ.. මේ දෙන්නා set වුන එකෙන් අහි පිස්සෙක් වෙයිද ටේ පිස්සෙක් වෙයිද කියලා.."

" අමූලික ඇත්ත.. සාදාරන සැකයක් තියනවා.. ඒ වුනත් අපි හය දෙනාත් පිස්සො වෙයිද කියලා.."

" එකගයි හෝබි හ්‍යුන්.. සම්පූර්ණයෙන්ම එකගයි.."

එහෙම කියාගෙන එකපාරටම එතනට කඩා පාත් වුනේ අනුහස්.. තනියම නෙවේ. එලීසත් එක්ක..

" යාහ්.. අනු.." අහින්සා බැලුවෙ ඇස් කටේ දාගෙන.

" ඕක වහ ගන්නවා.. මැස්සො රින්ගයි.."

" මේ වෙලාවෙ ඔයා මෙහෙ.."

" PD sir තමා නිවාඩුවක් දුන්නෙ. නැත්නම් ඉතින් නිවාඩුවක් ගන්නෙ කොහොමද ලේසියෙන්.."

" කාව බලන්නද ආවෙ..? මාව බලන්න නෙවෙයිනෙ ඉතින්..?"

" බලන්න ආවෙ නම් උබව නෙවෙයි ඉතින්.. ඒ වුනත් ගෙනාපු සේරම දේවල් ගෙනාවෙ ඔයාට.."

" හෑ.. ඒනම් කමක් නෑ.. ගෙනාපු ටික දීලා බලන්න ආපු කෙනාව බලන්නකෝ.. එහෙම කියපු අහින්සා අනුගෙ අතේ තිබුන බෑග් සේරම අරගෙන dinning room එකට දිව්වෙ එලීසගෙ අතකින් ඇදගෙන.

😂

" දැන් ඉතින් ඒ දෙන්නව අල්ලන්න හම්බෙන්නෙ නෑ.. " අනු කිව්වෙ හිනාවෙන ගමන්.

" වාඩි වෙයන් බන්.. කෝමද ඉතින්.."

එයාලා කතාව පටන් ගත්තා. දැන් ඉතින් පැය ගානකට කොල්ලො set එකත් කතාව නවත්තන්නෙත් නෑ.

ඔයාලට ප්‍රශ්නයක් ආවෙම නැද්ද.. මේ සිදුවීමෙදි..

.

.

.

.

.

.

.

.

ජිමින්.. කෝ පාක් ජිමින්..

ඇත්තටම එයා හිටියේ වචනයකවත් කතා කර ගන්න බැරුව. එයා සතුටු වුනා ගොඩක් එයා අහින්සට ආපහු හැරෙන්න කියලා බල කරපු තීරනේ ගැන. ඒ වුනත් ඒ එක මොහොතකට විතරයි. ජින් හ්‍යුන් කියපු දේවල් එක්ක ජිමින්ට හැගුනෙ එයා වැරැද්දක් කලා කියන හැගීම විතරයි.. ඒ නිසාම තමා එයා කාටවත්ම නොකිය එයාගෙ කාමරේට ආවෙ. ඇත්තටම එයාට කාටවත්ම කියන්න විදිහක් නෑ. මොකද එදා අහින්සට ගිහින් බල කරපු විදිහ ගැන කවුරුත්ම දන්නෙ නෑ අනුහස් ඇරෙන්න. ඒ වගේම ජිමින් දන්නවා.. ජිමින් ටේ ගැන හිතනවා වගේම අනුහස් අහින්සා ගැන හිතනවා කියලා.. එදා අනුහස් කලේ කැප කිරීමක්.. කෙලින්ම කිව්වොත් ජිමින්ගෙ ඉල්ලීම වෙනුවෙන් තමන්ගෙ හොදම යාලුවව අමාරුවේ වැටෙනවා කියලා දැන ගෙනත් ඒකට ඉඩ දුන්නා. ඉස්සරහට මොනවා වෙයිද කියලා ජිමින් හිටියේ දෙගිඩියාවක.

( Author : ඔයා ඕක ගැන දැන් කොච්චර හිතුවත් වුන දේ පස්සට දාන්න බෑනෙ.. ඒ නිසා අඩන්නැතුව ඉස්සරහට වෙන දේවල් ගැන හිතලා ඕනිම දේකට සූදානමින් ඉන්න..

Jimin : ඒ කියන්නෙ ඔයත් හිතනවා මන් කලේ වැරැද්දක් කියලා..

Author : සමහර විට..

Jimin : ඇයි කලින් ඒ දේ මට කිව්වෙ නැත්තෙ..?

Author : මන් ඔයාලාගෙ කතාව වෙනස් කරන්නෙ නෑ කියලා කීවනේ.. ඒකයි..

Jimin : තාමත් මට hint pass කරනවනේ..

Author : වුන දේ ගැන කවමදාවත් හිතන්න එපා.. වෙන්න තියෙන දේ ගැන හිතන්න.. එතකොට වුන වැරැද්ද හරි ගස්සන්න හරි පුලුවන් වෙයි..)

