WINTER BEAR | KTH FF | ✔️

Galing kay A_Shee1

39.9K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... Higit pa

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
05th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

_12th Winter_

719 191 99
Galing kay A_Shee1

_Winter Bear_
දොළොස්වන ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
______________________________________

හීන ලෝකේ ඉඳපු දෙවෙනි පොඩි  එකාවත් අරන් හෝබි හ්යුනුයි, ජීමිනුයි Bighit එකට එනකොට meeting එක ඉවර වෙලා. මොනවා කරන්න ද ඉතින්..? කට්ටිය කෙලින්ම ගියේ practise room එකට. දොර අරිනකොටම ටේප් එක play වෙන්න පටන් ගත්තා.

" ආ බං.. වේලාව අටයිද තාම dorm එකේ..?"

මුලින්ම ජින් හ්‍යුන් පටන් ගත්තේ.

" යකඩෝ.. යස කෙනාට භාර දීලා ඇවිත් තියන්නේ අපිත්"

නම්ජුන් හ්‍යුන් ඒ පාර බැන්නේ හෝබිට. 

( මේ ටේ නිසා කී දෙනෙක් බැනුම් අහන්නද..? 🙂 )

" අනේ මං නිසයි හ්යුන් පරක්කු වුණේ.."

" දන්නවා හොදට අපි ඒක. ඔයාට ඉතින් කොච්චර වැඩ තියනවා නේ නේද..??" ජින් හ්යුන් ආපහු පටන් ගත්තේ ටේගේ පැත්තට හැරිලා.

" අනේ මන් මේ.. මේ.."

" ආපහු නම් කියන්න තියන්න එපා. වේලාව නම් වේලාව.. හරි.."

" හරි හ්යුන්.." කොල්ලා උත්තර දුන්නේ බිම බලන්.

" තව විනාඩි 45 කින් practise පටන් ගන්නවා.." එහෙම කියන් ජින් හ්යුන් එළියට ගියා.

" බලපන්කෝ.. අසරණ මන් බැනුම් ඇහුවා උදේම.." හෝබී හ්යුන් කිව්වේ ටේ දිහා බලලා.

" Sorry හ්යුන්.. මන් නිසයි සේරම.."

ටේ කිව්වේ බිම බලන්.

" ඔව් උබ නිසා තමයි. හැබැයි මන් ඕකට උඹෙන් වාඩුව ගන්නේ අද රැට කන්න නැතිවුනොත්. හරිනේ.." 

හෝබී හිනාවත් හංගන් එළියට ගියේ එහෙම කියලා. හැබැයි ටේ කොල්ලාට නම් එක වැදුනා වගේ. කොල්ලා බිම බලන් කල්පනාවකට වැටුණේ ඒ නිසාද මන්දා.

