WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_23rd Winter_

637 167 85
By A_Shee1

_Winter Bear_ ( Fan Fiction Only )
විසි තුන්වැනි වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" මොකක් කිව්වෙ..?? කෙල්ලෙක් dorm එකට යන්න හදනවා..??"

ජීහි කතා කරා නෙවෙයි කෑ ගැහුවා. එයා දැන් තමයි දන්නෙ අහින්සා medical officer කෙනෙක් විදිහට dorm එකට යවනවා කියලා. ඒකත් මීශා ඔන්නි කිව්වට පස්සෙ.

" ඇයි..?? නවත්තන්න ද ජීහි..??"

මීශා ඔන්නි ඇහුවේ කට කොනකින් හිනාවෙලා. මොකද ජීහීට ටේ හ්‍යුන්ගෙ පස්සෙන් යන අමුතු පිස්සුවක් තියනවා කියලා ඔන්නිට කලින් ඉදන්ම දැනිලා තිබුනෙ.

" කවුද ඔන්නි ඒ කෙල්ල.. ආ.. කවුද කෙල්ලෙක්ව එහෙම යවන්න කැමැත්ත දීලා තියන්නෙ..??"

" ඔයා කෑ ගැහුවට වැඩක් නෑ ජීහි.. Director sir තමයි අහින්සාව දාලා තියන්නෙ.. ඔයාට මොකුත් කරන්න බෑ.."

" හහ්.. අහින්ස ද..?? මට කොහොමත් ඒකිව පෙන්නන්න බෑ.. නිකන්ම නිකන් medical officer කෙනෙක් වුනා කියලා හෙන ගෑස් එකේනෙ ඉන්නෙ.. කෝමත් ඒකි මටයි ටේ ඔප්පටයි හෙන සීන් එකක් දැම්මා දවසක්.. බලාගන්නම්කො මන් ඕකිත් එක්ක.."

ජීහි එහෙම කියලා තරහින් නැගිටලා ගියේ අහින්සට දෙකක් කියනවා කියලා..

අහින්සා බෑග් එකත් අරගෙන කොල්ලන්ගෙ practice room එකට එන ගමන් හිටියෙ. කට්ටියටම එතනට සෙට් වෙනවා කියලා තමයි කුකි කෙල්ලට කියල තිබුනෙ. කොල්ලො ටික practice room එකට වෙලා හිටියේ අහින්සා එනකල්.. ඒත් එතන ජින් හ්‍යුන් හිටියෙ නෑ. එයා හිටියේ washroom ගිහින්.

" මේ හලෝ.."

ජීහි එතනට ඇවිත් අහින්සට කතා කලා. කරුමෙකට හොදටද මන්දා ඒ වෙලාවෙ practice room window curtains සේරම උඩට දාලා තිබුනෙ. ජීහි දැක්කෙ නැති වුනත් කොල්ලො ටික බලන් ඉන්නෙ එයාලා හිටපු පැත්ත කියලා අහින්සා මුලින්ම දැක්කෙ එයාලව.

" මට ද කතා කලේ..??"🙄

අහින්සා ඇහුවේ සාමාන්‍යයෙන් Bighit එක ඇතුලෙ එයාට එහෙම තරහෙන් කතා කරන්න කෙනෙක් ඉන්න විදිහක් නැති නිසා.. තරහ වුනත් ටේ හ්‍යුන් විතරයිනෙ.. එයාටත් දැන් මාව අමතක ඇති.

" ඔව් තමුන්ට තමයි.."

" අහ්.. කියන්න.." අහින්සත් ජීහි දිහා බැලුවෙ ඕනිම දේකට ලෑස්තියෙන්.

