🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

73.6K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

19 කොටස

1.6K 380 5
By Sandee_96

" ම....මම...ජිමින්...වේ...? වේ මම අඬන්නේ...? "

" JK ඇති දැන් ඇති..ඔයා මේ තරම් කල් මහන්සි උනේ මේ දේවල් හොයාගන්න නේද...? අද ඒ අය ඔයාගේ ඇස් ඉස්සරහම ඉන්නවා...".

ජිමින් කියන දේ ඇත්ත...අද මම හොයපු  කෙනා මගේ පේන මානේ ඉන්නවා..ඒත් මගේ හිතේ ඒ ගැන තිබුණෙ වේදනාවක්..මට දැනුනේ මගේ දෙයක් මට නැති වුනා වගේ..ඒත් තවත් මට ඉවසගෙන ඉන්න බැරි උනා...ඉක්මනට ෆෝන් එක අරන් මම බැලුවේ ටේයුන් ෆොටෝ එකට යටින් එවල තිබුන මැසේජ් එක...

මෙච්චර කල් හොයපු මිආගේ මරණෙට වග කියන්න ඕනි හැම කෙනාගෙම විස්තර එකින් එක ඒකෙ තිබුනා..ඒ දේවල් දැක්කම මගේ හිතේ තිබුන වේදනාව වෙනුවට වෛරය හිතේ පිරුනා..

" JK මෙ....මෙයා...එතකොට මිආගේ මරණෙය වග කියන්න ඕනි මෙයාද...? "

නීරා පුදුමෙන් වගේ ටේයුන් එවපු පොටෝ එක දිහා බලාගෙන අහනකොට මට ඉබේම ජිමින් දිහා බැලුනා...

" නීරා...මම හැමදේම පැහැදිලි කරන්නම්...."

එහෙම කියලා මම නිරටයි ජිමින්ටයි හැමදේම එකින් එක පැහැදිලි කලා..

" නීරා අද ඉදන් මේ මොහොතේ ඉදන් මම කියන දෙයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න එපා..."

" අරස්සෝ JK..."

" ඒ වගේම මම කියපු හැම දෙයක්ම පිළිවෙළට කරන්න...අපිට මේ අවස්ථාව නැති කරගන්න බෑ...මේ දවස එනකම් මම මග බලාගෙන ඉදියා.. ඒ වගේම මේක ටික කාලයක් අපිට ඉවසගෙන බලාගෙන ඉන්න වෙයි "

හිතේ තිබුන හැඟීම් ඔක්කොම වෛරයකට පෙරලිලා යනකොට මම හැඟීම් දැනීම් නැති ගානට එයාට වෛර කරන්න පටන් ගත්තා...ඒත් මට කැම්පස් එකෙේ සාමාන්‍ය විදිහටම හැසිරෙන්න වෙන නිසාත් මිආ ගැන අපි හොයන වග උන් දැනගත්තොත් හැම මහන්සියක්ම වතුරෙ යන නිසාත් අමාරුවෙන් හරි කලින් විදිහටම හැසිරෙන්න හිත හදාගත්තා...

" ජිමින්....නීරා ඔයාලා දෙන්නා කිසිම වෙලාවක වෙනසක් පෙන්නන්න එපා...කලින් වගේම සාමාන්‍ය විදිහට හැසිරෙන්න.."

මම කියනකොට ජිමින් නීරා දෙන්නම හා කියන්න ඔලුව වැනුවා..

" දෙන්නටම මම කියපුවා මතකයිනේ...හැමදේම මම කියපු විදිහටම පටන් ගන්න..."

" JK අද රග්බි ප්‍රැක්ටිස් ඉන්නවද..? "

" අ...අනී....ජිමින් මට අද මූඩ් එකක් නෑ...කෝච් සර්ට බොරුවක් කියලා පනිනවා...මගේ ඔලුව හොද නෑ අදනම්"

" අරස්සෝ අරස්සෝ මට තේරෙනවා...එහෙනම් අද නොයා ඉමු... "

" ජිමින් මට යුනික් එකට යන්න ඕනි... අපි යමුද...? මට ලෙක්චර් එකට ඉන්න ඔලුවක් නෑ..."

