🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

73.6K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

16 කොටස

1.6K 388 14
By Sandee_96

ටික වෙලාවක් මටත් නොදැනීම මිආ ගේ මතක වල ගිලිලා ඉදපු මාව පියවි සිහියට ආවේ ටෙරස් එකේ දොර ඇරගෙන කවුරු හරි කඩාගෙන ආව නිසා...

" JK...ආ...යිගෝ...." යා....හ් මම හොදටම බය උනා..."

" ජිමිනා.......ම....මට...."

මට කියාන්න බැරි උනා...වචන වෙනුවට ඇස් වලින් කඳුළු බේරෙන්න පටන් ගත්තා....ජිමිනා දුවගෙන ඇවිත් මාව බදාගත්තා...

" ජි...ජිමිනා...මිආ.....මගේ මිආ..."

" JK...අඬන්න ඇති වෙනකම් අඬන්න...ඒත් මෙතනින් පස්සේ හිත ගලක් කරගන්න....මෙතනින් පස්සේ ඉවර කරන්න..."

ජිමින් එහෙම කියලා මාව අල්ලගෙනම ඉදියා....විනාඩි කීපයක් මම ඇති වෙනකම් ඇඬුවා...

" ජිමින්..කොහොමද මම ඉන්න තැන හොයාගත්තේ....? "

" වේදනාවකදී ඔයා වෙන කොහේ යන්නද JK...."

ජිමින්ගේ තේරුම් ගැනීම ගැන මට වෙලාවකට පුදුමත් හිතුනා...

" ජිමිනා.....මිආ වේදනා විදින්න ඇතිද...අපේ මිආ කොහොමද මේවා ඉවසන්න ඇත්තේ ජිමින්...මිආ මලක් වගේ...කොහොමද ඒවා දරාගත්තේ.?"

" ඒ ගැන මතක් වෙන හැම වෙලේම මට මා ගැනම කලකිරෙනවා jk.මට බැරි උනා කැම්පස් එකෙන් එලියෙදි එයාව පරිස්සම් කරන්න...මම එයා වෙනුවෙන් මුකුත්ම කරලා නැ.."

ජිමින් වේදනාවෙන් බිම බලාගෙන කියනකොට මට ලොකු දුකක් දැනුණා...මම නැති කාලේ මගේ මිආව පරිස්සමින් බලාගත්ත ජිමින් අද එයාටම දොස් කියාගන්න එක ගැන මට වේදනාවක් දැනුණා..

" අනී...අනී....මම එදා කීවා වගේම මගේ මිආව මටත් වඩා ආදරෙන් බලාගත්තේ ඔයා ජිමින්..."

මම එහෙම කියනකොට ජිමින් ලොකු හුස්මක් පිට කරලා අහස දිහා බලාගෙන ඇස් පියාගත්තා...ටික වෙලාවක් ජිමින්ට එහෙම ඉන්න දීලා ඉතුරු වෙලා තිබුන බියර් කෑන් එකක් කඩලා මම ජිමින්ගේ අතේ තිබ්බා...ජිමින් කිසිම දෙයක් නොකියා හිස් හැඟීමකින් බියර් එක අරගෙන බොන්න පටන් ගත්තා...

" ජිමින්...මේ දේ ගැන නීරාට නොකියා ඉමු...ඩ්‍රග්ස් ගැන කීවත් අනිත් කාරණාව නොකියා ඉමු...එයා මිආගේ යාලුවා..එයාට ඒ වේදනාව දරාගන්න අමාරු වෙයි.."

" අරස්සෝ JK......"

මුලු රෑම අපි කලේ මිආ ගැන කතා කරපු එක...මිආ ළඟ ඉන්නව වගේ සැනසීමක් මට හැමදාම ඕනි උනත් ඒක මිආගෙන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ගෙන් මට ලැබුනෙ නෑ.මම ඒක හොයන්න ගියෙත් නෑ....

පසුවදා
-------

උදේම ටේයුන්ට කෝල් එකක් ගත්තේ ඩොක්ටර් දීපු පළවෙනි ඇඩ්‍රස් එකේ ගෙදර ගැන පොඩ්ඩක් හොයන්න කියන්න...

