WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_18th Winter

703 172 100
By A_Shee1

_Winter Bear_
දහ අට වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

" අහි.. කතා කරන්න නන්ගා.. අහි.."

මීශා ඔන්නි අහිට වතුර ඉහින ගමන් සිහිය ගන්න ලොකු try එකක් දුන්නා. මහන්සිය නිසාම කෙල්ලට සිහිය එන්න විනාඩි පහක් විතර ගියා. ඒ වෙනකොටත් කෙල්ලගෙ පහල කකුල් දෙකයි සුදු පාට ඇද රෙද්දයි තද රතු පාට වෙලා.

" ඔ..න්නී.. ආ.."

" නන්ගා.. ඔයාට ගොඩක් අමාරුයි නේද?"

අහින්සගේ සිහින් ඉකියක් පිටවෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එයා හිටියේ ගොඩක් අමාරුවෙන්..

" අහන්නකෝ.. ඔයාට වැඩක් නැති එකේ කෙල්ල අදට රෙස්ට් කරන්න.. ම්ම්.. වරුවක් තියනවානේ.."

" ඒත් ඔන්නී.."

" ඒත් මේත් ගාන්නෙපා.. ඔයා සනීප වෙන්න ඉක්මනට.. කොහොමත් තව දවස් දෙක තුනක් යනකල් ඔයාට අමාරු වෙයි. අපි ලබන සතියෙ මහන්සි වෙන්න ඕනි ගොඩක්.."

" ම්ම්.."

" ඔයාට කන්න.. අහි?.."

" ආ.. මන්.."

" නෑ.. ඕන නෑ. මන් ඔයාට මේ girl අතේ මොනාහරි එවන්නම්.. මෙයාට අද ලොකුවට වැඩක් වැටෙන්නෙ නැතිවෙයි.. ඒ නිසා ඔයා ලගින් ඉන්න මන් මේ girl ට කියන්නම්.. ඔයා rest කරන්න.. තේරුනානේ..??"

එකදිගට මහ ගොඩක් උපදෙස් දීපු මීශා ඔන්නි ඒ girl ව අහින්සා ලගින් තියලා පිට වුනා..

~~~~~~~~~~

එයා එලීසා ග්‍රාන්ටේ.. එන්ගලන්ත ජාතික ගෑනු ලමෙක්.. අවුරුදු විසි එකයි කෙල්ලට. එයා Bighit එකේ වැඩට ආවෙ Lawyer කෙනෙක් විදිහට. උපාධිය හදාරලා තිබුනෙ London විශ්ව විද්‍යාලයෙන්.

ඒ කෙල්ල හරි ලස්සනයි.. ඒ කියන්නෙ බෝනික්කෙක් වගේ හරිම cute. ඉංග්‍රීසි ජාතික වුනාට දරදඩු කමක් ගෑවිලා තිබ්බෙවත් නෑ. පොඩ්ඩ බැරිවුන ගමන් කෙල්ල අඩනවා. පොඩි එකෙක් වගේ.. හරි බයයි සැරෙන් කතා කරන හැමෝටම..

හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියනවා.. ජොබ් එකේදි නම් ඉන්නෙ සාමාන්‍ය කෙල්ල නෙවෙයි. ඒ වෙනස හිතා ගන්නවත් බෑ. මෙයත් එක්ක කතා කරලා නඩුවකින් දිනන්න පුලුවන් වුන එක් කෙනෙක් හරි ඉන්නවා නම් ඒ දාහකින් එක් කෙනෙක් විතරයි. එච්චරටම එයාගෙ තර්ක හරි සැරයි. එලීසට පුලුවන් භාශා හතරක් කතා කරන්න.. English, Japanese, Korean & Chinese..

අද කෙල්ලගෙ පත්වීම ලැබෙන දවස වුනත් වැඩ පටන් ගන්න තිබ්බෙ හෙට. කොහොම වෙතත් නවතින්න වුනේ අහින්සා වගේම Bighit එකේ තිබුන room එකකමයි. හරියටම කෙල්ලට එහා පැත්තෙ මෙච්චර කල් තිබුන හිස් room එක තමයි එලීසට හම්බුනෙ.. මීශා ඔන්නි අහින්සා ලගින් එලීසව තියලා ගියේ එලීසට අද කරන්න වැඩක් නෑ කියලා දන්න නිසාමයි.