හොද වෙලාවට practice room එක ඇතුලට එලියෙ කියන කිසි දෙයක් ඇහෙන්නෙ නෑ. ඒ වුනත් පේනවා. ඇතුලෙ එක්කෙනෙක් හොදටම බය වෙලා. ඒ ටේ හ්‍යුන්.. මොකද එයා දැන ගත්තා ජීහි කරන්න යන්නෙ එච්චර හොද වැඩක් නෙවෙයි.. ඒත් මොනා කරන්න ද..?? දැන් අහින්සා ගැනවත් ජීහි ගැනවත් එයාට කිසිම හැගීමක් නෑනෙ.. එයාගෙ හිතේ තාමත් ඉන්නෙ අර එයා හොයන Specialist Cardiologist අහින්සා වීනාවි විතරයි..

ඒ කියන්නෙ එයා ආදරේ කරලා තියන්නෙ කෙල්ලගෙ ජොබ් එකටද...?? නෑ එහෙම නෙවෙයි.. එයා සම්පූර්ණයෙන්ම හිතන් ඉන්නෙ medical officer අහින්සා එදා කියපු කතාව ඇත්ත කියලා.. ඒ කියන්නෙ කෙටියෙන් කිව්වොත් Medical Officer Ahinsa Weenawi & Specialist Cardiologist Ahinsa Weenawi කියන්නෙ දෙන්නෙක් කියලා කොල්ල හිතන් ඉන්නේ..

" තමුන් දන්නව ද මන් කවුද කියලා..??"

" ආහ්.."

" මන් ඇහුවෙ තමුසෙ මාව දන්නවද කියලා..??"

" නෑ.."

" හහ්.. පේනවා.. මන් වගේ කෙනෙක් අදුර ගන්න තරම් ඔයා වැදගත් කෙනෙක් නෙවෙයිනේ.."

" ඔව් ඒක ඇත්ත.. ඇයි එහෙනම් මට කතා කරන්නෙ..??"😏

" ආ.."

" මන් එච්චර වැදගත් නෑ ඔයා වගේ කෙනෙක් අදුරන්න තරම්.. මන් යන්නද.. Excuse me.."

අහින්සා පල් හිනාවක් දාලා එහෙම කියන් ජීහිව පහු කරන් ගියා. ඒ වුනත් කේන්තියත් එක්ක රතු වුන ජීහි කෙල්ල ඉස්සරහට ආපහු ගිහින් හිට ගත්තා.

" මන් කතා කරලා ඉවර නෑ .."

" ආහ්.. ඒමද..?? ඉක්මනට කියන්න පුලුවන් ද..?? මට පරක්කු වෙනවා.."

" හහ්.. ඔව්නෙ.. තමුසෙට පරක්කු වෙනවා ඇතිනෙ අර ලෝකයක් වටින කොල්ලො ටිකව දැලේ දා ගන්න යන්න.. නේද..??"

ඒ කතාව ඇහුන ගමන් තමයි අහින්සට තේරුනේ වෙන්නෙ මොකක්ද කියලා. එහෙනම් මේ පෝස්ට් එක හින්දා මේ වගේ කරදරත් එන්න පුලුවන් නේ.. කෙල්ල මොකුත්ම කිව්වෙ නෑ. අහක යන නයි ඔලුවෙ දා ගන්නෙ ඇයි කියලා..

ජීහි කිව්ව මේ කතාව ඒ වෙලාවෙ ඇහුනෙ අහින්සට විතරක් නෙවෙයි. Washroom එකට ගිහින් හිටපු ජින් හ්‍යුන් ආපහු practice room එකට ආවෙ ඒ වෙලාවෙමයි. එකපාරටම වෙන්නෙ මොකක්ද කියලා හ්‍යුන්ට තේරුනෙ නෑ. ඒත් එයා දැක්කා practice room එක ඇතුලෙ ඉදන් කටවලුත් ඇරන් මේ දෙන්න දිහා බලන් ඉන්න කට්ටියව. ඒ නිසා හ්‍යුන් ඇතුලට නොයා එතනම හිටියෙ එතෙන්ට ඒ දෙන්නගෙ කතාව ඇහෙන නිසා මොනා වුනත් ටේගෙ future wife නේ එතන ඉන්නෙ...