( ඕතර් දාර්ශනික පෙත්ත බිව්වා.. ගනන් ගන්නෙපා..😌)

~~~~~~~~~~

දවල්ට යන්තම් උයන්න ඕනි නෑ. මොකද අනුහස් හැමෝටම කෑම ගෙනත් තිබුනා. කට්ටියට දැනුනෙ පුදුම නිදහසක්. මොකද එයාලට මෙහෙම free කාලයක් එන්නෙ ගොඩ කාලෙකට පස්සෙනෙ.

" හ්‍යුන්.. මන් ඔයාව එක්කන් යන්නද garden එක පැත්තට.. අහි එක්ක යන් කිව්වට එයා අර lawyer ත් එක්ක ආපු වෙලේ ඉදන් කෑ ගගහ නටනවා.."

" පවු කුකී.. අපි මොනා කිව්වත් කොච්චර දේවල් කලත් කොල්ලො ගොඩක් ඇතුලෙ ඉන්න එක එයාට මාර stress වෙන්නැති." ටේ කිව්වෙ කෙල්ල හයියෙන් හිනා වෙනවා අහන් ඉදලා.

" ඔයා හරි හ්‍යුන්.. එයා කෙල්ලෙක්නේ.."

" එයා ඔහොම හිනාවෙන්න පටන් ගත්තේ ඔයා නිසාලු.."

" ම්ම්.. මන් හොදයි නේ.."

" ඒකට නම් මල් තියන්න ඕනි.. බලන්නකෝ.. මටවත් තාම එයාව හිනස්ස ගන්න බැරිවුනානෙ.. "

" හපොයි.. ඒකට නම් ලැජ්ජයි හ්‍යුන්.."

" උගන්නනවකෝ හාවෝ.."

" බෑ.. ඒවට ටියුශන් ෆීස් ගන්නවා.."

.

" යන්.. එන්නකෝ.. මන් පහලට එක්කන් යන්නම්.." එහෙම කියපු කුකි ටේව උස්සලා wheel chair එකේ ඉන්දෙව්වා.

ඇවිදින්න බැරි තරම් අමාරුවක් කොල්ලට නෑ. ඒ වුනත් තුවාලෙ තිබුනෙ යටි පතුලේ නිසා කොල්ලට wheel chair එකේ යන එක ලේසි වුනා..

දෙන්නත් එක්ක හෙමීට පහලට ගියා.. කුකි තමා chair එක තල්ලු කරන් ගියේ.

" හ්‍යුන්.."

" මොකද කුකී..?"

" මන් දෙයක් අහන්නද..?"

" අහපන් කොල්ලො.. මොකෝ මේ අද අමුතු වෙලා..?"

" කෙලින්ම අහන්නම් මන් හ්‍යුන්.."

" මෝඩයෝ මන් බය වෙනවා.."

" හ්‍යුන් ඔයා මගෙයි අහිගෙයි තියෙන friendship එක ගැන වැරදියට හිතනවද..?"

" මොකක් කිව්වා..!!!! නවතිනවා ඔහොම..!!!" ටේ හ්‍යුන් මාරාවේශ වුනා..

" හ්‍යුන් මන්.."

" තමුන් කොහොමද මන් ගැන ඒ විදිහට හිතුවෙ.. අනිත් එක මොනම දෙයක් වුනත් මන් අපි හය දෙනාව විශ්වාස නොකරපු වෙලාවල් තියනවද..? ආ.. අපි රන්ඩු කලා තමයි.. ඒ වුනත් විශ්වාසෙ කඩාගෙන නෑ. තමුන් හිතනව ද මන් ඒ වගේ ගොනෙක් කියලා.. " ටේ හ්‍යුන් හිටියේ wheel chair එකේ වුනත් එයාට පුලුවන් වුනා කුකීගෙ කන අල්ල ගන්න.

" අනිත් එක මන් හොදටම දන්නවා කෙල්ල මට වඩා ගොඩක් සමීප ඔයාලට කියලා. හැම වෙලේම ජින් ඔප්පා ගා ගත්තු ගමන් එයාගෙ බෙල්ලෙ එල්ලිලා. අනිත් එක රන්ඩු ඇද ගන්නෙ ජිමිනා එක්ක.. කොයි වෙලෙත් කුකී කුකී ගාගත්ත ගමන්මයි.. කුකීගෙන් තොර ලෝකයක් නෑ. ඉතින් දැන් එහෙමයි කියලා මන් ඔයාලගෙන් වෙන් වුනාද..? අවිශ්වාස කලාද..?" ටේ හ්‍යුන් දමාගෙන කුකීගෙ කන මිරිකනවා.

" තමුන් ඔය වගේ ගොන් ප්‍රශ්නයක් ආපහු එහෙම මගෙන් අහන්න තියා ගත්තොත් අන්ඩක් කඩනවා හරිද..? එයා මගේ girlfriend තමයි. ඒ වගේම එයා ඔයාලගෙ යාලුවා.. ඒ නිසා එයාව ඕනිම විදිහකට තියා ගන්න.. හරිද..?"

" දෙවියනේ තේරුනෝ.. මගෙ කන අත අරින්නකෝ.. රිදෙනවා හ්‍යුන්න්න්න්.. ආවු.."

" ඉන්නවා.. තව දෙයක්.. හැබැයි එයාට ඒ අවසරේ මගෙන් ලැබෙන්නෙ ඔය හය දෙනාට විතරයි.. අනුහස් එක්ක හත් දෙනයි.. ඒ ඇරෙන්න වෙන කෙනෙක් එතන හිටියොත් මන් දෙපාරක් ඒ ගැන හිතන්නෙ නෑ.."

ටේ කෑ ගැහුවෙ පිස්සෙක් වගේ. ඇත්තටම ටේ හ්‍යුන්ට තියෙන දරා ගැනීම කෝ.. එයාගෙ ඉවසිම බින්දුවට බැස්සෙ කොහොමද..? බෑ .. එහෙම වෙන්න බෑ..

මොනා වුනත් ජන්කුක් එක දෙයක් තේරුම් ගත්තා. එයාගෙ කන ගැලවෙන්න තරම් රිදුනත් එයාට ඒ දේ තේරුම් ගන්න අමාරු වුනේ නෑ..

( ඔයාලටත් තේරුනාද ඒ දේ..?🙂💔 )

~~~~~~~~~~

" වාව්.. ඒ කියන්නෙ දැන් මගේ අක්කි wolrd most handsome boy ගෙ girlfriend.. මරුනෙ අක්කී.."

එලීසා කෑ ගහගෙන අහින්සගෙ බෙල්ලෙ එල්ලුනා. තව පොඩ්ඩෙන් දෙන්නම balance නැතුව ගිහින් බිම. ඒ ඩබලත් හිටියේ garden එක පැත්තට ඇවිදගෙන යන ගමන්. මොකද සුගා හ්‍යුන් දෙන්නව එලියට පැන්නුවා කනක් ඇහිලා ඉන්න නෑ කියලා.😂

" හා හා.. කෝ ඉතින් මට contras කියන්න.. "

" යාහ් යාහ්.. ඒම කියන්න බෑ.. මන් ඔයාට ඉරිසියයි.."

