WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_21th Winter_

665 160 98
By A_Shee1

_Winter Bear_ ( Fan Fiction Only )
විසිඑක් වැනි වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

ජිමින් File එකේ තිබුන සේරම දේවල් එකිනෙකට දිග ඇරලා බැලුවා.

* Bio data ( Seoul Main Hospital )


* Bio data ( Bighit Entertainment )


* Ordered list ( Daraz Online )


' අහ්.. ඒ කියන්නෙ මේ දෙන්නා එක් කෙනාමයි. දැන් අවුල තියන්නෙ එතකොට කෙල්ලගේ.. එයාගෙ රගපෑම තමයි මේ සේරටම මුල. වර්ල්ඩ් ෆේමස් අයිඩ්ල් කෙනෙකුට අකමැති වෙන්න තරම් එයාට මොකක්ද දන්නෙ නෑ තියෙන හේතුව..'

' අනිත් එක makeup කරගෙන හැන්ගෙන්න තියන්නෙ කාගෙන්ද..?? මේ brand එක best brand එක.. අනිත් එක පට්ට ගනන්. එච්චර කැපවීමක් වියදමක් කරලා කාගෙන්ද මෙයාට ගැලවෙන්න තියන්නෙ..??'

' අනුහස් කියන්නෙ එතකොට අහින්සගේ හොදම යාලුවා.. එතනින් එහාට කිසිම සම්බන්ධයක් නෑ. අනුහස්ට වෙන කෙල්ලෙක් ඉන්නවා Busan වල'

' එතකොට cardiologist specialist කෙනෙක් Bighit එකට එන්න හේතුවත් මේකයි එහෙනම්.. විනය ප්‍රශ්නයක්.. Document එකට විනය ප්‍රශ්නයක්.. ඒත් ඇත්තටම වෙලා තියන්නෙ ආත්මාරක්ෂාවට කරපු දෙයක්.. ටේත් වග කියන්න ඕනි.. එහෙමද.. Doctor Woo Bin.. මෙයයි එහෙනම් මෙච්චර වටින කෙල්ලෙක්ව නිකන්ම නිකන් medical officer කෙනෙක් විදිහට කෙල්ලට පත්වීමක් ලබා ගන්න ලොකුම හේතුව.'

ජිමින්ට හම්බුන file එකේ මේ සේරම විස්තර තිබුනෙ ලිඛිතව පැහැදිලිව සදහන් කරලා. ජිමින් ටේ හ්‍යුන්ට තිබුන හැම ප්‍රශ්නෙකටම උත්තර හොයා ගත්තා.. දැන් තිබුනෙ ඒ ටික ඔප්පු කරගන්න විතරයි.

~~~~~~~~~~

අහින්සාට හොදටම සනීප නැහැ. ඒ වුනත් කෙල්ල උදේ නැගිටලා ලෑස්ති වුනේ වැඩට යන්න. මොකද නිවාඩු දාලා නෙවෙයිනේ ඊයෙත් කාමරේට වෙලා හිටියේ..

කෙල්ල වෙනදා විදිහටම ඩෙනිම ඇදලා උඩට T-shirt එකක් දා ගත්තා. ජාතික ඇදුම ඒකනේ.. කවදාවත් කඩා දාගන්න කැමති නැති උරහිසට පොඩ්ඩක් පහතට වෙන්න තියන කොන්ඩේ පෝනි ටේල් එකක් දාගෙන ෆෝන් එකත් අරන් කෙල්ල Medical room එකට ආවා. එහෙ කරන්න විශේශ වැඩක් නම් තිබුනෙ නෑ. ඒ නිසා painkillers box ටික check කරන්න පටන් ගත්තේ ඒවයේ brands original ඒවද කියලා ආ ගන්න.

" Excuse me madam.." කෙනෙක් කෙල්ලට කතා කලේ දොරටත් තට්ටු කරලා.

" Yes come in.."

" අද TXT group එකේ practice.. ඒ නිසා යුන් ශික් සර් එයාලව check කරන්න ගිහිල්ලා. අද් madam ට තමයි BTS group එක බලන්න වෙන්නෙ.."

" අහ්.."

" එයාලා තව විනාඩි 20කින් practice පටන් ගන්නවා කියලා director කිව්වා. Madam එනවා නේද..??"

" හරි.. මන් එන්නම්.. කුමාවෝ.."

