🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

73.7K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

12 කොටස

1.7K 388 39
By Sandee_96

" දවස් කීයක් හෙව්වද...? කොහොම හරි ලිස්සලා ගියා නේද...? "

කෝච් සර්ගේ කටහඬට පිටිපස්ස හැරිලා අපි දෙන්නම හිනා වුනේ ඇත්තටම දෙන්න උත්තරයක් ළඟ තිබුනේ නැති නිසා..

" අ....අනී...මේ...මේකයි සර්..."

" අනී..අනී..මේකයි..මේකයි නෙමෙයි තමුන් දෙන්නා දන්නවද මම දවස් කීයක් හෙව්වද කියලා තමුන්ලව ? "

මම කතා කරන්න හැදුවත් සර් ඒකට ඉඩ නොදී බනින්න පටන් ගත්තා..

" මහ ලොකුවට දෙන්නත් එක්ක ඒ දවස්වල බෝලේවත් පාස් නොකර වලි කෑවා නේද...? දැන්...? දැන් ග්‍රවුන්ඩ් එක පැත්ත පළාතෙ නෑ..."

" අනී...අපි එන්න ඉදියේ...අද ප්‍රැක්ටිස් යමු කියලත් මම කිව්වා නේද JK..?"

මම පුදුමෙන් වගේ ජිමින් දිහා බැලුවේ එයා එහෙම එකක් කීවේ කොයි වෙලේද කියල මතක් කරන ගමන්...

" ගල් ගිල්ලා වගේ ඉන්නැතුව ඔව් කියනවා මනුස්සයෝ...නැත්නම් අද බේරෙන්න වෙන්නෑ..."

මම කල්පනා කරනකොට ජිමින් මගේ කනට කරලා රහසින් කිව්වා.

" අ...ආ....දේ...දේ...හරිනේ අද යන් කියලා කිව්වනේ...අපි මේ දැන් එන්න හැදුවේ..."

මම එහෙම කියනකොට ජිමින් මගේ දිහා රවලා බැලුවා...මම මොකක් හරි වැරැද්දක් කළාද..මම එයා කියපු එකනේ කිව්වේ..එහෙම හිතන ගමන් මම ජිමින් දිහා බලලා හිනා වුනත් ජිමින් කලේ මට රවපු එක..

" ඕ....ඒකත් එහෙමද...? දැන් එන්න නම් හැදුවේ..ඒහෙනම් දෙන්නත් එක්කම යන්කො ග්‍රවුන්ඩ් එකට...අද පැනලා ගිහින් තිබුනොත් මම ඔයාගේ අබොජිට කම්ප්ලේන් කරනවා මේ ගැන.මම විනාඩි 5ක් දෙන්නම්.විනාඩි 5ක් ඇතුලත දෙන්නම ග්‍රවුන්ඩ් එකේ ඉන්න ඕනි..."

කෝච් සර් එහෙම කියන ගමන් හෝල් එකෙන් එලියට ගියා...සර් ගියා විතරයි ජිමින් මගේ බෙල්ලට පැනලා බෙල්ල වටේ අතක් දාලා මගේ බෙල්ල හිර කරගත්තා..

" යා....හ්...මොකක්ද ඒ කරේ.....මෝඩයා....මදැයි බොරුවක් කිව්වා.."

" ව්....වේ...මම කලේ ඔයා කියපු එකනේ..."

" මම කිව්වේ ඔවු කියන්න මිසක් දැන් එනවා කියන්න නෙමෙයි...දැන් ඉතින් කන්නවත් හම්බෙන්නෙ නෑ...මදැයි..මට බඩගිනී මනුස්සයෝ..."

" ඉ....ඉතින් අපි කාල යන්..."

" කාලා යන්න...? අපි තව විනාඩියක් හරි පරක්කු උනොත් සර් අපිව කයි..."

" යා....හ් ජිමිනා මගේ බෙල්ල...අතාරිනවා මාව...."

" බෙල්ල...?...මට පුළුවන්නම් මම ඔය බෙල්ල කනවා..."

ජිමින් කෑ ගහන ගමන් මගේ බෙල්ල අතෑරියා.නීරා නම් පැත්තකට වෙලා හොඳට හිනා වෙනවා...

