🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

73.7K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

13 කොටස

1.6K 395 4
By Sandee_96

මගෙ මිආ යුනික් බිල්ඩින් එක ඇතුලට එනවා පැහැදිලිවම ඒකේ සටහන් වෙලා තිබුනා...අවුරුදු දෙකකට කලින් දැකපු මගේ මැණිකව ආයෙමත් දකින්නේ අද...මට මාව පාලනේ කරගන්න බැරි උනා...තවත් ඒ දිහා බලන් ඉන්න බැරි නිසා මම ලැප් එක වහලා දාලා ඉඳගෙන ඉදපු තැනින් නැගිට්ටා...

" අනී...මට බෑ ජිමින්..මට බෑ..ආ...යිශ්..
මම කොහොමද දෙයියනේ මේවා බලන්නේ...? මම කොහොමද බලන්නේ..."

කවදාවත් නැති තරම් සද්දෙන් මම කෑ ගහලා අඬනකොට ජිමින් ඇවිත් මාව බදාගත්තා...

" අනී....අඬන්න එපා JK...අපි හොයාගන්න ඕනි මිආ ට මොකද උනේ කියලා...ඔයාට විතරයි ඒක කරන්න පුලුවන්...ප්ලීස් ශක්තිමත්ව ඉන්න.."

ජිමින් කියන දේ ඇත්ත උනත් මට හිත හදාගෙන මිආ දිහා බලන්න බැරි උනා..ඒත් මිආගේ මරනෙ ගැන හෝඩුවාවක් හොයාගන්න පුලුවන් එකම දේ මේ CCTV ෆුටේජ් ටික නිසා මම ආයෙමත් ඉඳගෙන ලැප් එක දිගෑරියා..මුල ඉදන් එකින් එක චෙක් කලා...ඒත් පළවෙනි තුන ඇතුලේ මිආ උඩට යන්න ලිෆ්ට් එක ඇතුලට යනවයි එලියට ඇවිත් ටෙරස් එකට යන පලිපෙල ලඟට යනවායි ඇරෙන්න එතනින් එහාට මුකුත් තිබුනේ නෑ...

ඊළඟට බලන්න තිබුනේ අන්තිම එක...මම හොඳටම දැනගෙන ඉදියා ඒකේ ඉන්නේ මිආ කියලා...ප්ලේ කරන්නත් කලින් ඇස් වලට කඳුළු ඉනුවේ මටත් නොදැනිමයි...ඒකේ තියෙන්නේ මොනවද කියලා දන්න නිසා වෙන්න ඇති ජිමිනුත් මේසෙට අත් දෙක තියාගෙන බිමට බර වෙලා ඇස් දෙකත් තද කරගෙන ඉදියා.

තවත් බලාගෙන ඉන්න බැරි නිසා හදවත ගලක් කරගෙන මම වීඩියෝ එක ප්ලේ කලා...වීඩියෝ එක ප්ලේ කරපු ගමන් දැකපු දේ නිසා මගේ ජීවිතේ ආයෙමත් ආපස්සට යනව වගේ දැනුණා..මට දැනුනේ මගේ වටේ තියෙන දේවල් මගේ ඔලුව වටේ කැරකෙනවා වගේ...මොහොතකට ඇස් දෙකම නිලංකාර වෙලා පියවෙනවා වගේ මට දැනුනා.

" JK....JK...නැගිටින්න....JK.ඔයා හොඳින්ද....?"

ඔලුව කැරකැවෙන ගමන් මම යන්තමට ඇස් ඇරලා බැලුවේ ජිමින්ගේ කටහඬට..

" ද්...දේ..දේ...ආයිශ් මගෙ ඔලුව..."

" JK...ඔයාට කලාන්තේ වගේ ආවා...JK ප්ලීස් වැටෙන්න එපා...ඔයාට විතරයි මේක පුලුවන්.ප්ලීස් JK.මේ වතුර එක බොන්න.."

ජිමින් එයාගේ අතේ තිබුන වතුර බෝතලේ මගේ කටින් තිබ්බම එක හුස්මට මම බෝතලේම හිස් කලා..

" මියන්හේ ජිමිනා...මට මාව කන්ට්‍රෝල් නැති උනා..."