~~~~~~~~~~~

" ජිමිනි හ්‍යුන්... ඔයා practice වලට පරක්කුයි.." කුකි ජිමින් ලගට ආවෙ එහෙම කියන්.

" කුකි.. සේරම හරි.." ජිමින් එහෙම කිව්වෙ ජන්කුක්ට ඇහැකුත් ගහලා.…

" ඒ මොකක්ද..??" ජිමින් සේරම විස්තරේ කුකිට කීවා.

" හප්පට.. ඔයා නම් පට්ට හොදෙ..!!" එහෙම කියපු කුකි ජිමිනගේ මේසෙ උඩට නැගලා..

" බුල්තොරනේ..!!! ෆයර්..!!!" කියලා කෑ ගහලා නටන්න ගත්තා.

" මෝඩයෝ.. කට වහන් බැහැපන්.. දැන් තමයි අපිට වැඩේ තියන්නෙ.."

" හයියෝ හ්‍යුන්.. පොඩ්ඩක් නටමුකො.."

" බහිනවා බහිනවා.. අපිට වැඩක් තියනවා කරන්න.. අදම කරමු.."

" මොකක්ද හ්‍යුන්.." ජන්කුක් බිමට බැස්සෙ පුදුමෙන්.

මොනවද කියලා නම් ඇහුනේ නෑ. ඒ වුනාට මේ දෙන්නා මොනවද කුටු කුටු ගෑවා. වැඩියෙන්ම කතා කලේ නම් ජිමිනා. කුකි කලේ ඔලුව වනපු එක විතරයි. මන් නම් හිතන්නෙ හොද plan එකක් වගේ.. මේ දෙන්නා මොකක් කරන්න යනවද මන්දා..

( Author : ඒයි ජිමිනෝ..

Jimin : මොකද..??

Author : සීන් එක කියනවකෝ..

Jimin  : බලනවා.. දැන් තමුසෙ හොද author කෙනෙක් කියලද හිතන් ඉන්නේ..?😏

Author : ඔයා මොකද එහෙම කියන්නෙ..?

Jimin : අනේ මෝඩියේ.. කතාවක් ලස්සන වෙන්න නම් කුතුහලය කියන එක තියෙන්න ඕනි. මෝඩ වෙන්නෙ නැතුව මේ සීන් එක පන්නනවා. පස්සෙ ලියනවා. එතකොට මරු..

Author : මේ.. සත්තලනේ.. ඔයා මාර handsome අනා.. Soooo cute..

Jimin : ඉතින්.. ඉරිසියාද.. ආ..

Author : පිස්සු ද අනා.. මන් මේ අහින්සව ටේට සෙට් කරලා ඔයාට prapose කරන්න හැදුවෙ..

Jimin : ඇත්තටම ඔයා මට කැමති ද කෙල්ල.. ඒනම් දැන්ම යාලු වෙමුකෝ.. ම්.. කැමතිද.. ඔයා ලස්සනයිනේ.

Author : විකාර.. මොන උත්තරේද ඕනි.. හාද බෑද..

Jimin : හා..

Author : කියන්නම්.. අර සීන් එක කියන්නුකෝ සුදෝ.. ම්ම්..

Jimin : යනවා යන්න.. පස්සෙ අල්ල ගන්නම් මන්..

මායමක් දාලා plan එක අහ ගන්න බැලුවේ..🥲 ඒකත් කෙල..🥲

මොකද රවන්නෙ ආ.. මන් ලස්සනයි කියපු නිසා ද..?? හාපෝ.. ඉරිසියාව වැක්කෙරෙනවා.😒 එයානෙ කිව්වෙ.. අනික එයා තමයි කැමතිද ඇහුවෙත්.. එන්න එපා රවාගෙන.. මන් ලස්සනයි කියපු එකම කොල්ලා.. හුම්ම්.