" දැන් ඉතින් යන්....මදැයි...ආ...යිශ් මෙහෙම මෝඩයෙක්..."

ජිමින් මට රවන ගමන් කියවන්න පටන් ගත්තා..

" යා.....හ් කෑම කන්න ගිය නිසා පරක්කු උනේ කියලා සර්ට කියමු...ඕක ඔච්චර දෙයක්ද..?"

" ආ...යිශ්...ඔයා දන්නවනම් සර් ගැන ඔහොම කියන්නෑ...කෝච් සර් කියන්නේ කැම්පස් එකෙන් චාටර්ම පනිශ්මන්ට් දෙන කෙනා..ඒකත් ග්‍රවුන්ඩ් එක මැද...ආයිශ්....මොන ලැජ්ජාවක් විදින්න වෙයිද දන්නෑ..."

" අරස්සෝ අරස්සෝ...ගිහින් බලමුකො..."

එහෙම කියලා මාත් ජිමින් එක්ක ග්‍රවුන්ඩ් එකට යන්න ලෑස්ති උනා...හෝල් එකෙන් එලියට එනකොටම ජිමින් එකපාරටම පිටිපස්ස හැරිලා නීරට කතා කලා..

" යා....හ් නීරා....අද එහෙම එනවා නෙමෙයි කෙල්ලෝ ටිකත් උස්සගෙන ග්‍රවුන්ඩ් එකට.ආවොත් බලාගන්නම්කො.."

ජිමින් එහෙම කිව්වට නීරානම් ඒක ගනන් ගත්ත බවක් පෙනුනේ නෑ...නීරටත් සද්දේ දාලා මටත් බැන බැනා ජිමින් මා එක්කම ග්‍රවුන්ඩ් එකට ආවා...ස්පෝට්ස් ක්ලබ් එකට ගිහින් චේන්ජ් කරගෙන අපි එලියට එනකොට දැක්ක දෙයින් ජිමින් හොදටම කලබල උනා..

" යා....හ අර නීරා...මුලු කැම්පස් එකටම කියලා වගේ..."

ජිමින් අතින් කොන්ඩේ අවුල් කරගන්න ගමන් කෑ ගහන්න පටන් ගත්තා..

මුලු ග්‍රවුන්ඩ් එක වටේම කැම්පස් එකේ කෙල්ලෝ පිරිලා ඉදියා...මටනම් ගාණක් උනේ නෑ.ඔය කිව්වට කෝච් සර් ලොකු දඬුවමක් දෙන එකක් නෑ කියලමයි මට හිතුනේ..අපි දෙන්නා චේන්ජ් කරගෙන එලියට එනකොටම කෝච් සර් අපේ ලඟට ආවා...

" ආ...හ් මේ ඉන්නේ දෙන්නා....හරි දෙන්නම ගිහින් ලයින්ස් වල හිටගන්නවා.."

කෝච් සර් කියනකොට අපි දෙන්නම ගිහින් මීටර්ස් මාර්ක් කරල තිබුන ලයින්ස් දෙකක හිටගත්තා..

" මම කිව්වනේ ජිමින්..ඕනිනම් වට දෙක තුනක් දුවන්න කියයි...අයිගෝ සිම්පල්නේ..."

" JK මගෙන් කන්නේ නැතුව ඔය කට වහගන්නවද...? තව ටිකකින් බලාගන්නකෝ සිම්පල් වෙන විදිහ.."

ජිමින් එහෙම කියනවත් එක්කම කෝච් සර් අපි දෙන්නා ලඟට ආවා.

" අරස්සෝ...එහෙනම් දැන් දෙන්නත් එක්ක වටයක් දෙකක් දුවමු..කොහොමත් දැන් ඇඟවල් දෙකත් හොර වෙලා ඇත්තේ..."

කෝච් සර් එහෙම කියනකොට මම ජිමින් දිහා හිනා වෙලා බැලුවේ මම කිව්ව දේ හරි ගියා කියලා හිතාගෙන...ජිමිනුත් පුදුමෙන් වගේ කෝච් සර් දිහා බලාගෙනම ඉදියා..තත්පර කීපෙකට පස්සේ අපි දෙන්නා දුවන්න රෙඩි උනා...අපි දුවන්න හදනකොටම කෝච් සර් අපිව නැවැත්තුවා..