කොහොමින් කොහොමින් හරි දෙන්න අතර වෙන්න තිබුණ තුන්වෙනි හමුව ටේ හ්යුන් නිසා නැත්තටම නැති වුණා.  හැමදේටම හේතුව තමයි කොල්ලගේ පරක්කුව. ටේ එනකොට meeting එක ඉවර වුන නිසා අහින්සා ඉක්මනට medical team එකට දීලා තිබුණ room එකට ගියේ යුන් ශික් ආපහු team එකත් එක්ක meeting එකක් ගමු කියලා යෝජනා කරපු නිසා. ඒ කියන්නෙ එකම තට්ටුවේ හිටපු දෙන්නා ටේ හ්‍යුන් ඇතුලට එද්දි, කෙල්ල එහාට ගිහින් රූම් එකට ගිහින් දොර වහ ගත්තා..

~~~~~~~~~~

" මුලින්ම අපි බලා ගන්න ඕනි මෙහෙ වැඩ ටික වෙන විදිහ.." 

යුන් ශික් ඒ වෙනකොටත් meeting එක පටන් අරන් තිබුණේ. අහින්සා මොකුත් නොකිය බලන් හිටියේ වෙන්නේ මොකක්ද කියලා. අනිත් එක දැන් නම් කෙල්ලට ගානකුත් නෑ. මොකද වෙන්න ඕනි නරක දේවල් සේරම වෙලා නේ තිබුණේ..

" ඕනිම හදිසි අවස්ථාවකදි අපි දැන ගන්න ඕනි හදිසි ප්‍රතිකාර වලට යොමු වෙන්න.. ගොඩාක් වෙලාවට idolsලා live perform කරනකොට එයාලට මූණ දෙන්න වෙන පොදු ප්‍රශ්න කිහිපයක් තියනවනේ.."

දිගට දිගට කතාව ඇදෙනවා ඉතින්..

( ඔයාලට ඒ මුළු meeting එකම දැන ගන්න ඕනි නෑ නේ..?? ඒ වුණත් මන් ඉතින් එයා අන්තිමට කිව්ව පණ්ඩිත කතාවත් කියලා යන්නම්.. 🙂 )

" අනිත් එක මෙතන ඉන්න ඕනි කෙනෙකුට මගෙන් ඕනිම දෙයක් දැන ගන්න පුළුවන්. මොකද මන් nursing කරලා තියෙන නිසා මන් හිතනවා ඔයාලට වඩා දැනුමක් මට තියනවා කියලා.. හිතනවා නෙවෙයි. ඇත්තටම ඒක එහෙම තමයි. මොකද මෙතන ඉන්න හැමෝම සාමාන්‍ය අය විතරනේ.. ඉතින් මන් කියන විදිහට මෙතන සේරම වැඩ කිසිම කරදරයක්, කලබලයක් නැතුව වෙයි කියලා මන් බලාපොරොත්තු වෙනවා.."

ඒ කතාව ඇහුණ වෙලේ නම් අහින්සාට පොළොව පලන් යන්න හිතුනා.

දෙවියනේ..

මෙයා කියන විදිහට වැඩ කරන්න මන්..

පිස්සු ද මට..

නෑනේ.. අනිත් එක..

මන් කවුරු වෙනුවෙන්ද මෙච්චර ලැජ්ජ වෙන්නේ..

කිසිම දේකට කිසිම හේතුවක් නෑ..

සල්ලි වලින් තියන අඩුපාඩුවකුත් නෙවෙයි..

නැන්දා වෙනුවෙන් ද..
නෑ..

අම්මා වෙනුවෙන් ද..
නෑ..

එහෙනම්..

අනිත් එක..

මන් වගේ කෙනෙක් ඉස්සරහ මෙහෙම කියන්න..

දත් ටික ගැලවෙන්න දෙන්න හිතෙනවා..

මොකක්..

ඒත් ඉතින් එයා දන්නේ නෑ නේ මන් ලොකු Doctor කෙනෙක් කියලා.. 

මටත් පිස්සු..

අහින්සාගේ හිත කෑ ගහනවා. යුන් ශික් හොඳට දේශනාව කරලා කියලා  අන්තිමට කියපු මැටි කතාව නිසා හැමෝටම එයාව විනාඩියෙන් එපා වුණා. ඇයි දෙවියනේ. medical team එකේ leader වුණාට Bighit එකේ අයිතිකාරයා නෙවෙයිනේ යුන් ශික් කියන්නේ..

~~~~~~~~~~

" ඔයා කොහොමද මට මේ වගේ දෙයක් කලේ..?? ආ.. කතා කරනවා.."

ජීහී හිටියේ ටේ හ්යුන්ගේ කොලර් එකෙන් අල්ලගෙන. කොල්ලා හිටියේ ඇත්තටම කියන්න උත්තරයක් නැතුව.

" මන් කරපු වැරැද්ද මොකක්ද දෙවියනේ.." ටේ ඇහුවේ අහන්න දෙයක් නැතිම තැන.

ජීහී හිටියේ යක්ෂාවේශ වෙලා. මොකද ටේගේ කරේ තිබුණ මාලේ එයා දැක්කේ මේ දැන්. එයාටත් හොරෙන් කොල්ලගේ කරට මාලයක් දා ගන්න හයියක් කොහෙන්ද ආවේ කියලා ඇත්තටම එයාට පුදුම විදිහට කේන්ති ගිහින් තිබුණේ.

