🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

73.5K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

22 කොටස

1.7K 379 25
By Sandee_96

" මැණික....අඬන්න එපා ඉතින් මම ඉක්මනටම එනවා..."

" JK මොනවද මනුස්සයෝ වෙලා තියෙන්නේ...."

" මට මොනවා වෙන්නද බබා...ඔයා දන්නවනේ ඔයා ලඟ ඉන්නකම් මට මුකුත් වෙන්නෑ කියලා."

" බ...බබා...? දැන්නම් මට ඔහේ ළඟින් යන්නත් බය හිතෙනවා..."

ජිමින් කියන දේවල් වලට මම හිනාව තද කරගෙන ඉදියේ බොහොම අමාරුවෙන්..ජිමින් එක්ක කතා කරන ගමන් මම හනා දිහා පරිස්සමට බලාගෙන ඉදියේ මම කියන වචනයක් ගානේම එයාගේ මූණ වෙනස් වුන නිසා...හනාගේ හිතේ ඉන්නේ මමද කියලා හරියටම තේරුම් ගන්න ඒක මට ලොකු පහසුවක් වෙන නිසා මම කෝල් එක තව ටිකක් දුර ඇදගෙන ගියා..

" අනේ මැණික...මම ඉක්මනටම එන්නම්..."

" මැ...මැණික...JK මට ඇත්ත කියනවා හීනෙන් එහෙම නෙමෙයි නේද කියවන්නේ..."

" ආ...නී....මම එන්න හදන්නේ මැණික.."

මම එහෙම කියනවත් එක්කම මෙච්චර වෙලා අපහසුවෙන් වට පිට බල බලා මගේ ඉස්සරහට වෙලා ඉදපු හනා මගේ දිහා බැලුවේ ඇස් වල කඳුළු පුරවගෙන..

" J....JK...මම ඇතුලට යන්නම්..ඔමොනි මාව හොයනවා ඇති...ඔයාගේ ගර්ල්ට කියන්න මට සමාවෙන්න කියලා..මම නිසා කරදර උනාට...මියන්හේ "

හනා එකපාරටම එහෙම කියලා අඬ අඬාම හොස්පිට්ල් එක ඇතුලට දිව්වා..මම හිතුවා වගේම හනාගේ හිතේ ඉන්නේ මම.හනා අන්තිමට කියපු වචන ටිකේ තිබුන වෙදනාවෙන්ම මට ඒක හොඳට තේරුනා...

" JK....ඒ හනාද...? "

මෙච්චර වෙලා මම කලේ රඟපෑමක් කියලා තේරුන ජිමින් හනාගේ කටහඬ ඇහිලා පුදුමෙන් වගේ ඇහුවම මට හිනා ගියා..

" ජිමින් මැණික..."

" ආ.....යිශ් කට වහගන්නවා...කොයි වෙලාවක හරි මට ඔහේ එක්ක ඉදලා පිස්සු හැදෙනවා..."

" එහෙනම් මම තිබ්බා...ඕකේහ්...?"

" අරස්සෝ අරස්සෝ පරිස්සමින් එනවා."

ෆෝන් එක තියලා මම ආයෙමත් බැලුවේ යන්න කලින් හනාව දකින්න පුලුවන් වෙයිද කියලා.ඒත් හනා ඒ වෙනකොටත් ඇතුලට ගිහින් තිබුනා..හොස්පිට්ල් එක ළඟින් ටැක්සි එකක් අරන් කැම්පස් එකට ඇවිත් කෙලින්ම ගියේ ලයිබ්‍රි එක පිටිපස්සේ හෝල් එක...මම යනකොට ජිමින් නීරා දෙන්නත් එක්ක ලොකු කතාවක.

දුරතියාම මාව දැක්ක නීරාට සද්ද නැතුව ඉන්න කියලා අතින් සංඥා කරලා මම ජිමින්ගේ පිටිපස්සෙන් ගිහින් ජිමින්ව බදාගත්තා.

