WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.9K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_14th Winter_

690 174 91
By A_Shee1

_Winter Bear_
දහ හතර වෙනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

______________________________________

" ඔව්.. මෙතන මොකක් හරි යටිකූට්ටු වැඩක් යනවා.. මෙහෙම දෙයක් කලින් කවමදාවත් Bighit  එකේ වෙලා නෑ.." ජන්ග්කුක් කිව්වෙ පුටුවක් ඇදලා අරන් වාඩිවෙන ගමන්.

" අපිට හොද වැඩක් නම් තියනවා ටේ.. මොකද කියන්නේ.. කරල බලමු ද..?" ජිමින් එහෙම කිව්වෙ ජන්කුක් දිහා බලලා.

" හොද වැඩක්...?? ඒ මොකද්ද ජිමින්?"

" අපිට පුලුවන් මේ අහින්සයි.. මේ medical team එකේ girlවයි වෙන් කරගන්න ඔයාගෙ නෙක්ලස් එක use කරන්න පුලුවන්.."

" ඇහ්..??"

" ඔයා ලග කෙල්ලගෙ මාලෙ තියනවා නේද ටේ..??"

" ඕ.. මේ තියන්නෙ.."

එහෙම කියන ගමන් ටේ එයාගෙ ශර්ට් එකේ උඩ බොත්තමට යට වෙලා තිබුන පෙන්ඩන්ට් එක එලියට අර ගත්තා.

" යකඩෝ.. ඒක උබෙ කරටත් ආවද මෙච්චර ඉක්මනට..??"

කුකි ජිමින්ට ඇහැක් ගහද්දි ජිමින් ඇහුවෙ පුදුමෙන්. ටේට එතකොට තමයි තේරුනෙ එයා දාගෙන හිටපු මාලෙ දෙන්නටම පෙන්නුවා කියලා..

" ඒක මේ.. අර.. මේ.."

" ආ.. හරි හරි.. අපිට කියන්න ඕනි නෑ.. අපි ඕව දන්නෙත් නෑ.. අපි පොඩි ලමයි. හුම්.." කුකි කිව්වෙ කන් දෙකත් වහගෙන.

" නෑ ඉතින්.. මේ.. ඒක.."

" ආ.. හරි හරි.. අහපන්කෝ.. මෙහෙමයි වෙන්න ඕනි.. ඔයා ඔය මාලෙ ඒ කෙල්ල ලගින් යනකොට හොදට පේන්න shirt එකෙන් එලියට දා ගන්න.. මොනවා හරි කරලා මාලෙට එයාගෙ අවධානෙ ගන්න බලන්න.. හරිනේ.. එතකොට එයාගෙ මුනෙ expressions වලින් කෙලින්ම ඔයාට අදුර ගන්න පුලුවන් කෙල්ල කවුද කියලා.."

" හත්තිකේ ජිමින්.. උබට මාර ideas නේ තියන්නෙ.. නියමයි.."

