🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

73.5K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
පසුවදන

30 ( අවසන් කොටස )

3.1K 424 19
By Sandee_96

හූ සුක් කිව්වා වගේම මම හවස හතර වෙනකොට ජෙසිකා ක්ලබ් එකට ගියා..හැමදේම හරියටම සෙට් කරගෙන මේ ඩීල් එකට මම ගියේ ඩීල් වෙන පිලිවෙල ගැන සාක්ශි එකතු කරගන්න....මම ඇතුලට යන්න හදනකොටම සිකියුරිටි එකෙන් මාව චෙක් කලා...මාව චෙක් කරල ඉවර වෙනවත් එක්කම ක්ලබ් එක ඇතුලේ ඉදන් හූ සුක් මගේ ලඟට ආවා..

" ජන්ගුක්..මම ඔයා එනකම් බලන් ඉදියේ..."

එහෙම කියලා හූ සුක් මගේ කරට අතකුත් දාගෙන මාව රූම්ස් තියෙන පැත්තට අරගෙන ගියා...28 වෙනි රූම් එකෙන් ඇතුලට ගිය හූ සුක් මට ඇතුලට එන්න කියලා ඉඟි කළහම මමත් රූම් එක ඇතුලට ගියා...ඒත් රූම් එක ඇතුලට ගියාට සැක සහිත කිසිම දෙයක් පේන්න තිබුණෙ නෑ....මම පුදුමෙන් වගේ වටපිට බලනකොට හූ සුක් හිනා වෙලා මගෙ ලඟට ආවා..

" යා....හ් ජන්ගුක්...මොනවද හොයන්නේ...ඒවා එහෙම මේ වගේ තැන්වල තියන්නෑ...ඒවට වෙනම තැන් තියෙනවා..."

හූ සුක් එහෙම කියලා කාමරේ කලවරේ බිත්තිය ලඟට ගිහින් එතන එල්ලලා තිබුණු ඔරලෝසුවේ විනාඩි කටුව නමය ලඟට කැරකෙව්වම බිත්තිය එකපාරටම ඕපන් උනාම මට පුදුම හිතුනා..එතකොට මේ හැමදේම වෙන්නෙ මේ බිත්තියෙන් එහා පැත්තෙද...ජන්ගුක් ඔයා හැමද්ටම ලං වෙලා ඉන්නේ..මම හිතින්  මටම කියාගන්න ගමන හූ සුක් පිටිපස්සෙන් ඇතුලට ගියා...

ඇතුලට ගියාට පස්සේ දැක්ක දෙයින් මාව ගැස්සිලා ගියෙ එතන තියෙන පොඩි ඉඩේ හැමදේම රෙඩි කරල තියෙන හැටි දැක්කමයි..
පොඩි ඇඳක් මේසයක් පුටුවක් කබඩ් එකක් එක්ක එතන තිබුනේ මද අඳුරක්...කෙළවරට වෙන්න තිබුණු පොඩි වොශෲම් අදුරු කාමරේ පෙනුනේ පොඩි ඇනෙක්සි එකක් වගේ..මම රින්ග් එකයි වොච් එකයි ඒ මගේ ඉස්සරහට පේන හැමදේම වීඩියෝ රෙකෝඩින් වෙන විදිහට රෙඩී කරගෙන තිබුන නිසා පුදුම වෙලා ඒ දේවල් දිහා බලන විදිහට මම හෙමින් වටයක් කැරකි කැරකි වටේම දේවල් වීඩියෝ කරගත්තා..

" ජන්ගුක්...මේ තමයි අපි ඩීල් කරන තැන...මෙතන කිසිම කෙනෙක් දන්නෙ නෑ..."

" ඕ.....හ්....එතකොට හැම දෙයක්ම වෙන්නෙ මෙතනද.? අද එනවා කියපු කෙනා කෝ එතකොට...? "

" අනී....දැන් එන ගමන් කිව්වා...ලඟම ඇති.."

හූ සුක් එහෙම කියනවත් එක්කම අපි ඉදපු කුටියට එන රහස් දොර ඇරුණා...මම රින්ග් එකයි වොච් එකයි ඒ පැත්තට ඒම් වෙන විදිහට හිටගත්තේ ඒ හැම මූනක්ම ස්කෑන් වෙලා වීඩියෝ වෙන්න අරින ගමන්...

" ඕ.....හ් මිස්ටර් වොන් "

" හෙලෝ මිස්ටර් හූ සුක්...මට වැඩි වෙලාවක් නෑ...ඉක්මනට යන්න ඕනි.."

මිනිහා ආව ගමන්ම යන්න හදිසි කරපු විදිහෙන් තේරුණා මිනිහා මේවට කිසිම...බයක් සැකක් නෑ කියලා...සාමාන්‍යයෙන් අපි දන්න විදිහට ඩීල් කරන අය වටේම හොඳට බලලා කරලා එලියට බහින අය වුනත් හූ සොක් වගේම ඩීල් කරන්න ආව කෙනත් කිසිම බයක් සැකක් නැතුව හැසිරුන විදිහෙන් මට තේරුණා මිනිහා හොද පළපුරුදු කාරයෙක් කියලා..

හූ සුක් වොන් එක්ක ඩීල් එක කරන විදිහ හැමදේම මම වීඩියෝ කරගත්තා...මේක තමයි මගේ සාක්ශිය...මේකත් එක්ක මට පුලුවන් මගේ ඊලඟ ප්ලෑන් එකට යන්න....ගනුදෙනුව ඉවර කරලා වොන් ගියාට පස්සේ හූ සුක් මා දිහා බලලා හිනා වෙලා කතාවට බැස්සා..

" ජන්ගුක්...දැක්කනේ සල්ලි , බඩු තියෙනම් තප්පරගානකින් පොකට් එක පිරෙනවා.."

" ඒකනේ..හූ සුක්....ඔයා මිස් වෙන්න යන ලොකුම ඩීල් එක රෙඩි කරගන්න...අනිද්දට අපි ඒක කරමු....ඒකත් වෙන්නෙ මෙතනම නේද...? ඔයාගේ බිස්නස් එක මම ගොඩ දාන්නම්....කම්පැනි එකට ඕනි කරන සල්ලි මම දෙන්නම්...ඩීල් එක වෙන වෙලාව එදා වගේ මට මැසේජ් දාන්න හු සුක්..."

මම එහෙම කියනකොට හූ සොක් ඇවිත් මාව හග් කලා...මට කොයි තරම් පිළිකුලක් දැනුනත් හූ සුක්ව කොටුකරගන්න ඕනි නිසා මම ඉවසගෙන ඉදියා....