~~~~~~~~~~

" අක්කි.. ඔයාට මන් ඔයාට උදවු කරන්නම්.. I am Eleesa Grantee from England. I joined here as the main lawyer. Nice to meet you.." එලීසා අහින්සට තමන්ව හදුන්වලා දුන්නා..

" Me too dear, I am Ahinsa, a member of the medical team.. ඔයාට පුලුවන් ද මට උදවු කරන්න.. කරදරයක් නැත්නම්.."

අහින්සා එලීසගේ උදවුවෙන් පිරිසිදු වෙලා මීශා ඔන්නි ගෙනාව කෑම එකත් බාගෙට කාලා ඇදට වැටුනේ වේදනාව ඉවසන්න බැරිම තැන. එලීසා අහින්සා ලගින් හෙලවුනේවත් නැහැ. ගොඩක් උදවු කලා කෙල්ලට.

අහින්සට වේදනාව දැනෙන වාරයක් වාරයක් ගානෙ මතක් වුනේ ටේ හ්‍යුන්ව. ඒ කේන්තියත් එක්ක ඇතිවුන නොසන්සුන්කම නිසාම වුනේ කෙල්ලට තවත් අමාරු වෙන එක විතරයි..

" ඔන්නි.. මොනාද කල්පනා කරන්නෙ.. pain killers මොනාහරි අරන් නිදා ගත්තා නම් ටිකක් අඩු වෙයි නේද..?" අහින්සා කල්පනාවෙන් මිදුනෙ එලීසගේ කට හඩින්.

" මන් Pain killers use කරන්නෙ නෑ එලීසා. ටිකක් වෙලා නිදා ගන්නවා. කමක් නෑ. ඔයා දැන් යන්න.. ආපු පලවෙනි දවසෙම මන් ලග ඉදලා ඔයාට පිස්සු හැදෙයි.."

" අනේ පිස්සුද ඔන්නි.. මන් මගේ Number එක අක්කිගේ Phone එකේ save කලා. හදිස්සියක් වුනොත් මට missed call එකක් දෙන්න. මන් wash එකක් දා ගන්න ඕනි. Files ටිකක් clear කර ගන්න තියෙනවා. මන් wash කරලා ඒ ටිකත් අරගෙන ආපහු එන්නම් ඔයා ලගින් ඉන්න.."

එලීසා කිව්වා. ඇත්තටම එලීසා හරි හොදයි. අහින්සට අමාරු වුන විදිහ දැකල බය වුන නිසා නෙවෙයි කෙල්ල අහින්සා ලගින් හිටියෙ.. ජන්කුක්ගෙන් කෙල්ලව බේර ගත්ත නිසා අහින්සව එලීසගෙ හොදම යාලුවා කර ගන්න කෙල්ලව ඕනි වුනා.

" ආ මේ අහන්නකෝ.." අහින්සා කිව්වෙ එලීසගෙ අතකින් අල්ලලා.

" වේ ඔන්නි?"

" අද අර boy බනින්න හදනකොට මාව බදාගෙන ඇඩුවෙ ඇයි එලීසා.. එතන අඩන්න දෙයක් වුනේ නැහැනෙ..??" අහින්සා එලීසගෙන් ඇහුවෙ හිතේ තදටම ඇදිලා තිබ්බ ප්‍රශ්නයක්.. ඒක අහපු ගමන් එලීසා රතු වුනා..

