🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

73.7K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )

පසුවදන

3.4K 624 437
By Sandee_96

                         🍂 "  වේදනාව "
              ඉතින් නුඹ මේ තරම් දරුණුයිද....?🍃

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

" එ....ඒ කියන්නේ...හනා....එයාගේ නම්බර් එක තියෙනවද...? "

" අ...අනී...එයාගේ නම්බර් එක වැඩ නෑ....ඒත් මට විස්වාසයි හනා ආයෙම එයි කියලා...මොකද මෙහේ අපි ඇරෙන්න එයා දන්න වෙන කෙනෙක් නෑ...."

" අරස්සෝ......එහෙනම් මට උදව්වක් කරන්න පුලුවන්ද...? "

" දේ.....මොකක්ද...? "

" හ...හනා ආවොත් මේ පොත එයාට දෙනවද...එයා ආවොත් හරි කතා කලොත් හරි මේ නම්බර් එකට මට කතා කරලා කියන්න පුලුවන්ද....? "

" අරස්සෝ අරස්සෝ....බය වෙන්න එපා...හනා පරිස්සමින් ඉන්නවා...එයාට කරදරයක් උනානම් මේ වෙනකොට  ආරංචි වෙනවා...."

හනාගේ යාළුවා එහෙම කීවත් මගේ හිතේ තිබුන බය අඩු උනේ නෑ...හනාගේ යාලුවට මෙච්චර කල් හනා වෙනුවෙන් ලියපු ඩයිරි එකත් දීලා මම ගෙදරින් පිට වුණෙ කිසිම අදහසක් නැතුව...මේ විදිහට දින සති මාස ගෙවිලා ගියා..පොලීසියට කියල තිබුන නිසා එතනින් එහාට දෙයක් කරන්න මට පුලුවන් උනේ නෑ..මේක US උනානම් මට හනාව හොයාගන්න එක අපහසු නෑ...ඒත් මේ ඕස්ට්‍රේලියාව...

මම නිතර නිතර හනාගේ යාලුවගේ ගෙදර ගිහින් බැලුවත් පොලීසියට ගිහින් බැලුවත් කිසිම විදිහකින් හනාව හොයාගන්න බැරි උනා.ඔය අතරේ මම කිව්වා වගේම හූ සුක්ව ඇතුලෙදීම දරාගන්න බැරි වැඩ නිසා අසනීප වෙලා මැරිලා ගියා...

හනාව හොයන එක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මම ඒ ගැන ජිමින් නීරා එක්ක විතරක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක කීවෙත් නෑ...

මාස දෙකකට පසු
-----------------

දෙසැම්බර් වලට ඕස්ට්‍රේලියාව තනිකර සුදු පාටයි....හැමදාම වගේ පුරුදු විදිහටම හනා ඉන්න පුලුවන් කියලා හිතෙන තැන් හොය හොයා මම ගියත් ඒ කොහේවත් හනා ඉදියේ නෑ...නොදන්න රටක තනියම හනා මොනවා කරනවා ඇතිද කියලා මගේ හිතේ තිබුනේ දුකක් වේදනාවක්....

වෙනදා වගේම ජැකට් එක දාගෙන වෙවුලන සීතලේම හෝටලෙන් එලියට ආවේ හිස් හැඟීමකින්...ඉමක් නැති සෙනඟ අතරේ මගේ ඇස් ඒ මේ අත දිව්වේ  මම ආදරේ කරන ඒ ඇස් දෙක අහම්බෙන් හරි ආයෙම සැරයක් දකින්න ලැබේවි කියලා.......මගේ සුරංගනාවිගෙන් ඈත් වෙලා අදට මාස කීපයක්  උනත් මට දැනුනේ හරියට කල්පයක් වගේ.

" මගේ පුංචි සුරංගනාවී...ඔයා කොහෙද ඉන්නේ..?මම දන්නවා මම කලේ ලොකු වරදක්.මට එකම එක අවස්ථාවක් දෙන්න...ආයෙම රිදවන්නෑ කවදවත්ම.."