හැපි මූඩ් එකෙන් ලියපු එපියක්.. ඒ නිසා ගනන් ගන්නෙපා වැඩිය 🙂 )

[ Re-edit || jan 22 - මොනාද හත්තිලව්වෙ මන් මේ ලියලා තියන්නෙ 🥲 සිකේ.. ]

~~~~~~~~~~~

Light it up like dynamite..

යන්තම් එක song එකක practice අදට ඉවරයි. කොල්ලො ටික හති දානවා. අහින්සා හිටියේ medical tools ටිකත් අරගෙන practice room එකේ කොනක වාඩි වෙලා.

ටික වෙලාවකින් fake love song එකේ practice පටන් ගත්තා. ජිමින්ගෙ ඇස් නම් තිබ්බෙ අහින්සා දිහාමයි. ටේ හ්‍යුන් නම් බැරිවෙලාවත් අහින්සගේ මූන නොබල ඉන්න පරිස්සම් වුනා. කුකිත් හිටියේ ජිමින්ව focus කරගෙන.

I am so sick of..

" ආහ්.." එහෙම කියාගෙන එකපාරටම ජිමින් බිමට වැටුනෙ කකුලත් අල්ලගෙන.

" ජිමින්.. මොකද..??"

නම්ජූන් හ්‍යුන් කෑ ගහගෙන ජිමින් ලගට ආවා. ඒත් එක්කම අහින්සත් medical tools bag එක අරන් එතනට දුවගෙන ආවා. කට්ටියම එතනට වට වුන හින්දා කෙල්ලට මොකුත් කර ගන්න බැරිවුනා.

" Just leave all..!!"

අහින්සා හිතලා කෑ ගැහුවා නෙවෙයි කෑ ගැහුනා. ඔන්න දැන් doctor කෙනෙකුගෙ character එක එලියට පනින්න යන්නෙ.. කට්ටියම එතනින් අයින් වෙනවත් එක්කම කෙල්ල ජිමින් ලගින් දන ගහ ගත්තා.

" මොකද වුනේ ඔයාට..??" කෙල්ල එහෙම අහලා ජිමින් කකුලෙ අත තියන් හිටපු තැන ඇල්ලුවා.

" ආවුහ්.." ජිමින් කෑ ගැහුවේ කෙල්ල කකුල කැඩුවා වගේ.

" තමුන් මොනාද කරන්නෙ..??" ඒ වෙලාවෙ පැත්තකට වෙලා හිටපු ටේ හ්‍යුන් කෑ ගැහුවෙ කට්ටියවම තල්ලු කරන් ඉස්සරහට ඇවිත්.

" ටේ.. calm down" එහෙම කියපු හෝබි හ්‍යුන් ටේගෙ අතින් අල්ල ගත්තා.

" ඔයාට මොකක් වුනා වගේද දැනෙන්නෙ..??" කෙල්ල ඇහුවෙ ජිමින් දිහා අමුතුවට බලලා.

" ඒක මේ.. හරියට.." ජිමින් ගොත ගැහුවා. එතකොටම තමයි කුකියත් ඇවිත් ජිමින්ගෙ උරහිස තදට ඇල්ලුවේ.

( අවුරුදු ගානක පලපුරුද්ද තියෙන specialist cardiologist කෙනෙක් එක්ක මෙයාලා සෙල්ලම් කරන්න යනවද මන්දා )

" අනේ මන්දා වගේ නේ.." කෙල්ල ඇහුවේ මූනත් ඇද කරලා.

" මෙන්න මෙතන රිදෙනවා නේ.." ජිමින් කිව්වෙ කලින් අල්ලපු තැන අල්ලලා නෙවෙයි වෙන තැනක් අල්ලගෙන.

" අහ්.. මේක පොඩි treatment එකක්. ඔයාලා එතකල් practice පටන් ගන්න. මන් ඔයාලගේ යාලුවාව එවන්නම්.." අහින්සා කිව්වෙ අනිත් අය දිහාට හැරිලා.

" ඔයා කොහොමද මේක පොඩියි කියලා කියන්නෙ..?? ඔයා නිකන්ම නිකන් medical officer කෙනෙක් විතරයිනේ.. අපි කොහොමද ඔයාව විශ්වාස කරන්නෙ..??"

ටේ හ්‍යුන් අහින්සගෙන් පලි ගන්නවද මන්දා. ඔහොම කෑ ගහන්නෙ.. ඒ කතාව අහපු අහින්සගේ ඇස් වලට කදුලු පිරුනා. මොනා වුනත් ඒ කතාව සැර වැඩියිනේ.

" ටේ හ්‍යුන්..අද ඔයාට මොනවා වෙලාද..?? ඇයි පිස්සෙක් වගේ කෑ ගහන්නෙ.. මොකක්ද අවුල.??" ඒ පාර නම් ජින් හ්‍යුන් ටේට කෑ ගැහුවා.

" ඒත් හ්‍යුන්.."

