_Winter Bear_
පහලොස්වෙනි වෙනි ඍතුව
හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
______________________________________
🌿 පහුවුන අවුරුදු බෝනස් 🌿
______________________________________
" මට සමාවෙන්න.. මන් මේ ගැන බලා ගන්නම්.."
අහින්සා නම්ජුන් හ්‍යුන්ගෙ පැත්ත හැරෙනවත් එක්කම එතනට ආපු අනුහස් කිව්වෙ නම්ජුන් හ්‍යුන් දිහා බැගෑපත්ව බලලා. මේ ප්‍රශ්නෙ office එකට ලීක් වෙන්න තියෙන එකම ක්‍රමෙ නම්ජුන් කියල අනුහස් දැනන් හිටියා. මොකද Bighit එකේ දි හ්‍යුන්ගෙ වැඩ අකුරටමනේ.
" මෙච්චර දෙයක් වෙලත් ඔයා ඔහොම කතා කරන්නෙ අනු ඔයාට මෙච්චර වැදගත් ප්‍රශ්නයක්ද මේක..??"
" ඔව් හ්‍යුන්.. මට මේක ගොඩක් වැදගත්.. මන් පස්සෙ පැහැදිලි කරන්නම්.. ඒත් please.. මට මේ chance එක විතරක් දෙන්න.. මන් ඉතුරු ටික බලා ගන්නම්.. I am serious හ්‍යුන්.."
" ඕකේ එහෙනම්.. මන් මේක අත අරින්නම් අනු.. හැබැයි ඒ ඔයාව trust කරලා.."
" Thanks hyung.."
තවත් කිසිම කතාවක් නැතුව අහින්සාගෙ අතින් ඇදගෙන අනුහස් Bighit එකෙන් එලියට ආවෙ Parking Side එකට. අහින්සව ඉස්සරහ සීට් එකෙන් වාඩි කරවපු අනුහස් Car එක drive කරන්න පටන් ගත්තෙ මොකුත්ම නොකියා. අහින්සත් එක වචනයකවත් කතා කලේ නැත්තෙ එයාට තවත් කලකිරෙන්න දෙයක් නැති නිසා.
~~~~~~~~~~
අනුහස් දේවින්ද..
ශ්‍රී ලන්කාවෙ ව්‍යාපාරික මිලියනපතියකුගෙ පුතෙක්..
පාසල් අවදියේ අන්තිම කාලෙදි වෙන සිත් තැවුලක් නිසාම රට අතැරලා එන තරුනයෙක්..
South Korea,
Bighit Entertainment Pvt,
Lead Fashion Designer…
විදිහට වැඩ භාර ගන්නෙ London වලින් ඒ පිලිබදව හදාරපු උපාදියක් එක්ක.
සිත් තැවුලට සහනයක් වෙන්න, තමන්ගෙම අය අමතක කරලා දාපු සිත් වේදනාව යටපත් කරගන්න, එයා ගොඩක් කැපවෙලා වැඩ කරනවා.
ඒ නිසාම තමයි අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුලදී මේ වගේ අති විශාල.. ලෝකප්‍රසිද්ධ පවුද්ගලික ආයතනයක හැමෝගෙම හිත් දිනා ගත්තු.. අති දක්ශ සේවකයක් විදීහට මුලු දකුනු කොරියාවෙම ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නෙ.
BTS තරම් ප්‍රසිද්ධ නොවුනත් ඔවුන් හැඩගැන්වීම වෙනුවෙන් සිදුකල කාර්යය වෙනුවෙන් එයාගෙ ප්‍රසිද්දිය ගොඩක් ප්‍රබල වුනා.
~~~~~~~~~~
" ටේ හ්‍යුන්.. මොන ලෝකෙද ඔයා උදේ ඉදන් ඉන්නෙ..??"
ජින් හ්‍යුන් ඇහුවෙ උඩ බලාගෙන කල්පනා කර කර හිටපු ටේගෙන්. ඒත් ටේ මේ ලෝකෙට නම් ආවෙ නෑ.
" ටේ හ්‍යුන්..!!"
ජින් හ්‍යුන් ඒ පාර නම් dorm එකේ වහලෙත් උඩ යන්න කෑ ගැහුවා.
" හ්‍යුන්.. මොකද මේ..??" ටේ උඩ ගිහින් ඇහුවා.
