🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

73.6K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

18 කොටස

1.6K 382 6
By Sandee_96

කොච්චර කල්පනා කලත් බර්ත්දේ පාටි එකේදී වුන දේවල් හොයාගන්න ක්‍රමයක් මගේ ඔලුවට ආවෙම නෑ...ඒ අතරේ අබොජි ගැන සැරින් සැරේ ඔලුවට ආව නිසා මගේ ඔලුව දරාගන්න බැරි තරම් රිදෙන්න ගත්තා..ඉවසන්නම බැරි තැන නැනී ඔම්මට කතා කරලා පෙන්කිලර්ස් දෙකක් ඉල්ලගෙන බීලා මම ටිකක් නිදාගත්තා...

හොඳටම නින්ද ගිහින් ඉදපු මාව රෑ අටට විතර ඇහැරුනේ නැනී ඔම්මගේ කටහඬට..

" වස්තුවේ....දැන් අඩුයිද..? "

නැනී ඔම්මා මගේ ළඟින් ඉඳගෙන ඔලුව අත ගගා අහනකොට ඔලුවට වගේම හිතටත් ලොකු සනීපයක් දැනුණා..එහෙන්මම කොට්ටෙන් ඔලුව උස්සලා නැනී ඔම්මගේ උකුල බදාගෙන උකුලෙන් ඔලුව තියාගත්තේ මුලු හිතම සැහැල්ලු කරගන්න ගමන්..

ඔමොනි නැති උනාට පස්සේ මම වැඩියෙන්ම ඉන්න ආස කරපු තැන තමයි නැනී ඔම්මගෙ උකුල...මම සනීපෙට ඔලුව තියාගන්නකොට නැනී ඔම්ම මගේ කෙස් අතරින් හෙමිහිට ඇඟිලි තුඩු අරගෙන ගියේ එහෙම කරනවට මම ආස බව නැනී ඔම්මා දන්න නිසාමයි...ටික වෙලාවක් නැනී ඔම්මාගේ උකුලේ ඔලුව තියන් ඉදලා මම කලබලෙන් වගේ ඇඳේ ඉදගත්තේ අබොජි ගැන නැනී ඔම්මගෙන් අහනවා කියලා හිතාගෙන...

" නැනී ඔම්මා...මම දෙයක් ඇහුවොත් මට ඇත්තම කියනවද..? "

" මොකක්ද...? දන්න දෙයක්නම් කියනම් මම..."

" ඔම්මා....අබොජි මොනවම හරි හංගනවා නේද මගෙන්..? ඔම්මා ඒ ගැන දන්නවද...? "

මම එහෙම අහනකොට නැනී ඔම්මා හොදටම කලබල උනා.ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලන් ඉදියේ පුදුමෙන් වගේ...නැනී ඔම්මට තට්ටු කරලා කතා කරනකම් ඔම්මා ගල් වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉදියා..

" ඔ..ඔම්මා....ඔම්මා..."

" අ......ව්...වේ...අ...මට එහෙම දෙයක් දැනිලා නෑනේ...ඇයි එකපාරටම එහෙම ඇහුවේ...? "

නැනී ඔම්මා කිසිම දෙයක් නොවුන ගානට කියනකොට නැනී ඔම්මත් මගෙන් ඒ දේ හංගනවා කියලා මට තේරුණා..කවදාවත් නැති විදිහට එවලේනම් මට ආවේ ලොකු තරහක්...මේ පාලු ගේ ඇතුලේ මගෙයි කියලා හිතන හැමෝම මගෙන් මොනවාම හරි හංගන එක ගැන මට දැනුනේ ලොකු වේදනාවක්.

" ඔම්මා ඇත්තමද කියන්නේ..? ඔම්මා කිසිම දෙයක් දන්නේ නැතිද ..? "

" අ....අනී...මම දන්නෑ පොඩි මහත්තයා...අහන්නකො අපි කෑම කාල ඉමුද..."

වෙනදා වගේම කෑම ඉස්සරහට දාලා කතාව මගාරින්න හදන නැනී ඔම්මා ගැන මට ඇති වුන කේන්තිය නිසාම මම එහෙන්මම ඇඳෙන් බැහැලා බයික් එකේ යතුරත් අරන් පහලට ආවා...නැනී ඔම්මට නොකියම කේන්තියෙන් යන නිසා නැනී ඔම්මත් කෑ ගහ ගහා මගේ පස්සෙන්ම ආවා..

