🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

75K 13.9K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

14 කොටස

1.6K 405 24
By Sandee_96

" මට හිතාගන්න බෑ ජිමින්.ඒත් මට එවලේ ඒ මනුස්සයව අවිස්වාස කරන්න හිතුනේ නෑ...අපි බලමුකො සෙනසුරාදාට මොකද වෙන්නෙ කියලා..."

" දේ....සෙනසුරාදාට ගිහින් බලමු..."

ජිමින් එක්ක කතා කලත් මගේ හිතේ තිබුනේ අබොජි ගැන...අබොජි මොකටද හොස්පිට්ල් එකට ආවේ කියන එක ගැන මට තිබුනේ ප්‍රශ්නයක්...ගෙදර යනකම් ඉවසිල්ලක් තිබුණෙ නැති නිසාම මම ජිමින් එක්ක පොඩි වෙලාවක් ඉදලා ඉක්මනට ගෙදර එන්න පිටත් උනා..මම එනකොට අබොජි සාලේ සෝෆා එකට වෙලා පත්තරේ බල බලා ඉදියා...හෙමින් සැරේ අබොජි ලඟට ගිහින් කතා කලේ මගේ හිතේ සැකේ නැති කරගන්න ඕනි නිසා..

" අබොජි....."

" දේ..."

අබොජි මාව ගනන් නොගෙන පත්තරේ දිහා බලාගෙනම උත්තර දුන්නා..

" අද අබොජි කොහෙද ගියෙ..? "

මම එහෙම අහනකොට අබොජි කලබල උනා...අබොජි මා දිහා ඇස් දෙක ලොකු කරගෙන පුදුමෙන් වගේ බලාගෙන ඉදියා..

" ම....මම....ඇ...ඇයි එහෙම අහන්නේ...?"

අබොජි ගොත ගහ ගහා අහන විදිහට මට ලොකු අමුත්තක් දැනුනා..

" අ..අනී...බයික් එක ගරාජ් එකට දානකොට වාහෙනේ මඩ පාරවල් තියෙනව දැක්කා...අද උදේ මම යනකොට පීටර් අංකල් වාහනේ සෝද සෝද ඉදියේ..මඩ පාරවල් තියෙන්නෙ පාරට දාලා නිසානේ..ඒකයි ඇහුවේ...අබොජිට ආයෙම අසනීපවත් උනාද කියලා හිතල ඇහුවෙ.."

" අ...අනී...අනී...හදිස්සියෙම කම්පැනි එකට යන්න වුනා..."

අබොජි කලබලෙන් වගේ උත්තර දීලා හැරමිටියට වාරු වෙලා සෝෆා එකෙන් නැගිට්ටා..

" ටිකක් නිදාගත්තනම් හොඳයි වගේ..පුතා වොශ් එකක් දාගෙන කෑම කන්න.."

එහෙම කියලා අබොජි හැරමිටියට වාරු වෙවී හෙමීට කාමරේට ගියා...අබොජිගේ වචනයි මූනේ තිබුන හැඟීමුයි එකට එකක් ගැලපුනේ නැති නිසා මගේ හිතේ සැකේ එන්න එන්නම වැඩි උනා...

මේ ගැන දැනගන්න ඉන්න අනිත් කෙනා පීටර් අංකල් නිසා මම පීටර් අංකල්ව හම්බවෙන්න එලියට ආවා..මම එනකොට පීටර් අංකල් අබොජිගේ පරණ කාර් එක සෝදනවා...මාව දැකලා පීටර් අංකල් අහිංසක විදිහට හිනා වෙලා කතා කලා.

