WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.9K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_19th Winter_

706 166 76
By A_Shee1

_Winter Bear_
දහනව වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

ඔව්.. බොරුවක් නෙවෙයි.. අහින්සට ඕනි වුනා ඒ උනුහුමට ගුලි වෙන්න.. සිනිදු කෙස් රොදවල් ඇතුලෙන් ඇගිලි යවන්න.. ඒ වුනත් ඒ ආසාවට වඩා කෙල්ල හිටියේ තාර්කික පැත්තෙන් ගොඩක් ඉදිරියෙන්.

සමහරවිට ටේ හ්‍යුන්ගෙ දෙමව්පියන්ට පස්සෙ කොල්ලා ගැන වැඩිපුරම හිතපු, කොල්ලා ගැන වදවුනු කෙල්ල අහින්සා වෙන්න ඇති. මොකද ඒ ආදරේ අවුරුදු හතරක් ඒක පාර්ශ්වීය වුනා. ඒ වුණත් පස්සේ මේ ලෝකෙ කාටවත් ලැබෙන්නෙ නැති අවස්තාවක් කෙල්ලට ලැබුනා. ඔව්.. ඒ ආදරේම ඇවිත් ආදරේ ප්‍රකාශ කලා. ඒ වුනත් කෙල්ල ජීවත් වුනේ වර්තමානයේ නෙවෙයි. අනාගතේ..

කතාව කියවපු ගොඩක් අය කේන්ති ගත්තා. ටේ හ්‍යුන්ට කදුලු දුන්නම.. ඒ වුනත් එච්චරටම ආදරේ කරපු පතපු ආදරේ ප්‍රතික්ෂේප කරන්න කෙල්ලට හේතුවක් ඇති. මට හිතුනා ඒකත් මෙහෙමම කියන්න.. මන් ඒ කතාව කතාව කියලම ඔයාලව ඊයෙ නවත්තපු තැනට අරන් යන්නම්..

මේක තනිකරම මන් දකින් විදිහ. ඔයාලට පුලුවන් විවේචනය කරන්න.. හරි නම් එකග වෙන්නත් පුලුවන්..

Ahinsa Veenawi

මන් අවුරුදු ගානක් තිස්සෙ මහන්සි වෙලා Specialist Cardiologist කෙනෙක් වුනා. ඒක මේ ලෝකෙ හැමෝටම පුලුවන් දෙයක් නෙවෙයි.

අඩුම තරමෙ කෙනෙකුට පිවිතුරුව හදවතක් පූජා කරන්නවත් අද සමාජේ බැහැ. ඒ අතරින් මට පුලුවන් දේවල් දෙකක් තියනවා. මට පුලුවන් කෙනෙකුට හදවතක් බද්ධ කරලා ඒ කෙනාට ජීවිතයක් දෙන්න.. දන්නවද ටේ හ්‍යුන්..??  ඒ වගේම මට පුලුවන් මගේ හදවත පිවිතුරුවම ඔයාට පූජ කරන්න.. මන් දන්නවා.. මන් මෝඩයෙක් වගේ දුර ඈත රටක ඉදන් තනියම ඔයාට ආදරේ කලා අවුරුදු හතරක්. ඒ වුනත් මොනම හේතුව නිසාවත් ඒ ආදරේ වෙනස් වුනේ නැහැ. ඒ නිසා මට පුලුවන් ඔයාගෙම වෙන්න හිතේ කිසිම දෙගිඩියාවක් නැතිව.

අදටත් ඔයාගෙ ඇත්ත මන් දන්නෙ නෑ. ඔයාගේ කැමරාව ඉස්සරහ තියෙන ප්‍රතිරූපෙ විතරමයි මන් දැකලා තියෙන්නෙ.. මන් දන්නෙ නෑ ඒක රගපෑමක්ද නැද්ද කියලා. මේ හම්බුන දවස් කිහිපයෙදි පවා මට ඔයාව හරියටම අදුර ගන්න බෑ. මොකද දවස් දෙක තුනකින් කවමදාවත් මට බෑ ඔයාව මනින්න.