" බ්‍රදර්....යා.....හ් ඇයි මට ඔයාව මෙච්චර පරක්කු වෙලා හම්බුනේ...? "

හූ සුක් බිස්නස් ආයෙම ගොඩ ගන්න මාව පාවිච්චි කරන්න පුලුවන් නිසා ඉදියේ ලොකු සතුටකින්....

" අනිද්දට ඩීල් එක උනාට පස්සේ හූ සුක් අපේ ගෙදර එන්න...මම පාටි එකක් රෙඩි කරනවා....අර කම්මැලි බිස්නස් එකෙන් අයින්වෙලා මගේම දෙයක් කරන නිසා ඒ සතුට සමරන්නම ඕනි..."

" අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ජන්ගුක්..."

හූ සුක් මම කියන හැමදේම මෝඩයෙක් වගේ විස්වාස කලා...හූ සුක් එක්ක ටිකක් වෙලා කතා කර කරා ඉදලා මම කෙලින්ම ගෙදර ආවා...ගෙදර ආව ගමන් මම කලේ මම වීඩියෝ කරගත්ත හැම හැමදේම ලැප් එකට දාගත්ත එක...ඊට පස්සේ මිස්ටර් ජින්ටයි මිස්ටර් නම්ජුන්ටයි ඒ ටික මේල් කලා...

පසුවදා
-------

උදෙන්ම නැගිටලා ටේයුන්ට කෝල් එකක් දීලා හොබී සුගා එක්ක J4 ටීම් එක කී හවුස් එකට ගෙන්නන්න කියලා මමත් කී හවුස් එකට ගියා...
මම යනකොටත් හැමෝම එතනට ඇවිත් ඉදියා..

මම ඇතුලට යනවත් එක්කම හැමෝම නැගිටලා මට ආචාර කලා...

" සර් "

මාත් හැමෝටම ආචාර කරලා කතාවට බැස්සේ මේ ප්ලෑන් එකේ කොහෙවත් වරදින්න බැරි නිසා...

" අරස්සෝ....හැමෝම හොඳට අහගන්න...අපි මිශන් එකේ අන්තිමටම ඇවිත් ඉන්නේ..හෙට හැමදේම ඉවරයක් වෙන්න ඕනි....මෙහෙමයි වෙන්නේ...ටේයුන් හොබී සුගා Gas Bomb පහක් රෙඩි කරගන්න ඕනි....මේකෙදී ක්ලබ් එකේ ඉන්න සාමාන්‍ය කෙනෙක්ට කිසිම දෙයක් වෙන්න බෑ....J-4 ටීම් එක වෙනදා වගේම කොටස් දෙකකට බෙදෙනවා..ඒකෙන් A ටීම් එක ක්ලබ් එකෙන් එළියේ දකුණු පැත්තෙන් ටීම් B එක ක්ලබ් එකේ එළියෙන් වම්පැත්තෙන් වටලන්න ඕනි...මතක තියාගන්න මේක මිස් වෙන්න බෑ...අපි කියනකම් ඔයාලා වාහනේම ඉන්න ඕනි..අපි හෙට යන්නේ සාමාන්‍ය වාහන දෙකක...ඒනිසා එතන කිසිම කෙනෙක් සැක කරන්නෑ..

ඒ වගේම සුගා හොබී J-4 ටීම් එකේ ටීම් A / B දෙක වෙන වෙනම වාහන දෙකක ඔයාලා අරන් එන්න..ටේයුන් ඔයා ඔයාගේ බයික් එකේ එන්න..මම ඇතුලට ගියහම ටේයුන් ක්ලබ් එකේ කෙනෙක්ව එලියට අරගන්න මොකක් හරි හේතුවක් කියලා..මොකක් හරි කේස් එක්ක් කීවම ඒක කරගන්න පුලුවන්...ටේයුන්ට එයාව පාලනේ කරගන්න හැටි අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...ඒ මනුස්සයා ලවා Gas Bomb ටික ඇතුලට අරන් යන්න.. ඒ වගේම ස්ටාෆ් එකේ කෙනාගේ යාළුවෝ විදිහට ඔයාල තුන්දෙනාව ඇතුලට එක්කගෙන යන්න එයාව කැමති කරගන්න..එතකොට එළියෙන් ඔයාලව චෙක් කරන්නෑ...ඒක හොදින් හෝ නරකින් වෙන්න ඕනි...ඒ දේ කරන්න ඕනි තීරණයක් අරගන්න ටේයුන්ට මම අවසර දෙනවා....

ඒ වගේම 28 වෙනි රූම් එක ළඟ එළියෙන් හූ සුක් ගේ ගාර්ඩ්ස්ලා දෙන්නෙක් ඉන්නවා...ඩීල් එක කරන කෙනත් අපි ඉන්න තැනට ආවට පස්සේ මම සුගාට කියන්නම්..එතකොටම සුගා හොබී ක්‍රියාත්මක වෙන්න ඕනි..රූම් එකෙන් එළියේ ඉන්න ගාර්ඩ්ස්ලා දෙන්නව ගෑස් බෝම්බ වලින් සිහි නැති කරවන්න...එතන ඔයාලට ෆයිට් කරන්න බෑ..මොකද එතන ප්‍රශ්නයක් උනොත් ක්ලබ් එකේ අය කලබල උනොත් හැමදේම ගැස්සෙන්න පුලුවන්..ඒ දෙන්නව සිහි නැති වුන ගමන් රූම් එක ඇතුලට අරගන්න..බැරි වෙලාවත් එතන වෙන අවුලක් උනොත්...ඒ කියන්නෙ ක්ලබ් එකේ අය දැකලා හරි කලබලයක් උනොත් අනිත් ගෑස් බෝම්බ ටිකෙන් ඒ ගමන්ම ක්ලබ් එක ඇතුලට රිලීස් කරන්න.ඒක ටික වෙලාවකට කට්ටියවම සිහි නැති කරවයි..එතනින් පස්සෙ දොර ඇරගෙන ඇතුලට එනකොට ඔයාලට පෙනෙයි වම් අත පැත්තේ බිත්ති ඔරලෝසුවක්....ඒකේ විනාඩි කටුව නවය ලඟට කැරකුවහම එතන තියෙන බිත්තිය ඔපන් වෙනවා...එතන හූ සුක් එක්ක මම ඉන්නවා....ඔයාලා ඇතුලට එනවත් එක්කම සුගා එළියේ ඉන්න ටීම් දෙකට අණ දෙන්න...

