WINTER BEAR | KTH FF | ✔️

Von A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... Mehr

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_30th Winter_

945 183 241
Von A_Shee1

_Winter Bear_ ( Fan Fiction Only )
තිස්වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

ටේ හ්‍යුන්.. කෝ එයා..

එතැන් සිට...

_______________________________

කේන්තියේ උපරිමයටම ඇවිල්ලා හිටපු ටේ හ්‍යුන් හිටියේ ඉවසීමේ අවසානෙ මොහොතේ.. අහින්සා meeting room එකෙන් එලියට යනවත් එක්කම හැමෝම බැලුවෙ ටේ හ්‍යුන් දිහා. කේන්තියට එයාගෙ ඇස් රතු පාට වෙලා. එයා ඕනි නම් පරක්කු වෙන්න ඇත්තෙ තත්පර ගානයි. අහින්සා එලියට යනවත් එක්කම ටේ හ්‍යුනුත් ඒ පස්සෙන් එලියට ගියා.

" ටේ.."

කුකි හැදුවෙ ටේව නවත්තන්න වුනත් ජිමින් ඒකට ඉඩ දුන්නෙ නෑ. මොකද එයාට ඕනි වුනා මේ ප්‍රශ්නෙ දැන්මම ඒ දෙන්නා අතින් විසද ගන්නවා දකින්න.

