Coffee shop එකේ මැදපු වීදුරු වලින් මං බලාගෙන ඉදියේ මුහුද දිහා.මුහුදු රළේ තිබුණේ වෙනදට වඩා නොසන්සුන් බවක්.හරියට මගේ හිත වගේ.
"මේ Coffee එක බීපන් බං.දැන් ඕකත් නිවෙනවා.මගෙ බැල්ම ආයෙත් coffee table එකට ගෙනාවෙ ජිමින්.table එක උඩ ක්‍රීම් පාට Wedding invitation card එකක් මං දිහා හිනා වෙවී බලන් ඉදියා.
"උබ ඕක බලන්න ඕනි කියපු නිසයි ගෙනාවෙ.නැත්නම් ඕක දීපු වෙලාවෙම ඉරලා දානවා."ජිමින් මගෙ හිත හදන්න එහෙම කිව්වට හදන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ.කෑලි කෑලි කැඩුනු හිතක තව මොනවා හදන්නද?
මට ආයෙත් මතක් වුනේ යේශිගෙ හිනාව.ඒ හිනාවෙන ඇස්, ඒ කතාව ,අවුරුදු 3ක් මං ළගටම වෙලා ඉදපු එයා තව දවස් තුන හතරකින් වෙන කෙනෙක්ගෙ.
"මං ගෙදර යනවා බන්.4 ටත් ළගයි .පොඩි වැඩකුත් තියෙනවා.උබත් ඕවා හිතන්නෙ නැතුව ගෙදර පලයන් ."එහෙම කියපු ජිමින් wedding invitation card එක දෙකට තුනට නවලා සාක්කුවට දා ගත්තා.
"මං මේ wedding එකට යන්නෙ නෑ බන්.මං උබේ හොදම යාලුවා වෙලත් මේකි මට invite කලානෙ"
"යේශි උබෙත් යාලුවෙක්නෙ බන් ඒකයි"මං එහෙම කියනකොට ජිමින්ගෙ මූණේ ඇදුනෙ සමච්චල් හිනාවක්.
අපි දෙන්නම coffee shop එකෙන් එලියට ආවට පස්සෙ ජිමින් මට අත වනලා පාර දිගේ නොපෙනී ගියා.මන් මුහුදු වෙරළට ඇවිදන් ආවා.
_____________________
"ඔයා වෙනස් වුනත් මම නම් වෙනස් වෙන්නෙ නෑ ටේ"යේශිගෙ ඒ වචන මගෙ හිතේ දෝංකාර දුන්නා.
"අපේ අප්පා අපි දෙන්නට කැමති නෑ ටේ.මං දන්නෙ නැති වුනාට අප්පාගෙ හොදම යාලුවාගෙ පුතාට මාව propose කරලා තියෙන්නෙ පොඩි කාලෙමලු."
"පොඩි ළමයින්ට proposal ගේන්නෙ මොන රටේද යේශි?"කවදාවත් එයාට මොකුත් නොකියපු මන් එදා එහෙම කිව්වෙ හිතේ තිබ්බ කේන්තියටත් එක්ක.
අන්තිම දවසේ මන් යේශි ළග වැද වැටුනේ නැති එක විතරයි.ඒත් එයාට ඕනි වුනේ මොනා හරි කියලා ගැලවිලා යන්න විතරයි.
මං අරමුණක් නැතුව මුහුදු වෙරළ දිහාට ඇවිදන් ආවා.ජීවත් වෙන්න හේතුවක් ඉතිරි වෙලා නැති,හිස් බවකින් ජීවිතේම වැහිලා ගිහින්.
කුඩයක් යටින් යන couple එකක් මන් දිහා බල බල යනවා.ටික වෙලාවකින් තමා තේරුනේ එයාලා බැලුවෙ බංකුව දිහා කියලා.මං එතනින් ඈත් වෙලා ගල් පර තිබුන දිහාවට ගියා.වැලි පිහ දාන්නෙ නැතිවම ගල්පරයකින් වාඩි වුනා.
"පුතා වෙලාව කීයට විතර ඇතිද?"මගෙ එහා පැත්තෙන් වාඩි වුන කෙනා එහෙම ඇහුවෙ.
"4.30ට විතර ඇති අන්කල්"phone එක ගන්න තිබ්බ කම්මැලකමට මන් එහෙම කිව්වෙ.
"හ්ම් හවස් වෙලා"අන්කල් ඈත බලන් කිව්වා.
එකපාරට ඔහුගේ බැල්ම වෙරළේ ඈත කෙලවරට ගෙනිච්චා .මාත් ඒ එක්කම ඒ දිහා බැලුවා.ගෑනු ළමයි දෙන්නෙක්.ඒත් ලොකු ගෑනු ළමයගෙ කොණ්ඩෙ...