" මම දන්නවා JK..මට මෙච්චර වේදනයිනම් ඔයාට කොච්චර වේදනාවක් තියෙද කියලා මම දන්නවා..ඒත් අපි මේක කරන්නම ඕනි...ඒ අපේ මිආ වෙනුවෙන් නෙමෙයි...ඔයාගේ මිආ වෙනුවෙන්..දේ...ඔයාගේ මිආ වෙනුවෙන් මේක කරන්න.."

මුලු හදවතේම ආදරේ පුරවගෙන ජිමින් වේදනාවෙන් උනත් වේදනාවක් නෑ වගේ ඉන්න එක මට දරාගන්න බැරි උනා. සමහර තැන් වලදී එයා මට හිතාගන්න බැරි තරම් හයියක් උනා...

" දේ....අපි මේක කරමු...JK ඔයා මේක කරන්නම ඕනි...මගේ මිආ වෙනුවෙන් නෙමෙයි...ජිමින්ගෙයි මගෙයි මිආ වෙනුවෙන්..."

මම එහෙම කියනකොට ජිමින් මගේ උරහිස තදින් අල්ලගත්තා...ඇත්තටම මිආ මට විතරක් අයිති නෑ..මිආව ජිමින්ටත් අයිතියි..මේ ලෝකේ කවුරුම හරි කෙනෙක් හදවතින්ම තවත් කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්ත මොහොතේ ඉදන් එයාට ඒ ආදරේ කරන කෙනාව අයිති වෙනවා...ජිමිනුත් ඒ වගෙ..මගේ මිආව ජිමින්ටත් අයිතියි...මිආ නොදන්නවා උනාට ජිමින් වගේ ආදරයක් ලබන්න මිආ ගොඩක් වාසනාවන්තයි..ඇත්තටම මට වඩා මිආව ජිමින්ට අයිතියි කියලා මට නිතරම හිතුනා..

" මේක කරන්න JK...මේක කරන්න.."

මම මටම කියාගන්න ගමන් මම ආයෙම හිත හදාගෙන අමාරුවෙන් ඇස් දෙක ඇරලා වීඩියො එක ප්ලේ කලා...මගෙ මැණික ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න තැන ඉදන් හැමදේම ඒකෙ තිබුනා...ඒත් ක්ලීනින් කරන මනුස්සයා කියපු කලු ඇඳගත්ත කෙනෙක් ඒ කිසිම වීඩියො එකක ඉඳියේ නෑ..

" යා....හ් JK මේකේ කිසිම හෝඩුවාවක් නෑනේ...ආ....යිශ්..."

එහෙම කියන ගමන් ජිමින් කෑ ගහන්න පටන් ගත්තා...ඒත් මේක මිනී මැරුමක්නම් අනිවාර්යයෙන්ම ඒ මනුස්සයා අතින් කොතන හරි වැරදෙන්න ඕනි කියලා දන්න නිසා මම ආයෙමත් හිත හදාගෙන ඒ වීඩියෝ එක ප්ලේ කලා..ටික දුරක් ප්ලේ වෙනකොට මම දැකපු දෙයින් මාව එකපාරටම පුටුවෙන් නැගිට්ටුනා...

" ජි....ජිමින් මේක බලන්න...
මේ...මෙතන...මෙතන ඉන්නේ...?"

මාව තිගැස්සුන පාරට මට කතා කරගන්න බැරි උනා...

" JK...මේ අර මනුස්සයා නේද...බලන්න ඩ්‍රයිවර් , ක්ලීනර් කිව්වා වගේමයි...කලු කැප් එක , මාස්ක් එක , මුලු කිට් එකම කලු...."

මිආ බිම වැටෙනවත් එක්කම එතනට වට වුනු සෙනඟ අතරේ ක්ලීනර් කියපු හැඩරුව තියෙන මනුස්සයා ඉඳියා...

" ජිමිනා..බලන්න...ඒ මනුස්සයා ගොඩක් කලබලයි...මේ එයා වෙන්න ඕනි...ජිමින් නීරට කෝල් කරන්න.අපිට ක්ලීනර්ගෙන් අහන්න වෙනවා..හරියටම මෙයාද කියලා අහන්න වෙනවා.නීරට කියන්න අපි යුනික් එකේ ටෙරස් එකට යනවා කියලා.
ඉක්මනට යුනික් එකට ඇවිත් එයාව උඩට එක්කගෙන එන්න කියන්න..එදා ගියා වගේම මාස්ක් එකයි කැප් එකයි දාගෙන එන්න කියන්න.."