ඇත්තටම ඒ මාලේ ගොඩාක් ලස්සනයිනේ. අහින්සාගේ කර මෙච්චර කාලෙකට ලස්සන එළියක් ගෙනත් දුන්නේ ඒ මාලේ. දැන් ඒක ලෝක ප්‍රසිද්ධ තරුවක්ව තවත් එළිය කරවනවා.

අනිත් එක ජීහී කියන්නේ ටේ විහින් දා ගත්ත වදයක් නේ. දැන් ඉතින් එයාට විඳවන්න වෙනවා.

" මන් කවමදාවත් හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරයි කියල. ඇයි.. ඇයි.. ඇයි.. ඔයා මට ඔහොම කළේ..??"

( මල විකාර.. සික්.. 😒 )

" මේ අහන්නකෝ කෙල්ල.."

ටේ එකපාරටම ජීහී ගේ මුණෙන් අල්ල ගත්තේ කෙල්ලවා සනසන්න වෙන කිසිම දෙයක් කරලා වැඩක් නෑ කියලා තේරුම් අරගෙන.

( නෙද්ද්ද්දමකින් 🙂.. තව ඇදලා කියල්ලා ඔය වචනෙ.. සික් 😒 )

" ඇයි ඇයි.. ඔයා.. ඔච්චර මට.. බොරු..??"

" මන් ඔයාට බොරුවක් කිව්වේ නෑනේ.. මේ මාලේ ඔයාට ගොඩක් කැතයි. ඉතින් මන් ඒක දා ගත්තේ ඊට වඩා ලස්සන design එකකින් ඔයාට order කරලා. ඉතින් ඇයි ඔයා ඔහොම අඬන්නේ කියන්නකෝ.."

කොල්ලා ඇහුවේ ගොඩාක් ආදරේ කට හඬකින්.

( චිප්.. බුවෑක්කා.. 😒 )

" ඇත්තමද ඔයා කියන්නේ..??"

ජීහී ඇහුවේ ඉකිය අතරින් ගොත ගහලා ඇස් දෙක බෝල කරලා කොල්ලා දිහා බලලා. ඇත්තටම ඉතින් ඒ බැල්මට ඕනි කෙනෙක් වශී වෙනවා තමයි.

" ඔව්නේ කෙල්ල.. ඔයා නිකරුනේ බයවෙලා.."

යන්තම් බොරුවක් කියලා කොල්ලා පොඩි වෙලාවකට හරි බේරුණා. නැත්නම් ආයේ ජීහී කියන්නේ එසේ මෙසේ ඇණයක් නෙවෙයිනේ.

එකපාරටම ටේ කිව්ව එකට කෙල්ලට ලැජ්ජ හිතුනා. මොකද කිසිම දෙයක් ගැන හොයලා බලලා නෙවෙයිනේ කතා කළේ. ඒ නිසා කොල්ලා දිහා ඇස් කොනින් බලලා කාමරෙන් එළියට දුවගෙන ගියේ කරපු වැඩේ එච්චර හොඳ නැතුව ඇති තමයි කියලා තේරෙන කොට.

~~~~~~~~~~

' ඔයා හිතන් ඇති කිම් ටේ හ්යුන් මන් ඔයාව ලේසියෙන් අත ඇරලා දායි කියල. නෑ කොල්ලො.. ඔයා මුළු ලෝකෙටම තරුවක් වෙන්න ඇති. ඒ වුණාට මට ඔයාව නිකන්ම නිකන් කෙනෙක් විතරයි. හැබැයි ඔයාගේ සල්ලි.. මට මුළු ලෝකෙටත් වඩා වටිනවා. ඔයා ගොඩක් මෝඩයි. ගොඩාක් නෙවෙයි.. ගොඩාරියක්.. නැත්නම් මන් වගේ කෙල්ලෙකුට ඔච්චරම මෝඩ විදිහට අහු වෙන්නේ නෑ පොඩ්ඩක් හරී මොළයක් තියන කෙනෙක්. බලමුකෝ.. මේ පටන් ගැන්ම විතරයි. තව ටික දවසකින් ඔයාට මාව නැතුවම බැරි, මට ඔයාගේ සල්ලි නැතුවම බැරි තත්ත්වයට පත් වෙයි...'

ජීහී මෙහෙම හිතුවේ Wash Room එකේ කණ්ණාඩියෙන් බලාගෙන make-up එක fix කර ගන්න ගමන් තනියම..

( 🙂 )

~~~~~~~~~~

" තමුසේ මොකක්ද ඒ කරපු වැඩේ..??"