" පොඩි මහත්තයා....මොකෝ ඇඳුම් මාරු කරන්නෙවත් නැතුව ආවේ...ආයෙම කොහේ හරි යන්නද..? "

" අ...අනී....පීටර් අංකල් අද කොහෙද අබොජිත් එක්ක ගියෙ...? "

මම අහනකොට පීටර් අංකල්ගේ මූණ වෙනස් උනා...අබොජි වගේම එයත් හොඳටම කලබල උනා...ටිකක් වෙලා ගල් ගැහිලා වගේ මගෙ දිහා බලාගෙන ඉදලා ආයෙමත් කිසිම දෙයක් නොවුන ගානට හිනා වෙලා මා දිහා බැලුවා.

" ආ....අහ්...අද ලොකු මහත්තයා එක්ක කම්පැනි එකට ගියා...."

අබොජි වගේම පීටර් අංකල් කීවේ එකම බොරුව...ඒකෙන් මට තේරුණා ඒ දෙන්නා මගෙන් මොනවම හරි දෙයක් හංගනවා කියලා...පීටර් අංකල් කියපු දේ පිළිගත්තා කියලා අඟවලා ආයෙම ගේ ඇතුලට යන්න හැරෙන ගමන් නිකමට වගේ අබොජිගේ කාමරේ ජනේලේ දිහා බැලුවම මම දැක්කා ජනෙල් රෙද්ද මෑත් කරලා අබොජි මා දිහා බලාගෙන ඉන්නවා.මම අබොජි දිහා බැලුවා විතරයි අබොජි ඉක්මනට ජනෙල් රෙද්ද වහලා දැම්මා..

අබොජි මොනවද මගෙන් හංගන්නේ...?
එයා ඇයි අද හොස්පිට්ල් එකට ආවේ...මොකක්ද මෙතන වෙන්නේ...වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව මම කාමරේට ඇවිත් වොශ් එකක් දාගන්න කියලා හිතාගෙන වොශෲම් එකට ආවා...වෙනදට වඩා වැඩි වෙලාවක් ශවර් එක යට ඉදපු මට නානාප්‍රකාර ප්‍රශ්න ඔලුවට ආවා...

" අබොජි ඇයි ඒ හොස්පිට්ල් එකටම ගියේ...? ඒ ගැන ඇහුවම ඇයි අබොජි මට බොරු කිව්වේ...අබොජි විතරක් නෙමෙයි පීටර් අංකලුත් මට බොරු කිව්වා..ඒත් වේ...? "

මම මගෙන්ම ප්‍රශ්න කරන ගමන් අද දවසේ වුන දේවල් එකින් එක කල්පනා කලා...ප්‍රශ්න ගොන්නක හිර වෙලා ඉදපු මම පියවි සිහියට ආවේ නැනී ඔම්මා මගේ කාමරේ දොරට තට්ටු කරනවා ඇහිලා...

" පොඩි මහත්තයා....මම එන්නද..?"

" නැනී ඔම්මා..මම නානවා..."

" අරස්සෝ....නාලා ඉවර වුන ගමන් පහලට එන්න එහෙනම්...කෑම සීතල වෙයි.."

" අරස්සෝ ඔම්මා...මම එන්නම්..."

මොනවා උනත් ඒ හැමදේම එකින් එක හොයාගන්නවා කියලා හිතාගෙන නාලා ඉවර වෙලා පහලට ආවේ කෑම සීතල වෙන්න කලින් කන්න කියලා හිතාගෙන..
පහලට ඇවිත් නැනී ඔම්මා ලෑස්ති කරල තිබුන කෑම කාලා ආයෙමත් කාමරේට ආවේ ටේයුන්ට කෝල් එකක් අරගන්න ගමන්...දෙතුන් පාරක් රින්ග් වෙනකොට එහා පැත්තෙන් ටේයුන්ගේ කටහඬ ඇහුනා..

" යොබොසොයෝ මිස්ටර් JK."

" යොබොසොයෝ ටේයුන්...ඩ්‍රයිවර් ගැන මොනවා හරි දැනගත්තද...? "

" අනී...කිසිම වෙනසක් නෑ මිස්ටර් JK.මිනිහා උදේට එනවා හයර් යනවා හවසට ගෙදර යනවා..."