" තමුන් මේ කියන ටික හොදට අහ ගන්නවා. එතෙන්ට ගියා කියලා උඩ පැන නටන්න ලෑස්ති වෙන්න හිතන්නවත් එපා.. දැන ගන්නවා.. තමුන්ට හීනෙකින්වත් ඒ කොල්ලන්ගෙන් එක් කෙනෙකුටවත් ලන් වෙන්න බෑ. මන් ඒකට ඉඩ දෙන්නෙත් නෑ.."

( හත් දෙනාගෙම අම්මද මෙයා 😂 ඩෝන් )

" අනිත් එක විශේශයෙන් තමුන් දැන ගන්නවා හරියට රෙදි ඇදලා, නටාගෙන යන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්න.. හරිනේ.. කොට කෑලි ඇදගෙන ඉදලා එහෙම මට අහුවෙන්න එපා.."

" ඔයා වගේ අදින්න එපා කියලනේ ඔයා මට කියන්නෙ..??"

අහින්සා අර පල් හිනාව දාගෙන ආපහු ඇහුවා. මොකද ඒ වෙලාවෙ ජීහි ඇදන් හිටියේ ඇගෙන් කාලකටත් වඩා වැහිලා තියෙන ඇදුමක්. ඒ කතාව ඇහුන ජීහිට සීයට දාහක් මල පැන්නා. හැබැයි ඒ කතාව අහන් හිටපු ජින් හ්‍යුන් තව පොඩ්ඩෙන් තද කරන් හිටපු හිනාව නිසා පුපුරලා මැරෙනවා. එයාට එක පාරටම හිතුනෙ..

' වාව්.. ටේ හ්‍යුන් හොයන් තියන්නෙ සුපිරි කෙල්ලෙක්නේ..'

" තමුසෙ මොකක්ද යකෝ කිව්වෙ..??"

එහෙම කියපු ජීහි අතක් ඉස්සුවෙ අහින්සගේ කම්මුල රත් කරන්න හිතන්.. වැඩක් නෑ. ඒ වුනත් තමන්ගෙ පැත්තට එන කම්මුල් පාර කන්න තරම් අහින්සා මෝඩ වුනේ නෑ. ඒ අත මැනික් කටුව ලගින් අල්ල ගත්තු අහින්සා අත තද කලා..

" මේ අහන්න.. මන් මෙච්චර වෙලා ඔයා කියන දේ අහන් හිටියනෙ.. දැන් මන් කියන දේ අහන්න.. මන් දන්නෙ නෑ ඔයා කවුද කියලා.. විශේශයෙන්ම මට ඔයාව දැන ගන්න ඕනිත් නෑ ඔයා කවුද කියලා. මන් දන්නෙ නෑ ඔයා BTS members ලගේ අම්මද නැත්නම් වෙන කවුරු හරිද කියලා. ඒත් මන් හිතන්නෙ නෑ මන් ඔයා කියන දේ අහන්න ඕනි කියලා. මන් එතනට යන්නෙ medical officer කෙනෙක් විදිහට වැඩ භාර අරන්.. ඔයා වගේ මෝඩ අදහස් මගේ ඔලුවට එන්නෙවත් නෑ. ඒ නිසා තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න.. ඊලග පාර නම් මාත් එක්ක හැප්පෙන්න හිතන්නවත් එපා.."

එහෙම කියපු අහින්සා එතනින් එන්න ඇහුවත් ආපහු නවතින්න වුනේ ජීහි අහපු ප්‍රශ්නෙ නිසා..

" මේ අහනවා.. තමුසෙ මට ඔය විදිහට රැස් දාන්නෙ මොනව හිතා ගෙනද..?? ඔය වගේ යක්ශ මූනක් තියාගෙන doctor කෙනෙක් කියලා හිතාගෙනද..?? ආ..??

ඒකට නම් කෙල්ල මාර විදිහට ගැස්සුනා. මූන.. doctor.. ඒත් ඒ ඇත්ත කවදා මේ ලෝකෙට එලි වෙන්න ද..??

