🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

75K 13.9K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

11 කොටස

1.7K 408 5
By Sandee_96

" දේ...ජිමින්..ඔයා කියන එක හරි..අපි දැන් ගොඩක් ලං වෙලා ඉන්නේ...මේක හොඳින් හෝ නරකින් විසඳෙන්නම ඕනි..නීරා ඔයා එයාගෙන් මිආ ගැන අහන්න.එයාට කතා කරන්න බැරි නිසා ප්‍රශ්නයක් වෙන්නෑ..ඒත් කිසිම වෙලාවක ඔයාගේ මාස්ක් එකවත් කැප් එකවත් ගලවන්න එපා..."

" JK ඔයාට ශුවර්ද...? මේකෙන් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ කියලා විස්වාසද..?"

" දේ ජිමින්...ටිකක් හිතන්න...කතා කරන්න බැරි උනත් ඒ මනුස්සයට ලියන්න පුළුවන්නම් ඒත් මෙයාලා එයාව තියාගන්නෑ...ඒත් එයාව තියාගත්ත එකෙන් තේරෙන්නේ එයා ලියන්න දන්නේත් නෑ කියන එක.ඒ නිසා අපි මේක ඇහුවා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නෑ.."

" යා....හ් ඇත්තනේ..මට ඒක කල්පනා උනේම නෑනේ...JK වාහ්...නියමයි.."

ජිමින් නම් ඉදියේ ලොකු කුතුහලයක් වගේම සතුටකින්...එයාගේ හැසිරීමෙන් මට ඒක තේරුණා...

" අරස්සෝ නීරා....එයා පොඩ්ඩක් තනි වෙනකම් ඉදලා එයා එක්ක කතා කරන්න...එයාගේ මූණේ වෙනසක් වෙනවද බලන්න.බයක් ? එහෙම නැත්නම් දුකක්..මොකක් හරි වෙනසක් වෙනවද බලන්න...එහෙම උනොත් අපිට එයාගේ භාශාව දන්න කෙනෙක් ලවා මේ ගැන දැනගන්න පුලුවන්."

" අ....අනී...අනී...වෙන කෙනෙක් ඕනි නෑ...ඒක මම කරන්නම්...මාව විස්වාස කරන්න."

නීරා එහෙම කීවම මටයි ජිමින්ටයි පුදුම හිතුනා...

" ඔ....ඔයා කොහොමද ගොළු භාශාව දන්නේ...? අනී...නීරා..මම හිතන්නෑ ඔයාට එයාව තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා.."

" අ....අනී...මම එයාලගේ භාශාව ගැන දන්නවා...ඒ ගැන මම පස්සේ විස්තර කරන්නම්...දැන් මේක ගැන හිතන්න.."

එහෙම කියපු නීරා ටික වෙලාවකට පස්සේ ආයෙම කතා කරනවා ඇහුණා...

" අ...අංකල්...ටිකක් කතා කරමුද...? අංකල්ට මතකද මීට මාස කීපයකට කලින් බිල්ඩින් එකෙන් පැනලා නැති වුන ගෑනු ළමයව..."

පොඩි නොහැඬියාවකින් පස්සේ නීරා ආයෙමත් අපි එක්ක කතා කලා..

" JK...මෙයා මොනවම හරි දන්නවා....එයාගේ මූණ වෙනස් උනා.පේන හැටියට ඒක බයකට වඩා දුකක් වගේ..මම දැන් මොකක්ද කරන්න ඕනි.."

" නීරා...එයාව ටෙරස් එකට එක්කන් එන්න බලන්න....හොඳින් හෝ නරකින් එයාව එක්කන් එන්න.."

" අ....අරස්සෝ... JK "

ටික වෙලාවකට පස්සේ මම කියපු විදිහටම නීරා වයසක මනුස්සයෙක් එක්ක ටෙරස් එකට ආවා..

" JK...එයා මා එක්ක එන්න අකමැති උනේ නෑ..."

" අරස්සෝ අංකල් මේ වෙලේ අපිට ඔයාගේ උදව් ඕනි..."

මම එහෙම කියනකොට වයසක මනුස්සයා හා කියන්න ඔලුව වැනුවා.මට තේරුණා එයා දන්න ලොකූ දෙයක් තියෙනවා කියලා..වගේම එයාට අපිට ඒක කියන්න ඕනි කියලත්...

" නීරා...ඔයා කිව්වා නේද ඔයාට එයාව තෙරුම් ගන්න පුලුවන් කියලා..? ඔයාට විස්වාසයිද ඒක කරන්න පුලුවන් කියලා.."