ඒ කොහොම වුනත්, කැමරාවෙන් වුනත් මන් ඔයාගෙන් දැක්ක ඒ ප්‍රතිරූපෙට ආදරෙයි. ඔයා දන්නෙවත් නෑ ඒ ආදරේ කොච්චර ද කියලා. ඔව්.. ඒක වචනෙන් කියන්න බෑ.

ඔයාගෙ ඇස් දැක්කම මට කියන්න පුලුවන් ඔයා මට ආදරේ කරන්නෙ ඇත්තටම කියලා. හැමදාටම ඔයා ලගින් තියා ගන්න කියලා. මාව ඔයාගෙම ජීවිතේ කර ගන්න කියලා.. ඒ කොහොම වුනත් මට බෑ ඔයාගෙම වෙන්න.. මට බෑ ඔයාට බොරු බලාපොරොත්තු දෙන්න.. ඇයි දන්නවද..?? මන් ඇත්තටම ඔයාට ගොඩක් ආදරේ කරපු නිසා.. දැනටත් කරන නිසා.. ඉස්සරහටත් කරන නිසා.

ඔයත් එක්ක අත ගන්න ඕනි හැමදේම අත් ඇරලා ඔයාම වෙනුවෙන් කැප වෙන්න ඕනි කෙනෙක්. අවුරුදු ගානක් තිස්සෙ තනියෙන් ඉදලා ඔයාගෙ හිරවෙලා තියෙන හැගීම් වලට දැන් ගොඩක් අමාරුයි. පවුලෙ අයගෙන් දුරස් වෙලා තමන්ගෙ සතුටෙන් ඈත් වෙලා මුලු ලෝකෙම ඉන්න දස දහස් ගානක් මිනිස්සුන්ට හිනාව දෙන්නෙ ඔයාලා. ඒක හැමෝටම කරන බැරි දෙයක්. සමහරවිට ඔයා ඒ සතුට බෙදන එක මගින් නවත්තන එකක් නැහැ. මුලු ජීවිත කාලෙම ඔයා හැමෝටම සතුට බෙදයි..

ඒ නිසා ඒකට හවුල් වෙන්න පුලුවන් කෙනෙක් විතරයි ඔයාගෙ අත ගන්න ඕනි.

ස්ට්‍රේජ් එක උඩ නටලා මහන්සි වෙනකොට ඔයාට වතුර එක දෙන්න..

වැඩ ඉවර වෙලා එනකොට ලගින්ම ඉන්න..

හැමවෙලේම ඔයාගෙ ලොකුම ලොකු ගෙදර වගකීම් දරන්න..

ඔයාගෙ පවුලෙම සතුට වෙන්න..

කොටින්ම කිව්වොත් ඔයාගේ ජීවිතේට හයියක් වෙන්න..

ඔයා හැමෝටම බෙදන ආදරේ නිසා අඩුවෙන ඔයාගෙ ආදරේ පුරවන්න..

කොහොම වුනත්..

ඔයා වෙනුවෙන් හැමදේම දාලා මට එන්න පුලුවන්..

ඒ වුනාට දන්නවද..??

ඔයාට වඩා මාව මේ ලෝකෙට ඕනි වෙන වෙලාවල් තියනවා ටේ හ්‍යුන්.

මිනිස්සු ඔයාගෙන් ඉල්ලන්නෙ සතුට..

ඒ වුනත්..

මිනිස්සු මගෙන් ඉල්ලන්නෙ හුස්ම..

අපි දෙන්නගේ වෙනස ඒක.. ඒක නොගැලපීමක් නෙවෙයි..

වෙනසක්..

ඔයා තරම් මන් දුක් විදලා නැතුව ඇති.. ඒ වුනත් මන් ඔයාට වඩා දුක දැකලා තියෙනවා. අපි හැමෝටම දෙන ආදරේ උපත වෙන හදවත ගැහෙනවා මන් දැකලා තියනවා. ඔව්.. මන් අතේ හුස්ම නැති වෙලා මිනිස්සුන්ට ජීවිත වරම් නැති වෙලා තියනවා.

මන් ලග හුස්ම නෑ.. ඒ වුනත් හුස්ම දෙන්න හැකියාවක් මට තියනවා. ඒ වගේම ඔයා තවම දැකලා නැතුව ඇති මිනිස්සු දුක් විදින විදිහ.