J-4 ඔයාලා මිස්ටර් සුගාගේ අණට හෙට ක්‍රියාත්මක වෙන්න ඕනි....අපි ඇතුලේ දේවල් කන්ට්‍රෝල් කරනකොට ඔයාල එළිය කන්ට්‍රෝල් කරන්න ඕනි...අමතක කරන්න එපා එළියේ සිකියුරිටි එක ලඟත් ආයුධ තියෙනවා...මුලින්ම ඒ දෙන්නගේ ආයුධ හිස් කරන්න...ඒ වගේම හැමෝම ඔයාලට දීල තියෙන වොච් එක දාගෙන එන්න ඕනි...අපි කතා කරන්නෙ හැමදේම කරන්නේ වොච් එකේන්...අමතක කරන්න එපා....මේ මිශන් එක කොතනවත් ගැස්සෙන්න බෑ...මොකද ඒජන්ට් හින්ට වුන දේ හෙට තව කෙනෙක්ට වෙන්න බෑ..ඒක කොහෙත්ම වෙන්න බෑ...

මම හැමදේම පැහැදිලි කරලා දෙනකොට හැමෝම ප්ලෑන් එක හොදින් තේරුම් අරගත්තා කියලා මට තේරුණා....

" එහෙනම්.....කාට හරි අපැහැදිලි තැනක් තියෙනවද ? "

" මිස්ටර් JK , රූම් එකෙන් එළියේ වගේම ඇතුලෙත් හූ සුක්ගේ ගාර්ඩ්ස්ලා ඉන්නවද..? "

" අනී....ඇතුලේ නෑ..මිනිහා ළඟ ඉදපු හැමෝම වගේ මිනිහව අතෑරලා ගිහින්...ඒක තමා අපිට තියෙන ලොකුම චාන්ස් එක..අවුරුදු ගාණක් NIS එකට හොරෙන් ඩීල් ගහපු නිසා මිනිහා හිතන්නෙ එතන කාටවත් හොයාගන්න බෑ කියලා..තව ප්‍රශ්න තියෙනවද..? "

" No Sir "

" Good....හැමෝම හෙට ඔයාලගේ උපරිමේ කරන්න ඕනි...හූ සුක් ළඟ ආරක්ශාව තියෙන නිසා එන අය කිසිම කෙනෙක් ගාර්ඩ්ස්ලා එක්ක එන්නෙ නෑ..උපරිම එන්නේ එක්කෙනයි....ඒ නිසා ඒ පැත්ත ගැන ප්‍රශ්නයක් නෑ..."

හැමෝටම ප්ලෑන් එක තේරුම් කරලා දීලා මම ගෙදර ආවේ හිතේ අමුතු බරක් තියාගෙන.ඒ මොකක් නිසාද කියලා මට නොතේරුනත් වෙනදට වඩා මහ අමුතු හැඟීමක් ඇති වුනා..

පසුවදා
------

  උදෙම ඇහැරිලා මම ගෙදර එහා මෙහා ගියේ කලබලෙන් වගේ...පළවෙනි මිශන් එක නිසාද මන්දා හිතේ ලොකූ කලබලයක් තිබුනා...මම බලාගෙන ඉදියේ හූ සුක් ටයිම් එක එවනකම්...ටිකක් වෙලා ගාර්ඩ්න් එකේ ඉන්නකොට මට හූ සුක්ගෙන් කෝල් එකක් ආවා..

" යොබොසොයෝ හූ සුක් "

" යොබොසොයෝ ජන්ගුක්...අද හවස 05 වෙනකොට ජෙසිකා ක්ලබ් එකේදි ඩීල් එක වෙනවා....ඔයා ලෑස්තියි නේද..? "

" අරස්සෝ...මම ඔයාගේ කම්පැනි එකට ඕනි කරන සල්ලි වලින් භාගයක් කෑශ් වලින්ම අරගෙන එනවා...මගේ අතේ සල්ලි තියෙන නිසා හූ සුක් අපි දෙන්නම එකට ඇතුලට ගියොත් හොඳයි කියල මට හිතෙනවා..."

" ඕ....හ් ජන්ගුක්ට බයයිද...? "

හූ සුක් හිනා වෙලා ඇහුවෙ මම මේවට අලුතෙන්ම එන කෙනෙක් නිසා බය ඇති කියලා හිතාගෙන උනත් ඇත්තටම මට ඕනි උනේ හූ සුක් එක්ක එකට යනකොට මාව  චෙක් කරන්නෙ නැති නිසා මගේ පිස්ටල් එකයි කිනිස්සයි ප්‍රශ්නයක් නැතුව ඇතුලට අරගෙන යන්න..

" අ....ආ...හ්...නෑ කියන්නත් බෑ හූ සුක්...මිට කලින් මෙහෙම දේවල් කරලා නෑනේ..."

" අරස්සෝ අරස්සෝ...හවස පහ වෙන්කොට එන්නකො...කොහොමත් ඩීල් කරන කෙනා එනකොට විනාඩි පහක් විතර පරක්කු වෙයි..මම ජන්ගුක් එනකම් ඉන්නම්.."

මම හිතුවා වගේම සල්ලි කෑදරකමට හූ සුක් මගේ හැම ගැටේකටම අහු වුනා...හූ සුක්ගේ කෝල් එක කට් කළාට පස්සෙ හැමදේම රෙඩිද බලන්න සුගාට කතා කරලා මම බලාගෙන ඉදියේ හවස් වෙනකම්...හූ සුක්ට කිව්වා වගේම සල්ලි දාපු සූට්කේස් එක අරගෙන මම හරියටම හවස පහ වෙනකොට ජෙසිකා ක්ලබ් එකට ගියා...මම යනකොට හූ සුක් ක්ලබ් එකෙන් එලියට වෙලා මම එනකම් බලාගෙන ඉදියා..මාව දැක්කා විතරයි ඉහේ මලක් පිපුණා වගේ මගෙ ලඟට ආව හූ සුක් මාවත් එක්කගෙන ක්ලබ් එක ඇතුලට ආවා....

හිතුවා වගේම අපි ඇතුලට ගිහින් විනාඩි පහකට විතර පස්සේ ඩීල් එක කරන කෙනා අපි ඉන්න තැනට ආවා...මිනිහා ආව ගමන් මම සුගාට අණ දෙන්න වොශෲම් එකට යන්න හදනකොට හූ සුක් මාව නැවැත්තුව..