" දේ....මට විස්වාසයි.ඒ ගැන බය වෙන්න එපා JK.."

නීරා ඒ තරම් විස්වාසෙන් කිව්වේ බොරු නෙමෙයි කියලා මට තේරුණා..ඒත් එයා ඒ ගැන දැනගෙන ඉන්න එක ගැන මට පුදුමත් හිතුනා..තවත් පරක්කු නොකර මිආ ගැන තොරතුරක් දැනගන්න හදිස්සි නිසා මම නීරට එයාගේ වැඩේ කරන්න ඉඩ දුන්නා..

" අරස්සෝ....නීරා...එයා එක්ක කතා කරන්න.."

මම කිව්වට පස්සේ නීරා කතා කරන ගමන් හස්ත සංඥා වලින් කතා කරන්න පටන් ගත්තා..

" ඔයා එදා මැරුණ ගෑනු ළමයව දැක්කද..?"

නීරා අහනකොට වයසක මනුස්සයා ඔවු කියන්න ඔලුව වැනුවා..ඊට පස්සේ ආයෙමත් නීරා එයා එක්ක කතා කරන්න පටන් ගත්තා..

" ඔයා මොනවද දැක්කේ..අපිට ඔයා දන්න හැමදේම කියන්න.අපි ඒ ගෑනු ලමයගේ යාළුවෝ.."

නීරා අහපු දේට ඔලුව වනලා වයසක මනුස්සයත් හස්ත සංඥා වලින් නීරාට මොනවද කියන්න පටන් ගත්තා..එයා කියන හැම දෙයක්ම අපිට ඇහෙන්න නීරා කීවේ අපිට ඒ කිසිම දෙයක් තේරෙන්නෙ නැති නිසා..

" එයා මැරෙන්න ටික වෙලාවකට කලින් මම උඩ තට්ටුව පිරිසිදු කරන්න උඩට යන ගමන් ඉදියේ...එදා ලිෆ්ට් එකේ අලුත්වැඩියාවක් නිසා මම පඩිපෙලෙන් උඩට නගින ගමන් ඉදියේ..ඒ එක්කම පහල ඉදපු මිනිස්සු කෑ ගහන්න පටන් ගත්තා.මම ජනෙල්ලෙන් පහල බලනකොට දැක්කේ පහල ගෑනු ළමයෙක් ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා..එතකොටම ටෙරස් එකේ ඉදන් දුවගෙන ආව කෙනෙක් මගේ ඇඟේ හැප්පිලා කලබලෙන් දිව්වා..එයා ඉදියේ කලු තොප්පියක් දාගෙන , කලු මාස්ක් එකක් දාගෙන.."

" ඔයා එයාගේ මූන දැක්කද..? එයා ගෑනු කෙනෙක්ද ? පිරිමි කෙනෙක්ද...? "

නීරා අහනකොට ආයෙමත් වයසක මනුස්සයා අත පය හසුරවලා කතා කරන්න පටන් ගත්තා...

" අනී...මම දැක්කේ නෑ..එයා මගේ ඇඟේ හැපුනත් කතා කලේ නෑ.එයා ගොඩක් කලබලෙන් පහලට දිව්වා..."

" මෙයත් එයාව හරියට දැකලා නෑ JK...අපි දැන් මොකද කරන්නේ..?"

මේ තරම් හැංඟිලා ගේමක් ගහන්නේ කවුද කියලා හිතාගන්න බැරුව මගේ ඔලුව හොඳටම අවුල් උනා...

" නීරා මම මෙයාගෙන් ප්‍රශ්න අහන්නම්.මෙයා මට දෙන උත්තර ටික ඔයා මට පැහැදිලි කරන්න.."

එහෙම කියලා මම වයසක මනුස්සයාගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා..

" ඔයා ඇයි අපිට මේවා කිව්වේ ? "

" මම දන්නවා එදා ගොඩක් නරක දෙයක් උනා කියලා...අහිංසක දරුවෙක්ගේ මරනෙකට වග කියන්න ඕනි මනුස්සයා නිදැල්ලේ ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි.එයා දඬුවම් විඳින්න ඕනි "

" නියමයි....ජිමින් ඒ කියන්නේ අපිට CCTV ෆුටේජ් බැලුවොත් අනිවාර්යයෙන්ම දෙයක් හොයාගන්න පුලුවන්.."

" ඒත් JK අපි කොහොමද ඒක කරන්නේ..? "

" ඒක තමයි අවුල...අපිට කෙලින්ම ඒක ගැන අහන්න බෑ....යුනික් එකෙන් ඒ ගැන අහන එක මෝඩ වැඩක්...කොහෙන්ද...කොහෙන්ද...? හිතන්න JK....හිතන්න..."

