WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_22d Winter_

759 166 81
By A_Shee1

_Winter Bear_ ( Fan Fiction Only )
විසි දෙවැනි වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

VIP Medical Officer
Bighit Entertainment
Seoul
South Korea

Dr. Ahinsa Weenawi Sp.Cr.
Main Hospital
Souel

Post of the VIP Medical Officer

We are happily informing that you have been selected for the post above mentioned. So you must agree the following conditions.

- Being able to take any risk at any time
- Necessary to always dedicate their time
- You have to take care of your own safety
- Must agree to go anywhere with the relevant team.
- Must agree on all decisions of the relanvant group except job.
-You will then join the team's personal staff and you will be accommodated with the team.

Group : BTS
Members : RM, Jin, Jhope, Suga, Jimin, V, JK
Gender : Male
Age period : 24-28

Signature .................
Date ...............

_______________________________

සින්හල පරිවර්තනය

VIP Medical Officer
Bighit Entertainment
Seoul
South Korea

Dr. Ahinsa Weenawi Sp.Cr.
Main Hospital
Souel

Post of VIP Medical Officer

VIP ප්‍රභූ වෛද්‍ය නිලධාරී තනතුර, එනම් ඉහත සඳහන් තනතුර සඳහා ඔබ තෝරාගෙන ඇති බව අපි සතුටින් දන්වා සිටිමු. එබැවින් ඔබ පහත සඳහන් කොන්දේසි වලට එකඟ විය යුතුය.

- ඕනෑම වේලාවක ඕනෑම අවදානමක් ගත හැකි වීම

- අවශ්‍ය සෑම විටම තමන්ගේ කාලය කැප කල යුතු වීම

- තමන්ගේ ආරක්ෂාව ගැන තමන් වග බලා ගත යුතුය

- අදාල කන්ඩායම සමග ඕනෑම තැනකට යාමට එකග විය යුතුය.

- රැකියාව සම්බන්ධව හැර කන්ඩායමේ අනෙක් සෑම තීරනයන් සදහා එකග විය යුතුය.

- එවිට ඔබ කන්ඩායමේ පවුද්ගලික කාර්යය මන්ඩලයට ඇතුලත් වන අතර ඔබට නවාතැන් ලැබෙන්නේ කන්ඩායම සමගයි

කන්ඩායම : BTS
සාමාජිකයින් : RM, Jin, Jhope, Suga, Jimin, V, JK
Gender : Male
Age period : 24-28

අත්සන ..................
දිනය .................

______________________________

අනිත් සේරම හරි.. ඒ වුනත් අන්තිම එක.. මොන විකාරයක් ද මේ.. දෙපාරක් හිතුවෙ නැති අහින්සා director ව හොයාගෙන office room එකට ගියා. ඒ යනකොට ජිමින් හිටියෙත් director එක්ක ලොකු කතාවක.

" Excuse me.."

" Yeah.. come in.."

කෙල්ල ඇතුලෙ ඉන්න ජිමින්ව දැක්කෙ ඇතුලට ගියාට පස්සෙ. කෙල්ලට හිතුනෙ පැනපු ගමන් ජිමින්ගෙ ඔලුව ගලවන්න.. ඒ වුනත් කෙල්ල ඉවසගෙන හිටියා.

" ආ.. මන් පස්සෙ එන්නද සර්..??"

" නෑ නෑ. එන්න.. ඔයා ආවෙ පෝස්ට් එක ගැන කතා කරන්න නේ..?? ඇවිත් වාඩි වෙන්න.."

" ඕකේ.."

" ඔයා කැමති ද..?? පෝස්ට් එක භාර ගන්න දුව..??"

