🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

75K 13.9K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

15 කොටස

1.7K 383 29
By Sandee_96

"ර....රඟපානවා කිව්වේ සර්...? "

ජිමින් අහනකොට සර් නලල රැලි කරලා ජිමින් දිහා බැලුවා..

" ජිමින් ඔයා වැටුන එකනම් මට පිළිගන්න පුලුවන්...ඔයා හැම වෙලේම ඇදගෙන වැටෙන කෙනානේ....ඒත් මේ JK ට මොකක්ද උනේ එකපාරටම...ඔයාටත් ජිමින්ගේ භූමි වන්දනාව බෝ උනාද..? "

සර් මා දිහා බලාගෙන කියනකොට මට එකපාරටම ජිමින් දිහා බැලුවේ සර් කියපු කතාවට හිනාව තද කරගෙන...මම තොල් තද කරගෙන හිනා වෙනකොට ජිමින් මා දිහා කන්න වගේ බලන් ඉදියා...

" පොඩ්ඩක් ඉන්නවකෝ මෙතනින් යනකම්..."

ජිමින් රව රවා කියපු විදිහට මට තවත් හිනාව තද කරන් ඉන්න බැරි උනා...තද කරගෙන ඉදපු හිනාව එකපාරටම එලියට පැන්නේ කෝච් සර් ළඟ ඉන්නවා කියලත් අමතක වෙලා..

" වේ මොකද JK හිනා වෙන්නේ...? "

" අ...අනී අනී සර් මුකුත් නෑ..."

අමාරුවෙන් හිනාව තද කරගෙන උත්තර දෙනකොට කොච් සර් මා දිහා බලලා හිනා වුනා..

" මම ඇත්තටම කිව්වේ...ජිමින් දැන් හොඳයි..මුල් කාලේ ජිමින් ග්‍රවුන්ඩ් එකට එන්නෙම භූමි වන්දනාව කරලා...පළවෙනි දවසේ මම හිතුවේ එයා ග්‍රවුන්ඩ් එකට ග්‍රීට් කලා කියලා...පස්සේ තමා දැනගත්තේ වැටෙන එක ජිමින්ගේ හොබී එක කියල "

තවත්නම් හිනාව ඉවසගෙන ඉන්න බැරි උනා....ජිමින්ට පිටට පාරක් ගහලම මම හයියෙන් හිනා උනා...ජිමින් දැනුණ ලැජ්ජාවට අතින් කොන්ඩේ හද හදා යන්තම් හිනා වෙවී වට පිට බල බලා ඉදියා...

" අරස්සෝ අරස්සෝ.....මේක විහිලුවට ගන්න එපා ප්ලීස්...දෙන්නත් එක්ක මේක කරන්න...කොල්ලො දෙන්නා...මට ඔය දෙන්නව ඕනි..ඒකයි මම හොයාගෙන හරි එන්නේ... ඔයාලා දෙන්නම ගොඩක් දක්ශයි...ඒක එලියට ගන්න...අනික ජිමින් ඔයා..රඟපාන්න ලෑස්ති වෙන්න එපා...මම ඔයාව දන්නේ ඔයා ස්කෝලෙ යන කාලෙ ඉදන් ඕකේ...? මම හොදටම දන්නවා රග්බි කියන්නේ ඔයාගේ ඇඟේම තියෙන දෙයක් කියල..."

කෝච් සර් ජිමින්ගේ උරිස්සට තට්ටුවක් දාලා කියනකොට ජිමින් සුහදව හිනා වුනා..ඊළඟට කෝච් සර් බැලුවේ මා දිහා..

" අනිත් කෙනා JK.ඔයා ගැනත් මම හොඳට දන්නවා...ඔයා පළවෙනි දවසේම බොලෙ අරන් ගිය විදිහට ඔයාට ජිමින්ටත් වඩා හොද ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනි...මගෙන් හැංගෙන්න හදන්න එපා.."