" බය වෙන්නෙපා.. මේ සීන් එක හරි ගියොත් අපි ඔයාව නිකන්ම අත අරින්නෙ නෑ.." ජිමින් කිව්වෙ කුකිට පහක් දාන ගමන්.

~~~~~~~~~~~

අනුහස් දේවින්ද දවස් තුනක නිවාඩුව ඉවර කරලා තමයි Bighit එකට ආපහු ආවෙ. කෙලින්ම office room එකට යන්න හැදුවත් building එකේ කන්නාඩියක් දිහා බලාගෙන cap එකක් දාගෙන කල්පනාවක හිටපු කෙල්ලව දැක්කම අනුහස් උඩ ගිහින් බිම වැටුනා. මොකද වෙලාවෙ ඒ කෙල්ල හිටියෙ මාස්ක් එකක්වත් නැතුව.

' දෙවියනේ.. අහි වගේමයි.. ඒ ෆිගර් එකමයි..'

එහෙම හිතපු කොල්ලා එයා ලගට යන්න හැදුවත් එකපාරටම නැවතුනෙ ඒ මූන දැකලා.

මෙයා අහි වෙන්නෙ කොහොමද.. මෙහෙම දෙයක් වෙන්න බෑනෙ..

ඒ වුනත්.. කොල්ලට ලගට ගිහින් බලන්නම ඕනි වුනා. ඒ නිසා අනුහස් ගිහින් කෙල්ලට කතා කලා.

" අහින්සා.."

අහින්සත් උඩ ගිහින් අනිත් පැත්ත හැරුනෙ තමන්ගෙ ඇත්ත නම කියල කතා කලේ කවුද කියලා බලා ගන්න.

ඒ ඇස් දැක්ක ගමන් කෙල්ල ආපහු උඩ ගිහින් බිම වැටුන කිව්වොත් මන් හරි.. මොකද මන් හොදටම දැක්කා කෙල්ලගෙ ඇස් ගැස්සෙනවා.. ඒ නිසාම වෙන්න ඇති කෙල්ලට තමන් කොහෙද ඉන්නෙ කියන එක, තමන් මෙතනට ආවෙ ඇයි කියන එක, තමන් තමන්ව හන්ගන් ඉන්නෙ කියන එක අමතක වෙන්න ඇත්තෙ.

" අනු.. ඔයා.."

දෙන්නම කටත් ඇරන් දෙන්නා බලන් හිටියා විනාඩි ගානකට වැඩියෙන්.. ඒ වුනත් මුලින්ම සිහියට ආවෙ කෙල්ල..

.
.

කෙල්ලට මතක් වුනා..

අනුහස් දේවින්ද කියන්නෙ කවුද කියලා..

එයත් එක්ක ගෙවපු අතීතෙ මොකක්ද කියලා..

එයා මුලු ජීවිතේම වුන හැටි..

එයා නිසා හිනාවුන හැටි..

එයා නිසා පිස්සුවෙන් වගේ හිනාවුන විදිහ..

ඒ වගේම

.
.
.
.
.
.
.
.
.
.
.
.

ඊට පස්සේ..

එයා නිසා මුලු ජීවිතේම විනාශ වුන විදිහ..

ඔව්..

ලස්සන ජීවිතේ නැතිවුන විදිහ..

ගොඩක් ආදරේ කරපු දේවල් නැති වුන විදිහ..

ඕනිම වුන වෙලාවේ..

ප්‍රශ්නෙන් පැනලා ගිහින් එයාගේ ජීවිතේම අදුරු කරපු විදිහ..

ඒ සේරම දේවල් එක දිගට ඇස් ඉස්සරහ මැවි මැවි පේන්න ගද්දී..

අනුහස් ගැන ඇතිවුන ලෙන්ගතු කමකට වඩා වයිරයක් ඇති වෙන්න ලොකු වෙලාවක් ගියෙ නෑ..

~~~~~~~~~~

" අඩෝ.. ටේ.. දැන් උබ කොහෙද ඔය දුවන්න හදන්නෙ..??"

ජිමින් ඇහුවෙ එකපාරටම නැගිටලා දොර ඇරන් එලියට ගිය ටේගෙන්.

" බලමු.. සමහරවිට අපිට දැන්ම ඒක ඔප්පු කරගන්න පුලුවන් වෙයි.."