" අනේ ඔන්නි.. ඔයාට ගොඩක් Thank you ඒ වෙලාවෙ මාව බේර ගත්තට. බොරු කියන්න ඕනි නෑනෙ.. මන් ඒ වගේ දේවල් වලට බැනුම් අහන්න ගොඩක් බයයි.. මට මෙහෙදි ඔයාව හම්බුන එක මගේ වාසනාව.. දැන් ඉතින් මන් ඔයා ලගින් හෙල්ලෙන්නෙවත් නෑ" එකපාරටම අහින්සව බදා ගත්ත එලීසා කියවගෙන කියවගෙන ගියා.

' හපොයි..!! ඒ කතාව අහපු අහින්සට හිනා ගියත් එක්ක.. පොඩි එකෙක් වගේ.. හරි cute..' අහින්සා හීන් හිනාවක් මවාගෙන කෙල්ලගෙ ඔලුව අත ගෑවා..

" හරි.. හරි.. බටර් ගාන්න ඕනි නෑ. මන් ඔයාගේ best friend වෙන්නම්.. හරිනෙ එතකොට.."

එලීසා කටත් ඇරන් දත් සෙට් එක එලියට දැම්මෙ පුදුමෙන් ඇස් දෙකත් ජිල් බෝල වගේ කරන්.

" ඇත්තටමද ඔන්නි කියන්නෙ.. ඔයා මගේ හොදම යාලුවා වෙනවද..?"

" හපොයි ඔව් අනේ.. ඕක ඔච්චර පුදුම වෙන්න දෙයක්ද එලීසා..??"

" අනේ අක්කා.. ආදරෙයි හොදේ ගොඩාරියක් මන් ඔයාට.. ඔයා අද ඉදන් මට ලීසා කියන්න.."

" අම්මෝ.. මෙයාගෙ happy එක. හරි හරි.. දැන් ගිහින් wash දාගන්න.. දැන් ගොඩක් හවස් වෙලානේ..

