WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_13th Winter_

696 178 76
By A_Shee1

_Winter Bear_
දහතුන්වෙනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

______________________________________

විනාඩියක් ගියේ නෑ..

ඒ ඇස් ආපහු හම්බුනා..

දෙන්නා ඇත්තටම ඇස් අඳුර ගත්තා..
ඔව්..

ඒ ඇස් වල කිසිම වෙනසක් තිබුණේ නෑ..

ටේ හොයපු ඇස් ඒ විදිහටම ඒ කෙල්ල ළඟ තිබුණා..

ඒ මාලේ අයිතිකාර ඇස්..

ඒ කෙල්ල ළඟ තිබුණා..

කොල්ලා ගල් ගැහුනා නෙවෙයි. මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරිව ගියා. මොනදේ වුනත් කොල්ලට ඒ ඇස් දෙක ගොඩක් හොදින් මතක තිබුනා. කාටවත්ම මකන්න බැරි සදාකාලික මතකයක් විදිහට.

මොනවා වුනත්..

වැඩක් වුණේ නෑ..

ඒ ඇස් සමාන වුණත් හොයපු මුණ සමාන වුණේ නෑ..

ඒ මූණ බැරිවෙලාවත් ඒ ඇස් වලට සමාන මූණට හිමිකම් කීවා නම්..

ඒත් එහෙම වුණේ නැති නිසාම..

ඒ හමුවත්..

දෙවැනි හමුවට වඩා නරක වුණා..

එයාලගේ ඇස් එකතු වෙලා තියෙන්න ඇති එක මොහොතක්.. ඒ වෙලාවේ වැඩිපුරම පුදුම වුණෙත් කොල්ලා වෙන්න ඇති. මොකද ඒ ඇස් හොයන්නෙ කොල්ලා නිසා. ඒ වුණත් ඒ මූණේ තිබුණ වෙනස්කම් ඒ බැඳීමට වැට බැන්දා..

" Excuse me.. ඔයාට පුළුවන්ද මගේ අත අත් අරින්න.."

ටේ හ්යුන් අහින්සගේ ඒ හඬින් තමා ගැස්සිලා මේ ලෝකෙට ආවේ. ඒ වෙනකොටත් අහින්සගේ ඇස් වල පුරුදුබවක් දැනිලා තිබුණ ටේ එයාගේ ඇස් වල අතරමං වෙලා හිටියේ.

" අනිත් එක ඔයා මට එයාගෙන් Excuse කරන්න කියන්නේ හරියට මන් විතරක් වැරැද්ද කළා වගේනේ.. හොඳට මතක තියාගන්න දෙයක් කියනකොට හොයලා බලලා කතා කරන්න.. මොකද ඔයාගේ ඔය girlලුත් වැරදියි ඒ කරපු වැඩේට. අනිත් එක මන් excuse කළා. එයා කළේ මට බැනපු එක විතරනේ. අන්න ඒ නිසා මන් එයාට වඩා හොඳයි.." 

අහින්සාගේ ඉවසීමේ සීමාව හොඳටම පැනලා තිබ්බත් පුළුවන් තරම් හොඳ වචන පාවිච්චි කරලා තමයි ටේට ඒ විදිහට කතා කළේ.. ඒ වුණත් කෙල්ලට පස්සේ හිතුනා එහෙම කතා කළා සැර වැඩියිද කියලත්.

නෑ..

ඉතින් ඇත්තනේ කීවේ.. එයාගේ කෙල්ල කියලා මට සැර දාලා හරියනවද.. අහින්සා හිතුවේ එහෙම..