" පොඩි මහත්තයෝ...කොහෙද යන්නේ...? දැන් හොදටම රෑ වෙලා..මේ වෙලේ කොහේ කියල යන්නද....? "

නැනී ඔම්මා කෑ ගහ ගහා පස්සෙන් ආවත් මම නතර උනේ නෑ...තමන්ගේ කියලා හිතාගෙන අම්මටත් වඩා ආදරේ කරපු නැනී ඔම්මා බොරු කියන එක මට ඉවසගෙන ඉන්න බැරි උනා...ගරාජ් එකට ගිහින් බයික් එක අරගන්නකොට පීටර් අංකලුත් කෑ ගහගෙන මගෙ පස්සෙන් ආවා..ඒත් නැනී ඔම්මවත් පීටර් අංකල්වත් කියන කිසිම දෙයක් ගනන් නොගෙන මම ගෙදරින් ආවා....

මට යන්න ඕනි වෙලා තිබුනේ යුනික් බිල්ඩින් එකට උනත්....තව පොඩි වෙලාවකින් ඒක වහන නිසා මම ක්ලබ් එකට ආවා...මම ක්ලබ් එක ඇතුලට ගිහින් බාර් එක ලඟම පුටුවක ඉඳගෙන විස්කි එකක් අරගෙන බොන්න පටන් ගත්තා...පළවෙනි වීදුරුව හිස් කරලා තියනවත් එක්කම කවුදෝ කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් මගේ උරිස්සට අතක් තියලා කතා කළාම මාව ගැස්සිලා ගියා..

හොඳට හුරු පුරුදු කටහඬක් නිසා පිටිපස්ස හැරිලා බැලුවේ මම හිතපු කෙනාමද කියලා සැක හැරලා දැනගන්න.මම හිතුවා වගේම මගේ පිටිපස්සේ ඉදියේ දවසක් ක්ලබ් එකට එනකොට ජිමින්ට බිම දාගෙන ගහපු උන් ටික..මගේ උරිස්සට අතක් තියාගෙන ඉදපු එකාගේ උගේ අතේ තිබුන වීදුරුවේ අන්තිම උගුරත් හිස් කරලා ශර්ට් එකේ අත් දෙක හද හදා මා දිහා බලලා නෝන්ඩියට හිනා උනා..

" ආ....ලොක්කා....අද තනියම වගේ....".

කින්ඩියට හිනාවක් දාලා මගෙන් අහනකොට මමත් ඉඳගෙන ඉදපු පුටුවෙන් නැගිට්ටේ හිතේ තියෙන කේන්තිය තවත් වැඩි වෙද්දී.

" දේ....මම සාමාන්‍යයෙන් රැලක් එක්ක ගමන් යන්නේ නෑනේ...එහෙම යන්නේ බල්ලෝ..."

මම එහෙම කියනකොට උගේ සඟයෙක් අත මිට මොලවගෙන මට ගහන්න පැන්නා...ඒත් මා එක්ක කට ගහන් ආපු එකා මට ගහන්න නොදී ඌව නැවැත්තුවා..

" බොස් බල්ලොත් එහෙම යනවා තමයි...හැබැයි දඩයමේ යන වෘකයෝ යන්නෙත් රැල පිටින්ම තමයි.."

මිනිහා ආයෙමත් පණ්ඩිත කතාවක් කියලා මගේ දිහා බැලුවේ උගේ සඟයොත් එක්ක හිනා වෙන ගමන්...

" හැබැයි බොස් ඔය මොකා රැල පිටින් ගියත් සිංහයා යන්නේ තනියම.ඌට අදාල නෑ රැලේ කීයක් ඉන්නවද කියලා..ඒ වගේම ඌ ගොදුර ඩැහැගෙන මිසක් අතාරින්නෙත්නෑ..."

" යා.....හ් උඹේ කට වැඩියී...උඹ කියවනවා වැඩියී..."

මම කියපු දේට රිදිලා ඌ මගේ කොලර් එකෙන් අල්ලගෙන කෑ ගහන්න පටන් ගත්තා...මෙච්චර වෙලා නට නටා ඉදපු හැමෝම උගේ කෑ ගැහිල්ලට හැමදේම නවත්තලා වටවෙලා අපි දිහා බලාගෙන ඉදියා...බාර් එකේ ඉදපු වේටර්ට වෙන්න යන දේ තේරිලා අපි දෙන්නා ඉන්න තැනට ආවා..