" දැන් practice පටන් ගන්නවා. ජිමින් ඔයා treatment අරගෙන rest කරන්න ඕනි නම් වෙලාව ගන්න. ඒත් ඔයා වෙනුවෙන් අපිට replacement නෑ. ඒක නිසා ඉක්මනින් සනීප වෙන්න. අනිත් එක්ක Miss Ahi.. අපි ඔයාව විශ්වාස කරනවා.."

ටේ හ්‍යුන් ආපහු මොනාද කියන්න කට ඇරියත් නම්ජුන් හ්‍යුන් කතා කලා. ඉතින් එතනින් කතාව ඉවරයි. ජිමින් ඇරෙන්න අනිත් හැමෝම practice පටන් ගත්තෙ අහින්සවයි ජිමින්වයි practice room එකේ කොනක තනි කරලා.

" මන් ඔයාට මොකක් කියලද කතා කරන්න ඕනි.. Sir.. වගේ.." අහින්සා ඇහුවේ ජිමින් ලගින් වාඩි වෙලා.

" මගේ නම ජිමින්.. මන් හිතන්නෙ මන් ඔයාගෙ ඔප්පා.."

" එහෙම කතා කලාට කමක් නැද්ද එහෙනම්..??"

" හරි.."

" එහෙම් නම් මන්ම කතාවට බහින්නම්කෝ නේද ජිමින් ඔප්පා..?? කාටද ඔයාට මේ බොරුව කරන්න ඕනි..??"

" මොකක්..??"

" ඔයාගෙ පේන් එක බොරුවක් නේ.. ඉතින් ඔයා ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද..?"

" ඔයා කොහොමද මට වුන දේ බොරුවක් කියන්නෙ..??"

" ඇයි.. මන් medical officer කෙනෙක් කියලා දන්නවා නේද..??"

" හරි.. මන් හිතන්නෙ නම් ඔච්චර විශ්වාසෙන් මෙහෙම දෙයක් කියන්න නිකන් doctor කෙනෙකුටවත් අමාරුයි. එක පාරක් විතරක් අල්ලලා බලලා එක බැල්මකින් ඔයාට සහතික වෙන්න පුලුවන් ද..??" ජිමින්ගේ කතාවට කෙල්ල ගැස්සුනා. කෙල්ල ඒක වහ ගන්න උත්සාහ කලත් ජිමින් කෙල්ල ගැස්සෙනවා හොදටම දැක්කා.

" ඔව්.." අහින්සා උත්තර දුන්නේ අහක බලාගෙන.

" ඒ ඔයා Specialist Cardiologist Ahinsa Weenawi නිසා ද..??" කෙල්ල ඒ පාර නම් හොදටම බය වුනා. ජිමින් දිහා බැලුවේ පුදුමෙන් වගේම බයකින්.

" මොකද ඔහොම බලන්නෙ..? මන් හරිනේ..?" ජිමින් ඇහුවේ කට කොනකින් හිනාවෙලා. අහින්සගේ කට වැහුනේ ක්ශනිකව. ඒ වුනත් කෙල්ලත් පරාද වුනේ නෑ.

" ඔප්පා.. ඔයාට පිස්සුද..? නැත්නම් මගේ කන් ඇහෙන්නෙ නැද්ද..??"

" ඒක නම් දන්නෙ නෑ. හැබැයි ඔයා ඕක හන්ගන් මෙතෙන්ට වෙලා දුක් විදින්නෙ කට්ටිය ඕක දැනගෙන ඔයාට ලැජ්ජ වෙන්න වෙයි කියලා හිතලානේ.. නේ..??"

" මොකක්..??"

" මන් ඔයාගෙ සේරම දේවල් දන්නවා. ඒ නිසා මගේ කට වහන්න ඔයාට එක දෙයයි කරන්න තියන්නෙ.. අද හවස් වෙනකොට ඔයාට ලියුමක් එයි VIP Emergency First Aid Post කියලා. අත්සන් කරලා ඒ post එක භාර ගන්න.. නැත්නම් මගේ කට වහන්න ඔයාට අමාරු වෙයි.."

එක හුස්මට එහෙම කියපු ජිමින් කට කොනින් හිනාවෙලාම නැගිට්ටා. අහින්සා තාමත් හිටියෙ තුශ්නිම්භූත වෙලා.

" Ah Miss Ahi.. කුමාවෝ treatment වලට"😏

ආපහු අහින්සා දිහා බලපු ජිමින් එහෙම කියලා practice වලට ගියේ වැඩේ හරි කියන්න වගේ කුකියට ඇහැකුත් ගහලා. කෙල්ල තාමත් හිටපු විදිහමයි.. මන්දා.. මොනව වෙන්න යනව ද කියලා. ඒත් මේ වෙලාවෙ එක් කෙනෙක්ගෙ නම් ඇස් තිබුනෙ අහින්සා දිහා. ඒ ඇස් වල තිබුනෙ වෛරයක්ද කියලා මට අදුර ගන්න බැරිවුනා.