" මැණික සරන්හේ "

එකපාරට ශොක් වෙලා වගේ ඉඳගෙන ඉදපු පුටුවෙන් නැගිටපු ජිමින් මගෙන් අහකට පැන්නා..

" යා.....හ්... JK..."

මූණත් ඇඹුල් කරගෙන කෑ ගහන ජිමින් දැක්කම මටයි නීරටයි හොදටම හිනා ගියා.

" JK ඔයා බලන්න තිබුනේ කෝල් කරන වෙලාවේ ජිමින්ගේ මූණ.."

" යා....හ් නීරා කටවහනවා.."

නීරා හිනාවෙවී කියනකොට ජිමින් බොරුවට කෑ ගහන්න පටන් ගත්තා..

" JK දැක්කේ නෑනේ...ජිමින්ට දාඩියත් දැම්මා "

" චින්චා ? "

ඇත්තටම ජිමින් එහෙම දේවල් වලට ඉක්මනට කලබල වෙනවා..මම කරන්නේ විහිලුවක් කියලා දන්නවා උනත් එයාට හරි ඉක්මනට ලැජ්ජා හිතෙනවා...

" අරස්සෝ අරස්සෝ දැන් ඒක වැඩක් නෑ...JK මොකද උනේ කියන්න.."

කැන්ටින් එකෙන් එලියට ආපු වෙලාවේ ඉදන් වුන හැමදේම මම ජිමින්ටයි නීරටයි තේරුම් කලා...

" එතකොට JK කියන්නේ හනා ඔයා ගැන හිතනවා කියලද...? "

" දේ....මට එහෙම හිතෙනවා..ඒක හරියටම දැනගන්න තමයි මම ඔයාගෙන් ආව කෝල් එකට එහෙම කතා කලේ..එතකොට හනාගේ මූණ වෙනස් උනා. මූණ විතරක් නෙමේ එයා හොස්පිට්ල් එක ඇතුලට දිව්වේ අඬ අඬා..."

" චි....චින්චා...? "

" දේ ජිමින්...ඒත් මගේ හිතට හරි නෑ..මම කරන්නේ වරදක්ද කියලා හිතෙනවා.මේ වගේ වෙලාවක හනාට කරන දේ හරිද කියලා මට හිතෙනවා..."

" JK...ඔයා දැන් ඒවා හිතන්න පරක්කු වැඩී නේද ? "

" ඔයා කියන දේ ඇත්ත ජිමින්...එක අතකට හනාගේ ඔමොනිට මුකුත් උනේ නෑනේ...ඒත් මගේ මිආ අද මට පේන්නවත් නෑ...අනී...අනී...මම උන් එකෙක්වත් අතාරින්නෑ...උන් ඔක්කොම විඳවන්න ඕනි...හුස්ම ගන්න තත්පරයක් ගානේ උන් විදවන්න ඕනි "

මගේ හිතේ ආයෙමත් හනා ගැන ලොකු වෛරයක් ඇති උනා...ඒ මූණ ඒ ඇස් දෙක මතක් වෙන ගානේ දරාගන්න බැරි වෛරයක් ඇති උනා...ආපු කේන්තියටම මම ළඟ තිබුණු මේසේට පයින් ගැහුවම ඒක බිමට වැටුනේ නීරාවත් බය කරවන ගමන්..

" යා....හ් JK මම බය උනා..."

" මියන්හේ..."

" JK ඇති...දැන් ඇති...ඔච්චර තරහනම් යන් අද ප්‍රැක්ටිස් වලට...තරහ නිවෙනකම් ප්‍රැක්ටිස් කරමු "

ජිමින් එහෙම කියලා නීරාට ගෙදර යන්න කියලා මාවත් ඇදගෙන ග්‍රවුන්ඩ් එකට ආවා...ස්පෝට්ස් ක්ලබ් එකට ගිහින් චේන්ජ් කරගත්තට පස්සෙ මට මතක් උනේ නැනී ඔම්මව..එයා ගෙදර ඉන්නේ තනියම නිසා කෝල් එකක් දෙන්න හිතාගෙන ඉදියත් හනා නිසා මට මගහැරුනා..