" සර්....දෙන්නම නවත්තන්න..
කරුණාකරලා රංඩු වෙන්න ඕනිනම් එලියට ගිහින් රංඩු වෙන්න.."

" උඹ පැත්තකට වියන්...උඹගෙ බාර් එකට අලාභයක් උනොත් මම ගෙවන්නම්..."

මගේ කොලර් එක අල්ලගෙන ඉදපු එකා එහෙම කියන ගමන් වේටර්ව තල්ලු කරල දැම්මා..මගේ ඉවසීමේ සීමාව රතු කට්ට පන්නලා තිබ්බ නිසාත් උන් ඔක්කොටම හොඳටම වෙරි නිසාත් උන්ට කලින් මම ඉස්සර උනා...මගේ කොලර් එකෙන් අල්ලන් ඉදපු එකාගේ අත් දෙක ගසා දාලා අත මිට මොලවලා මූන හරහා පාරක් දුන්නහම ඌ පිටිපස්සට වීසි වෙලා ගිහින් බිම ඇදගෙන වැටුණා...

" තමුසෙට අද බේරිලා යන්න බෑ...තමුසෙගේ නරක වෙලාවට අද මා එක්ක පැටලෙන්න ආවේ..."

එහෙම කියලා මම ආයෙමත් ඌව උස්සලා අරන් පාරක් ගැහුවා..ඌ ආයෙමත් ක්ලබ් එකේ මේසයක් පෙරලගෙන බිම ඇදගෙන වැටුනා..ඒ එක්කම උගේ සඟයෝ ටික මාව වටකරගත්තා...චන්ඩියෝ වගේ ගහගන්න ආවට එතන ඉදපු එකෙක්ටවත් කෙලින් ඉන්න පණ තිබුනේ නෑ...බිම ඇදගෙන වැටි වැටී මා එක්ක ගහගන දෙන්නෙක්නම් ක්ලබ් එකෙන් එලියට ගියා...

මෙච්චර වෙලා වැටිලා ඉදපු උන්ගේ ලොක්කා ආයෙමත් නැගිටලා කෑ ගහගෙන මගේ ඇඟට කඩා පැන්නා..මම ආයෙමත් ඌට පාරක් ගහනවත් එක්කම මට මගේ පිටිපස්සෙන් ඇහුණේ පුටුවක් කැඩෙන සද්දයක් එක්ක හොඳට පුරුදු කටහඬක්...මම පිටිපස්ස හැරිලා බලනකොට ජිමින් කට කොනින් හිනා වෙන ගමන් මගේ දිහා බලාගෙන ඉදියා..

" ජි...ජිමිනා......ඔයා මොකද මෙතන කරන්නේ...? "

" පාඩුවේ නිදාගෙන ඉන්නකොට මට කෝල් එකක් ආවා බක පණ්ඩිත හාවෙක් දඩාවතේ යන බලු රැලකට අහුවෙලා කියලා...මම ආවේ ඒකව බේරගන්න.."

ජිමින් එහෙම කියලා මගේ ඉස්සරහට පැනලා බිම වැටිලා ඉදපු එකාගේ කොන්ඩෙන් අල්ලගත්තා..

" මම එදා තමුසෙට මොකක්ද කිව්වෙ...? මම කිව්වා නේද ආයෙම ප්‍රශ්න දාන්න ආවොත් මම තමුසෙව මරනවා කියලා...උඹ....උඹ කොහොමද මගේ එකාට අතක් තිබ්බේ...? "

ජිමින් කේන්තියෙන් කෑ ගහන ගමන් ආයෙමත් සැරයක් බිම වැටිලා ඉදපු එකාගේ මූණටම ගැහුවා..ජිමින්ගේ පාර නිසා නහයෙන් ලේ එනවා දැකපු උගේ සඟයො ටික වැටි වැටී ඇවිදින් උන්ගේ ලොක්කව අරගෙන ක්ලබ් එකෙන් එලියට ගියා...උන් ටික ගියාට පස්සේ ජිමින් මගේ ලඟට ඇවිදින් මාව හරව හරවා බැලුවේ මට තුවාල වෙලාද කියලා

" තුවාල නෑනේ...? "

" අනී....මම හොදින්..."

" දේ...තව ටිකෙන් හොඳින් වෙනවා...ඔයා දන්නවද මම පිටිපස්සෙන් ඇවිත් පුටුවෙන් ගහපු එකාගෙ අතේ තිබ්බේ මොකක්ද කියලා...? "

මම නෑ කියන්න ඔලුව වනනකොට ජිමින් මගේ පිටිපස්සේ තිබුන පොඩි කිනිස්සකට පයින් ගහලා මට ඒක පෙන්නුවා..