මගේ හිතේ තියෙන වේදනාව නිදහස් කරගන්න පුලුවන් එකම තැන දැන් එතන විතරයි කියලා මම දැනගෙන ඉදියා..නැනී ඔම්මා ලඟවත් ඒ සැනසීම දැන් තිබුනේ නෑ..ගෙදර හැමෝගෙම බොරු මට දැනෙන්නෙ නෑ වගේ රඟපාලා මම ඉදියේ හෙම්බත් වෙලා..

" අරස්සෝ JK....යමු...."

" නීරා ඔයා ගෙදර යන්න...තනිවම යන්න පුළුවන්නේ...? මම කියපු දේවල් රෙඩි කරන්න...ඒ දේවල් ඔයාට විතරයි කරන්න පුලුවන්.."

" අරස්සෝ JK..ඒ ගැන බය වෙන්න එපා...මම ඒ හැමදේම බලාගන්නම්.."

" ගුඩ්...එහෙනම් නීරා ගෙදර යන්න...කුමාවෝ මගේ එක්ක ඉන්නවට...දෙන්නටම.."

එහෙම කියලා නීරාව පිටත් කරලා මමයි ජිමිනුයිත් යුනික් එකට යන්න එලියට ආවා..හෝල් එකේ ඉදන් පාක් එකට යනකම්ම මම හෙව්වේ ඒ ඇස් දෙක අහම්බෙන් හරි මට දකින්න ලැබෙයිද කියලා...ඒත් අහම්බෙන්වත් ඒ ඇස් දෙක මට පෙනුනේ නෑ...මායි ජිමිනුයි පාක් එකට ඇවිල්ලා බයික් දෙකත් අරගෙන යුනික් එකට ආවා...

බියර් දෙකකුත් අරගෙන ටෙරස් එකට ගිහින් ටෙරස් එකේ බිමින් ඉදගත්තේ හිතේ තියෙන හැම බරක්ම වේදනාවක්ම ලොකු හුස්මක් එක්ක පිට කරන ගමන්...මිආ ඔයා ඉන්නවද...? miss you මැණික...මට ඔයා නැතුව ගොඩක් පාළුයි...ඇස් දෙකත් පියාගෙන හිතින් මිආ එක්ක කතා කරනකොට මටත් නොදැනීම මට ඉබේම කෑ ගැහිලා ඇඬුනා..

" JK...අනී...අඬන්න එපා....මේ ඔයා දුර්වල වෙන්න ඕනි වෙලාවක් නෙමෙයි..."

" ඒත් ජිමින්...මට දැනෙන්නේ මගේ පපුව කෑලි කෑලි වලට කැඩිලා ගිහින් වගේ...මට රිදෙනවා ජිමින්.මම දන්නෑ ඇයි කියලා..ඒත් මට රිදෙනවා..."

" JK මම දන්නවා ඒකට හේතුව..ඒක ඔයත් දන්නවා...ඒත් ඔයාගේ හිත දැන් ඒක පිළිගන්න කැමති නෑ....මොකද ඔයාගේ හිතේ දැන් පිළිගැනීමට වඩා තියෙන්නෙ පළිගැනීම..."

" ජිමින්...මට මිආ ට සාධරණයක් කරන්න ඕනි...ඒ අහිංසකී විඳපු වේදනා මතක් වෙනකොට මට ඒ හැම එකාවම මරලා දාන්න හිතෙනවා...ඒත් ඒ ඇස් මතක් වෙනකොට..මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් එනවා..ඒ...ඒත්...ඒත් මට මේක අතාරින්න බෑ...මගේ හැඟීම් නිසා මගේ මිආව මරාගත්ත උන්ට නිදහසේ ඉන්න දෙන්න බෑ..."

එහෙම කියලා මම අතේ තිබුන බියර් බෝතලේ එක හුස්මට ඉවර කලා...

ඔය විදිහට දවස් දෙකක් ගෙවිලා ගියා...ගෙදර මිනිස්සුන්ගේ බොරු , කැම්පස් එකේ මම වෛර කරන ඇස්, ජිමින්ගේ නීරාගේ යාලුකම් මේ හැමදේම විඳගෙන දවස් දෙකක් බොහොම අමාරුවෙන් ගෙවිලා ගියා...