ඉක්මනට බෑග් එකෙන් ෆෝන් එක අරන් මම නැනී ඔම්මගේ නම්බර් එක ඩයල් කලා..දෙතුන් සැරයක් රින්ග් උනාට පස්සේ  නැනී ඔම්මා ෆෝන් එක ආන්ස්වර් කලා..

" වස්තුව...."

" ඔම්මා....! පරිස්සමින් ඉන්නවා නේද..? "

" දේ වස්තුවේ..දවල්ට කෑම කෑවා නේද..? "

" දේ ඔම්මා..ඔම්මත් කාලා නේද ඉන්නේ..? පීටර් අංකල් ඉන්නවනේ ගෙදර ?  මට අද රග්බි ප්‍රැක්ටිස් ඉන්න වෙනවා ඔම්මා...මම එනකොට හවස්වෙයි..එතකම් පරිස්සමින්
ඉන්න ඔම්මා.."

නැනී ඔම්මට කතා කරලා ෆෝන් එක තියනකොට මම දැක්කේ ලොකර්ස් වලට හේත්තු වෙලා මගේ දිහා බලන් ඉන්න ජිමින්ව..

" වේ...ජිමින් ? අමුතු විදිහට බලන්නේ..? "

" අනී...."

එහෙම කියන ගමන් ජිමින් ඇවිත් මාව බදාගත්තා..

" JK...මට ඔයා යාළුවෙක් නෙමෙයි..ඔයා තමයි මට ඉන්න එකම සහෝදරයා..මම ඕනිම දේකට ඉන්නවා.."

" මම දන්නවා ජිමිනා..මට ඉන්න ලොකුම හයිය ඔයා..."

" මම දන්නවා..ඔයා හිතේ ලොකු වේදනාවක් හිර කරගෙන හිනා වෙන්නෙ හරි අමාරුවෙන් කියලා....ඒ වේදනාව තනියම හිර කරගෙන ඉන්නැතුව මා එක්ක බෙදාගන්න..."

ජිමින්ගෙන් මට ලැබුණ හයිය මම අද මෙහෙම නැගිටලා ඉන්න ලොකු හේතුවක් උනා..

අපි දෙන්නත් එක්ක ටිකක් වෙලා කතා කරලා ප්‍රැක්ටිස් කරන්න ග්‍රවුන්ඩ් එකට ගියා..පැය දෙකක් විතර ප්‍රැක්ටිස් කරලා අපි දෙන්මම ගෙවල් වලට එන්න පිටත් උනා...ගෙදර ආවත් මම වැඩි වෙලාවක් ඉදියේ ගාර්ඩ්න් එකේ බෙන්ච් එකට වෙලා ..අබොජිත් නැති උනාට පස්සේ ඒක මගේ පුරුද්දක් උනා..

පසුවදා
------

උදේම ලෑස්ති වෙලා කැම්පස් එකට යන ගමන් මම හනාගේ ඔමොනිව බලන්න කියලා හිතාගෙන හොස්පිට්ල් එකට ගියා.මම යනකොට ඔමොනි ඉදියේ තනියම...

" අන්‍යාන්හසේයෝ ඔමොනි"

" අන්‍යාන්හසේයෝ පුතා.."

මම මුලු කාමරේ පුරාම ඇස් යැව්වත් හනා පේන්න ඉදියේ නෑ...

" හනා නෑ පුතා...එයා උදේ වෙනකම්ම ඉදලා චේන්ජ් කරගෙන එන්න කියලා ගෙදර ගියා.දැන් එනවා ඇති "

" ඔ...ඔහ්..."

මම ඇස් කරක කරක හෙව්වේ හනාව කියලා තේරිලා වගේ ඔමොනි යන්තම් හිනා වෙලා කියනකොට මට පොඩි ලැජ්ජාවකුත් දැනුනා...