" අම්මෝ.. මේ කෙල්ල බලන්න එපැයි.. දෙන්න හිතෙනවා මට ඉතින්.."

" හී.. ඔයා සුදුයිනෙ අනේ.."

" බලමුකෝ.. මේ කෙල්ලටත් කාව හරි set වෙයිනෙ.. එතකොට බලමුකෝ අපි ඔය කෝලම් ටික.."

" අනේ ඔන්නි.. යන්න අනේ.."

" යන්න තමා.."

.

.

" ඒක නෙවේ.. අක්කිට ආපහු හැරෙන්න තරම් හේතුවක් තිබුනද..?

" ඔව් ලීසා.. ලොකු හේතුවක්.."

" ඉතින් අක්කා ඔයා ඉස්සරහට මූන දෙන්න ready ද..?"

" මන් හිතනවා ලීසා.."

" ම්ම්.."

" ඔයාට මන් කියන්නද ඒ හේතුව.."

" මන් කවදාවත් අහන්නෙ නෑ අක්කි.. ඒ වුනත් ඔයාට මට කියන්න පුලුවන් නම් මට පුලුවන් ඔයාට අහන් ඉදලා උදවු කරන්න.."

" මට කියන්න පුලුවන් ලීසා.. හැමදේම මන් කියන්නම්.."

එහෙම කියපු අහින්සා එදා ජිමින් ඇවිත් කියපු සේරම දේවල් කිව්වා. ඒත් මේ පාර නම් අහින්සා ඇඩුවෙ නෑ.. ඇත්තටම ලීසට කියන්න දෙයක් තිබුනෙ නෑ. එයා කලේ ඔලුව වනපු එක විතරයි..

" බය වෙන්නෙපා අක්කි.. ඉස්සරහදි මොන දේ වුනත් මන් ඔයත් එක්ක ඉන්නවා.."

එලීසා එහෙම කිව්වෙ ඇත්තටමයි. ඒ වුනත් ඒ වචන වල වටිනාකම කෙල්ල දැනන් හිටියේ නෑ.. ඒ තරම්ම ඒ වචන ටික අහින්සට ගොඩාක් වටින දෙයක් වුනා.

දෙන්නම ටික වෙලා කතා කර කර හිටියා. ඒ වුනත් කතාව නැවතුනේ කෙනෙක් කෑ ගහනවා කියලා. කවුරුත් නෙවෙයි.. ඒ..

.

.

.

.

.

කුකී

ටේ හ්‍යුන් කුකීගෙ කනෙන් අදිනවා..

එලීසා අහින්සා බැලුවේ අහින්සත් එලීසගෙ මූන..

.

.

" යාහ් ටේ ඔප්පා.." අහින්සා එක පිම්මට ඒ දෙන්නා ලගට දුවගෙන ගියා.

" අත අරින්න ඔප්පා මේ කන.. ගැලවෙයි.."

අහින්සා ටේගෙ අත අල්ලගත්තෙ නැත්නම් කුකීගෙ කන වෙන් වෙලා. ඒක දැනටමත් රතු වෙලා තිබ්බෙ..

" කන.. කන නෙවෙයි මුගෙ අල්ලන්න වටින්නෙ.."

" මොකද මේ..? ඇයි දෙන්නා රන්ඩු කරන්නෙ..?"

" රන්ඩු කරන්නෙ.. රන්ඩු කරන්නෙ තමා.. කකුල හොදට තිබ්බා නම් මන් මෙයාගෙ අඩු ටික වෙන් කරනවා.."

( මේ වගේ කතාව serious යද්දි මෝඩ කතා කියන්නෙපා ටේ ඔප්පේ..😂)

ටේ හ්‍යුන් තාමත් කෑ ගහනවා. ඒ විහිලුවට නෙවේ. ඇත්තටම ඒ වෙලාවේ ටේ හිටියේ එයාව පාලනය කර ගන්න බැරි කේන්තියක.. අහින්සට තේරුණා ඇත්තටම එයා හිටියේ ගොඩක් කේන්තියෙන් කියලා. ඒක නිසා කෙල්ල ඉක්මනින් ටේගෙ උරහිසෙන් අනිත් අත තියලා හෙමින් තට්ටු කලා. ටේගෙ කේන්තිය ටිකක් වෙලා යනකල් යනකොට නිවුනු නිසා අහින්සා මොකක්ද වුනේ කියලා ආපහු අහන්න ගියේ නෑ..

" ඉතින්.. කොහොමද..? ඔයා නේද අලුත් lawyer..? එදා ලස්සනට ඔයා case එක file කලා..." ටේ හ්‍යුන් කතා කලේ කවුරුත්ම කතා කලේ නැති නිසා.

" ආ.. ඔව්.. ටේ හ්‍යුන්ශී.. කුමාවෝ.."

" ඒකට කමක් නෑ.."

ඒ දෙන්නා කතා කලත් අහින්සගෙ ඇස් තිබුනෙ කුකී ලග. මොකද එයාට තේරුනා මෙතන වැරදි කුකී කියලා එයා බිම බලන් හිටපු විදිහෙන්. දැන්ම මේක දැන ගන්න ඕනිකම තිබුනත් අහින්සා මොකුත් කිව්වෙ නැත්තෙ ටේ ආපහු ඇවිස්සෙයි කියලා.

" ඔයා අහින්සගේ යාලුවා නේද..? කමක් නෑ.. මටත් normal විදිහට කතා කරන්න.."

" ඕකේ ටේ හ්‍යුන්ශි.."

" ආ.."

" නෑ නෑ.. මන් මේ කිව්වෙ ඔප්පා.."

" හ්ම්.."

එච්චරයි.. ආපහු කවුරුත්ම කතා කරන්නෙ නෑ. හැමෝම නිශ්ශබ්දයි.. ඒත් ටික වෙලාවකින්..

" මේ lawyer.. මන් ඔයාට අර පැත්ත පෙන්නන්නම්.. එනවද මාත් එක්ක.."