දින දෙකකට පසු ( Time pass)
---------------------------

උදෙන්ම ලෑස්ති වෙලා පහලට යනකොට නැනී ඔම්මා මගේ ඉස්සරහට ආවා...ගිය දවස් ටික වගේම නැනී ඔම්මව මගෑරලා එන්න හැදුවත් නැනී ඔම්මා කියපු දේත් එක්ක මම නිකම්ම නතර වුනා..

" පොඩි මහත්තයා ලොකු මහත්තයට අමාරුයි වගේ.."

" අ....අමාරුයි...? "

" දේ...උදේ ඉදන් පපුව කැක්කුමයි කියනවා.."

මම ඒ ගමන්ම ගියේ අබොජිගේ කාමරේට.මම යනකොටත් අබොජි පපුවට අත තියාගෙන ඇඳේ නිදාගෙන ඉදියා..මම යනවත් එක්කම අබොජි ඇස් ඇරලා මගේ දිහා පුංචි කාලේ වගේම ලොකු ආදරේකින් බැලුවා..

" ජන්ගුකා...මගේ පුතා..."

" අබොජි....වේ...? අමාරුවෙන් ඉන්නේ...මම ඩොක්ටර්ට එන්න කියන්නම් ඉන්න..."

එහෙම කියලා මම අබොජිගේ ඩොක්ටර්ට කතා කරන්න හැදුවත් අබොජි මට ඒකට ඉඩ දුන්නෙ නෑ..

" අ....අනී අනී....උදේට සීතලයිනේ පුතා..එකයි මේ...හැමදාම මෙහෙම තමා..."

" අනී...අද අබොජිගේ මුණ එච්චර හොද නෑ...අබොජිට විස්වාසද සීතලට කියලා..."

" දේ....ඩොක්ටර් ආවත් අර බෙහෙත් ටිකමනේ දෙන්නේ පුතා...මගෙ පුතාට පුලුවන්ද මට බෙහෙත් ටික දෙන්න.."

අසරණ විදිහට මගේ දිහා බලාගෙන අහන අබොජි දැක්කහම මගේ හිතේ තිබුන හැම තරහක්ම මොහොතකට අමතක වෙලා ගියා..අබොජිගේ බෙහෙත් ටික අරන් මගේ අතින්ම කටට දාගෙන වතුර බීලා අබොජි ආයෙමත් ඇල වුනා..
මගේ දිහා ඇස් වල කඳුළු පුරවගෙන ඉදපු අබොජි දැක්කම මට මොකක්දෝ අමුතු හැඟීමක් ඇති වුනා...

" පුතා දැන් යන්න...පරිස්සමින් ගිහින් එන්න..."

" අබොජි....අබොජිට විස්වාසයි නේද...? අමාරුව අඩු වෙනවා කියලා...අ..අනී අනී...මම අද ඉන්නම්...අබොජි ලඟට වෙලා..."

" අ...අනී අනී....ඔයාට මිආ ගැන හොයන්න තියෙනවනේ...යන්න පුතා..."

කවදාවත් නැති විදිහට අබොජි මට ඒ කියපු දේ මාව මොහොතකට ගොළු කලා..
මම පුදුමෙන් වගේ බලාගෙන ඉන්නකොට අබොජි මගේ දිහා බලලා හිනා වුනා..

" මම දන්නවනේ ඔයා ඒක නතර කරන්නෑ කියලා...."

අබොජි ඒක හිනා වෙලා කිව්වත් මට දැනුනේ ඒ හිනාව ඇතුලේ වේදනාවක්...ටිකක් වෙලා යනකොට අබොජි වෙනදා වගේ සැහැල්ලුවෙන් ඉදපු නිසා මම හිත හදගෙන කැම්පස් එකට ආවා...මම බයික් එක ඇතුලට දානවත් එක්කම මම දැක්කේ මාව පහු කරගෙන යාලුවො එක්ක යන හනාව...

ඒත් කිසිම දෙයක් නොදන්න නොදැනුන ගානට මම එයා දිහා නොබලා එයා ළඟින් බයික් එක රේස් කරලා පාක් එකට ආවා..මම එනකොටත් ජිමින් නීරා එක්ක පාක් එකෙ ඉදියා..තුන් දෙනත් එක්ක කාලා උදේ ලෙක්චර්ස් වලට ආවා...ලෙක්චර්ස් ඉවර වෙනකොටම මම නීරාටයි ජිමින්ටයි මැසේජ් එකක් දාලා ලයිබ්‍රි එක පිටිපස්සේ හෝල් එකේදී මීට් වෙමු කියලා මාත් එතනට ආවා..