සර් මටත් තට්ටුවක් දාලා එහෙම කියලා අපි දෙන්නට ආයෙම සෙල්ලම් කරන්න කිව්වා...සර්ගෙන් ඈත් වෙලා කෝඩ් එක ඇතුලට එනකොට ජිමින් මගේ බඩට ඇනලා කියවන්න පටන් ගත්තා..

" යා....හ් JK මට හිනා වුනා නේද...? "

" හිනා යන්නේ නැද්ද...කෝච් සර් කියපුවට.."

" මටත් වාරයක් එයිනේ...බලාගෙන ඉන්නවකො...එදාට මම කරන දේ ."

" ජිමින් මොනා උනත් මට සර් ගැන දුක හිතුනා...අපි මේක කරමු...අපි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ සර්..."

" දේ....ගේමක් දෙමු...මිආ ගේ ප්‍රශ්නේ මේකත් එක්ක පටලගන්නෙ නැතුව අපි කොහොම හරි ඒ ගැන හොයමු JK "

ජිමින් මට ෆිට් එකක් දෙන ගමන් එහෙම කියලා  ගිය ගමන්ම අනිත් ටීම් එකෙන් බෝලේ අරගත්තා..ජිමින් රග්බි වලට දක්ශයි...එයා හරි ඉක්මනට විරුද්ධ පිලේ ගෝල් කඩනවා...

ටික වෙලාවක් සෙල්ලම් කරනකොට කෝච් සර් අපි හැමෝටම ආයෙමත් එන්න කිව්වා...

" අරස්සෝ.....මම කැප්ටන් තේරුවා..."

එහෙම කියලා සර් මගේ දිහා බැලුවා....

" JK...ඔයාට වගේ දෙන්න හදන්නේ හොඳ වැඩේ...මට හිනා වුනානේ...පොඩ්ඩක් ඉවසලා ඉන්නවකෝ නම කියනකම්...මටත් ආසයි හයියෙන් හිනා වෙන්න.."

ජිමින් මට ලං වෙලා හිනා වෙවී කියවන්න පටන් ගත්තා...

" ටීම් එකේ කැප්ටන් තමයි...."

සර් එහෙම කියලා ආයෙමත් මගේ දිහා බැලුව...මොකක් ඇත්තටම මටද දෙන්න යන්නේ..මටනම් බෑ...කැප්ටන් උනොත් මට මිආ ගැන හොයන්න තියෙන කාලේ ටිකක් මගෑරෙනවා..ඒක කරන්න බෑ...අනී...අනී...ප්ලීස්...මට දෙන්න එපා...මම හිතින් ප්‍රාර්ථනා කලා...

සර් ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉදලා එකපාරටම ජිමින් දිහා බැලුවා..

" අපේ කැප්ටන් තමයි ජිමින්.."

ඒක ඇහුණා විතරයි මගේ ඉහේ මලක් පිපුණා වගේ...මෙච්චර වෙලා මගේ නම කියනකම් බලාගෙන ඉදපු ජිම්න් මගේ දිහා බලාගෙනම ගල් වෙලා ඉදියා...

" ම....ම...මම...? අ...අනී සර්...වේ...මම ? සර් කිව්වේ මට වඩා JK ට ප්‍රැක්ටිස් එක වැඩීයි කියල.."

ජිමින් ගොත ගහ ගහා සර්ගෙන් අහනකොට සර් රවලා ජිමින් දිහා බැලුවා..

" ඉතින්...? මම කිව්වෙ නෑනේ ඔයා නරකයි කියලා...දැන් ඒ කතා වැඩක් නෑ..ඔයා තමා කැප්ටන්..."

සර් එහෙම කියලා ස්පෝට්ස් ක්ලබ් එක ඇතුලට ගියා....සර් යනකම් බලාගෙන ඉදපු මම හිර කරගෙන ඉදපු හිනාව එලියට දැම්මේ ජිමින්ගේ කන ලඟට ලං වෙලා..