තමන්ගේ දුක කියාගන්න යාලුවෙක් හම්බුන එකට අහින්සටත් ගොඩක් සතුටුයි. මොකද එතකොට ටිකක් හරි එයාගෙ හිත නිදහස් වෙනවනේ. ඒ වුනත් එක පාරටම විශ්වාස කරලා හැමදේම කියන්න කෙල්ල ඉක්මන් වුනේ නෑ.

~~~~~~~~~~

ජන්කුක් හිස් අතින් පහලට ආවත් එයාට කරන්න ඕනි මොකක්ද කියලා හිතා ගන්න බැරුව හිටියෙ.. කරන්න දෙයක් හිතට ආවෙ නැති නිසාම ජන්කුක් ටේ හ්‍යුන්ට මැසේජ් එකක් දැම්මා. එයාගෙ ෆෝන් එක කැඩුනු නිසා පහලට අරන් ඇවිත් තිබුනෙ ජිමින්ගෙ ෆෝන් එක. මොකද ජිම්න් හිටියේ practice room එකේ අඩු හතර හතර පැත්තට දාලා පොලොව බදන් නිදාගෙන.

" මන් හිතන විදිහට අහින්සට පොඩි කරදරයක් වෙලා. වැඩේ ඉවර කරලා Practice no 01 floor එකට එන්න.."

එහෙමම කුකි අහින්සගේ room එක පැත්තට ගියේ මොනාම හරි දැන ගන්න පුලුවන් වෙයිද බලන්න. එතකොටම තමයි එලීසා අහින්සගේ room එකෙන් එලියට ආවෙ.

" Excuse me.."

කුකි ලීසාට කතා කලා.. කෙල්ල කුකිව දැක්කෙ එතකොට. බොරු නෙවෙයි. කෙල්ල බය වුනා. කෙල්ල හිතුවෙ ෆෝන් එකේ පලිය ගන්න ඇවිත් කියලා.

" අනේ මට සමාවෙන්න.. මන් ඒක හිතලා නෙවෙයි කලේ. මට සමාවෙන්න.." ඇස් වලට කදුලු පිරෙනකොට තමයි කෙල්ල කතා කලේ.

කුකි හොල්මන් වෙලා ගියා. ඇයි යකො එකපාරටම සමාවෙන්න කිව්වම.. කොල්ලගේ ඔලුවෙ දැන් වැඩ කලේ ෆෝන් එක නෙවෙයි. අහින්සා ගැන ඔත්තුවක් හොයා ගන්න ක්‍රමයක් ගැන.

" මේ lady.. ඇයි ඔයා සමාව ගන්නේ..??"

( අරයට noona ලු.. මෙයාට lady ලු.. 🙂)

" මන් ඔයාගෙ ෆෝන් එක කැඩුවෙ හිතලා නෙවෙයි. මන් ඔයාගෙ ඇගේ හැප්පුනෙත් හිතල නෙවෙයි. ඒක සම්පූර්ණ අත් වැරදීමක්.."

' හප්පට සිරි.. දැන් නේ කොල්ලට තේරුම් ගියේ. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. මෙයාව ඒකට බය කරලා අහින්සා ගැන මොනව හරි දැන ගන්න පුලුවන් නේ..' කුකිගෙ ඔලුවට ආවෙ එලකිරි idea එකක්.

" ආහ්.. ඒකද.. ඒක නම් ලොකු අපරාදයක් තමයි. මන් ෆෝන් එක අරන් සතියක්වත් ගියෙ නෑ. දැන් ඉතින් මොනව කරන්නද..? ඒකට කමක් නෑ. ඔයාට පුලුවන් ද මට උදව්වක් කරන්න..??" ජන්කුක් ඇහුවේ ලස්සනට හිනාවක් දාල.. ඇයි ඉතින් කෝමහරි වැඩේ කර ගන්න එපැයි.

" අහ්.. ඇත්තටම ද..?? ඒකට කමක් නැද්ද..??" කෙල්ල ඇහුවේ ඇස් දෙක බෝල කරලා පුදුමෙන්..

" අයියෝ කමක් නෑ අනේ.." තව පොඩ්ඩෙන් කුකිට කෙලත් පිට උගුරෙ යනවා කෙල්ලගෙ ඇස් හින්දා..

" මන් මොකක්ද ඔයාට කරන්න ඕනි..? පුලුවන් දෙයක් නම් අනිවාරෙන් කරලා දෙන්නම්.."

" අහ්.. මේකයි.. අර මන් room එකට අරන් ගිය කලාන්තෙ දාපු girl එක්ක ඔයා නේද හිටියේ.. එයාට කොහොමද දැන්.. එයාට මොකද එකපාරටම වුනේ..?"

" අහ්.. ඒකද..? අහි අක්කිට කලාන්තෙ ආවෙ එයාගෙ menstrual cycle එකේ problem එකක් නිසා. එයාට දැනටත් ටිකක් අමාරුයි. දැනුත් එයා rest කරනවා. මීශා ඔන්නි එයාව වැඩ වලින් free කලා. දවස් දෙක තුනක් යනකල් එයාට ටිකක් අමාරු වෙයි. ඔයාට එයාව බලන්න ඕනිද..? ඉන්න.. මන් ඔයාව එක්කන් යන්නම්.."

එලීසා කුකිගේ ගැටේට හොදට අහුවුනා. සේරම විස්තර ජන්කුක් ඉස්සරහ වමාරපු කෙල්ල ආපහු යන්න හැදුවෙ අහින්සගේ කාමරේට.. එතකොට නම් කුකි උඩ ගියා. ඒක නිසා එකපාරටම කුකිට කෙල්ලගෙ අතින් ඇල්ලුනා.

( යකෝ මේකි කොහොම නඩු file කරනව ද දන්නෙ නෑ.. 🗡️)

" අහ්.. මේ.. මේ.. නෑ.. මේ.. ඔව්.. නෑ නෑ. එයාට කරදර කරන්න ඕනි නෑ. මන් පස්සෙ එයාව හම්බෙන්නම්.." කොල්ලා කෙල්ලගෙ අතින් අල්ලගෙනමයි එහෙම කිව්වෙ.

" ආ ඔව් නේද..?? එයා පව්.. එහෙනම් ඔයා පස්සෙ එයාට කතා කරන්නකෝ.."

" ආ.. හරි.."

" ගොඩක් Sorry මන් අතින් වෙච්ච වැරැද්දට.. මන් ඕනි නම් ඔයාට.."

" ආ.. කමක් නෑ කිව්වනේ. මොනා වුනත් උදවුවට තෑන්ක්ස්..."

එහෙම කියපු කුකි එතනින් මාරු වුනේ කෙල්ලගෙ අතින් අත ඇරලා. ටග් ගාලා කොල්ලා එතනින් ගියේ කෙල්ලගෙ අත අල්ලන් ඉන්නෙ කියලා කොල්ලට එකපාරටම දැනුනු ලැජ්ජාව නිසා.

( 🙂 )