" Sir.. ඇත්තටම ඔයාට මතකයිනේ මන් මුලින්ම මෙතනට ආපු දවසෙ කියපු දේවල්. මට කිසිම ඕනිකමක් නෑ මේ තියන වැඩ වලට වඩා උපරිමයට යන්න.. ඇරත් මන් කිව්වා ඔයාට මගේ ඇත්ත ගැන කවුරුත්ම දැන ගන්න බෑ කියලා"

" ඔයා කියන දේවල් සේරම මන් දන්නවා. ඒ වුනත් මන් කියන දේ අහන්න.. BTS group එක දැන් මුලු ලෝකෙම වගේ හොල්ලලා තියන්නේ.. එයාලගෙ වටිනාකම ගැන ඔයා දන්නවානේ.. එතකොට එයාලට මොනාහරි වුනොත් කිසිම දෙයක් කරන්න බෑ. මොකද එයාලට replacement නැති නිසා. මන් මේ තීරනේ ගන්න ගොඩක් පරක්කු වුනා. මන් ඒ ගැන පසුතැවෙනවා. ඒ නිසා දැන් හරි මගෙන් වුන වැරැද්ද මට හරි ගස්ස ගන්න ඕනි. යුන්ශික් medical team එකේ leader වුනාට එයාව මෙතනට ගැලපෙන්නෙ නෑ. මන් ඔයාව යවන්නෙ ඔයා ගැන විශ්වාස කරලා. මට උදවු කරන්න දුව.. චේබල්.."

අනක් දෙනවට වඩා director කලේ කෙල්ලගෙන් ආයාචනා කරපු දේ. ඇත්තටම කෙල්ලට ඒ ඉල්ලීමට පිටුපාන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.

" කවුද මාව මෙතනට suggest කලේ..??"

" Jimin තමයි ඔයා එයාට ඊයෙ හොදට treatment කලා කීවෙ. කොහොමත් මන් ඔයාව තමයි මේකට දාන්න හිටියේ.. එයා එහෙම කිව්වට පස්සෙ මන් ඒක තහවුරු කර ගත්තා."

" ඔයා දන්නවා නේද මන් girl කෙනෙක් කියලා. ඉතින් එහෙම තියාගෙන මන් කොහොමද පිරිමි අයත් එක්ක ජීවත් වෙන්නෙ.. අනිත් එක පොඩ්ඩක් හිතන්න.. අනිත් හැම personal makeup artists ලයි, costume designers ලයි උදේට dorm එකට ඇවිත් හවසට යනවා. මන් විතරක් මුලු රෑම එහෙ ඉන්න ඕනි දිගටම.. අනිත් එක මේක මට කෙසේ වෙතත් media වලින් දැන ගත්තොත් මෙයාලව ඉවර කරලා දායි gossip වලින්."

කෙල්ල දිගටම තර්ක කරන්නෙ මේකෙන් ගැලවෙන්න.. අනිත් දේවල් නෙවෙයි. කෙල්ලට ඕනි වුනේ නෑ ටේ හ්‍යුන් එක්ක එක තැනක ජීවත් වෙලා තව තවත් එක දිගට හිත රිද්ද ගන්න..

" පවුද්ගලිකත්වය ගැන මන් තහවුරු කරනවා.." director ත් අත අරින පාටක් නෑ වගේ.

" හරි.. එතකොට මගේ ආරක්ෂාව ගැන වග කියන්නෙ කවුද..??"

" අපි ඔයාට guard කෙනෙක් දෙනවා. ඒ වගේම හන්ගන්න දෙයක් නෑනෙ ඔයා martial artist කෙනෙක් කියලා. ඒ කියන්නෙ ඔයාට ඔයා ගැන බලා ගන්න පුලුවන්.."

" oh.. god..!!"

අහින්සා කේන්ති ගිය පාරට අත මිට මොලවලා මේසෙට ගැහුවා. කොච්චර කිව්වත් අහන්නෙ නෑ.

" ඔයා මේකට කැමති වුනොත් රස්සාවකට වඩා ගෙදරක වගේ නිදහසෙ ඉන්න ඔයාට පුලුවන් වෙයි. අනිත් එක මේක මුලු ලෝකෙකටම කරන සේවයක්.." එහෙම කියපු director office room එකෙන් එලියට ගියේ ජිමින්වයි අහින්සවයි room එකේ තනි කරලා.