මම එනකොට ජිමිනුත් මගේ එක්කම ආවා..අපි ඇවිත් විනාඩි දෙක තුනකට විතර පස්සේ නීරත් හෝල් එකට ආවා...

" JK ? විශේශ දෙයක්ද...? "

" දේ... නීරා මම කීව වැඩේ බැලුවද...? ඒක කරන්න පුලුවන් වෙයිද...? "

" දේ...ඒ හැමදේම රෙඩීයි JK...මම හවසට හැමදේම ඇරේන්ජ් කරලා ඔයාලට කියන්නම්..."

" වාහ්...නීරා නියමයි...."

" JK එහෙනම් මම යන්නද...? මට එයාලව හම්බ වෙන්න වෙනවා..ෆෝන් එකෙන් හැමදේම කරන්න බෑ..."

" අරස්සෝ නීරා...ඒ වගේම ඔයා පරිස්සම් වෙන්න හරිද..මොකක්ම හරි දෙයක් උනොත් එවලෙම අපිට කතා කරන්න.."

" අරස්සෝ JK "

නීරා එහෙම කියලා හෝල් එකෙන් ගියා...මොන දේ උනත් මිආ ගොඩාක් වාසනාවන්තයි කියලා මට හිතුනේ නීරාවයි ජිමින්වයි මීට් වුනාට පස්සේ...
නීරා වගේ අවංක යාළුවෙක් ,ජිමින් වගේ ආදරණීය ආදරවන්තයෙක්...ඒ දෙන්නව ලැබෙන්න තරම් මිආ ගොඩාක් වාසනාවන්තයි කියලා මට නිතරම හිතුනා.

" ජිමින්...අපි හිතුවට වඩා නීරා ගොඩක් වෙනස් නේද..? "

" දේ....එයා අනිත් අයට වඩා ටිකක් වෙනස් තමයි...ඒත් එයා ඇතුලෙත් අහිංසක කෙල්ලෙක් ඉන්නවා..එයා තනි වෙලා නිසයි එහෙම හැසිරුණේ..."

" දේ...මටත් ඒක හිතුනා...මොනා උනත් මේ වෙලාවේ නීරා අපි එක්ක ඉන්න එක ලොකු හයියක්..."

" අනිවාර්යයෙන්ම JK...නීරා එයාගේ වැඩේ හරියටම කරයි...ඒ ගැන බය වෙන්න එපා..මට ඒ ගැන හොදටම විස්වාසයි."

" දේ....ජිමිනා....අපි අද කලින් ප්‍රැක්ටිස් යමු ...මොකද හවස අපිට ටයිම් නැති වෙයි නැත්නම්..."

" අරස්සෝ අද පැයක් දෙකක් කරලා නවත්තමු.."

ජිමින් එක්ක කතා වෙලා ප්‍රැක්ටිස් ගියේ කෝච් සර් කේස් එකක් ඇද්දොත් අද අපේ ප්ලෑන් එක එහෙම් පිටින්ම වතුරෙ යන නිස...පැය දෙකක් විතර ප්‍රැක්ටිස් කරලා චේන්ජ් කරගෙන ස්පෝට්ස් ක්ලබ් එකෙන් එලියට එනවත් එක්කම මට නීරාගෙන් කෝල් එකක් ආවා..

" නීරා....කියන්න..."

" හැමදේම ලෑස්තියි JK...හරියටම හවස පහට ලිප්ස් ක්ලබ් එකට එන්න.."

" නියමයි නීරා....අපි වෙලාවට එතන ඉන්නම්.."

නීරාගේ කෝල් එක කට් කරලා ජිමින්ටත් කියලා හවස පහ වෙනකොට අපි දෙන්නම ක්ලබ් එකට ආවා...අපි ඇවිත් විනාඩි දහයකට විතර පස්සේ නීරත් ක්ලබ් එකට ආවා....අපි දෙන්නව දැකලා  සාමාන්‍ය විදිහට විස්කි වීදුරුවක් අරන් නීරා අපිදෙන්න ළඟින් ඉදගත්තා..