" ජිමිනා....ආ යූ ඕකේ ? "

"යා.....හ්...මම හොදින්...දැන් මමනේ කැප්ටන් බලාගම්මුකො ඉස්සරහට "

ජිමින් රවලා එහෙම කිව්වම මට ඒකනම් ඇල්ලුවෙ නෑ..ජිමින් කැප්ටන් නිසා මට ඉස්සරහට හොඳ කටු කන්න ලැබෙයි කියලා ඒ බැල්මෙන්ම තේරතේරුනා..
ටිකක් වෙලා ග්‍රවුන්ඩ් එකේ ඉදලා අපි දෙන්නම හෝල් එකට ඇවිත් සෙනසුරාදා යන ගමන ගැන කතා කරගත්තා...

සෙනසුරාදා ( Time Pass )
---------------------

උදේම ලෑස්ති වෙලා බලාගෙන ඉදියේ 10 වෙන්නේ කීයටද කියලා...හරියටම වෙලාවට ඉන්න ඕනි නිසා පැය භාගෙකට කලින් මමයි ජිමිනයි රිච්මන්ඩ් පාර්ක් එක ලඟට ආවා...ඩොක්ටර් කීවා වගේම පාර්ක් එකේ කෙලවර රජ පිලිමෙ ළඟට වෙලා බලාගෙන ඉන්නකොට හරියටම 10 ට විතර ඩොක්ටර් එයාගේ ළමයි දෙන්නයි වයිෆුයි එක්ක පාර්ක් එකට ආවා..

අවුරුදු 12 ක විතර වයස ගෑනු ලමයෙකුයි අවුරුදු 5 ක් විතර වයස පිරිමි ලමයෙකුයි එක්ක ආපු ඩොක්ටර් අපිව දැක්කත් නොදැක්කා වගේ බිමින් මැට් එකක් එලලා කට්ටිය එක්ක ඉඳගත්තා...කලබල වෙන්නෙ නැතුව මමයි ජිමිනුයි බලාගෙන ඉදියේ ඩොක්ටර් කොයිම වෙලාවක හරි අපිට ඉඟියක් දෙයි කියලා..

හිතුවා වගේම ඩොක්ටර් පොඩි වෙලාවකට පස්සේ පුතත් එක්ක බෝල යක් අරන් සෙල්ලම් කරන්න පටන් ගත්තා..වතාවක් දෙවතාවක් විතර පුතාගේ අතටම බෝලේ දාලා ඩොක්ටර් හිතලම වගේ අපි ඉන්න තැනට බෝලෙ වීසි කලා...ඒක අහුලගන්න එනවා වගේ ආපු ඩොක්ටර් වට පිට බලලා ඉක්මනට ජැකට් එකේ තිබුන ලියුම් කවරයක් අරන් මගේ අතට දුන්නා..

" මියන්හේ...වැඩි වෙලාවක් නෑ.මගේ ගැන උන් ඇහැ ගහගෙන ඉන්නවා වෙන්න පුලුවන්...කරුණාකරලා මගේ පවුල බේරගන්න.මේකේ හැම විස්තරයක්ම තියෙනවා...ආයෙම හොස්පිට්ල් එකට එන්න එපා..අවශ්‍යනම් කතා කරන්න මගේ නම්බර් එකත් මේකේ තියෙනවා."

මට වචනයක්වත් කියන්න නොදී එහෙම කියලා ඩොක්ටර් බෝලේත් අරගෙන ආයෙම පුතා ලඟට ගියා....අපිට අවශ්‍ය දේවල් ලැබුන නිසා අපි ඩොක්ටර් ළඟින් අයින් වෙලා මිනිහා කිව්වේ ඇත්තමද බලන්න පාර්ක් එකේ මිනිහව පේන දුරකින් තියෙන බෙන්ච් එකක ඉඳගෙන ඩොක්ටර් දීපු ලියුම් කවරේ ඇරියා..

ඒකේ මරණ වාර්තාවක් එක්ක පොඩි ලියුමක් තිබුනා..