වෙලා තියන ප්‍රශ්න ටික මදැයි.. අහින්සට ඇඩුනෙ නම් නෑ. ඒත් කිසිම දෙයක් හිතා ගන්න බැරුව තිබුනෙ..

" මොකද කියන්නෙ.. කැමති ද..??" ජිමින් ඇහුවෙ කට කොනින් හිනාවෙලා. කෙල්ල එහෙමම ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවා.

" ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනි..?? ඇයි මගෙන් මෙහෙම පලි ගන්නෙ..??" කෙල්ල ඇහුවෙ බිදුනු කට හඩකින්.

" ඕකට කැමති වෙලා sign කරන්න. මන් පොරොන්දු වෙනවා ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා" ජිමින්ට එහෙම කියවුනා. මොනවා වුනත් කෙල්ල පවුනෙ.. ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න..

" ප්‍රශ්නෙ ටේ හ්‍යුන් ද..?? මන් සේරම බලා ගන්නම්. මන් දන්නවා.. ඔයා වගේ දක්ශ කෙනෙකුට මෙහෙම පොඩි රස්සාව හරි යන්නෙ නෑ කියලා. ඒ වුනත් ඔයාට ගන්න තියන හොදම තීරනේ මේක.. එහෙම නේද..?? අද හවස් වෙනකල් කල් තියනවා. ඔයාට තීරනයක් ගන්න.. අපි අද යනකොට ගොඩක් රෑ වෙනවා. මොකද අපි concert එකට ආපහු practice කරන්නෙ dorm එකේ ඉදන්. ඒකයි අපිට ඔයාව ගොඩක් ඕනි කරන්නෙ.. මොකද අපිට මොනාහරි වුනොත් දන්නවා නේ army ලා දුක් වෙන විදිහ. ඉතින් අපි බලන් ඉන්නවා ඔයාගෙ තීරනේට.." හෙන ඩීසන්ට් විදිහට එහෙම කියපු ජිමින් අහින්සව කාමරේ තනිකරලා එලියට ගියා.

( Author : දන්නව ද ඔයා කරපු දේ බරපතලකම..??

Jimin : ඒ ගමන මොකාටද එන්න හදන්නෙ..??

Author : කෙල්ලෙකුට දරා ගැනීමේ සීමාවක් තියනවා. ඔයාලා හැමෝම එයාව අසරන කරනවනවා.

Jimin : ඒ වුනත් martial artist කෙනෙකුට දරා ගැනීම සුලු දෙයක් නේද..?? ඔයාටත් එහෙමනෙ.

Author : martial artist වුනා කියලා කවමදාවත් කෙල්ලෙකුට කොල්ලෙක් වෙන්න බෑ. එයාලා වෙනස් වෙන්නෙ අනිත් අයට දුකේ උපරිම අවස්තාව කේන්තිය වෙනකොට එයාලගෙ දුකේ උපරිම අවස්තාව නිහඩතාවය හා ඉවසීම කියන එක වෙනකොට.

Jimin : මොකක් කිව්වා.. අනික ඔයා මට ඕක ගැන කියන්නෙ හරියට ඔයා අහින්සට වඩා දුක් විදලා තියනවා වගේනේ.

Author : ඔව්.. මගේ දුකත් එක්ක අහින්සාගේ දුක ගොඩක් පොඩියි. ඒක නිසා මන් කැමති නෑ මන් විදපු දුක අනිත් අයට ලැබෙනවට.

Jimin : ඔයා මට කවමදාවත් කියලා නෑනෙ ඔයාට ප්‍රශ්න තියනවා කියලා.

Author : නෑ. ඒ වුනත් ඒක ඔයාට තේරුම් ගන්න පුලුවන්.

Jimin : කොහොමද ..?

Author : හැම කෙල්ලෙක් ලගම නැති සමහර අයට විතරක් තියන හිනාව, සතුට යට තියන ගැබුරු යථාර්ථය තේරුම් ගන්න ඕනි. එහෙම පුලුවන් වෙන දවසට ඔයාට මාව තේරෙයි. ඔයා තවම අහින්සවවත් තේරුම් අරන් නෑ කියලා කියන්නෙ ඔයාට මාව තේරුම් ගන්න තව ගොඩක් කල් යයි..