~~~~~~~~~~

" Excuse me Ahinsa.. මන් මෙතනින වාඩි වෙන්නද..??"

කල්පනා ලෝකෙ හිටපු අහින්සා ඒ කටහඩින් තමයි මේ ලෝකෙට ආවෙ. කවුරුත් නෙවෙයි ඒ ජන්කුක්. Lunch time rest time එකත් ඇවිත්.. ඒ වෙනකල්ම අහින්සා ඉදලා තියන්නෙ බිම වාඩිවෙලා කල්පනා කරන ගමන්.

" Ah.. දේ.. මොකක් මිස්ටර්..??"

" මන් මෙතනින් වාඩි වෙන්නද..? කමක් නැද්ද..??" කුකි ඇහුවේ හිනාවෙලා.

" ඒක මගෙන් අහන්නෙ මොකද අනේ..??" අහින්සා පුදුමෙන් ඇහුවා.

" හී.. එහෙනම් වාඩි වුනා හොදේ.." කොල්ලා අහින්සට එහා පැත්තෙන් වාඩි වෙලා බිත්තියට හේත්තු වෙන ගමන් අතේ තිබුන වතුර බෝතලේ උකුලෙන් තියා ගත්තා.

" මොනාද කල්පනා කරන්නෙ ඔයා..??"

" ආහ්.. එහෙම විශේශයක් නෑ මිස්ටර්.."

" මිස්ටර්.. ඇයි ඔයා මට ඔප්පා කියන්නෙ නැතුව මිස්ටර් කියන්නෙ.. ඔයා Army කෙනෙක්ද.. මන් ඔප්පා කියනවට කැමති නෑ කියල දන්න නිසාද..??"

" අහ්.. මන් Army කෙනෙක් තමයි. ඒකත් දන්නවා. ඒ වුනත් මිස්ටර් කිව්වෙ ඇත්තටම මන් නෝමල් ඔෆිසර් කෙනෙක් නිසා.."

" ඕ.. හොදයි එහෙනම්.. මන් ඔයාට අහි කියලම කතා කරන්නම් ඒනම්.."

" හා අනේ. මිස් කෑලි එපා කෝමත්.."

" ඉතින් ඔයාගෙ බයස් මමද..??" කොල්ලා ඇහුවෙ අර බනි හිනාව දාලා. අනේ ඉතින්.. පැනි හිනාව. ඒක දැකපු කෙල්ලට නම් හිනාගියේ සේරම අමතක වෙලා.

" අපෝ නෑ.. ඔයා නම් නෙවේ.." එක පාරයි. කොල්ලගේ මූන කලු වුනා.

" ඒනම්.. ටේ , ජිමින් හ්‍යුන්.. එයාලද..??"

" ම්.. හ්ම්.. නෑ.."

" හයියෝ.. කියන්නකෝ එහෙනම් කවුද කියලා.." කුකි නහයෙනුත් අඩනවා.

"මගේ bias PD Nim.."

අහින්සා කිව්වෙ කටත් ඇද කරලා මහ හයියෙන් හිනා වෙන ගමන්. සේරම ප්‍රශ්න අමතක කරලා දාලා විනාඩියකට හරි හිනාවෙන්න කෙල්ලට ඕනි වුනා.