" ඉන්න කුකි.. එයාලා ඒක විසදගනියි.." ජිමින් කියද්දි කුකි මොකුත් නොකිය එකග වුනා.

~~~~~~~~~~

ටේ හ්‍යුන් අහින්සා පස්සෙන්ම ගියා. දෙන්නා හම්බුනේ පඩිපෙල ලගදි. කෙල්ල පඩිපෙල බහින්න පටන් ගන්නවත් එක්කම පස්සහින් ආපු ටේ හ්‍යුන් කෙල්ලගෙ දකුනු අතින් ඇදගෙන ගියේ එතන තිබුන record room එකට. ඒකෙ දොර වහපු ටේ කෙල්ලව දොරට තියලා උරිස් වලින් අල්ල ගත්තෙ කෙල්ලට හෙල්ලෙන්නවත් බැරි විදිහට. ඒ අල්ලපු විදිහට කෙල්ලට දැනුනෙ එයාව අඩුවකට අහුවුනා වගේ. කොහොම වුනත් අහින්සා මොකුත්ම කියන්න ගියෙ නෑ. මොකද එයාට තේරුනා ටේ හිටියේ කේන්තියේ උපරිමේ කියලා.

" තමුන් ඇයි මට බොරු කිව්වෙ..!!? ඇයි තමුන් මට බොරු කිව්වෙ..!!?"

ටේ හ්‍යුන් ඇහුවෙ අහින්සගෙ මූනටම ලන් වෙලා. අහින්සගේ ඇස් වලට කදුලු පිරුනා.

" කතා කරනවා. කතා කරනවා..? ඇයි මෙහෙම කලේ.."

අහින්සා උත්තර දුන්නෙම නෑ. එයා කියලා මොනව කියන්නද..?? එයාගෙම හොදට කලා කියන්නයැ.

" ඇයි කතා කරන්නෙ නැත්තෙ..? තමුන්ට තිබුනා වෙන කෙනෙක් ඉන්නවා නම් මට ඇත්තම කියන්න.. ඒත් ඇයි තමුන් මෙහෙම බොරුවක් කලේ..??"

අහින්සා හිටියෙ බිම බලාගෙනමයි.

" තමුන් ඇයි කතා කරන්නෙ නැත්තෙ..?? මගේ මොකක්ද තියෙන අඩුව..?? තමුන් මාව ප්‍රතික්ෂේප කරන්න තරම් මගේ මොකක්ද අඩුව..??"

" හම්බ කරන එකද..?? ප්‍රසිද්දිය ද මගෙ වැරැද්ද ..??"

" නැත්නම් මන් වගේ කෙනෙක් ඔයාට ගැලපෙන්නෙ නෑ.. එහෙමද..??

ටේ පිස්සෙක් වගේ කියවනවා..

" කතා කරනවා.. ඔව්.. ඔයා හරි.. කිසිම කෙනෙකුට මාව වටින්නෙ නෑ.. "

එහෙම කියපු ටේ හ්‍යුන් අහින්සව අතැරලා බිම වාඩි වෙලා ඉකි ගගහ අඩන්න ගත්තෙ හරියටම ඊයෙ රෑ වගේ. එයා ආපහු පිස්සෙක් වගේ අඩන්න ගත්තා.

කදුල..

ඒක ගොඩක් වේදනාවක්..

අහින්සට දැනුනෙ ලොකු අසරනකමක්. ආපහු හැරුනොත් මේ හැමදේටම මුහුන දෙන්න වෙනවා කියලා කෙල්ල දැනගෙන හිටියත් ඒවට මුහුන දෙනකොට ඒක ගොඩක් වේදනාවක්, අපහසුවක් වුනා. අහින්සා හෙමින් ඇවිත් ටේ හ්‍යුන්ට එහා පැත්තෙන් බිම වාඩිවුනා. ටික වෙලාවක් එහෙමම හිටියා.

" අඩන්නෙපා ටේ ඔප්පා.."

අහින්සා එහෙම කිව්වෙ වෙවුලන කට හඩින්. ඒ වුනත් ටේ කලේ අඩන එක නවත්තනවා වෙනුවට තවත් හයියෙන් ඉකි ගහපු එක.

" අනේ ඔප්පා.. මට සමාවෙන්න.." 

අහින්සා කිව්වෙ හෙමීට ටේගෙ අතකින් අල්ලන ගමන්. ඒ පාර නම් ටේ හ්‍යුන් ඇස් උස්සලා බැලුවා. එතකොට තමා ටේ දැක්කෙ අහින්සත් අඩනවා කියලා. අහින්සගෙ කදුලු වලට නම් ටේ හ්‍යුන්ට සේරම අමතක වුනා.

" ඇයි ඔයා අඩන්නෙ අහින්සා..??"

ටේ හ්‍යුන් ඇහුවෙ ඒ ඇස් දිහාම බලාගෙන. ඒත් අහින්සා ඒකට උත්තර දෙන්නෙ නැතුව ඉක්මනින් කදුලු පිහ දා ගත්තා.

" කියන්න ඔයා අඩන්නෙ ඇයි..?" ටේ හ්‍යුන් ආපහු ඇහුවා.

" නැහැ.. මොකුත් නෑ ඔප්පා.. මට සමාවෙන්න.."

එහෙම කියපු කෙල්ල එතනින් ඉක්මනට නැගිටලා යන්න ගියත් ටේ හ්‍යුන් කෙල්ලගෙ අතින් ඇදපු පාරට කෙල්ල නැවතුනේ ටේගෙ උකුලෙ,.. ටේගෙ මූනට අගල් ගානක් ඈතට වෙන්න.

" ඔප්පා..!" අහින්සා බය වෙලා ගැහෙනවා හොදටම.

" කියන්න.. මට බොරු කරන්න හේතුව..?"

ටේ හ්‍යුන්ගෙ කදුලු වේලිලා ගිහින්. ඒ මූනෙ හිනාවක් තිබ්බෙ නැති වුනත් තිබුනෙ මුහුද තරම් ගැබුරු බැල්මක්.

" ඒක.."

" වෙන කෙනෙක් ඉන්නවද..?? ම්ම්..??"

" ඔප්පා.."

" මන් ඔයාව ඒනම් බලෙන් තියා ගන්නෙ නෑ අහින්සා. අනිත් කෙනෙක්ගෙ දෙයක් උදුර ගන්න මට ඕනි නෑ.." ටේ කිව්වෙ සුසුමක් හෙලලා.

" නෑ නෑ ඔප්පා.. එහෙම නෙවෙයි.."

" අහ්.. ඒනම් මොකද..? ම්ම්.. මට කියන්න දෙයක් නැද්ද ඒ කියන්නෙ..??"

" ඔප්පා.. මන්.. මට.."

" කෙලින්ම කියන්න.. වටේ යන්න ඕනි නෑ.."

අහින්සා කෝමද ඇත්ත හේතුව කියන්නෙ. ටේ හ්‍යුන් කොහොමවත් ඒක පිලිගන්නෙ නෑනෙ. අහින්සා මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව පුදුම විදිහට අසරන වුනා. අනිත් එක කෙල්ල හිටියෙ කොල්ලගෙ උකුලෙ නිසා පොලොව පලාගෙන යන්න තරම් ලැජ්ජාවකින් තමා හිටියෙ.

" ඔප්පා.. මන්.. ඇත්තටම මට සමාවෙන්න.." කෙල්ල කිව්වෙ ඒ වෙලාවෙ එයාට කියන්න තිබුන හොදම හේතුව.

" අහ්.. ඒ කියන්නෙ ඔයා මට ඇත්ත කියන්නෙ නෑ කියන එකද අහින්සා..??"

" ඔප්පා.."

" කමක් නෑ.. දවසක් එයි ඔයාට මට ඇත්ත කියන්න ඕනි කියලා හිතෙන.. එදාට මට කියන්න.. එදා වෙනකල් මන් බලන් ඉන්නවා.."

" ඔප්පා.. මන්.."

" කරුනාකරලා මගේ කකුල් දෙක උඩින් අයින් වෙනව ද..?? මට මෙතනින් යන්න ඕනි.."

( ඊයා 🙂🔪 )

ටේ කිව්වෙ ටිකක් කේන්තියෙන්. ඒ නිසා කෙල්ල ඉක්මනින් නැගිටලා එතනින් අයින් වුනා. ටේ හ්‍යුන් recording room එකේ දොර ඇරන් එලියට ගියේ අහින්සට මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්නවත් බැරුව යද්දි.

ටිකක් වෙලා ගිහින් කෙල්ල එලියට ආවා. ඒත් එලියට එද්දි.. අම්මෝ හරියට පෙරහැරක් බලන්න වගේ කට්ටිය වට වෙලා. කවුරුත් නෙවෙයි.. ඔප්පලා ටික.

" ඒයි අහි.. මොකක්ද වුනේ..??"

මුලින්ම ඇහුවෙ කුකි. අහින්සා මොකුත් කිව්වෙ නෑ. එයා බැලුවෙ ලොකු ඔප්පලා දිහා. කෙල්ලට හැගුනෙ නිකන් වැරැද්දක් කරලා එලිවුනා වගේ හැගීමක්. කෙල්ල බලපු විදිහට හ්‍යුන්ග්ලා ටිකට තේරුනා කෙල්ල ඉන්නෙ බයවෙලා කියලා.

" හපොයි.. බය වෙන්න ඕනි නෑ.. අපි සේරම දන්නවා.. අපි දන්නෙ නැති එකම දේ තමයි ඔයා Specialist කෙනෙක් කියන එක."

හෝබි හ්‍යුන් කිව්වෙ කෙල්ලගෙ කරට අතක් දාගෙන. අහින්සා කටත් ඇරගෙන බලන් හිටියේ හෝබි හ්‍යුන් දිහා.

" ඔප්පා..!"

" ඇයි අනේ.. මාව යකෙක් වගේ පේනවද..?"

" ආ.. නෑ නෑ.. මට සමාවෙන්න ඔප්පා. මට මුලින්ම ඔයාලට මේ ගැන කියන්න තිබුනෙ.." අහින්සා කිව්වෙ ආපහු බිම බලාගෙන.

" හයියෝ.. ඒකට කමක් නෑ.. ඔයා නෙවෙයි. ඔයාගෙ ප්‍රේම කුමාරයවත් අපිට කිව්වෙ නෑනෙ මේ ගැන.. ඉතින් ඔයා නොකිව්ව එකේ මොකක්ද තියෙන පුදුමෙ..??" ජින් හ්‍යුන් කිව්වෙ හිනාවෙලා.

" ආ.. ප්‍රේම කුමාරයා ..!??"😕

" ඔව්.. ඇයි අර මෙතනින් දුම් ගහගෙන ගියේ.."

ජින් හ්‍යුන් කිව්වෙ අර ලස්සන හිනාව දාන ගමන්. ඒ වුනාට ඒ කතාවට අහින්සට හිනා ගියෙ නෑ.

" ජින් ඔප්පා.."

" ඕ.."

" එයා ඉන්නෙ ගොඩක් කේන්තියෙන්.. ඇත්තටම මන් කලේ වැරැද්දක්.. මන් මොකක්ද කරන්නෙ ඔප්පා.. ? මන් සමාව ගත්තා එයාගෙන්.. ඒ වුනත්.." කෙල්ලට ඊලග ටික කියාගන්න කලින් ඇඩුනා.

" අනේ අනේ.. මෙන්න අර ඩොක්ටර්ද කවුද කියපු කෙනා අඩනවා. අනේ පිස්සියේ.. අඩන්නෙපා.. කොහොමත් ටේ හ්‍යුන් ගොඩ වෙලාවට ඉන්නෙ ගින්දර කාලා දුම් බීලා.. ඒක හින්දා තමයි එයා හැමවෙලේම පිඹ පිඹ යන්නෙ.."

ජින් හ්‍යුන් එහෙම කිව්වත් අහින්සට කදුලු නවත්ත ගන්න බැරිවුනා. එයා හෝබී හ්‍යුන් ලග ඉදන් ඇඩුවා. මොනා වුනත් කෙල්ල අඩනවා බලන් ඉන්න හ්‍යුන්ලට බැරිවුනා.

" අනේ.. අඩන්නෙපා.. අපි දන්නවානේ.. ඔයා වැරදි නෑ කියලා.." නම්ජුන් හ්‍යුන්ට දැන් බලාගන්න හත්දෙනයි. කලින් හයයි.. මේ කෙල්ලත් එක්ක හතයි.

" නෑ ඔප්පා.. මන් වැරදියි.."

" අපි කිව්වනේ.. ඔයා වැරදි නෑ.. තව ඉස්සරහට හැමෝටම තේරෙයි කවුද හරි කවුද වැරදි කියලා. බය වෙන්නෙපා. අපි ඉන්නවා ඔයත් එක්ක.. ම්ම්.. දැන් අඩන්නෙපා.."

ජින් හ්‍යුන්ට ගොඩක් දුකයි. ඇත්තටම එයා කැමති වුනේ නෑ කෙල්ල අඩනවට.

( වැරදියට හිතුවොත් කොටනවා ක්ශනිකව.. 🔪🙂 )

හැමෝටම තව ගොඩක් දේවල් කතා කරන්න ඕනි වුනත්, එකට ඉන්න ඕනි වුනත් වෙලාව එයාලට ඉඩ දුන්නෙ නෑ. අද රෑට කොල්ලො ටිකට concert එක. කෙල්ලට දැන් hospital එකට යන්න තිබුනා.

" ඔප්පා.. මන් එන්නෙ හවසට stadium එකටමයි. ඊට කලින් dorm එකට ඇවිත් යන්න වෙලාවක් තියෙන එකක් නෑ.."

" හරි අහි.. කෝමත් අද අපි ඉක්මනින් stadium එකට යනවා. ඔයා වැඩ ටික ඉවර කරන් පරිස්සමට එන්න.."

" හරි ඔප්පා.."

" මේ අහන්න.. හිත රිද්ද ගන්නෙ නැතුව ඉන්න.. තේරුනා නේ..??"

" දේ ඔප්පා.."

අන්තිමට යන්තම් කෙල්ලව සනස ගන්න පුලුවන් වුනේ ජින් හ්‍යුන්ට විතරයි. ඇත්තටම එයා තාත්තෙක්.. ලොකු සහෝදරයෙක් වගේ..

.

.

.

.

ඇත්තටම ආපහු ටේ හ්‍යුන් අහින්සා හම්බුනාම මොනවා වෙයිද..??