" යොබොසොයෝ මිස්ටර් JK "

" යොබොසොයෝ ටේයුන්...මම ඇඩ්‍රස් එකක් එවනවා..විස්තර ටිකක් ඕනි..හැබැයි ඒ ගැන හොයනවා කියලා කාටවත් සැක හිතෙන්න බෑ....උන් එච්චර ලේසි පහසු උනුත් නෙමෙයි...මේක මිආගේ මරණෙට සම්බන්ධයි..ඒ නිසා පරිස්සම් වෙන්න..."

" අරස්සෝ මිස්ටර් JK "

වෙන්න ඕනි හැමදේම නම් ගම් එක්ක මම ටේයුන්ට විස්තර කලා..කෝල් එක කට් කරලා ඩොක්ටර් දීපු ඇඩ්‍රස් එක ටේයුන්ට මැසේජ් කරලා මම කැම්පස් එකට යන්න හිතාගෙන පහලට එනකොටම දැක්කේ සෝෆා එකේ ඉන්න අබොජිව....මාව දැකලා වෙනදට වඩා සුහදව හිනාවෙලා අබොජි කතා කලා..

" චුහ්නාචිම් පුතා."

" චුහ්නාචිම් අබොජි...දැන් අමාරුවක් නෑනේ....? "

" අනී....දැන් හොඳයි පුතා..."

" අරස්සෝ....වෙලාවට බෙහෙත් ගන්න අබොජි....මම ගිහින් එන්නම්.."

අබොජි  ගැන හිතේ සැකයක් තිබුණත් කිසි දෙයක් නොවුන ගානට හිනා වෙලා කතා කලේ අබොජි ඉන්නේ අසනීපෙන් නිසා...අබොජි එක්ක කතා කරලා බයික් එක අරගෙන මම කෙලින්ම කැම්පස් එකට ආවා...

ලෙක්චර්ස් ඉවර වෙනවත් එක්කම මට ටේයුන්ගෙන් කෝල් එකක් ආවා...

" යොබොසොයෝ ටේයුන් "

" යොබොසොයෝ මිස්ටර් JK.. මම අර ඇඩ්‍රස් එකේ ඉන්න අය ගැන හෙව්වා...."

" ඕ...හ් චින්චා....මොන හරි විශේශ දෙයක් දැනගත්තද...? "

මම කලබලෙන් අහනකොට ජිමිනුත් උනන්දුවෙන් අහගෙන ඉදියා....

" දේ....ඔයා හොයන කෙනා...එයා එන්නේ ඔයාලගෙම කැම්පස් එකට..බූසාන් වල කැම්පස් එකක ඉදන් සුහද මාරුවකින් තමයි මේකට ඇවිත් තියෙන්නෙ..."

" ට්....ටේ...ටේයුන් ඔයාට හොඳටම විස්වාසද එයා ඉන්නේ මෙහේ කියලා...?"

" දේ .... හොදටම ශුවර්..."

" ටේයුන් මට එයාගේ ෆොටෝ එකක් ගන්න පුලුවන්ද...මෙහේ කැම්පස් එක සම්බන්ද කරගන්න බෑ අපිට...බූසාන් එක සම්බන්ධ කරගන්න..එයාගෙ නම ෆොටෝ එක ඔක්කොම එවන්න මට "

" අරස්සෝ මිස්ටර් JK.දවසක් කල් දෙන්න හොයල දෙන්නම්..."

ටේයුන් එක්ක කතා කරලා ෆෝන් එක කට් කලේ කිසිම දෙයක් හිතාගන්න බැරුව...

" ජි....ජිමින්...අපිට ඕනි කෙනා මෙච්චර කල් අපි ලඟම ඉදලා...ඒ...ඒත් අපි....? "

" JK මේ වෙලාවේ ඒ ගැන විතරක් ෆෝකස් කරන්න...."

" දේ....ඒත් ජිමින් මෙතනින් පස්සේ අපිට ලේසි වෙන්නෑ...."

" ඒ කිව්වේ JK...? "

" අපි හෝල් එකට යන්...මට ඔයාටයි නීරා ටයි කතා කරන්න ඕනි..."

එහෙම කියලා නීරාට කෝල් එකක් දීලා අපි දෙන්නම ලයිබ්‍රි එක පිටිපස්සේ හෝල් එකට ගියා...අපි යනකොටත් නීරා කැන්ටින් එකේ ඉදන් හෝල් එකට ඇවිත් ඉදියා...

