WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_16th Winter_

827 168 109
By A_Shee1

_Winter Bear_
දහසය වැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

______________________________________

" මෙන්න මේක බීලා ඉන්නවා ටේ.."

" ටේ.."

" ටේ හ්‍යුන්.. මන් දැන් කී පාරක් උබට කතා කලාද..? ආ..!?"

ජිමින් ඒ වෙලාවෙ හිටියේ හොදටම කේන්ති ගිගින්.. පෙරේදා සිද්ධියෙන් පස්සෙ ගොඩක් සතුටින් හිටපු කොල්ලා එකපාරටම වෙනස් වුනා.. ඒකට හේතුව අනුහස්.. එයාලගේ main fashion designer.. ඒ කෙල්ල ලග හිටියේ එයා. ඒ කෙල්ලගෙ අතින් අල්ලන් ඇදගෙන ගියේ එයා.. ඔව්.. දකින ඕනිම කෙනෙකුට හිතෙන්නෙ ඒ දෙන්නා යාලුයි කියලා.. එකම රටේ.. එකම ටයිප් එකේ.. එකම ජාතිය, එකම ආගම.. ඔව්.. හැමදේම ගැලපෙනවා..

ටේ හ්‍යුන් ගොඩක් දුක් වුනා මේ ගැන හිත හිත.. හිත ගියා ගොඩක් අයට.. ඒත් මේ විදිහට කවමදාවත් එක් කෙනෙක් පස්සෙ දුවන්න තරම් හිත වහල් වුනේ නෑ..

ඔයා මගේ රටේ නෙවෙයි..

ඔයා මගේ ආගමේ නෙවෙයි..

ඔයා මගේ ජාතියත් නෙවෙයි..

ඔයා කතා කරන්නේ මගේ මවු භාශාව නෙවෙයි..

ඒ මොන දේ වුනත් ඔයාගේ ඇස් වලට, ඔයාගෙන් මන් දැක්ක ඒ ප්‍රතිරූපයට.. ඔයාගේ ඒ ලස්සනට මන් ගොඩක් ආදරේ කරනවා අහින්සා.. මන් ඔයාට ආදරේ කියලා කියන්නත් කලින් මන් පැරදුනා..  මට එහෙම හැගෙනවා.. ඒ වුනත්..

" අඩෝ.. උබට ඕනි මගෙන් කුනුහරපයක් අහ ගන්න ද..??"

ජිමින් ඒ පාර නම් මාරාවේස වුනා.. අතේ තිබුන කෝක් බෝතලේ පොලේ ගැහුව වේගෙට කැඩිලා ගියා නෙවෙයි ඒක කුඩු වෙලාම ගියා..

පාර්ක් ජිමින්..

කවමදාවත් කැමති වුනේ නෑ.. තමන්ගෙ සහෝදරයෝ හය දෙනාගෙන් එක් කෙනෙකුටවත් මොකුත් වෙනවට.. විකාර කරලා විනාශ වෙනවට.. එයාගෙ සතුට තිබුනෙ දෙමව්පියෝ ලග වුනත් ඒ සමාන සතුටක් තමන්ගෙ සහෝදර වරුන්ගෙන් ගන්න පුලුවන් වුනා.. ඒ නිසා ඕනිම දුකකදි සතුටකදි වෙනසක් නැතුව එයාල ලග ඉන්න අනිත් හැමෝම වගේම මේ කොල්ලත් කැපවුනා..

ටේ හ්‍යුන් කියන්නෙ BTS group එකේ ඉන්න ජිමින්ගේ same age boy. කෙලින්ම කිව්වොත් දෙන්නට දෙන්නා Soulmateලා.. මුලු ලෝකෙම හිටපු BTS Army fandom එකේ හැමෝම ගොඩක් ආදරේ කරපු බැදීමක් තමයි.. Vmin..ඔව්.. ඒක හරි ලස්සන bromance එකක්..

( මන් කිව්ව මොනා හරි වැරැදි ද..?? 🗡️ )

" මේ අහපන්කෝ.. උබ දැන් කරන්න ඕනි වෙන කිසි දෙයක් නෙවෙයි... පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපන්.. කෙලින්ම ගිහින් ඒ කෙල්ලට කතා කරපන්.. හරි.. ඒ කෙල්ලගෙන් අහපන්.. උබට තියෙන ප්‍රශ්න.. ඊට පස්සෙ එයා දෙන උත්තරත් එක්ක අනිත් හැමදේම හිතපන්.. පස්සෙ ඕනි නම් අනුත් එක්කත් කතා කරපන්.. ආ.. ඔච්චර sensitive වෙන්නෙපා.. තමන්ට ඕනි දෙයක් තියනවා ලබා ගනින්.. මන් කියන්නෙ නෑ ඒක නරකින් කරපන් කියලා.. ඒ වුනත් කෙලින් කරපන්.."

ටේ හ්‍යුන්ට කියන්න වචන ඉතුරු වෙලා නෑ දැන්.. ජිමින්ගෙන් දැනුනු වචන ටික නිසාද.. අහින්සා නිසාද ඇස් වලට කදුලු ආවේ කියලා ඇත්තටම හිතා ගන්න බැරිවුනා.

ජිමින් තාම කියවනවා. එයාට දරා ගන්න බෑ ටේ හ්‍යුන්ගෙ විකාර හැසිරීම. ඇත්තටම ඒ වෙලාවෙ ටේ හිටියෙ තමන්ගෙ කෙල්ල නැතිවුනා වගේ හැහීමකින්මයි.. යාලුවෙලාවත්.. අඩුම තරමේ කතා කරපුවත් නැති අහින්සා..