" ජන්ගුක් කොහෙද යන්නෙ...? "

" අ...අනී...මට වොශෲම් එක යූස් කරන්න පුලුවන් නේද...? "

" ඔ..හ්...ද්..දේ දේ.....මට පේන්නේ ජන්ගුක් බය වෙලා වගේ....අරස්සෝ අරස්සෝ ගිහින් එන්න ජන්ගුක් "

හූ සුක් තව ටිකකින් වෙන දේ ගැන කිසිම අදහසක් නැතුව පිස්සෙක් වගේ දඟලන හැටි දැක්කම මට සතුටක් දැනුණා...මම ඉක්මනට වොශෲම් එකට ඇවිත්  සුගාට අණ දුන්නා...

" සුගා ඇතුලට එන්න.."

සුගාට අණ දීලා වොශෲම් එකෙන් එලියට ඇවිත් මම අවධානෙන් බලාගෙන ඉදියේ සුගා හොබී ටේයුන් තුන්දෙනාම ඇතුලට එනකම්...මම හිතුවා වගේම විනාඩි කීපෙකට පස්සෙ එකපාරටම අපි ඉදපු රහස් කාමරේ දොර ඇරුණා..දොර ඇරෙනවත් එක්කම සුගා හොබී ටේයුන් තුන්දෙනාම ඇතුලට කඩාවැදුනේ පිස්ටල් තුන අපිට ඒම් කරගෙන...

" හැමෝම....ආයුධ එලියට අදින්න හිතන්න එපා...ඉන්න තැනම දණ ගහගෙන අත් උස්සනවා...අපි NIS එකෙන්.."

හූ සුක් ඉනේ තියාගෙන ඉදපු පිස්ටල් එක අදින්න හදනකොටම හොබී කෑ ගහපු නිසා හූ සුක් ඇස් දෙකත් ලොකු කරගෙන එතනම බිම ඉඳගෙන අත් උස්සගත්තා...හැමොම බිම ඉදගත්තත් මම තාම නැගිටලා ඉන්න නිසා හූ සුක් පුදුමෙන් වගේ මා දිහා බැලුවා.

" ජන්ගුක් ඉදගන්න...එයාලා කියන දේ කරන්න..."

" වේ...? කාට බයේද...? "

" ජන්ගුක් මේ NIS එකෙන්...ඉදගන්න..."

" ඕ....හ් මට අමතක උනානේ හූ සුක්ට මාව අඳුන්වලා දෙන්න..මියානේ..මම JK...NIS ස්පෙශල් සීක්‍රට් ඒජන්ට් "

මම ID එක පෙන්නලා එහෙම කියනකොට හූ සුක් කිසිම දෙයක් හිතාගන්න බැරුව මගේ දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉදියා...හූ සුක් එකපාරටම එයාගේ ඉනේ තිබුන පිස්ටල් එක එලියට අදින්න හදනකොටම මම මගේ පිස්ටල් එක එලියට අරන් හූ සුක්ගේ නලලට තිබ්බා...

" හූ සුක්...වැඩිය දඟලන්න ලෑස්ති වෙන්න එපා..ඕනිවට වඩා දඟලන්න ලෑස්ති උනොත් මම මේකෙ තියෙන උණ්ඩ 7 ම ඔහේගේ ඔලුවට බස්සනවා..."

" ජන්ගුක්...තමුසේ...තමුසේ කරපු හැමදේම ප්ලෑන් එකක්ද...? "

" හූ සුක්..කට වගනවා...තමුසෙගේ සෙල්ලම් ඔක්කොම ඉවරයි...මෙච්චර කල් BC ගේ පිටිපස්සේ ඉදන් කරපු හැමදේම ඉවරයි...."

" ජන්ගුක් මම තමුසෙගෙන් පලි ගන්නවා...තමුසෙව මම විනාස කරනවා..."

හූ සුක් වියරුවෙන් වගේ කෑ ගහන්න පටන් ගත්තා...

"හූ සුක් තමුසෙට ඇතුලට ගියහම තේරෙයි මේ දේවල් උනේ තමුසේගෙම වැරදි නිසා කියලා...ඒ නිසා කට වහගෙන අපි කියන විදිහට ඉන්නවා..."

එහෙම කියලා මම හූ සුක්ගෙයි ඩීල් එක ගහන්න ආපු එකාගෙයි ඔක්කොගෙම ආයුධ හිස් කලා....ඊට පස්සේ ක්ලබ් එකේ පිටිපස්සේ දොරෙන් හූ සුක්වයි එයාගේ මිනිස්සුයි ඔක්කොම එලියට අරගෙන උන්ව NIS අපේ මූලස්ථානෙට අරගෙන ආවා...ඇතුලට ආවට පස්සේ හූ සුක්වයි උගේ මිනිස්සුන්වයි අපේ නිලධාරියෝ වෙන වෙනම ප්‍රශ්න කලා....උන් එතනදී නම් කියපු හැම කෙනාවමයි හූ සුක්ට උදව් කරපු , අපිට ඔත්තු දීපු ඩොක්ටර් , හූ සුක්ගේ අබොජි , ඔමොනි ඇතුලු හැමෝවම පොලීසිය හරහා අත් අඬංගුවට ගන්න හැමදේම ලෑස්ති කලා..

හැමදේම ලෑස්ති කරලා මම මගේ කැබින් එකට ඇවිත් මිස්ටර් ජින්ට කෝල් එකක් ගත්තා...

" JK......ඕහ්...මෑන්....යූ...ඩිඩ් ඉට්....ඔයා ඒක කලා... Congratulations JK ..ඔයා පළවෙනි මිශන් එක හරිම ලේසියෙන් කලා....ඒකත් වෙනස්ම විදිහකට....නියමයි..."

කෝල් එක ආන්ස්වර් කරපු ගමන් මිස්ටර් ජින් කලේ මාව අගේ කරපු එක....

" කම්සාහම්නිදා මිස්ටර් ජින් "

" අරස්සෝ JK....ඔයාට දැන් තේරීමක් තියෙනවා...ඔයා වැකේශන් එකක් ගන්නවද නැත්නම් දිගටම වැඩ කරනවද ...? "

" මිස්ටර් ජින්...මට හනාව හොයාගන්න ඕනි...."

" ඕ....අරස්සෝ ඒ කියන්නේ JK වැකේශන් එකක් ගන්නවා...අරස්සෝ අරස්සෝ මම අද රෑම ඔක්කොම රෙඩි කරන්නම්....ඔයාට කැමති වෙලාවක පිටත් වෙන්න පුලුවන් එතකොට..."

" දේ...කම්සාහම්නිදා මිස්ටර් ජින්..."

මිස්ටර් ජින් එක්ක මිශන් එක ගැන ටිකක් වෙලා කතා කරලා මම හූ සුක් ඉන්න කැබින් එකට ගියා...මේසයක් එක්ක දෙපැත්තේ තිබුණු පුටු දෙකක එක පුටුවක ඉදගෙන ඉදපු හූ සුක් මා දිහා බලාගෙන ඉදියේ වියරුවෙන් වගේ...