~~~~~~~~~~~

කොල්ලො හත්දෙනා stadium එකට කලින් ගියේ rehearsal තිබුන නිසා. අහින්සා කිව්වත් වගේම Concert එක පටන් ගන්නකල් කෙල්ලට stadium එකට එන්න බැරිවුනා. Concert එක පටන් ගන්න කලින් හොදම සිදුවීම සිදුවුනේ ආපහූ ටේ හ්‍යුන්ටමයි.

Inner Child Solo එකේ Vocals rehearsal එක ඉවර වෙලා ටේ හ්‍යුන් makeup room එකට ආවෙ එයාට ready වෙන්න පටන් ගන්න තිබ්බ වෙලාව හරි නිසා. මේ පාරන් ටේ හ්‍යුන් inner child song එක perform කලේ vocals performance එකක් විදිහට.

( ටේ හ්‍යුන්ගේ makeup artist කවුද කියලා මතකද නම්කිලා..? )

" ඔප්පා.."

ජීහි ටේ හ්‍යුන්ට කතා කලා. එයාට ඕනි වුනේ කලින් වුන දේවල් සේරම ටේගෙන් දැන ගන්න.

" දේ.."

" ඇයි ඔප්පා..?? ඔයා ඊයෙ අර girl කෙනෙකුට ගැහුවෙ..? Girls ලට අත උස්සන්න හොද නෑ නේද..??"

අහින්සා ගැන කුරිරු සතුටක් හිතට දැනෙද්දි ජීහි කතාව පටන් ගත්තේ හරි හොද කෙල්ල වගේ.

" හුම්.."

" ඇයි ඔප්පා ඔයා වෙනස් වෙලා..? ඉස්සර ඔයා ඔහොම නෑනෙ..?? ඔයාට දැන් මාව වටින්නෙ නැද්ද..?" ජීහි ඇහුවෙ නහයෙන් අඩන ගමන්.

" ඔව් ජීහි.. ඉස්සර වගේ නෙවේ මන් දැන්.."

ටේ කිව්වෙ කිසිම හැගීමක් නැතුව. මොනා වුනත් ජීහිගෙ පලවෙනි වාක්‍ය නම් ටේගෙ හිත කැඩුවා.. ' කෙල්ලෙක්ට අත උස්සන්න හොද නෑ.. ඒත් මන් ඊයෙ අර කෙල්ලට ගැහුවෙ මුලු staff එකම ඉස්සරහ. එයා නිකන්ම නිකන් කෙල්ලෙක් නෙවෙයි. වැදගත් post එකක් තියෙන කෙනෙක්. එයාට කට්ටිය කොච්චර දේවල් කියන්න ඇති ද..??'

ඇත්ත.. ඊයෙ දවසම අහින්සාට අහන්න ලැබුනෙ staff එකේ අයගෙ ඇනුම් පද විතරයි.. ඒ වුනත් මෙච්චර දේවල් වෙලා තියෙද්දි කෙල්ලට ඒක අමුතු දෙයක් වුනේ නෑ..

" ඔප්පා.."

ටේ හ්‍යුන් ආපහු මේ ලෝකෙට ආවෙ ජීහිගෙ හඩින්. ඒත් එක්කම බෙල්ල වටේ ජිහිගෙ අත් දෙක එතෙනවා ටේට දැනුනා. ටේට පුදුම පිලිකුලක් දැනුනෙ. ඒත් එක්කම ටේ නැගිටින්න හැදුවත් ඊට කලින් එතනට ආපු කෙනෙක්ගෙ කටහඩ ඇහුනෙ මුලු පලාතම දෙවනත් වෙන්න. ඒක යක්ශ කටහඩක්.

" ටේ හ්‍යුන්න්න්න්..!!!!!!!!!!!!"

කවුරුත් නෙවෙයි කෑ ගැහුවෙ ජිමින්. ජීහිත් ඒ කටහඩට ගැස්සුන පාර ටේ හ්‍යුන් ලගින් ඉක්මනින් අයින් වුනා. ටේ හ්‍යුන් බැලුවෙ බයවෙලා.

" තමුන්.. මෙහෙ එනවා.."

ජිමින් යක්ශයෙක් වගේ එහෙම කියල ටේගෙ makeup room එකෙන් එලියට ගියා. ටේ හ්‍යුනුත් කිසිම දෙයක් නොකිය ජිමින් පස්සෙන් ගියා.

" මහ ලොකුවට ඔයා කිව්වෙ මොකක්ද ටේ..?? අහින්සා විතරයි.. අහින්සා මගේ පන.. මන් ආදරේ එයාට විතරමයි.. අරකයි මේකයි.. ආ..?? දැන් තමුන් මොකක්ද කියන්නෙ..?? අරකිව බෙල්ලෙ එල්ලගෙන..?"

" ජිමින්.. මන්.."

" ඇයි නෑ කියන්න ද යන්නෙ..?? මහලොකුවට අර කෙල්ලට දන්න වචන සේරම කියලා බැනලා ආවා. දැන් කියනවකෝ.. තමුන් හරි කියල ද කියන්නෙ..?"

" නෑ ජිමින්.. අහන්න. ජීහියි මගේ පස්සෙන් එන්නෙ.."

" මුලින් උබනෙ පස්සෙන් ගියේ.. දැන් මෙතන කියෙව්වට.."

" උබ දැන් ඔහොම කියන්නෙ..?? මන් අච්චර පස්සෙන් ගිහිනුත් අහින්සා මට කැමති වුනේ නෑ. ඒත් මේ කෙල්ල.."

" ඕ හෝ.. ඔයා කියන්නෙ මේ කෙල්ල හරි හොදයි කියලනෙ.. බලන් ඉන්නවා. ඔයාගෙ මුලු ජීවිතේටම සතුට ගෙනත් දෙයි ඔය කෙල්ල.."

" ජිමින්.."