වෙලාව ගියා.. එහෙමම.. තත්පරෙන් තත්පරේ.. විනාඩියෙන් විනාඩිය.. වෙලාව යන්න ගියා.. ආපහු ගන්න බැරි විදිහට.. ආපහු ඒ මොහොත එන්නෙ නැති විදිහට..

එක පාරටම ටේ හීන ලෝකෙන් එලියට බැස්සා.. ඔව්.. එයාගෙ මූනෙන් පෙනුනේ එයා ලොකුම ලොකු තීරනයක් අරන් කියල..

" ජිමින්.."

" කියපන්.."

" ඕනිම දේකට මට උදවු කරනවා ද උබ..??"

" උබ ඔය මොකක්ද කරන්න යන්නෙ.. වැරදි නැති ඕනිම දේකට මන් ඉන්නවා උබත් එක්ක.."

" හරි.. මන් කෙලින්ම කෙල්ලව හම්බෙනවා.. ඊටපස්සෙ ඉතුරු ටික බලා ගන්නම්.. මන් මට දෙයක් ඕනි වුනා නම් නිකන්ම අත ඇරලා දාල යන්නෙ නෑ.. ඔව්.. අහින්සා මගේ.."

ජිමින් දිහා එක එල්ලෙ බලන් එහෙම කියපු ටේ හ්‍යුන් recording room එකේ දොරත් ඇරන් එලියට ගියා.. ජිමින්ගේ මූනෙ හීන් හිනාවක් ඇදුනේ ටේගේ ඒ ශක්තිමත් තීරනේ ගැන දැනුනු සතුට නිසාමයි..

~~~~~~~~~~

' මට කරන්න දෙයක් තියනවා ද..?? අනු.. ඔයා කිව්ව හැමදෙයක්ම හරී.. ඒ වුනත් මගේ පැත්තෙන් මන් හරි.. කොහොමද මන් එකපාරටම සමාව දෙන්නෙ ඔයාට..? කියන්න.. මටත් ඕනි සමාව දෙන්න.. කලින් වගේ පිස්සු නටන්න යාලුවෙක් ලගින් තියා ගන්න.. මට උබට කියන්නෝනි.. ටේ හ්‍යුන් මට කරපු දේ ගැන.. අහම්බෙන් වුනත් මන් එච්චර පින් කරල තියනවානේ. අනිත් එක පෙරේදා මන් එයාට බැන්නා.. මට අහන්න ඕනි උබගෙන්. මන් වැරැදි ද කියලා.. අනේ.. ඒත් උබ ඉස්සර අනු නෙවෙයි.. ඔව් අනූ.. ඔයා ඉස්සර අනූ නෙවෙයි..'

අහින්සා..

පිස්සියෙක් වගේ හිතනවා.. ඔව්.. දැන් දවස් දෙකක්.. කෙල්ලටත් එපා වෙලා හිටියේ.. Bighit එකෙන් එලියට යන්න chance එකක් ලබෙන්නෙම නෑ. Hospital එකේදි වගේ surgeries නෑ.. ඔගේ යුන් ශික් කියන දෙයක් කරලා ඉන්න එක විතරයි.. ලබන සතියෙ live concert එකක්.. ඒ වුනත් විශේශයක් නෑ. අනිත් එක දැන් ඉස්සර වගේ නෙවෙයි.. practice කරන වෙලාවට කොල්ලො අනතුරු කර ගන්නවා ගොඩක් අඩුයි.. දැන් එයාලාට කලාතුරකින් තමයි practice වලදි treatments ඕනි වෙන්නෙ.

ජීවිතේ ඒකාකාරියි..

අනුහස් ගේ ප්‍රශ්නෙ මුලු ඔලුවම විකාර කරලා.. ඔව්. කොල්ලා තව උස ගිහින්.. ලස්සන වෙලා.. ලන්කාවෙදි තිබුන පාටට වඩා ගොඩක් සුදු වෙලා ඇත්තෙ මෙහෙ සීතලට හම පුරුදු වෙලා නිසා වෙන්න ඇති..

අමතක කරන්න හැදුව ටේ හ්‍යුන් එකපාරටම ඇවිත් හොල්මන් කරලා දැම්මා හිතම..

පාරක් hospital එකේදි කරපු විකාරේ.. ආපහු බනින එක..

අතින් අල්ලලා ඇදලා ගන්න එක..

හැමවෙලේම එකම විදිහට රිද්දලා එයා සතුටු වෙනවද..? ඔව් ටේ හ්‍යුන්.. මටත් ඕනි ඔයාව අමතක කරලා කාව හරි marry කරලා ජීවත් වෙන්න.. ඒත් මට තාම කෙනෙක් නෑ… ඒ වගේම ඔයාට මගේ හිතේ තියෙන තැන කාටවත් ගන්නත් ගොඩක් අමාරුයි.. නේද..?

අහින්සට දුක කියන්න කවුරුත්ම නෑ ලග.. ඒ නිසා එයාට පුලුවන් වුනේ තනියම හිතන එක විතරයි.. ඒ හිතන වාරයක් ගානේ hospital එකේ කොටු වෙලා හිටියා නම් කියල අනන්ත වාරයක් කෙල්ලට හිතුනා..

Medical room එකේ එච්චරම වැඩක් නැති නිසා normal වෙලාවට කෙල්ලට කෙල්ලගෙ කාමරේට ඇවිල්ලා තමන්ගේ වැඩක් කරලා නිදහසේ ඉන්න අවසර තිබුනා. ඒ වුනත් තනියෙන් ඉද්දි මොන නිදහසක්ද.. කතා කරන්නවත් කවුරුත් නැතුව..

" ටක් ටක්.."

කෙල්ලට හීන ලෝකෙන් මිදෙන්න වුනේ දොරට කවුරු හරි තට්ටු කරපු නිසා..

" Miss Ahi.."

" ආහ්.. දේ.."

" ඔයාට පාර්සලයක් තියනවා.."

" ඕහ්.. කුමොස්මිදා අජශ්ශි.."

කෙල්ල එහෙම කියලා පාර්සලයත් අරන් ආපහු කාමරේ දොර වහ ගත්තා. ඒ කෙල්ල order කරලා තිබුන new makeup set එක.. ඒක special pack එකක්.. ඒකෙන් වතුරටවත්, දාඩියටවත් makeup එක මකන්න බෑ. ඒ removing mist එකෙන් විතරමයි අයින් කරන්න පුලුවන් වුනේ.. කෙල්ල ඒක විශේෂයෙන්ම order කලේ කෙල්ල Bighit එකේදි පරිස්සම් වුනා මදි කියල හිතුන නිසා..

වෙලාවත් තියෙන නිසා කෙල්ල එහෙමම bathroom එකට ගිහින් ඒ වෙනකොට තිබුන rash එක හෝදන් ආවෙ අලුත් makeup බඩු ටිකෙන් වැඩක් ගන්න බලාගෙන..

විනාඩි දහයක් විතර යනකොට කෙල්ලට කලින් තිබුනා වගේම rash එක ඇද ගන්න පුලුවන් වුනා. ඒක ඇත්තටම කොලිටි තමයි.. ලේන්සුවක් වතුරෙන් තෙමලා තදින් පිහදාලා බැලුවා දෙතුන් පාරක්ම.. ඔව්.. ඒක remove කරන්න බැරිවුනා.. කෙල්ලගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ දැන් නම් ටිකක් හරි safe නේ කියලා..

( කෙල්ල තාම දන්නෙ නෑ එදා ටේ හ්‍යුන්ට එයාගෙ නම ඇහුනා කියලා.. 🗡️)