එහෙම ඇහුවෙ ජන්කුක්. වෙන මොකුත් නෙවේ. ජන්කුක්ට ඕනි වුනා දෙන්නව තනි කරන්න.. අනිත් එක අහින්සට තමා ටේ හ්‍යුන්ව garden එකේ ඇවිද්දවන්න ඕනි කම තිබුනෙ. ඒ වුනත් කට්ටිය ආපු නිසා කෙල්ලට එන්න බැරි වුනා. ඒ නිසාම කුකී හිතුවා දැන් හරි දෙන්නව තනියෙන් තිබ්බොත් හොදයි කියලා. ඒ වුනත් එලීසා නම් ඒකට කැමති වුනේ නෑ. මොකද එයා ජන්කුක්ට බයයිනේ.

" ආ.. මේ.. මන්.." කෙල්ල ගොත ගැහුවෙ කෙලින්ම දෙන්න උත්තරයක් හිතා ගන්න බැරුව.

" යන්කෝ.. ඒ පැත්ත හරි ලස්සනයි.." එලීසා මොකුත් කියන්න කලින් ජන්කුක් එයාගෙ අතකින් අල්ලගෙන එක්කන් ගියේ

" හ්‍යුන් අපි යනෝ.." කියාගෙන.

~~~~~~~~~~

" ජිමින් හ්‍යුන්.."

" ආ.. අනු.. එන්න.."

" ඇයි හ්‍යුන් මේ කාමරේ ඇතුලට වෙලා.. මොකක් හරි ප්‍රශ්නයක් ද..?"

" නෑ අනු.. ඒම දෙයක් නෑ.."

" හ්‍යුන්ට කාට බොරු කලත් අපිට කරන්න බෑනෙ.."

" අනේ මන්දා අනු.. හිතේ ලොකු බරක් තියෙනවා වගේ.."

" ඒ ගැන හිතන්නෙපා හ්‍යුන්.. අපි හැමෝම ඉන්නවනේ.. මොනාහරි වුනොත් එකට මූන දෙමු.."

" ම්ම්.."

" කෙල්ලෙක්වත් හොයා ගන්නවා හ්‍යුන්.. එතකොට ඔය විකාර අඩුවෙයි.."

" හොයා ගන්න බෑ අනේ.. ගැලපෙන කෙනා එයිනේ.."

" හපොයි.. එහෙම නම් ඉතින් ඔයාට බැද ගන්න වෙන්නෙ ගහක් තමා.."

" ඒ මොකෝ.."

" හොයන් යන්න අනේ.. එතකොට තමා හරි කෙනා ලැබෙන්නෙ.."

" මෙයා දන්න දේවල්.. දැන් ඉතින් අර කෙල්ල ඔයත් එක්ක යාලුයිනේ.. හොදද එයා.."

" යාහ්.. hint ගහන්නෙපා.. අපේ affair එකට අවුරුදු ගානක්.."

" හාකො හාකො ඉතින්.."

" එන්න එන්න එලියට.. මේක ඇතුලට වෙලා ඉන්නෙ නැතුව.."

( මොනා වුනත් ජිමිනි මූඩ් ගහලා ඉන්නකොට මගේ සූටි හිත විතරද සිදුනෙ..🙂)

~~~~~~~~~~

" ඔප්පා.."

" ම්ම්.."

" මොකද ඔහොම කේන්ති ගන්නෙ ඔයා.. ඉක්මනට වයසට ගියොත් එහෙම ඔයා කැත වෙයිනේ.."

" කමක් නෑ.. මට හම්බෙලා ඉන්නෙ පෙනුමට ආදරේ කරන කෙනෙක් නෙවේනෙ. ඒ නිසා මොකද ඉතින් .."

" ආ.. එහෙමයි කියලා හරි යනවද..? Army ලා කොච්චර දුක් වෙයිද අනේ මේ කැත මූන තව කැත වුනාම.."

" කැත.. කොහෙන්ද දන්නෑ කැත.."

" හැමතැනම කැතයිනේ.."

" මොකක්..?"

" ඇයි ඔප්පා හිනාවෙන්නේ..?"

" ඒ කියන්නෙ ඔයා මගේ හැම තැනම දැකලා තියේ නේ.. කැතයි කියන්න.."

" යාආආහ්හ්හ්.. ඔප්ප්පාආආ.."

" යකෝ කෑ ගහන්නෙපා මැට්ටියේ.. මගේ කන් දෙක බීරි වෙයි.."

" ඔයාගෙ නෙවේ.. මගේ වෙනවා නම් කොච්චර හොදද.. මේ වගේ කතා අහන්නෙ කෝමද මන්..?"

" හේ හේ.. මෙයාගෙ ලැජ්ජාව.. තාම පටන් ගත්තා විතරයි මේ.."

" කට වහන්න අනේ.. නැත්නම් තල්ලු කරනවා අර කානුවට.."

" තල්ලු කරයි කියලා තමා බය.."

" බය.. ඉන්නවකෝ පෙන්නන්න.."

එහෙම කියපු අහින්සා හැටට හැටේ wheel chair එක තල්ලු කරන් garden එක වටේ දුවන්න ගත්තෙ හයියෙන් හිනාවෙවී.. මේ වැඩේට නම් කොල්ලටත් හිනා. විනාඩි ගානක් එක දිගට දිව්ව අහින්සා නැවතුනෙ අන්තිමට හති දාගෙන. එහෙමම කෙල්ල බිම වාඩිවුනා.

" අනේ ඉතින්.. පිස්සු කෙල්ලනෙ මගේ.."

ටේ හ්‍යුන් කිව්වෙ බිම වාඩිවෙලා හිටපු කෙල්ලගෙ ඔලුව එයාගෙ කකුල් දෙකට හේත්තු කර ගන්න ගමන්. අහින්සා ඇස් බෝල කරලා හිනාවුනේ ටේගෙ ඇස් දිහා බලාගෙනමයි.

" කුමාවෝ අහින්සා.."

" කුමාවෝ ඇයි..?"

" මන් ලගට ආවට.."