~~~~~~~~~~

ටේ හ්‍යුන් එකපාරටම ජිමින්ගෙන් ඇවිල්ලා තියෙන මැසේජ් එක දැක්කා. හොද වෙලාවට live එක ඒ වෙලාවෙ ඉවර වෙලා තිබ්බෙ. නැත්නම් එහෙම ඒක මැදදි දුවගෙන එයි. මැසේජ් එක දැකලා බය වුන පාර කොල්ලා එහෙමම පහල floor එකට දුවගෙන ආවා. ඔව්.. එතකොටම තමයි ජන්කුක් පඩිපෙල ලගට ආවෙ..

" අනේ කුකි.. ජිමින් කොහෙද.. කියන්නකෝ.." කොල්ලට බයටම ඇඩිලා..

" ආ.. ඔයා ජිමිනි හ්‍යුන්ව හොයන්නෙ මැසේජ් එක නිසා නේද හ්‍යුන්.. මගේ අතේ එයාගෙ ෆෝන් එක.. මන් තමයි ඔයාට මැසේජ් එක දැම්මෙ.."

එහෙම කියපු ජන්කුක් ටේ හ්‍යුන්ට මුලු විස්තරේම එක දිගට කියාගෙන ගියා. ටේ හ්‍යුන් පවු.. කොල්ල හොදටම බය වෙලා.

" දැන් එයා තනියමද ඉන්නෙ..??" ටේ හ්‍යුන් ඇහුවේ තීරනයක් අරන්.

" ඔව් හ්‍යුන්.."

දෙපාරක් හිතුවෙ නැති ටේ අහින්සගේ කාමරේ දොරට තට්ටු කලේ කලින් වගේ හොරෙන් කඩා පාත් වෙන්නෙ නැතුව.

" යස්.. එන්න.."

ඇතුලෙන් ඇහුනෙ අහින්සගේ වෙනදා එන ප්‍රානවත් කටහඩට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වුන දුර්වල කටහඩක්. ටේ හ්‍යුන් දොර ඇරන් ඇතුලට ගිහින් දොර ආපහු වහලා අහින්සාගේ ඇදෙන් වාඩි වුනා. කොල්ලා යන්න කලින් කුකීට කාටවත් ඇතුලට එන්න දෙන්නෙපා කියලා දොර ලගින් තියලමයි ගියේ..

තමන් ලගට ඇවිත් ඇදේම වාඩි වුන ටේ හ්‍යුන්ව දැකපු අහින්සා වෙව්ලන්න ගත්තා. ඒ කේන්තියට ද බයට ද කියලා කෙල්ලට තේරුම් ගන්න බැරිවුනා. මොනා වුනත් අද නම් කොහොමත් කොල්ලා ඉස්සරහ බැන ගන්නවත් කෙල්ලට බෑ කියලා එයා දැනන් හිටියා.