" පුතා..මම දෙයක් අහන්නම් ඇත්තම කියනවද...? "

" දේ ඔමොනි අහන්න.."

" පුතයි අපේ හනායි අතරේ මොකක් හරි සම්බන්දයක් තියෙනවද ? "

ඔමොනි එකපාරටම අහපු දේ නිසා මාව ගැස්සිලා ගියා...ඒත් ඇත්තටම එහෙම දෙයක් නැති නිසා මම එයාට ඇත්තම කිව්වා..

" අ...අනී....එහෙම කිසි දෙයක් නෑ ඔමොනි...මට හනාව හම්බවෙලා වැඩි කාලෙකුත් නෑ..."

" ඕ.....එහෙමද...? "

" දේ.....ඒක නෙමෙයි ඔමොනි....දැන් ඔමොනිට කොහොමද...? ඩොක්ටර් මොකද කිව්වේ..? "

" ඩොක්ටර් කීවෙනම් තව දවස් හතරකින් වගේ ගෙදර යන්න පුලුවන් කියලා...තුවාලේ ඉක්මනට සනීප වෙනවා කියලා...."

" ඕ....එහෙනම් හොදයිනේ ඔමොනි...."

" දේ....ඒත් මට දුක හනා ගැන..."

හනාගේ ඔමොනි ඇස් දෙකත් බිමට බර කරගෙන කිව්වේ මොනවාම හරි දෙයක් ගැන වේදනාවෙන් වගේ...

" වේ ඔමොනි ? හනා ගැන ඇයි දුක් වෙන්නේ...? "

" අනිද්දට හනාගේ බර්ත්ඩේ එක පුතා...එයා ගොඩක් ආසාවෙන් ඉදියේ වෝටර්ලෑන්ඩ් පාක් එකට යන්න..."

" ඕ....හ් එහෙමද...? ඒත් ඔමොනි මේ වෙලේ ඔයා අසනීපෙන්නේ..."

" ඒකයි මම මේක ඔයාට කිව්වේ....ඔයාට පුළුවන්නේ මම වෙනුවට හනාව එක්කගෙන යන්න..."

හනාගේ ඔමොනි එක පාරටම කිව්ව දේ නිසා මාව ගැස්සිලා ගියා...එක ඇහි බැමක් උඩ දාගෙන කට කොනින් හිනා වෙලා බලන් ඉන්න ඔමොනි දැක්කම මට හිතුනේ හනායි මගෙයි අතර කිසි සම්බන්ධයක් නෑ කියලා කියපු එක එයා විස්වාස කරලා නෑ වගේ..

" ම....මම...? හ.....හනා එක්ක..? "

" දේ....."

" අ...ආ....නී.....මම කොහොමද හනා එක්ක පාර්ක් යන්නේ...? "

" වේ...? ආයිගෝ....ආයිගෝ....මම කියන නිසාවත් බැරිද....? "

හනාගේ ඔමොනි අහිංසක විදිහට මා දිහා බලල කියනකොට මට බෑ කියන්න හිතුනේ නෑ...

" අ...අරස්සෝ...අරස්සෝ...ඒත් මම පොරොන්දු වෙන්නෙ නෑ..පුලුවන් උනොත් එක්කගෙන යන්නම් ඔමොනි..."

"දේ..........මම දන්නවා අනිවාර්යයෙන්ම ඔයා එක්කගෙන යනවා කියලා...වැඩි වෙලාවක් ඉන්න ඕනි නෑ...පොඩ්ඩක් එයා එක්ක ගිහින් ඉදලා එන්න...ඒ ඇති "

හනාගේ ඔමොනි පොඩි ළමයෙක් වගේ රහසින් වගේ මට ලං වෙලා කියනකොට මට හිනහා යන්නත් ආවා..එත් මම ෆුල් සීරියස් මූඩ් එකක් මවාගෙන ඉදියේ එයා තවත් දේවල් ඉල්ලුවොත් මගේ හිතේ තියෙනදේ ඉශ්ඨ කරගන්න මට හිත හදාගන්න බැරි වෙනවා කියලා දන්න නිසාමයි...