දැන් බනියි ඉතින් අර පොඩි එකා එක්ක විකාර කියෙව්වා කියලා😒)

[ Re-edit || Jan 22 මොනාද යකුනේ මන් මේ කියෝලා තියන්නෙ.. ගනන් ගන්නෙපා ඕවා පල් බොරු 🙂🔪 ]

~~~~~~~~~~~

" ඔන්නි අහන්නකෝ.. ඔයා දුකින් ඉන්නෙපා. පුලුවන් හැම වෙලාවෙම අපි එලියෙදි හම්බෙමු. නැත්නම් මන් ඔයාව හම්බෙන්න අවසර ගන්නම්.." එලීසා කිව්වෙ රෙදි ටික අස් කරන අහින්සගේ අතකින් අල්ලගෙන.

මොනා කිව්වත් ලිසාත් හිටියෙ ගොඩක් අවුලෙන්. ඇයි ඉතින් හොදම යාලුවා වෙලා දවසක් යන්නත් කලින් අහින්සට ලීසාට දාල යන්න වෙලා. අනිත් එක අච්චර අවුල් ගොඩක් ඔලුවෙ තියාගෙන ආපහු කෙල්ලට යන්න වෙලා තියන්නෙ ටේ හ්‍යුන් ලගටමයි. එක ලග නොවුනත් එක වහලක් යටට. පිරිමි ගොඩක් මැදට තනියම. අන්තිමට ලීසට ඉතුරු වුනේ පුදුම වෙන්න කාරනයක් විතරයි. ඒ අහින්සා කොච්චර හිතින් ශක්තිමත් ද කියන එක.

" හරි කෙල්ල.. බය වෙන්නෙපා. මන් ඔයාව අමතක කරන්නෙ නෑ. හැබැයි බැරිවෙලාවත් ඔයා මාව අමතක කලොත් එහෙම මන් ඔයාගෙ heart එක operate කරනවා හොදේ.." එච්චර අවුල් ගොඩක් තියාගෙනත් අහින්සට විහිලු.

" අඩේ මගේ පිස්සු ඔන්නි.. එහෙම අමතක කරන්නෙ නෑ මන්.. හුම්.."

ලීසා අහින්සට තුරුලු වුනේ දෙපාරක් හිතන්නෙ නැතුව. කාටත් හොරෙන් අහින්සගේ ඇස් වලට කදුලු පිරුනත් එයා ගොඩක් දක්ශ විදිහට ඒවා හන්ග ගත්තා. කවුරු වුනත් අහින්සගේ ජීවිතේ පලවෙනියටම හම්බුනු ගෑනු යාලුවා එලීසා ග්‍රාන්ටේ.. යාලුවෙලා දවසයි. දාලා යන්න වෙනවා.

~~~~~~~~~~~~

" අපිත් එක්ක ඉන්න ඔයා කැමති නැද්ද අහි..??" කුකි ඇහුවෙ sign කරපු ලියුමත් අරන් office room එකට යන ගමන් හිටපු කෙල්ලට practice room එක ලගදි හම්බෙලා.

" ආහ්.. ඔයා .. මන් බයත් වුනා.."

" කියන්නකෝ.. එච්චර කැමති නෑ නේද..??"

" පිස්සුද අනේ.. එහෙම දෙයක් නෑ."

" ඒක වෙන්නැති ලියුම දෙන්න මෙච්චර පරක්කු වුනේ.."

" මේ බලන්නුකො මෙයා.. මෝඩයා.. මට තනියෙන් තමයි ඉන්න බැරි මෝඩයෝ.."

" මොන තනියක් ද..?? මතක නැද්ද.. අපිට දැන් හොදම යාලුවො.."