" මොකක් කිව්වා..??" කුකි පුදුමෙන් ඇහුවත් කොල්ලට තේරුනා කෙල්ලගේ එක වචනෙන් එයා කැපුනා කියලා.
" හාකො එහෙනම්.. හුම්.."

" හයියෝ.. ඔයාට කේන්ති ගියාද..??" අහින්සා ඇහුවේ තවත් හිනාවෙන ගමන්.

" නෑ.. මට සතුටු හිතුනා.. හුම්.. මෝඩි.."

" කවුද මෝඩි.. ඔයානෙ මෝඩයා.."

" ඇයි මන් මෝඩ.. ඔයා තමයි මෝඩි.."

" ඇයි අනේ.. කෙල්ලෙක්ගෙන් ඔහොමත් අහනවද bias මන්ද කියලා. හපෝ.. ලැජ්ජාවෙ බෑ..." කෙල්ල ආපහු බඩත් අල්ලන් හිනා වෙන්න පටන් ගත්තා.

දවස් ගානකට නෙවෙයි. අවුරුදු ගානකට පස්සෙ කෙල්ලගේ මූනෙන් මෙහෙම සද්දෙට හිනාවක් මතු වුනේ ජන්කුක් නිසා. තවත් ප්‍රශ්න හිත ඇතුලෙ තිබුනා තමයි. ඒ වුනාට කුකි ඉස්සරහ කෙල්ලට නිකන්ම හිනා ගියා.

ජන්කුක් හිටියෙත් පුදුම වෙලා. මොකද කෙල්ලෙක්ට මෙච්චර ප්‍රශ්න ගොඩක් හිතේ තියන් ජීවත් වෙන්න පුලුවන් ද කියලා.. ටේ හ්‍යුන් කෙල්ලට බලහත්කාරයෙන් කරපු දේවල් ගැන, ජිමින් හ්‍යුන් දැන් පොඩ්ඩකට කලින් කෙල්ලව බය කරපු හැටි, කෙල්ලට එච්චර ලොකු ජොබ් එකක් නැතිවෙලා මෙහෙම තැනක කට්ට කන එක. සාමාන්‍යයෙන් නම් කෙල්ලෙක්ට මේ වගේ දේවල් ඉවසන්න හරි අමාරුයි. ඒ වුනත් අහින්සා හරියට යකඩයක් වගේ. කිසිම දේක ගානක් නෑ.

" ඔය හිනාව නවත්තනව අනේ.. මෝඩි.."

" මෝඩයා.."

" මෝඩි.."

" මෝඩයා.."

" මෝඩි.. මෝඩි.. මෝඩි.. මෝඩි.."

" මෝඩ මෝඩ මෝඩ මෝඩයා.." 

( දෙන්නම අත අරින පාටක් නෑ. යක් පැටවු දෙන්නෙක් එකට සෙට් වෙලා වගේ. එයාලට නම් කිසි ගානක් නෑ. මන් ඉතින් එයාලා හිකි හිකි ගෑවත් ටයිප් කරන්න එපැයි 😑)

" අනේ මේ.. මෝඩයෝ.. ඇති දැන්.. ඒක නෙවෙයි.. practice නිසා ඔයාට අවුලක් නෑ නේද..?? මොකුත් වුනේ නෑනේ.."🥲

" නෑ නෑ. මට කොහොමත් මෝඩයන්ගෙන් බෙහෙත් එපා.."

" හම්මෝ.. එනවකො අරකයි මේකයි කියාගෙන.. බලන්නෙවත් නෑ.. හරි.."

කතාව එක දිගට යනවා. ඒත් එකපාරටම එතනට ආවෙ කේන්තියෙන් පුපුරන ඇස් දෙකක්. දවස් ගානක් ඒ ඇස් හිටියේ දුකේ මැරෙන්න වගේ.. දැන් පුදුම විදිහට කේන්ති ගිහින්..

(සමහර විට දුකේ උපරිම අවස්තාව කේන්තිය වෙන්නත් පුලුවන්..

" ජන්කුක්ක්ක්ක්ක්ක්..."

ටේ හ්‍යුන් කෑ ගැහුවා. ඒ පාරට දෙන්නම ගැස්සුනා. අහින්සට නම් හිටපු තැනින් නැගිට්ටුනත් එක්ක.