" මන් යනවා.."

" ජිමින්.. ඔහොම ඉන්න.. මේකත් අහන්න. උබ මගේ යාලුවා. ඇයි ඔහොම කතා කරන්නෙ..?? හරියට අහින්සා ඔයාගෙ යාලුවෙක් වගේ.."

" උබට දෙයක් පැහැදිලි කරන්න මට මුහුදෙන් පීනලා හරි අහසෙ පියාබලා හරි අර කෙල්ලගෙ රටට ගියත් බැරිවෙයි.. උබේ හොදට මන් මේ සේරම කරන්නෙ.. උබට දැන්ම තේරෙන්නෙ නෑ.. දවසක තේරෙයි ඒ වුනාට. අනිත් එක මන් උබගෙන් ඉල්ලුවෙ concert එක ඉවර වෙනකල් දවස් ගාන විතරයි. ඒ වුනාට ඒක ඉවර වෙන්නත් කලින් මන් සේරම හොයලා දුන්නා. දැන් තීරනේ උබගෙ අතේ.."

" උබ නෙවේනෙ ජිමින්. අර meeting එක නිසානෙ මේ සේරම එලි වුනේ. නැත්නම් මෙහෙම වෙන්නෙ නෑනෙ.."

" ඔව්.. උබ දන්නෙ නෑනෙ ඇතුලෙ වුන දේවල්.. උබ කවමදාවත් දැන ගන්න එකකුත් නෑ.."

" ජිමින්..!"

" අහන්නෙපා මොනාද කියලා.. මන් කියන්නෙ නෑ.. උබ කොච්චර ඇහුවත්.."

ජිමින් එහෙම කියලා එලියට ගියා. ටේ හ්‍යුන් හිටියේ මොකද වුනේ කියලා හිතා ගන්න බැරුව. මොකද කවදාවත් ජිමින් ටේ හ්‍යුන්ට එහෙම කතා කරලා තිබ්බෙ නෑ. ඇත්තටම අහින්සා ආපු දවසෙ ඉදන් තිබුනෙ කරදර විතරමයි. ටේ හ්‍යුන්ට මීට කලින් පොඩ්ඩකට අහින්සා ඇතිවුන පැහැදීම ආපහු නැතිවුනා.

( නෑ නෑ.. ඒ ජිමින් එහෙම කියපු නිසා නෙවෙයි.. දන්නවනේ.. ටේ හ්‍යුන් මේ දවස් වල ගින්දර ගිලල ඉන්නෙ වේල් තුනටම..

Tae :- මේ ඕතරේ.. මේ හැමෝම මට හන්ගන කෙන්ගෙඩිය මොකක්ද කියලා මටත් කියනවා..

Author :- මට බෑ.. ඒක ඔයාට කියන්නෙ නෑ.. තව බාල්දි ටිකක් පෙරලෙනකල්..

Tae :- තමුන් දුශ්ඨී

Author :- මන් දුශ්ටයෙක් තමා. නැත්නම් ඔයාගෙ soulmate මට මෙහෙම කරන්නෙ නෑනෙ..

Jimin :- හපොයි.. තාම තරහ ද..?? 😂

Author :- ඇයි දන්නෙ නැද්ද..? මන් ඉන්නෙ ඔයාල කරන දේ ලියන්න.. නැතුව මට ඕනි දේ ලියන්න නෙවෙයි.

Tae :- හම්මෝ.. ජිමිනද ඕක කිව්වෙ..?

Author :- ....

Tae :- අඩන්නෙපා.. මන් කියල බලන්නම්.

Author :- මන් ගැන නෙවේ. අහින්සා ගැන බලනවා.. ඔයා ඔහොම කරලා කවදාහරි ඔයාට පසුතැවෙන්න වෙයි..

Tae :- මොකක්..

Author :- මන් යනෝ.. )