නිදන් හිටිය ඉරියවුව වෙනස් කරලා ඇදේ එහා කොනට වෙන්න කෙල්ල ට්‍රයි කලේ ඒ නිසා. කොහොම වුනත් කෙල්ලට ඒක කර ගන්න බැරිවුනේ නැගිට ගන්නවත් පනක් ඇගට තිබ්බෙ නැති නිසා.

" මේ අහන්න අහින්සා.. ඔයා බය වෙන්නෙපා.. මන් ආවෙ ඔයාව බලලා යන්න විතරයි.."

ටේ හ්‍යුන් කිව්වෙ බය වෙලා ඉන්න අහින්සව ඉනෙන් අල්ලලා නැගිට්ටලා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු කරන ගමන්.

" කියන්න.. ඔයාට ගොඩක් අමාරු ද..?? ම්ම්..?" ටේ ඇහුවේ කෙල්ලගේ අතකින් අල්ලලා එයාගේ උකුල උඩින් තියා ගන්න ගමන්.

" ඔයා.. ඔයා.. කොහොමද මගේ නම දන්නේ..!??"

අහින්සට තිබ්බ එකම ප්‍රශ්නෙ ඒකම නෙවෙයි. ඇත්තටම කෙල්ලට ගොඩක් ප්‍රශ්න තිබුනා. ඒ සේරම එක් පාරට අහන්න බැරි නිසා කටට ආපු එක ප්‍රශ්නයක් විතරයි කෙල්ල ඇහුවේ. තමන්ගෙ අත ආපහු අර ගන්නවත් කෙල්ලට සිහියක් නෑ.

" සේරටම උත්තර මන් දෙන්නම් අහින්සා.. මට මුලින් කියලා ඉන්න.. ඔයාට ගොඩක් අමාරු ද කියලා.. මැනික.."

ටේ ' මැනික ' කියන එක කිව්වෙ ගොඩක් බර කරලා.. අහින්සා ඇස් දැන් තියෙන්නෙ නලලෙ.. එකපාරටම කෙල්ලට හිතුනෙ 'යකෝ.. අවුරුදු හතරක් තිස්සෙ ආදරේ කරලා තියෙන්නෙ වයර් ශෝට් කෙනෙකුට ද' කියලා.

" මොකක්.. ඔයා..??"

" ප්ලීස් කියන්නකෝ.. අපි හොස්පිටල් හරි යමු.. ම්ම්.. අමාරුද ඔයාට..??"

( ඒ ගමන මගුලක් කියනවා.. ඒ ලෙඩේට හොස්පිටල් යන්න? 🙂🔪)

" නෑ නෑ. මට අමාරු නෑ. හොස්පිටල් යන්න ඕනි නෑ"

කෙල්ල කිව්වෙ ගල් පැලෙන බොරුවක්.. ඒ වෙලාවෙ කෙල්ල හිටියේ වේදනාවෙ උපරිම අවස්තාවෙ..

" promise me.."

" හරි.."

" එහෙනම් අපි දෙන්නා කතා කරමුද.? ගොඩක් දේවල් තියනවා කියන්න.." කතාව පටන් ගත්තේ ටේමයි.

" ම්ම්.."

අහින්සා ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්නවා. ඉතින් විශ්වාස කරන්න පුලුවන් ද තමන්ගේ බයස් මෙහෙම තමන් ඉස්සරහ ඉන්නකොට. අනිත් එක අවුරුදු හතරක ඒක පාර්ශ්වීය ආදරේ..

කොල්ලා කෙල්ලගේ අත තවත් අල්ලගෙන තද කර ගත්තා.

" කෙලින්ම කියන්නම්.. මන් ඔයාට ආදරෙයි අහින්සා.."

( සැක්.. මන් මෙච්චර මහන්සි වෙලා කතාව ලියන එකටත් පාඩුයි.

Author :- මේ.. ඔහොම බෑ රොමෑන්ටික් වෙනවා..

Tae :- තමුසෙ කියයි.. මට ලැජ්ජයි ඕයි..

Author :- මන් කිව්වද ලැජ්ජ වෙන්න කියලා. ඇරත් මුලින්ම අත අල්ල ගත්තේ..