" හූ...සුක්...මම අහන දේවල් වලට ඇත්ත විතරක් කියනවා...."

මම එහෙම කියනකොට හූ සුක් මුකුත්ම නොකියා රවාගෙන බිම බලන් ඉදියා...

"ඒජන්ට් හින්ව අහු උනේ කොහොමද...? ඔහේ එයාව මැරුවෙ කොහොමද...? මට කියනවා.."

මම අහනකොට මෙච්චර වෙලා ඔරවගෙන ඉදපු හූ සුක්  හිනා වෙලා මගේ දිහා බැලුවා...

" ඔහේලගේ ඒජන්ට් වැඩේ නියමෙට කරගෙන ආවා...ඒත් මිනිහා එක තැනකදී කට වරද්දගෙන තිබුනා...බිස්නස් කාඩ් එකේ තිබුන මිනිහගෙයි කියපු බිස්නස් එකේ නමයි මිනිහා කටින් කියපු නමයි පටලවගෙන තිබුනා...පොඩි පොඩි උන් එක්ක සෙල්ලම් කර කරා ඉන්න බැරි නිසා මගෙ මිනිස්සු ඌව ඉවරයක් කරල තිබ්බා..."

හූ සුක් කතා කරන විදිහ දැක්කම මට හිතුනේම ඌට නැගිටගන්න බැරි වෙන්න ගහන්න.ඒත් මට ඒක කරන්න බැරි නිසා ඉවසගෙන ඉදියා...

" එතකොට හනාගේ දේපළ ගැන මොකක්ද කියන්න තියෙන්නේ ඔහේට...? ඒවා කොල්ල කාලා පවුල විනාස කරලා...ඒව තමුසෙට සුලු දේවල්ද...? "

" හ...හනා...එයාගේ දේවල් අරගත්තේ අබොජි...ඒ හැමදේම අබොජිගේ ප්ලෑන්..එතකොට මම පොඩීයි..ඒවා ගැන මම දන්නේ ලොකු වෙලා...අ...අබොජි තමයි හනාගේ පවුලේ අයව මරවලා තියෙන්නෙ..."

හූ සුක් ඒ කියන්නෙ නම් ඇත්තක් කියලා මට තේරුණේ හනාව පොඩි කාලෙම එයාලා ළඟ හදාගන තිබුන නිසා...පුතා උනත් හූ සුක් අබොජිව පාවලා දීපු එක ගැන මට සතුටු හිතුනා...අන්තිමට මෙච්චර කාලයක් හිතේ තියාගෙන වේදනා විඳඟෙන ඉදපු ප්‍රශ්නේ මම හූ සුක්ගෙන් ඇහුවා..

" එ.....එතකොට...මිආ...? "

ඒක ඇහුවා විතරයි හූ සුක් හොදටම කලබල උනා...හූ සුක්ගේ ඉහෙන කනෙන් දාඩිය දාන්න පටන් ගත්තා....

" මි....මිආ...ඒ...ඒ කව්ද...ම...මම දන්නෑ එයාව..."

" තමුසෙට මාව මොකෙක් වගේද පේන්නේ...තව බොරු නොකියා ඇත්ත කියපන් මිනිහෝ.."

මෙච්චර වෙලා අත පය පාවිච්චි නොකර ඉදියට ඒක ඇහුවම මට තවත් ඉවසගෙන ඉන්න බැරි උනා...අත මිට මොලවලා හූසුක්ට පාරක් ගැහුවම හූ සුක් පුටුව එක්කම බිම වැටුණා..අත් දෙකට මාංචු දාලා ඉදපු නිසා නැගිට ගන්න බැරුව ඉදපු හූ සුක්ව නැගිටවලා තව පාරක් ගහන්න හදනකොටම හූ සුක් කතා කරන්න පටන්ගත්තා..

" අ...අනී...අනී...මම...කියන්නම්...හැමදේම කියන්නම්...."

" තමුසෙට විරුද්ධව හැම සාක්ශියක්ම අපි ළඟ තියෙනවා..ඒත් මට දැනගන්න ඕනි මිආට මොකද උනේ කියල...."

" අ...අරස්සෝ...ම...මම කියන්නම්....මි....මිආ කියන්නේ කැම්පස් ළමයෙක්....ඒ දවස්වල කැම්පස් එක ඇතුලට මම ඩ්‍රග්ස් ඩීල් කලා..ඒවට මම කැම්පස් එක ඇතුලේ දෙන්නෙක්ව තියාගෙන ඉදියා...ඒ දවස්වල නිතරම කැම්පස් එකට යන නිසා මම අහම්බෙන් වගේ මිආ ව දැක්කා....ම....මට මිආ ගැන....ආදරයක් ඇති උනා....ඉ...ඉතින් මම කීප සැරයක්ම ඇහුවත් මිආ කැමති උනේ නෑ.."

එහෙම කියලා හූ සුක් වෙවුලන අත් කකුල් දෙක ඇතුලේ හිර කරගන්න ගමන් ආයෙම කතාකලා..

" මි....මිආ මට අකමැති වුන නිසා මට ඕනි උනේ මිආව බලෙන් හරි මගේ කරගන්න...ඒ...ඒත් මට මිආ ට ලං වෙන්න අවස්ථාවක් ආවේ නෑ...ඒ නිසා කැම්පස් එකේ ඩ්‍රග්ස් ඩීල් කරන දෙන්නා ලවා කැම්පස් එකේ මිආගේ යාලුවෙක්ගේ බර්ත්ඩේ එකක්ට ක්ලබ් පාටි එකක් ඕගනයිස් කෙරෙව්වා....එ...එදා මිආ ක්ලබ් එකට ගෙන්නගෙන...."

එතනින් එහාට වුන දේවල් අහගෙන හිටගෙන ඉන්න තරම් මගේ කකුල් දෙකට පණ තිබුනේ නැති නිසා මම ඉබේම වගේ පුටුවෙන් ඉන්දවුනා...

" එ....එතකොට....තමුසේ කියන්නේ...අර මලක් වගේ ඉදපු මිආව ඔහේ එදා ක්ලබ් එකේදී විනාස කලා කියලද..? "

මම අහනකොට හූ සුක් ඒකට ඔවු කියන්න වගේ බිම බලාගෙන ඔලුව වැනුවා...

" එතකොට මිආ මැරුනේ කොහොමද...මට කියපන්...කොහොමද මිආ මැරුණෙ...? "

මම කෑගහන සද්දෙට එකපාරටම ගැස්සිලා ගිය හූ සුක් ආයෙමත් කතා කරන්න පටන් ගත්තා...