" ඇයි මේ තමයි.. මන් දැන් දවස් ගානක ඉදන් බලන් ඉන්නෙ ඔයාට මොන යකා වැහිලද කියලා.. මට නම් තේරුම් ගන්න බෑ.. සමහර වෙලාවට අනිත් දෙන්නත් එහෙමයි.. කවදාවත් කරපු නැති වැඩ කරනවා.. සෙල්ලම් කරන්න නම් ලෑස්ති වෙන්නෙපා මාත් එක්ක.. තේරුනානෙ..??"
" අයියෝ හ්‍යුන්.. මන් මොකක්ද කලේ කියන්නකෝ.. ඔයා නිකන් කෑ ගහනවා මට.." ටේ කිව්වෙ තොලත් අනිත් පැත්ත පෙරලගෙන.
" දැන් මොකක් ගැනද කල්පනා කලේ කියනවා බලන්න.. මොකද්ද කලේ කියල මන් එතකොට පැහැදිලි කරලා දෙන්නම්.."
" ම්ම්.. ඒක.."
" ම්ම්.. නෙවෙයි.. කියන්න.."
" ඇත්තටම හ්‍යුන් මන් මේ කල්පනා කලේ මේ dorm එකේ බිත්ති වලට සිමෙන්ති නැතුව මකන කෑලි ගත්තා නම් හදන්න.. මකන කෑලි කීයක් විතර යයිද කියලා.."
ටේ කිව්වෙ බර මූනක් මවා ගන්න ගමන්. ඒ කියපු එක අහල ජින් හ්‍යුන්ට කේන්ති ගියා නෙවෙයි පැලෙන්න හිනා ගියා.
" පොඩි එකෝ.. අදට බේරුනා කියලා හිතා ගන්නවකෝ.. කාට බොරු කලත් මේ හ්‍යුන්ලට බොරු කරන්න බෑ කියල දන්නවනෙ ඉතින්.."
ජින් හ්‍යුන් එහෙම කියන ගමන් හයියෙන් හිනා වෙවීම ටේගෙ කොන්ඩෙත් අවුල් කරගෙන කිචන් එකට ගියා.
ඒ වෙලේ ටේ හ්‍යුන් බය වුනාට වඩා එයාට දුක හිතුනා. මොකද එයා හිතුවෙ එයා හ්‍යුන්ලට වැරැද්දක් කරනවා කියලා.
~~~~~~~~~~
" මට කියන්න දිග කතාවක් තියනවා. ඒක අහලම ඔයා මට කියන්න ඕනි ඕනිම දෙයක් කියන්න. ආපහු ගහන්න ඕනි නම් ගහන්න.. ආපහු ජීවිතේටම හම්බ වුනේ නෑ වගේ ඉන්න ඕනි වුනත් කමක් නෑ.. ඒ ඕනිම දෙයක් කරන්න.. ඒ වුනත්.. මේ කතාව අහලා ඉන්න.."
Seuol ප්‍රධාන පාරෙන් අතුරු පාරකට වාහනේ හැරෙව්ව අනුහස් පාර අයිනට වෙන්න කාර් එක නැවැත්තුවා.
එතන හරි ලස්සනයි..
වටේටම තිබුනෙ සකුරා මල්..
අහින්සා මොකුත්ම කිව්වෙ නෑ. සුලගට අහුවෙලා බිමට වැටෙන මල් දිහා බලන් හිටියා. ඒ නිහඩතාවයෙන් අනුහස් තේරුම් ගත්තා එයා කතා කලාට කෙල්ල විරුද්ධත්වයක් නෑ කියලා..
" මන් දන්නවා.. අවුරුදු ගානකට කලින් වුන දේට මන් වැරැදියි.. ඒත් ඒ වෙලාවෙ මට කරන්න ඉතුරු වෙලා තිබුනෙ එච්චරයි..
විනුදිව මතකයිනේ.. මගේ ජීවිතේ විනාශ කලේ එයා. එයා ඔයාට කියපු සේරම මන් අහන් හිටියා අහි.. එයා කොච්චර නම් පහත් විදිහටද කතා කලේ.. මට මන් ගැනම ලැජ්ජ හිතුනා..