" හරි හරි.. එහෙනම් අවුලක් නෑනෙ.. මන් බයෙන් හිටියෙ මන් තනියම නිසා.." අහින්සා කිව්වා පොඩි හිනාවක් මවාගෙන.

" නියමයි අනේ. අපේ dorm එකට කෙල්ලෙක් එන පලවෙනි වතාව මේක. ඔයා ඇවිත් අපිට උයලා එහෙම දෙනවද..??" කුකි ඇහුවෙ කෙල්ලගෙ කරෙන් අතකුත් දාගෙන.

( හොදම යාලුවො හරි.. පිරිමි හොදම යාලුවො ඉන්නකොට කොන්ද එහෙම කැඩෙන්න එනවා තමයි.. කරට අත් දාගෙන ඉදලා.. වදකාරයො.. 🥲)

" අනේ මේ මෝඩයෝ.. මන් එන්නෙ උයන්න නෙවෙයි. Dorm එකේ තීන්ත ගාන්න.."

දිවත් එලියට දාල එහෙම කියපු කෙල්ල බොහොම අමාරුවෙන් කොල්ලගෙන් බේරුනේ මීටර් සීය දුවලා.

( කියුට්ට්ට්ට් 🥺 )


~~~~~~~~~

" අන්තිමට ඔයා එහෙනම් කැමති වුනා." ජිමින් අහින්සගෙන් මූනටම ඇහුවා. කෙල්ල දැන් ලියුමත් භාර දීලා හිටියේ.

අහින්සා මොකුත් කිව්වෙ නෑ.

" ඒ ගමන් මාත් එක්ක කේන්තියෙන් ද ඉන්නේ..?? බලන්නකෝ.. මගේ cute මූන දැක්කම කේන්ති ගන්න හිතෙනවද ඔයාට..??"

ඔව්.. දැන් ඉන්නෙ අර කලින් හිටපු ජිමින් නෙවෙයි..

( යකෝ.. මුන් වේශ නිරූපන ශිල්පියො වගේ මූඩ් මාරු කරනවා🥲 )

කෙල්ලට ජිමින් මූන දික් කරපු විදිහට නම් හිනා ගියා.

" මන් මොකටද කේන්ති ගන්නෙ ඔයත් එක්ක..??"

" ඒකනෙ. මන් දන්නවා ඔයා හොදයි කියලා.."

" මට එක උදවුවක් කරන්න පුලුවන් ද..?? "

අහින්සා ඇහුවේ තමන්ට ලැබිලා තියෙන එකම චාන්ස් එක ජිමින් විතරයි කියන එක දන්න නිසා.

" මොකක්ද ..??"

" Please මන් doctor sp.cr. කෙනෙක් කියලා ප්‍රසිද්ධ කරන්නෙපා. මේක request එකක්.. චේබල්.."

" ඒත් දැනටමත් ඔයාගෙ හොදම යාලුවා ඒක දන්නවා.."

" ජන්කුක් ..??"

" හ්ම්.. "

" තව කවුද..??"

" මම.."

" එච්චරයි ද..??"

" හ්ම්ම්.."

හරි.. කෙල්ලට ඕනි වුන උත්තරේ ලැබුනා. අහින්සට ඕනි වුනේ ටේ හ්‍යුන් ඒ ගැන දන්නව ද කියලා දැන ගන්න.. එයා දන්නෙ නෑ..

" එහෙනම් ඔයාල විතරක් මේක දැන ගන්න. ඒ ඇති.. මට මෙච්චර කරදර කරලත් මන් ඉවසුවනේ.. මට මේ උදවුව විතරක් කරන්න.."

ජිමින්ට වචනයකවත් කියන්න ඉඩක් නැති කරපු අහින්සා එහෙම කියලා එතනින් ගියා. ජිමින් තාම වෙන ලෝකෙක..

( Author : මේ.කොහෙද බලන් ඉන්නේ..🥲

මන් ඔලුවට එක්ක ඇන්නා.

Jimin : ආවු.. රිදෙනවා.

Author : රිදෙනවා තමයි.. ගහන්නෙ සනීප වෙන්න නෙවෙයිනෙ..

Jimin : හම්මෝ.. මෙන්න මෙයාට කේන්ති ගිහින්.. මන් අහින්සට cute මූන පෙන්නපු නිසාද..?? ම්ම්..🙂

Author : අනේ මේ..😐

Jimin : ඔයා කියපු දේ හරි.. මන් තේරුම් ගත්තා. ඒ වුනත් මට හැරෙන්න බෑ නේද..??

Author : ආපහු හැරෙන්න එපා. ඉස්සරහට ආපහු හැරෙන්න හිතන්නවත් නැතිවෙන විදිහට වැඩ කරන්න.

Jimin : එහෙනම් මන් අහින්සගේ promise එක ඉශ්ට කරනවා..

Author : ඈ

Jimin : අහින්සා doctor කෙනෙක් කියලා ටේ මගෙන් දැන ගන්න එකක් නෑ..

Author : යාහ්.. එතකොට කතාව..🙁

Jimin : හැමදේම හොදට වෙයි.. ඉවසන්න..

Author : මට පුලුවන්.. ඒත් බලන් ඉන්න අය ඒක අදුරන්නෑ..😑

Jimin : මේ මන් ඔය හොරෙන් අනුන්ගෙ කතා අහන් ඉන්න සෙට් එකට කියන්නෙ.. ඉවසන්න හොදේ..

ආපහු මට රවන්නෙ.. යකෝ.. එයාට රවන්න. හුම්..)

[ Re-edit || ඕතර් නෝට්ස් දැක්කම වහ කන්න හිතෙනවා..🥲🤌 ඒත් එඩිට් කරන්න බැහැනේ ඒවා.. මට හිනාවෙන්නෙපා.. ]