" JK වේ....? හදිසියේම එන්න කිව්වේ..? "

" නීරා වැදගත් දෙයක් තියෙනවා කතා කරන...ඉදගන්නකො.."

මම කියනකොට ජිමිනුයි නීරායි දෙන්නම පුදුමෙන් වගේ ඉදගත්තා...

" මෙහෙමයි....නීරා...දැන් ටිකකට කලින් මට මේක දැනගන්න ලැබුනේ...මිආගේ මරනෙට සම්බන්ධව ඉන්න කෙනෙක්...එයා එන්නෙත් මේ කැම්පස් එකටමයි..."

" මො....මොකක්....? අපේ කැම්පස් එකට...? "

" දේ..... එයා ගැන විස්තර මම කියන්නම්...මට ඊට කලින් නීරාගෙන් දැනගන්න දෙයක් තියෙනවා... "

" දේ....කියන්න JK... "

" නීරා...ඔයා කිව්වා නේද මිආ අන්තිම දවස්වල නිතරම කල්පනා කලා කියලා...? "

" දේ....එයාගේ වෙනදට වඩා වෙනසක් තිබුනා..".

" අරස්සෝ....හොඳට මතක් කරන්න නීරා එයා ඉදියේ ඔයා එක්කමද...? කැම්පස් එකේ වෙන අයත් එක්ක එයාගේ මොන වගේ සම්බන්දයක් ද තිබුනේ..හොඳට කල්පනා කරලා උත්තර දෙන්න නීරා...ඔයාට මග හැරුණ මොනවම හරි දෙයක් මතක් වෙයි..."

" දේ...එයා ඉදියේ මා එක්කමයි...කැම්පස් එකේ හැමෝ එක්කම එයා හොදින් ඉදියා..ළමයි එයාට ගොඩක් කැමතියි.."

" හොඳට හිතන්න නීරා...."

මම කියනකොට නීරා ආයෙමත් කල්පනාවට වැටුණා...එකපාරටම මතක් වුන දෙයක් එක්ක නීරා පුටුවෙන් නැගිට්ටා...

" පො....පොඩ්ඩක් ඉන්න..ජි...ජිමින් ඔයාට මතකද කැම්පස් එකෙන් අයින් වෙලා ගිය රොජර්ගේ පාටි එක...එයා යන්න කලින් දුන්නේ..ඒක දුන්නේ මිආ නැති වෙන්න මාස එකහමාරකට වගේ කලින්...එදා ඔයා ඒකට ගියාද...? "

" අ....අනී..මම ගියෙ නෑ..මතක විදිහට මම එදා මම කැම්පස් ආවෙත් නෑ..."

" දේ...එදා මම කැම්පස් ආවත් පාටි එකට ගියෙ නෑ....ඒත් මිආ ඒකට ගියා...? ..එතනදි මිආට ප්‍රශ්නයක්වත් උනාද...? "

" ඒ පාටි එකට ගිය අය කවුද ඉන්නේ...? ඔයාලට විස්වාස කෙනෙක්..කවුද ඉන්නේ.? "

" එක්කෙනෙක් ඉන්නවා JK...මින් හා.."

" මින් හා... නීරා ඔයාට පුලුවන්ද එයාගෙන් ඒ ගැන අහන්න...මිආ ගේ වෙනසක් තිබුනද නැත්නම් මිආ ප්‍රශ්නෙකද ඉදියෙ කියලා....මේක අපි අහන්න ගියොත් ළමයි ඒ ගැන දැනගන්න පුලුවන්..."

" අරස්සෝ JK....මම ඒ ගැන මින් හා ගෙන් සැක නොහිතෙන්න අහන්නම්.."

" ගුඩ්....එතකොට ජිමින්....ඉස්සරහට හිතන්නේ නැති දෙවල් වෙන්න පුලුවන්..හැමදේටම රෙඩි වෙලා ඉන්න.."

" ඕනි වෙලාවක රෙඩී "

ජිමින් මට ෆිට් එකක් දීලා කියනකොට හිතට ලොකු සැනසීමක් දැනුණා...