" අරස්සෝ....මිනිහා පස්සේ තව පන්නන්න එපා ටේයුන්...මිනිහා පස්සේ පන්නලා වැඩක් නෑ....ඒත් මට ඉස්සරහට ඔයාගෙන් ගොඩක් උදව් ඕනි වෙයි..."

" අරස්සෝ මිස්ටර් JK.ඕනිම වෙලාවක මම උදව්වට ඉන්නවා."

" අරස්සෝ කම්සාහම්නිදා ටේයුන්..මේ ටිකේ මහන්සි උනාට...මම ආයෙම ඕනි උනොත් කතා කරන්නම්.."

ටේයුන් එක්ක කතා කරලා ඉවර වෙලා මිආගේ පින්තූරෙත් එක්ක ටිකක් වෙලා කතා කර කරා ඉදපු මට ඉබේම නින්ද ගිහින් තිබුනා...

පසුවදා
------

උදේම ලෑස්තිවෙලා කැම්පස් එකට යන්න හිතාගෙන පහලට ඇවිත් මුලු සාලේ පුරාම මම බැලුවේ අබොජිව.කෑම මේසෙවත් ගෙදර කොහේවත් ඉදපු නැති නිසා මම ඉක්මනට ගියේ කාර් එක ගරාජ් එකේ තියෙද බලන්න...ඒත් මම නොහිතපු විදිහට කාර් එක ගරාජ් එකේ තිබුනා..

ගේ ඇතුලෙත් පේන්න ඉදපු නැති අබොජි වත්තේ කොහේ හරි ඇති කියල හිතලා ගාර්ඩ්න් එක පුරාම ඇස් යවනකොට මම දැක්කේ ගාර්ඩ්න් එකේ බෙන්ච් එක උඩ පීටර් අංකල් එක්ක ඉඳගෙන ඉන්න අබොජිව..

ඒ දෙන්නා මොනවම හරි දෙයක් ගැන බැරෑරුම් විදිහට කතා කරනවා කියලා මට දැනුනේ අබොජිගෙයි පීටර් අංකල්ගෙයි මූනෙ තිබුණ ගැඹුරු බැල්ම නිසා..දෙන්නම දිහා විමසිල්ලෙන් බැලුවත් මට ඒ දෙන්නා කීව කිසිම දෙයක් ඇහුනේ නෑ....ගෙදර ඇතුලේ වෙන කිසිම දෙයක් තේරෙන්නේ නැති නිසා මගේ හිත හොදටම නොසන්සුන් වෙලා තිබුනේ...

හිතට ආපු කේන්තියටම මම බයික් එකත් අරගෙන අබොජිවයි පීටර් අංකල්වයි පහු කරලා ගියේ ඒ දෙන්නා දිහා බලන්නෙවත් නැතුව..ටික වෙලාවකට පස්සේ මම කැම්පස් එකට ආවා..මම එනකොටත් ජිමින් නීරා එක්ක පාර්ක් එකට වෙලා මම එනකම් බලාගෙන ඉදියා...මම එනකම් ජිමින්ගේ බයික් එකට හේත්තු වෙලා බලාගෙන ඉන්න නීරයි ජිමිනුයි දිහා බල බලා ළමයි කුටු කුටු ගානව ඇහුන නිසාම ප්‍රශ්න අමතක වෙලා යන්නත් එක්ක කියලා උදේම මම දෙන්නව බයිට් එකට අල්ලගත්තා..

" හලෝ....කපල් එක...ඉතින් ඉතින් දැන් දෙන්නා එකටමයි නේද...? "

මෙච්චර වෙලා කිසි ගාණක් නැතුව කියෝ කියෝ ඉදපු දෙන්නා මම අහන සැනින් කරන්ට් එකක් වැදිලා වගේ දෙපැත්තට උනා..