" මෙන්න මේක...ඌ ආවේ ඔයාට අනින්න..."

" චි....චින්චා....? වාහ් ජිමින් ඔයා වෙලාවට ආවේ...ඒත් කවුද ඔයාට කෝල් කලේ...? "

" මට කෝල් කලේ මින් හෝ..."

ජිමින් එහෙම කියලා මට බාර් එකේ වේටර්ව පෙන්නුවා...ඒත් මම ගැන කියලා ජිමින්ට කෝල් කරපු එක ගැන මට තිබුනේ පුදුමයක්..

" මම දන්නවා ඔයා මොකක්ද හිතන්නේ කියලා...JK ඔයාට යන්න තැන් දෙකයි තියෙන්නෙ.එකක් මේ බාර් එක අනික යුනික් එක...මගේ කේස් දෙකකටම ඔයා අත දැම්ම නිසා මම මින් හෝ ට කියල තිබ්බේ මෙතන මොකක් හරි උනොත් මට කතා කරන්න කියලා...මොකද මම දන්නවා මිආ ගැන වේදනාවෙන් ඉන්නකොට ඔයාට ඔයා ගැන බලන්න මතක් වෙන්නෑ කියලා..."

ජිමින් කියපු ටික මගේ හදවතටම දැනුණා...මගේම අය මගෙන් දේවල් හංගනකොට අහම්බෙන් මගේ වුන කෙනෙක් මේ තරම් මා ගැන හොයන එක ගැන මට දැනුනේ සැනසීමක්...අපි දෙන්නම බාර් එකේ ටිකක් වෙලා කතා කර කර ඉදලා ගෙවල් වලට පිටත් උනා...ගෙදර ආපු ගමන් මම කලේ කාමරේට ගිහින් දොර ලොක් කරගන නිදාගත්ත එක...

පසුවදා
------

උදෙන් ඇහැරලා බයික් එකත් අරගෙන ගෙදර කාටවත්ම නොකියා කැම්පස් එකට ආවේ ගෙදර කිසිම කෙනෙක්ව දැන් මගේ කියලා මට දැනෙන්නෙ නැති නිසා..මම කැම්පස් එකට එනකොටත් ජිමින් නීරායි එක්ක ඇවිත් කියලා දැනගත්තෙ ජිමින් එවලා තිබුන මැසේජ් එකෙන්...බයික් එක පාර්ක් කරලා ජිමිනුයි නීරාවයි හොයාගෙන ලයිබ්‍රි එක පිටිපස්සේ හෝල් එකට යනකොට  ලයිබ්‍රි එක ලඟදී මගේ කකුල් වලට නිකම්ම බ්‍රේක් වැදුනේ ඉස්සරහින් යාලුවොත් එක්ක හිනා වෙවී එන හනාව දැකලා...

හනාව දැක්කා විතරයි කලින් දවසේ වුන හැමදේම එකින් එක මට මතක් වෙන්න පටන් ගත්තා....යාළුවෝ එක්ක හිනා වෙවී ආපු හනාගේ මූණ මාව දැක්කා විතරයි වෙනස් උනා...හිනාව වෙනුවට ඒ මූණේ තිබුනේ ලොකු බයක්...මෙච්චර වෙලා හිනාවෙන් දිලිසි දිලිසි තිබුන ඇස් කඳුළු වලින් පිරුනා...

වැඩි දෙයක් නොහිතාම මම හනා ලඟට ගියේ එයත් ඊයේ වුන දේ ගැන එක්ක කතා කරන්න කියලා හිතාගෙන.ඒත් මම ලඟට යනවත් එක්කම හනා මගේ ඇස් මගෑරලා යාලුවන්වත් ඇදගෙන එතනින් ගියා...

මොන දේ උනත් හනා ඉන්නේ වේදනාවෙන් කියලා මට තේරුණේ මාව දැක්ක ගමන් හනාගේ ඇස් වල කඳුළු පිරුණ නිසා...කතා කරන්න ඕනි උනත් මාව මගෑරලා ගිය විදිහට මට දැනුනේ හනා මාව පිළිකුල් කරනවා වගේ හැඟීමක්...පස්සෙන් ගිහින් එයා එක්ක කතා කලොත් ඒක එයාට අපහසුවක් වෙයි කියලා හිතුන නිසා මම හනා පස්සෙන් නොයා නීරයි ජිමිනුයි හොයාගෙන ලයිබ්‍රි එක පිටිපස්සේ හෝල් එකට ආවා..