~~~~~~~~~~~

අනුහස් හිටියේ මාරම අවුලෙන්.. එයා හීනෙකින්වත් අහින්සව ඒ විදිහට ඒ වගේ තැනකදි හම්බ වෙන්න හිතලා තිබුනේ නෑ. කොහොම වුනත්.. අනේ මන්දා.. ඒ දේ වුනා..

ලබන සතියේ BTS group එකේ Live concert එකක්.. ඒකට full kit design කරන්න තිබුනත් අනුහස් තාම වැඩේ පටන් ගන්න තියා හිතලාවත් තිබුනෙ නෑ.

අවුරුදු ගානක් තිස්සෙ බලන් හිටියේ අහින්සගෙන් සමාව ගන්න.. සමාව ගත්තා පෙරේදා.. ඒ වුනත් හිතට දැනෙන්නෙ හරි අමුත්තක්.. හරි කාන්සියක්.. මොන දේ වුනත් අහින්සාට තාමත් මන් ආදරෙයි මගේ හොදම යාලුවා විදිහට..

එදාටත්.. අදටත්.. හෙටටත්.. හැමදාටමත්..

ඒ කෙල්ල ලස්සන වෙලා, ඒ කෙල්ල එච්චර මන් ලගින් ආශ්‍රය කරලා.. මන් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන හැමදේම ඊටත් වඩා වැඩියෙන් අහින්සා ලග තිබිලත් හොදම යාලුවාගෙන් එහා ගිය හැගීමක් මට එයා ගැන ඇති වෙන්නෙ නෑ.. ජීවිතේට.. මාව මේ විදිහට සන්වර කරන්න.. මගේ ඉවසීම හදන්න.. උබ තමයි අහින්සා හේතුව.. ඒ නිසා හැමදාම මන් ඔයාට ගරු කරනවා.. ඒක පොරොන්දුවක්.. කවමදාවත් කඩ කරන්නෙ නැති..

~~~~~~~~~~

යුන් ශික්ට හදිස්සියේ එලියට යන්න වෙලා එතන තිබ්බ වැදගත් files වගයක් අහින්සට කාමරෙන් තියා ගන්න කියලා මැසේජ් එකක් ආවෙ කෙල්ල makeup costumes ටික සේරම පිලිවෙලකට අස් කරලා පහල locker එකෙන් අහුරලා ඉවර වෙනකොටමයි.. පුලුවන් තරම් ඉක්මනට එන්න කියලා කියලා තියෙන නිසා අහින්සා ෆෝන් එකවත් නොගෙන කැප් එකයි මාස්ක් එකයි දාගෙන එලියට ගියා. ගිය හදිස්සියට කාමරේ දොර වහලාවත් යන්න කෙල්ලට සිහියක් තිබුනෙ නෑ. එයා හිතුවෙ යුන්ශික්ට හදිස්සියෙන් යන්න වෙලා තිබුන හේතුව එයාගෙ කාටහරි කරදරයක් වෙන්න ඇති කියලා..

#පලමු_වියරු_හමුව
( ඩෝන් 🗡️🙂 )

ටේ හ්‍යුන් recording room එකෙන් එලියට ඇවිත් කෙලින්ම ගියේ පහල තට්ටුවේ practice room no 1 වලට එහා පැත්තෙන් තිබුන අහින්සාගේ කාමරේ ලගට.. කොල්ලා කෙල්ලගේ කාමරේ තියෙන තැන අහ ගත්තේ ජන්කුක්ගෙන්..

එතන කවුරුත්ම හිටියේ නෑ.. එලියේ කෝරිඩෝ එකෙත් කවුරුත්ම නෑ. කාමරේ දොරත් ඇරලා දාලා.. කොල්ලා ටිකක් වෙලා එතනට වෙලා බලන් හිටියේ කෙල්ල කොහෙන් හරි මතු වෙයි කියන බලාපොරොත්තුවෙන්.. විනාඩි දෙකක් විතර ගියත් කෙල්ල එතනින් එන පාටක් තිබ්බෙ නැති නිසා කොල්ලා දොරට තට්ටු කලා.. ඒත් කිසිම ප්‍රතිචාරයක් නැති නිසාම දොරෙන් ඇතුලට බෙල්ල දැම්මෙ කවුරු හරි ඉන්නවද බලන්න.. නෑ... කවුරුත්ම හිටියේ නෑ. කාමරේම හිස්..

දෙපාරක් හිතුවෙ නැති කොල්ලා කෙල්ලගේ කාමරේ ඇතුලට ගිහින් දොර අඩවල් කලා. කාමරේ ගොඩක් ලොකු නෑ. කෙල්ලට මෙතන ජීවත් වෙන එක ආමාරු ඇති.. පවු.. මොනව දේ වෙලා මෙතනට ආවත් කෙල්ල දුක් විදින්න ඕනි කෙනෙක් නෙවෙයිනේ.. Doctor කෙනෙක්.. ඇයි දුක් විදින්නේ...

කාමරේ පොඩි වුනත් ඕනි ඕනි බඩු ටික මාර ලස්සනට පිලිවෙලකට අස් කරලා තිබුනා.. වෙන කෙල්ලෙක්ගේ කාමරේ තියෙන රෝස පාට හුරුබුහුටි කමට වඩා අහින්සගේ කාමරේ තිබුනේ කොල්ලෙක්ගේ කාමරේක තියෙන අමුතු දැඩි කමක්.. ගොඩක් දේවල් තිබුනේ තද නිල් පාටක්.. ඒ වුනත් ටේගේ ඇස් ඒ හැම දෙයක්ම දැක්කෙ හරිම ලස්සනට..

( කලුම කලු පාට මගේ කාමරේ 🙂🗡️ )

විනාඩි හය හතක් යන්න ඇති.. කොල්ලා තාම කෙල්ලගේ කාමරේ ඉදන් ඒකෙ තිබුන දේවල් බලනවා. කොරියන් මිනිස්සු ලග නැති අමුතු ලස්සන දේවල් ටිකක් කාමරේ ඇතුලෙ තිබුනා.. ඇත්තටම ඒව හරි ලස්සනයි..

ඒ වෙනකොට ටේ අහින්සගේ cupboard එක ලග හිටියේ.. ඒ නිසා කාමරේට එකපාරටම එන කාටවත් කොල්ලව පේන්නෙ නෑ..

ඒ නිසාම files මහ ගොඩක් අරන් කාමරේට ආපු අහින්සා කාමරේ දොර වහනකනුත් ටේව දැක්කෙ නෑ. ඒත් එකපාරටම..

" ඔයා..!!?!!?"