[ Re-edit || පොඩ්ඩක් හිතන්න.. මන් ආපහු කියවනවා මේක එඩිට් කරන්න.. ඊයා.. මට ලැජ්ජාවෙ පන යනවා.. සිකේ.. 🥲🤌]

~~~~~~~~~~

මුලු stadium එකම පිරිලා. ඊයෙයි අදයි වෙනසක් නෑ වගේ. Army.. එයාලා එක පොකුරක් වගේ..

කොල්ලො හත් දෙනා ලෑස්ති වෙලා ඉවරයි. දැන් ඉතින් තියන්නෙ Stage performance පටන් ගන්න එක විතරයි. අහින්සා පැත්තකට වෙලා බලන් හිටියා. මොකද staff එකේ කවුරුත් එයාව ගනන් ගත්තෙ නෑ. Doctor කෙනෙක් වුනත් ටේ හ්‍යුන්ගෙන් ගුටි කාපු නිසා හැමෝම අහින්සා ගැන කතා වුනේ සක්කරවට්ටමක් විදිහට.

Concert එක පටන් ගත්තා.

අද පලවෙනි performance එක Run. ඒකෙන් පස්සෙ ඊයෙ වගේම හැමෝම තම තමන්ව හදුන්වලා දුන්නෙ Army ලා මිලියන ගානකගෙ ජය ඝෝෂා ඇතුලෙ.

අහින්සාට කරන්න දෙයක් තිබුනෙ නැති නිසාත්, එයාව කවුරුත්ම ගනන් ගන්නෙ නැති නිසාමත් එයා හිටියේ Staff එකට concert එක බලන්න වෙන් කරලා තිබුන passege එකේ. එතනට Army ලාට තරම් ලස්සනට එතනට පේන්නෙ නෑ තමයි. කෙල්ලට ඕනි වුනේ concert එක බලන්න නෙවෙයි. Staff එක මග අරින්න.

ඊලගට තිබුනෙ Jhope hyung ගේ solo song එකක්..

ඒට පස්සෙ පිලිවෙලින්..

Promise - Jimin

Moon - Jin

මේ solo performance වෙලාවෙ ඇතුලෙ පුදුම ගාලගෝට්ටියක්.. වෙනසක් නෑ.. ඊයෙ වගේම තමා..

" නූනා.. අනේ මගේ mic wire එක පැටලිලා.." අම්මෝ.. නම්ජුන් හ්‍යුන්ගෙ සද්දෙ.. Stadium එකම පරාදයි.

" ජීහී.. මගේ lip balm එක out.."

" නූනා.. mic battery ඕනි.."

" නූනා.. Costume කෝ.."

" අනූ.. මේක පැටලිලා.."

" මීශා ඔන්නි වතුර එක.."

වෙනසකට තිබුනෙ අද මේ අතර අහින්සා හිටපු නැති එක. එයා Makeup rooms පැත්තකටවත් ආවෙ නෑ. එච්චරටම එයාගෙ හිත රිදිල තිබුනෙ.

Boy in luv_group performance

Go Go_group performance

No more dream_group performance

Stigma_solo performance by V

Stay_group performance

Zero o clock_group performance

Dope_group performance

Pied piper_group performance

DNA_group performance

Dynamite_group performance

ඊයෙ දවසෙ ඉදිරිපත් කරපු ගීත එකක්වත් අද දවසෙ තිබුනෙ නැත්තෙ මේ concert එක two days concert එකක් නිසා. ඔව්.. අදින් පස්සෙ මාසයක් විතර කට්ටියට hard work ලැබෙන්නෙ නෑ. Concert එකකට මහන්සි වුනාටපස්සෙ එයාලට දිග නිවාඩුවක් ලැබෙනවා.

ටේ හ්‍යුන් හැම break එකකදිම අහින්සව හෙව්වා වුනත් එයා පේන්න හිටියෙ නෑ. ඇත්තටම ටේ හ්‍යුන්ට ලොකු පාලුවක් දැනුනා. කොච්චර බැන්නත්, කොච්චර තරහක් තිබ්බත් කොල්ලා අහින්සට ඇත්තටම ආදරෙයි. ඒ නිසා තමයි එයාට එහෙම පාලුවක් දැනුනෙ.

ඊලගට තිබුනෙ Blood Sweet and tears_group performance එක. ඒ තමා අද අන්තිම performance එකට කලින් performance එක. අන්තිමට තිබුනෙ Black Swan group performance එක. ඒ performance දෙකම එයාලා මේ පාර dancing performance විදිහට කරන්න plan කරල තිබුනෙ. ඒ නිසා තමයි අන්තිම performance දෙක විදිහට ඒ දෙක shedule කරලා තිබුනෙ.

Blood performance එක පටන් ගත්තෙ හැමෝගෙම ජය ඝෝශා මැද්දෙ. අහින්සා බලන් හිටියේ ටේ හ්‍යුන් දිහා විතරයි. හේතුවක් තිබ්බ වුනත් නැතිවුනා වුනත් කෙල්ලගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනෙ ඉබේටමයි. කෙල්ලගෙ ඇස් කදුලු අතරත් ඒ මතකය ටේ අතරත් තනිවෙද්දි performance එක බලන්න කෙල්ලට වෙලාවක් තිබ්බෙ නෑ. 

ඔව්..

වේදනාව හරි නපුරු දෙයක්

.

.

.

.

එයාලා performance ඒක ඉවර වෙලා break එකටත් ඇවිත්. කෙල්ල ඒක දැන ගත්තෙ කුකිගෙ කට හඩින්.

" අහි.. පොඩ්ඩක් එනවද..??" කොල්ලා කෑ ගැහුවෙ makeup room එකේ ඉදන්මයි.

" අහ්.. කුකි.. ඔයාට අමාරු ද..??"

" නෑ නෑ.. හ්‍යුන්ගෙ කකුල පොඩ්ඩක් බලන්නකෝ.."

කුකි ඒම කිව්වෙ ටේව පෙන්නන ගමන්. ටේ හ්‍යුන් හිටියෙ පුටුවක වාඩිවෙලා කකුල උඩින් තියාගෙන. ජීහි එයාගෙ makeup එක set කරනවා.

" ඔප්පා.. මොකද වුනේ..?"

අහින්සා එහෙම ඇහුවත් ටේ නෙවෙයි උත්තර දුන්නෙ. ඒක නිසා අහින්සා කට වහගෙන කකුල check කලා. යටි පතුලෙන් පොඩි සීරීමක් වෙලා තිබ්බා. ටයිල් නිසා කොනකට අහුවෙලා කැපිලා ගිහින්. එච්චර නම් ලේ එන්නෙ නෑ. ඒ වුනත් ප්‍රශ්නෙ තිබුනෙ ඊලග එකත් එයාලට perform කරන්න වෙන්නෙත් shoes නැතුව වුන එක. Black Swan කරන්නෙ shoes නැතුව. අහින්සා ඉක්මනින් first aid box එක ගෙනාවෙ plaster එකක් ගහලා කැපිච්ච තැන cover කරනවා කියලා. මොකද එතනට ටයිල් වල කුඩු ගියොත් තුවාලෙ ගැබුරු වෙන්න පුලුවන්. අනිත් එක තව තව වැඩියෙන් පෑරුනොත් මැහුමක් දාන්න තරම් තුවාලෙ ලොකු වෙන්න පුලුවන්.

" ඔප්පා.. කකුල චුට්ටක් උස්සන්න.. මේක cover කරන්න ඕනි.." අහින්සා කිව්වා.

" අහි මේක ගොඩක් අවුල් ද..??" ජුන් හ්‍යුන් ඇහුවෙ කෙල්ල බෙහෙත් කරන්න යන නිසා.

" නෑ නෑ ඔප්පා.. මේක චූටි දෙයක් විතරයි. ඒ වුනත් ඔයාලගෙ ඊලග performance එක නිසා ආපහු මේක පෑරෙන්න පුලුවන්. ඒක නිසා මේක cover කරන එක හොදයි. නැත්නම් මැහුම් දාන්න වෙයි.." කෙල්ල එහෙම කිව්වෙ plaster roll එක අතට ගන්න ගමන්.

" ආ.. හරි.. උදව්වක් දෙන්නම්.."එහෙම කියලා ජුන් හ්‍යුන් අහින්සා ලගට ආවා.

" ඔප්පා.. ඉක්මන් කරන්න. අපිට තියන්නෙ විනාඩි දෙකයි.." අහින්සා එහෙම කිව්වත් ටේ ගනන් ගත්තෙවත් නෑ.😒

" ඔයා හිතන්නෙ මන් ඔයාට මට treatment කරන්න දෙයි කියල ද..??" එයා ඇහුවෙ සමච්චලෙන් හිනා වෙලා.