" නීරා අද එහෙම කෙලින් වෙන්න බැරි වෙන්න ඩ්‍රින්ක්ස් ගත්තොත් ඔහේව ක්ලබ් එක පිටිපස්සේ කුණු කානුව අස්සට දාලා වහලා මම යනවා යන්න.."

එකපාරටම කවදාවත් නැතුව ජිමින් එහෙම කීවම මමයි නීරයි දෙන්නම ගල් ගැහිලා වගේ බලාගෙන ඉදියා...

" වේ....? දෙන්නත් එක්ක කන්න වගේ බලන්නේ..? "

" අ....අනී අනී....ජිමින්...අද මම ඩ්‍රින්ක්ස් ගන්නෑ..."

නීරා ගොත ගහ ගහා උත්තර දෙනකොට ජිමින් ගනන් ගන්නේ නෑ වගේ බොරු ආඩම්බරකමක් මවාගෙන අහක බලාගත්තා...

ඒ දෙන්නගේ කෝලම් මැද්දේ තව විනාඩි දහයක් විතර ගෙවිලා යනකොට මම බලාපොරොත්තු වුන රූපේ ක්ලබ් එකෙ දොරෙන් මතු උනා...කෙල්ලෝ ටිකත් එක්ක බයෙන් බයෙන් වගේ ඇතුලට එන හනාව දැක්කම මගේ පපුව සීතල වෙලා ගියා...හනා ඉදියේ බයෙන් කියලා මට එයාගේ ඇස් වලින් තේරුනා...අහම්බෙන් වගේ හනා මාව දැක්කට පස්සේ හනා ඉදියටත් වඩා කලබල උනා...

අපිව පහු කරගෙන ගිහින් කෙල්ලො ටිකත් එක්ක සයිඩ් එකේ තිබුන ටේබල් එකක සෝෆා එකේ ඉදගත්ත හනා එකපාරක් මගේ දිහා ඔලුව උස්සලා බැලුවත් මම බලාගෙන ඉන්නවා කියලා දැකපු නිසාමද කොහේ ආයෙමත් මූන බිමට බර කරගත්තා..ඒ එක්කම මම නීරට දීපු සංඥාව එක්ක නීරා කාට හරි කෝල් එකක් ගත්තා...

" පටන් ගන්න..."

එහෙම කියලා නීරා කෝල් එක කට් කලා...මමයි ජිමිනයි ඉවසීමෙන් බලාගෙන ඉදියේ ඉස්සරහට මම කිව්වා වගේම හැමදේම වෙයි කියලා ලොකු බලාපොරොත්තුවකින්...තත්පර කීපෙකට පස්සේ හනා ළඟ ඉදපු කෙල්ලෙක් නගිටලා හැන්දකින් වීදුරුවකට තට්ටු කලා...

" ඇටෙන්ශන් ප්ලීස්....! අද මගේ හොදම යාලුවගේ බර්ත්ඩේ එක....

ළඟ ඉදපු තවත් කෙල්ලෙක්ව පෙන්නලා ඒ කෙල්ල එහෙම කියනකොට ක්ලබ් එකේ ඉදපු හැමෝම අත්පුඩි ගහන්න පටන් ගත්තා...මෙතන වෙන කිසිම දෙයක් ගැන අදහසක් නැති හනා දිහා දැක්කම මට දැනුනේ ලොකු දුකක්.ඒත් මගේ වේදනාවට වඩා මිආ විඳපු වේදනාව වැඩියි කියලා මතක් වුනහම මගේ හිතේ වෛරය ඉස්සර උනා..

ටික වෙලාවක් ඔහොම ගෙවිලා ගියා..පැය භාගයක් විතර ගියාට පස්සේ හනා ළඟ ඉදපු හැමෝම නැගිටලා ඩාන්ස් කරන්න ගියත් හනා නැගිටලා ගියෙ නෑ..ටික වෙලාවක් අපි බලාගෙන ඉදියේ මම කියපු විදිහට නීරා එවන බෝයි හනා ලඟට එනකම්...ඒ එක්කම වගේ ටිකක් වෙරි වුන කොල්ලෙක් හනා ලඟට ඇවිල්ලා ඉදන්නකොට හනා බයෙන් වගේ සෝෆා එකේ එහාට ගියා...ඒත් ඒ කොල්ලා හනා එහාට යන්න යන්න හනාට ලං වුනා...