ටේ එහෙම කිව්වා. ඒ නිසාම ජිමිනුයි කුකියි දෙන්නමත් ටේට එකතු වුනේ දෙපාරක් හිතන්නෙ නැතුව.

~~~~~~~~~~

කෙල්ල වැඩි වෙලාවක් හිතුවෙ නෑ. මග අරින එක තමයි හොදම වැඩේ කියල එයාට ඉක්මනට තේරුනා. ඒ නිසා වචනයකවත් නොකියා අනිත් පැත්ත හැරිලා ඉක්මනට medical room එකට යන්න තමයි එයා try කලේ.

" අහි.." අනු දිගටම කතා කරනවා.

" අහින්සා.."

කෙල්ල නවතින පාටක් නැති හින්දම කොල්ලත් කෙල්ල පස්සෙන්ම යන්න පටන් ගත්තා.

" අහින්සා මේ අහන්න.."

" අහි.. please.."

" අහි.."

" අහින්සා.. පොඩ්ඩක් මන් කියන දේ අහලා ඉන්න.."

කොච්චර කතා කලත් කෙල්ල එකම එක පාරක්වත් හැරිලා නම් බැලුවෙ නෑ අනුහස් දිහා. බැරිම තැන තමයි අනුහස් අහින්සාගෙ අතින් ඇද්දේ.

.
.
.
.
.
.
.
.
.

එතකොටම තමයි එතනට ටේත් එක්ක ජිමිනුයි කුකියි ආවෙ.. කොල්ලෙක් මේ කෙල්ලගෙ අතින් අල්ලන් ඉන්නවා දැක්කම ටේගෙ ඇස් ගැස්සෙන්න එක විනාඩියක්වත් ගියෙ නෑ. ජිමිනුයි කුකියි දෙන්නා ඉක්මනට බැලුවෙ ටේගේ ඇස් දිහා. ටේ ගැස්සෙනවා දැකපු ජිමින් ටේගෙ අතකින් අල්ල ගත්තා. මේ තුන් දෙනා හිටියේ ඒ දෙන්නගෙ ඇහෙන මානෙ වුනත් English වලින් කියපු දේවල් ඇරෙන්න මොකුත්ම තේරුම් ගන්න මේ තුන් දෙනාට තෙරුම් ගන්න බැරිවුනා.

.
.
.
.
.
.
.
.

" මන් කියන දේ පොඩ්ඩක් අහන්න අහි.. Please.." අනුහස් කිව්වෙ කෙල්ලගෙ අතකින් අල්ලගෙනමයි. ඒත් කෙල්ල තාමත් හිටියෙ අනුට පිටුපාලා. කෙල්ලට ඇඩෙන්න ඔන්න මෙන්න තිබුනෙ.

" Ahi.. Look at me please.."

" අහන්නකො.. මේ ටික අහල ඕනිම දෙයක් ඔයා මට කරන්න.. please.."

" Ahinsa please.. turn back Ahinsa.."

.
.
.
.
.
.
.

ඒ වචනෙන් නම් බලන් හිටපු තුන් දෙනාම උඩ ගිහින් බිමට වැටුනා..

අහින්සා..

ඔව්..

ඒ කොල්ලා කිව්වෙ එහෙමයි..

.
.
.
.
.
.
.
.

එක විනාඩියක් ගියේ නෑ.. අවුරුදු ගානක් විදවපු දුක.. ඒ කදුලු.. කෙල්ල එක කම්මුල් පාරකින් හෝදලා යවන්න උත්සහා කලා.

" චටාස්.."

( 🙂 )

අනිත් පැත්ත හැරුනු කෙල්ලගෙ දකුණු අත නැවතුනෙ අනුහස් ගෙ කම්මුලේ.. අහින්සාගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු නොවුනත් අනුට තේරුම් ගන්න පුලුවන් වුනා කෙල්ලටත් ඉවසීමේ සීමාවක් තියනවා කියලා..

" වචනයකවත් කියන්න එපා මට.."

තදින් එහෙම කියපු කෙල්ල ආපහු යන්න හැරුනත් අනු අතින් අල්ලලා නවත්තපු නිසා යන්න විදිහක් තිබුනෙ නෑ.

" It's for many years.. please just listen to me Ahi.."