" ඇයි ඔප්පා මේ.."

" ඔයා ගිහින් හිටපු දවසෙ මන් කොච්චර බය වුනාද කියලා දන්නවද ඔයා..? ඒ කොහොම වුනත් මන් ඔයාව අත් අරින්න හිත හදා ගත්තා.."

" මියන්හේ ඔප්පා.."

" කමක් නෑ.. දැන් මන් ලගනෙ ඔයා.."

" ම්ම්.."

" හිතා ගන්න බෑ මට.. ඔයා මාව දාලා ගියොත් මොනා වෙයිද කියලා.. ඔයා මාව පිස්සෙක් කරලා.."

" යාහ්.. මන් doctor කෙනෙක්.. මන් හින්දා මිනිස්සු පිස්සො වෙන්නෙ නෑ හරිද..?"

" ඔව් ඔව්.. මන් විතරයි ඒම වෙන්නෙ.."

" ඇත්තටම මට හිතෙනෝ මේ කොල්ලව ගිහින් doctor කෙනෙකුට පෙන්නන්න.."

" වැඩක් වෙන්නෙ නෑ.. එයත් කියන්නෙ එක දෙයයි.."

" මොකක්ද..?"

" ටේ හ්‍යුන්ව පිස්සෙක් කරලා තියෙන්නෙ එයා ආදරේ කරන කෙනා. ඒ නිසා මේ පිස්සුව හොද වෙන්නෙ හැමදාම ඒ කෙනා මෙයා ලගින් හිටියොත් විතරයි කියලා.."

" යාහ් ඔප්පා..!!"

" ම්ම්.."

" ඔයා ඔහොම හිතන්න හොද නෑ ඔප්පා.. ජීවිතේ ගැන විශ්වාස කරන්න හරි අමාරුයි.. හදිස්සියේ මට මොනා හරි වුනොත්.."

" ඒ කිව්වෙ.."

" මට කරදරයක් වුනොත්.. මන් මැරුනොත් ඒම.."

අහින්සා ඒක කිව්වෙ නිකන් නෙවේ. ගොඩක් කල්පනා කරලා. අහින්සාට ඕනි වුනා මුලාවට වඩා මුල ඉදන්ම ටේ හ්‍යුන්ට ඇත්ත තේරුම් කරලා තියන්න. ඒ වුනත් ටේ හ්‍යුන් තේරුම් ගත්තෙ නෑ. සමහර විට එයාට තාම තේරුමක් නැතිව ඇති.

" මොකක්ද කිව්වෙ තමුන්..?" නිවිලා තිබුන ටේගෙ කේන්තිය ආපහු ඇවිලුනා.

" ඔප්පා.."

" අයින් වෙනවා.."

" අනේ ඔප්පා.. මන්.." අහින්සා බය වුන පාරට නැගිට්ටා.

" අත අරිනවා මාව.. තමුන්ට හැමවෙලේම ඕනි මාව බය කරලා සතුටු වෙන්න. තමුන් මහ.."

කේන්තියෙන් එහෙම කියන ගමන් ටේ හ්‍යුන් පුලුවන් කකුලට බර දීලා නැගිට්ටා.

" ඔප්පා හරි හරි.. මියන්හේ.. මන් ආපහු කියන්නෙ නෑ.. අනේ චේබල් දැන් වාඩි වෙන්නකෝ.. ඔයා වැටෙයි ඔප්පා.. අනේ ප්ලීස් කියන දේ අහන්නකෝ.." අහින්සා හොදටම බය වෙලා හිටියේ. මොකද කෙල්ල හොදටම දන්නවා එයාට කකුල අමාරුයි කියලා.

" යනවද මෙතනින් ප්ලිස්.."

" අනේ ඔප්පා.." කෙල්ල කෑ ගැහුවෙ ටේ හ්‍යුන්ගෙ අත් වලින් අල්ලගෙන.

" යනවා යන්න මෙතනින් .."

" හරි.. මන් ඕනිම දෙයක් කරන්නම්.. ප්ලිස්.. වාඩි වෙන්න මුලින්ම.."

" තමුසෙට මන් කිව්වෙ යන්න කියලා නේද මෙතනින්.."

ඒ පාර නම් ටේ හ්‍යුන් කෑ ගැහුවෙ කෙල්ලව තල්ලු කරලා. ඒ තල්ලු කරපු පාරට කෙල්ල එහෙමම බිමට වැටුනා. තනියම නෙවෙයි. ඒත් එක්කම ටේ හ්‍යුන් කෙල්ලගෙ ඇග උඩට වැටුනෙ ටේ තල්ලු කරද්දි අහින්සා ඒ අත් වලින් අල්ලන් හිටපු නිසා. වැටුනු පාරට ටේගෙ කකුලට මොකුත් වුනේ නැතත් අහින්සා යටවුනේ කොල්ලගෙ ඇගට නිසා කෙල්ලගෙ තුවාල වුන අතත් ඒත් එක්කම බිමට තද වුනා. තුවාලෙ පෑරෙනවත් එක්කම කෙල්ලට දැනුනා ආපහු උඩ bandage එක තෙත් වෙනවා.

කෙල්ලගෙ ඇස් වල ඒ වෙනකොටත් කදුලු පිරිලා තිබ්බේ. ඒ තුවාලෙ වේදනාව නිසාම නෙවේ. ටේ කෑ ගහපු නිසා.

අහින්සට ඕනි වුනේ එතනින් නැගිටලා යන්න වුනත් ඒක කරන්න බැරිවුනා. මොකද එයා හිටියේ ටේ හ්‍යුන්ගෙ ඇගට යට වෙලා. තල්ලු කරලා දාලා යන්න පුලුවන්කම තිබ්බත් එයා එහෙම කලේ නැත්තෙ හදිස්සියේවත් එයාගෙ තුවාලෙ පෑරෙයි කියලා බයට. ඒ වුනත් මෙහෙම ඉද්දි එයාගෙ තුවාලෙ පෑරෙනවා කියලා එයාට ගානක්වත් නෑ.