අහින්සා උඩ ගිහින් බිම වැටුනෙ තමන් හිතපුවත් නැති වෙලාවක තමන්ගේ ආදරේ තමන්ගෙම කාමරේ ඇතුලේ ඉන්නවා දැකලා.. කොහොම වුනත් කෙල්ලට සතුටට වඩා දැනුනෙ බයක්. මොකද කෙල්ල දන්නවා එයාට මේ ලෝකෙ පිරිමි අයගෙන් අත උස්සන්න බැරි හැකියාවක් තියෙන්නෙ ටේ හ්‍යුන් ලග විතරයි.. ඒ ඇස් දිහා බලාගෙන ගහන්න තියා හෙල්ලෙන්නවත් කෙල්ලට බෑ. එක පාරකුත් ඒක වුනානේ.

( මරාගෙන මැරෙන්නෝනි 🙂🗡️  )

" ඔහ්.. ඔයා..!"

ටේටත් එකපාරටම කෙල්ල දැක්කම කර ගන්න දෙයක් තිබුනෙ නෑ. ඇත්ත.. කොල්ලනේ වැරැදි.. කාගෙවත් අවසරයක් ඇතුව නෙවෙයිනේ ඇතුලට ආවෙ..

දෙන්නම මිනිත්තු ගානක් වචනයක්වත් නොකිය එයා දෙන්නා දිහා බලන් හිටියා.. ඒ වුනත් ඒ බැල්මෙන් මුලින්ම ඇහැරුනේ අහින්සා..

" ඔයා.. ඔ..යා.. මොකද මගේ කාමරේ කරන්නෙ..??"

අහින්සා ඇහුවෙ වෙවුලන කට හඩින්.. කෙල්ල හිටියෙ එච්චරටම බය වෙලා..

" ඇත්ත..ටම ම..න්.."

ටේ හ්‍යුන් මොකක් හරි බොරුවක් කියන්න කට ඇරියත් ඒකට බාධා වුනේ කවුරුහරි දොරට තට්ටු කරපු සද්දෙ දෙන්නටම ඇහුන ගමන්.

දෙන්නම එක පාර බැලුවෙ දොර දිහා.. කාටවත් කර ගන්න දෙයක් තිබ්බෙ නෑ.. මොකද දොරට තට්ටු කරපු කෙනා..

" May I coming??"

කියලා ඇහුවත් ඒකට අහින්සාගෙන් අවසර ලැබෙන්න කලින් දොරේ ලොක් එක කරකවපු නිසා..

ඒත් කෙල්ලට මේ ටික මොලේට දා ගන්න ලොකු වෙලාවක් ගියේ නෑ.

' දැන් ඇතුලට එන්නෙ කවුරු වුනත් අපි දෙන්නා එක කාමරේ දොරත් වහගෙන මේ විදිහට ඉන්නවා දැක්කොත් දෙන්නම අනාතයි.. මට මොන දේ වුනත් ටේ හ්‍යුන්ට එන්නෙ එසේ මෙසේ ප්‍රශ්න ගොඩක් නෙවෙයි..'

ආපු කෙනාට දොර අරින්න ගිය තත්පරේට අහින්සා ටේ හ්‍යුන්ගේ ඉස්සරහට ඇවිත් හිට ගත්තෙ කොල්ලව වැහෙන විදිහට.. ඒ වුනත් කෙල්ල කොල්ලගේ උරහිස ලගටවත් උස තිබුනෙ නෑ.. වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති කමටම කෙල්ල කොල්ලගේ දකුනු අතින් අල්ලලා පහලට ඇද්දේ අහින්සගේ උරහිස ලගට කොල්ලගේ ඔලුවෙ උස හරියන විදිහට.. කෙල්ල අතින් ඇදපු පාරෙ වේගෙටම කොල්ලා ඇදිලා ගිහින් කෙල්ල උරහිස් පස්සහ මූන වද්ද ගත්තා.

( කොටන්නෝනි 🗡️ )

එහෙම කරලත් කොල්ලව හන්ග ගන්න කෙල්ලට පුලුවන් කමක් තිබුනේ නෑ.. අනිත් එක bathroom එක තිබුනෙත් room එකේ අනිත් පැත්තේ.. නැත්නම් ඒකට දාලා වහනවා. මොනාත්ම කර ගන්න හිතාගන්න බැරිවුන නිසා කැප් එක ගලවපු කෙල්ල ටග් ගාලා කොන්ඩේ දෙපැත්තට වැටෙන ගස්සලා හදා ගත්තේ ටේගෙ පැත්තක් බිත්තියට හේත්තු කරලා.. ඇත්තටම දැන් නම් ටේව පේන්නෙම නැති තරම්..

( දිග කොන්ඩයක් ඕනි 😒🗡️ )

හැබැයි ටේ හ්‍යුන් හිටියේ මේ ලෝකෙ නෙවෙයි.. ටේ හ්‍යුන්ගේ හුස්මත් නැවතෙන්න ගියා.. කෙල්ලගෙ උරහිසට පොඩ්ඩක් පහලට වෙන්න තිබුන කොන්ඩේ දැන් තිබුනෙ ටේගෙ ඔලුවේ.. අනිත් එක දෙන්නා අතර තිබුනෙ සෙන්ටිමීටරේකටත් වඩා අඩු දුරක්.. කෙල්ල හිටියේ අනිත් පැත්ත හැරිලා වුනත් කෙල්ලගේ පපුව ගැහෙන වේගෙ කොල්ලට ඇහෙන්න කන ඇතුලෙන්ම වගේ.. කෙල්ලගේ දකුනු අත තාමත් තිබ්බෙ ටේගෙ දකුනු අත උඩ..

( මට හිතෙන්නෙ තව ටිකකින් අහින්සට මේ කාමරේ ඇතුලේ heart patient කෙනෙකුට බෙහෙත් කරන්න වෙයි වගේ.. කමක් නෑ. Cardiologist නේ.. පැන්නද.. ඕ පැන්නා තමා.. මේ වගේ සීන් එකකට පනින්නේ නැති මෝඩය කවුද..? 😏.. Bye..)

" Miss Ashi.."

" ඔහ් යෙස්.. කියන්න.."

" අද දවල් medical meeting එක cancel කරන්න කියලා Mr. Yun shik message එකක් දීලා තියෙනවා.."

" Ah.. Okay.. කුමාවෝ.."

" දේ මිස්.."

එහෙම කියපු Bighit එකේ guard ආපහු හැරිලා යන්න ගියේ දොරත් වහගෙනමයි.. කෙල්ලට නම් හොදටම විශ්වාසයි.. ටේව එයා දැක්කෙ නෑ කියලා.. කෙල්ල සැනසුම් හුස්මක් හෙලන ගමන් ඒ හිටපු ඉරියවුව වෙනස් කරන්න හැදුවත්..