" ඔව්.. නෑ. මන් හිතන් ඉන්නෙ මන් Doctor කෙනෙක් කියලා නෙවෙයි.. Specialist කෙනෙක් කියලා. අනිත් එක මේක මගේ මූන.. ඔයාගෙ නෙවෙයිනේ.."

ඒ කතාවට එතන හිටපු කවුරුත් ගැස්සුනේ නැති වුනත් ජින් හ්‍යුන් නම් බයවුනා. මොකද ජිමින් එයාලගෙන් හන්ගලා තිබුන එකම දේ.. කෙල්ල specialist කියන එක.

තව නම් මොහොතක්වත් කෙල්ල නැවතුනේ නෑ. එහෙමම practice room එක දිහාට ආවා. එතකොට තමයි කෙල්ල දැක්කෙ ජින් හ්‍යුන් room එකේ දොර ලග ඉන්නවා.

කවදා හැබැහින් දකින්න හිටපු අයද..??

RM

Jin

Jhope

Suga

Jimin

V

Jk

දැන් එයාලත් එක්ක එකම තැන ජීවත් වෙන්නත් වෙලා. අනේ මන්දා.. දෛවය.. හරිම පුදුමාකාරයි..

" හලෝ මිස්ටර්.. මන් Ahinsa Weenawi VIP medical officer.."

" අහ්.. හලෝව්.. දන්නවා අපි.. එන්න.. අපි ඔයා එනකල් හිටියේ.. යමු ඇතුලට.. අපි ඉක්මනින් පිටත් වෙන්නෝනි.. මාව දන්නවා නේ.. මන් තමයි wo..."

" අහ්.. එපා එපා මිස්ටර්.. මන් දන්නවා හොදට.. ඔයා world wide handsome කියලා.." අහින්සා කිව්වෙ එකපාරටම හිනා වෙන්න පටන් අරන්.. අනේ ඉතින් ජින් හ්‍යුන්ගෙ හිනාව.. අහින්සට අන්තයි.

" අම්මෝ.. ඔයා army කෙනෙක් ද..??"

" ඕ...."

" අනේ මරුනේ.. ඔයා දන්නෝද.. අපේ dorm එකේ කෙල්ලෙක් නවතින් පලවෙනි වතාව මේක කියලා.."

" දේ.."

" අපි නම් ඉන්නෙ මාර හැපි එකේ ඔයා නිසා.. ඒත් ඉතින් ඔයාට අවුලක් වුනොත් එහෙම කියන්න ඕනි හොදේ.. මොකද අපේ කට්ටියගෙ තුන් දෙනෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට පෙත්ත බොන්න අමතක වෙන.. එයාලත් එක්ක ඉන්න එක ඉතින් ටිකක් අමාරුයි.."

" අම්මෝ ඔප්පා.. දන්නෝ දන්නෝ.."

" අනිත් එක.. අර girl කියපු දේවල් ගනන් ගන්නෙපා.. එයා.."

" මට ඒව අමුතු නෑ හ්‍යුන්.. අවුලක් නෑ..හී"

ජින් හ්‍යුන් කතාවක් දා ගෙනම අහින්සව ඇතුලට එක්කන් ගියා.

'ඇත්තටම ටේ හ්‍යුන් කරලා තියන්නෙ හොද තේරීමක්.. අහින්සව දැක්ක ගමන් එයාට හිත යනවා. අර මෝඩ පාට makeup එක නැත්නම් කෙල්ල පට්ට ලස්සනයි.. අනිත් එක කෙල්ල කතා කරන විදිහ.. ඇදිලි පැදිලි නැ.. මාරම ඩීසන්ට්.. ජීහිට කතා කලේ එක විදිහකට.. මට කතා කලේ හරිම cute විදිහට.. ලයින් දාන ගොන් විදිහට නෙවෙයි.. මාර cute විදිහට..' ජින් හ්‍යුන් හිතුවා.