~~~~~~~~~~~

" ජිමින්න්න්න්න්න්..."

ටේ හ්‍යුන් කෑ ගහගෙන ආවෙ ජිමින්ව හොයාගෙන. ඒ වෙලාවෙ කට්ටියම හිටියෙ බඩු ටික අස් කරන ගමන්. මොකද අද ඉදන් කට්ටිය dorm එකේ තිබුන practice room එකේ තමයි practice කරන්නේ.. වෙලාව ඉතුරු කර ගන්න ඕනි නිසා.

" මොකද ටේ කෑ ගහන්නෙ..??" ජින් ඇහුවේ ටේ හ්‍යුන් සාමාන්‍යයෙන් මෙහෙන කේන්ති ගන්නෙ නැති නිසා.

" කොහෙද හ්‍යුන් ජිමින්..??"

" ඇයි ටේ.. මන් මෙහෙ.." එහෙම කියන ගමන් ජිමින් එයාටත් වඩා උස පෙට්ටියක් වඩාගෙන ටේ හ්‍යුන් ලගට ආවා.

" ඔයා මොනව කරනවා කියල ද හිතන් ඉන්නෙ ජිමින්.." ටේ ජිමින්ගෙ මූනටම කඩන් පැන්නා.

" මොකක් ගැන ද කියන්නෙ..??"

ජිමින් ඇහුවෙ පුදුමෙන්.. අනිත් අයත් සේරම නවත්තලා බලන් හිටියේ මොකක්ද මේ අලුත් ෆිල්ම් එක කියලා. ඇයි යකෝ.. කවමදාවත් මුන් දෙන්නා රන්ඩු වෙලා තියනව ද..??

" ඇයි අහන්නේ.. ලගට ගන්නෙපා කියන අයවම ලගට ගන්නෙ..??"

" මොකක්ද යකෝ.. හරියට කියපන්.."

" ඇයි අර කෙල්ලව VIP දැම්මේ.. පිස්සු හැදිල ද.. ?? තමුන්ටත් ඕනි මගෙන් පලි ගන්න ද..??"

" යකෝ.. මෝඩයෝ.. මන් නෙවෙයි එයාව ගත්තේ.. එයාව PD Nim තමයි select කලේ. මන් එතන හිටියා විතරයි.."