" හෝව්..හෝව්....මම කිව්වෙ නෑනේ නිකම්ම වට දෙකක් දුවන්න කියලා...අරස්සෝ දෙන්නම වට දෙකක් දුවන්න ඕනි...පළවෙනි වටේ JK ජිමින්ව හරහට අරගෙන යන්න ඕනි..දෙවෙනි වටේ ජිමින් JK ව හරහට අරන් යන්න ඕනි.."

" මො....මොකක්...හ...හරහට අරන්...? "

ජිමින් කියපු දේ මට හරියටම තේරුණේ දැන් තමයි..මොන විලි ලැජ්ජාවක්ද කොල්ලෙක්ව හරහට වඩාගෙන ග්‍රවුන්ඩ් එක වටේ යන එක.අනික මුලු කැම්පස් එකේම කෙල්ලෝ ටික බලාගෙන ඉන්නකොට...

හිතින් හිතන ගමන් මම ජිමින් දිහා බැලුවේ කෝච් සර් කියපු දේට ජිමින්ගෙන් කිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැති නිසා..ජිමින් දිහා බලනකොට මම දැක්කේ මාව කන්න තරම් කේන්තියෙන් මා දිහා බලාගෙන ඉන්න ජිමින්ව...කර කියාගන්න දෙයක් නැති නිසාම ජිමින්ව දැක්කේ නෑ වගේ මම අහක බලාගත්තා..

" හා..හා....කෝ පටන් ගන්නවා..."

කෝච් සර් පොල්ලකුත් අතේ තියන් කෑ ගහන්න පටන් ගත්තා...මොන ලැජ්ජාව උනත් දැන් දරාගන්න වෙනවාමයි කියලා දන්න නිසා මම ජිමින් ලඟට ගිහින් ජිමින්ව හරහට ගත්තා..

" දැන් සනීපයිද...? "

" ජිමින් කට වහනවා..."

මුලු කැම්පස් එකම බලාගෙන ඉන්නකොට ලැජ්ජාව පැත්තක තියලා මම ජිමින්වත් උස්සගෙන ග්‍රවුන්ඩ් එක වටේ යන්න පටන් ගත්තා...ටික දුරක් යනකොට මගේ අත් දෙක රිදෙන්න පටන් ගත්තා..

" ජිමිනා..මොනවද කෑවේ....අයිගෝ බර..."

" කට වහගන ඉක්මනට යනවා...මට හොඳටම බඩගිනීයි..."

" බඩගිනීයි ?...වෙලාවට කාලා ආවෙ නැත්තේ..එහෙම උනානම් මෙහෙමවත් උස්සන් යන්න බෑ..."

මුලු ග්‍රවුන්ඩ් එක පුරාම ඇහෙන්නේ කෙල්ලන්ගේ කෑ ගැහිල්ල..ග්‍රවුන්ඩ් එකේ බාගයක් විතර යනකොට මම දැක්කා නීරා ළමයි අතරින් ඔලුව දාගෙන අපි දිහා බලන් ඉන්නවා..

" ජිමිනා බලන්න එපා...ඉස්සරහා නීරා ඉන්නවා..දැක්කේ නෑ වගේ යන්.වස ලැජ්ජාව නැත්නම්..."

" තව මොනවා ලැජ්ජා වෙන්නද...අපිව මුලු කැම්පස් එකම දැකලා ඉවරයි...හෙට වෙනකොට අපේ ෆොටෝ කොහේ කොහේ තියෙයිද දන්නෑ.."

" මො....මොකක්...? ෆොටෝ...?"

ජිමින් එහෙම කිව්වහමයි මම හරියටම වටේ ඉදපු අය දිහා බැලුවේ..ජිමින් කීවා වගේම ඒ හැමොම අපේ දිහාට ෆෝන් එක අල්ලගෙන ඉදියා...

" ආ....යිශ්...මොන ලැජ්ජාවක්ද මේ...ආයිගෝ...."