" අම්මෝ.. ආවද යන්තම්.. මන් හිතුවෙ ලබන ආත්මෙ තමයි අපිට dorm එකට යන්නෙ වෙන්නෙ කියලා.." ජන්කුක් කිව්වෙ හෑනුමකුත් යවලා. අහින්සා අනිත් කට්ටියට හොරෙන් කුකියා දිහා රවලා බැලුවත් අනිත් කට්ටිය ඒක දැක්කා.

" මොකද රවන්නෙ ආ.. හුම්..??" කුකි ආපහු ඇහුවෙ කෙල්ලට කරගන්න දෙයක් නැතිවෙන්නමයි.

" මේ පොඩි එකෝ.. කෙල්ලෙක් ආව කියලා පිස්සු නටන්න එහෙම ලෑස්ති වෙන්නෙ නෑ හරි.."

හෝබි හ්‍යුන් කිව්වෙ හිනාවෙවී. මොකද කට්ටිය ඉස්සරට කෙල්ල ආපු පලවෙනි වතාව නිසා කෙල්ල ටිකක් ටෙන්ශන් එකේ හිටියෙ කියලා හ්‍යුන්ට තේරුනා.

" හහ්.. පිස්සු නටන්න.. ඔයාලා දන්නෙ නෑ.. මෙයා තමයි දැන් මගේ යාලුවා.." කුකි කිව්වෙ කෙල්ලගෙ කරට අතකුත් දාගෙන.

" අඩෝ නො.. උබ හිතුවද ඔයා වගේ ඇනයක් යාලුවෙක් කර ගන්න මේ කෙල්ලගෙ මොලේ අවුල් කියලා.." ජිමින් කිව්වෙ කෝකටත් කියලා ටේ හ්‍යුන්ගෙ පස්සට ගිහින් හැන්ගෙන ගමන්.

" මොකක් කිව්වා..??"

" ඇත්තනෙ බම්.."

" හුම්ම්.. ජිමින් හ්‍යුන්.. තරහයි මන්.." කුකි කිව්වෙ මූනත් අකුලගෙන..

" ඉතින්.. මට මොකෝ.."

" හහ්.. මන්.."

" ආ.. හා.. ඇති ඇති.. දැන් රන්ඩු කරන්න වෙලාවක් නෑ."

නම්ජුන් හ්‍යුන් නිසා යන්තම් දෙන්නා කට වහ ගත්තා. දෙන්නෙක් නෙවෙයි.. හරි නම් එතන තුන් දෙනෙක් ඉන්න ඕනි.. ඒ වුනත් ටේ හ්‍යුන්ගෙ මූනෙ බොරුවටවත් හිනාවක් ඇදිලා නැහැ.

" අපිව මේ girl ට අදුන්වලා දෙන්න ඕනි නෑ. අපිටත් අමුත්තෙක් නෙවෙයි. මේ ආර්මි කෙනෙක්" ජින් හ්‍යුන් කිව්වෙ කට්ටියටම ඇහෙන්න.

" වාව් මරුනේ.. කවුද ඔයාගෙ bias..??" නම්ජුන් හ්‍යුන් ඇහුවෙ ජින් හ්‍යුන්ගෙ කතාවට පුදුම වෙලා.

" අහ්.. ඒක මේ.."

" අම්මෝ ජුනී හ්‍යුන්.. ඒක නම් අහන්න එපා. මෙයා මටවත් ඒක කියන්නෙ නෑ." කුකි ආපහු මූන එල්ල ගත්තෙ කෙල්ල එයාගෙ bias ටේ කියලා කාටවත්ම කියපු නැති නිසා.

" රහසක් ද..??"

" අහ්.. හී.. එහෙමයි වගේ.." අහින්සා කිව්වෙ ලැජ්ජාවට රතු වෙලා. ඇයි යකෝ.. වුන දේවල් එක්ක ටේ හ්‍යුන් bias කියලා කියන්නද..