" අරස්සෝ....අරස්සෝ....මම පුලුවන් තරම් ට්‍රයි කරන්නම්..."

මම එහෙම කියනවත් එක්කම වගේ හනා රූම් එකේදොර ඇරගෙන ඇතුලට ආවා...
මාව දැකලා හනා එකපාරටම ගල් වෙලා වගේ මා දිහා බලාගෙන ඉදලා ආයෙමත් මාව ගනන් ගන්නේ නැතුව ඔමොනි ලඟට ආවා..

" ඔමොනි...දැන් කොහොමද....? මම ගියාට පස්සේ අමාරු උනේ එහෙම නෑනේ.."

" මැණික....අනී....මට අමාරු උනේ නෑ...මේ පුතත් මගෙ ළඟ ඉදියනේ..."

හනාගේ ඔමොනි එහෙම කියනකොට හනා මා දිහා බලලා අමාරුවෙන් වගේ හිනා උනා..

" ඔමොනි එහෙනම් මම ගිහින් එන්නම්..ඔමොනි රෙස්ට් කරන්න.මම එන්නම් ආයෙම බලලා යන්න.චුසිම්හේ ඔමොනි "

" දේ....පුතා...චුසිම්හේ...."

මම එහෙම කියලා කාමරෙන් එලියට එනකොට හනාත් මගේ පිටිපස්සෙන්ම කාමරෙන් එලියට ආවා....

" JK පොඩ්ඩක් කතා කරමුද...? "

හනා කවදාවත් නැති බැරෑරුම් මූනක් එක්ක අත් දෙක බැඳගෙන කිව්ව විදිහෙන් මට තේරුනා එයා සීරියස් දෙයක් කියන්න යන්නේ කියලා...

" දේ....කියන්න "

" මේකයි...ඔයා ආයෙම මෙහේ එන්න එපා..."

හනා එකපාරටම පිහියෙන් ඇන්නා වගේ කියපු දේ නිසා මගේ හිතට වේදනාවක් දැනුනා...

" ව්.....වේ....? එහෙම කියන්නේ ඇයි...? "

" අ...අනී.....ඔයා මට උදව් කලා තමා එවලේ...ඒත් ආයෙම මෙහේ එන්න එපා..."

හනා ඇස් දෙකත් බිමට බර කරගෙන කිව්වෙ හිතේ මොකක් හරි දෙයක් හිර කරගෙන කියලා මට තේරුණා..

" වේ....? හේතුවක් තියෙන්න ඕනිනේ...? "

" අ.....ම්ම්ම්..මේකයි..ඔයා නිතරම මෙහේ යන එනකොට ඔයාගේ ගර්ල්ට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..."

හනා ඒක කිව්වහමනම් හිතේ තිබුන දුක නැතිවෙලා ගිහින්  මට අමුතු සතුටක් දැනුණා...හැම දේකටම වඩා මගේ හිතේ තියෙන දේ ඉබේම් ඉශ්ඨ වෙන එක ගැන මගේ හිතට ලොකු සතුටක් දැනුණා...

" ඔ....ඕ....හ්...ඒකද....?

" දේ....මම නිසා ඔයාලා අතර ප්‍රශ්න ඇති කරගන්න එපා..."

" ඔ....ඔයා නිසා...? අනී....අපි කවදාවත් පිට අය නිසා එහෙම ප්‍රශ්න ඇති කරගන්නෑ...
එයා මාව හොඳට තේරුම් අරන් ඉන්නේ..."

" ඕ..හ් ඒකත් එහෙමද..? අරස්සෝ..."