Tae :- ලැජ්ජයි යකෝ. උබවත් මගේ පැත්තෙ ඉදින්කෝ..

Author :- බෑ බෑ. දැන් පටන් ගන්නවා ආපහු.. ඊලග පාරවත් ආදරේ කියන්න යන්න කලින් මගෙන් අහලා practice වෙලා යනවා.

Tae :- ආපහු කියන්නෙ නෑ. මේ අන්තිමයා..

Author :- කට වහලා පටන් ගන්නවා..)

" මොකක්..??"

අහින්සා උඩ ගියා ආපහු.

" මන් ඔයාව දැක්කෙ base hospital එකේදි.. මතකනේ.. මන් එදා කරපු වැඩේ.. මන් දන්නවා එදා වැරැද්දක් කලේ මන්.. ඒ වුණත් ඔයා ඊට වඩා වැරැද්දක් කලා අහින්සා"

" මන් මොනාද ඔයාට කලේ..??"

" මගෙ හිත හොරකම් කලා.."

( Author :- ශික්... මේක කවි මඩුවක් නෙවෙයි.. කෙලින් කියනවා ටේ..

Tae :- පැත්තකට වෙලා ඉන්නවා. ආපහු කියන්නෙ නෑ.

Author :- පස්සෙ වරද්දගෙන වරෙන්කෝ.. මන් නෑ.. හුම්..😒)

" ආ.."

" ඔව් අහින්සා.. එදා ඉදන් මන් ඔයාව හොයා ගන්න බැරුව ගොඩක් දුක් වින්දා. Hospital එකට හැමදාම වගේ ගියා. ඒ වුනත් මන් ගොඩක් අසරන වුනා. ඔව්.. අන්තිමට ඔයා මන් ලගටම ඇවිත් නතර වුනෙ.. දන්නවද.. ඔයා හොයා ගත්තා කියල දැනුන දවසෙ මන් කොච්චර සතුටු වුනාද කියලා. ඔයා නිසා. ඔයා මන් ලගට ආපු නිසා.."

" මොනාද කියන්නෙ මේ..??"

" කියන්න.. මට ආදරෙයි කියලා එක පාරක් කියන්න මැනික.. එකම එක පාරක්.. මන් ඔයාට ආදරෙයි.. ගොඩක්.."

ටේගෙ ඇස් වල කදුලු පිරිලා. ඇත්තටම කොල්ලා ගොඩක් සන්වේදී වෙලා. එයාගෙ කටහඩ වෙව්ලනවා.

" ම්..ම්.."

" කියන්න.. ඔයාගෙ ලස්සන මූනට මොනා ද වුනේ.. ඇයි මෙහෙම ලෙඩ වුනේ.. මට ප්‍රශ්න ගොඩයි මැනික.. ඒ වුනත් සේරටම කලින් කියන්න.. ආදරෙයි කියලා. එකම එක පාරක්."

( Author :- පතලක් හෑරුවද.. රත්තරනුයි, මැනිකයි කියන්නේ..🤣

Tae :- ගොනී.. මේ වගේ වෙලාවටවත් සීරියස් වෙනවා ඕතරියෝ..

Author :- ඕප්ස්.. සොරි.. කන්ටිනිවු ඩියර්..🙂 )

" මොනාද කියන්නෙ.. කවදද අපි හම්බුනේ.. ඇයි ඔයා hospital ගියෙ..??"

කොල්ලා අහින්සගේ කට හඩින් අහන්න බලාපොරොත්තු වුනේ වෙන දෙයක් වුනත් ඒ වෙලාවෙ එහෙම ඇහුන නිසා ටේගෙ මුලු ලෝකෙම එයා ඉස්සරහම කඩන් වැටුනා.

" අහින්සා.."

" කවදද අපි හම්බුනෙ.. මන් මොකක්ද හොස්පිටල් එකේ කලේ..?? නෑ.. මන් කවදාවත් එහෙ ඉදලත් නෑ. ඔයාව හම්බුනෙත් නෑ."