ජිමින් නීරාට කෝල් කරන අතරේ මම ඒ ක්ලිප් එක ෆෝන් එකට දාගත්තා..ඊට පස්සේ අපි දෙන්නම ඉක්මනට යුනික් එකට ගියා..අපි ඇවිත් විනාඩි 15 කට විතර පස්සේ නීරා ක්ලීනර් එක්ක ටෙරස් එකට ආවා...

" අංකල්....අංකල් මේක බලන්න...මේ ඉන්නේ ඔයා එදා දැකපු කෙනාද..?"

එයා ආපු ගමන් මම වීඩියෝ එක පෙන්නලා අහනකොට එයා ඔවු කියන්න වගේ ඔලුව වැනුවා...

" මම හිතුවා හරි...මිආ මැරුනේ නෑ එයාව මැරුවා...එයා සූසයිඩ් කරගත්තේ නෑ..එයාව තල්ලු කලා..."

මේ ටික මම කියනකොට මගේ ළඟ ඉදපු ජිමින්ව නොපෙනෙන තරමට මගේ ඇස් වලට කඳුළු ඉනුවා...මගේ මිආ..මගේ ජීවිතේ....මට ඉදපු එකම වස්තුව..කවුද ඔයාට මෙහෙම දෙයක් කලේ..ඒ කවුද...මම මගේ හිතෙන්ම ඇහුවත් මට ඒකට උත්තරයක් ලැබුණේ නෑ..

" JK ඒත් එයා කවුද...? ඇයි මිආ ට එහෙම දෙයක් කලේ..මිආ ගොඩක් අහිංසකයි...එයාට සම්බන්ධයක් තිබුනා වෙන්න බෑ..."

" ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ...මෙයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලවත් අඳුරගන්න බෑ...ඇගෙන් වැඩිය උස මහතත් නෑ..මට කිසි දෙයක් තේරෙන්නෑ..."

" අරස්සෝ අපිට අඩුම තරමේ සැක කරන්න මනුස්සයෙක් හරි ඉන්නවනේ JK...ඒ නිසා දුක් වෙන්න එපා.ඉක්මනටම අපිට හැමදේම හොයාගන්න පුලුවන් වෙයි..."

" අරස්සෝ අංකල්...අංකල් දැන් යන්න.කම්සාහම්නිදා අපිට මේ උදව්ව කළාට.මම කවදාවත් මේ උදව්ව අමතක කරන්නෑ..."

එහෙම කියලා මම ක්ලීනර්ව පහලට යැව්වා....

" JK ඇත්තටම එදා මොන වගේ දෙයක්ද වෙන්න ඇත්තේ....? "

" මට හරියටම හිතාගන්න බෑ නීරා..ඒත් ඒක මිනී මැරුමක් කියලා මම දන්නවා...ඒකට සාක්ශි තියෙනවා..."

" සාක්ශි..? ඔයා කියන්නේ අර මනුස්සයා ගැනද...?"

" අනී....ඒ විතරක් නෙමෙයි...මිආ බිමට වැටිලා ඉදියේ උඩු අතට...එයා පහලට පැන්නා නම් එයා වැටෙන්නෙ යටි අතට.ඒත් එයා වැටිලා ඉදියේ උඩු අතට.ඒ කියන්නේ කෙනෙක් එයාව තල්ලු කරලා  එක්කෝ පය පැටලිලා වැටිලා...ඒත් මෙ ටෙරස් එකේ ඕනි තරම් ඉඩ තියෙනවා...කොහොම උනත් ඒ දෙන්නා අතර එදා මොකක්ම හරි දෙයක් වෙලා තියෙනවා...ඒත් මේක අත් වැරදීමක් උනත් මම ඌට සමාව දෙන්නෑ..මම ඌව අතාරින්නෑ...."

මිආ ව දැකපු වෙලාවෙ ඉදන් මගේ ඔලුව පුරාම තිබුනේ පලිගන්නවා කියන චේතනාව...එතනින් එහාට මට වෙන කිසිම දෙයක් හිතුනේ නෑ...

" ජිමින්...අපිට තව එක්කෙනෙක්ව හම්බවෙන්න තියෙනවා..."