"ඒ මගෙ දුව ,පුතේ.."මගෙ හිත කියෙව්වා වගේ ඔහු එහෙම කිව්වෙ.
"අර පොඩි එක්කෙනාද?"මන් කෙලින්ම එහෙම ඇහුවා.
"නෑ පුතේ ඒ මගෙ දුවගෙ හොදම යාලුවා."අන්කල් ඔහේ කියවනවා.
"මගේ දුවට පිළිකාවක් පුතේ"ආපහු අපි අතර නිහඩතාවයක්.
"දැන් අවුරුදු 3ක් විතර පුතා.මගේ දුව ඉගෙන ගන්න හරි ආසයි.ඔම්මාත් මේ ළමයාට අවුරුදු 5 වෙනකොට නැති වුනා.එදා ඉදන් මන් ජීවත් වුනේ මෙයා නිසා.University 2 year එකේ ඉන්නකොට තමා මේ ලෙඩේ හැදුනෙ."අන්කල්ගෙ කතාව නැවතුනේ අපි ගාවට ආපු ගෑණු ළමයි දෙන්නා නිසා.
"අප්පා Ice cream කන්න සල්ලි"අන්කල් සාක්කුව ඇදලා purse එක දුන්නා.
ඒක ගත්ත ගෑනු ළමයි දෙන්නා.ice cream shop එකට ඉගිලුනා.
"අද මෙයාගෙ උපන්දිනේ පුතේ.Beach එන්න හරි ආසයි.ඒකයි අද ආවෙ.මටත් දැන් ලෙඩ පුතේ .කිසිම ඔම්මා කෙනෙක් අප්පා කෙනෙක් තමන්ගෙ දරුවගෙ මරණෙ ප්‍රාර්ථනා කරන්නෙ නෑ.ඒකත් මට කරන්න වෙලා.දරුවත් එක්කම මැරෙන්න හිතෙනවා පුතේ ඒත් මරණය කියන්නෙ විසදුමක් නෙවෙයිනෙ."
සුසුමක් හෙලමින් අන්කල් එහෙම කියනකොට මොහොතකට මගෙ හිත නතර වුනා.මැරෙන්න හේතු දාහක් තියන් ජීවිතේ හොයන මිනිස්සු අතරේ මං,කෙල්ලෙක් හින්දා ජීවිතේ නැති කර ගන්න හදනවා.මට මං ගැනම ඇති වුනේ ලැජ්ජාවක්.ඔම්මාගෙ ආදරේ පිරුණ ඇස,නූනාගෙ දගකාර හිනාව මොහොතකට මගෙ හිතේ මැවෙන්න ගත්තා.
"ටේ ..ඔම්මාවයි ,නූනවයි පරිස්සමට බලා ගන්න."
Hospital එකේ ඇදේ ඉදන් අප්පා මං දිහා බලන් හිටපු හැටි.අප්පාට වුන පොරොන්දුව...අවුරුදු 8ක අතීතය ආයෙමත් මගෙ හිත පෑරුවා.අප්පා කොහේ හරි ඉදන් මන් දිහා බලන් ඇති.මං හිමීට ගල් පරය උඩින් නැගිට්ටා.
"මං යනවා අංකල්"
"හා හොදයි පුතේ."
පාරට ආවහම මට දැනුනෙ පසු තැවීමක්.අන්කල්ගෙ හිත හදන්න බැරි වුන එක.අනික් අතට අන්කල් නේද මගෙ හිත හැදුවෙ??
මං හිමීට phone එක ගත්තා.ඔම්මාගෙන කෝල් 8ක්.නූනාගෙන් කෙටිපණිවිඩයකුත් ඇවිල්ලා.
"ටේ මොකද ළමයෝ කරන්නෙ phone එකත් ඕෆ් කරන් .ඔම්මා හොදටම බය වෙලා"ඒ නූනාගෙ පණිවිඩය.
මං ගෙදර දුරකථන අංකයට කෝල් කලේ හිතා ගන්න බැරි තරම් වේගෙන්.
"හෙලෝ ඔම්මා"
"ටේ ,උදේ ඉදන් කොහෙද ගියේ"
"ඉන්න ඔම්මා මන් මේ එන ගමන්"
දුරකථනය තියන්ද්දී " පරිස්සමින් ටේ" කියනවා මට ඇහුනා.
Taxi එකට නැග්ගහම අන්තිමට මගේ හිතට සැනසීමක් දැනුනා...
......නිමි.......
_____________________________
💜️
💜️💜️
💜️💜️💜️
💜️💜️💜️💜️
💜️💜️💜️💜️💜️
💜️💜️💜️💜️💜️
💜️💜️💜️💜️💜️
💜️💜️💜️💜️💜
💜️💜️💜️💜️💜️
💜️💜️💜️💜️💜️
💜️💜️💜️💜️
💜️💜️💜️
💜️💜️
💜️