" ඔයා.."

" මේ අහන්න. මාව හෙව්වෙ ඇයි..?? ඔයා කාටහරි ආදරේ ඇති.. ඒත් මන් හිතන්නෙ ඔයාට මාව වැරදිලා. මන් අහින්සා.. Medical officer.."

" ඇයි ඔය මැනික.. ඇයි බොරු කියන්නෙ..?? මන් ඔයාව හොයාගෙනත් ඇයි මේම කරන්නෙ..??"

ඔව්..
ටේ හ්‍යුන්ට ඇඩිලා.

" මන් බොරු නෙවෙයි කියන්නෙ.."

" ඔයා Specialist Cardiologist Ahinsa Weenawi.. ඇයි.. බොරු කියන්නෙ ඇයි.. ඇයි මේම කරන්නෙ.. දන්නවද.. මන් ඔයා නිසා කොච්චර දුක් වින්දද කියලා.. ඇයි මේ.. ඇයි මේ මැනික??"

ටේ හ්‍යුන්.. 2013-15 දි හිටපු කොල්ලා නෙවෙයි.. කෙලින්ම කිව්වොත් පලවෙනි එපියෙ හිටපු ජෑම් බෝතලේ හලපු කෙනා නෙවෙයි.. ගොඩාක් අය කියන විදිහ හරි.. දැන් කොල්ලා ලොකුයි.. ඒ වුනත්.. ආදරේ ලග කොල්ලා තාම චූටියි.. ගොඩක්ක්.. ඒ නිසාම කොල්ලට ඇඩුනා..

" මේ අහන්න.. ඇත්තටම ඔයාට වැරදීමක් වෙලා.. මේ බලන්න.. මගේ මූනෙ රෑශ් එක. මේක බොරුවක් නෙවෙයි.. ඉපදුන දවසෙ ඉදන් මේක මගේ මූනෙ තියනවා.

දෙපාරක් හිතන්නෙ නැතුව ටේ හ්‍යුන් කෙල්ලගෙ ඒ කැලල උඩින් අත තිබ්බා. ඇත්ත.. ඒක මැකෙන්නෙ නැහැ..

ඒ වුනත් ඒ ඇස්..
ඒ ඇස්.. ඔව්ව්.. ඒ ඔයාමයි..

" මේ අහන්න.. මන් මෙතනට ආපු නිකන්ම නිකන් medical officer කෙනෙක් විතරයි.. අනිත් එක .......

අදත් ටේ හ්‍යුන් ඉස්සර වුනා. ඒ දුක දරා ගන්න බැරි තැන.. කෙල්ලගෙත් ඇස් වල කදුලු දිලිසෙනවා. ඒත් කෙල්ල කදුලු හැලුවෙ නැහැ. කොල්ලට නම් ඉවසන්න බැරි වුනා. ඇස් වලින් කදුලු කඩාගෙන වැටෙද්දි එදා වගේම දෙපාරක් නොහිතපු ටේ හ්‍යුන් ඇදේ head board එකට කොට්ටයක් තියලා හේත්තු වෙලා හිටපු කෙල්ලගේ තොල් වලට බරවුනා.....

( මන් මේකට ආසයි 🙂🗡️❤️ )

_______________________________

ඔය ඉටැලික් වලින් වරහන් ඇතුලෙ දාන්නෙ පන්ඩිත මම කියන ඒවා..

වදයක් නේ මන්..?

ඔව් ඉතින්.. ඒම තමා.. 🙂🥲

A_Shee ~

Continue Reading

You'll Also Like

6.4K 1.9K 12
හීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්මක් පොදක් නැති මළ කදක් වගේ...හීන පස්සෙ දු...
110K 4.8K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
27K 2.7K 32
Миний хайртай эмэгтэй эргэн ирж байна. Гэхдээ тэр нөхөртэйгөө эргэн ирж байна.
258K 45.7K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)