මම මටම කියාගන්න ගමන් කල්පනා කරන්න පටන් ගත්තා...ටික වෙලාවක් යනකොට මට මතක් උනේ සුගාවයි හොබීවයි...

" අරස්සෝ....ක්‍රමයක් තියෙනවා....අපි යුනික් බිල්ඩින් එක සම්බන්ධ කරගන්නේ නැතුව මේකට පොලීසියෙන් ගාවගමු..."

" පොලීසිය ?...ඒත් JK ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැත්ද...? "

" අනී.....මගේ ලඟම යාලුවො දෙන්නෙක් ඉන්නවා..ඒ දෙන්නට කියලා ඒක කරවගන්න පුලුවන්..."

" ඔයාට විස්වාසයිනම් අපි ඒ විදිහට කරමු.."

ජිමින් මම ගැන විස්වාසේ තියලා කිව්වා...වයසක මනුස්සයගේ ජීවිතේ අනතුරේ දාන්න බැරි නිසා තවත් වෙලා එයාව තියාගන්නේ නැතුව අපි එයාට යන්න දුන්නා...එයාට කතා කරන්න ලියන්න බැරි නිසා මේ ගැන එයාගේ කටින්  පිටවෙන්නේ නැති බව මම දැනගෙන ඉදියා..එයාව පිටත් කරලා අපි තුන් දෙනත් කැම්පස් එකට ආවා...

" ජිමින් අපි දැන් දන්නවා අනිවාර්යයෙන්ම
අර මනුස්සයා මිආ ගේ මරණෙට සම්බන්ධයි කියලා.."

" දේ...ඒත් JK.. ඒ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා කිසිම කෙනෙක් දන්නෙ නෑ...ඒකනම් පුදුමයක්.."

" දේ...මටත් තියෙන අවුල ඒක....මට හිතෙනවා ඒකට උත්තරේ පොලීසියෙන් හොයාගන්න පුලුවන් කියලා..."

ඒ කතාව එතනින් නවතලා මම නීරා පැත්තට හරුනේ මෙච්චර වෙලා හිතේ වද දීපු ප්‍රශ්නේ අහන්න කියලා හිතාගෙන

" නීරා....ඔයා කොහොමද අර අංකල් එක්ක කතා කලේ...ඔයා කොහොමද ඒ භාශාව දන්නේ...?"

" අ....ආ..හ්....ඒක මම දන්නේ ගොඩක් කාලෙක ඉඳන්..."

" දේ....ඒත් කොහොමද...?"

කවදාවත් නැති විදිහට මට නීරා ගැන සැකයක් ආවා..ඇත්තටම නීරා ඒවා දන්නවද නැත්නම් අපි දෙන්නට හොරෙන් වෙනම ගේමක් යනවද කියලා...

" අ.... මෙහෙමයි...මම පොඩිකාලේ ඉදන් ඒ ගැන දන්නවා..."

නීරා ඇස් දෙකේ කඳුළු පුරවගෙන කියනකොට මට කිසි දෙයක් හිතාගන්න බැරි උනා...

" ව්...වේ....අඬන්නේ ඇයි...? නීරා ඇත්ත කියන්න...ඔයා කොහොමද දන්නේ..?"

මම අහනකොට නීරා අඬන එක නවතලා කතා කරන්න පටන් ගත්තා..

" JK...මම මෙහේ තනියම ඉන්නේ නිකම් නෙමෙයි....අබොජි UK ගියේ බිස්නස් වලට නෙමෙයි...ඇත්තටම අබොජි UK ගියේ මගේ මල්ලිව සනීප කරගන්න.."

" ම....මල්ලි....ඔයාට මල්ලි කෙනෙක් ඉන්නවද...? "

ජිමින් නීරගෙන් ඇහුවේ පුදුමෙන් වගේ..

" දේ...ජිමින්...මට මල්ලි කෙනෙක් ඉන්නවා..එයා උපතින්ම කන් ඇහෙන්නෙ නෑ , ඒ නිසා එයාට කතා කරන්නත් බෑ...එයාට දැන් අවුරුදු 17 යි...අපි පුලුවන් තරම් ට්‍රයි කලත් එයාව සනීප කරගන්න බැරි උනා.මගේ ඔම්මා අපිව දාලා ගියේ ඒ නිසා...මල්ලිගේ වැඩ කරන එක එයාට වදයක් උනා..ඒත් දවසක් අබොජිගේ යාළුවෙක් UK වල ඉන්න ඩොක්ටර් කෙනෙක් ගැන කිව්වා...දැන් මල්ලිට ට්‍රීට්මන්ට් කරන්නේ එයා...ඒ නිසයි අබොජි UK ඉන්නේ..ඉතින් පොඩි කාලෙ ඉදන් එයා එක්ක කතා කරලා මට මේ භාශාව හොඳට පුලුවන්.."