" තව කෙනෙක්...? ඒ කව්ද JK..?"

" මිආ ගේ බොඩි එක චෙක් කරපු ඩොක්ටර්...."

" ඩො....ඩොක්ටර්...? "

මම කියනකොට ජිමින් පුදුමෙන් වගේ ඇහුවා...

" දේ....පොලිස් වාර්ථාවේ එයාගේ නම තිබුනා...ඩොක්ටර් මින් ශික්...සෝල් වල
M+ හොස්පිට්ල් එකේ එයා ඉන්නේ...එයාව හම්බවෙන්න යමු...නීරා කුමාවෝ උදව්වට ආවට....ඔයා ගෙදර යන්න...තනියම යන්න පුලුවන් නේද...? "

" දේ....පුලුවන්.එහෙනම් මම ගිහින් එන්නම්..."

එහෙම කියලා නීරා අපිට කලින් පහලට ගියා...ටිකක් වෙලා ටෙරස් එකේ ඉදලා අපි දෙන්නත් හොස්පිට්ල් එකට ආවා...ගේට් එකෙන් බයික් එක දානකොටම මම දැක්ක දෙයින් මාව ගැස්සිලා ගියා..අබොජි...අබොජි මොකක්ද මෙතන කරන්නේ...? ආයෙම අසනීප වෙලාවත්ද..? අබොජිගේ කාර් එක මගේ බයික් එක ලඟින්ම ගියත් අබොජිවත් පීටර්වත් මාව දැක්කේ නෑ...ගෙදර ගිහින් අබොජි එක්ක කතා කරනවා කියලා හිතාගෙන මම ජිමින් එක්ක හොස්පිට්ල් එක ඇතුලට ගියා.

ඇතුලට යන තැනම ඉදපු නර්ස්ගෙන් ඩොක්ටර් ඉන්න රූම් එක අහගෙන මමයි ජිමිනයි ඩොක්ටර්ගේ රූම් එක හොයාගෙන දෙවෙනි තට්ටුවට ආවා....

" ජිමින් නම්බර් 11 නේද කීවේ.මේ තියෙන්නේ රූම් එක..."

රූම් එකේ කෙළවරක නම්බර් එකත් එක්ක ඩොක්ටර්ගේ මම ගහපු ප්ලේට් එකක් අලවලා තිබුනා...එළියේ ඉදන් දොරට තට්ටු කරනවත් එක්කම ඇතුලෙන් ටිකක් ගොරෝසු කටහඬක් ඇහුණා..

" කම් ඉන්.."

ඒ එක්කම මමයි ජිමිනයි දොර ඇරගෙන ඇතුලට යනකොට ඩොක්ටර් මේසෙන් වාඩිවෙලා සුහදව අපිත් එක්ක හිනා වුනා..

" ඩොක්ටර් මින් ශික් ? "

" දේ....ඉදගන්න...මොකක්ද ප්‍රශ්නේ.."

" ඩොක්ටර් ඇත්තටම මම ආවේ දෙයක් දැනගන්න..."

" දැනගන්න...? ඒ මොකක්ද...? "

" ඩො...ඩොක්ටර්ට මතකද මීට මාස කීපයකට කලින් යුනික් බිල්ඩින් එකෙන් පැනලා සූසයිඩ් කරගත්ත ගර්ල්ව...ඩොක්ටර් නේද එයාගේ බොඩි එක චෙක් කලේ...?"

මම අහනකොට ඩොක්ටර් හොඳටම කලබල උනා...එකපාරටම ඉඳගෙන ඉදපු තැනින් නැගිටලා අපිට කෑ ගහන්න පටන් ගත්තා..

" මො...මොන ගර්ල්ද..මම දන්නේ නෑ..කරුණාකරලා මෙතනින් යනවා..."

ඩොක්ටර් කලබල වෙලා කෑ ගහන විදිහටම මට තේරුණා ඩොක්ටර් කියන්නේ බොරුවක් කියලා...

" බොරු කියන්න ලෑස්ති වෙන්න එපා...රිපෝට්ස් වල පැහැදිලිවම තියෙනවා ඒක කලේ ඔයා කියලා...ඩොක්ටර් කරුණාකරලා අපිට ඇත්ත කියන්න..නැත්නම් ඔහේව මම මෙතනම මරලා දානවා...ජිමින් ගිහින් දොර ලොක් කරන්න..."