" එ....එදා වුන දේ....කාටවත් කියන්න එපා කියලා මම මිආ ව බ්ලැක්මේල් කලා...ඒ...ඒත් නොහිතපු විදිහට මිආ මම නිසා ප්‍රෙග්නන්ට් උනා...ඊට පස්සේ මිආ මට කරදර කරන්න පටන් ගත්තා...මි....මිආව මරන්න මට ඕනි උනේ නෑ...එදා දේවල් කලේ මිආව මගේ කරගන්න...එදායින් පස්සෙ මිආ මා එක්ක කතා බහ කලා.එයාට වෙන කෙනෙක් ලඟට යන්න බැරි නිසා මිආ මට ටිකෙන් ටික ලං වුනා....ඒත් මට පස්සේ මිආව මැරි කරන්න ඕනි උනේ නෑ....මොකද මිආ මගේ ටයිප් එකේ නෙමෙයි..ඒත් මිආ ප්‍රෙග්නන්ට් උනාම එක දිගටම මිආ මට කරදර කරන්න පටන් ගත්තා...එයාගෙන් බේරෙන්නම බැරි තැන දවසක් එයාව බඳින්නම් කියලා රවට්ටලා ගෙන්නගෙන ඩ්‍රග්ස් කලවම් කරපු ඩ්‍රින්ක් එකක් පොවලා මම මිආ ව....බිල්ඩින් එකෙන්...."

" ඇති...ඇති...කට වහපන්...උඹ වගේ කාලකන්නියෙක් නිසා මගේ මිආ අද මගේ ළඟ නෑ...."

හැමදේම එක්ක හිතට ආව කේන්තියට මම හූ සුක්ට බිම දාගෙන ගැහුවා...මිනිහගේ නහයෙන් කටෙන් ලේ එනකම් ගැහුවා...

" පාහරයා....උඹ අහිංසක ජීවිත දෙකක් කාලකන්නි කලා...උඹ මගේ මැණිකව මගෙන් ඈත කලා...උඹට අයිති නැති කෙනෙක්ව කොහොමද උඹ උඹේ කරගන්නේ ...උඹ හිතන්නේ උඹට මේවට සමාව ලැබෙයි කියලද....මම දිවුරනවා උඹව ඇතුලට යවලා මම උඹව ඇතුලෙදි දස වද දීලා මරනවා...උඹ ඇතුලට ගිහින් දවස් කීපයක් ඇතුලත උඹව මම මරනවා...මිආට දීපු වේදනාව මගේ මිආ විදපු වේදනාව මම උඹට විදින්න සලස්වනවමයි....මම දිවුරනවා...උඹ කියන්නේ ඒකට ආදරේ කියලද...? බලහත්කාරෙන් ලං අරගෙන බඩට දරුවෙක් දීලා ඈත් කරන එක ඒකද මිනිහෝ උඹේ මහලොකු ආදරේ.."

හූ සුක්ගේ මූන ඉදිමිලා රතු වෙනකම් මම හූ සුක්ට ගැහුවා...මෙච්චර කල් වේදනාවෙන් හිරකරගෙන ඉදපු හැම දුකක්ම එකතු කරලා මම හූ සුක්ට නැගිටගන්න බැරි වෙනකම් ගැහුවා.....කිසි දෙයක් කරගන්න බැරුව වැටිලා ඉදපු හූ සුක් ළඟ තව දුරටත් ඉන්න මට දැනුනේ පිළිකුලක් නිසා මම අන්තිම වතාවට උගේ මූන බලල එලියට එන්න දොර අරිනකොටම හූ සුක් අමාරුවෙන් මට කතා කලා...

" ස්...සර්....මි...මිආ....එ...ඒ...ඔයාගේ කවුද...? "

" මිආ....? උඹ ආයෙම ඔය නම මගේ ළඟ කිව්වොත් මම උඹව මගේ අත් දෙකෙන්ම මරනවා..මිට පස්සේ උඹට රහසින්වත් ඒ නම කියන්න තහනම්...බිම වැටිලා ඉදපු හූ සුක්ට ආයෙම පයින් පාරක් ගහලා මම කැබින් එකේ දොර ඇරියා..."

" ස්...සර්...ම...මට ඒක කියලා යන්න..."

" උඹ කොහොමද බැඳීම් ගැන දන්නේ...උඹ කොහොමද ඒක තේරුම් ගන්නේ...දැන් උඹ ගැන හිතපන්....දැන්වත් ඔය කටින් මගේ මැණිකගේ නම කියන එක නවත්තපන්..."

හූ සුක් දිහා හැරිලාවත් නොබලා ඒ ටික කියලා මම කැබින් එකෙන් එලියට ආවා..අනිත් හැමෝවම අත් අඩංගුවට ගන්න හැමදේම රෙඩි කරලා මම ජිමින්ට කෝල් එකක් දීලා යුනික් එකට එන්න කියලා මාත් එතනට ආවා...
මම යුනික් එකට එනකොටත් ජිමින් එතනට ඇවිත් ඉදියා...ටෙරස් එකට වෙලා මම එනකම් බලාගෙන ඉදපු ජිමින් මාව ටෙරස් එකට ආවා විතරයි මගේ ලඟට ඇවිත් මාව බදාගත්තා..

" JK...."

" ජිමිනා....ඒ පාහරයා කරපුවා...
අනී...කොහොමද දෙයියනේ මිආ මේවා දරාගත්තේ...."

" JK.....ඔයා මිආගේ පලිය අරගත්තා...ඔයා ඒක කලා...මට විස්වාසයි මිආ දැන් සතුටින් ඇති..."

මම ඇති වෙනකම් ජිමින්ව බදාගෙන ඇඬුවා....ඇස් දෙක දැවිල්ල හැ.දෙනකම් ඇඬුවා...වෙනදා වගේම ජිමිනා මගේ ලඟම මා එක්කම ඉදියා....

" JK....ඔයා හනාව හොයාගන්න ඕනි....ඔයා එයාව ලඟට ගන්න ඕනි නෙද..? "

" දේ...මම ආවේ ඒක කියන්න තමයි ජිමිනා...මට මිශන් එක ඉවර වුන නිසා මාස පහකට වැකෙශන් හම්බවෙනවා...මම හෙට උදේම ඕස්ට්‍රේලියා යනවා...හනාගෙ ඔමොනිව අරගෙන ආවම මම හනා ඉන්න තැන ඔක්කොම දැනගන්නම්....ජිමින් මෙච්චර කල් කරපු හැම දේකටම කුමාවෝ...මගේ ළඟින් ඉදියට කුමාවෝ...ඒ වගේම මගේ මිආව පරිස්සම් කළාට කුමාවෝ...ඒ වගේම එයාට මේ තරම් ආදරේ කලාටත්..."