කොල්ලා මොන මොනවා හරි හනාට ලං වෙලා කීවත් ඒ කියන කිසිම දෙයක් මට ඇහුණේ නෑ...ඒත් එක්කම ඒ කොල්ලා හනාගේ කර වටේ අතක් දාලා හනාව එයාගේ පපුවට ලං කරගත්තා...හනා පුලුවන් තරම් දඟලලා කොල්ලගෙන් ඈත් වෙන්න හැදුවත් හනාට ගැලවෙන්න බැරි උනා..

හිතේ දුකක් කේන්තියක් තියාගෙන මම පුලුවන් තරම් ඉවසගෙන ඉදියේ මගේ හැඟීම් වලට ඉඩ දිලා මේ වෙලාවේ හැමදේම අවුල් කරගන්න බැරි නිසා...

ඒත් එකපාරටම නීරා කලබලෙන් වගේ මගේ දිහා බලාගෙන එයා ඉඳගෙන ඉදපු පුටුවෙන් නැගිට්ටා..

" J...JK ඒ මම දාපු කෙනා නෙමෙයි...මේ වෙන කෙනෙක්.එයා ඇත්තටම හනාට කරදර කරනවා..."

" මො....මොකක්ද...? ඒ...ඒ ඔයා දාපු කෙනා නෙමෙයිද...? "

" අනී....මම දාපු කෙනා තමයි අතන ටේබල් එකේ ඉන්නේ..."

නීරා අපිට දුරින් තිබුන ටේබල් එකක ඉදගෙන අපි දිහා බලන් ඉන්න කොල්ලෙක් පෙන්නලා කියනකොට මට ඉබේම නැගිට්ටුනා..ඒ එක්කම මගේ හිතට ආවේ ලොකු තරහක්...බොරුවට මවාපාන්න ඉදපු දේ ඇත්තටම කරන්න වෙයි කියලා හිතුවේ නැති උනත් හිතට ආපු තරහටම මම ගිහින් හනාව බදාගන ඉදපු මිනිහව ඇදලා ඇරගෙන පාරක් දුන්නා...වෙරි මතේ ඇදගෙන වැටුන මිනිහා ආයෙම නැගිටලා මගේ ඇඟට කඩා පැන්නත් මට ගහන්න තරම් ඌට හයියක් තිබුනේ නෑ...ඒ තරමට වෙරි වෙලා ඉදපු නිසා ඌ එක්ක වැඩිය රංඩු කරගන්න ඕනි උනෙත් නෑ...පාරවල් දෙකක් විතර ගැහුවට පස්සේ මම ඌව ඇදගෙන ගිහින් ක්ලබ් එකෙන් එලියට දැම්මා...

ඌව එලියට දාලා ක්ලබ් එක ඇතුලට ඇවිත් මම හනා ලඟට ගියේ කේන්තියෙන්..
මම ලඟට ගියහම ඇස් වල කඳුළු පුරවගෙන මා දිහා අසරණ විදිහට බලපු ඒ මූන දැක්කම මට මං ගැනම තරහක් ආවා...ඒත් ඒ හැමදේම ඉවසගෙන මම හනාගේ අතින් ඇදගෙන ක්ලබ් එකෙන් එලියට එක්කගෙන ආවා..

" තමුසෙට මොලයක් නැද්ද...? කරන්න බැරි දේවල් නොකර ඉන්නවා...මොකටද ක්ලබ් එකට ආවේ....? "

" ම...මම...කැමැත්තෙන් ආවෙ නෑ..."

එහෙම කියන ගමන් හනා අඬන්න පටන් ගත්තා

" අකමැතිනම් මොකටද ආවේ...? වේ...? තමුසෙට තමුසෙව පරිස්සම් කරගන්න බැරිද...අහන ඕනි එකෙක් එක්ක යනවද...? "

" අ....අනී...අනී...."

" තමුසෙ මෙච්චර මෝඩයිද...? ඕනිවට වඩා අහිංසක වෙන්න එපා...එහෙම උන්ට මේ ලෝකේ ඉන්න බෑ..."

මම කෑ ගහනකොට හනා කිසිම දෙයක් නොකියා මගේ දිහා බලාගෙනම ඉදියා...