නීරා ඇස් වල කඳුළු පුරවගෙන කියනකොට මට මහා මූසල දුකක් දැනුණා..හිනාවෙලා ඉන්න මූණු ඇතුලේ කොයි තරම් වේදනාවල් හැංඟිලා තියෙනවද කියලා හිතුනා...අපි තුන් දෙනාම ඉන්නේ දරාගන්න බැරි තරම් වේදනාවල් හිර කරගෙන කියලා මට තේරුණේ නීරාගේ කතාව ඇහුවහමයි..

" වේ...? අපිට නොකීවේ...? අපි මේ කිසිම දෙයක් දන්නේ නෑනේ..මියන්හේ නීරා..මම ඔයාව සැක කළාට.."

" අ...අනී..අනී...ඒකට කමක්නෑ JK...ඔයාගේ පැත්තෙන් ඔයා හරි..මේ වෙලේ මට ඔයාව තේරුම් ගන්න පුලුවන්.."

" කුමාවෝ නීරා...ඔයාගේ උදව් නිසා අපිට ඉක්මනටම මිආ ගැන දැනගන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා.."

නීරා එක්ක කතා කරන ගමන් මම ජිමින් දිහා බැලුවේ ජිමින්ගෙ කිසිම සද්දයක් නැති නිසා...ජිමින් ඉදියේ ලොකු කල්පනාවක..

" ජිමින්...ජිමින්..."

" ව්....වේ...වේ...? කියන්න JK.."

" මොනව ගැනද කල්පනා කරන්නේ..?"

" අනී...මම කල්පනා කලේ මිආ එක්ක ඉදපු කෙනා පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියලා...එයාව දැකපු දෙන්නටම ඒ ගැන හරියට කියන්න බෑ."

" දේ...ජිමිනා ඒක මටත් හිතාගන්න බෑ...හැබැයි ඒ කවුරු උනත් අමාරු කාරයෙක්...කෙල්ලෙක් හෝ කොල්ලෙක්...කවිරු උනත් එයා අමාරුකාරයෙක්..."

" දේ...JK ඔයා කීවා නේද මේකට පොලිසියෙන් ගාවගන්න වෙනවා කියලා...මට ඒ ගැන පැහැහිලි නෑ.."

" ඕ...ඔවු....මෙහෙමයි..දෙන්නම හොඳට අහගන්න....යුනික් බිල්ඩින් එකේ CCTV ෆුටේජ් එක අනිවාර්යයෙන්ම එදා පොලීසිය චෙක් කරන්න ඇති...මට ඕනි ඒ රිපෝට්ස් ටිකයි CCTV ෆුටේජ් ටිකයි බලන්න..ඒත් ඒකට අපිට එතනට යන්න බෑ.."

" එහෙනම්..? කාවද යවන්නේ...?"

" ඒකට මම අඳුරන මගේ දෙන්නෙක් යවන්නම්....ඒ දෙන්නම මට ඕනි දේකට උදව් කරන ඔෆිසර්ස්ලා දෙන්නෙක්...එයාලා මේ කේස් එක ගැන ස්ටඩී කරනවා කියන එක කාටවත් සැකයක් නෑ.මොකද මාස 6ක් යනකම් වහල තියෙන කේස් එකක් උනත් ස්ටඩී කරන්න අවසර තියෙන නිසා.."

" ඕ....හ්....එහෙනම් වැඩේ ගොඩක් ලේසි වෙයි..."

" දේ....ජිමින්...මම හිතන විදිහටම නූලටම මේක උනොත් අපිට අවශ්‍ය මනුස්සයා නිකම්ම මගේ ලඟට එනවා..ගැස්සෙන්නේ නැති වෙන්න වැඩේ කරන්නයි ඕනි.."

එහෙම කියලා තවත් පරක්කු නොකර මම සුගාට කෝල් එකක් ගත්තා...දෙතුන්පාරක් රින්ග් වෙනකොට එහා පැත්තෙන් සුගාගේ කටහඬ ඇහුණා..

" යොබොසොයෝ මිස්ටර් JK "

" යොබොසොයෝ සුගා....උදව්වක් ඉල්ලන්නයි කතා කලේ..මේ ටිකේ අලුත් කේස් එකකද ඉන්නේ...?"

" අ..අනී අනී...මේ ටිකේ ