WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_29th Winter_

822 180 220
By A_Shee1

_Winter Bear_ ( Fan Fiction Only )
විසි නවවැනි වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

Special Author's Note

මුලින්ම කියන්නම්.. මට සමාවෙන්න. ඊයෙ එපිය මන් ආපහු කියෙව්වා. ඒත් මට හිතුනා ඒකෙදි මන් කතාවෙන් පිට ගිහින් කියලා. නිකන් වෙන දේවල් ඔයාල පිටින් යවනවා වගේ. ගොඩක් අය මට ඒක කිව්වත් එක්ක. මන් imagine කරපු දේට වඩා දෙයක් මන් අතින් ඊයෙ ලියවිලා. ඒක නිකන් විකාරයක් වගේ වෙලා. ඇත්තටම මට සමාවෙන්න. මන් ඊයෙ එපිය delete කරන්නෙ නෑ. ඒ වුනත් ඊයෙ කතාව කියවලා අපහසුතාවයට පත් වුනු හැමෝගෙන්ම මන් සමාව ඉල්ලනවා.

I am seriously very sorry..

~~~~~~~~~~

" ඒ කියන්නෙ ඔයාලට ඔප්පු කරන්න කිසිම සාක්ශියක්, ක්‍රමයක් නෑ ඔයාලා නිර්දෝශියි කියලා.."

එතන හිටපු lawyer ආපහු ඇහුවෙ එලීසගෙන්. එලීසා කියන්නෙ Lawyers ලා ගෙන් අති දක්ශ lawyer කෙනෙක්. එයා මොකුත් කිව්වෙ නෑ. මොකද අහින්සා ආපහු එන්නෙ නෑ කියලා PD Nim එලීසට කලින්ම දන්වලා තිබුනෙ. දැන් මෙතන දි වාද කලොත් අනිවාරෙන් දඩුවම වැඩි වෙනවා කියලා එලීසා දන්නවා. වැරැද්ද භාර අරන් නිහඩ වුනොත් වන්දිය අඩු කර ගන්න පුලුවන් කියලා එයා දන්නවා.

" ඔයාලා ඔයාලගෙ Office එකට අරන් තියන්නෙ ගොලු lawyer කෙනෙක්නේ. මට නම් මේ විකාරෙට හිනාත් යනවා.."

එහෙම කිව්වෙ QW Entertainment එකෙන් meeting එකට ඇවිත් හිටපු lawyer. එලීසා දන්නවා.. දැන් එයාලා හදන්නෙ එලීසව අවුස්ස ගන්න කියලා. මොකද එයා අතින් එක වචනයක් හරි තදට කියවුනොත් කෙලින්ම අපහස නඩු.

ඒක නිසා කෙල්ල මොකුත්ම කිව්වෙ නෑ. ඒ වුනාට මේ ප්‍රශ්නෙ එතනදි දැන ගත්තු ජන්කුක් හිටියෙ මාරාවේශ වෙලා. කොහොමත් එයාට එලීසත් එක්ක ඇරියස්නේ. කැඩුනු phone එක නිසා. ජන්කුක් වාඩි වෙලා හිටියෙ එලීසට එහා පැත්තෙ.

" තමුසෙ මොනාද කරන්නෙ..?? මේකට කතා කරනවා. කට ගෙවිල ද..?"

ජන්කුක් හීන් හඩකින් වුනත් ඇහුවෙ තදින්. එලීසා ඒ වෙලාවෙ තමයි දැක්කෙ එයා දිහා තරහෙන් බලන් ඉන්න ජන්කුක්ව. ඒ වුනත් කෙල්ල මොකුත් කිව්වෙ නෑ.

" අපි ආපහු අහන්නම්. ඔයාලා මේකෙන් පරදිනවද..?" ඒක නිකන් උසාවියක් වගේ. අනිත් දේ QW Lawyer හැසිරුනේ හරියට එලීසගෙ පවුද්ගලික තරහකාරයෙක් වගේ.

" මොනව හරි කරනවා. මොන ලැජ්ජාවක් ද මේක.."

ජන්කුක් ඒ පාර නම් එලීසගේ අතින් තදට අල්ලලා ටිකක් සද්දෙට කතා කලා. ඒ හඩට හැමෝම ගැස්සුනා. ඒ අල්ලපු පාරට එලීසගේ අත මැනික් කටුව ලගින් වෙන් වෙන්න වගේ රිදුනා. එයාගෙ ඇස් වල කදුලු පිරුනත් එයා ඔලුව දෙපැත්තට හොලලවලා ඇස් වලින් කිව්වෙ කලබල කරන්න එපා කියලා.

ජිමින් නම් හිටියෙ වෙනම ලෝකෙක. එයා දන්නෙ නෑ වෙන්නෙ මොකක්ද කියලවත්.

" මේ අහන අන්තිම වතාව. ඔයාලා වැරැද්ද භාර ගන්නවද..??" එලීසා නැගිට්ටෙ එතකොට. කෙල්ලගෙ අත මැනික් කටුව ලගින් වෙන් වෙලාද කොහෙද..

" අපි..."

ඒත් එතකොටම තමා Bighit Entertainment එකේ Main Meeting room එකේ දොර ඇරුනෙ.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

( මොනාද හිතුනෙ.. අහින්සා කියලද..?? යන්න ලමයි.. ගිහින් පොත පතක වැඩක් බලාගන්න.. අහින්සා නෙවේ.. හුලගට ඇරුනෙ..)

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

~~~~~~~~~~

" නෑ.. අපි ඒක පිලිගන්නෙ නෑ.."

.

.

.

.

( AC කරපු room වල හුලගට දොරවල් ඇරෙයිද..? 🙂)

" ඔන්නි ඔයා..!!"

" Lawyer ලීසා.. දැන් කතා කරන්න ඔයා" එයා කිව්වෙ එලීසා දිහා බලලා.

එයා ඇදන් හිටියේ තද ලා පාට ඩෙනිමයි, ඒකට ගැලපෙන ලස්සන තද නිල් පාට අත් දිග කමිසයයි. ඊට උඩින් සුදු පාට වෛද්‍ය කබායක් තිබුනා. කොන්ඩෙ උරහිසට වඩා ටිකක් පහලට දිගයි. කලු පාට straight කොන්ඩයක්. සුදු පාට කබායට උඩින් බෙල්ලත් වැහෙන්න කොන්ඩෙ කඩන් වැටෙනකොට මාරම ලස්සනයි. දිගම දිග ඇස් පිහාටු. ගොඩක්ම සුදු නැති තලෙලු පාට හම. එකම එක කැලලක් නැති මූන. අත් දෙකත් සාක්කුවට දාගෙන ඒ කෙල්ල කතා කරන ලස්සන.. විශේශම දේ එයා ආපු ගමන්ම ජිමින් දිහා හැරිලා බලපු විදිහ. එයා දිහා බලලා ඔලුව වනපු විදිහ. එයාගෙ කෝට් එකේ සාක්කුව උඩ තිබුනු batches ටික. 

අනිත් විශේශම දේ..
එයාගෙ Name Batch එකේ තිබුන නම..

Specialist Cardiologist
Ahinsa Weenawi

ටේ හ්‍යුන් හිටියෙ ඉවසීම දරා ගන්න දත් මිටි කාගෙන. මේ දේ වෙයි කියලා දැන ගත්ත නිසා තමයි එයා ආවෙ නැත්තෙ. ඒ වුනත් එයාට එන්න වුනා.

" මෙච්චර වෙලා කතා කලේ ඔයානෙ Mr. දැන් කතා කරයි Bighit Entertainment එකේ Main Lawyer.." අහින්සා කිව්වෙ හඩ පාත් කරලා ගොඩක් දැඩි විදිහට.

" පටන් ගමු ලීසා.. "

අහින්සා කිව්වෙ එලීසගෙන් පුටුවෙන් වාඩි වෙන ගමන්. ටිකක් වෙලා අහින්සා බලන් හිටපු lawyer වැඩේ පටන් ගත්තා.

" Okay.. මන් කාගෙන්වත් අවසර ගන්නෙ නෑ මෙතන කතා කරන්න. Because this is not the court.. මෙච්චර වෙලා මන් කියපු ටික අහන් හිටියා. දැන් මන් කතා කරන්නම්. I am the main lawyer in Bighit Entertainment. ඔයාලා අපිට විරුද්ධව එල්ල කරලා තියන චෝදනාව අපි බැහැර කරනවා.."

වාව්..

ඒ කට. අර හැම දේකටම කදුලු පුරෝගෙන අඩන එලීසගෙ නම් නෙවෙයි. Lawyer එලීසා ග්‍රාන්ටේගෙ. කට්ටියම ගැස්සිලා බලන් හිටියේ එයා දිහා. විශේශයෙන්ම ජන්කුක්.

" ඔව්.. ඔයාලා අපිට විරුද්ධව මේක කරන්න හේතුව medical team එකේ head.. ඔයාලා කියන්නෙ එයාට සුදුසුකම් නෑ කියන එකනෙ.."

" ඔව්. ඇයි ප්‍රතික්ෂේප කරනවද..?? " තාමත් QW lawyer කතාව ගහන්න වගේ.

" ඔව්.. මොකද අපිට ඉන්නවා Doctor කෙනෙක්. එයා තමයි අපේ medical team එකේ head.. Doctor Ahinsa Weenawi.."

" ඔව්.. අපිටත් පුලුවන් නිකන් කෙනෙක්ව medical coat එක දාලා doctor කියලා පෙන්නන්න. ඒත් එහෙම කලේ නෑ අපි.."

" ඔව්.. මන් ඔප්පු කරන්නම් ඒ කවුද කියලා.. Doctor.. Now you speak.."

එලීසා එහෙම කියලා අහින්සගෙ පැත්තට හැරිලා කතා කරන්න කියලා අහින්සට ඇස් වලින් කිව්වා. අහින්සා එතනින් නැගිටලා කතාව පටන් ගනිද්දිම එලීසා අහින්සා වාඩි වෙලා හිටපු පුටුවෙ වාඩි වුනා.

" Okay.. I am Ahinsa Weenawi from Sri Lanka. And also I am working as a Medical Officer at Bighit Entertainment and as a Specialist Cardiologist in the Base Hospital, Seoul.."

දෙනෙත් යුගල් ගානක් ගැස්සෙද්දි අහින්සා එහෙම කිව්වා. ටේ හ්‍යුන්.. ඔව්.. එයා ඒ කතාවට නම් ගොඩක් ගැස්සුනා.

1" ඔයා කොහොමද අපිට ඒක ඔප්පු කරන්නෙ..??" ආපහු QW Entertainment එකේ lawyer ඇහුවා.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

~~~~~~~~~~

_Back to late last night_

Sp Note :- This is Ahinsa's point of view..

මන් PD Sir ට ලියුම බාර දීලා එලියට ආවා. මට යන්න තැනක් නෑ. මන් කොහෙ යන්නද..?? ආපහු නැන්දා ලගට. මන් මොනාද කියන්නෙ..? ආපහු රස්සාව නැති කර ගත්තා කියල ද..? මේක දැන් ඇතිවෙලා. මේ දුක.. මේ වේදනාව.. බෑ මට තව දරා ගන්න..

පාරෙ ගොඩක් වාහන යනවා. මන් මේ එකකට පැන්නොත්.. මොකද වෙන්නෙ.. නෑ.. ඒකෙ කිසි පලයක් නෑ. මාව මේ ලෝකෙට එවුවෙ මිනිස්සුන්ට හුස්ම දෙන්න නම් මන් කොහොමද මගේ හුස්ම ටිකත් නැති කර ගන්නෙ..?

මන් ඔහේ ඇවිදගෙන ගියා. කිසිම හේතුවක් නැතුව. අන්තිමට මන් බස් එකකට නැග්ගා. දන්නෙ නෑ ඒක කොහෙද යන්නෙ කියලවත්.

" මිස්.. ඔයා දැන් බහින්න ඕනි. අපි මෙතනින් එහාට යන්නෙ නෑ.. "

මන් මේ ලෝකෙට ආවෙ ඒ හඩින්. බස් එක ඇවිල්ලා. දන්නෙ නෑ ඒ කොහෙද කියලවත්. මන් බස් එකෙන් බැහැලා දිගටම ඇවිද්දා.

" Wow.. Beach එක.."

මන් පොඩි එකෙක් වගේ දුවගෙන ගියේ රැල්ල පාගන්න. ඒත් ඇයි මන් රැල්ල පාගන්නෙ..?? මන් පාගනකොට මට සතුටුයි. ඒ වුනාට රැල්ලට රිදුනොත්.

එතන තිබුන ගල් බංකුවෙන් වාඩි වුන මන් ඔහේ බලන් හිටියෙ පිස්සු හැදිලා වගේ ඔහේ ගලාගෙන යන රැල්ල දිහා.

මුහුදු රැල්ල..

එහෙට යනවා..

මෙහෙට යනවා..

ඈතට යනවා..

ලගට එනවා..

" අහි.." මන් හැරුනෙ මගෙ නමින් කවුරු හරි කතා කරපු නිසා.

" අනු..!!"

" ඇයි අඩන්නෙ..?"

" මන්..? පිස්සුද..??"

" බඩගින්නටද කදුලු ඇවිත් තියන්නෙ.. නෑ.. මුහුදු රැල්ල වෙන්න ඇති ඇස් වලින් එන්නෙ.."

මම දන්නෙත් නෑ..

මගේ ඇස් වල කදුලු..

" වරෙන් බං.. බදාගෙන අඩපන්.. ඇති වෙනකල් අඩලා ඉදින්.."

එයා මන් ලගින් වාඩි වෙලා මගේ ඔලුව එයාගෙ උරහිසෙන් තියා ගත්තා.

" ඇති බං.. දැන් ඇඩුවා ඇති.."

" Sure.."

" සමහර විට.."

" ... "

" Sorry බන්.. මන් උබට බොරු කිව්වට.."

" කමක් නෑ බං.. මන් සේරම දන්නවා.."

" ආ.."

" සේරම.. හැමදේම.. උබ හන්ගපු හැමදේම.."

" හ්ම්.."

" උබ යනව ද..? "

" ඔව්.. මන් පැනලා යනවා.."

" කාගෙන්ද..??"

" ජීවිතෙන්. මගේ එකම ආදරෙන්.."

" හ්ම්.."

" කොහොමද දන්නෙ.. මන් මෙතන කියලා..??"

" උබ ඉන්නෙ කොතනද කියලා මන් දන්නෙ නැති දවසක් කියපන්.."

" ඔව්.. ආසයි මට.. ආපහු උබත් එක්ක ground එකට ගිහින් සෙල්ලම් කරන්න. විකාර කරන්න.."

" ඉතින් බැරිද..?"

" බෑ.. ඒක අතිතයක් විතරයි බං.. දැන් පරක්කු වැඩියි.."

" නෑ.. දවසක පුලුවන් වෙයි.. අපිට යන්න.."

" හ්ම්.."

අපි ටිකක් වෙලා එහෙමම හිටියා. කිසිම කතාවක් නැතුව.

.

.

.

.

.

.

.

" අහි.. උබ අඩන්නෙත් නෑනෙ.. අපි කතා කරමු.."

" හරි බං.."

මන් එහෙම කියාගෙන එයාගෙ උරහිසෙන් ඈත් වෙලා බංකුවට හේත්තු වුනා. වෙලාව කීයද දන්නෙ නෑ. ඒත් මුලු beach එකම කලුවරයි. Lights දැල්විලා තිබුනත් ඒවයින් නික්මුනේ මලානික එලියක්. ඒ එලිය මදි.. මුහුදු වෙරලක් එලිය කරවන්න.

" ඇයි බං උබ මෙච්චර දුර හිතලා තීරන ගන්නෙ..?? මොනාද උබට එහෙම කලා කියලා ලැබෙන දේ..??"

" උබට මගෙන් ඔහොම ප්‍රශ්නයක් අහන්න අයිතියක් නෑ. උබත් තීරනයක් ගද්දි මට වඩා දුර හිතනවා. මන් හිතන්නෙ මේ ජීවිතේ ගැන විතරයි. ඒත් උබ හිතනවා ඊලග ජීවිත ගැනත්.. එහෙම නේ..??"

" මන් පැරදුනා.. උබ හරි.. මන් උබටත් වඩා හිතනවා.."

" ඒකනෙ.."

" කෙලින්ම අහන්නම්.. අපේ වටේ කතා නෑනෙ.."

" හ්ම්.."

" කිම් ටේ හ්‍යුන් කියන්නෙ උබෙ අවුරුදු ගානක ඒකපාර්ශවීය ආදරේ.. කවමදාවත් කාටවත්ම ලැබෙන්නෙ නැති වාසනාවක් උබට ලැබිලා. එයා උබට ආදරෙයි කියලා.. ඇයි උබ මෙහෙම තීරනයක් ගත්තෙ..??"

" ඒකට.."

" දන්නවා ගොඩක් හේතු තියනවා කියලා.. එක එක පැහැදිලි කරපන්"

" උබ මාව කවමදාවත් මෙච්චර අසරන කරලා නෑ අනු.."

" නෑ.. මට මේ ප්‍රශ්නෙදි උබව තේරුම් ගන්න බෑ.."

අනුහස් කිව්වෙ සම්පූර්ණ බොරුවක්..

" හ්ම්.. කෙලින්ම කිව්වොත් එයා idol කෙනෙක්.."

" Idol කෙනෙකුට Doctor කෙනෙක් ගැලපෙන්නෙ නෑ කියල ද..??"

" නෑ.. ගැලපෙනවා. ඒ වුනත් මන් වගේ කෙනෙක්.."

" දිගටම කියන්න. අහන් ඉන්නම්.."

" උබ දන්නව ද..?? කිම් ටේ හ්‍යුන් කියන්නෙ කලින් හිටපු අවුරුදු 18 ක පොඩි කොල්ලා නෙවෙයි. එයාට හැගීම් දැනීම් තියන තරුන කොල්ලෙක් දැන්. විශේශම දේ.. එයා මෙච්චර කල් ජීවත් වුනේ එයාගෙ හැගීම් හිර කරගෙන. අම්මලා තාත්තලා.. පවුලෙ අය.. සහෝදර සහෝදරියෝ.. ඒ කවුරුත් එයා ලග හිටියෙ නෑ. දැන් එයා ඉන්නෙ ගොඩක් තනි වෙලා. අයියලා මල්ලිලා ලගින් හිටියත් තරුන කාලෙට දැනෙන හැගීම් නැති වෙන්නෙ නෑ.. උබ එයාලගෙ main fashion designer. මටත් වඩා හොදට උබ idol life එක ගැන දන්නවා.. නේ..??"

" හ්ම්.."

" උබ දන්නවනෙ.. මන් doctor කෙනෙක්. Specialist කෙනෙක්. මගේ රස්සාවට රැයක් දවාලක් නෑ. ඒකත් හරියට idol life එක වගේ. වෙනසක් නෑ. කන්න වෙලාවක් නෑ.. නිදා ගන්න.. කොටින්ම කිව්වොත් හුස්ම ගන්නවත්.. වෙනස එක දෙයයි.. ජනප්‍රියත්වය, කැමරා වගේ දේවල් අපිට නෑ.."

" හ්ම්.."

" උබ හිතනවද එයාගෙ තනිකම පාලුව මකන්න මට පුලුවන් වෙයිද කියලා.. Concert එකක් වෙලාවට ලගින් ඉදලා හයියක් වෙන්න.. එයාගෙ හිනාවට හේතු වෙන්න මට පුලුවන් වෙයි කියලා.."

" බෑ.. කීයටවත් බෑ.."

" නෑ.. මට පුලුවන්.. මන් රස්සාව අත් ඇරියත් නැතත් මන් ඒ දේ කරයි. නොකා නොබී හරි ඒ ආදරේට හයියක් වෙයි.."

" ඒනම්.. ඇයි මේ..??"

" මතකද..?? මන් Martial Artist කෙනෙක් කියලා..??"

" ඕ.."

" උබ මට කරපු දෙයින් මන් ඒ හැමදේම අත ඇරියා.. නෑ.. මට අත් අරින්න වුනා.. උබ දන්නවද ඒක..?"

" හ්ම්.."

" මගෙන් වුනු ඒ වැරදීම නිසා මන් තීරනයක් ගත්තා. අපේ ගෙදරටත් හොරෙන්.."

" අහි.. උබ කියන්න හදන්නෙ..??"

" ඔව්.. I am one of the captain of world emergency service.."

" ඒ කියන්නෙ..!?"

" ඔව් බං.. දැන් කතා කලත් මන් යන්න ඕනි. ජීවිතේ අත් ඇරලා.."

" ඇයි උබ මෙහෙම කලේ.. අහි.. ඇයි.. ඇයි..??"

අනුහස් පිස්සෙක් වගේ අඩන්න ගත්තෙ මගේ උරහිස් වලින් හොල්ලන ගමන්.

" මන් හිතන්නෙ මන් උබට කිව්ව දේ ඇතුලෙ ඒක තිබුනා.."

" ඒ කියන්නෙ..??"

" ඔව්.. ඒ උබ.. උබ කරපු දේ..
.

.

please don't ask for excuses.. මට තවත් අඩන්න බෑ.."

මන් එකපාරටම අතීතෙට ගියා. මන් World emergency service එකට බැදුනු විදිහ. ජීවිතේ නැතිවුනත් අනිත් මිනිස්සු වෙනුවෙන් කැප වෙනවා කියලා දිව්රපු විදිහ. හැමදේම අද ඊයෙ වගේ..

.

.

.

.

ආපහු දිග නිහැඩියාවක්..

දැන් තවත් කරුවලයි. සමහර විට light වලත් එලිය අඩු වෙලා වෙන්නැති.

.

.

.

.

" කතා කරපං ගොනෝ.. ඇයි මෙහෙම.."අනු කතා කරන්නෙ නැති තැන මන් ඌට බැන්නා. එයාටත් ගොඩක් දුක ඇති. එයා කරපු දෙයක් නිසා මන් ඒ වගේ දෙයක් කලා කිව්වම.

" උබ කියන්නෙ..?? ටේ හ්‍යුන්ට උබ කැමති වුනත් ඊලග තත්පරේදි උබට මැරෙන්න පුලුවන් කියලා.. එතකොට ඒ කොල්ලා කලින් හිතේ විදෙව්ව තනිකමට වඩා තවත් ප්‍රශ්න වැඩි වෙන්නපුළුවන්.."

" කෙලින්ම කිව්වොත් මානසික අවපීඩනයක්. එයා ඇත්තටම මට ගොඩක් ආදරේ කරනවා නම් එයා සදාකාලිකවම මානසික ලෙඩෙක් වෙන්න පුලුවන්.."

" ඒත් දැන් උබ ඒ කොල්ලව දාලා ගියා කියලා ඒ කොල්ලට උබ කියන දේ වෙන්නෙ නැද්ද..??"

" පිස්සුද බං.. එයා මට එයාගෙ ආදරේ ප්‍රකාශ කලා විතරයි. එයාට තව කෙනෙක් ජීවිතේට ආවම මාව අමතක කරන්න පුලුවන්. ඒත් මන් එයාට ලන් වෙලා මට එයාව දාලා යන්න වුනොත් ඔයාලට හිතාගන්නවත් බැරිවෙයි එයාට වෙන දේ ගැන.."

" ඒත් උබට කරදරයක් නොවී තියෙන්නත් පුලුවන් නේද..??"

" සුනාමි, භූමිකම්පා, ගංවතුර.. අපිට කියලා ආවෙ කවද්ද බං.."

" උබ හරි.."

" තව දේවල් තියනවා නේ.."

" හ්ම්.."

" ටේ හ්‍යුන් උබට ආදරේ කරනවා. උබ එයාට කැමති වෙනවා. එයා ඒත් ඒ ආදරේ නිසා පිස්සෙක් වෙයි. උබ වෙන කොල්ලෙක් එක්ක කතා කලත් උබට තියන ආදරේ වැඩිකම නිසා උබවත් වැරදිකාරයෙක් වගේ පේයි.. එයා උබගෙන් පලි ගන්න try කරයි.."

" මන් දන්නවා.. ඒත් ඒක එයාගෙ වැරැද්ද නෙවෙයි. කවුරු හරි ගොඩාක් කාලයක් තනියෙන් ඉදලා එයාට කවුරුම හරි කෙනෙක් ආදරේ කරන්න ලැබුනම ඒ කෙනා ඒ ආදරේට ලෝබ වෙනවා. ඒ ආදරේ ආරක්ශා කර ගන්න ගොඩක් උත්සාහ කරනවා.."

" උබ හරි.. ආදරේ කියන්නෙ තාවකාලික සතුට නෙවෙයි. සදාකාලික සතුට වෙනුවෙන් කැපකිරීම.."

" මේ ලෝකෙ හැම කෙනෙක්ම ඔහොම හිතන්නෙ නැත්තෙ ඇයි..??"

" එහෙම වුනොත් ලෝකෙ මෙච්චර ලස්සන නෑ. විවිධ මිනිස්සු ඉන්න හින්දා තමා ලෝකෙ මෙච්චර ලස්සන.."

" දෙයක් අහන්නම්.."

" අහපන්.."

" උබ මන් වුනා නම්.."

" මන් මෙලහටත් පැනලා ගිහින්.."

" ඇයි මන් මෙච්චර ඉවසුවෙ..? මන් පරක්කුයි ද..?"

" තේරෙන්නෙ නෑ බං.."

ආපහු දිග නිහැඩියාවක් ..

.

.

.

.

.

.

.

.

.

.

" අනු.." ආගන්තුක කටහඩකින් මන් හැරිලා බැලුවා.

" ජිමින් ඔප්පා..!!??"

මට කෑ ගැහුනෙ ඒ වෙලාවෙ ජිමින් ඔප්පා එතන ඉන්නවා දැකලා. අනුට නම් ගානක්ම නෑ. ඒ නිසා මට හිතුනා. මේ දෙන්නා එකට එන්න ඇත්තෙ..

" කතා වෙලාද ආවෙ..??"

" හම්මෝ.. අහිට දෙයක් හන්ගන්න නම් අපිට මේ ආත්මෙ බැරිවෙයි.." ජිමින් ඔප්පා එහෙම කියන ගමන් මට එහා පැත්තෙන් වාඩි වුනා.

" මෝඩ ඔප්පා.. දැන් ඉන්න ඕනි dorm එකේ.. ඇයි මෝඩයෝ.. හෙට concert එක. කිසිම වගකීමක් නෑ.. ශික්.."

" කෑ ගහන්නෙපා මැනික් කැටේ.. මගේ හැටි ගැන දන්නවනේ.."

" හැක හැක තමා.."

" මන් සේරම අහන් හිටියා.."

" ඔප්පා..!"

මගේ ඇගම සීතල වෙලා ගියා. එයා සේරම අහන් හිටියා නම්.

" ඇයි කෙල්ල උබ අපි ලගට ආවෙ.. උබට තිබ්බා අපි ලගට නෑවිත් ඉන්න. උබ මෙච්චර දුක් විදින්නෙ නෑ එහෙනම්.."

" ඔප්පා.."

" මන් හැමදේම දන්නවා බං.. මාත් යාලුවෙක් කියල හිතපන්. මන් එහෙමම කතා කරන්නම්.."

" දැනටමත් යාලුවෙක් වගේ තමයි කතා කරන්නෙ.." අනු කිව්වෙ හිනා වෙවී.

" ඔප්පා මගේ පැත්තෙ ද..??"

" ඔයා හරි අහි.. ඒ වුනත් මන් ටේගෙ පැත්තෙ.. කොහොම වුනත් ටේ කියන්නෙ මගේ පන වගේ යාලුවා. හරියට උබයි අනුයි වගේ.."

" මන් දන්නවා ඔප්පා.. ලෝක ප්‍රසිද්ධ Soulmates ලා ඔයාලා.."

" හ්ම්.."

" ......"

.
.
.
.
.
.
.
.

" මන් ආවෙ මගේ ඒ යාලුකම වෙනුවෙන් උබ ලග දන ගහන්න වුනත් බලාගෙන.."

" මොකක්..??" මන් ඇසුත් ලොකු කරන් ඔප්පා දිහා බැලුවා.

" ආපහු හැරෙන්න අහි.. එකපාරක් අවස්තාවක් දෙන්න ටේට.. එකම එක පාරක්.."

" සේරම අහන් හිටියා නම්.. මන් මැරුනොත් ටේ ගැන බලා ගන්නව ද..?? කවමදාවත් ලෙඩෙක් වෙන්න නොදී.. ජීවිතේ මන් නිසා විදවන්නෙ නැතුව සතුටින් විදින්න හදලා දෙනව ද..??"

" මන්.."

" දැන් උනත් මන් හැරෙන්නම් ආපහු.. මට පොරොන්දු වෙනවද..?? ........... මාත් එයාට ආදරෙයි.. හරියට පිස්සෙක් වගේ. ඔව්.. මටත් ඕනි වුනා එදා එයා මට කැමතියි කියද්දි.. එයා මාව කිස් කරද්දි.. එයාට තුරුල් වෙන්න. මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න.. ඒත් මගේ ආදරේ නිසා මට ඒ දේ කරන්න අදටත් බෑ. මන් පිස්සෙක් වගේ.. මන් පිස්සෙක් වෙලා ඉන්නෙ.. අවුරුදු ගානක් තිස්සෙ තනියම ආදරේ කරපු කෙනා හීනෙකින්වත් හිතන්නෙ නැති විදිහට මගේ ආදරේ එයාට ඕනි කියද්දි ඔයාලා හිතුවෙ මන් එයාව අත් අරින්න කැමති වෙයි කියලා.. විනාඩියට හිතුව ද..?? මන් කොච්චර විදෙව්වද..?? මටත් ඕනි.. මුලු ලෝකයක් ආදරේ කරන එයාගෙ ආදරේ මට දුන්නම එයාගෙ කියලා එයාට තුරුල් වෙන්න. ලොකු ලොකු හීන නෑ. මට ඕනි එයාගෙ සතුට වෙන්න.. ඒත් මට එහෙම බෑ. මන් මේ විදිහට හිතන නිසා මට මෙච්චර දුර හිතන්න පුලුවන් නිසා මට බෑ ඒ තීරනේ ගන්න.. එකපාරක් කියන්න.. මන් නිසා එයා පිස්සෙක් වුනොත්.. මන් කොහොමද සතුටෙන් හරි මැරිලා යන්නෙ.. කියන්න.. කතා කරන්න.. ඔප්පාආ.. මට උත්තර දෙන්න.."

මන් කෑගැහුවෙ මුලු beach එකටම ඇහෙන්න. ජිමින් ඔප්පගෙ t-shirt එකේ කොලර් එකෙන් අල්ලලා පිස්සෙක් වගේ කෑ ගැහුවා. මට දැනුනා මගේ ඇස් වලින් කදුලු ගලාගෙන එනවා. ඔප්පා මාව උරහිසට හේත්තු කර ගත්තෙ මට ඇති තරම් කෑ ගහලා අඩන්න දීලා.. මට ඇහුනා අනුගේ කදුලු වල සද්දෙ.. මන් නිසා එයත් අඩනවා. මට දැනුනා එයා මගේ ඔලුව අත ගානවා. පවු එයත්..

මන් කොච්චර වෙලා එහෙම හිටිය ද දන්නෙ නෑ. ඒත් ගොඩ වෙලාවක් යන්නැති. මන් හෙමීට ජිමින් ඔප්පා ලගින් ඈත් වුනා.

" ඔප්පා.."

" අහින්සා.."

" මට ඒක පොරොන්දු වෙන්න.. එයාව බලා ගන්නවා කියලා.. මන් නැති වුනත් එයාව බලා ගන්නවා කියලා.."

" ඇයි නැති වෙන කතාම කියන්නෙ..??"

" ඒ රස්සාව ගැන ඔයාලා දන්නෙ නෑ ඔප්පා.."

" හ්ම්.."

" කියන්න.. මට පොරොන්දු වෙන්න.."

.

.

.

.

.

" ඒක විතරක් නෙවෙයි. මන් ඔයාගෙන් වැදලා ඉල්ලුවත් ටේගෙ වෙන්න කියලා.. ටේ ඔයාව එයාගෙ කරගෙන ඔයාට මොන විදිහට සලකයිද කියන්න මන් දන්නෙ නෑ. මන් පොරොන්දු වෙන්නම් ඔයාට මොනව හරි වුනොත් මන් එයාව බලා ගන්නම් කිසිම දුකක් වෙන්න දෙන්නෙ නැතිව.. ඒ වගේම එයා ඔයාට දුකක් දුන්නොත්.. අපි හය දෙනාම ඔයාගෙ පැත්ත ගන්නම්.. අනුත් එක්ක හත් දෙනයි.. මන් පොරොන්දු වෙන්නම්.."

ජිමින් ඔප්පා එහෙම කිව්වෙ ඈත ක්ශිතිජය දිහා බලාගෙන. ඈත ක්ශිතිජයක් පේන්නෙත් නෑ. මොකද හද ගොඩක් එලිය නෑ. ක්ශිතිජයක් මවන්න තරම්. ඒත් ඔප්පගෙ ඇස් දිලිසෙනවා. මන් ඇයි කියලා හිතුවා. මට ටිකක් වෙලා ගියාට පස්සෙ තමයි තේරුනේ ඒ එයාගෙ ඇස් වල තිබුන කදුලු කියලා.

" ඇත්තටම ද ඔප්පා..?" මන් ඇහුවෙ ඒක ඇත්තක්ම කියලත් දැනගෙන. මට තව අහන්න දෙයක් තිබුනෙ නෑ. ඒකයි මන් එහෙම ඇහුවෙ.

" ඇත්තටමයි.. "

.

.

.

.

.

.

.

.

.

.

.

.

" මන් හැරෙන්නම් ඔප්පා.. අනු.. මන් හැරෙන්නම් ආපහු.."

" එකපාරටම මෙහෙම වෙනස් වුනේ ඇයි අහි.." අනු මගෙන් ඇහුවා.

" දැන් බය වෙන්න දෙයක් නෑ. එයාගෙ ආරක්ෂාව ගැන විශ්වාසයක් තියනවා නම් මට පුලුවන් එයාගෙ තාවකාලික සතුට වෙනුවෙන් මෙහෙම තීරනයක් ගන්න.."

" අහි.. උබ යකෙක්.."

අනු ඒක කිව්වෙ කොහොමද කියලා මන් දන්නෙ නෑ. මොකද මන් හිටියෙ මුහුදු රැල්ල දිහා බලන්.

" හැම කෙල්ලෙක්ම ඔයා වගේද අහි..?"

" නෑ ජිමින් හ්‍යුන්.. මන් හිතන්නෙ හැම කෙල්ලෙක්ම අහින්සා වගේ කියලා.." අනුහස් මන් වෙනුවට ආපහු උත්තර දුන්නා.

" හ්‍යුන්ලා හැමෝම දන්නවා ඔයා ගැන.. එයාලා දන්නෙ නැත්තෙ ඔයා specialist කෙනෙක් කියලා විතරයි.." ඒ ජිමින් ඔප්පා කිව්ව අන්තිම කතාව.

~~~~~~~~~~

තවත් යාලුවො දෙන්නෙක්..

ඒ බැදීම දන්නෙ එහෙම යාලුකමක් තියන අය විතරයි..

කන්නෙ බොන්නෙ එකට..

හිනා වෙන්නෙ එකට..

අඩන්නෙ එකට..

අහින්සා වීනාවි එක්ක අනුහස් දේවින්ද කියන්නෙ එහෙම දෙන්නෙක්..

ඒ වගේම

Park Jimin එක්ක Kim Taehyung කියන්නෙ තවත් එහෙම දෙන්නෙක්..

ඒ බැදීමට වටිනාකමක් දෙන්න අහින්සා තවත් කැප කිරීමක් කලා..

අහින්සා ඒ වෙනකොටත් දැනන් හිටියා. එයාට ආපහු හැරෙන්න ජීවිතේ අවස්ථාවක් එන්නෙ නෑ කියලා.. ජීව්තේ පලවෙනි පාරට වගේම අන්තිම පාරට එයා ගත්තු තීරනේ වෙනස් කලා. ආපහු හැරුනා.

~~~~~~~~~~

අහින්සා එදා රෑ හිටියේ අනුහස්ගෙ ගෙදර. උදේම නැගිටපු කෙල්ල Hospital එකට ගිහින් තමන් එහෙ වැඩ කරනවා කියලා ලියුමක් ගත්තා. එයාට ප්‍රශ්නයක් වුනේ නෑ. මොකද වූ බින් එයාව නීතියට පිටින් තමයි එදා කෙල්ලව රෝහලේ වැඩ වලින් අයින් කලේ.

ඊට පස්සෙ එයා ලෑස්ති වෙලා Doctor කෙනෙක් විදිහට Bighit Entertainment එකට ආවෙ කට්ටියගෙම ඇස් පුදුමෙන් විවර වෙද්දි. එතකොටත් meeting එක පටන් අරන්..

~~~~~~~~~~~

" මේක තමා ඔප්පු කරන්න පුලුවන් ලියුම.. මගේ occupation එක ගැන ඔයාලට ඕනි නම් ඕනිම විදිහකින් check කරලා බලන්න පුලුවන්. මන් South Korean නොවන නිසා මෙහෙ වැඩ කරන්න බැරි නෑ. මොකද මට මෙහෙ medical license එක තියනවා.."

" මොකක්.."

" ඔව්.. ඔයාලට ඕනි වුන දේ ගැන අපිට අපේ lawyer හොදට පැහැදිලි කරලා දුන්නා. මේක South Korea වල තියෙන වැඩිම ආදායම ලබන entertainment ආයතනය. මේකෙ staff එක කවමදාවත් වගකීමක් නැතුව වැඩ කරන්නෙ නෑ.. මන් ඕනිම වෙලාවම මේ හත් දෙනාගෙ medical report එකට වග කියනවා. ඕනිම බරපතල තත්ත්වෙකදි වුනත්. තව ප්‍රශ්න තියනවා නම් අහන්න පුලුවන්.."

කවුරුත් හ්ම් කියන්නෙ නෑ.. 

" හරි.. එහෙනම් මන් ආපහු lawyer ට කතාව භාර දෙනවා." එලීසා ආපහු නැගිට්ටා.

" ඔව්.. එහෙනම් දැන් මන් ඉදිරිපත් කරන්නෙ අයිතිවාසිකම් පිලිබදව තියන නීති..

අංක එක.. ව්‍යාජ නඩු ගොනු කර අතිශය කාර්යබහුල ජනතාව අපහසුතාවයට පත් කිරීම

අංක දෙක.. අපහාස කිරීම හේතුවෙන් අපහාස නඩු..

අංක තුන.. වන්දි ඉල්ලීමේදි ගොනු කරන ලද කොන්දේසි මත පෙරලා වන්දි ගෙවීමට එකග වීම..

අංක හතර..

අංක පහ..

අංක හය..

.

.

.

.

🥲🥲

එලීසා ග්‍රාන්ටේ එයාගෙ නීති දැනුම ගැන හැමෝම ඉස්සරහ පෙන්නුවා. එයා කතා කරපු විදිහට අනිත් lawyers ලා ඔලුවෙ අත ගහ ගත්තා. අහින්සා පවා පුදුමෙන් බලන් හිටියෙ මේ කෙල්ල කොච්චර දක්ශ ද කියලා.

කොහොම හරි කෙල්ල නැවතුනේ Bighit එකට QW එකට ගෙවන්න තිබ්බ වන්දියට වඩා දෙගුනයක් එයාලට ගෙවන්න වෙන විදිහට වැඩ කරවලා. ඒ විතරක් නෙවෙයි.. කෙල්ල හැමෝටම සමාව අරන් දුන්නෙ ආය QW එකට ඒ වගේ වැඩක් කරන්න කවමදාවත් හිතන්නවත් තියන්නෙ නැතුව.

" මන් හිතනවා දැන්වත් ඔයාලා මාව දන්නවා ඇති. මන් Lawyer එලීසා ග්‍රාන්ටේ.. සාමාන්‍යයෙන් නම් මාව court එකේදි හදුන්වන්නෙ Lawyer L කියලා. මන් වැඩ කරන්නෙ Bighit Entertainment එකේ. ඒ වගේම මේ ඉන්නෙ මේ ලෝකෙ දැනට ඉන්න youngest specialist cardiologist අහින්සා වීනාවි. තව දෙයක්.. මේ ඉන්නෙ ලෝක ප්‍රසිද්ධ BTS boy band එක. එතකොට එයාලගෙ fashion designer තමා දැනට කොරියාවෙ ඉන්න හොදම fashion designer. මේ අපේ staff එක. ඒ නිසා ඔයාලා අපිත් එක්ක හැප්පෙන්න හදන්නෙ නැතුව ඔයාලා දියුනු වෙන්න බලන්න. අවසන් වතාවට මන් මෙච්චර හොදින් මේක විසදුවේ මේක මගේ පලවෙනි case එක නිසා. නැත්නම් මන් මීට වඩා දරුනු වෙනවා. ඒක නිසා ඔයාලා සමාව ගන්න ඕනි මේ දැන්ම..😏

No 01 .. PD sir

No 02 .. Medical taem head

No 03 .. Leader of BTS group "

Case එක ගැන කතා කරන්න ආපු ප්‍රධාන lawyers ලා දෙන්නා එලියට ගිහින් තිබ්බෙ. QW එකේ lawyer එක්ක Manager එලියට යන්න හදනකොටම තමයි එලීසා එහෙම කිව්වෙ. මොනා කරන්නද..?? එයාලා හැමෝගෙන්ම සමාව ගත්තා. මූනු හරියට දෙහි ලෙලි වගේ..

.

.

.

.

.

.

.

.

.

Meeting එකේ වැඩ ඉවරයි. ඒත් කවුරුත්ම තාම එලියට ගියේ නෑ පිටින් ආපු අය ඇරෙන්න.

තාම පුදුමෙන් කට ඇරන් බලන් ඉන්න PD Nim..

මොකුත් හිතා ගන්න බැරුව ඉන්න jimin ඇරෙන්න BTS group එකේ කට්ටිය..

යක්ශාවේශ වෙලා හිටපු කිම් ටේ හ්‍යුන්..

තමන්ටම බැන ගන්න ජන්කුක්..

පැත්තකට වෙලා බලන් ඉන්න අහින්සයි එලීසයි..

ටිකක් වෙලා ගියා. කතාව පටන් ගත්තේ අහින්සාමයි..

" Sir.. සමාවෙන්න.."

" හෑ.."

" මට සමාවෙන්න සර්.. මන්"

" මොකටද දුව සමාව ඉල්ලන්නෙ..?? ඔයා.. ඔයා.." එයාට සතුටට වචනත් පැටලෙනවා. ඒත් තාමත් පුදුමයි.

" මන් ආපහු හැරුනා සර්.. මට කරන්න පුලුවන් උපරිමය මන් කලා.."

" මාව පස්සෙ හම්බෙන්න දුව.. මන් හිතන්නෙ නෑ මට දැන් ඔයාට කතා කරන්න පුලුවන් තත්ත්වෙක ඉන්නවා කියලා. එලීසා.. ඔයත් මාව හම්බෙන්න.." PD Nim එහෙම කියලා meeting room එකෙන් office room එකට ගියා. එයා හිටියෙ පිස්සු හැදිලා. එක අතකින් අහින්සා ආපු එක. අනිත් අති එලීසා case එක handdle කරපු විදිහ.

" ඔන්නි.. පහක් දාමුද..??" එලීසා ඇහුවෙ PD එලියට ගියාට පස්සෙ.

" පිස්සු කෙල්ල.. අම්මෝ.. පොඩි දේටත් ඇඩුවට කට කතුරක් වගේනෙ.." අහින්සා කිව්වෙ ලීසගෙ කොන්ඩෙ අවුල් කරන ගමන්.

" අනේ ඔන්නි.." එලීසා එහෙම කියාගෙනම එහාට පැන්නා.

" කලින් කියන්න එපැයි. ඔච්චර ලොකු කටක් තියනවා කියලා.."

" හහ්.. ඔන්නි මට කියන්නෙ.. දැන් ඔයා Surgery room එකේදි කාවහරි operate කරනකොට ඔයාට කවුරු හරි කියලා තියනවද..?? ඔයාට ඔච්චර දක්ශ ඇගිලි ටිකක් තියනවා කියලා.."

" මොකක් කිව්වා.."

" ඇයි ඉතින් surgeries handdle  කරන්නෙ ඔය ඇගිලි වලින්නෙ.." ඒ කතාවට හැමෝටම හිනා. ටේ හ්‍යුන්ට ඇරෙන්න.

" හම්මෝ.. මට බෑ ඔයත් එක්ක කතා කරලා දිනන්න.. " අහින්සා නිකන්ම කට වහ ගත්තා.

" ඔන්නි.. අපි පස්සෙ කතා කරමු. මන් දැන් court එකට යන්න ඕනි.. මේ case එක complete කරන්න.." එහෙම කියලා එලීසත් meeting room එකෙන් ගියා.

.

.

.

.

.

.

.

.

" ඔප්පලා.. ඔහොම බලන්නෙපා.. මන් අමුතු සතෙක් නෙවේ. අපි පස්සෙ කතා කරමු. දැන් මටත් hospital එකට යන්න වෙනවා.. තරහ වෙන්නෙපා.." අහින්සා එහෙම කියලා එලියට ආවේ කවුරුත් මොකුත් අහන්න කලින්.

ටේ හ්‍යුන්.. කෝ එයා..

.
.
.
.
.
.
.
.
.
.

________________________________

Cover by :-  _KIASA_
ආදරෙයි අක්කි ගොඩක්.. ❤🥰

[ Re-edit || කතාව ගැලපීමක් නෑ කියලා හිතෙනවා.. Re-readers ලා ඉන්නවා නම් දැනෙන විදිහ මෙතනින් කියන් යන්න 💔 ]

A_Shee ~

Continue Reading

You'll Also Like

107K 4.8K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
255K 45.4K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
15.6K 4.9K 19
Don't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐊𝐢𝐦 𝐒𝐞𝐨𝐤𝐣𝐢𝐧 &𝐊.𝐍𝐚𝐦𝐣𝐨𝐨𝐧 𝐌𝐚𝐟𝐢𝐚 𝐊𝐢𝐥𝐥𝐞𝐫 _ 𝐃𝐞𝐚𝐭𝐡 𝐨𝐟 𝐀𝐧...
10.9K 2.2K 14
" ගොඩක් වෙලාවට අපි හැමෝම හිතනවා අපි ප්රාර්ථනා කරන දේවල් අපට ලැබෙන්නේ නෑ කියලා. ඒත් අපිට අපේ හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න පුලුවන් නම් අපේ හීන හැබෑ ව...