එකට එක කියන්නවත් ටේ සිහියෙන් නෙවෙයි හිටියේ.. එච්චරටම ඒ ඇස් කොල්ලව ගස්සලා තිබුණේ.

~~~~~~~~~~

Practise ඉවර වෙලා Dorm එකට ගිය ටේ හ්යුන් තාමත් ඉන්නේ මේ ලෝකේ නෙවෙයි.

එක දවසක ඇස් දෙකක්..
අනිත් දවසේ මාලයක්..
අනිත් දවසේ ලස්සන හිනාවක්..

මන්දා..

හරි ලස්සනයි ඒ ආදරේ..

කොහොමත් ඈත ඉඳන් කරන ආදරේ ගොඩාක් ලස්සනයි..

ඒකපාර්ශ්වික ආදරේ ඊටත් වඩා ලස්සනයි..

ඒ අහම්බෙන් වෙන විදිහ නෙවෙයි..

දෛවයේ ලියවිලා තියෙන විදිහ..

_Kim Tae Hyung_

' ඇයි මට හිතෙන්නෙම එයාව දැකලා පුරුදුයි කියලා. එයාගේ මුණේ තිබ්බ rash එක.. ඒක ගොඩක් තද පෑරුමක් නිසා එයාගේ මූණ හරි කැතට පේන්නේ.. ඉතින් අර girl මාර ලස්සනයිනේ.. අපේ රටේ තරම් සුදු නැති වුනත් මාර ලස්සන skin colour එකක් එයාට තිබුනේ. ඉතින් කීයටවත් ඒ girl වෙන්න බෑනේ.

දෙවියනේ..

' අහින්සා ඔයා නිසා මට පිස්සු හැදිලා නවතින්නේ.. ඉන්න තැනක් විතරක් මට කියන්නකෝ. මන් ඔයාව කොහොම හරි හොයන් එන්නම්..

හැබැයි මන් ඔයාව හොයා ගත්තු දවසට නම් මාව හෙවුවෙ නැති එකට ඔයාට දුක හිතෙයි කෙල්ලේ.. වදෙන් බේරෙන්න බැරිවුනාම '

ටේ තනියම ඒ ලස්සන මාලෙත් එක්ක කතාව..

අහින්සා..

ඒ නම විතරයි එයාගෙ හිතේ තිබුනේ..

~~~~~~~~~~

ලෝක ප්‍රසිද්ධ BTS ගායක කිම් ටේ හ්යුන් ඉපදිලා තියන්නෙ මාව කන්න ද..??

එදා හොස්පිටල් එකේදි කොච්චර බැන්නද..?? පස්සෙ මට Heartattack හදවන්නත් ගියා විකාරයක් කරලා.

දැන් මෙතනත් එයා කරන්නෙ මට බනින එක විතරයි. එක්කො එයාට පිස්සු.. නැත්නම් මාත් එක්ක පවුද්ගලික තරහක් තියනවා. නැත්නම් ඒ විදිහට මාව කන්න හදන්නෙ නෑනෙ..

දිගටම මේ වැඩේ වෙයිද මන්දා..

මන් කරලා තියෙන කරුමෙ මහත කියන්නේ.. එයාට අතක් උස්සන්න හිතෙන්නෙ නෑනෙ.. ඔව් ඉතින්.. අවුරුදු හතරක ආදරේට අතක් උස්සන්න හිතෙයියැ..

මටත් පිස්සු..

එක්කො කමක් නෑ.. මන් ආදරේ කරපු කෙනා මට බනින්න හරි මාත් එක්ක කතා කරනවා නේ. හැමෝටම එහෙම chance එකක් හම්බෙන්නෙ නෑනෙ.. ඒක නිසා කමක් නෑ..

එහෙමයි කියලා සමාව දෙන්න පුලුවන් ද.. කී‍යටවත් බෑ.. මන් කෙල්ලෙක් නේ. නිකන් බැනුම් අහන්න පුලුවන් ද කොල්ලෙක්ගෙන්..

පුලුවන්..

බෑ..

පුලුවන්..

බෑ..

පුලුවන්..

බෑ..

පුලුවන්..

බෑ..

පුලුවන්..

බෑ..

පුලුවන්..

බෑ..

රෙද්ද.. හොදටම ඇති මේ විකාරේ..

කටවහගෙන වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නවා.. ආපහු කියන්නෙ නෑ මන්.. ආදරයක් කියලා දෙයක් තියනවා නම් ඒක හිතේ තියන් පැත්තකට වෙලා ඉන්නවා. මොකද ඕවා ඉටුවන හීන නෙවෙයි..