" JK... අපි යාලුවො නෙමෙයි...අපි සහොදරයෝ..
සහෝදරයෙක්ට ඕනිම වෙලාවේ සහෝදරයෙක් නැතිනම් ඒ බැඳීම් මොකටද...? දැන් අමතක කරන්න හැමදේම...යන්න ඔයාගේ හනාව හොයාගන්න..."

" ජිමින්...ඒ වගේම ඔයා....තවත් මිආ මත්තේ ඉන්න එපා...ඔයාගේ ජීවිතේ හොයාගන්න...මම කොහොමත් හූ සුක්ට ජීවත් වෙන්න දෙන්නෑ..අනිවාර්යයෙන්ම ඇතුලෙදි මම ඌව මරනවා...ඒ නිසා අපි දෙන්නම.මිආ වෙනුවෙන් පුලුවන් උපරිම දේ කල නිසා....දැන් මිආගෙන් ඈත් වෙන්න.එයාට යන්න දෙන්න...ඔයා අලුතෙන් ජීවිතේ පටන් ගන්න.."

" දේ.....මටත් දැන් හරි මහන්සීයි....මට මේ හැමදේකින්ම නිදහස් වෙන්න ඕනි...මිආ...දැන් එයා සතුටින් ඇති..."

ජිමින් එහෙම කිවම මට සතුටු හිතුනා...හිතහදාගෙන ජීවිතේ ඉස්සරහට යන්න හිතන එක ගැන මට දැනුනේ ලොකු සැනසීමක්..
පැය ගාණක් ජිමින් එක්ක කතා කරලා මම ආයෙමත් මූලස්ථානෙට ආවේ හනාගේ ඔමොනිව හම්බවෙන්න...ඔමොනි ඉදපු කැබින් එකට යනකොට ඔමොනි කෑ ගහලා ඇඬන්න පටන් ගත්තා..

" ජන්ගුක්..ම....මගේ හනා...එයා දන්නෑ පුතේ...එයා මේවට සම්බන්ද නෑ...මගේ හනා අහිංසකයි..."

තමන් කුසින් වදාපුදරුවා ගැන නාහා, හනා ගැන කතා කරන ඔමොනි දැක්කම මට පුදුම හිතුනා..

" ඔ....ඔමොනි..."

" ජන්ගුකා...හනා දන්නෑ පුතා මේවා...හනා මගේ නෙමෙයි තමයි..ඒත් මම මලක් වගේ එයාව හැදුවේ.මම මගේ දරුවට ආදරෙයි...."

" ම...මම දන්නවා ඔමොනි....මට ඔමොනිව මේකට පටලවන්න ඕනි නෑ...ඒත් හනාගේ බිස්නස් ගැන දැන දැනත් තොරතුරු හංගගෙන ඉදපු නිසා ඔමොනිට අවුරුදු තුනක් සැහැල්ලු වැඩ සහිතව ඇතුලට යන්න වෙනවා..."

" පුතා...මම දඬුවම් විදින්න ඕනි.මම ඒක පිළිගන්නවා...ඒත් මට පොරොන්දු වෙන්න...මගේ හනාව බලාගන්නවා කියලා...එයාට දුකක් දෙන්නෑ කියලා..."

" අනී....මම හනාව බලාගන්නවා..මම ආවේ ඔමොනිගෙන් හනා ඉන්න තැන ඇඩ්‍රස් එකයි නම්බර් එකයි ඉල්ලගන්න....."

මම එහෙම කියනකොට ඔමොනි ඕස්ට්‍රේලියා වල හනා ඉන්න තැන ඇඩ්‍රස් එකයි නම්බර් එකයි දුන්නා...ඒකත් අරගෙන  එලියට එන්න කලින් ඔමොනිට හග් එකක් දීලා මම ඔමොනිට පොරොන්දුවක් උනා

" ඔමොනි...ඇතුලෙදී...සනීපෙන් ඉන්න...අසනීප නොවී ඉන්න...මගේ හනාව ආදරෙන් බලාගත්ත නිසා මම ඔමොනි එක්ක තරහා නෑ...අවුරුදු තුන ඉවර උනාට පස්සේ අපි එන්නම් ඔමොනිව එක්කගෙන යන්න...මම පොරොන්දු වෙනවා..."

මොන දේ උනත් පිරිමි දෙන්නෙක් ළඟ තැලි තැලී හනාව ආදරෙන් බලාගත්ත ඔමොනි ගැන මගේ හිතේ පුංචිවත් තරහක් තිබුනේ නෑ..කැබින් එකෙන් එලියට ඇවිත් ඔමොනි දීපු නම්බර් එකට කතා කරන්න හිතුනත් හනාට නොකියම ගිහින් එයාව බලනවා කියලා හිතාගෙන මම ගෙදර එන්න පිටත් උනා .ඔමොනිව හම්බවෙලා ගෙදර ඇවිත් මම කලේ නැනී ඔම්මා ලඟට දුවපු එක...

" නැනී ඔම්මා....නැනී ඔම්මා..."

" වේ...? මම කිචන් එකේ..."

නැනී ඔම්මගේ කටහඬට මම කිචන් එකට දුවල ගිහින් නැනී ඔම්මව බදාගත්තා...

" ආ....ආයිගෝ...ආයිගෝ...වේ...? අද හරි සතුටින්...? "

" ඔම්මා....මගේ මිආව මරපු උන්ට මම දඬුවම් දුන්නා...මගේ මිආ වෙනුවෙන් මම ඒක කලා..."

මම එහෙම කියනකොට නැනී ඔම්මා කිසිම දෙයක් නොකියා අඬාගෙන මාව බදාගත්තා...

" නැනී ඔම්මා..මට ටික කාලයක් දෙන්න...මට තියෙනවා කෙනෙක්ව හොයාගන්න...එයාව හොයාගත්ත ගමන් මම ආයෙම එනවා...එදාට අපි හැමෝම මිආව බලන්න යමු...හොඳද...? "

" අරස්සෝ....ඒත් වස්තුව කොහෙද යන්නේ..? "

" මගේ ඔම්මා...මට ඕස්ට්‍රේලියාවට යන්න වෙනවා...."

මම එහෙම කීවම නැනී ඔම්මගේ මූණ වෙනස් උනා...