අපේ අප්පච්චි මගේ සම්බන්දෙ ගැන දැනගෙන තිබුනා.. අප්පච්චි විනූ ගැන ගොඩක් හොයලා තිබුනා.. අප්පච්චි මාව මරන් කන්න හැදුවා මේක අත ඇරපන් කියල. මන් පිලිගත්තෙ නෑ. අප්පච්චි බැරිම තැන ඇඩුවත් එක්ක.. ඔයා වගේ කෙල්ලෙක් යාලුවෙක් විදිහට ඉද්දි ලැජ්ජ වෙන්න කිව්ව මට ඒ වගේ කෙනෙක් එක්ක යාලු වුනාට.
කරන්න දෙයක් තිබ්බෙ නෑ මට.. ඇත්ත තේරෙන්න කල් ගියා.. ඔයා විනූ ගැන දැනගෙනත් මට කිව්වෙ නැත්තෙ මන් හිතුවා ඔයාගෙ ආත්මාර්තකාමීකම කියලා. එච්චර අපි ලග යාලුවො වෙලත් ඔයා මට කිව්වෙ නැති නිසා ඇත්තටම මට ඔයත් එක්ක කේන්ති ගියා. අපේ ඒ බැදීම කැඩුන කියල මන් හිතුවෙ.. ඒ නිසා මන් සේරම අත් ඇරලා London ගියා.. පස්සෙ මන් උපාධිය අරන් South Korea ආවා. මෙහෙ ඉද්දි මට තේරුනා ඔයා මට ඒ ගැන නොකීව හේතුව.. කෙල්ලෙක් වෙලා ඔයා මට එහෙම නොකීව හේතුව මට තේරුම් ගන්න කල් ගියා අහි.
ඔයාව එහෙම අත් ඇරලා දාපු එකට මට සමාව දී ගන්න මට බැරිවුනා.. මන් ඔයා ගැන අම්මට කියල හොයලා බැලුවා.. මට ආරන්චි වුනා ඉස්කෝලදි ඔයාට මන් නිසා විදින්න වෙලා තියෙන කරදර.. මන් මෙච්චර කල් හිතුවෙ ඔයාට සමාව දී ගන්න විදිහක් ගැන.. මට ආපු හොදම අදහස Bighit එක. මන් මෙහෙට ආවෙ ඔයාගෙ එකම ආදරේ තියෙන්නෙ මෙහෙ නිසා.
මට මතකයි ඉස්සර ඔයා එයා ගැන කිය කිය හිනාවුන විදිහ..
එයා ඇඩුවහම අඩන විදිහ..
පිස්සුවෙන් වගේ කියවන විදිහ..
ඔයා එයාවම ජීවිතේ කර ගත්තු විදිහ..
එයාගෙ සින්දු කියපු විදිහ..
එයා විදිහට නටපු විදිහ..
එයා විදිහට Cute වුන විදිහ..
එයා විදිහට රන්ඩු වුන විදිහ..
ඔයා එයා වගේ මොනවාද නොකලේ..
ඔයා එයාට කොච්චර ආදරේ කලා ද..
මන් විතරයි ඒ ගැන දැනන් හිටියෙත්..
ඒ වුනත් ඔයා කොච්චර ලස්සනට ආදරේ කලාද..
ලැබෙන්නෙ නෑ කියල දැනගෙන එයාගෙ අනාගතේ සාර්තක වෙන්න ප්‍රාර්තනා කරපු විදිහ..
හරි ලස්සනයි ඒ ආදරේ..
ඉතින් මට ඕනි වුනා Tae Hyung එක්ක ලග සම්බන්ධයක් හදාගෙන ඔයාව එයා ලගට ගේන්න.. මන් දන්නවා ඔයාලට එකතු වෙන්න බෑ කියලා. ඒ වුනත් ඔයාට එයාව පෙන්නන්න හරි අවස්තාවක් හදලා දෙන්න මට ඕනි වුනා. ඒක නිසා මන් මෙච්චර කල් ඔයා වෙනුවෙන් මෙහෙ වැඩ කලා.. ඒත් මන් ඔයාව මෙතනට ගේන්න කලින් දෛවය ඔයාව මෙතනට ගෙනල්ලා. මන් අන්තිමට ඔයාට උදවු කරන්න ගිහිනුත් පැරදිලා..
කමක් නෑ..