" තව දෙයක්...දෙන්නම අහගන්න...දැන් අපි ලඟම කෙනෙක් ඉන්න නිසා මේක ලේසි වෙන්නෑ..ඒ වගේම අපිට මිආ ගැන මීට පස්සේ කොහේදිවත් සඳහන් කරන්නත් බෑ..අපිට මේ ගැන රිස්ක් එකක් ගන්න බෑ...දෙන්නම මතක තියාගන්න අද ඉදන් , මේ දැන් ඉදන් අපි අනිත් අය වගේම සාමාන්‍ය තුන් දෙනෙක්...අපි දෙයක් ගැන හොයනවා කියන එක කාටවත් ඇඟවෙන්න බෑ...ඒ වගේම ඔයාලා දෙන්නගෙන් කාටහරි මිආ ගැන දෙයක් කතා කරන්න ඕනිනම් මැසේජ් එකක් එවන්න LB කියලා යටින් ටයිම් එක දාලා..."

" LB ? "

ජිමින්ට මම කියන දේ හරියට තේරුණේ නැති නිසා ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන ඉදියා..

" ආ....යිගෝ....ටියුබ්ලයිට් එක...LB කියන්නේ ලයිබ්‍රි කියන එක..ඒක රහස් කෝඩ් එකක් කියල හිතන්නකො...
එතකොට කෙනෙක් ඒ මැසේජ් එක දැක්කත් ප්‍රශ්නයක් නෑ...කිසිම වෙලාවක එතනට අපි එකතු වෙනවා කියලා කාටවත් ඇඟවෙන්න දෙන්නත් එපා...මතක තියාගන්න අපි පරිස්සම් නොවුනොත් මේ ප්‍රශ්නේ අවුල් ජාලයක් වෙයි..."

" අනී....අපි ඔයා කියන විදිහටම කරන්නම් JK..."

" නියමයි නීරා...මම ඔයාලට තේරුම් කරන්නම් ඉස්සරහට කොහොමද වෙන්න ඕනි කියලා..."

එහෙම කියලා එතනින් පස්සේ මිආ ගේ ප්‍රශ්නේදී වෙන්න ඕනි කොහොමද කියලා මගේ හිතේ තිබුන ප්ලෑන් එක නීරාටයි ජිමින්ටයි පැහැදිලි කලා...හැමදෙයක්ම වෙන්න ඕනි පිළිවෙළ මම දෙන්නටම පැහැදිලි කලා..

" හරි නේද...? දෙන්නටම තේරුනානේ...නීරා මතක තියාගන්න ඔයාට මෙතනදි ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න..."

" ඒ වගේම පරිස්සම් වෙනවා.මට බෑ හැම වෙලේම ඔහේව පරිස්සම් කරන්න...මොනවා හරි කරගත්තොත් එහෙම මම ඔහේව මරනවා..."

ජිමින් එකපාරටම මැද්දෙන් පැනලා කියනකොට නීරා කටත් ඇරගෙන ජිමින් දිහා බලාගෙන ඉදියා...

" ඔය කට වහගන්නවා...මොකෙක් හරි රිංගයි..."

ජිමින් ආයෙම සැරයක් නීරා දිහා බලලා කියන ගමන් පුටුවක් ඇදලා ඇරගෙන ඉදගත්තා...ජිමින් කියපු දේට ලැජ්ජා හිතිලා වගේ නීරා බිම බලාගෙන හිනා වුනා..මේකට මොකක් වෙලාද....? කියන්නෙ නම් නීරා ගැන කිසි අදහසක් නෑ කියලා...ඒත් එහෙම පේන්නෑ..අනී අනී...වෙන්න බෑ...ජිමින් නීරාව දැන් තවත් පරිස්සම් කරන්නේ මිආට වුන දේ ගැන හිතේ බයක් දුකක් තියෙන නිසා වෙන්න ඇති...තනි හිතට හිතන ගමන් මම ආයෙමත් කතාවට බැස්සා..

" අරස්සෝ....දෙන්නටම තේරුනානේ...ජිමින් අපි රග්බි වලට වැඩි උනන්දුවක් දෙනවා කියලා කැම්පස් එකේ අයට පේන්න ඕනි....එතකොට කවුරුත් අපිව සැක කරන එකක් නෑ.."