මම කියපු වචනේ සැර වැඩීදෝ කියලා මට හිතුනේ හනාගේ ඇස් දෙකේ කඳුළු පිරෙනවා දැක්කහමයි..ඒත් කියපු ඒක ආයෙම අරගන්නවෑ කියලා හිතලා මම එතනින් එන්න ලෑස්ති වෙලා ආයෙමත් හනා දිහාට හැරුණේ එන්න ඕනි උනත් ඇත්තටම මට එයා ළඟින් එන්න හිත දුන්නේ නැති නිසා..

" හනා....කවද්ද ආයෙම කැම්පස් එන්නේ...? "

මෙච්චර වෙලා දුකෙන් ඉදපු කෙල්ල මම එහෙම ඇහුවා විතරයි ඇස් දෙක හීනි කරලා මට රවන ගමන් මගේ මූනට කඩාගෙන පැන්නා...

" ඔයාට මොකටද ඒක...? පිට අය ගැන හොයන වෙලාව අපරාදේ...ගිහින් ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන හොයන්න..."

මට තේරුණා හනා ඒක කිව්වේ ඉරිසියාවෙන් කියලා...මා දිහා ටිකක් වෙලා බලාගෙන ඉදපු හනා මටත් ගස්සලා යන්න හැරුනම මම හනාගේ අතින් අල්ලලා එයාව නැවැත්තුවා...ඇත්තටම ඒක මම කලේ හිතලා නෙමෙයි..ඒක උනේ ඉබේමයි...ඇයි නැවැත්තුවේ අහන්න වගේ හනා හැරිලා මා දිහා බලාගෙන ඉන්නකොට දෙන්න උත්තරයක් නැතුව මම මොහොතකට ගල් උනා...

" JK....වේ...? ඇයි නැවැත්තුවේ..? "

" අ....අනී...අනී....මෙ...මේ...ඔයාට ලෙක්චර්ස් වල නෝට්ස් ටික ඕනිනම් මම ඒවා ඔයාගේ යාලුවෙක්ගෙන් ගෙනැත් දෙන්නම්..."

මම එහෙම අහනකොට හනා පුදුමෙන් වගේ මා දිහා බලාගෙන ඉදියා..

" අ...අනී....මට ඒවා කරගන්න පුලුවන්..."

හනා මාව ගනන් ගන්නේ නැතුවම කියනකොට මට මහ ලැජ්ජාවක් දැනුණා...ආයිශ් JK ..මොනවද මනුස්සයෝ කරන්නේ..ලැජ්ජ නැද්ද මහෙම පල් වෙන්නේ...මම මටම හිතින් කියාගන්න ගමන් හනාට කියන්නෙවත් නැතුව හැරිලා හොස්පිට්ල් එකෙන් එලියට ඇවිත් බයික් එකත් අරගෙන කැම්පස් එකට ආවා..

හනා නැති දවස් කීපයම කැම්පස් එකේ ගෙව්නේ මූසල විදිහට...ගෙදර ගියත් අබොජි නැති පාළුව නිසා මට දැනුනේ මම තනි වෙලා වගේ...මේ විදිහට මම දවස් දෙකක් අමාරුවෙන් ගෙවාගත්තා..ඒ දවස් දෙකේ මම හනාගේ ඔමොනිව බලන්න හොස්පිට්ල් එකට ගියේ නෑ...මොකද හනා එන්න එපා කීව එක වගේම හනා ගැන තිබුන වෛරය ආයෙමත් හිතේ තදින්ම මතුවුන නිසා මට හනාව දකින්න ඕනිකමක් තිබුණත් මම ඒක ඉවසගෙන ඉදියා..

දින දෙකකට පසු ( Time Pass )
--------------------------

උදේම ලෑස්ති වෙලා ජිමින්ට විස්තරේ කියලා මැසේජ් එකක් දාලා මම හනාගේ ඔමොනි බලන්න හොස්පිට්ල් එකට ගියේ ඔමොනි කිව්ව විදිහට හනාගේ බර්ත්ඩේ එකට එයාව වෝටර් ලෑන්ඩ් පාර්ක් එකට එක්කගෙන යන්න කියලා හිතාගෙන...ඔමොනි හදලා දුන්න චාන්ස් එක මට හනාට ලං වෙන්න හොදම අවස්ථාවක් නිසා මට ඒක මිස් කරගන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ...