හදිසි අනතුරක් වුනාම අනිවාරෙන් ඒ මේ ලෝකෙ මොන කොනේ වුනත් මන් යන්න ඕනි.. මොකද මන් Volunteer emergency service එකේ ඉහල නිලධාරීනියක්. මන් එතකොට වැඩ කරන්න ඕනි හමුදාවත් එක්ක.. ඒක වගකීමක්.. මන් පවුද්ගලිකව වගකීම හරියටම කරන කෙනෙක්.. අපි ඒ වගේ තැනකට ගියාම ආපහු එන එක කවමදාවත් sure කරන්න බෑ. අපිට අපේ ජීවිත අනිත් අයගෙ ජීවිත වෙනුවෙන් පූජ කරන්න වෙනවා.

ඉතින් මෙච්චර කාලයක් මන් ප්‍රාර්තනා කලේ ඔයාගෙම වෙන්න... අදටත් මන් ආසයි මෙහෙමම ඔයාගෙ පපුවට තුරුලු වෙන්න. ඒ වුනත් මට එහෙම කරන්න බෑ. මොකද මට ඔයාව කවමදාවත් මගින් දාලා යන්න බෑ..

ඔයාලා අපිට කියලා දුන්නා අපේ දෛවය අපි ලියාගන්න ඕනි කියලා. මන් ආර්මි කෙනෙක් වෙලත් තාම මෝඩයෙක් වගේ විශ්වාස කරනවා දෛවය ලියවිලා තියෙන දෙයක් කියලා.. මේ ලෝකෙ ඔයාට උරුම මැවුම්කාරිය මන් නෙවෙයි ටේ හ්‍යුන්. ආදරේ නිසා අපි ටික කාලෙකට එකතු වෙන්න පුලුවන් වෙයි.. ඒත් මන් නිසා අපිට මගින් නවතින්න වෙයි.. මගෙන් ලෝකෙට වෙන්න ඕනි වගකීම් නිසා මට ඔයාව මග ඇරෙයි. ඉතින් මන් පනටත් වඩා ආදරේ කරන ඔයාට මගින් නවතින්න දෙන්න බෑ මට.

වැරදියට හිතන්න.. හිතලා මට වෛර කරලා මගෙන් ඈත් වෙන්න.. කවමදාවත් ඔයා දැන ගන්න එකක් නෑ මන් මෙහෙම තීරනයක් ගත්තෙ ඔයා වෙනුවෙන් මගේ සතුට කැප කරල කියන එක.. කමක් නෑ.. මට වෛර කරලා හරි ඔයා ලස්සනට ඔයාගෙ ජීවිතේ ඉවර වෙනකල් ගෙවන්න ඕනි. ඒ අවසානය වෙනකල් ඔයාගෙම සතුට වෙන්න කෙනෙක් ඔයාට හම්බෙයි.. එතකන් ඉවසන්න රත්තරන්..

අපි දෙන්නා දෙතැනක වුනත්..

හුස්ම..

මන් මුලු ලෝකෙටම හුස්ම දීලා ඒ හුස්ම ඔයා ලගට එවන්නම්.. ඔයා ඒ හුස්ම ගන්න මිනිස්සුන්ට සතුටු වෙන්න කියලා දෙන්න..

මේ ලෝකේ ජීවත් වෙන හැමෝම අය ගොඩක් වටිනවා.. හැම දෙයක්ම කරන අය වටිනවා. ඒ එක් කෙනෙක් හරි නැතිවුනොත් මේ ලෝකේ කවමදාවත් සමබරතාවය කියන එක පවතින්නෙ නෑ. හැබැයි වෙනසක් තියනවා.. මිනිස්සු මිනිස්සුන්ගෙ වටිනාකම් දකින විදිහ ගොඩක් වෙනස්.. අන්න ඒ නිසා හැමදාටම මුලු ලෝකෙටම අපිට වඩා ඔයාව වටිනවා. 

තියෙන්නෙ එකම වෙනසයි..

සතුට ඔයාගේ..

හුස්ම මගේ..

ඒ දෙකෙන් වැඩියෙන්ම වටින්නෙ මොකක්ද කියලා මම දන්නෙ නෑ..