විනාඩි ගානක් යද්දි ටේ හ්‍යුන්ට තේරුනා අහින්සට එහෙම ඉන්න අමාරුයි කියලා. ඉක්මනින් අත් දෙකට බර දීලා ටේ ඉස්සුනේ ඒක නිසා. ඒ වුනත් එයාට නැගිට ගන්න බැරිවුනා. ඒක නිසා පැත්තට වුනා. ඒ ගමන්ම අහින්සා ඉක්මනට නැගිට්ටෙ එතනින් යන්න. ඒත් එක්කම ටේ හ්‍යුන් කෙල්ලව ඇදලා ගත්තේ එයාගෙ පපුව උඩට වැටෙන විදිහට. ඇත්ත කතාව ඒ වෙලාවෙ කෙල්ල unbalance වුනා. නැත්නම් කීයටවත් කෙල්ල වැටෙන්නෙ නෑ ඒ විදිහට ටේගෙ ඇග උඩට.

දැන් දෙන්නම ඉන්නෙ ඒ කොලපාට තනකොල පිරුන බිම. කෙල්ලගේ මූන තිබ්බෙ කොල්ලගෙ පපුව උඩ. එතන තිබ්බ pond එකේ වතුර සද්දෙ හරි ලස්සනට ඇහෙනවා. දෙන්නම හිටියේ මොකුත්ම කතා කරන්නෙ නැතුව. විනාඩි ගානක්..

" අහින්සා.. කියන්න ඒ කලේ විහිලුවක් කියලා.."

ටේ කිව්වෙ ගොඩක් සන්සුන් වෙලා. ඒ අහින්සා නිසාමයි. අහින්සගෙ එක ස්පර්ශයෙන් එයාට පුලුවන් එයාගෙ කේන්තිය නිවන්න. ඒ වගේම තමයි.. අහින්සා නිසා කේන්ති ගියොත් ඒක නවත්තන්න අහින්සටවත් බෑ. ඒ වුනත් වෙන අය නිසා ඇතිවෙන කේන්තියක් නිවන්න පුලුවන් අහින්සාට නම් එයා නිසා ඇතිවෙන කේන්තියත් නැති කරන්න අහින්සට ක්‍රමයක් තියෙන්න ඕනි.

" විහිලුවක් කලේ ඔප්පා.."

" ආයෙත් ඒම කරන්නෙ නෑ නේද..??"

" නෑ.. කවමදාවත් නෑ.."

" ම්ම්.."

" සමාවෙන්න ඔප්පා මට.."

" ම්ම්.. සමාව දෙන්නම් ඔයාට.. ඔහොම ඉන්න ටික වෙලාවක්.."

" ඔප්පා.. කවුරු හරි .."

" මෙතනට කවුරුත් එන්නෙ නෑ.. බය වෙන්නෙපා.."

" ම්ම්.."

.

.

ඇත්තටම ටේ හ්‍යුන්ගෙ කේන්තිය පටන් අරන් තිබ්බා. එයා හිටියේ අයිති කර ගැනීම කියන ආත්මාර්තයත් එක්ක. ඒක අමුතු දෙයක් නෙවේ. ගොඩක් කාලයක් හැගීම් හිර කර ගෙන ඉදලා එකපාරටම මේ විදිහට හැගීම් පිට කරන්න පුලුවන් වෙනකොට එයාව තමන්ගෙ විතරයි කියන ආත්මාර්තය ඒ කෙනාගෙන් පිට වෙන්න ගන්නවා. එතකොට වෙන්නෙ අදාල කෙනා පොඩි දෙයක් කිව්වත් ඒ දේ ගොඩක් ලොකුවට හිතන්න ගන්නවා. ඒ වගේම එයා තමන්ගෙම විතරයි කියන මතය නිසා ගොඩක් වෙලාවට සැක කරන්න පෙලබෙනවා.

.

.

අහින්සාගෙ හුස්ම හඩ ටේ හ්‍යුන්ගෙ පපුවට දැනෙනවා. ඒ වගේම ටේගෙ පපුව ගැහෙන තාලෙ අහින්සට හොදට ඇහෙනවා..

" ඔයාට සීතල වදියි ඔප්පා.. එන්න.. අපි යමු ඇතුලට.."

විනාඩි ගානක් ඉදලා එහෙම අහින්සා කතා කලේ ඔලුව උස්සලා..

ටේ හ්‍යුන් ඒ වෙනකොටත් හිටියෙ අහින්සා දිහා බලාගෙන. අහින්සා ඔලුව උස්සපු ගමන් ටේ හ්‍යුන් ඒ තොල් වලට බර වුනේ එයාට හිතන්න තත්පරයක්වත් ඉඩ තියන්නෙ නැතුව. වුන දෙයින් අහින්සා එකපාරටම ගැස්සිලා ගියත් ටික වෙලාවක් යද්දි එයත් ටේ හ්‍යුන්ට අවනත වුනා.

ඒක රලු සිප ගැනීමක් නෙවේ. අහින්සට දැනුනෙ ලොකු ආදරයක් වගේම රැකවරනයක්. ඒ වුනත් ටික වෙලාවක් යනකොට ඒ සිප ගැනීම එන්න එන්නම රලු වුනා. තොල් වලින් පටන් ගත්තු ඒ සිප ගැනීම කෙල්ලගෙ මුලු මූනෙම විසිරිලා ගියේ ලොකු වෙලාවක් යන්න කලින්. ටේ හ්‍යුන් එතනින් නැවතුනේ නෑ.. බෙල්ල.. වගේම උරහිසත් එයාගෙම වුනා. හරියටම කලින් දවසක වගේ. නෑ.. අහින්සා හිටියේ පන නැතුව නෙවේ. ඒත් එයා ගොඩක් බය වෙලා හිටියේ.. සිප ගැනීම ටිකක් රලු වෙද්දි අහින්සට දැනුනා එයාගෙ t-shirt එකේ වම් කර අතෙන් පහලට වැටෙනවා. ඒත් එක්ක ඒ උරහිසත් ටේගෙ වෙන්න ලොකු වෙලාවක් ගියෙ නෑ.