" දේ...මම කැප්ටන් නිසා කොහොමත් ඔයාට ඉස්සරහට රග්බි වලට වැඩි උනන්දුවක් දෙන්න වෙයි..."

ජිමින් ඇඟේ හිරි ඇර ඇරා කිසි ගාණක් නැතුව කිව්වේ මාව අවුස්සන්න කියල මට තේරුණා..මාත් වැඩේ අතෑරියේ නෑ..

" එහෙමයි කැප්ටන්....මම කැප්ටන් ගැනත් ගොඩක් උනන්දු වෙන්නම්..."

මම කියනකොට ජිමින් ඇස් දෙක ලොකු කරගෙන මා දිහා බලාගෙන ඉදියා...

" ව්...වේ...වේ.....? මොකක්ද කරන්න යන්නේ...විකාරනම් කරන්න එපා JK.වස ලැජ්ජාව..."

"ඉතින් මම මුකුත් කරාවෑ.මම කීවේ කැප්ටන් ගැනත් උනන්දු වෙන්නම් කියලා....ඒක වැරැද්දක්ද...? "

" අ...අනී අනී....මා ගැන උනන්දු වෙන්න එපා...මම මාව බලාගන්නම්...."

" අනී......එහෙම බෑ.....මම බලාගන්නම්...කෝ බලන්න ඔයාගේ මූණේ අදත් හොදටම දාඩිය....පොඩ්ඩක් ඉන්න මම ලේන්සුව හොයාගන්නකම්..කොහෙද දැම්මේ මේක මම..."

මම බොරුවට සාක්කු අත ගගා ලේන්සුව හොයනකොට ජිමින් හෝල් එකෙන් එලියට පැනලා දිව්වා...මමත් ලේන්සුව අරගෙන ජිමින් පස්සෙන් දුවනකොට එකපාරටම ලයිබ්‍රි එකේ ඉදන් එලියට ආව කෙල්ලෝ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මගේ ඇඟේ හැප්පිලා ඇදගෙන වැටුණා...

" ඔහ්.......චිසෝහම්නිදා....මම ඔයාව දැක්කෙ නෑ..ඔයාට තුවාල නෑ නේද...? "

අනිත් කෙල්ල එයාව නැගිට්ටවනකොට මම එහෙම අහන ගමන් එයා අතින් වැටුන පොත් ටික ආයෙමත් එයාට අහුලලා දීලා මූණ දිහා බැලුවේ හැප්පුනේ කවුද කියලා හරියටම දැක්කෙ නැති නිසා...

මම පොත් ටික දෙනකොට එයා සුහදව හිනා වෙලා පොත් ටික අතට ගත්තා...එයාව දැක්කම මට හුරු පුරුදු භවක් දැනුණා..

" චිසෝහම්නිදා...මම දැක්කේ නෑ ඔයා දුවගෙන එනවා..."

එයා ඔලුව නමලා බයෙන් වගේ කිව්වේ ගොඩාක් අහිංසක විදිහට...

" අ...අනී...අනී...මගේ වරද...මම බලන්නෙ නැතුව දුවගෙන ආවා..."

ඒ එක්කම වගෙ එතනට ජිමින් ආවා...

" යා.....හ් මම බැලුවා මගේ පස්සෙන් දුවගෙන ආව එකා කෝ කියලා..මෙතන මොකද උනේ..."

" අ...අනී අනී....මම දුවගෙන එනකොට මෙයාගේ ඇඟේ වැදිලා මෙයා බිම වැටුණා..."

" මෙයා...කවුද මේ මෙයා....මේ මෙයා ඔයාගේ නම මොකක්ද මෙයා...?"

ජිමිනා කිසිම ගාණක් නැතුව අහනකොට කෙල්ල කට පුරාම හිනා වුනා..

" ම...මම...හනා...."

" ඕ....හනා....අරස්සෝ අරස්සෝ ඔයාලා යන්න දැන්..."

ජිමින් කියනකොට කෙල්ල ආයෙමත් මට සොරි කියලා එතනින් ගියා...

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

301K 51.5K 64
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
232K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
575K 75.1K 80
Ya Amar = My Moon or My most beautiful (Alpha & Omega)
37.2K 4.5K 42
I don't wanna be right .