" හ්‍යුන්..??"

" දන්නෙ නැද්ද දැන් කන්න ඕනි කියලා.. කට්ටිය ඔයා එනකල් බලන් ඉන්නව කන්න.. මෙහෙ එනවා.."

" ආහ්.. මියන්හේ හ්‍යුන්.. යමු.." කුකි එහෙමම නැගිට්ටා..

" කාලා එන්නම් අහි.. ඔයත් කන්න.."

කොල්ලා ආපහු හැරිලා කෙල්ලට එහෙම කිව්වා. අහින්සා ඔලුව වැනුවා විතරයි. කුකිට තේරුනා ටේව දැක්ක ගමන් අහින්සට අවුල් ගියා කියලා. මේකට උත්තරේ හොයා ගන්න එක තමයි දැන් කුකිට තියෙන වැඩේ.. අනිත් එක ටේ හ්‍යුන්ව ශේප් කරන එක. ජිමින් කිව්වා හරියටම හරි.. එයා කිව්වත් වගේ ටේ හ්‍යුන් අහින්සත් එක්ක කේන්ති ගන්න පටන් ගත්තා. අහින්සා හැම වෙලේම වගේ ටේගෙන් බැනුම් ඇහුවා. නිකන් නෙවෙයි. ගොඩක් අය ඉස්සරහ.

" කුකි තමුසෙට පිස්සුද..?? ආ..??" ටේ ඇහුවෙ practice room එකෙන් එලියට ගියාට පස්සෙ..

" ඇයි හ්‍යුන්..??"

" මන් අර කෙල්ලව පේන්නෙවත් නැතුව තියා ගන්න හදනකොට මොකක්ද මේ නටන නාඩගම.. ඔයත් එකයි.. ජිමිනත් එකයි.."

" අනේ හ්‍යුන්.. මන් නිකන් එයත් එක්ක කතා කලේ. අනිත් එය ජිමිනි හ්‍යුන්ට pain එකක් ආවනේ.. එයා ගියේ treatment ගන්නනේ.. ඇයි ඔයා කේන්ති ගන්නේ..??"

" මගුල තමයි.."😑

ටේ හ්‍යුන් එහෙම කියලා කුකිව මග ඇරියා. මොනා වුනත් කුකි යනකොට කට්ටිය කන්න තියා හිතලවත් නෑ. කට්ටියම නිදි.. කොල්ලට තේරුනා. ටේගෙ කේන්තිය එසේ මෙසේ එකක් නෙවෙයි කියලා.

~~~~~~~~~~

" Excuse me madam.. May I come in..??"

" Yes.."

" මේ letter එක director දෙන්න කිව්වා"

" හරි.. කුමාවෝ.."

හරියටම එදා හවස medical room එකේ ඉද්දි ජිමින් කලින් අනතුරු අගවලා තිබුන ලියුම කෙල්ලට ලැබුනා. පපුව ගැහෙන්න පටන් ගත්තත් වෙව්ලන ඇගිලි වලින් කෙල්ල ලියුම දිග ඇරියෙ මොනව තිබුනත් අත්සන් කරනවා කියලා අධිශ්ඨානෙන්.. මොකද ගවුරවය කොච්චර වටිනවද..??

ඒත්..

ඒකෙ තිබුන දේ දැකලා..

කෙල්ල උඩ ගිහින් කලාන්තෙත් හැදුනා..

_______________________________

Cover by :- Rosi Samanmali..
ගොඩක් කුමාවෝ අක්කි... 😘

A_Shee ~

Continue Reading

You'll Also Like

4.9K 1.1K 19
යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ දියණිය අග්නිය සුවපත් කරනු ඇත සියල්ල ලෙය...
4.9K 1.4K 11
♦️අවසානයේදී~~ ඔවුන් කෙසේ හෝ මා විනිශ්චය කරයි.. ඉදින් කෙසේ වුවත්... ? 🃏 🚫🚭⚠️️ Kim Seokjin FanFiction BTS FanFiction Just FanFiction
110K 4.8K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
6.4K 1.9K 12
හීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්මක් පොදක් නැති මළ කදක් වගේ...හීන පස්සෙ දු...