" බලන්නකෝ එහෙනම්.. තව ටික දවසකින් ඔයාටම කියවෙයි කවුද ඒ වාසනාවන්තය කියලා.."

ඔන්න සුගා හ්‍යුනුත් එයාට කටක් තියනවා කියලා පෙන්නුවා. තාම ටේ හ්‍යුන් නම් ඒක පෙන්නුවෙ නෑ. හැබැයි කෙල්ල bias ව හන්ගන කොට නම් ඒ ගැබුරු ඇස් වල බැල්ම තිබුනෙ අහින්සා ලග. අහින්සට ඒක තේරුන නිසා මොකුත් නොකියා බිම බලා ගත්තා.

" මන් Ahinsa Weenawi, Medical Officer, from Sri Lanka.."

එකපාරටම අහින්සා කිව්වෙ මෙච්චර වෙලා ගොනෙක් වගේ ඉදලත් තමන්ව හදුන්වලා දුන්නෙ නැති එකට පසුතැවෙන ගමන්.

" අම්මෝ.. ඔයා ඕක කියන්න ඕනි නෑ. අපි ඔයාගෙ bio data එකක් හොයාගෙන පැය දෙකක් තිස්සෙ ඔයා ගැන කට පාඩම් කලා. Dorm එකේ පලවෙනියට නවතින්න එන කෙල්ල ගැන හොදට දැන ගන්න එපැයි.. නේද හ්‍යුන්..??"

ජිමින් කිව්වෙ ටේවයි කෙල්ලවයි දෙන්නවම අවුස්සන්න හිතන්. හැබැයි කෙල්ල නම් ඇවිස්සුනේ නෑ. දත් තිස් දෙකම පෙන්නලා ජිමිනට රැව්ව මිසක්.. අම්මෝ.. හැබැයි ටේ හ්‍යුන් නම් ගානට ලනුව කෑවා.

" මේ.. දැන් ඔයාලා බෙරිහන් දුන්නා නේද පරක්කුයි පරක්කුයි කියලා.. දැන්වත් යමුද..?? මෙතන විකාර නොකර..??"

" යකෝ.. මේ බලපන්කෝ.." ජිමින් හැදුවේ ආපහු රන්ඩුවක් ඇද ගන්න. ඒ වුනත් හෝබි හ්‍යුන් මැද්දට පැන්න නිසා මොකුත් වුනේ නෑ.

~~~~~~~~~~

Run BTS, Vlive ඔය මොකවත් බොරු රගපෑම් නෙවෙයි. මෙයාලා ලග ඇත්තටම තියන්නෙ ලස්සන සහෝදර බැදීමක්.. වචනවලින් පැහැදිලි කරන්න අමාරු බැදීමක්.. කෙල්ල ඒක තේරුම් ගත්තෙ එක මොහොතකින්..

ඒ වගේම ගොඩක් දේවල් වෙනස් වුනා. දැන් ඉන්නෙ ඉස්සර හිටපු අහින්සා නෙවෙයි. අනුහස් නිසා රිදුනු හිත ජන්කුක්ට එක මොහොතකින් සුවපත් කරන්න පුලුවන් වුනා. ටේ හ්‍යුන්ට උදවු කරන්න හිතන් කෙල්ලව හොදම යාලුවා කර ගත්තු ජන්කුක් ගොඩක් වෙනස් වුනා. අහින්සා ලග තිබුන ගතිගුන නිසා ඒ වගේ කෙනෙක් හොදම යාලුවා කර ගන්න ලැබුනු එකට කොල්ලා ගොඩක් සතුටු වුනා.

අනිත් එක.. ජිමින්.. කෙල්ලගෙ වචන කිහිපයකින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. හරි ලස්සනට කෙල්ල ඒව කියලා දුන්නා..

~~~~~~~~~~

කට්ටියම කාර් පාක් එකට ගියා.. ඒ වෙනකොටත් බඩු සේරම වාහනේට දාලා ජිමිනුයි ජින් හ්‍යුනුයි වාහනේට නැගලා හිටියෙ.