ජීහී එකපාරටම හැරිලා ඇහුවේ අහින්සගෙන්. ඒ අහපු විදිහට නම් බොරු නෙවෙයි අහින්සා ඩිම් වෙලා ගියා.

වැඩි දෙයක් වුණේ නෑ. අහින්සා ආවේ ෆෝන් එකට ඇන ඇන. ඒක ඉතින් එයාගෙ පුරුද්දනේ. ජීහී හිටියේ Wash Room එකෙන් එලියට එන ගමන්. ඇත්ත කතාව නම් ජීහී ආවෙත් මේ ලෝකේ නෙවෙයි. ඉතින් දෙන්නම වැරදියි. දෙන්නම එකට ඇඟේ හැප්පුනා. අහින්සා ඉතින් ඕනි වෙලාවක බැලන්ස්නේ. ඒක නිසා මොකුත් වුණේ නෑ. හැබැයි අහින්සාගේ ඇඟේ හැප්පුන ජීහී විසිවෙලා ගිහින් ටේ හ්යුන්ලා හිටපු practise room එකේ වීදුරු දොරේ දඩාස් ගාලා වැදුනා. ඒ සද්දෙට ඇතුලේ හිටපු කොල්ලො හත්දෙනාම එළියට ආවේ මොකක්ද වුණේ කියලා බලන්න. ටේ නම් ඉද්ද ගැහුවා වගේ එලියට ආවේ ජීහී නිසා තමයි.

( සෙද්ද.. 🙂 )

ඇත්ත කතාව අහින්සා කියන්නේ කාටවත් චාටර් වෙන්න ගිය කෙල්ලෙක් නෙවෙයිනේ. ඒක නිසා එයත් බැලුවා ජීහී දිහා යක්ෂ බැල්මක්. මොකද එයත් වැරදිනේ.

" ඇයි තමුසේ මන් දිහා රවලා බලන්නේ.. ආ..??"

ජීහී ආපහු ඇහුවේ වැරැද්ද එයාගේ කියලා අමතක කරන ගමන්. මොනවා වුනත් අහින්සා හෙන ලයින් එකේ කතා කරන්න ගියේ නෑ. මොකද එයා job එකට ආපු පළවෙනි දවසේම බාල්දියක් පෙරල ගන්න ඕනි වුන් නැති නිසා. Base Hospital එකටත් ගිහින් කර ගත්තු ටික මදැයි.

" ඇයි තමුසේගේ කට නැද්ද..?? මන් ප්‍රශ්නයක් අහනවා ඇහෙන්න නැද්ද..??"

දැන් මෙතන ෆිල්ම් එකක් පටන් අරන්. ජීහී පිස්සියක් වගේ කෑ ගහනවා. අර කොල්ලො හත් දෙනා මැජික් වගේ බලන් ඉන්නවා. ටේ කොල්ලටත් නැත්තටම නැති වෙන්න මල පැනලා. අහින්සා මොකුත් නොකියා බිම බලන් ඉන්නවා කැප් එකත් මූණට පාත් කරන්.

" තමුසේගේ ඔය මුන පෙන්නනවකෝ. ආ... අද වැඩට ආපු කෙනෙක් නේද.. කාට පාට් දානවා කියලද හිතන් ඉන්නේ..??"

දෙවියනේ.. මේ ජීහී නම් කට වහන පාටක් නෑ. ඒ නිසාම අහින්සා කාඩ් එක පැත්තකින් තියලා ක්ෂණික තීරණයක් ගත්තා.. ඒ හින්දා තමයි ඇහෙන නෑහෙන ගානට sorry කියපු කෙල්ල මොකුත් වුණේ නෑ වගේ එතනින් යන්න හැදුවේ.