" ආයිගෝ....ඔම්මා දුකින්නේ.මම එනවා ඔම්මා...පුලුවන් තරම් ඉක්මනට එනවා...ඔම්මට පාලු දැනෙන්නෙ නෑ...මම මගේ යාලුවෝ දෙන්නට කීව නිතරම මෙහෙ එන්න කියලා...."

" අරස්සෝ අරස්සෝ මම දන්නවා මගේ වස්තුව හොයන්න යන්නේ....මගේ වස්තුවට ගොඩාක් වැදගත් කෙනෙක්ව කියලා..ඒකට කමක්නෑ..ගිහින් එන්න.මම බලාගෙන ඉන්නම් "

නැනී ඔම්මා වේදනාවෙන් උනත් මගේ ගමනට කැමති උනහම හිතට ලොකු සහනයක් දැනුණා...එවලෙම උඩට ගිහින් මම පහුවදා අරගෙන යන්න ඕනි ඇඳුම් ටිකත් එක්ක මෙච්චර දවස් දුක හංගපු ඩයරි එක අරගත්තා...ඒ වෙනකොටත් මිස්ටර් ජින් මට ටිකට්ස් බුක් කරලා තිබුන නිසා ඒ ගැන මට කිසි ප්‍රශ්නයක් තිබුනේ නෑ....

පසුවදා
-------
     පාන්දර පහට මම  ඕස්ට්‍රේලියා යන ෆ්ලයිට් එකේ කොරියාවෙන් පිටත් උනා....පැය ගාණක දිග ගමනකට පස්සෙ පහුවදා පාන්දර තුනට විතර මම ඕස්ට්‍රේලියාවල ඔමොනි දීපු ඇඩ්‍රස් එක තියෙන මෙල්බර්න් වලට ආවා....හොටෙල් රූම් එකේ ඉදන් හැමදේම වැකේශන් පැකේජ් එකට අදාල නිසා මිස්ටර් ජින් මට නවාතැන් පහසුකම් එක්ක, කෑම බීම හැමදේම තියෙන 5 Stars  හොටෙල් එකක් බුක් කරලා තිබුනා...

හොටෙල් රූම් එකට ඇවිත් කොෆී එකක් බොන ගමන් මම බැල්කනි එකට ගියේ මුලු ටවුන් එකම එතනට ලස්සනට පේන නිසා...

" මගෙ සුරංගනාවි....මම ඔයාව හොයාගෙන ආවා....පාන්දර වෙනකම් ඉන්න. මම ඔයා ඉන්න තැනට එනවා..."

හිත සතුටින් පිරිලා තිබුන නිසා කොච්චර ගමන් මහන්සිය දැනුනත් මට නින්ද ගියෙම නෑ...ඒ නිසා පාන්දර හය වෙනකොට මම ලෑස්තිවෙලා ඩයරි එකත් අරගෙන ටැක්සි එකක ඔමොනි දීපු ඇඩ්‍රස් එකට ගියා....සුදුපාට පොඩි ගේට් එකක් තිබුන ලස්සන හුරු බුහුටි ගෙදර එළියේ කිසිම කෙනෙක් පේන්න ඉදියේ නෑ...ගෙදර ප්‍රධාන දොර ලඟට ගිහින් බෙල් එක ගහනවත් එක්කම ටිකක් මැදි වයසේ කොරියන් පිරිමි කෙනෙක් ඇවිත් දොර ඇරියා...

" අන්‍යාන්හසේයෝ මිස්ටර් කාව හම්බවෙන්නද..? "

" අ...අන්‍යාන්හසේයෝ මට හනාව හම්බවෙන්න පුලුවන්ද...? "

" ඔ....ඕහ්....හනා නම් ගෙදර නෑ..."

" ඒ කීවේ..හනා කොහේ හරි ගිහින්ද...? "

" අ....මිස්ටර් ඇතුලට එන්නකො....මගේ දුව ඉන්නවා එයත් එක්ක කතා කරන්නකො...එයා තමයි හනාගේ යාළුවා..."

එහෙම කියලා එයා මාව ගේ ඇතුලට එක්කගෙන ගියා....ඇතුලට යනවත් එක්කම සාලේ සෝෆා එකට වෙලා ඉදපු ගෑනු ළමයෙක් මා එක්ක සුහදව හිනා වුනා..

" එන්න මිස්ටර් මේ මගේ දුව ජේන්.මෙයා තමයි හනාගේ යාළුවා...දුව මෙයා ඇවිත් තියෙන්නෙ හනාව හම්බවෙන්න..."

එහෙම කියල පිරිමි කෙනා අපි ඉන්න තැනින් එහාට ගියා...

" ඔයා හනාගේ කවුද...? "

ජේන් ඇස් හීනි කරලා මගෙන් අහපු විදිහෙන් මට තේරුණා එයා මා ගැන දන්නෙ නෑ කියලා...

" අ....ම..මම එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් "

" ඔ....ඕහ්....මට හනා එහෙම එකක් කියලා නෑනේ.....අරස්සෝ ඒකට කමක්නෑ...ඒත් ඔයා හනාව හම්බවෙන්න ආවේ ගොඩක් පරක්කු වෙලා..."

" ව්...වේ..? හනා කෝ...?"

ජේන් ඒක කියපු විදිහට මට මගේ හිතට මහා මූසල බයක් දැනුණා...හනාට කරදරයක් කියලා බයක් දැනුණා...

" හනා එකපාරටම ලිවුමක් ලියල තියලා ගෙදරින් ගියා...එයාව අපි හැම තැනම බැලුවා..එයාගේ කැම්පස් එකට ගියා..ඒත් එයා ඇවිත් තිබුනේ නෑ..පොලීසියට ගියා...ඒත් අපි තාමත් එයාව හොයනවා....

ජේන් කියපු දේත් එක්ක මට දැනුනේ මගේ ඇඟම පන නැති වෙලා යනවා වගේ....

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

ඉතින් තාම ඉවර නෑ....පසුවදන හවස 05 ට දෙන්නම්....අනිවාර්යයෙන්ම කියවන්න..ඒකේ ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා.🥺❤️

Continue Reading

You'll Also Like

618K 59.1K 36
Taekook 💜 ( Own Creation )
35.9K 5.4K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
176K 16.6K 91
🍓🍎🍒🍑 ဘယ်ရည်းစားကိုအချစ်ဆုံးလဲ🍓🍎🍒🍑 📣📣📣ရှောင်းကျန့်...ရဲရဲ ကြီးဖြေလိုက်စမ်းပါ...ဘယ်ရည်းစားကို အချစ်ဆုံး လဲဆိုတာ...✨✨✨ 🍓🍎🍒🍑 ဘယ္ရည္းစားကို...
43K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