'එපා!' මගේ යටි උගුරෙන් මම කෑ ගැහුවා.
එයා මම දිහාට එන හැටි මට පෙනුණා. අද දෙවනි දවස. ඇයි එයා මේ විදිහට හැසිරෙන්නේ.
ඒකත් ඉවර වුණහම මට මේක කාටහරි කියලා විසඳුමක් ගන්න ඕන වුණා. ඒ වේදනාව දරන්න තරම් මට ශක්තියක් නැති බව මට තේරුණා. මම මුලින්ම කල්පනා කළේ මේක කාට කියන්නද කියලා.
හුඟක් යාළුවෝ හිටියේ නැති මට ඔන්ලයින් අඳුර ගත්තු යාළුවෙක් හිටියා.
_________________________________________
හලෝ
ඔයාට කොහොමද?
ලොකු කරදරයක්.
ඒ මොකක්ද?
මාව බේරගන්න ප්ලීස්.
ඇයි මොකක්ද වුණේ?
අනේ මගේ කුඩම්මා මට කරදර කරනවා.... මාව මෙතනින් බේරගන්න අනේ....
එයා ඔයාට අර විදිහට අල්ලලා කරදර කරනවද?
ඔ...ඔව්...
මනුස්සයෝ.... ඕක විඳින්න! ඒ වගේ දෙයක් ආයෙත් හම්බවෙන්නේ නැහැ. ඒක විඳින්න!
__________________________________________
මම ෆෝන් එක පැත්තකට විසි කරලා අඬන්න ගත්තා. ඇයි මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි.
ඇයි එයාලා මේ විදිහට හැසිරෙන්නේ?
ආයෙත් සැරයක් මගේ මූණ කඳුළු වලින් පිරුණා. මම අමාරුවෙන් නැගිටලා ඇඳුමක් ඇඳගෙන මිදුලට යන්න හැදුවේ සේරම අමතක කරලා හුස්මක් ගන්නයි.
ගේ මැද්දෙන් දොර දිහාට යද්දි මගේ පාර අවහිර කරමින් මගේ ඉස්සරහට ආවේ කුඩම්මා. එයාගේ ඇස් දිහා බලන්නවත් මට හයියක් තිබ්බේ නැහැ. එයාව දකිද්දිත් ඒ වේදනාව මගේ ඇඟෙන් මතුවුණා.
එයාව නොසළකා හැරලා යන්න හදද්දීම කුඩම්මා මගේ අතින් ඇදලා මාව බිත්තියට තද කළා. 'තමුන් කොහෙද යන්නේ?'
'මම එළියට යනවා!' මම මැතිරුවා.
එයා මගේ නිකටින් අල්ලලා තදට මිරිකුවා. 'තමුසේ මේක ගැන කාටහරි කියලා තිබුණොත්... මතක තියා ගනින් උඹට වෙන දේ...'
මගේ ඇස්වලට කඳුළු ආයෙත් සැරයක් ආවේ මටත් නොදැනීමයි. ඉස්සර යාළුවෙක් වගේ හිටිය එයා ඇයි මෙහෙම හැසිරෙන්නේ?
මම එළියට දුවන් ගිහින් වැටට හේත්තු වෙලා වාඩිවුණා.
වුණ සේරම දේවල් මට එකිනෙක මතක් වෙන්න ගත්තා. ඇයි මේ දේවල් මෙහෙම නරකට සිද්ධ වෙන්නේ?
අනික් ළමයි හිනා වෙවී සෙල්ලම් කරන විදිහ වැට අස්සෙන් දැකපු ගමන් මට ඇතිවුණේ ලොකු තරහක්. එයාලා සතුටින් ඉන්නවා නම් ඇයි මට එහෙම බැරි!
ඇයි අපි සේරමලා එක වයසේ නම් මට ඒ සතුට විඳින්න බැරි?
ඇයි මගේ ජීවිතේ දුකින් විතරක් පිරිලා තියෙන්නේ?
ඇයි?
________________________
අකුරු වැරදි තියෙනවා නම් සමාවෙන්න. මට උණ හැදිලා වමනෙත් ගිහින් දැන් පණත් නැහැ. අත් දෙකත් වෙව්ලනවා. ඇඳට වෙලා පන්ති යන ගමන් ලිව්වේ.