අහින්සාට ටේ හ්‍යුන්ව නවත්තන්න ඕනි වුනත් එයාට එහෙම කරන්න පුලුවන් කමක් තිබ්බත් එයා ඒක කලේ නෑ. මොකද කෙල්ලට බය හිතුනා ටේ හ්‍යුන් ආපහු කේන්ති ගනියි කියලා. ඒ නිසාම ඕනි දෙයක් වෙන්න කියලා අහින්සා බලන් හිටියා. ඒ වුනත් ටේ හ්‍යුන් අද සීමාව පැන්නෙ නෑ.. විනාඩි දහයක් විතර ඒ විදිහටම හිටපු ටේ ඉක්මනින් කෙල්ලගෙ ඇදුම ආපහු හරියට හදලා අහින්සව පපුවට තුරුලු කර ගත්තෙ ලොකු හැගීමක් හිතේ තියන්.

අහින්සා ටේ හ්‍යුන් දිහා නොබලම ඒ පපුවට තුරුලු වුනේ ජීවිතේ තියන තාක්කල් ඒ උනුසුමෙන් ඈත් වෙන්නෙ නෑ කියලා එයාටම පොරොන්දු වෙන ගමන්.

( I love this so much 🥺❤️ )

~~~~~~~~~~

" වාව්.. මෙතන මාර ලස්සනයිනේ.."

එලීසා පොඩි එකෙක් වගේ. එයා ආවෙ ජන්කුක් එක්ක කියලා කෙල්ලට මතකවත් නෑ. ඒ දෙන්නා හිටියේ garden එකේ අනිත් කෙලවරේ. ඒ පැත්ත තමයි මුලු garden එකෙන්ම ලස්සනට මල් පිපෙන පැත්ත.

" අනේ.. මේ මල් වල ලස්සන.. ඒවා ගොඩක් සුවදයි.." එලීසා පිස්සෙක් වගේ කියවනවා.

ජන්කුක් හිටියේ හපොයි මන් කර ගත්තු මෝඩ කමක් කියලා හිතන ගමන්. මොකද එයා හිතුවෙ එලීසා එයාට බය නිසා ඇවිත් කට වහන් ඉදියි කියලා. වුනේ ඒක නෙවේ. Garden එක දැකපු කෙල්ල පිස්සෙක් වගේ නටන්න ගත්තු එක.😂

" වාව්.. ඔයාලා නම් so lucky.. මෙතන මාර beautiful නේ.." එයාටත් භාශාවත් පැටලෙනවා.

( සැ.යු. : ඔය සින්හලෙන් කියන කෑලි කොරියන් කියල හිතා ගන්න. Eng නම් ඒවම තමා..🥲 )

" ඔයාල හැමදාම මෙතනට එනවද..?"

" ශා.. This is so much beautiful.. මේක නිකන් paradise එකක් වගෙ.. ශා.."

( කුකිගෙ මූන ගැන හිතා ගන්න..😂)

" Oh.. God.. මේක බලන්නකෝ.."

ඒ ගමන එලීසා කුකිගෙ අතින් ඇදගෙන හැමතැනම දුවනවා. කුකි දන්නවනේ බැන්නොත් එහෙම මේ කෙල්ල අනිවාරෙන් ටැප් එක අරිනව කියලා. ඒ නිසා බනින්නත් බෑ..

කෙල්ල එහෙ මෙහෙ දිව්වත් එකම පැලේකට තියා මලකටවත් අතවත් තිබ්බෙ නෑ. සුවද ඇහුවා විතරයි. මොකද එයාට ඒකට නම් බය හිතුනා ජන්කුක් බනියි කියලා.. ඒ වුනත් එතන තිබ්බෙ ලස්සන කපුරු මලක්.. ඒක වෙන මල් වගේ නෙවේ. මාරම ලස්සනයි.. සුදු පාට විතරක් නෙවේ. වෙන ලස්සන පාට ගොඩක් තිබුනා ඒකේ.. ඉතින් කෙලින්ම කිව්වොත් කෙල්ලට ඒ මල නම් ඕනි වුනා.


( ඕක උඩක පිපුනෙ කියලා හිතා ගන්න..🥲 )

" ජන්කුක්ශී.."

" මොකද.."

" මට.."

" කියන දෙයක් කියන්න කලින් මගෙ අත අත් ඇරලා ඉන්නවද..? කුකී කෑ ගැහුවා. ඒ සද්දෙට ගැස්සුන පාරට කෙල්ල අත ගත්තා නෙවේ ඉබේටම ගැනුනා.

" මොකක්ද ඕනි.. ඕකද..? ඕනි නම් කඩා ගන්න.."

විනාඩි ගානක් තිස්සෙ එකම මලක් දිහා බලන් හිටපු කෙල්ලට ඕනි මොකක්ද කියලා කුකීට තේරුම් ගියා. ඒ නිසා තමා කෙලින්ම එයා ගන්න කියලා කිව්වෙ..

" වාව්.. ඇත්තටම ද ජන්කුක්ශී..?" කෙල්ලගෙ ඇස් සතුටට දිලිසෙනවා.

" හ්ම්.."

" අනේ.. කුමාවෝ ජන්කුක්ශී.. " කෙල්ල කෑ ගගල කියලා එතනට ගියේ එකපාරින් මල ගන්න..

කොහෙද ඉතින්.. තව දෙගුනයක් විතර උස ගියා නම් යන්තම් මල කඩා ගන්න තිබ්බා එලීසට. කෙලින්ම කිව්වොත් එයා එච්චරටම කොටයි. දැන් එලීසගෙ මූන හරියට නරක් වුන රාමේන් එකක් වගේ.. කටත් එක්ක අනිත් ඇත්ත හැරිලා.

ජන්කුක්ට නම් හිනා. මොකද එයා දන්නවා පැනගෙන ගියාට කීයටවත් කෙල්ලට මල තියා ඒ ගහේ කොලයක්වත් ගන්න හම්බෙන්නෙ නෑ කියලා. මොකද කෙල්ලට තියා කුකීටවත් බෑ ඒක ගන්න. එයා ඉතින් අතින් කට වහගෙන හිනාවෙනවා. අනිත් එක lawyer කෙනෙක් මේ වගේ මෝඩ විදිහට හැසිරෙයි කියලා ජන්කුක් කවමදාවත් හිතුවෙ නෑ.