" චිසෝහම්නිදා.....,
ඔයාලා හොයන නියම මරණ වාර්ථාව තමයි මේ...මරණ වාර්තාව පිටිපස්සේ මේ දේවල් වලට සම්බන්ධ හැම කෙනෙක් ගැනම මම පැහැදිලිව විස්තර කරලා තියෙනවා.මමත් මුල ඉදන් මේවාට හවුල් උනා.ඒත් මට තවත් මේවා කරන්න බෑ..මම දන්නවා මට දඬුවම් විදින්න ලැබෙනවා..ඒකට කමක්නෑ..දවසක උන් අතින් මගේ පවුලම මැරිලා යනවට වඩා මම විතරක් මැරෙන එක මට සහනයක්.කරුණාකරලා මට දඬුවම් ලැබෙන දවසට මගේ දරුවෝ දෙන්නවයි මගේ බිරිඳවයි අතාරින්න.එයාලා මේ කිසිම දෙයක් දන්නෑ....කරුණාකරලා එයාලට දඬුවම් කරන්න එපා..."

ලිවුමේ තිබුන විදිහට ලියුම කියවලා ඉවර වෙලා මම මරණ වාර්ථාව එලියට ගත්තේ වෙවුලන අත් වලින්...පරණ වාර්ථාවේ තිබුනා වගේම ගොඩාක් සමාන දේවල් එක්ක තිබුන දේවල් දෙකක් නිසා මගේ මුලු ඇඟම වෙවුලන්න ගත්තා...ඒක කේන්‍තියෙන්ද දුකින්ද කියලා මට තේරුනේ නෑ...

" ජි.....ජිමින්....මි...ආගේ..."

" වේ...JK.මොනවද තියෙන්නෙ...මට බලන්න දෙන්න..."

මම වෙවුල වෙවුල කතා කරනකොට ජිමින් කලබලෙන් මගේ අතේ තිබුන මරණ වාර්ථාව අරගෙන කියවන්න පටන් ගත්තා...ටිකක් වෙලා බලලා එකපාරටම ජිමින් ශොක් වෙලා වගේ මගේ දිහා බැලුවා..

" ඩ්‍ර.....ඩ්‍රග්ස්...? "

" ජි...ජිමින්...කොහොමද මගේ මිආගේ ඇඟේ ඩ්‍රග්ස් තියෙන්නෙ...? අ...අනිකා මිආ නැති වෙනකොට...? අ...අනී අනී...එහෙම වෙන්න බෑ....මේක ඩොක්ටර්ගේ බොරුවක්...ඒක වෙන්න බෑ.... "

එහෙම කියලා හිතට ආපු ආවේගෙට මම ඉනේ තිබුන පිස්ටල් එක අරන් ඩොක්ටර් ඉන්න තැනට යන්න හදනකොට ජිමින් මාව නතර කරගත්තා...

" අනී...JK යන්න එපා...මෙතන ප්‍රශ්නයක් උනොත් අපි මිආ ගැන හොයනවා කියලා මේකට වග කියන්න ඕනි උන් දැනගන්න පුලුවන්...ඉවසන්න..."

" ඒත් ජිමින්...ඔයා දැක්කද යටින්ම තියෙන එක...කො...කොහොමද එහෙම වෙන්නේ...මිආ කවදාවත් එහෙම කරන්නෑ....මගේ මිආ ගැන මම දන්නවා ජිමින්...එයාට එහෙම කරන්න බෑ..."

මම අඬ අඬා කියනකොට ජිමින් මාව බදාගත්තා...

" අනී...JK...මෙතන අපි හිතනවට වඩා ලොකු දෙයක් වෙලා තියෙනවා..ඒක දවසක දෙකක දෙයක් නෙමෙයි.මාස ගාණක් තිස්සේ මිආ මේවා දරාගෙන ඉදල තියෙනවා..."

ජිමින් වෙවුල වෙවුල කිව්වේ වේදනාවෙන්.මට දැනුනේ මගේ ඇඟම ගිනිගන්නවා වගේ...ඉක්මනට ජිමින්ගේ අතේ තිබුන මරණ වාර්තාව අරන් පිටිපස්ස බැලුවේ මේකට වග කියන්න ඕනි උන් කවුද කියල දැනගන්න...

ඒකේ මම නොදන්න නම් ගොඩක් එක්ක ඇඩ්‍රස් දෙකක් ලියලා තිබුනා...ජිමින්ටවත් නොකියා මම කේන්තියෙන් පාර්ක් එකෙන් එලියට ඇවිත් බයික් එක අරගෙන යන්න හදනකොට ජිමින් ඇවිත් මාව නැවැත්තුවා.

" JK කොහෙද යන්නේ...? "

" මම යනවා උන්ව හම්බවෙන්න..ජිමින් මට තවත් බලන් ඉන්න බෑ....."

එහෙම කියනවත් එක්කම මට කෝල් එකක් ආවා...කතා කලේ මිස්ටර් ජින්...

" යොබොසොයෝ මිස්ටර් ජින්..."

" යොබොසොයෝ JK...ඔයාගේ ෆයිල් එක ඕකේ වෙලා තියෙන්නේ..මිස්ටර් නම්ජුන් හැමදේම රෙඩි කලා...මතක තියාගන්න ඔයා ඔතනට ගියේ මිආ ගැන හොයන්න වගේම මේ දේත් කරන්න කියලා..මම ඔයාව විස්වාස කරනවා JK....එක තැනක් හරි ගැස්සුනොත් අපේ ප්ලෑන් ඔක්කොම ඉවරයි...ඒ නිසා කරන හැමදේම කල්පනාවෙන් කරන්න...ඔයාට සම්පුර්ණ නිදහස තියෙනවා ඕනිම වෙලාවක ඕනිම දෙයක් කරන්න..."

" අරස්සෝ මිස්ටර් ජින්...මට හැමදේම මතකයි....මිස්ටර් ජින්ට පුළුවන්නම් මිස්ටර් නම්ජුන්ට මම වෙනුවෙන් ස්තූති කරන්න..මගේ හැමදේම බැලුවේ මිස්ටර් නම්ජුන්.."

එහෙම කියලා ෆෝන් එක තියලා මම බයික් එක උඩ ඉදගෙනම ලොකු හුස්මක් පිට කරනකොට ජිමින් ආයෙමත් කතා කලා..

" JK.මොකක් හරි අවුලක්ද.. ? "

" අනී....මිස්ටර් ජින් කතා කලේ..මිස්ටර් නම්ජුන් හැමදේම රෙඩි කරලා..මට ඒ ගැනත් බලන්න වෙනවා...මිආ ගේ කේස් එකත් එක්ක ඒක පටලගන්න බෑ..."

හිතේ වේදනාව තද කරගෙන මම ජිමින් එක්ක කතා කරනකොට ජිමින් ඇස් දෙකේ කඳුළු පුරවගෙන මගේ දිහා බලාගෙන ඉදියා...

" JK...මම දන්නවා...මරණ වාර්ථාව දැක්කම ඔයාගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනුණා කියලා...ඒත් මට තාමත් නොතේරෙන්නෙ මිආ කවදද කොයි වෙලේද එහෙම දෙයක් කරගත්තේ කියලා..."

" ජිමින්...මෙතන ලොකු අභිරහසක් තියෙනවා..එකින් එක ලෙහාගෙන එනකොට තව අලුත් දෙයක් එක්ක මේ ප්‍රශ්නෙ පැටලෙනවා...අපිට හැප්පෙන්න වෙන්නේ ලේසි පහසු කෙනෙක් එක්ක නෙමෙයි වගේ...අපිට ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා ජිමින්..."

ජිමින් එක්ක ටිකක් වෙලා කතා කරලා අපි ගෙදර එන්න පිටත් උනා..එන්න කලින් ජිමින් මාව කෙලින්ම ගෙදර යනවා කියලා පොරොන්දු කරගත්තා..ජිමින් කීවා වගේම කලබල වෙලා ඇඩ්‍රස් වලට ගිහින් හෙව්වොත් හැමදේම අවුල් වෙන නිසා වේදනාව හිර කරගෙන මම ගෙදර ආවා..ගෙදර ආපු ගමන් ශවර් එක යටට ගිහින් මම කලේ අඬපු එක..

" මේ තරම් දේවල් වෙලා ඇයි මැණික හැංගුවෙ....ඔයාට මොකක්ද උනේ...ඔයාට ඩ්‍රග්ස් දුන්නේ කවුද...? "

ශවර් එක උපරිමෙන් ඇරලා මම හයියෙන් කෑ ගහලා ඇඬුවා...පැයක් විතර ඇස් දෙක රතු වෙනකම් අඬලා අඬලා එලියට එනවත් එක්කම ජිමින්ගෙන් කෝල් එකක් ආවා...

" යො....යොබොසොයෝ ජිමින්.."

" යා...හ් බලනවා මම කෝල් කීයක් ගත්තද කියලා.."

" අ......මියන්හේ..මම වොශ් එකක් දාගන්න ගියා..."

" ඕ...අරස්සෝ අරස්සෝ....ගෙදර ආවද බලන්න ගත්තේ...JK කලබල වෙන්නෙ නැතුව අපි හැමදේම විසදගමු..."

" දේ....බය වෙන්න එපා..මම උන් හම්බවෙන්න යන්නෙ නෑ.."

" බය වෙන්න එපා...? මම නොදන්නවෑ ඔය ඇඟේ ඉන්න නසරානියා ගැන..."

" යා....හ්.."

මම කෑ ගහනකොට ජිමින් හිනා උනා.ටිකක් වෙලා කතා කරලා ෆෝන් එක තියලා මම පහලටවත් නොයා කලේ දවසම නිදාගත්ත එක...හත විතර වෙනකම් නිදාගෙන ඉදපු මාව ගැස්සිලා ඇහැරුනේ මිආව හීනෙන් දැකලා..ඇහැරුන ගමන් බෙඩ් ටේබල් එක උඩ තිබුන වතුර වීදුරුව එක හුස්මට හිස් කරලා මිආගේ ෆොටෝ එක දිහා බලාගෙන මිආගේ ෆොටෝ එක අතට ගත්තා..

" මගෙ මැණික..හොඳින් ඉන්නවා නේද...? ඔයා වේදනා වින්දද..? උන් ඔයාට මොකක්ද කලේ...? වේ....කිසිම දෙයක් නොකියා මගෙන් හැංගුවේ...? "

දරාගන්නම බැරි තැන ෆොටෝ එක දිහා බලාගෙන අඬ අඬා මම මිආ එක්ක කතා කලා...මගේ හිතේ මිආ ගැන තිබුන වේදනාව ෆොටෝ එකේ ඉන්න මිආව දැක්කහම තවත් වැඩි උනා...අඬ අඬාම ඇඳගෙන ඉදපු ඇඳුමට උඩින් ජැකට් එක දාගෙන මම පහලට දිව්වේ බයික් එක අරගන්න...

මම පහලට යනකොටම නැනී ඔම්මා ඉස්සරහට දුවගෙන ආවා..

" පොඩි මහත්තයා ඇහැරියද...? අපි කාල ඉමු මොනවා හරි...? "

" අ...අනී...මට ගමනක් යන්න තියෙනවා ඔම්මා....මම ඉක්මනට එන්නම්..."

" කොහෙද මේ රෑ වෙලා යන්නේ..අනික මහත්තයෝ ඇයි මේ අඬන්නේ...? "

නැනී ඔම්මා ප්‍රශ්න අහ අහා මගෙ පස්සෙන් ආවත් මම නතර වෙන්නෙ නැතුවම බයික් එක අරගෙන ආවා..මම කෙලින්ම ආවේ යුනික් බිල්ඩින් එකට...බියර් කෑන් පහක් අරගෙන මම ටෙරස් එකට ආවා...

කිසිම කෙනෙක් නැතුව පාලුවෙ මූසලකමින් පිරිලා තිබුණ් ටෙරස් එකට එන හැමදාම මට දැනුනේ මිආ එතන ඉන්නවා වගේ....

" මැණික....ඔයා ඉන්නවද...? "

මිආ ට කතා කරන ගමන් බිත්තියට හේත්තු වෙලා බිම ඉඳගෙන බියර් එකක් කඩලා ඒක එක හුස්මට හිස් කලා..මිආගේ මරණ වාර්ථාව ජැකට් එකෙන් එලියට අරගෙන මම ආයෙමත් බැලුවේ ඩ්‍රග්ස් ප්‍රතිශතේට යටින් මම අන්තිමට දැකපු වචන ටික හීනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්...ඒත් ඒ වචන ටික ඒ විදිහටම තිබුනා...

" යා.....හ් කවුද මගෙ මිආට මේක කලේ...? මිආ....මැණික හීනෙන් හරි ඇවිත් මට කියන්න මැණික...කවුද මේක කලේ...?"

මම නැගිටලා ගිහින් ටෙරස් එකේ බැම්මෙන් බිමට නැමිලා පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා...උඩ තියෙන හුලඟයි පාරේ යන වාහන සද්දෙයි නිසා මගේ සද්දේ කිසිම කෙනෙක්‍ට ඇහුණේ නෑ..මම ඇති වෙනකම් කෑ ගහලා ඇඬුවා...ආයෙමත් බිත්තිය අයිනට ගිහින් බියර් එකක් කඩලා ඒක බොන්න හදනකොටම මගේ ෆෝන් එක රින්ග් උනා...ඒ ගත්තේ ජිමින්..

" යො...යොබොසොයෝ "

" JK. කොහෙද ඉන්නේ...? "

ජිමින් කතා කරනවත් එක්කම මම කෑ ගහලා අඬන්න පටන් ගත්තා...

" ජිමිනා..මට බෑ.....තවත් බෑ...මට බෑ මේවා දරාගෙන ඉන්න..."

" JK.ඔයා කොහෙද ඉන්නේ...?"

" ම....මම..."

මට කියන්න උනේ එච්චරයි....ෆෝන් එකේ බැට්‍රි ලෝ වෙලා ෆෝන් එක ඕෆ් උනා...
ෆෝන් එක ආයෙමත් සාක්කුවට ඔබාගෙන මම අතට ගත්ත බියර් එක බොන්න පටන් ගත්තේ ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන...මම මත් වෙලා ඉදියේ නැතත් මුලු ඇඟේම තිබුනේ අප්‍රාණික ගතියක්...අඬලා අඬලා හෙම්බත් වෙලා ඉදපු මම ඇස් පියාගත්තම මිආ එක්ක සතුටින් ඉදපු මගේ සුන්දරම කාලෙට ඉබේම හිත දිව්වා...

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

339K 7K 28
Only one ML နေခန့်မင်းသစ် Age- 24 Height 6' "Sun"ဆောက်လုပ်​ရေး company ရဲ့ တစ်ဦးတည်းသောသားဖြစ်ပြီး မိဘအလိုလိုက်ထား၍ ဆိုးသွမ်းနေသူ မိန်းကလေးတွေကြားရေ...
712K 85.7K 78
Eternal love ..... . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint
31.9K 3.1K 21
Omegaverseဖြစ်ပြီးMarried lifeလေးပါ Start date -2.8.2024 End date -??
673K 30.9K 21
Story Name - Signs Of The Fate (ကံၾကမၼာခ်ည္တဲ့ျကိုး) Own Creation Written by choyee6 Fic cover by - Wang Qiu I own the photo , please do not use Sta...