කොහොම වුනත් හැමදාටම ගොඩක් ආදරෙයි..

~~~~~~~~~~~

කලින් දවසේ වගේ වේගවත් රලු බවක් ඒ දෙතොල් වල තිබුනෙ නෑ.. ඒ හාදුවෙන් සන්කේතමත් වුනේ ආදරය. රැකවරනය. අහින්සට ඕනි වුනා හැමදේම අමතක කරලා සදාකාලිකවම කිම් ටේ හ්‍යුන්ගෙ වෙන්න. ඒ වුනත් ටේ හ්‍යුන්ගේ මොහොතක සතුටට වඩා සදාකාලික සතුට කෙල්ලට වැදගත් වුනා..

හරි ආදරෙන් බෙල්ල වටේ අත දාලා තුරුලු වෙන්න උස්සපු අත් දෙක කෙල්ල ආපහු පපුවට තද කරලා අල්ල ගත්තේ ඒ නිසා.. ටේ හ්‍යුගේ කදුලු කෙල්ලගෙ පපුව ලග තිබුන අත් දෙකේ ගලාගෙන ගියා. අහින්සට අඩන්න ඕනි වුනා කොල්ලට වඩා.. ඒ වුනත් කොල්ලට බලාපොරොත්තු දෙන්න කෙල්ලට ඕනි වුනේ නෑ.

කෙල්ලගේ හිතේ සක්මන් කලේ එක දෙයයි..

මේ ගෙවෙන්නෙ හරි ලස්සන මොහොතක්..

කවමදාවත් ආපහු මේ මොහොත එන්නෙ නැහැ..

ඒ නිසා පියාගෙන හිටපු ඇස් දෙක මොහොතකට ඇරලා බැලුවේ ඒ මුන දිහා..

ලෝකෙන් තියෙන ලස්සනම මූන.. 

ඇදන් ඉන්න සුදු පාට Shirt එකට වඩා ඒ මූන සුදු පාටයි..

ඇස් පිහාටු දිගම දිග නොවුනත් හරි ලස්සනයි..

පලල් නලලෙන් භාගයක් විතර වහගෙන පහලට අකීකරු විදිහට වැටිලා තියෙන කොන්ඩේ..

එක දිගට කෙලින්ම ඇදිලා නැතුව මැදින් ඉස්සිලා තියෙන ඇහි බැමි..

අනේ.. මට වෙන ආත්මෙක හරි ඔයාගෙම වෙන්න ඕනි.. මන් ඇත්තටම ආදරෙයි ඔයාට.. ඒත් ඇයි ඔයා මේ විදිහට මාව හොයන් ආවේ.. අනේ..

අහින්සා කදුලු හන්ගගන්න ලොකු උත්සාහයක්.. ඒ අස්සෙ උහුලගන්න බැරි වේදනාව අමතක කරන්න දරන අසාර්තක උත්සහයයක් අතර හිරවෙලා..

විනාඩියක් යන්න ඇති..

දෙකක් යන්න ඇති..

තුනක්..

හතරක්..

..

..

..

..

ටේ හ්‍යුන් හෙමීට ඇස් ඇරියා. අහින්සා හිටියේ ඒ වෙනකොටත් ඇස් ඇරලා. ඒ ඇස් වල තිබ්බ අමුතු බැල්ම නිසා කොල්ලා කෙල්ල ලගින් ඈත් වුනා ඉක්මනින්.. ඇත්තටම ඒ මොන හැගීමක්ද කියලා කොල්ලට හිතා ගන්න බැරිවුනා.

" එක් පාරක් කියන්න.. ඇත්ත කියන්න.. මගෙ ඇස් දිහා බලාගෙන කියන්න.. ඔයා කවුද කියලා.. බොරු කියන්නෙපා මැනික.. මන් ආදරෙයි.. ඇත්තටමයි.. කියන්න රත්තරන්.."

තව දුරටත් ඒ කදුලු පාලනය කර ගන්න කොල්ලට ඕනි වුනේ නෑ. ඇස් වලින් කදුලු ගලාගෙන යද්දි අහින්සාගෙන් ටේ හ්‍යුන් එහෙම ඇහුවේ අන්තිම වතාවට..