~~~~~~~~~~

( Opps.. Damn hot 🗡️ )

_Kim Tae Hyung_

මන් හිතපුවත් නැති වෙලාවක තමයි අහින්සා කාමරේට ආවේ.. කතා දෙකක් නෑ.. මම තමයි වැරදි.. අනුන්ගෙ කාමර වලටත් මෙහෙම එන සිරිතක් තියනවා ද.. නෑනෙ.. කමක් නෑ. අහින්සා මගේනේ.. මොන විකාර ද මන් මේ හිතන්නේ..

" ඔයා මොකද මෙතන කරන්නේ..?"

මන් බයවෙලා එයා දිහා බලාගෙන මෙහෙම විකාර හිතනකොට තමයි අහින්සා මන් දිහා බලලා එහෙම ඇහුවේ.. කියන්න උත්තරයක් තිබුනෙ නැතත් මන් කට ඇරියෙ මොකක් හරි බොරුවක් කියලා බේරෙනවා කියල හිතන්..

ඒ වුනත් මට උත්තරයක් නම් දෙන්න බැරි වුනා.. මොකද කවුරු හරි ඇවිත් දොරට තට්ටු කරපු නිසා..

මගේ මුලු ජීවිතේම විනාශ වෙලා යන්න පුලුවන් දෙයක් වෙන්න ගිය මොහොතක.. මටත් වඩා මන් ගැන හිතලා ඉක්මන් තීරනයක් ගන්න එයාට පුලුවන් වුනා..

( කොල්ලෙක් ඕනි 🗡️😒 )

අඩියට දෙකට මන් ලගට ආපු එයා මගේ ඉස්සරහින් හිටගෙන මාව එයාගේ පස්සහින් උරිස්සට හේත්තු කරලා බිත්තිය පැත්තට තල්ලු කරන ගමන් එයා දාගෙන හිටිය කැප් එක ගලවලා කොන්ඩෙ කඩා දා ගත්තේ මාව වැහිලම යන්න..

ඔව්..

මට සීයට දාහක් ශුවර්..

ඇතුලට ආපු කෙනා මගේ එක අගලක්වත් දැක්කෙ නෑ කියලා..

එයා මාව බේර ගත්තා..
තත්පරයකටත් අඩු කාලයකින්..
මගේ මුලු ජීවිතේදි වෙන්න තිබ්බ ලොකුම හානියකින්..

ඒ වුනත්..
එයා එක වැරැද්දක් කලා..

🙂

මෙච්චර දවසක් එයා වෙනුවෙන්..

එයාව නොදැක හිතින් පිච්චුන..

තනියෙන් ආදරේ කරපු..

ඔයා වෙනුවෙන්ම බලාගෙන ඉවසපු..

මගේ හිත..

එක තත්පරෙන් අවුස්සලා දැම්මා..

( කොටන්නෝනි 🗡️ )

බොහොම අමාරුවෙන් යටපත් කරන් හිටපු ඔයා වෙනුවෙන්ම තිබුන ඒ ආදරේ. ඔයා මගේ අතින් අල්ලලා.. ඔයාගෙ කොන්ඩෙ මගේ බෙල්ලෙන් ගාවලා.. මගේ හිත ඇතුලෙ හිර කරන් හිටපු හැම හැගීමක්ම එලියට ගත්තා..

ඔයා හුස්මක් පිට කරලා මගේ ලගින් අයින් වෙන්න යනකොට මටවත් හිතා ගන්න බැරිවුන විදිහට මට මාවම පාලනය කර ගන්න බැරිවුනා..