මම එහෙම කියනකොට ජිමින් මගේ දිහා බලලා හිනා වුනා...කොහොම හරි හෙන අමාරුවෙන් පළවෙනි වටේ ඉවර කලා...ඊළඟට තිබුනේ ජිමින්ට මාව උස්සගෙන යන්න...ජිමින් අත පය ගසා දාලා ඇවිත් මාව හරහට ගත්තා...මගේ වටේ යනකම් මට බැන බැනා දුන්න වදේට රිටර්න් එක දෙන්නම් කියලා හිතාගෙන මම ජිමින්ගේ බෙල වටේම අත් දෙක දාලා බෙල්ලෙන් අල්ලගත්තා..මම එහෙම කරනකොට ජිමින් ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලන් ඉදියා..

" යා.....හ්... JK අත ගන්නවා...කෙල්ලෙක් වගේ බෙල්ලේ එල්ලෙන්න එපා මනුස්සයෝ...අපි හෙට කැම්පස් එන්න ඕනි.."

" ඉතින් අපි එමු..අපි දෙන්නම එකට එමු...අත් දෙක අල්ලගෙන එමු..."

ජිමින්ව අවුස්සන්න ඕනි නිසාම මම ජිමින් දිහා බලලා ඇහැක් ගහල කියනකොට ජිමිනා මාව කන්න වගේ බලාගෙන ඉදියා..

" පොඩ්ඩක් ඉවසනවකෝ මේක ඉවර වෙනකම්..."

ජිමින් මට තර්ජනේ කර කරා මාවත් උස්සගෙන ග්‍රවුන්ඩ් එක වටේ යන්න පටන් ගත්තා....සමහර තැන්වලදි කෙල්ලෝ ෆොටෝ ගන්නවා කියලා දැන දැනම මම ජිමින්ගේ බෙල්ල බදාගෙන ෆොටො වලට හිනා වුනා...ඒ නිසා ජිමින්ගේ කේන්තිය තවත් වැඩි උනා...

" යා...හ් JK ඕක නවත්තනවා...ආයිගෝ....දැන් තමයි හිතෙන්නේ කලින් වගේ මරාගත්තනම් හොඳයි කියලා..එහෙනම් මේ වෙනකොට මම ඔහේට මෙතනම බිම දාගෙන ගහලා...දැන් ඒක කරන්නත් බෑනේ.."

ජිමින් මට රව රවා කියනකොට ජිමින්ව තවත් අවුස්සන්න කියලා හිතාගෙන මම මගේ ලේන්සුව අරන් ජිමින්ගේ මූණේ දාඩිය පිහදාන්න පටන් ගත්තා...

" යා.....හ් මොකක්ද මනුස්සයෝ වෙලා තියෙන්නෙ...ආයිගෝ...මම මේකව යාළුවා කරගත්තනේ...JK කෙල්ලෝ ඉස්සරහා ආතල් දෙන්න එපා.."

එවලෙනම් ජිමින් ඒක කිව්වෙ තරහින් නෙමෙයි...ජිමිනත් හිනා වෙවී මට බැන බැනා කොහොම හරි ඒ වටෙත් දුවලා ඉවර වුනාට පස්සේ කෝච් සර් අපි ලඟට ආවා...

" ආයෙම ප්‍රැක්ටිස් මගෑරියොත් ඒ දඬුවම මීට වඩා දරුණු වෙයි..."

" අ...අනී අනී...ආයෙම මගෑරෙන්නෑ..."

අද කාපු කට්ට සැර නිසාම මට ඉබේටම කියවුනා...

" ගුඩ්....දැන් දෙන්නම යනවා...හෙට ඉදන් ප්‍රැක්ටිස් එන්න.."

එහෙම කියලා සර් ගියා විතරයි මම පුලුවන් තරම් වේගෙන් ස්පෝට්ස් ක්ලබ් එක ඇතුලට දිව්වේ ජිමිනට කරපු දේවල් වලට රිටර්න් එක ලැබෙනවා කියලා දන්න නිසාමයි...මම දුවනකොට ජිමිනත් කෑ ගහ ගහා මගේ පස්සෙන් දුවගෙන ආවා..