" අන්‍යාන්හසේයෝ ඔමොනි "

" අන්‍යාන්හසේයෝ පුතා...වේ...? ගිය දවස් දෙකේම ආවෙ නැත්තේ...?මම හිතුවා පුතා ආයෙම එන්නෙ නැතිවෙයි කියලා..."

" අ...අනී ඔමොනි....කැම්පස් එකේ වැඩ වගයක් තිබුනා....හනා අදත් ගෙදර ගිහින්ද ඔමොනි...?"

" දේ පුතා දැන් එනවා ඇති..."

" ඕ...හ්.... අරස්සෝ..."

මා දිහා ටිකක් එලා බලාගෙන ඉදපු ඔමොනි මා එක්ක කට පුරාම හිනා වෙලා ආයෙමත් කතා කලා..

" පුතා....අද හනාව පාර්ක් එකට එක්කගෙන යනවද...? "

මාව විස්වාස කරලා තමන්ගේ දරුවව බාරදෙන ඔමොනි දැක්කහම මට දැනුනේ මහා පවුකාර හැඟීමක්...එත් මගේ මිආව මරලා දානකොට ඒ එකෙක්ටවත් මේ වේදනාව , මේ හැඟීම දැනුනේ නෑ නේද කියලා මතක් උනහම මගෙ හිතේ තිබුන වෛරය එන්න එන්නම වැඩි උනා..

" ද්...දේ ඔමොනි...මම එක්කගෙන යන්නම්..."

" ඕ....හ් චින්චා....? කම්සාහම්නිදා පුතා...එයා ගොඩක් ආසාවෙන් ඉදියේ ඔය පාර්ක් එකට යන්න..."

" ඒත් ඔමොනි...ඔමොනි ඉන්න තත්වේ එක්ක හනා ඔමොනිව දාලා මා එක්ක පාර්ක් එකට යන්න එයිද..? "

" අනී....කීයටවත් එන්නෑ...ඒකට විදිහක් ඉතිම් හොයාගන්න වෙනවා.."

ඒකට අමුතුවෙන් විදිහක් හොයන්න ඕනි නැති බව මමනම් හොදටම දැනගෙන ඉදියා...මම වචනයක් කීව ගමන් හනා බය වෙනවා කියලා මට තේරුණේ කැන්ටින් එකේදී එදා හැමොම ඉස්සරහා මම හනාට බැනපු දවසේමයි....

" අරස්සෝ ඔමොනි...එහෙනම් මම හනාව හොස්පිට්ල් එක ඇතුලට එන්න කලින් එලියෙදිම එක්කගෙන යන්නද..මෙතනට ආවොත් එයා එන්න බෑ කියයි.."

" ඕ...හ් ඒක හොඳයි....."

" දේ...එහෙනම් ඔමොනි මම ගිහින් එන්නම්...වෙලාවට බෙහෙත් බොන්න.චුසිම්හේ "

" දේ....පරිස්සමින් හනාව එක්කගෙන එන්න..දෙන්නම විනෝද වෙන්න..ෆයිටින් "

මට බායි කියන ගමන් හොස්පිට්ල් එකේ ඇඳේ ඉදන් කෑ ගහන හනාගේ ඔමොනි දැක්කම ලොකූ දුකක් ඇති උනත් හැම වෙලාවෙම වගේ ඒ දුක මගේ හිතෙ තිබුන වෛරය නිසා යට ගියා...ඒ වෙලේ මට ඒ හැමදේම පෙනුනේ මට පලිගන්න ලැබුනු හොද අවස්ථාවන් වගේ...ඒ නිසා මගේ හැඟීම් වලට ඉඩ දෙන්නෙ නැතුව මම පුලුවන් තරම් ඉක්මනට හොස්පිට්ල් එකෙන් එලියට ආවා...