මම කියනකොට ජිමින් ගිහින් දොර ලොක් කලා...ජිමින් දොර ලොක් කළාට පස්සේ මෙච්චර වෙලා මගේ ඉනේ පිටිපස්සේ තියාගෙන ඉදපු පිස්ටල් එක අරගෙන මම ඩොක්ටර්ගේ නලලට තිබ්බා..මගේ අතේ තියෙන පිස්ටල් එක දැකලා ජිමිනුත් බයෙන් වගේ මගේ දිහා බලාගෙන ඉදියා...ඩොක්ටර් හොඳටම බය වෙලා පස්සෙන් පස්සට යන්න පටන් ගත්තා..

" හොඳ හිතින් කියනවද නැද්ද...? තමුන් මොනවද මගේ මිආ ගැන දන්නේ..?"

" ඔ.....ඔයාගේ මිආ...? ඒ ඒ කියන්නේ ඔයා....?"

" දේ...මගේ මිආ...තමුන් මොනවද දන්නේ කියලා මට කියනවා...නැත්නම් අද තමුන්ට මැරෙන්නයි වෙන්නේ..."

ඒ එක්කම වගේ කවුදෝ කෙනෙක් එළියේ ඉදන් දොරට ගහන්න පටන් ගත්තා...ඒ සද්දෙට කලබල වුන ඩොක්ටර් අත් දෙක එකතු කරලා මගේ ළඟ වැද වැටුණා..

" අනේ...මාව අතාරින්න.මම හැමදේම කියන්නම්.ඒත් මෙතන බෑ..මට මැරෙන්නයි වෙන්නේ එහෙම උනොත්..මම හැමදේම කියන්නම්...."

" මැරෙන්න...? මොකක්ද ඒකෙ තේරුම..?"

" අනේ මම කියන දේ අහලා දැන් යන්න....ඔය එළියේ ඉන්නේ මම ගැන ඔත්තු බලන්න දාලා ඉන්න අය.කරුණාකරලා මාව මේකෙන් ගලවන්න....මගේ දරුවෝ දෙන්නව පරිස්සම් කරල දෙන්න...මට උදව් කරන්න...දැනට යන්න.මම හැමදේම කියන්නම්..."

" කවද්ද කියන්නේ..?..ඔහේ මේ කරන්නේ බොරුවක්නම් මතක තියාගන්නවා මම ඔහේගේ පවුලම විනාස කරල දානවා.."

" අනී...අනී...මම ඇත්ත කියන්නේ...මේ අපායෙන් මාව ගලවලා දෙන්න.මම ඔයාට හැමදේම කියන්නම්...මටත් ඕනි මේ නරකාදියෙන් ගැලවෙන්න...දැනට යන්න...එන සෙනසුරාදාට රිච්මන්ඩ් පාර්ක් එකට එන්න...පාර්ක් එකේ කෙලවර රජ පිළිමයක් තියෙනවා..උදේ 10 වෙනකොට එතනට එන්න.මම හැමදේම කියන්නම්...කරුණාකරලා මාව විස්වාස කරලා දැන් යන්න..."

මිනිහා මෙච්චර බැගෑපත් වෙන්නේ නිකම් නෙමෙයි කියලා මට තේරුණා...

" අරස්සෝ...හැබැයි බොරුවක් කරලා තිබුනොත් මම ඔහේව විතරක් නෙමෙයි මුලු පවුලම ඉවරයක් කරනවා.."

" අනී...අනී...කරුණාකරලා ඔයාලා මගෙන් ට්‍රීට්මන්ට් කරගන්න ආව අය වගේ එලියට යන්න.එළියේ ඉන්න නර්ස්ට සැක හිතෙන්න දෙන්න එපා..එහෙම උනොත් මාව මරයි..."

මිනිහා මේ තරම් කියන එකේ මෙතන මොකක්ම හරි අභිරහසක් තියෙනවා කියලා ඉවෙන් වගේ මට දැනුණා..අතේ තිබුන පිස්ටල් එක ආයෙමත් ඉන පිටිපස්සේ රඳවගෙන මමයි ජිමිනුයි යන්න ලෑස්ති වෙනකොට ඩොක්ටර් ගිහින් දොර ඇරියා...