" ඔ....ඔයා.....? "

" මගෙන් වැඩක් නෑ....මීට පස්සේ කරන්න පුලුවන් දේවල් විතරක් කරනවා...තමුසේ ආයෙම මේ වගේ ගොං වැඩ කරලා අහුවෙන්නත් එපා..අනික තමුසෙලා වගේ මෝඩ කෙල්ලන්ව බේරගන්න හැමදාම මිනිස්සු ඉදිරිපත් වෙන්නෙත් නෑ..ඒක මතක තියාගන්නවා.."

මම එහෙම කියලා හනාට කිසිම දෙයක් කියන්න ඉඩ නොදී ළඟ තිබුණු ටැක්සි එකට කතා කරලා හනාව බලෙන්ම වාඩි කරවලා පිටත් කලා...

මගේම ප්ලෑන් එකකට හනා කල්බ් එකට ආවත් එතනින් පස්සේ වුන දේ ගැන මගේ හිතේ තිබුනෙ ලොකු කලකිරීමක්....ඒ හැමදේටම වඩා හනා ඕනිවට වඩා අහිංසක වෙන එක ගැන තිබුනේ තරහක්..හිතට ආව තරහටම මම ලඟ තිබුන මල් පෝච්චිය කුඩු වෙලා යන්න පයින් ගැහුවා.

ඒ එක්කම පිටිපස්සට වෙලා මේ හැමදේම බලාගෙන ඉදපු නීරයි ජිමිනුයි මම ඉන්න තැනට ආවා...

" JK මොකක්ද වෙලා තියෙන්නෙ...? හනාට බැනපු එකට , මේ ප්ලෑන් ගහපු එකට ඔයා දැන් පසුතැවෙනවද...? "

" අනී ජිමින්....කවදාවත් නෑ... ඒ මූණ දකිනකොට මට මතක් වෙන්නෙ මගේ මිආ විදපු වේදනාව...හනාත් ඒ වේදනාවෙන්ම විදවයි....මම කවදාවත් පසුතැවෙන්නෑ..මේක තමයි පටන් ගැන්ම.උන් පටන් ගත්ත දේ මම ඉවර කරනවා..."

" ඒත් JK ඔයාගේ වචන වල මම දැක්කෙ මිට වඩා වෙනස් දෙයක්..."

" දේ....ඒ වචන වල තිබුනේ වෙනස් දෙයක් තමයි....ඒත් මේ ඒ ගැන හිතන වෙලාවක් නෙමෙයි ජිමින්...."

ජිමින්ට මොන දේ කීවත් මගේ හදවතේ වෙනස්ම තැනක වෙනස්ම විදිහකට හනා ඉඩ ඇරගෙන ඉදියා..ඒත් ඊට වඩා වැඩි ඉඩක් මිආ වෙනුවෙන් තියෙන නිසා මිආගේ මතක ළඟ හනා ගැන තියෙන  සිතුවිලි නිකම්ම අසරණ වුනා...

ඉතින් මේකද එහෙනම් ආරම්භය...? මගේ මිආ ට මේ අපරාධේ කරපු උන්ට දඬුවම් කරන්න යන ගමනේ ආරම්භය...?...මැණික ඔයා බලාගෙන ඉන්නවා නේද...? තව ටිකක් ඉවසන්න...ඔයාගෙ JK මේ පලිය අරගන්නවමයි....අහස දිහා බලාගෙන හිතින් මිආ එක්ක කතා කර කරා ඉන්නකොට මාව ගැස්සිලා පියවි සිහියට ආවේ එකපාරටම මගේ ෆෝන් එක රින්ග් වුන නිසා..

ස්ක්‍රීන් එකේ තිබුන නම දැක්කම මගෙ පපුව වේගෙන් ගැහෙන්න පටන් ගත්තා..මගේ හිතට දැනුනේ පාලු මූසල හැඟීමක්...

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

300K 51.3K 64
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
37.2K 4.5K 42
I don't wanna be right .
5.8K 1K 23
Zero Sugar is not sweet......, but good for Health ! Binthew Fanfiction { Start - 14 May, 2024 - } ဤ FanFiction သည် စာရေးသူ၏ စိတ်ကူးအတွေးသက်သက်...
66.9K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...