මම මට ම මුමුණන ගමන් පාක් එකේ කොනක තිබුන ලී බංකුවක වාඩි උනා...සුදු පාට හිමෙන් වැහිලා තිබුන පාර්ක් එකේ සීතලට තුරුල් වෙලා යන ආදරවන්තයින් දැක්කහම මටත් නොදැනීම මගෙ හිත අතීතෙට දිව්වා..

" ජන්ගුක්  ඇත්තටම මට ආදරෙයි නේද..?"

" දේ මැණික....මාව විස්වාස නැද්ද...?"

" අනී....ගොඩක් විස්වාසයි..."

" පොරොන්දු වෙනවද කවදාවත් මාව අතාරින්නෑ කියලා..."

" ප්‍රොමිස්..කවදාවත්ම අතාරින්නේ නෑ..."

මුලු හදවතින්ම මාව විස්වාස කරලා, මගෙ ලඟ උනුහුමට ගුලි උන මගේ මැණිකව මතක් වෙනකොට මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනුණා...අතීත මතක අස්සේ ගිලිලා ඉදපු මම එකපාරටම ගැස්සිලා පියවි සිහියට ආවේ නොදන්න නම්බර් එකකින් ආපු කෝල් එකක් නිසා...ඒ හනා වෙන්න කියලා හිතින් සිය දහස් වාරයක් හිතන ගමන් මම ෆෝන් එක ආන්ස්වර් කලා....

" යොබොසොයෝ.....? "

මම කතා කලත් එහාපැත්තෙන් කිසිම කෙනෙක් කතා කලේ නෑ..

" යොබොසොයෝ....? "

මම කීප සැරයක්ම කතා කලත් අනිත් පැත්තෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ...ඒත් එකපාරටම පුංචි ඉකියක් එක්ක ඇහුන හුස්ම හෙලන හඬ නිසා මම තේරුම් ගත්තා ඒ ඉන්නෙ හනා කියලා..

" මැ.....මැණික...ම...මගෙ මැණික..."

මම කතා කරනකොට හනා මහා හයියෙන් අඬන්න පටන් ගත්තා...මම එතනින් එහාට වෙන මුකුත්ම නොහිතා ළඟ තිබුණු ටැක්සි එකක නැග්ගා...

"මැණික...ඔයා ඉන්න තැන කියන්න.මම එනවා..මම එන ගමන්..මට ඉක්මනට කියන්න...අඬන්නෙ නැතුව ඉන්න තැන කියන්න මැණික.."

" ම...මම...මම ඉන්නේ මෙල්බර්න් වලමයි ජන්ගුකා....ඔයාට පුලුවන්ද ෆිට්ස්‍රෝයි පාක් එකට එන්න....මම එතන ඉන්නේ..."

" එන්නම් මැණික එන්නම්...ඔතනම ඉන්න.."

කෝල් එක කට් කරලා ඩ්‍රයිවර්ට යන්න ඕනි තැන කීවම ඩ්‍රයිවර් මාව විනාඩි 5 කින් විතර පාක් එක ලඟට එක්කගෙන ආවා...පපුව ගැහි ගැහී මම වාහනෙන් බැස්සේ කියාගන්න බැරි හැඟීම් ගොඩක් හිතෙ හිර කරගෙනයි...වාහනෙන් බැහැලා මම මුලු පාර්ක් එක පුරාම ඇස් යැව්වේ මගේ සුරංගනාවි ඉන්නෙ කොතනද කියලා බලන්න. සීසීකඩ දුවපු ඇස් එකපාරටම මට හුරු පුරුදු ඇස් දෙකක් ළඟ නතර උනා..කඳුළු බෝල පුරවගෙන මා දිහා බලාගෙන ඉන්න හනා දැක්කම මට දැනුනේ වාවගන්න බැරි වේදනාවක්...

තවත් වෙලා ඉන්නෙ නැතුව මම දුවලා ගිහින් හනාව බදාගත්තා...

" මගෙ මැණික..ඔයා හොදින් ඉන්නවා නේද...? "

එහෙම අහන ගමන් මම හනාව එහෙට මෙහෙට හරවලා බැලුවේ පුංචි හරි සීරීමක් වෙලා තියෙද කියලා දැනගන්න...ඒත් හනා මගෙ ඇස් දිහාම බලාගෙන ඉදලා එකපාරටම මාව බදාගෙන මහා හයියෙන් අඬන්න පටන් ගත්තා...