අහින්සා බොහොම අමාරුවෙන් තමයි කටින් කෑ ගහලා මොලෙයි හදවතයි නටපු පිස්සුව නවත්ත ගත්තේ..

~~~~~~~~~~~

" අඩෝ ටේ.. උබට කියන්න දෙයක් තියනවා.."

ඒ ඊලග දවසෙ උදේ.. ජිම්න් ටේ හිටපු recording room එකට ආවේ දෙයක් කියන්න හිතන්. ඒ වෙලාවෙ කොල්ලා හිටියේ සින්දුවක් ලියන ගමන්..

" ඕ.. වරෙන් ජිමින්.. උබ එලියට ගිහින් ඉක්මනට ඇවිත්නේ.. මන් ඒ පැත්තට ආවෙ නැත්තෙ උබ තාම ඇවිත් නැතුව ඇති කියලා හිතන්.." ටේ අතේ තිබුන පෑනත් පැත්තකින් තියලා ලොකු කතාවකට ලෑස්ති වුනා.

" කලින් ආවා බන්.. මෙහෙ වැඩ ගොඩ ගැහිල.."

" දුක තමා ඉතින්.. මැරෙන්න ද බන්.. මොකක්ද කියන්න තියන්නෙ උබට..??"

" ආ.. ඒක නිකන් ගෙස් එකක් විතරයි ටේ.."

" මොකක් ගැන ද බන් උබ ඔච්චර උවමනාවෙන් ගෙස් කරන්නෙ..??"

" නොදකින් විතරක් කිව්වා කතාවක්. උබ හින්දා තමයි මාත් මෙච්චර නටන්නෙ.."

" ඇයි බන් මන් හින්දා.."🙄

" ඇයි දැන් උබ අර උබේ පන ගැන හිතන එක නවත්තලද..? අසරන අපි දෙන්නා විතරද දැන් ඒ ගැන හිතන්නේ.. අන්න අරෙහෙ කුකි අදත් හොස්පිටල් එකට ගියා.. මාත් මෙහෙ පන යනකල් ඒ ගැන හොයනවා.. උබට ගානක්වත් නෑ.. ශික්.."

" අඩේ බන්.. එහෙම නෙවෙයි ඉතින්.. උබලට වඩා මන් ඒක ගැන හිතනවා. මේ song එකත් ඒ වෙනුවෙන් ලියන්නෙ.. ඒත් මේකෙ අගක් මුලක් මට පේන්නෙ නෑ. මට දැන් මන් ගැනම කලකිරිලා තියන්නේ.. කෙල්ලො පස්සෙ යන පිස්සෙක් කියලා.."

ටේ කිව්වෙ මාර sensitive කට හඩකින්. ඒ වගේම කොල්ලා ලිය ලිය හිටපු කොලේ තිබුනෙ පද දෙකක් විතරයි. එයා හිටියේ ඉතුරු ටික සම්පූර්ණ කරගන්න බැරුව..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

She looks like a blue parrot..
Would you come fly to me..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" එහෙම කියන්නෙපා වස්සො.. උබ ඔහොම serious කියපු පලවෙනි කෙල්ල නේද මේ girl..?"

" ඒ වුනත් ජිමින්.."

" ආ.. උබ ඔය කියන්න හදන්නෙ අර ජීහී කියන අටමගලෙ ගැනද.. අනේ please බන්.. දැන්වත් ඒක අමතක කරලා දාපන්.. රෙද්ද.." ජිමින් කිව්වෙ ටේ දිහා බලලා කේන්තියෙන්.

" හරි හරි ඉතින්.. උබ දැන් කේන්ති ගන්නෙ නැතුව කියන්න ආපු එක කියලා ඉදින්කෝ.." ටේ හ්‍යුන් කිව්වෙ වතුර බෝතලේ ජිමින්ට දෙන ගමන්.

" කියන්න ආපු එකත් මතකත් නෑ.. මැට්ටා.. ආ.. අහපන්කෝ.. අර කෙල්ලගෙ bio data එකේ තිබුන photo එක මන් zoom කරලා print කලානේ පැහැදිලිව මූන බලා ගන්න කියලා.."