" ආහ්.. මාවම කාපල්ලා.." ඔලුවට ගහගත්තු ටේ හ්‍යුන් එතනින් එලියට ගියේ ආවටත් වඩා වේගෙන්.

(දැන් තමයි සීන් එක පටන් ගන්නේ 🙂😂)

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" ජිමිනීනිනිනි.." මුලින්ම කෑ ගැහුවෙ ජින් හ්‍යුන්..

" හ්‍යුන්.." ජිමින්ට බයටම කෙලත් ගිලුනා. හැන්ගි හැන්ගි නටපු සේරම නැටුම් තත්පරෙන් එලි වුනානෙ..

" මොකක්ද වුනේ ඒ.. ආ.."

" ඒක මේ.."

" කියනව ද නැද්ද..??" ජින් ඉනට අත තියන් එහෙම අහනකොට ජිමින් ටක් ගාලා කුකි පස්සට ගියා.

" මන් නම් මොකුත් කලේ නෑ හ්‍යුන්.. කුකි තමයි සේරටම මුල.."

" මොකක්..??"

" ඔව්.. හ්‍යුන් ඇත්තමයි.."

" නෑ හ්‍යුන් මේ.." ඒ කුකී..

" ජිමිනී.. මෙහෙ එනවා.. අපිට බොරු කරලා බේරෙන්න හිතන්නවත් එපා.." ඒ පාර නම්ජූන් හ්‍යුන්.. අද නම් makenae set එක පරලොව තමයි.

" අනේ හ්‍යුන්.."

" අද රෑට කන්න ඕනි ද..?? එපාද..??" ජින් හ්‍යුන් එහෙම අහලා ජිමින්ගෙ කනකින් ඇද්දා..

" අම්මෝ.. කියන්නම්.. කියන්නම්ම්.. ප්‍රොමිස්.. කන අත අරින්න හ්‍යුන්.. නැත්නම් මන් army ලට කියනවා ඔයා මගේ කන සුප් එකකට දැම්මා කියලා." ජිමින් කනත් අල්ලගෙන උඩ පනිනවා..

කොහොමින් කොහොමින් හරි මුල ඉදන් වුන සේරම දේවල් ජිමින් කුකිත් එක්ක ලොකු අයට විස්තර කලා. කොහොමත් කවදා හරි මේ සේරම එලි වෙන්නනේ තිබුනේ. එහෙනම් ඒ දවස තමයි එදා.

සේරම කියලා ඉවර වුනු පොඩි දෙන්නා කන් දෙකත් වහගෙන ලගට වුනේ දැන් පියාබගෙන එන ගුටි පූජාවට මූන දෙන්න වෙන නිසා පෙර සූදානම හොදයි කියලා.

" එහෙනම් මෙතන මොන්ගල්ම සෙට් එක අපිද ජුන්..??" ජින් හ්‍යුන් ඇහුවෙ කම්මුලට අතකුත් තියන්..

" අම්මපා ජිනියෝ.. අපිට තමයි මොන්ගල්.. මුන් තුන් දෙනා බැදලා අපි මාමලා වෙනකලුත් අපි ඉදියි උඩ බලන්.." හෝබි හ්‍යුන් එහෙම කිව්වෙ ජින් හ්‍යුන් කියපු කතාවට එකග වෙන ගමන්.

.
.
.
.
.
.
.
.

" අම්මපා.. තමුසෙලට මොලයක් කියලා දෙයක් ඇත්තෙම නෑ. කලොත් කරන්නෙ මැටි වැඩක්.." නම්ජුන් හ්‍යුන් කෑ ගහනවා.

" අනේ හ්‍යුන්.. මියන්හේ හ්‍යුන්.. අපිට.. අපිට.. සමාවෙන්න හ්‍යුන්.." දෙන්නටම ඇඩිලා..

" ශික්.. ඇත්තටම ඔය සේරම දේවල් අපිට මුලින්ම කියලා තිබුනා නම් ඔච්චර කෙල වෙන්නෙ නෑනෙ ජිමින්.."