" Please ටේ හ්‍යුන්.. මන් කියන දේ අහන්න.. මන් ඔයාව දන්නවා. ඒ වුනත් මන් ඔයා හොයන කෙනා නෙවෙයි.. මන් නිකන්ම නිකන් medical officer කෙනෙක්. අනික ඔයා හොයන කෙනාගෙ මෙහෙම කැලලක් තිබුනෙ නෑනෙ.. බොරු නෙවෙයි මන් කියන්නෙ.. මේ කැලල මන් ඉපදුන දවසෙ ඉදන් තිබුන එකක්.."

" Promise වෙන්න.. මගේ ඇස් දෙක දිහා බලලා.."

ඔයා වෙනුවෙන් මෙච්චර ලොකු තීරනයක් ගත්තු මට promise වෙන එක ලොකු දෙයක් නෙවෙයි..

" Promise.."

ටේ හ්‍යුන්ට දැනුනේ මුලු ලෝකෙම තමන්ගෙ කකුල් දෙක ඉස්සරහ කඩන් වැටුනා කියලා. මන් ආදරේ කරන්නෙ ඒ ඇස් වලට.. ඒ කියන්නෙ මන් දවස් දෙකක්.. අදත් එක්ක වෙන කෙනෙක්ව.. කොල්ලගේ ඔලුව විකාර වෙලා..

" මේ අහන්න.. ඔයා හිතන්නෙ මට ලන්වුනා වැඩියි කියලා නම් ඒ ගැන හිතන්නෙපා.. කවමදාවත් ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා.. අමතක කරමු.. අපි හම්බුනේ නෑ කියලා.."

අහින්සා කිව්වෙ ටේ දිහා අමාරුවෙන් හිනා වෙලා බලන ගමන්.

" මට සමාවෙන්න.. මන්.. මන්.." කොල්ලට ගොත ගැහුනා..

" මේ අහන්න.. ඒකට කමක් නෑ. ඔයාට ඒක කවමදාවත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මන් promise වෙනවා.."

කෙල්ලට දුක උහුලගන්න බැරිවුනත් කොල්ලගේ කදුලු දැකලා.. එහෙම කරන්න වුනා. අන්තිම පාරට කොල්ලගේ මූනෙ තිබුන කදුලු පාරවල් කෙල්ලගෙම දකුනු අතින් මකලා දාපු අහින්සා කොල්ලගෙ ඇස් දිහා බලලා..

" World famous artist කෙනෙක් නේද..?? ඔහොම අඩන්න එපා.. කදුලු ඔයාව කැත කරවනවා.."

" ඒ වුනත්... මට සමා.."

" හරි හරි.. ඔන්න මන් දුන්නා සමාව.. හරිනේ.. කෝ දැන් හිනාවෙන්න.."

කෙල්ල ගොඩක් අසරනයි.. දුකයි වේදනාවයි නිසා. ඒ වුනත් ටේගෙ කදුලු නැති කරල දාන්න කෙල්ල මොහොතකට එහෙම කිව්වා..

" Thanks.. ඇත්තටම ගොඩක් Thankss.."

එහෙම කියපු කොල්ලා වෙන කරන්න දෙයක් නැති නිසාම දොර ලගට ගියේ එලියට යන්න.. ගිහින් කෑ ගහලා අඩන්න..

ඒත් දොරත් ඇරලා ආපහු කෙල්ල දිහා හැරුන කොල්ලා..

" ඔයා ඉක්මනින් සනීප වෙන්න.."

කියලා එලියට ගියේ ආපහු මේ කාමරේට කවමදාවත් එන්නෙ නෑ කියලා හිතාගෙන...