" චුහ්නාචිම් ජෝඩුවට.."

" ඔන්න පටන් ගත්තා..මෙතන කිසිම ජෝඩුවක් නෑ හරිද JK.."

වෙනදා වගේම ජිමින් කේන්තියෙන් වගේ කෑ ගහනකොට නීරා ලැජ්ජාවෙන් බිම බලාගත්තා...

" දෙන්නම යමුද...උදේ ලෙක්චර් එක දැන් පටන් ගනී..."

එහෙම කියලා තුන්දෙනත් එක්ක ලෙක්චර් හෝල් එකට ආවා...පැය දෙකකට විතර පස්සේ පළවෙනි ලෙක්චර් එක ඉවර වෙලා තුන් දෙනත් එක්කම කැන්ටිමට ගියේ මොනවා හරි කන්න කියලා හිතාගෙන...කැන්ටිම ඇතුලට ඇවිදින් ඊයේ වගේම හනා පේන්න ඉදීද කියලා කැන්ටිම වටේම ඇස් යැව්වත් හනා පේන්න ඉදියේ නෑ...

" JK...මොනවද බලන්නේ...? "

" අ....අනී ජිමින්...මුකුත් නෑ..."

" යා....හ් බොරු කියන්න එපා...හනාව නේද හොයන්නේ...? "

ජිමින් එහෙම කියලා මා දිහා කින්ඩියට වගේ බලල ඇහි බැමි උස්ස උස්ස හිනා වුනා...

" යා....හ් කට වහන් කන්න.බඩගිනියි"

ජිමින්ගෙන් බේරිල්ලක් නැති නිසා මමත් හනාව හොයන එක පැත්තක තියලා කන්න පටන් ගත්තා..තුන් දෙනා එක්කම කෑම කාලා ආයෙමත් ලයිබ්‍රි එක පිටිපස්සේ හෝල් එකට ආවේ ඊළඟ ලෙක්චර් එක තිබුනේ පැය දෙකකට පස්සේ නිසා...අපි හෝල් එක ඇතුලට එනවත් එක්කම මට ටේයුන්ගෙන් මැසේජ් එකක් ආවා..ඊයේ ඉදන් බලාපොරොත්තු වුන මැසේජ් එක වුනත් ඒක දැක්කම මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා..

" ජි....ජි....ජිමිනා...."

" වේ....JK මොකද...? මොකක්ද උනේ..? "

" ඒ....ඒ ටේයුන්...ම...මට ෆොටෝ එක එවලා...."

" බලන්න JK..මේක හොයාගන්න නේද අපි මෙච්චර දෙවල් කලේ..ඕපන් කරන්න ඕක.."

ජිමින් එහෙම කියනකොට මම හිත හදාගෙන ටේයුන්ගේ මැසේජ් එක ඕපන් කලා...මට දැනුනේ මගේ මුලු ජීවිතේම කඩා වැටුණා වගේ හැඟීමක්...කවදාවත් නැතුව මගේ කකුල් පණ නැති වෙලා ගියා.

" JK...බලාගෙන....ඉදගන්න..මෙතනින් ඉදගන්න..."

වැටෙන්න ගිය මාව අල්ලලා පුටුවෙන් ඉන්දපු ජිමින් මගේ අතේ තිබුන ෆෝන් එක අරගෙන ෆොටෝ එක බැලුවා...

" J....JK....මේ..? මේක විස්වාසද...? ට්...ටේයුන්ට වැරදිලා වෙන්න බැරිද...? "

" අ...අනී...අනී...ටේයුන් හොඳට හොයන්නේ නැතුව එවන්නෑ ජිමිනා..එතකොට මේ හැමදේම කලේ එයාද...? මේවා උන්ගේ ප්ලෑන්ද...? "

මටත් නොදැනීම මගේ ඇස් වලින් කඳුළු බේරෙනකොට ජිමින් මාව තදින් බදාගත්තා...මගේ ඇස් වලින් මෙච්චර කඳුලු එන්නේ ඇයි කියලා ඇත්තටම මටවත් තේරුනේ නෑ..

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

152K 7.1K 15
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
290K 50K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
227K 13.1K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
43.3K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