" ජුන් හ්‍යුන්.." එකපාරටම දුවගෙන ආවෙ අනුහස්.

" ඇයි අනූ.. දුවන්න පුරුදු වෙනෝද..??"

" PD sir විනාඩියකට කතා කලා හ්‍යුන්. එහා පැත්තෙ ඉන්නවා.."

" යකෝ.. කෝල් කරලා කියන්න එපැයි.."

" අවුලක් නෑ.."

ඇත්තටම ඒ වෙලාවෙ අහින්සා හිටියේ අනුහස්ව දකින්න තියනවා නම් කියලා.. මොකද ආපහු කවදා දකින්න ලැබෙයිද දන්නෙ නෑනෙ.. එකපාරටම එතනට ආපහු අනුව දැක්ක ගමන් කෙල්ලව ගැස්සුනා. දකින්න ඕනි කියල හිතුවත් අහින්සා අනුව දැක්ක ගමන් ගිහින් වාහනේට නැග්ගා. අනුහස් තාමත් බලන් ඉන්නවා.

" අහ්.. ශිට්.. මගේ මෝඩ මොලේ.." අහින්සට කෑ ගැහුනෙ අනුහස් එතනින් ගියෙ නැති නිසා.

" මොකක් හරි අවුලක්ද අහි..??" ජිමින් ඇහුවෙ යකෙක් වගේ වාහනේට නැගලා එකපාරටම ඔලුවට ගහගෙන කෑ ගැහුව නිසා..

" ආ.. ආ.. නෑ නෑ.. මියනේ.."

ටිකක් වෙලා එහෙමම හිටපු අහින්සා ආපහු වාහනෙන් බැහැලා ඊතලයක් වගේ අනු ලගට ගියා.. ගිහිල්ලා කෝට් එකේ පිට සාක්කුවට අත දාලා කොල්ලගෙ ෆෝන් එක ගත්තා. ඒත් කෙල්ලට ඒක ඇර ගන්න බෑ. පාස්වර්ඩ් නිසා.

" ආහ් ශිට්.. මේ රෙද්ද ඇරලා දෙනවා.."

අනු මොකුත් නොකිය ෆෝන් එක අන්ලොක් කරලා ආපහු කෙල්ල අතටම ෆෝන් එක දුන්නා. කෙල්ල කොල්ලගෙ ෆෝන් එකේ කෙල්ලගෙ number එක dial කරලා ෆෝන් එකට missed call කරලා ආපහු recent වලින් number එක delete කරලා දැම්මා. ඊට පස්සෙ වචනයකවත් නොකිය ආපහු එන්න හැරුනත් කෙල්ලගෙ හදවත ඒකට ඉඩ දුන්නෙ නෑ. ඒ නිසා මගක් දුර ගිහින් හැරුන කෙල්ල..

" මන් යනවා.." කියලා පස්සහ නොබලා ගිහින් වාහනේට නැග්ගා.

මේක කාටවත් ප්‍රශ්නයක් වුනේ නෑ. ඒත් එක ඇස් දෙකක තිබුන හැගීම නම් මට කියව ගන්න බැරිවුනා.

______________________________

ඔයාලා හිතන්නෙ මොකක්ද..? ඉස්සරහට අහින්සා dorm එකේ මොන වගේ චරිතයක් රග පායිද..??

ටේ තවත් නපුරු වෙයිද..

A_Shee ~

Continue Reading

You'll Also Like

72.6K 9.8K 36
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
15.6K 4.9K 19
Don't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐊𝐢𝐦 𝐒𝐞𝐨𝐤𝐣𝐢𝐧 &𝐊.𝐍𝐚𝐦𝐣𝐨𝐨𝐧 𝐌𝐚𝐟𝐢𝐚 𝐊𝐢𝐥𝐥𝐞𝐫 _ 𝐃𝐞𝐚𝐭𝐡 𝐨𝐟 𝐀𝐧...
258K 45.7K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
53.7K 9.4K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...