" යා....හ් JK...පටන් ගත්තද උදේම...? "

ජිමින් බොරු කේන්තියක් මවාගෙන කෑ ගැහුවත් නීරානම් ලැජ්ජාවෙන් හිනා වෙවී ඉදියා..

" වේ...වේ....? මොකක්ද කියන්නේ...? ඇයි ඔය දෙන්නා ලව් නැද්ද...? "

" ඕමෝ...ඕමෝ.....ජිමිනුයි නීරයි ඩේටින්ද..? ඕමෝ ඕමෝ..."

මම කියපු එක ඇහිලා කෙල්ලො දෙන්නෙක් පුදුමෙන් වගේ අහන්න පටන් ගත්තා..

" ආ....යිගෝ....දන්නේ නැද්ද...? හරිම අපරාධයක්...හරිනම් මේවා ඔයාල දැනගෙන ඉන්න ඕනි...."

" JK ආතල් නම් දෙන්න එපා...එදා ග්‍රවුන්ඩ් එකේදී ලේන්සුවක් අරන් පිස්සුවක් නැටුවා..අද නීරව අල්ලගෙන..."

ජිමින් කේන්තියෙන් වගේ බොරුවට කෑ ගහන්න පටන් ගත්තා...මම මොන දේ කීවත් ජිමින් කොයි වෙලාවකවත් මා එක්ක රංඩු කලේ නෑ..මොකද මම විහිලුවට කියන්නේ මොනවද සීරියස් කියන්නේ මොනවද කියලා ජිමින් හොඳට තෙරුම් අරන් ඉදියා...

" ඕඕඕඕ.....ලැජ්ජා හිතිලා...කෝ බලන්න මූණ.."

මම කියනකොට ජිමින් පැනපු ගමන් මගේ බෙල්ලේ එල්ලුනා..

" යා.....හ් නවත්තනවා....මාව බයිට් කරන්නෙ නැතුව..."

" මේ ඔය දෙන්නගේ මල කෝලම් නවත්තලා යන්ද දැන්වත්..."

අපි දෙන්නා දිහා බලාගෙන හිනා වෙවී නීරා කිව්වේ දෙන්නගේම අත් දෙකේ එල්ලෙන ගමන්...ඇත්තටම නීරා අහිංසකයි...එයාට ඕනි උනේ හොද යාළුවෙක්...ඒත් එයා ජිමින්ගෙන් ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා මට නිතරම මට හිතුනා...

මොන දේ උනත් මේ ගෙවුන කාලේ ඇතුලත අපි ගොඩක් ලං උනා..අපි තුන්දෙනා තමා කැම්පස් එකේ ඉදපු තුන්පත් රෑන...කෑවේ බීවේ හැමදේම එකටමයි...නීරාත් අපිත් එක්කම ඉදියා...ඉස්සර වගේ මේකප් නාලා එන එක නතර කලා...එයා ඇතුලේ ඉදපු දඟකාර කෙල්ල කැම්පස් එකේ හැමෝගෙම හිත දිනාගත්තා...

ජිමිනුයි මමයි උදේ ලෙක්චර්ස් වලට ඉදලා හවස රග්බි ප්‍රැක්ටිස් වලට ගියේ ආයෙමත් සැරයක් කැම්පස් එක ඉස්සරහා චාටර් වෙන්න බැරි නිසා...සමහර කොල්ලෝනම් අදටත් මගෙයි ජිමින්ගෙයි දිහා බලලා පල් එකට හිනා වෙනවා..මම ඒක කළෙත් ආතල් එකට නිසා මටනම් ඒක ගාණක් උනේ නෑ..ඒත් එහෙම බලන අය දැක්කම ජිමින් කරන්ට් එක වැදිලා වගේ මගේ ළඟින් අයින් වෙන එක දකින එක මගේ විනෝදාංශේ උනා.