විනාඩි ගානක් ඒ ලස්සන කපුරු මල දිහා දිහා බලන් හිටපු කෙල්ල ආපහු හැරුනේ බලාපොරොත්තු සුන් කරගෙන.

" ජන්කුක්ශී.. ඒක ඕනි නෑ.. අපි යමු.." එහෙම කියපු එලීසා පොල් ලෙල්ලක් වගේ මූන හදාගෙන කුකීගෙ shirt එකේ අතින් ඇද්දා.

හැබැයි ඒ වෙලාවෙ ජන්කුක් කලේ යන එක නෙවෙයි. කෙල්ලගෙ අතින් ඇදගෙන කපුරු මල ලගට ඇවිත් කෙල්ලගෙ ඉන වටෙන් අත් දෙක දාලා කෙල්ලව ඉස්සුවා..

" කඩා ගන්න ඕක.."

එයා එහෙම කිව්වා. කෙල්ලට පුදුමයි. ඒ වුනාට කෙල්ල හිටියේ කුකීට පිටුපාලා නිසා එයාගෙ මූන පේන්නෙ නෑ. එයා බයෙන් වෙව්ලන්න ගත්තත් හිමීට අත් ඉස්සුවේ කියපු දේ කරනවා කියලා හිතාගෙන..

ඉතින් ඔයාලා හිතන්නෙ කුකිගෙ මූනෙ ඒ වෙලාවෙ තියෙන්න ඇත්තෙ මොන වගේ පෙනුමක් කියල ද..?

.

.

.

.

.

.

.

.

.

.

කට කොනක ඇදුනු ලස්සන හිනාවක්..🥰

________________________________

ඔයාලා ගැන මට නම් ආඩම්බරයි ළමයි.. මට ගොඩක් කරදර කරලා නෑ ඔයාලා.. යාහූ.. සරන්හේ හොදේ..

මේ කිව්වෙ බොරුවක්.. request ටික කියෙව්වම හුස්මත් හිරවුනා..

@Malto

1. අශිව මිලිටරි යවන්න.
2. ජීහිට හොද පාඩමක් උගන්නන්න.
3. ටේ අශිගේ කැපවීම ගැන දැන ගන්නෝනි.
4. කුකීටයි ජිමින්ටයි girls ලා දෙන්නෙක් set කරන්න.

@VishmiHimasha

1. කුකීව එයාට set කරන්න.

@aaro21

1. කුකීට එලීසවයි ජිමින්ට girl කෙනෙකුයි set කරන්න.

@Malkilmesha

1. ජිමින්ට girl කෙනෙක් set කරන්න.

මේවයින් Winter Bear කතාව ගැන කරලා තියෙන request මන් ඉශ්ට කරයිද නැද්ද කියලා ඔයාලාට ඉක්මනින් කතාවෙ ඉස්සරහදි දැන ගන්න පුලුවන් වෙයි.

විශේශම දේ..

යකෝ.. මේ අසරන ඕතර්ගෙයි ජිමින්ගෙයි ආදර කතාවට තිත තියන්න තරම් කුරිරු හිත්නෙ බොලාලට තියන්නෙ. ඒකට නම් දුක හිතුනා ඈ.. 😒😒

@kehansa

1. Winter Bear ට compare කරන්නෙ සතුටද දුකද..?

හොදම ප්‍රශ්නයක්..

Winter Bear ට compare කරන්නෙ දුක ද සතුටද...? අනිවාරෙන් මන් උත්තර දෙන්නම් ඉක්මනින්..

2. තව කතා ඕනි.. ඉටු නොවෙන හීන

@Kookie_girl15 @Indulndu2009 @kim_nimanne

1. කතාවෙ චරිත ගේන්න..

මේක මන් කරන්න හිතුවෙ කතාව ඉවර වෙලා. අන්තිම හරියට එනකොට. ඒත් ඔයාලගෙ කැමැත්ත.. ඕනි නම් මන් ඉක්මනින් එයාලව ගෙනත් දෙන්නම්. ඒත් මන් හිතනවා ඉස්සරහට ඔයාලට දැනට වඩා ප්‍රශ්න එකතු වෙයි කියලා. කියන්නකෝ.. දැන්ද ඕනි.. පස්සෙද..?

@JeonOshi8

1. ආදරේට gender එක වැදගත් ද..?

ආදරේට gender එක වැදගත් ද කියලා අහලා තිබ්බා. එකපාරටම එහෙම ඇහුවෙ ඇයි කියලා දන්නෙ නෑ. ඒ වුනත් මන් උත්තරයක් දෙන්නම්.

කෙලින්ම කිව්වොත් නෑ.

Dilki Akka

1. Love, ship නොවන BTS bromance warewolf story එකක්.

@Sanigirl_20

1. BTS OT7 g x b fantasy story එකක්..

මේක ලියන වෙලේ තමා අදහස වෙනස් වුනේ.. ආපහු ලියන්න බෑ ළමයි.. එනම් තව කතා යනු සෙලවෙන මනස පමනි..

________________________________

The cover by @Kookie_girl15
Tnqqqqqqqq patiyoo.. ❤️❤️

[ Re-edit || The author note is edited ]

A_Shee ~

Continue Reading

You'll Also Like

258K 45.7K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
16.1K 4K 15
යම් පුද්ගලයෙක් තමා තුල ඇති ශක්තිය හදුනා ගන්නා තාක් ඔහු විශ්ව ශකිතියට යටත් වූවෙකි.
795 156 7
මෙ පොත ,තමන්ව හොදම විදිහට ප්‍රතිනිර්මානය කරන්න උත්සහ කරන ඔයාට මගෙන් පුන්චි තෑග්ගක්. පොතෙ අන්තර්ගතය -Effective study time -Time management ways -Ment...
111K 4.9K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...