අහින්සට එක තත්පරයක්වත් එක තැන ඉන්න පුලුවන් වුනේ නෑ. ආපු කේන්තිය එක්කම එයාටම ආවේනික වුන හොද පාරවල් එක්ක අනුහස්ට වන්දි ගෙවන්න වුනේ කෙල්ලගේ ඉවසීම බින්දුවෙන් ඍන අගයකට බැස්ස නිසා. ටිකක් වෙලා එහෙමම හිටපු අනුහස් සමහර පහරවල් වලක්ව ගත්තෙ ඒ පාරවල් දරා ගන්න ගොඩක් අමාරු නිසාමයි. එක දිගට ගහලා ගහලා ගහලා අහින්සට හති වැටුනත් ගෙවුන අවුරුදු ගාන අමතක කරලා දාන්න කෙල්ලට බැරි වුන හින්දා ගහන වේගෙ වැඩි වුනා මිසක් ගහන පාරවල් වල වේගෙ සැර අඩු වුනේ නෑ.

.
.
.
.
.
.
.
.

මේ වෙනකොට මේ සිද්දිය දිහා බලන් හිටියෙ තුන් දෙනෙක් විතරක් නෙවෙයි. Bighit එකේ හිටපු කීප දෙනෙක්ම එතනට ඇවිත් ඒ film එක බලනවා. කෙල්ලව නවත්තන්න ඕනි වුනත් එතන හිටිය ගෑනු ලමයින්ට ඒකට හැකියාවක් තිබ්බෙ නැති හින්දා කවුරුත් අහින්සා ලගට ගියේවත් නෑ. ටේත් එක්ක හිටපු තුන් කට්ටුවටත් ඒක කරන්න සිහියක් තිබුනෙ නැත්තෙ ඒ වෙනකොට එයාල හිටියෙ මේ ලෝකෙ නොවන නිසා.

.
.
.
.
.
.
.
.
.
.
.

එක පාරටම එතනට ආවෙ නම්ජුන් හ්‍යුන්. අහින්සගෙ පස්සහින් ගියපු හ්‍යුන් කෙල්ලගෙ අත් දෙක පස්සට අරන් අල්ල ගත්තෙ අත් දෙක හිර කරලා..

( චිප්.. Our live film 😒 )

.
.
.
.
.
.
.

එක පාරටම වුන දේ ගැන අහින්සට හිතා ගන්න බැරිවුනා.. ඒත් තමන් කරලා තියෙන දේ ගැන තේරිලා කෙල්ල හොද සිහියට ආවෙ ඒ වෙලාවෙ.. ඒ වුනත් දැන් මොනවා කරන්න ද..? වෙච්චි දේ වෙලා ඉවරයි. තමන් අහුවුන කෙනාගෙන් බේරෙන්න ඕනනේ. එහෙම හිතපු කෙල්ල දකුනු කකුලෙන් පස්සහ ඉන්න කෙනාගෙ කකුල පාගලා අත යටින් අනිත් පැත්ත හැරුන පාරට කෙල්ලගෙ කැප් එක ගැලවිලා ගිහින් බුරුල් වෙලා තිබුන කොන්ඩෙ ගැලවිලා උරහිස දිගේ කඩාගෙන වැටුනා.

( ඔව් ඔව් ෆිල්ම් කටු වලින් ඉස්සුවෙ සගෝ 😒 )

.
.
.
.
.
.
.
.

ටේ එහෙමම කුකිට වාරු වුනේ ඒ වෙලාවෙ කෙල්ලව දැකලා. ඔව්.. ඒ කෙල්ල..

අහින්සා..

ඔයා..

.
.
.
.
.
.
.

_________________________________________

A_Shee ~

Continue Reading

You'll Also Like

46.9K 10.7K 27
🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 "සෙල්ලම පටන් ගත්තේ මංනම් ඉවර කරන්න ඕනෙත්...
162K 26.9K 36
ආදරය වෛරය හමුවේ.... නපුරු නායකයෙකුගේ... හිත හොරාගත්.... ආත්ම සහකාරිය... You Are My Destiny....🖤
6.4K 1.9K 12
හීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්මක් පොදක් නැති මළ කදක් වගේ...හීන පස්සෙ දු...
13.9K 4.5K 32
Mature content ... She is poison but lovely... He is soft And Hopeful... Taehyung × Medusa ~ Taedusa 🔆one and only exclusive collaboration in wa...