" වේ....ජන්ගුකා...වේ...? මට ඒ කිසිම දෙයක් නොකීවේ...? වේ.....? එතකොට ඔයා මේ හැමදේම කලේ....? ඔයාගේ...? "

හනා කියන්න ගිය දේ එතනින් නවතලා හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගත්තා...

" දේ මැණික....මේ හැමදේම කලේ මගේ මිආ වෙනුවෙන්...මගේ නංගි වෙනුවෙන්.... මගේ මැණික වෙනුවෙන්...."

මෙච්චර කල් පපුවේ හිර කරගෙන ඉදපු, මගේ ඔමොනිගෙන් පස්සේ මගේ හිත නිවපු මගේ මැණික, මිආ මගේ නංගි ගැන මගේ කටින්ම මම හනාට කිව්වා.....ටිකක් වෙලා මගේ පපුව අස්සේ මූන හංගගෙන ඉදපු හනා මා දිහා බලලා ආයෙමත් ඇස් වලට කඳුළු පුරවගත්තා...

" ආ...නී....ඇති මැණික ඇති....දැන් අඬන්න එපා..."

" ජන්ගුකා....ඔයාට තිබුනා මට කියන්න...මේ හැමදේම මට කියන්න..."

" මැණික දන්නවද.....? මගේ හිතේ තිබුන වේදනාව...මගේ ඔමොනි නැති උනේ මිආව ලැබෙනකොට..ඒ ගැන මගේ අබොජි මිආ එක්ක තරහෙන් ඉදියේ...පුංචි කාලෙ ඉදන් මිආට අබොජි වෙනස් කම් කලා...ඒ හැමදේම දරාගෙන එයා හිනා වුනා..දේ....ඒ මගේ නංගි..මගේ මැණික මිආ....මගේ මුලු ලොකෙම උනේ මිආ...ඔමොනි වෙනුවට මගේ ලඟ ඉදියේ මිආ...මිආ සමහර වෙලාවට නැනී ඔම්මටවත් මට ලං වෙන දෙන්නෑ..ඒ තරම් එයා මට ආදරේ කලා.මගේ මිආ ඉගෙන ගන්න ගොඩාක් උනන්දු කෙනෙක්.. කම්පස් එකෙන් එයාට එන යෝජනා ප්‍රශ්නයක් කරගන්නේ නැතිවෙන්න අත්හරින්න ඕනි නිසා එයා මගේ නම පාවිච්චි කලා.එයාගේ හීනේ , එයාගේ ආසාව ඒ හැමදේම අතෑරලා මටත් නොකියාම එයා අද යන්න ගිහින්.මගේ මිආ ඔමොනි වගේම මාව බලාගත්තා..මමත් ඔමොනිගෙන් පස්සේ ඒ උකුලට, ඒ උරහිසට හුරු උනා.."

හිතේ තියෙන වේදනාව කොයි විදිහට එලියට දැම්මත් ඒක කවදාවත් නිවෙන ගින්දරක් නෙමෙයි කියලා මම දැනගෙන ඉදියා...

" මියානේ ජන්ගුකා....මියානේ...මම මේ පොත කියවනකම් ඒ ගැන දැනගත්තේ නෑ..."

එතකොටයි මට මතක් උනේ මම ජේන්ට දීපු පොත හනා අතේ තියෙන්නේ කියලා...

" ඒ කියන්නේ ඔයා ජේන්ගේ ගෙදර ගියාද...? "

" දේ....දවස් දෙකකට කලින්...මම එදා ජේන්ව පොරොන්දු කරවගත්තා ඔයාට මේ ගැන නොකියන්න..."

" අරස්සෝ අරස්සෝ ඒකට කමක්නෑ මැණික...දැන් මගේ මැණික මගේ ලඟම ඉන්නවනේ..."

" එක්කෙනෙක් නෙමෙයි....දැන් තව මැණිකක් ඉන්නවා..."