ස්පෝට්ස් ක්ලබ් එකට ගිහින් චේන්ජ් කරගෙන එලියට එනකොටම කෝච් සර් ටීම් එකේ අනිත් අයත් එක්කගෙන අපි ලඟට ආවා.

" ආහ් අද ඩබලම ඇවිත් ඉන්නෙ...අද මම ඔයාලගෙන් ටීම් එකේ කැප්ටන් තෝරනවා...හැමෝම හොඳට සෙල්ලම් කරන්න..."

ඒක ඇහුවමනම් ගැස්සිලා ගියා..මේ ඔක්කොම අස්සේ කැප්ටන් පට්‍ටමත් හම්බුනොත් මෙතනින් බේරිල්ලක් ඇත්තෙම නැති නිසා මමයි ජිමිනයි ප්ලෑනක් ගැහුවා..

" ජිමින්...කැප්ටන් පට්ටම ගන්න නම් බෑ..."

" දේ...එත් JK මට ශුවර් අපි දෙන්නගෙන් එකෙක්ට තමා සර් ඕක දෙන්නේ..."

" මටත් හිතෙනවා...ඒත් අපිට කැප්ටන් දෙන්න වෙන්නේ අපි හොඳට සෙල්ලම් කලොත්නේ...අපි වැඩේ අනමු..."

" ඒ කිව්වේ....? "

" ඒ කිව්වේ ජිමින් හරියට සෙල්ලම් නොකර ඉමු.."

" එහෙම කළොත් හරියයිද...? "

" දන්නෑ...ඒත් කරල බලමු..."

මමයි ජිමිනුයි කතා උනා වගේම කවදාවත් නැති විදිහට පිස්සො දෙන්නෙක් වගේ සෙල්ලම් කරන්න පටන් ගත්තා..මම බෝලේ අරන් දුවනකොට වැටෙන්නෙ නැතුවත් බොරුවට පෙරළි පෙරළි වැටුණා..ජිමින්ටනම් අමුතුවෙන් වැටෙන්න දෙයක් තිබුණෙ නෑ..එයා කීප සැරයක්ම ලිස්සලා වැටුණා..

අනිත් ටීම් එකේ අයට බෝලෙ ගන්න පුලුවන් විදිහට නිතරම බෝල් පාස් කලා....ටික වෙලාවකට පස්සේ කෝච් සර් අපි දෙන්නට කතා කලා..

" ජිමින් , JK මෙහෙ එනවා දෙන්නම "

" වේ...සර්....? "

කිසි දෙයක් නොවුනා වගේ මම අහනකොට සර් ඇස් දෙක හීනි කරලා අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා..

" දැන් කාට පේන්නද දෙන්නත් එක්ක වැටි වැටී රඟපාන්නේ....? "

සර් අහනකොට අපි දෙන්නටම කට උත්තර නැති උනා...

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

144K 17.5K 56
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...
66.1K 5.3K 22
Daddyက ကျွန်တော့အပိုင်ပဲဖြစ်ရမယ် ဒါကြောင့် daddyကို ဒီည ကျွန်တော်...... Daddyက ကြၽန္ေတာ့အပိုင္ပဲျဖစ္ရမယ္ ဒါေၾကာင့္ daddyကို ဒီည ကြၽန္ေတာ္ ....
673K 30.9K 21
Story Name - Signs Of The Fate (ကံၾကမၼာခ်ည္တဲ့ျကိုး) Own Creation Written by choyee6 Fic cover by - Wang Qiu I own the photo , please do not use Sta...
2.1M 89.4K 75
" သက်ထက်ပန်! ! ငါ မင်းကိုသေလောက်အောင်မုန်းတယ် " " အင်း! ! ကျွန်တော်ကလည်း ခင်ဗျားကိုချစ်မနေပါဘူး " " သက္ထက္ပန္! ! ငါ မင္းကိုေသေလာက္ေအာင္မုန္းတယ္ " "...