" ඕ ඉතින්.."

" මතකද ඊයෙ ජීහීත් එක්ක සීන් එකක් දා ගත්ත කෙල්ල.."

" ඕ බන්.."

" ඒ කෙල්ලගෙ පොඩි සමාන ගතියක් පේන්නෙ නැද්ද.. මන් කිව්වෙ මූනෙ.."

" උබ හරි බන්.. මට ඕක හිතුනෙ ඊයෙ ඒ girlගේ අතින් ඇදපු වෙලාවෙමයි. සමාන ගතියක් තියන්නෙ මූනෙ නෙවෙයි ඇස් වල.."

" මගුලක් කියන්නෙපා ඉතින්.. මන් ඒ කෙල්ලගෙ අහවල් ඇස් දෙකක් බලන්න ගියෙ නෑ.. ඒත් මට මෙහෙම කියන්න පොඩි හේතු ටිකක් තියනවා.."

" හේතු..??"

" අහපන්කෝ.. ඒ girl Sri Lankan girl කෙනෙක්. අනිත් එක එයාගෙ ලොකු වෙනසක් තියනවා.. ඒ මොකක්ද කියන්න නම් මන් දන්නෙ නෑ. හැබැයි mask එකකුත් දාලා cap එකකුත් දාලා මෙච්චර AC කරපු Bighit එක ඇතුලෙ ඉන්නවා කියන එක ලොකු අවුලක් නේ.. සමහරවිට ඔයාගෙන්ම හැන්ගෙන්න හිතන් ද දන්නෙ නෑ.."

" ඔය සේරම කොහොම වුනත් එතෙන්ට නොගැලපෙන තැන් ගොඩක් තියනව ජිමින්.."

" ඔව් ඉතින්.. ඒක අනිවා.."

" එයා specialist කෙනෙක් කියලා උබ දන්නවනේ. ඒ වගේ කෙනෙක් මෙතනට එන්න කිසිම හේතුවක් නෑ. අනිත් එක එයාගේ මූනේ තිබුනා ලොකු rash එකක්.. ඒ නිසා.."

" මාත් ඔය ගැන හිතුවා ටේ හ්‍යුන්.. ඒත් එකක් එහෙමම අයින් කරන්න පුලුවන් අපිට.. rash එක makeup වැඩක් වෙන්න පුලුවන්.. ඊයෙ හවස මන් ඒ rash එක ගොඩක් ලගට බලා ගත්තා.. ඔව්.. ඒක makeup වෙන්න සීයට අනූවක්ම ඉඩ තියනවා"

" ඒත් අනිත් එක.."

" උබ හරි.. ඒක නම් ඔප්පු කර ගන්න කිසිම විදිහක් නෑ.."

" උබට හිතෙන්නෙ නැද්ද අපි මේ කරන්නෙ හෙන මෝඩ වැඩක් කියලා ජිමින්.."

" හිතෙනවා.. ඒ වගේම දන්නවා.. ඒ වුනත් පිලි ගන්නෙ නෑ.. මොකද අපි හොදටම දන්නවානේ.. Sri Lankan girlsලා කොරියාවෙ වැඩ කරනවා අඩුයි කියලා. ඒ නිසා අපිට මෙහෙම කෙනෙක් පස්සෙන් පැන්නුවොත් අපිට ඕනි කෙනා ගැන හොයා ගන්න පුලුවන්.."

" ඒක නම් ඇත්ත.. ඒත් මොකද කරන්නේ.. කෝ කුකියා..?? තාමත් ඇවිත් නැද්ද..??"

" එයා කිව්වා office එකෙන් අර medical team එකේ girlගේ bio data එකක් උස්සන්නම් කියලා.. ඒක වෙන්න ඇති පරක්කු.." ජිමින් කිව්වෙ කුප්ප හිනාවක් දාලා.

" උබලා නම් මරු බන්.. මටත් නොකියා හොද ගේමක් ගහන්න නේද ලැස්ති වුනේ.. අම්මපා.."

" එහෙම තමයි බොක්ක.. උබ අපිට කරලා තියෙන ඒවට මේව සුලු දේවල්.. අනිත් එක යාලුවො කියන්නෙ.." ජිමින් කිව්වෙ ටේ හ්‍යුන්ගෙ කරට අතක් දා ගන්න ගමන්..