නම්ජුන් හ්‍යුන් කිව්වෙ ජිමින් දිහා බලලා. අනිත් අයත් ඒ කතාවට එකග වෙද්දි ජිමිනුයි, කුකියි දෙන්නම හ්‍යුන්ලා දිහා බැලුවෙ පුදුම වෙලා.

" හ්‍යුන්.."

" අපි බනින්නෙ අපිට නොකියපු එකට. නැතුව ආදරේ කරපු එකට නෙවෙයි.. මෝඩ රැල.." කවමදාවත් උත්තරයක් දෙන්නෙ නැති සුගා හ්‍යුනුත් අද කතා කරනවා.

" අනේ හ්‍යුන්න්.."

" දැන් ඉතින් කරපු දේවල් මකන්නයැ.. දැන්වත් මතක තියා ගන්න.. ආපහු හැරෙන්න බැරි තීරන ගන්නෙපා.. තීරනයක් ගද්දි දහ පාරකටත් වැඩිය හිතන්න.." නම්ජුන් හ්‍යුන් කිව්වා.

" ඕක අමුතු දෙයක් නෙවෙයි. හැගීම් කියන දේවල් සාමාන්‍යයි. අපිට ඉතින් මුල් කාලෙ dating තහනම් නේ.. ඒ නිසා ඔහොම දෙයක් වුනාම දරා ගන්න අමාරුයි.. ඒකයි දැන් ඔය ඔයාට පිබලා ගියේ.." ජින් හ්‍යුන් කිව්වෙ ජිමින් දිහා බලලා.

" හ්‍යුන්.. දැන් අපි මොකද කරන්න ඕනි..?" කුකි ඇහුවෙ හොදම ප්‍රශ්නෙ..

" කිසි දෙයක් එපා. පැත්තකට වෙලා ඉන්න. වෙන දෙයක් වෙයි.. ඕනිම දෙයක් වෙන්න ඕනි විදිහක් තියනවා. ටේ හ්‍යුන් මෙහෙම වැටෙන්න බෑ. අපි මේකෙදි එයාට උදවු කරන්න ගියොත් වෙන්නෙ එයා තවත් ශක්තිමත් නැති වෙන එක. ඒ නිසා එයාට තනියෙන් නැගිටින්න ඉඩ දෙන්න.." හෝබි හ්‍යුන් එහෙම කතාව ඉවර කලේ හැමෝටම හිතන්න දෙයක් හිත් වලට දීලා.

( හෝබි ඔප්පගෙ මන් ආසම ෆොටෝ එක.. ලස්සනයි නේ..)

_______________________________

මන් දාන ඇඩ් බෝරින් වගේද..??

සමහර ඒවා නම් ජෝක් දාලා තියන්නෙ ඔයාලට කතාව බෝරින් වුනොත් කියලා. ඒත් සමහර දේවල් නම් කියවලා තේරුම් ගන්න ට්‍රයි කරන්න..

[ Re-edit || හිනාවෙන්නෙපා යකුනේ.. 🥲🤌]

A_Shee ~

Continue Reading

You'll Also Like

110K 4.8K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
13.9K 4.5K 32
Mature content ... She is poison but lovely... He is soft And Hopeful... Taehyung × Medusa ~ Taedusa 🔆one and only exclusive collaboration in wa...
4.9K 1.4K 11
♦️අවසානයේදී~~ ඔවුන් කෙසේ හෝ මා විනිශ්චය කරයි.. ඉදින් කෙසේ වුවත්... ? 🃏 🚫🚭⚠️️ Kim Seokjin FanFiction BTS FanFiction Just FanFiction
15.6K 4.9K 19
Don't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐊𝐢𝐦 𝐒𝐞𝐨𝐤𝐣𝐢𝐧 &𝐊.𝐍𝐚𝐦𝐣𝐨𝐨𝐧 𝐌𝐚𝐟𝐢𝐚 𝐊𝐢𝐥𝐥𝐞𝐫 _ 𝐃𝐞𝐚𝐭𝐡 𝐨𝐟 𝐀𝐧...