" ඔහොම නවතිනවා...JK...? මොකද දුවන්නේ.බයේද..? "

ක්ලබ් එක ඇතුලට එනකම් මගේ පස්සෙන් දුවගෙන ආව ජිමින් ආපු ගමන් මගේ පිටට පැනලා බෙල්ලේ එල්ලුනා..

" යා.....හ් මොකක්ද ඒ කලේ.හෙට වෙද්දී පාරෙවත් යන්න බැරිවෙයි...වස ලැජ්ජාව..."

ජිමින් මගේ පිටේ එල්ලිලා කෑ ගහනකොට ජිමිනව අමාරුවෙන් තල්ලු කරලා දාලා මම කොහොම හරි චේන්ජින් රූම් එකකට රිංග ගත්තා..ටිකක් වෙලා දොර ළඟ කෑ ගහ ගහා ඉදලා ජිමිනුත් චේන්ජ් කරගන්න ගියා...දෙන්නත් එක්කම චේන්ජ් කරගෙන ක්ලබ් එකෙන් එලියට එනකොටම මට සුගාගෙන් කෝල් එකක් ආවා...

" යොබොසොයෝ සුගා.."

" යොබොසොයෝ මිස්ටර් JK.මම පොලීසියට කතා කලා..අපිට ෆයිල්ස් ටික ගන්න පුලුවන්...මමයි හොබීයි හෙට යනවා පොලීසියට.."

" ඕ...හ් ගුඩ්...එහෙනම් අපි හරියටම හවස හතරට ලිප්ස් ක්ලබ් එකේදී මීට් වෙමු..."

සුගා එක්ක කතා කරලා ඉවර වෙනවත් එක්කම නීරා අපි ඉන්න තැනට ආවා...ටිකක් වෙලා තුන් දෙනා එක්කම කතා කර කරා ඉදලා අපි ගෙවල් වලට එන්න පිටත් උනා..යමින් ගමන් නීරා වත් ගෙදරට දාලා මමත් ගෙදර ආවා...

මම ගෙදර එනකොර අබොජි ගෙදර ඇවිත් ඉදියත් මාව මූනටම හම්බ වුනත් අබොජි මට මූණ දෙන්නෙ නෑ වගේ තේරුණා..මාව දකින හැම වෙලේම අබොජි මාව මගෑරියා...මොන දේ උනත් අසනිපෙන් ඉන්න නිසා මම අබොජි එක්ක කතා කලා..

" අබොජි දැන් කොහොමද..? ඇයි ඔෆිස් ගියේ..අමාරුවෙන් එහෙ මෙහේ යන්න හොද නෑනේ..."

" මට හදිසි වැඩ වගයක් තිබුනා...ඒකයි ගියෙ.."

අබොජි ගනන් නොගෙනම උත්තර දීපු විදිහෙන් මට තේරුණා අබොජි කිව්වේ බොරුවක් කියලා...ඕනි එකක් කියලා කාමරේට ආව මම කම්පැනි එකට කෝල් එකක් ගත්තේ අබොජි ඇත්තටම කම්පැනි එකට ගියාද කියලා දැනගන්න ඕනි නිසා..
කම්පැනි එකට කතා කළහම කිව්වේ අබොජි ආවෙ නෑ කියලා..එතකොට අබොජි කොහේද ගියේ..ඇයි මට බොරු කිව්වෙ..මොකක්ද මෙතන වෙන්නේ...

කෙලින්ම ගිහින් අබොජිගෙන් මේ ගැන අහන්න හිතුනත් දැන් එයා ඉන්න තත්වෙත් එක්ක ඒක එච්චර හොද දෙයක් නෙමෙයි කියලා හිතුන නිසා මම කිසිම දෙයක් දන්නෑ වගේ ඉදියා...

පසුවදා
-------

උදේම කැම්පස් එකට එනකොට දකින දකින ළමයා කලේ මා දිහා බලලා හිනා වුන එක...බයික් එක පාක් කරලා හෙල්මට් එක ගලවනවත් එක්කම ජිමින් ඇවිත් වෙනදා වගෙම එයාගේ බයික් එක මගේ එක ලඟින්ම පාර්ක් කලා.

" චුහ්නාචිම් ජිමිනා.."

" චුහ්නාචිම් JK..."