( මට බෑ.. 🙂🗡️ )


~~~~~~~~~~

🔞

( මෙහෙම දාන්නෙ ඕනි නැති අයට කියවන්න එපා කියන්න.. ඒත් 15+ කිව්වත් හරි.. )

Author's P.O.V.

අහින්සා ටේ හ්‍යුන්ගේ අල්ලන් හිටපු දකුනත අත් අරින්න හදපු වෙලාවෙම ටේ හ්‍යුන් ඒ අතත් එක්කම අනිත් අතත් තද කරලා අල්ලලා කෙල්ලව ලගට ඇදලා බිත්තියට හේත්තු කලේ තමන් එතනින් අයින් වෙන ගමන්.. අහින්සාගේ තොල් වෙවුලන්න ගත්තේ ටේ හ්‍යුන්ගෙ ඇස් වල තිබුන ඒ බැල්ම දැකලා. කොල්ලා කෙල්ලගේ අත් වලින් අල්ලපු පාර කෙල්ලගේ ඇස් වලට කදුලු පිරුනෙ ඇයි කියන්න කවුරුත් දන්නෙ නැති වුනත් ඒ ඇස් කදුලු පිරිලා දිලිසෙන්න පටන් ගත්තා..

ටේ හ්‍යුන් විනාඩියක් විතර කෙල්ලගෙ ඇස් දිහා බලන් හිටියා. ඒ ඇස් දිලිසෙනවා.. ගොඩක් ලස්සනයි. ඒ කම්මුල් වලට ලේ පිරිලා රතුම රතු පාට වෙලා.. කෙල්ල සුදු නෑ.. ඒ වුනත් ඒ පාට හරි ලස්සනයි.. අමුතු සුදු පාටක් ඒක.. ඒ අමුතු සුදු පාටෙ රතුවුන කම්මුල් දැක්කම කොල්ලට තමන්ව පාලනය කර ගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.

( 🗡️ x 99799 || 🙂 )

දෙපාරක් හිතුවෙ නැති කොල්ලා කෙල්ලගේ අත් අත ඇරලා කම්මුලට දකුනු අත ගෙනාවෙ කෙල්ලට හිතා ගන්නවත් බැරිවෙන විදිහට.. තමන්ගෙ අත් අත ඇරියා කියලා කෙල්ලට දැනුනු වෙලේම කෙල්ලට ඕනි වුනේ කොල්ලව ඈතට තල්ලු කරලා දාන්න.. ඒ වුනත් කෙල්ල අතින් ඒ දේ වුනේ නෑ.. කෙල්ල බය වෙලා කියල දැනුන නිසාම ටේ එක අතක් කෙල්ලෙගෙ ඉන ලගින් දාලා තමන්ට තුරුලු කර ගත්තේ දෙන්නා අතර තියෙන පොඩි ඉඩත් නැති කරලා දාන්න ඕනි කමින්..

ඇස් දෙක ලග ඉදන් කෙල්ලගේ තොල් ලගට ගිය ටේගෙ දකුනු අතේ මහපට ඇගිල්ල එතන නැවතෙනවත් එක්කම කොල්ලගේ බර තොල් ගිහින් නැවතුනේ පූස් පැටියෙක් වගේ බය වෙලා ඉන්න කෙල්ලගේ චූටි තොල් වල.. ලොකු හැගීමකින් ඒ තොල් උඩ ටික වෙලාවක් හිටපු කොල්ලා තිබ්බ අන්තිම ඉවසීමත් නැති කරලා දාගත්තා.. ඒ කෙල්ලගෙන් ලැබුනු ප්‍රතිචාරයක් හින්දා නම් නෙවෙයි..

කොල්ලා තාමත් හිමීට ඒ තොල් උඩ තියන් හිටපු තමන්ගෙ තොල් වලින් ටිකක් රලු විදිහට සිප ගන්න පටන් ගත්තේ කෙල්ලගේ කකුල් දෙකත් පන නැති කරලා දාන ගමන්.. එහෙමම බිමට වැටෙන්න ගිය අහින්සා ටේගෙ ශක්තිමත් අතේ රැදිලා තිබුනෙ කොල්ලා කෙල්ලගෙ ඉන ලගින් අල්ලන් හිටපු නිසා..

මිනිත්තුව මිනිත්තුව බිත්ති ඔරලෝසුවේ ගෙවිලා යද්දි කොල්ලාගේ තොල් ඒ චූටි තොල් වලින් වලින් අහකට ගත්තේ ඉවසීමක් දැනුන හින්දා නම් නෙවෙයි.. පහලින් තිබුන ගෙල කොටසට අවදානය දෙන්න ඕනි වුන නිසා.. 

දෙපාරක් හිතුවෙ නෑ.. කොල්ලගේ රලු සිපගැනීම් එක්ක ඇවිස්සිලා තිබුන කොල්ලාගේ තොල් කෙල්ලගේ බෙල්ලත් තෙමන් ගිහින් කෙල්ල ඇදන් හිටපු shirt එකේ දකුනු කර පැන්නුවේ උරහිසටත් බර වෙන ගමන්මයි..

කෙල්ලට කර ගන්න දෙයක් තිබුනෙම නෑ.. ටේව තල්ලු කරලා දාන්න ඕනි වෙර ගන්න කෙල්ල ගොඩක් උත්සාහ කලා.. ගොඩක් නෙවෙයි.. ගොඩාරියක්.. ඒ වුනත් වුනේ කෙල්ලගේ අතේ ඇගිලි හෙලවුන එක විතරමයි.. අඩුම තරමේ ඒ වෙනකොට කෙල්ල බයවෙලා හිටපු පාරට කෙලින් හිටගෙන ඉන්නවත් පන තිබුනේ නෑ. ඒ වුනත් කෙල්ලගේ මොලේ වැඩ කලා.. මොලේ කෑ ගහලා කිව්වා.. මේක නවත්තන්න කියලා.. ඒ වුනත් ඒක ක්‍රියාත්මක කරන්න තරම් කෙල්ලගේ අනුවේග පද්ධතිය ක්‍රියාත්මක වුනේ නෑ..

කෙලින්ම කිව්වොත් මොලෙන් ප්‍රතික්ෂේප කලත් හදවතෙන් ඒ දේ ප්‍රතික්ෂේප කලේ නෑ.. 🗡️

ඒ නිසාමයි කදුලු බින්දු එක දෙක කෙල්ලගේ ඇස් අත ඇරලා යන්න පටන් ගත්තේ..

ටේ හ්‍යුන් ගැස්සුනේ එකපාරටම තමන්ගේ බෙල්ලට දැනුන සීතලකින්.. කෙල්ලගේ උරහිසෙන් තොල් ඈත් කරලා කෙල්ලගේ මූන දිහා බලද්දි තමයි කොල්ලට තේරුනේ කෙල්ල අඩනවා කියලා.. ඒ කදුලු කොල්ලගේ හිත ගැස්සුවෙ හරියට මුලු ලෝකෙම තමන්ට නැතිවුනා වගේමයි..

තමන් කරපු වැරැද්ද තේරුම් යනකොට ටේ හ්‍යුන් පරක්කු වෙලා වැඩියි.. මොකද ඒ වෙනකොටත් කෙල්ලගේ දකුනු පැත්තේ බෙල්ලත් එක්කම උරහිසත් රතු පාට පැල්ලම් වලින් පිරිලා තිබ්බේ.. සමහර පැල්ලම් දම් පාට වෙන්නත් ඇවිල්ලා.. ටේ හ්‍යුන්ට ඇතිවුනේ තමන් ගැනම ලොකු කේන්තියක්.. මොකක්ද මේ කලේ කියලා..

කෙල්ලගේ ඉනේ තිබුන තමන්ගෙ අත අයින් කර ගන්න හැදුවත් කෙල්ල වැටෙන්න ගිය නිසා අත් දෙකම ඉන යටින් දාල කෙල්ලව හරහට වඩා ගත්ත ටේ අහින්සව ඇදෙන් වාඩි කෙරෙව්වා..

අහින්සගෙ ඇස් තාමත් තිබුනෙ ටේ හ්‍යුන් ලග..

ටේගෙ ඇස් ලග..

ඒ අහින්සක බැල්ම නිසාම ටේට හිතුනා තමන්ව මරා ගන්න.. ඒ කරපු දේ නිසා..

කරපු දේ ආපහු ගන්න බැරි නිසාම කොල්ලා කෙල්ලගේ උරහිසෙන් පැනලා තිබ්බ shirt එකේ කර හරියට හදලා තමන් අතින් ගැලවිලා ගිහින් තිබුන උඩ බොත්තම ලගින් අල්ලලා කටුවක් ගැහුවා.

" අහින්සා.."

ටේ කතා කලේ කෙල්ලගේ අතකින් අල්ලන් ඇදේ කොනකින් වාඩි වෙලා.. ඒත් කෙල්ල කතා කලේ නෑ.. තාම හරි සද්දෙන් පපුව ගැහෙනවා.. කොල්ලා එතන තිබුන වතුර බෝතලේ ඇරලා කෙල්ලට දුන්නත් කෙල්ල ඒ දිහා බැලුවෙවත් නෑ.. ඒ අහින්සක ඇස් වල දැන් ලියවෙලා තිබුනෙ කේන්තියක්..

ඔව්..

තමන්ගේ පලවෙනි හාදුව..