හොස්පිට්ල් එකෙන් එලියට එනවත් එක්කම හනා ටැක්සි එකක ඇවිත් හොස්පිට්ල් එකේ ගේට් එක ළඟින් බැස්සා..මාව දැක්කත් නොදැක්කා වගේ යන්න හදපු හනාව හොස්පිට්ල් එක ඇතුලට යන්න නොදී ගේට් එක ලඟින්ම හරවගෙන හනාගේ අතින් ඇදගෙන බයික් එක ලඟට එන්න හදනකොට හනා කෑ ගහනන පටන් ගත්තා...

" JK...මොකක්ද කරන්නේ...? කොහෙද මාව ඇදගෙන යන්නේ...? "

හනා කියන දේවල් ඇහුනත් ගනන් නොගෙනම මම හනාව බයික් එක ලඟට ඇදගෙන ආවා...

" JK...මාව අතාරින්න..."

" මම ඔහේව ගිලින්නෑ....නගිනවා ගමනක් යන්න හදන්නේ..."

" කොහෙද....අනික මම ඔයා එක්ක ගමන් යන්නේ මොකටද...? "

" ප්‍රශ්න අහන්න නෙමෙයි කිව්වෙ නගින්න කියලා..."

" අනී....මට ඔමොනිව බලන්න යන්න තියෙනවා....ඔයා යන දිහාක යන්න..."

එහෙම කියලා මගේ අත ගසා දාලා හොස්පිට්ල් එක ඇතුලට යන්න ගිය හනාව මම ආයෙමත් අතින් අල්ලලා නැවැත්තුවා...

" කිව්වම අහලා මේක දාගෙන බයික් එකට නගිනවා...මම කිව්වනේ මම ඔහේව ගිලින්නෑ කියල "

ගෙදරින් අරගෙන ආව අමතර හෙල්මට් එක හනාගේ ඔලුවට බලෙන්ම දාලා මම හනාව බලෙන් වගේ බයික් එකෙන් වාඩි කරව ගත්තා...

" JK ඔයා කොහොමද මෙහෙම කරන්නෙ...ඔයාට කොහෙන් ආව අයිතියක්ද....? "

" කට වහගෙන හරියට ඉදගෙන මාව අල්ලගන්නවා.."

මම බයික් එක රේස් කර කරා එහෙම කියනකොට හනා බය වෙලා වගේ මගේ ඉන වටේ අත දාලා මාව තද කරලා අල්ලගත්තා....මොනවා උනත් මගේ වචනෙට හනා අවනත වෙන එක ගැන මට සතුටක් දැනුණා...

බයික් එක පාරට දාපු වෙලේ ඉදන් හනා ඇහුවේ එකම ප්‍රශ්නේ..අපි කොහෙද යන්නේ කියලා...හනා අහපු එක සැරේකටවත් මම උත්තරයක් දීපු නැති නිසා ඊලඟ පාර හනා මාව කොනිත්තලා කතා කලා...

" කියනවා අපි කොහෙද යන්නේ...? "

" ආ...හ්...මොකද කොනිත්තන්නේ...? මම කිව්වනේ ගිලින්නෑ කියලා..."

" කවුද දන්නේ මරන්න එක්කගෙන යනවද කියලා...."

" දේ...මරන්න එක්කන් යන්නේ..අද ඔහේ ඉවරයි..."

එහෙම කියලා මම එකපාරටම බයික් එකේ වේගේ වැඩි කලා...බයික් එක රේස් කරලා වේගේ වැඩි කරනවත් එක්කම හනා කලින්ට වඩා තදින් මාව අල්ලගත්තා....

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

227K 13.1K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
12.7K 1.5K 67
ဖတ်ကြည့်နော်🥰🥰
59.9K 4.6K 62
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
585K 36.8K 73
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...