ඒ වුණත් වැඩේ හරි ගියේ නෑ. ජීහීට මළ පැන්නා.. සීයට නෙවෙයි දාහට.

"තමුසේ මොකක්ද කළේ කියල මන් ඇහුවේ..??"

කියලා කෑ ගහලා කියපු ජීහී අහින්සගෙ අතින් ඇදලා කම්මුලට ගහන්න අත ඉස්සුවා. අහින්සා ඒ පාරේ සැරට ඇදිලා ආව වුණත් ඉක්මනට පහලට නැවිලා කම්මුල් පාර මග ඇරපු නිසා ආයෙත් පාරක් ජීහීගේ අත ගිහිල්ලා අර වීදුරු දොරේ වැදුනා.

( හේ නා නා.. 🙂😂 )

කතා දෙකක් නෑ..

ඒ වැදුනු පාරේ සැරට නම් ජීහීගේ ඇස් වලින් කඳුළුත් පැන්නා..

" තමුන් මොනවා කරනවා කියලද හිතන් ඉන්නේ..??"

මෙච්චර වෙලා මේක දිහා බලන් හිටපු ටේ හ්යුන් එතනට ආවා.

( Super Hero 🙂 )

ටේගේ කටහඬින් ඉක්මනට අහින්සට නම් එයාව අඳුර ගන්න පුළුවන් වුණා. ඒක නිසා කෙල්ල ටක් ගාල අනිත් පැත්ත බලා ගත්තා.

" මේ හලෝ.. ඔයාගේ නම් වැරැද්ද.. ඔයා excuse කරන එක වැදගත් නේද..??"

ටේ ඇහුවේ අහක බලං හිටපු අහින්සාගෙන්. ජීහීව සනසන්න කොල්ලාට ඕනිකම තිබුනත් එතන හ්යුන්ලා හැමෝම බලන් හිටපු නිසා එයාට එහෙම කරන්න බැරි වුණා.

අහින්සට දැන් නම් ඉන්නේ මළ පැනලා හොඳටම. ඇයි යකඩෝ.. හැමදාම මෙහෙම බැනුම් අහන්න පුළුවන් ද..?? අනිත් එක මේ Kim Tae Hyung කියන කෙනාට පේන්නේ මන් විතරයි.

මොනවා වුනත් අහින්සා හැදුවේ ඉවසලා පැන ගන්න. ඒත් ආපහු ටේ සද්දෙ දැම්මා.

" මේ අහන්න.. මන් ඔයාටයි කතා කරන්නේ.. කැප් එකක් දාගෙන ඉන්න කෙනා.."

හපොයි..

විලි ලැජ්ජාවයි..

' බෑ බෑ.. මාව අඳුර ගත්තොත් මන් ඉඳලා වැඩක් නෑ..' එහෙම හිතපු අහින්සා ආපහු පනින්න හැදුවේ. ඒත් ඒ පාර ටේ අහින්සගේ අතින් ඇදලා ගත්තා එයාගේ පැත්තට හරවා ගත්තා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

( දැන් ඇති නේ 🙂)

_________________________________________

කැමති අය විතරක් කමෙන්ට් කරන්න..  බල කිරීමක් නෑ.. 🙂💔

A_Shee ~

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

13.9K 4.5K 32
Mature content ... She is poison but lovely... He is soft And Hopeful... Taehyung × Medusa ~ Taedusa 🔆one and only exclusive collaboration in wa...
10.9K 2.2K 14
" ගොඩක් වෙලාවට අපි හැමෝම හිතනවා අපි ප්රාර්ථනා කරන දේවල් අපට ලැබෙන්නේ නෑ කියලා. ඒත් අපිට අපේ හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න පුලුවන් නම් අපේ හීන හැබෑ ව...
46.9K 10.7K 27
🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 "සෙල්ලම පටන් ගත්තේ මංනම් ඉවර කරන්න ඕනෙත්...
16.1K 4K 15
යම් පුද්ගලයෙක් තමා තුල ඇති ශක්තිය හදුනා ගන්නා තාක් ඔහු විශ්ව ශකිතියට යටත් වූවෙකි.