" මොකද මේ කෑ ගහන්නේ....?"

ඩොක්ටර් එළියේ ඉදපු නර්ස්ට ටිකක් සද්දෙන් කතා කලා..

" දොර ලොක් කරලා තියෙන්නේ ඇයි කියල බැලුවේ....මේ අලුත් දෙන්නෙක්ද..?කලින් දැකලා නෑනේ..."

නර්ස් මා දිහයි ජිමින් දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන් ඇහුවා...

" දේ...මිස්...මගේ මල්ලිට ට්‍රීට්මන්ට් කරගන්න ආවේ...මේ වගේ ඒවට ඩොක්ටර් ගොඩක් හොඳයි කියලා ආරංචි උනා...."

මම හිනා වෙලා කියනකොට නර්ස් මා එක්ක හිනා උනත් ඒ හිනාව ඇතුලේ පොඩි සැකයක් හැංගිලා තියෙනවා කියලා මට තේරුණා..

" ඩොක්ටර් එහෙනම් ගිහින් එන්නම් අපි.එන සතියේ චෙකප්ස් ටිකට රෙඩී වෙලා අපි එන්නම්..."

" අරස්සෝ....බය වෙන්න එපා පුතා අපි ඉක්මනටම සනීප වෙමු..."

ඩොක්ටර් එහෙම කියන ගමන් ජිමින්ගේ පිටට තට්ටුවක් දැම්මේ නර්ස්ට අපි ගැන සැක නොහිතෙන්න කියලා මට තේරුණා.

තවත් වෙලා ඉදියොත් වැඩේ ගැස්සෙයි කියලා හිතුන නිසා මම ජිමින්වත් එක්කගෙන හොස්පිට්ල් එකෙන් එලියට ආවා...හොස්පිට්ල් එකෙන් එලියට ආවට පස්සෙත් ජිමින් මූන අමුතු කරගෙන මගෙ දිහා බලන් ඉදියා...

" වේ....ඔහොම බලන්නේ...?"

" මෙච්චර කල් ඔයා ළඟ පිස්ටල් එක තිබුනද...?"

" ඕ....ඒකද මේ...? අනී..මම අද අරගෙන ආවේ....සුගාගෙනුයි හොබීගෙනුයි CCTV ෆුටේජ් ගන්න යනකොට කලබලයක් වෙයිද කියලා හිතලා..."

" ඒ කීවේ...මට තේරුනේ නෑ..."

" මේ වෙලාවේ මට පොලීසියවත් විස්වාස නෑ ජිමින්..බැරි වෙලාවත් පොලීසිය මිනී මරුවන්ට උදව් කරනවනම් සුගායි හොබීයි පස්සෙන් ඔත්තු බලන්න කෙනෙක්ව එවන්න ඉඩ තියෙනවා..ඒ නිසා කෝකටත් කියලා ආරක්ශාවට ඒක අරගෙන ආවෙ.."

" ඒක මිසක්..."

" වේ....මහ ලොකු චන්ඩියා...පිස්ටල් එකට බය උනා නේ...?"

" මේ මම...? පිස්ටල් එකකට...? මම බයවෙයි ඕවට..."

" ආයිගෝ ඔන්න ආයෙමත් අර ඉස්සර ඉදපු පණ්ඩිතයා එලියට එනවා.."

" යා.....හ්..."

මම එහෙම කියනකොට ජිමින් කෑ ගහගෙන මගේ බෙල්ලෙ එල්ලුනා...

" ඒක නෙමෙයි JK...ඔයාට විස්වාසයිද ඒ ඩොක්ටර්ව..."

ඇත්තටම ජිමින් අහපු ප්‍රශ්නේටත් මගේ හිතේ තිබුනේ ප්‍රශ්නාර්ථයක්..

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

679K 50.9K 46
wang yibo💚 ခင္​ဗ်ားတု႔ိ သိၾကလားကြၽန္​​ေတာ္​ကအတၱႀကီးၿပီး အခ်စ္​န႔ဲအမုန္​းကုိမခြဲျခားတတ္​တ့ဲ အခ်စ္​႐ႈံးသမားဆုိတာ..... ခင်ဗျားတို့သိကြလားကျွန်တော်ကအတ္တ...
233K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
66.5K 9K 35
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
596K 38.8K 78
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...