මගේ සුරන්ගනා කතාව කියලා අන්තිමට මට ඔයාට කියන්න තියන්නෙ මට සමාවෙන්න කියලා විතරයි..
ඔව් අහින්සා..
මට සමාවෙන්න..
පිරිමියෙක් විදිහට ඔයාගෙ යාලුවෙක් විදිහට කතා කරන්නවත් වටින්නෙ නැති කෙනෙක් මන්..
ඒ වුනාට මට සමාවෙන්න..
ඒත් මන් ඉල්ලනවා විතරයි..
ඔයාට පුලුවන් නම් විතරක් මට දෙන්න.."
~~~~~~~~~~
.
.
.
.
.
.
.
.
.
.
She looks like a blue parrot..
Would you come fly to me..
.
.
.
.
.
.
.
.
.
.
.
මෙතනින් එහාට ඊයෙ නම් ලියා ගන්න බැරිවුනා..
ඔව්..
ඒත් අද..
කිම් ටේ හ්‍යුන්ගේ පෑන තව පදයක් අකුරු කලා..
.
.
.
.
.
.
.
.
I want some good day
Good day..
Good day..
Good day..
Good day..
~~~~~~~~~~
සකුරා මල්..
හරි සුවදයි..
හරි ලස්සනයි..
ඒවා සුලගට බිමට වැටෙනකොට ඊටත් වඩා හැඩයි..
ඒ වුනත්..
ඔයා දන්නෙ නෑනෙ..
අනුහස් ඔයා නැති ජීවිතේ තිබුන ප්‍රශ්න ගොඩ..
එතනින් මට ප්‍රශ්නයක් තිබුනෙ නැත්තෙ මගේ ඒක පාර්ශ්වීය ආදරේට විතරයි..
අනිත් හැම දේකටම ප්‍රශ්න වුනා..
මන් විදෙව්වා..
ගොඩක් නෙවෙයි..
ගොඩාරියක්..
තවම මන් මගේ හිත දියුනු කලේ නෑ..
ඒ වගෙ වැරැද්දකට සමාව දෙන්න..
කරන්න දෙයක් නෑ අනුහස්..
අහින්සා තීරනයක් ගත්තා..
ඒක ක්ශනික තීරනයක්..
" ඔයාගෙ කතාව ඉවර ද අනුහස්..??"
" අහි.."
" මන් යන්න ඕනි.. මට අද off නෑ.."
අනුහස්ගේ මූන දිහා කෙලින්වත් නොබලපු කෙල්ල කාර් එකෙන් බැහැලා තනියම ඇවිද්දා.. හිටපු තැනටම..
එයාගෙ හිත කෑ ගහනවා.. අඩන්න ඕනි කියල.. ඒත් එහෙම කරන්න බැහැ.. සීතලයි ගොඩක්.. Seoul වල සීත ඍතුව ලන් වෙලා නැතත් මුලු පරිසරයම හීතලයි.. ඒත් ඒ සීතලෙන් සකුරා මල් වල සුවද මැකෙන්නෙ නෑ.. එච්චරටම ඒ මල් සුවදයි..
අහින්සා වීනාවි..
තවත් දුකකට මූන දෙන ගමන් සිහිනෙන් වගේ ඇවිද්දෙ එයාගෙ ඉරනමේ මූලාරම්භය වෙතට.. ඒ වුනත් ඒ වෙනකොට ඒ හිම පියල්ල එතනින් දිය වෙලා ගිහින්..
( සාහිත්‍යයමය අදහස් පිස්සු වගේද..?🥲)
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
" සර්.. මන් අනුහස් කතා කරන්නේ.. Medical officer අහින්සත් එක්ක මන් පොඩි ප්‍රශ්නයක් වුනා.. ඒ නිසා මන් එයාව එක්කන් එලියට ආවා. දැන් එයා ආපහු එනවා මග. ප්‍රශ්නයක් කරන්න එපා එයාට.." අනුහස් Directorට කතා කරලා එක පාරින් ඒ ප්‍රශ්නෙ විසදුවා.
_______________________________________
හරිනේ.. ඔන්න දුන්නා සර්ප රයිස්..
ඔබට සතුටුයිද දැන්..
කමෙන්ට් කරල්ලා ඉටින් 😒🗡️
A_Shee ~