~~~~~~~~~~

" ශික්.. මට මගේ මාලෙ හොයා ගන්න තිබුන නම්.."

අහින්සා එයාගේ බෙල්ලත් අල්ලන් තනියම කල්පනාව medical room එකේ ඉදන්.. යුන් ශික් දුන්න file එකක වැඩක් ඉවර කරලා තමයි කෙල්ල එහෙම කල්පනා කර කර හිටියෙ.

දැන් කෙල්ලට කිසිම දෙයක් මතක් වෙන්නෙ නෑ. ඊයෙ ටේට බැන්න එක ඇරෙන්න. ඒ වැඩේට කෙල්ලට හොදටම අවුල්. ඒත් ඉතින් මොනවා කියලා කරන්නද..? ඒ වෙලාවෙදි කරන්න තිබුන හොදම දේ තමයි කෙල්ල කලේ..

ඔව්..

මන් ඔයාට ආදරෙයි Kim Tae Hyung..

ඒ වුනත්..

ඔයා ඉස්සරහවත්..

මන් ඒ ආදරේ බාල්දු කරන්නෙ නෑ..

කවමදාවත්..

මොකද..

ඒ ආදරේ ඔයාට එකම එක් කෙනෙක්ගෙ වෙන්න ඇති..

ඒ වුනත්..
මගෙ මුලු ජීවිතේම හදා ගන්න උදවු කරපු..

කිසිම බොරුවක් හීනෙකින්වත් නොකරපු..

මගේ එකම ආදරේ ඔයා..

හැමෝටම කෑ ගහලා නොකිව්වත්..
මගේ එකම ආදරේ ඔයා තමයි..

ටේ හ්‍යුන්..

~~~~~~~~~~~

" මෙන්න හ්‍යුන් මන් bio data එක ඉස්සුවා.."

ජන්කුක් එහෙම කියන් ජිමිනුයි ටේයි හිටපු තැනට ආවෙ ලියුම් කවරයකුත් අරන්.

" හරි.. අපි බලමුකො මේ මොකක්ද කියල.. "  එහෙම කියපු ජිමින් ඒ කොලේ ලියුම් කවරෙන් එලියට ගත්තා.

" යකෝ.. මේ මොකක්ද මේ..??" ජිමින් ඒත් එක්කම උඩ ගිහින් කෑ ගැහුවා. ඒ පාරට ටේත් බය වුනා.

" ඇයි ජිමින්..??"

එහෙම කියාගෙන ටේ ඒ කොලේ ඇදලා ගත්තා. කුකියත් ඇවිල්ලා ඔලුව දැම්මෙ මොකක්ද වෙලා තියන්නෙ කියලා බලා ගන්න.

ඒකෙ තිබ්බෙ මේ වගේ දෙයක්..


" යකෝ.. මේ වගේ එකකින් හොයා ගන්න පුලුවන් මොකද්ද..??" ටේ ඇහුවෙ බිරාන්ත වෙලා..

" මොකක්ද කුකි මේ මලදානේ..??"

" අනේ හ්‍යුන් මන් සිරාමයි කියන්නේ.. මේක තමයි office එකේ තිබුන original එක.. මන්මයි මේක ගත්තේ.. කාටවත් කියලා නෙවෙයි ගත්තේ.. promise.."

" හරි කුකි.. අපි උබට වැරැදි කිව්වෙ නැහැනෙ.."

" එහෙනම් අපි guess කරපු දේ හරි.."

_________________________________________

Author's Mark = 🌿

දෙයක් අහන්න ද..

Hospital ඇද ද.. වේලකට පෙති 10ක් 15ක් බොන එකද සැප..

A_Shee ~

Continue Reading

You'll Also Like

153K 22K 16
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
439K 61.9K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
46.8K 10.7K 27
🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 "සෙල්ලම පටන් ගත්තේ මංනම් ඉවර කරන්න ඕනෙත්...
13.8K 4.5K 32
Mature content ... She is poison but lovely... He is soft And Hopeful... Taehyung × Medusa ~ Taedusa 🔆one and only exclusive collaboration in wa...