හනා මට තුරුල් වෙලා එහෙම කියනකොට මාව ගැස්සිලා ගියා...පුදුමෙන් වගේ බලාගෙන ඉන්න මා දිහා බලලා හනා ලස්සනට හිනා වෙලා මගේ අත අරන් එයාගේ බඩ උඩින් තිබ්බා...

" මැ....මැණික....චින්චා....? චි....චින්චා...? "

මටත් නොදැනීම ඇස් දෙකේ කඳුළු පිරෙනකොට මම හනාව මගේ පපුවට තියලා පුලුවන් තරම් තදින් තුරුලු කරගෙන මෙච්චර කල් වචනෙන් නොකීව ආදරේ හාදුවක හංගලා මගේ සුරංගනාවිගේ නලලෙන් තිබ්බා....

ඕස්ට්‍රේලියාවේ ඉදන් පුලුවන් ඉක්මනට කොරියාවට ඇවිත් ඉස්සෙල්ලාම කලේ හනායි මමයි මැරි කරන එක..මැරි කරලා පහුවදාම හනා ,නැනී ඔම්මා ,ජිමින් ,නීරා, පිටර් අංකල් එක්ක අපි හැමෝම මිආගෙයි අබොජිගෙයි ඔමොනිගෙයි අලු බඳුන් තියෙන සෙමෙස්ට්‍රෙ එකට ගියා...තුන්දෙනාගෙනම ඒවා එක තැනකින් තියන ගමන් මම මිආ වෙනුවෙන් හදවතින්ම ප්‍රාර්ථනා කලා...

මගෙ මැණික....අබොජියි ඔමොනියි එක්ක සතුටින් ඉන්න...මියානේ ඔයාට අමාරුම කාලෙ ඔයා ළඟින් ඉන්න බැරි වුන එක ගැන...කුමාවෝ මගේ මැණික වෙලා මගේ ලඟට ආවට...සරන්හේ මගේ මැණික.....

හැමදේම එක්ක ගොඩාක් සතුටින් කාලේ ගෙවිලා ගියා..ජිමින් මිආ ගේ මතකෙන් ඈත් වෙලා නීරා එක්ක ආදරෙන්  බැඳුනා..මාස හයකට පස්සේ හනා පුංචි දූ පැටියෙක්ව මගේ අතට දුන්නා...මට දැනුනේ මගේ මිආ ආයෙමත් මා ලඟට ආවා වගේ....දේ....මගේ පැංචිගේ නම මිආ....මගේ මැණික.......අලුත් ආරම්භයක් එක්ක අපි හැමෝගෙම ජීවිත ආයෙමත් එළිය වැටුණා..

🍂 ඇත්ත.....! වේදනාවට පුලුවන් හදවතක් අමු අමුවේ මරලා දාන්න..හරියට Mr.JK ජන්ගුක්ව මරලා දැම්මා වගේ....🍂

🍃 ඒ වගේම ආදරයට පුලුවන් මැරුණු හදවතකට නැවත පණ දෙන්න..හරියට හනා ජන්ගුක්ට පණ දුන්නා වගේ...🍃

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

ඉතින් වෛරයෙන් මත් වුනු සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව අදින් අවසානයි...🥺❤️. 🍂 Mr.JK 🍃අදින් අවසානයි.🥺❤️

ම්ම්ම්ම්ම් මොනවා කියන්නද කියල මට තේරෙන්නෑ...මම ලියපු දෙවෙනි කතාව මේක...හැමදාම වගේ පසුවදනට පොඩි කොටසක් ඇඩ් කරන්න හිතුවත් ඒක ටිකක් දික් උනා..මියානේ....

ඔයාලා නොහිතපු දෙයක් උන නිසා බලනවා ඇති මොකක්ද ඒ කියලා..හරි මෙහෙමයි...මට ඕනි උනා මේ කතාවේ බැඳීමක් හංගන්න...ඉතින් ඒකට මම තෝරගත්තේ මිආ ගෙයි JK ගෙයි සහෝදර බැඳීම...