~~~~~~~~~~

" හප්පට සිරි.. ජයසිරි මන්ගලම් හොදේ.. අපිටත් මොනාහරි ඕනි හොදේ.." ටේ හ්‍යුන් එනකල් දොර ලග බලන් හිටපු ජන්කුක් ටේගේ මූනෙන් අදින ගමන් කෑ ගැහූවේ..

" කුකී.."

" ඕ හ්‍යුන්.. කියන්නකො සීන් එක අගය කරන්නෙ නැතුව.."

" උදවුවක් ඕනි.."

🐰" මොකක්..??"

" මාව බදා ගනින්.."

" මොකක් කිව්වා..!?"

තවත් වචනයකවත් නොකියා කුකිව බදා ගත්ත ටේ හ්‍යුන් කුකිගේ උරහිස හපා ගත්තේ ඉකිය හයියෙන් පිටවෙයි කියන බයට..

" ආව්.. හ්‍යුන්.. රිදෙනෝ.."

කුකි කෑ ගැහුවත් කොල්ලට නවත්තන්න බැරිවුනා. සද්දෙ නොඑන්න ඕනි නිසා කොල්ලා එහෙමම ඉදන් ඇඩුවා.. ටිකක් වෙලා දගලපු කුකිට තේරුනා මොනාමහරි වෙලා කියලා.. ඒ නිසා මොකුත්ම නොකියපු කොල්ලා ටේ හ්‍යුන්ව බදා ගත්තේ ඒ වෙලාවෙ කරන්න ඉතුරු වෙලා තිබුනෙ එච්චරක් නිසා.

~~~~~~~~~~

අහින්සා අඩනවා නෙවෙයි.. බලාගත්ත අත බලන් ඉන්නවා..

දන්නවද ඒක කොච්චර කැප කිරීමක්ද කියලා..

වෙන කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ සතුට අත් හරින එක..

අහින්සා..

ඒ අතින් ගොඩක් ඉස්සරහින්..

ගත්ත තීරනේ ගැන එකම එක පාරක්වත් කෙල්ල පසු තැවුනේ නෑ.. ගොඩක් හිත රිදුනා තමයි.. ඒ වුනත් ඇඩුවේ නෑ.

~~~~~~~~~~


එකපාරක් කතා කලා නම්..
එක පාරක් හිනාවුනා නම්..
එක පාරක් බැලුවා නම්..

එහෙම වුනේ නෑ.
එහෙම වෙන්න ඕනිත් නෑ..

ඒ අතීතේ..

ඔයාට ගොඩක් අමාරු වෙන්න ඇති..

අනිත් අයගෙන් ගොඩක් වෙනස් නිසා.. ඉවසීම තියෙන නිසා..

ඔයා අද මෙතන මෙහෙම ඉන්නවා වුනත්..

වෙන කෙනෙක් නම්..

මෙලහට ජීවතුන් අතරවත් නෑ..

ඒත් දන්නව ද අහි..?? එදා ඉදන් අද වෙනකල්.. ඔයා විතරයි මගේ හොදම යාලුවා..

අදටත්.. හෙටටත්.. හැමදාටමත්..

වෙනදා වගෙ හිත එකතැනක තියන් අනුහස්ට වැඩ කරන්නම බෑ.. ලබන සතියෙ BTS live concert එක එකදිගට රැයවල් දෙකක් තියනවා.. තාම අනුහස් design කරලා ඉවර වුනේ පලවෙනි දවසෙ ටික විතරයි..

අහින්සා හිත් ගොඩකට දුක් දීලා..

ඒ වුනත් ඒ අනිත් අයගෙම හොදට.. දුර බලලා ගත්තු තීරන..

ඒ හැම තීරනයක් ඇතුලෙම අනිත් හැමෝටම සාපේක්ශව කෙල්ල විදවනවා වැඩියි..

ඒ වුනත් අනිත් අය ඉස්සරහ අහින්සා මුලු ලෝකෙටම වැරදි කාරයෙක්.

_______________________________

කියන්න දෙයක් තියනවද..? කමෙන්ට් සෙක්ශන් එක ඔයා වෙනුවෙන් ❤️

A_Shee ~

Continue Reading

You'll Also Like

2.6K 550 13
සේද හිරු රැස් වලට පවා ඊර්ෂ්‍යා කළෙමි මං නුඹේ උවනත සිප ගත්ත.... සීත පිණි බිඳුවට පවා ඊර්ෂ්‍යා කළෙමි මම නුඹේ ගත හිරි පිම්ඹ.... සුමුදු මදනලට පවා ඊර්ෂ්‍ය...
10.9K 2.2K 14
" ගොඩක් වෙලාවට අපි හැමෝම හිතනවා අපි ප්රාර්ථනා කරන දේවල් අපට ලැබෙන්නේ නෑ කියලා. ඒත් අපිට අපේ හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න පුලුවන් නම් අපේ හීන හැබෑ ව...
4.9K 1.1K 19
යදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ දියණිය අග්නිය සුවපත් කරනු ඇත සියල්ල ලෙය...
443K 62.4K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...