" වේ....නිකම් මැජික් වගේ මගේ දිහා බලලා ළමයි හිනා වෙන්නේ..?"

" වේ....? ඇයි මතක නැද්ද...ඊයේ දීපු ආතල් වල ප්‍රථිඵල තමයි ඔය..මේ බලනවා.."

එහෙම කියලා ජිමින් එයාගේ ෆෝන් එකේ තිබුන ෆොටෝස් වගයක් මට පෙන්නුවා..ඒවගේ තිබුනේ මම ජිමින්ගේ මූණ ලේන්සුවෙන් පිහදාන එකකුයි ජිමින්ගේ බෙල්ල බදාගෙන ඉන්න එකකුයි...ඒ ටික දැක්කම මට හිනාව තද කරගෙන ඉන්න බැරි උනා...ෆොටෝ එක ගැන කියෝ කියෝ දවසම ජිමින් කලේ මට බැනපු එක...ළමයි කොච්චර විහිළු කලත් ජිමින් ඉස්සරහා හැමෝම මීයට පිම්බා වගේ ඉදියා...මොකද හැමෝම ජිමිනා ගැන හොදටම දැනගෙන ඉදියා...

ලෙක්චර් ඉවර වෙලා පැය තුනක් විතර රග්බි ප්‍රැක්ටිස් කරලා මමයි ජිමිනයි හවස හතර වෙනකොට ලිප්ස් ක්ලබ් එකට ගියේ සුගාව හම්බවෙන්න..අපි යනකොටත් සුගයි හොබීයි දෙන්නම ඇවිත් ඉදියා...

" සුගා....මම කියපු විදිහට හැමදේම ගත්තද....? "

" දේ...මිස්ටර් JK...CCTV ෆුටේජ් ටික මේ පෙන් එකේ තියෙනවා..."

" සුගා , හොබී ඔයාලා දෙන්න මට කලේ ලොකු උදව්වක්.මේ වෙලාවේ ඔයාල දෙන්නා නැත්නම් මට මේක කරගන්න වෙන්නෙ නෑ..."

" අනී....අපි කලේ මිස්ටර් JK කරන්න කීව දේ...අනික මිස්ටර් JK අපිට කොච්චර උදව් කරල තියෙනවද...? "

මම කියනකොට හොබී සුහදව හිනා වෙලා කිව්වා..

" අරස්සෝ....අපි එහෙනම් ගිහින් එන්නම්..මම හිතනවා අපි ආයෙමත් ළඟදිම හම්බවෙයි කියලා..."

" දේ....මොන දේ කලත් පරිස්සමින්..උදව්වක් ඕනි ඕනම වෙලාවක අපිට කතා කරන්න.."

"අනිවාර්යයෙන්ම..කුමාවෝ...එහෙනම්.
අපි ගිහින් එන්නම්.."

සුගාටයි හොබීටයි ගිහින් එන්නම් කියලා  මමයි ජිමිනුයි ආයෙමත් ආවේ කැම්පස් එකේ ලයිබ්‍රි එක පිටිපස්සේ හෝල් එකට.ඒකට ඇවිත් රිපෝට්ස් ටික බැලුවත් ඒවගේ ඒ තරම් වැදගත් දෙයක් තිබුනේ නෑ..ඊට පස්සේ සුගා දීපු පෙන් එක ලැප් එකට ගහලා අපි දෙන්නම CCTV ෆුටේජ් ටික චෙක් කරන්න ලෑස්ති වුනා..

පළවෙනි එක ප්ලේ වෙනකොටම දැකපු දෙයින් මගේ මුලු පපුවම කඩාගෙන ගියා...මට දැනුනේ කවුරු හරි කිනිස්සකින් මගේ පපුව හිල් කරනවා වගේ....මට ඒ තරම් වේදනාවක් දැනුණා..ඇස් දෙකට පිරුණු කඳුළු කම්මුල් දිගේ පහලට වැටුනේ මටත් නොදැනීමයි...

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

Continue Reading

You'll Also Like

233K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
67.9K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
577K 75.2K 80
Ya Amar = My Moon or My most beautiful (Alpha & Omega)
95.4K 12.7K 46
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]