" ඔප්පා.. අපිට වෙලාව නෑ..!"

" මේ හලෝ.. ඔයා specialist නම් ගිහින් hospital එකේ පදින්චි වෙන්න.. මේක treat කරන්න තරම් දෙයක් නෙවෙයි කියලා පේන්නෙ නැද්ද ඔයාට..??"

" ඔප්පා.. ඔයා මේක cover කලේ නැත්නම් මේක ගොඩක් අමාරු තුවාලයක් වෙනවා. දැන් ඔයා ආපහු perform කරන්න ඕනි.."

" මන් ඇහුවෙ නෑනෙ.."

" ඔප්පා.. මාත් එක්ක තියෙන තරහ මේ පිටින් යවන්නෙපා.." එහෙම කියපු අහින්සා ටේගෙ කකුලෙන් plaster එක තිබ්බා.

මේ දෙන්නා දිහා හොද වෙලාවට බලන් හිටියේ නම්ජූන් හ්‍යුන් විතරයි. මොකද අනුත් හැමෝම හිටියෙ costume වල අඩුපාඩු හදා ගන්න ගමන්.

ඒ වුනත් අහින්සා ටේට treat කරන්න යනකොටම ටේ අහින්සවත් තල්ලු කරගෙන වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිට්ටා. අහින්සා balance නැතුව වැටුනෙ එහා පැත්තෙන් ඇරලා තිබුන first aid box එක උඩට. කෙලින්ම කිව්වොත් plaster එක කපන්න ගත්ත කතුර තිබුනෙ උඩ පැත්තට දිග ඇරලා. කෙල්ලගෙ දකුනු වැලමිටට උඩින් ලේ ගලන්න ගත්තෙ ඒ කතුර කෙල්ලගෙ හම දෙපැත්තට කරගෙන ඇතුලට ගියපු නිසා. වැඩිය නෑ.. ඒක අගල් දෙකක් විතර දිග කැපුමක්..

" අහින්සා..!!"

නම්ජුන් හ්‍යුන් හිටියේ කෙල්ලට අනිත් පැත්තෙ. එයාගෙ සද්දෙට හැමෝම ඒ පැත්ත බැලුවා. අහින්සා යන්තම් නැගිට්ටෙ ජුන් හ්‍යුන්ගෙ අතකින් අල්ලගෙන.

" ටේ උබ..!!"

ජිමින් ආපහු කෑ ගැහුවෙ වුන දේ තේරුම් අරන්. ජිමින් මේ කෑ ගහන විදිහට ඕනිම කෙනෙක් හිතන්නෙ අහින්සායි ජිමිනුයි යාලුයි කියලා.. හපොයි..

( Jimin :- මේ ඕතර් කෙල්ලේ..

Author :- ..........

Jimin :- මේ හලෝ..

Author :- ...........

Jimin :- කතා කරනවා මෝඩියේ..

Author :- ...........

Jimin :- Yeah..

Author :- ..........

Jimin :- යාහ්.. මන් තමුන් ගැන පස්සෙ බලා ගන්නම්කෝ..  )

[ Re-edit || ඒකට නම් ඈම් සෝ ප්‍රවුඩ් ඔෆ් මයිසෙල්ෆ් 🙂🔪 බොලාලත් මන් ගැන ප්‍රවුඩ් වෙයල්ලා ]

කොහොම වුනත් කට්ටිය වැඩේ එලි වෙන්න දුන්නෙ නෑ. ජින් හ්‍යුන් ඉක්මනට ජිමින්ගෙ කට වැහුවා. කුකි ඇවිත් අහින්සව වාඩි කෙරෙව්වා. කෙල්ලගෙ ඇස් වල කදුලු තිබුනා. ඒ වුනත් ඊට වඩා රිදුනෙ හිත. එයාගෙ හදවත කෑලි කෑලි වලට කැඩිලා ගියේ ටේ හින්දා. මොකද එයා හිතුවෙ නෑ ටේ හ්‍යුන් මෙච්චර නපුරු වෙයි කියලා.

" අහි.."

" අවුලක් නෑ කුකි.. මන් මේක බලා ගන්නම්.. ඔයාලගෙ වෙලාව හරි. ඉක්මනට යන්න.. හොදට perform කරන්න.. " කුකි කතා කරන්න හැදුවත් අහින්සා කිව්වෙ එයාලට stage present වෙන්න වෙලාව හරි නිසා.

" ඒත්.."

" කිව්වා නේද..??"

" පේන්නෙ නැද්ද..?? තුවාලෙ ගැබුරුයි.."

" මෝඩයෝ.. මන් ඩොක්ටර් කෙනෙක්..!!"

" ජුන් හ්‍යුන්.. අනුට කතා කරන්නකෝ.."

කට්ටිය අහින්සා දිහා ආපහු බලලා stage එකට ගියේ අනුහස්ට එන්න කියලා. එතනින් යන්න හිත දුන්නෙ නැතත් එයාලට යන්නම වුනා. මොකද එතන කලබල කරන්න බෑ. මොනා හරි දෙයක් වුනොත් හැමෝම දැන ගන්නවා. අනිත් එක එයාලගේ performance එකට වෙලාව හරි.

" ඔප්පා.."

අහින්සා දිහා ගොඩක් බය වෙලා බලන් ඉඳලා යන්න හදපු ටේගෙ අතින් අල්ලලා කොල්ලට කතා කලා. කොල්ලා හැරිලා බැලුවා.

" Plasters ඕනි නෑ. එහෙනම් please තුවාලෙ පාර ගන්නෙපා. මොකද ඔයාට පස්සෙ treatment කරන්න ගියාම අමාරු වෙයි.."

ටේ හ්‍යුන් මොනා කියන්නද..?? එයා හිතුවෙ කෙල්ල මෙතන කෑ ගහලා වැලපිලා ටේට බනියි කියලා. ඒ වුනත් අහින්සා කලේ කෙල්ලව තුවාල කරවපු කොල්ලටම පරිස්සම් වෙන්න කියලා. ඒක නිසා ටේ හ්‍යුන්ට ඉවසන්න බැරි දුකක් දැනුනා.

අහලා තියනවද..?? වැඩිපුරම දුක දැනෙන්නෙ තමන් වැරැද්දක් කරපු කෙනෙක් තමන්ට නපුරුකම් කරනකොට නෙවෙයිලු. තමන්ට හොදට සලකනකොටලු..

අහින්සාගෙ ඇදල හිටපු සුදු පාට T-Shirt එකේ රතු පාට ලා පැල්ලම් වදින්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ටේ ගොඩක් අවුලෙන් බැලුවෙ ඒ දිහා.

" Tae hyung shee.. වෙලාව හරි.. ඉක්මන් කරන්න.." ආපහු ටේට stage එකට කතා කරනවා.

" ඔප්පා යන්න.."

අහින්සා ගොඩක් අමාරුවෙන් දෙතොලට හිනාවක් අරන් කිව්වා. ටේට කරගන්න දෙයක් තිබුනෙ නෑ. ඔව්.. අන්තිමට එයාට යන්න වුනා. ටේ හ්‍යුන් දැනට වැරදි දෙකක් කරලා. එකක් කෙල්ලට අත උස්සපු එක.. අනිත් එක දැන් වුන අත් වැරැද්ද..

.

.

.

.

" අහි..!!" එහා පැත්තෙ costume room එකේ හිටපු අනුහස් දුවගෙන ආවෙ ඒ ගමන්ම වගේ.

" අනු.. ඔන්න ඕකෙ තියන කටු set එක අරන් දෙන්නකො.." අහින්සා එහෙම කියලා යටිතොල හපාගත්තෙ වේදනාව චුට්ටක් හරි අඩු කර ගන්න.

" මොකද වුනේ අහි.."

" මන් හපා ගත්තා.. දීපන් ඔන්න ඕක මෙහාට.."

( 😂 )

කෙල්ල හෙමීට හුරු අතින් තුවාලෙ පිරිසිදු කරලා යන්තමින් බෙහෙත් දා ගත්තා.

( ඉස්සරහට යනකොට මේක ලේ හලාගන්න කතාවක් වෙයිද කියලත් මේ ඕතරයට සාධාරණ සැකයක් තියේ.. බයවෙයල්ලා 😒🔪)

" මට පේන්නෙ උබ හැරෙන්න ගත්තු තීරනේ අපරාදයක් කියලා.."

අනු කිව්වෙ කෙල්ල බෙහෙත් දාගෙන ඉවර වුනාට පස්සෙ එයාගෙ coat එක ගලවලා කෙල්ලට දෙන ගමන්.

" ඕක ගැන කතා කරන්නෙපා බං.. මේ වගේ දේවල් වෙනවා කියල දැන ගෙනමයි මන් ආපහු හැරුනේ.."

" ම්ම්..."

" මේක මුල විතරයි.. ඉස්සරහට මීට වඩා දේවල් වෙයි.."

" හ්ම්.."

" උබ මාත් එක්කම ඉදින්. මන් තනිවෙන එකක් නෑ එතකොට.."

" බයවෙන්නෙපා.. එකපාරක් කරපු වැරැද්ද මන් උබට ආපහු කරන්නෙ නෑ.."