සහොදර බැඳීම...අයියෙක්ට තමන්ගේ නංගී මැණිකක් නෙමෙයිද...? එහෙම වෙන්න බැරිද...? ඔයාලට ඒක මතක් උනේ නෑ නේද...? ඇයි අපි හැමදාම ආදරේ කියන දේ කොල්ලෙක් කෙල්ලෙක් අතරට විතරක් සීමා කරන්නේ...? අම්මා තාත්තා සහෝදරයෝ යාළුවෝ...මේ අය එක්ක අපිට ආදරයක් නැද්ද...? මම හිතන්නෙ අද වෙනකොට කෙටි කාලීන බැඳීම් නිසා සියදිවි නසාගැනීම් , මිනීමැරුම් වැඩි වෙන්න හේතුව තමයි ඒක...අපි හැමදාම ආදරෙ කෙල්ලෙක් කොල්ලෙක් අතරට සීමා කරනවා....

හැමෝම ඇහුවා මිආ කවුද...? ඒ JK ගෙ වයිෆ්ද..? ගර්ල්ද කියලා....ඒ ඇයි...JK මැණික කියලා මිආට කීව නිසා නේද ? හිතල බලන්න...මේ ජීවිතේ අපි නොහිතන පැත්තක්....සහෝදර ප්‍රේමට හරිම ශක්තිමත්...ඒ වගේම Mr.JK කියන්නේ ආදරණීය සහෝදරයෙක්....ආරක්ශකයෙක්...වගේම ආදරණීය ප්‍රේමවන්තයෙක්...පියෙක්....

මම කිසිම වෙලාවක මිආ , JK ගැන ගාර්ඩ්න් එකේ තියෙන බෙන්ච් එකෙන් එහාට කිසිම මතකයක් දුන්නේ නෑ...සීරුවෙන් කියපු කෙනෙක්ට ඒක ඉඟියක්.ඉතින් කාටවත් ඒ ගැන හිතිලා තිබුනේ නෑ..😁❤️....

අහම්බෙන් හම්බවෙලා තමන්ගේ නොවුනත් තමන්ගේ වගේම ළඟින් ඉන්න ජිමින් නීරා වගේ ආදරනීය යාලුවොත්  මේ ලෝකේ ඕනි තරම් ඉන්නවා...ඒ වගේම ජිමින් වගේ අහිමි වුන ආදරේ මත්තේම ඉන්න , ඒත් ජීවිතෙන් දිනන්න උත්සාහ කරන ආදරණීය ආදරවන්තයොත් මේ ලෝකේ ඕනි තරන් ඉන්නවා...❤️

එහෙනම් ඉතින් ගොඩා.....ක් කුමාවෝ Mr.JK ට මේ තරම් ආදරේ කළාට...ඒ වගේම ඉරේ මධූ අක්කා...මගේ පරණ ඇක් එක නැති උනහම වීඩියො හද හදා ගොඩාක් මහන්සි උනා...ගොඩක් කුමාවෝ අක්කො..🥺❤️😘.ඒ වගේම Mr.JK නිසා වෝල් පුරවපු හැමෝමටත්...නිතරම ඉන්බොක්ස් ඇවිත් අගේ කරපු..හැමදාම ලස්සන කමෙන්ට් එකකින් කතාව ගැන අදහස් දක්වපු...එකී නොකී හැමෝටම ගොඩාක් කුමාවෝ.....

ඉතින් වැඩිය දෙයක් නොකියා ඉන්නම්....අද ඔයාලා ටිකක් කතා කරන්න...කතාව කියවලා හොර පාරෙන් ගිය අය ඉතිම් අදවත් පුංචි අදහසක් එක්ක ලයික් එකක් දාමු...🙏❤️

Continue Reading

You'll Also Like

499K 67.4K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
115K 10.9K 29
သူကငါ့အပိုင်ဆိုတာ မင်းတို့လက်မခံချင်လည်းလက်ခံရမှာပဲ !
95.5K 12.7K 46
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
169K 12.1K 49
ត្រូវចាំទុកថាគីមថេហ្យុងគឺជារបស់ខ្ញុំតែម្នាក់គត់បើអ្នកហ៊ានប៉ះគេប្រៀបដូចអ្នកហ៊ានប្រឡែងនិងភ្លើងអញ្ចឹងហើយភ្លើងដូចជាខ្ញុំក៏និងដុតកម្លោចអ្នកតែម្ដង បើជឿប៉ះព...