කෙල්ලට බනින්න.. ගහන්න.. ඕනි වුනත්.. ශක්තිමත් තිබුනේ නෑ ඒකට.. මොකද අවුරුදු ගානක ඒක පාර්ශ්වීය ආදරයක් ඉස්සරහ කෙල්ල එකපාරටම අසරන වෙලා හිටපු නිසා..

" මන් දිහා බලන්න.."

ටේ හ්‍යුන් කිව්වෙ කෙල්ලගෙ මූන තමන්ගෙ පැත්තට හරව ගන්න අත දික් කරන ගමන්..

ඒ වුනත් කෙල්ලගේ ඇස් දැකපු කොල්ලා ඉබේම අත පහලට ගත්තේ ඒ ඇස් කදුලු පිරිලා, කේන්ති ගිහින් තවත් රතු වෙලා තිබුන විදිහ දැකලා.. කොල්ලට තේරුම් ගියා මේක කතා කරන්න වෙලාවක් නෙවෙයි කියලා..

විනාඩි පහ හයක් වචනයකවත් නොකියා කෙල්ලගේ මූන දිහා බලන් හිටපු ටේ කෙල්ලගෙ අල්ලන් හිටපු අතත් අත ඇරලා නැගිට්ටා..

" මන් දන්නවා.. දැන් ඔයා මාත් එක්ක කතා කරන්නෙ නෑ.. මන් ආපහු එනවා.. බය වෙන්නෙපා.. මට ඕනි ඔයත් එක්ක නිදහසේ කතා කරන්න විතරයි.."

අහින්සා දිහා බලන් හිටපු ටේ හ්‍යුන් එහෙම කියලා දොරත් වහලා එලියට ගියේ කරපු දේට සමාව ගන්නෙවත් නැතුව..

.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
( හෑල්ල ඇති.. මන් යනවා කොල්ලෙක් හොයන්න.. එනවත 🙂🗡️)

_________________________________________

🔞 මෙහෙම ලියපු පලවෙනි වතාව.. මෙහෙම කිව්වට මේක 15+.. කොහොම කමෙන්ට් ලැබෙයිද කියන්න මන් දන්නෙ නෑ.. ඒත් මන් මුලින් warning දීලා තමයි කලේ.. අනිත් එක මේක ff එකක් විතරමයි.. කරුනාකරලා ඇත්ත චරිත ගැන මේකෙන් මනින්නෙපා..

කතාව ගැන අදහසක් ඕනි.. දැන් ටිකක් free වගේ නිසා comments බලන්න හරිම ආසයි..

අලුත් Cover එක හොදයිද.. විකාරයක් වගෙ නේ..

ඔව් ඒම තමා 😂🗡️

A_Shee ~

Continue Reading

You'll Also Like

4.9K 1.4K 11
♦️අවසානයේදී~~ ඔවුන් කෙසේ හෝ මා විනිශ්චය කරයි.. ඉදින් කෙසේ වුවත්... ? 🃏 🚫🚭⚠️️ Kim Seokjin FanFiction BTS FanFiction Just FanFiction
10.9K 2.2K 14
" ගොඩක් වෙලාවට අපි හැමෝම හිතනවා අපි ප්රාර්ථනා කරන දේවල් අපට ලැබෙන්නේ නෑ කියලා. ඒත් අපිට අපේ හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න පුලුවන් නම් අපේ හීන හැබෑ ව...
5.7K 1.5K 10
මිනිස් ලොවෙහි පැවැත්ම හින වන යුගයක , මිනිසුන් වෙනුවෙන් උපත් ලැබූ තරුණයින් සත් දෙනෙක්.... දක්ශ මායාකරුවෙක් මිය නොයන වැම්පයර් වරයෙක් අදුරේ බලවත් ඩිමොන්...
794 156 7
මෙ පොත ,තමන්ව හොදම විදිහට ප්‍රතිනිර්මානය කරන්න උත්සහ කරන ඔයාට මගෙන් පුන්චි තෑග්ගක්. පොතෙ අන්තර්ගතය -Effective study time -Time management ways -Ment...