~~~~~~~~~~

එලියෙන් fire work වල සද්දෙ ඇහෙනකොට කෙල්ලට එලියට යන්න ඕනි වුනත් ඒවයෙ ලස්සන බලන්න කෙල්ලට යන්න ඇගට පනක් තිබුනෙ නෑ. ඒ නිසා කෙල්ල එහෙමම බිත්තියට හේත්තු වෙලා ඒ ඇහෙන ලස්සන හඩට ඇහුම්කන් දුන්නෙ කවදාහරි එයාටත් concert එකක් බලන්න පුලුවන් වෙයි කියන හැගීමෙන්.

.

.

.

.

.

.

ටික වෙලාවක් යනකොට බාගෙට මැරුන කොල්ලො හත්දෙනා ඇතුලට ආවා. දැන් කලින් වගේ කලබලයක් නැතිවුනත් එයාලා ඇතුලට ආවම නිකන් තියන බිත්ති පවා හෙලවෙනවා. සද්දෙට..

අහින්සා කියන දේවල් වරදින්නෙ නෑ.
ඔව්..

මේ පාරත් එයා කියපු දේ හරිගියා..

ටේ හ්‍යුන් perform කරලා ආවේ කුකිගෙ කර උඩින්. එයාගෙ කකුලෙන් ලේ ආවෙ අහින්සට කරපු දේට return එක ලැබුනා වගේ.

" කුකි.." අහින්සා ඉක්මනින් හිටපු තැනින් නැගිටලා ඒ දෙන්නා ලගට දුවගෙන ආවා.

" ඔයා හරි.." ජිමින් කිව්වෙ අහින්සට ඇස් වලින් ටේව පෙන්නලා. ටේ හිටියෙ බිම බලන්.

" හ්‍යුන්.. අපි මොකද දැන් කරන්නෙ..?? එහෙමම යමුද dorm එකට.. අහින්සා ඉන්න නිසා.. නැත්නම් hospital යමුද..??" ජිමින් ඇහුවෙ නම්ජුන් හ්‍යුන්ගෙන්. මොනා වුනත් කොල්ලටත් අවුල්.

ටේයි අහිසයි දෙන්නම ලේ හලන්..

" Dorm එකට යමු.. අහි ඉන්නවනේ.." ජුන් හ්‍යුන් කිව්වා.

" හරි හ්‍යුන්.." කට්ටිය එහෙම කියල පිටත් වෙන්න හැදුවත් ටේ හ්‍යුන් කට ඇරියා.

" මට බෑ මෙයාගෙන් බෙහෙත් ගන්න.. Doctor Hyun bin ට වත් එන්න කියන්න dorm එකට.. "

ටේ නහයෙන් අඩනවා. Doctor hyung bin කියන්නෙත් Base Hospital එකේ doctor කෙනෙක්.

ඒ පාර නම් අහින්සට කේන්ති ගියා.. ඒ වුනත් කෙල්ල මොකුත් කියන්නෙ නැතුව ඉවසන් හිටියා.

" ටේ.. අහි ඔයාට treatment කරයි.. Doctor bin කියන්නෙ physicsian කෙනෙක්නෙ.." ජුන් හ්‍යුන් කිව්වෙ ටේගෙ හිතත් දැන් රිද්දන්න බැරි නිසා.

" අනේ හ්‍යුන්.."

" ටේ ඔයා.."

" අනේ හ්‍යුන්.. චේබල්.."

" හරි එහෙනම්.. අපි කියන්නම්.."

නම්ජුන් හ්‍යුන් එහෙම කියනවත් එක්කම ටේට මල් හතයි. ටේ අහින්සා දිහා බලන්නෙ නැතුවම හිනාවෙවී අනිත් පැත්ත බලා ගත්තා.

" අහි.. ඔයාට කොහොමද ..??" කාටවත් මතක තිබුනෙ නැති අහින්සගෙ තුවාලෙ මතක් වුනේ හෝබි හ්‍යුන්ට.

" අහ්.. මට අවුලක් නෑ ඔප්පා.."

කියන්න බැරි වේදනාවක් දැනෙද්දි බොරුවක් කියලා කෙල්ල අත පිටිපස්සට කරලා හන්ග ගත්තා. හැමෝම කෙල්ල දිහා බැලුවා. අහින්සගෙ ඇස් වලින් වේදනාව හන්ගන්න බැරි වුනත් ඒ ප්‍රශ්නෙ මෙතන විසද ගන්න පුලුවන් ප්‍රශ්නයක් නොවන නිසා හැමෝම කට වහ ගත්තා.

හරි නම් දැන් අහින්සා යන්න ඕනි Bighit එකට. මොකද එයාට dorm එකේ ඉන්න තිබුන කාලෙ ඉවරයි. ඒ වුනත් ටේ හ්‍යුන්ව එහෙම යවන්න කෙල්ලට හිත දුන්නෙ නෑ. First aid වත් නැතුව පැය දෙකක් විතර වාහනේ යනකොට ලේ බාල්දි හතරක් විතර තුවාලෙන් එලියට යයි.😒

කට්ටියම අහින්සට කතා කරලා වාහනේට නැග්ගා. ටේ නම් මොකුත් කිව්වෙ නෑ. කට්ටියටම අවුල්. කෙල්ල ඉතින් ආපහු dorm එකට එන්නෙ නෑනෙ.

ඒ වුනත් වුනේ ඒක නෙවේ. වාහනේ දොරත් ඇරන් වාහනේ ඇතුලට නැගපු අහින්සා ටේ හ්‍යුන්ගෙ එහා පැත්තෙ වාඩි වෙලා හිටපු ජිමින්ගෙ උකුලෙන් වාඩි වුනේ first aid box එක damage වෙච්චි නැති අතින් උස්සන් ඇවිත්. කට්ටියම පුදුමෙන් බලන් හිටියා. ඒ වුනත් කෙල්ල කාවවත් ගනන් ගත්තෙ නෑ..

[ Re-edit || අමෝ අමෝ.. දෑස් මයි ගර්ල් 🙂😂 ]

.

.

.

.

" යමු.." කියලා කිව්වා විතරයි.

" අහි..!!" ජිමින් හිටියෙ පුදුම වෙලා.

" මේ ජිමිනි ඔප්පා.. ඔයාට පුලුවන් නම් ඔයාගෙ මහලොකු යාලුවගෙ අත් දෙක අල්ල ගන්නවද..?? එයා මහ ලොකුවට කියෙව්වට මගේ බෙහෙත් එපා කියලා first aid වත් නැතුව පැය ගානක් ගිහින් කටු දහයක් පහලවක් ගහනකොට තරුත් පේයි.."

එහෙම කියපු අහින්සා ටේගෙ කකුල අරන් තුවාලෙ බැන්ඩේජ් කරන්න ගත්තෙ ලේ යන එක නවත්තන්න. ඒ වුනත් ටේ නම් එක විදිහකට හිටියෙ නෑ. අත් දෙකෙන් අහින්සගෙ කොන්ඩෙ අල්ලගෙන අදින්න ගත්තෙ රබර් එකක් වගේ..

" තමුසෙ.. අයින් වෙනවා.. එනවා මෙතන මට වැඩ පෙන්නන්න.. ගන්නවා ඔය අත් දෙක.."

" ආව්.. මෝඩ ජිමිනෝ.. මෙයාගෙ අත් දෙක අල්ල ගන්න කියලා නේද මන් කිව්වෙ..?? පොල් ගානවද ඔයා.. යාහ් ඔප්පා.. මාත් එක්ක තියෙන තරහ මගෙ කොන්ඩෙන් නම් යවන්නෙපා.. ආවු.."

අහින්සත් දෙවෙනි නෑ.

" තරහ.. තරහ.. කවුද දන්නෙ නෑ තරහ.. තරහ.. ඔව්.. තරහයි තමයි.. තමුන් මට ආදරේ නැත්නම් මට බෙහෙත් කරන්නෙ ඇයි..?? යනවා යන්න.."

" හහ්.. තරහ කාරයන්ට තමා බෙහෙත් කරන්න ඕනි.. එතකොට හොදට පලි ගන්න පුලුවන්.. ඔය කට වහනවද..?"

" හහ්. තමුන් මොකක්ද කිව්වෙ..?? ඉන්නවා මන් තමුන්ට.."

" ආ.. අත අරිනවා.. අනේ.. ජිමිනි ඔප්පෝඕඕ.. මේ කොටියව අල්ල ගන්නවා.."

" ඒයි.. තමුසෙ මගෙ ලස්සන ඇගෙන් අත ගන්නවා. දැන ගන්නවා මන් අවුරුදු ගානක ඉදන් wolrd most handsome.. හහ්.. මගේ මූන පූජනීය මූනක්.."

" හහ්.. ඔයාගෙ මූනද මන් මේ අල්ලන්නෙ..?? අනේ ඔප්පේ.. ඔයාගෙ මූන සීට් එක උඩින් තියලා වාඩිවෙන්න ඔයා.."

" තමුන් මොකක්ද කිව්වෙ.. ඇයි මූන සමතලා කර ගන්න ආසද..??"

" හෝබි ඔප්පා.. මෙයාගෙ මේ යක්ශ අත අල්ල ගන්නකෝ.. කවුරු වුනත් හරි නම තමා දීලා තියන්නෙ.. කොටියා.."

" ඔව් ඇයි..?? මන් තමා කොටියා.."

" එතකොට මන් තමයි වලහා.. ඇතිද ඔයාට..?? මෝඩ ඔප්පා.."

අහින්සා නිකන් විවාදයක් වගේ. කටත් උල් කරගෙන කියවනවා කියවනවා පිස්සියක් වගේ. අනිත් කෙනා ටේ. හම්මෝ ඉතින්..

කුකිට නම් මේක හෙන ආතල්.. එයා හා දත් දෙකත් එලියට දාගෙන හිනා වෙනවා. අනේ ඉතින් පොඩි එකා..😂

ඇත්තනෙ ඉතින්.. බෙහෙත් කරන doctor කෙනෙකුයි බෙහෙත් දා ගන්න patient කෙනෙකුයි කෑ ගගහා රන්ඩු කරනකොට.. ඒ මදිවට කොන්ඩෙනුත් ඇද ඇද.. කොහොම තියෙයි ද..?

" ටේ ඔප්පා.. හොද හිතින් මන් කියන්නෙ.. මගේ කොන්ඩෙ අත අරින්න.. නැත්නම් මන් මේ තුවාලෙට ලුනු දානවා.."

අහින්සා බෙරිහන් දෙනවා. තව ටිකකින් අහින්සගෙ කොන්ඩෙ ටේගෙ අත් දෙකේ තියෙයි වගේ. එච්චරටම හයියෙන් ටේ කොන්ඩෙ අදිනවා.

බොහොම අමාරුවෙන් ජිමින් එක අතක් අල්ල ගත්තත් ටේගෙ අනිත් අත අල්ල ගන්න දෙන්නෙම නෑ ටේ කොල්ලා.

හ්‍යුන්ගි ලයින් එකට නම් මේක දැකලා මැරෙනකල් හිනා.😂

සුගා හ්‍යුන් මේ රන්ඩුවේ තාලෙට jump song එකේ rap එක කියනවා.

ජින් හ්‍යුන් උඩ පැන පැන හිනා වෙනවා.

නම්ජුන් හ්‍යුන් බලන් ඉන්නෙ මේ මොන හෙන ගෙඩියක්ද කියලා..😂

හෝබි හ්‍යුන් ටේගෙ ඉතුරු අතින් අල්ල ගන්න හදනවා.

[ Re-edit || යකෝ මේවා මන්ද ලියලා තියන්නෙ.. 😂 ඇනපල්ලා මේකෙන් මට 🔪🔪 ]

.

.

.

.

.

.

.

ටිකක් වෙලා යනකොට අහින්සා හිටියේ බිම වාඩි වෙලා හති අරින ගමන්. ටේ seat එක උඩ ඉදන් හැමෝටම රවනවා. යන්තම් අහින්සා bandage එක දා ගත්තත් තුවාලෙ ගොඩක් සැරට තිබුන නිසා ඉක්මනට බෙහෙත් කරන්න ඕනි වුනා.

කොහෙද ඉතින්..

ඒක clean කරලා මෙතනම treatment කරනවනේ..

.

.

.

.

එක තැනක ඉන්න බෑනෙ ඉතින්..

.

.

.

.

" මෝඩ කොටියා.."😒

________________________________

Special Thanks for

Cover :- Tharuni Thilakarathna
Medical content :- Nilushika madhuwanthi
Hashini Madhushani
@SandiKimNeha

ඕතර් තරුව පෑවුවා.. 😂

හිකිස්..

කෝමෙයි ඉතින්..❤

මේ චැප්ප ලියනකොට හිතුනා main character එකට specialist කෙනෙක් දාගෙන ඇදගෙන නෑව කියලා.. කමල්ලෑ ඉතින්..

මේ ලමයි.. මන් අර ජිමින් එක්ක කතා කරන්නද මන් අහන්නෙ.. කියන්නකො බලන්න.. Second වෙන්නත් බෑ ඉතින්.. 🙂

ඒනම්..

නාන් වෙන්ට්..

පරිස්සමෙන් ඉන්න හොදේලා.. මන් ආදරේලු ඔයාලට.. ❤️

[ Re-edit || The author note is edited. So my inconvenience for the unmatching comments  ]

A_Shee ~

Weiterlesen

Das wird dir gefallen

162K 26.9K 36
ආදරය වෛරය හමුවේ.... නපුරු නායකයෙකුගේ... හිත හොරාගත්.... ආත්ම සහකාරිය... You Are My Destiny....🖤
5.7K 1.5K 10
මිනිස් ලොවෙහි පැවැත්ම හින වන යුගයක , මිනිසුන් වෙනුවෙන් උපත් ලැබූ තරුණයින් සත් දෙනෙක්.... දක්ශ මායාකරුවෙක් මිය නොයන වැම්පයර් වරයෙක් අදුරේ බලවත් ඩිමොන්...
795 156 7
මෙ පොත ,තමන්ව හොදම විදිහට ප්‍රතිනිර්මානය කරන්න උත්සහ කරන ඔයාට මගෙන් පුන්චි තෑග්ගක්. පොතෙ අන්තර්ගතය -Effective study time -Time management ways -Ment...
6.4K 1.9K 12
හීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්මක් පොදක් නැති මළ කදක් වගේ...හීන පස්සෙ දු...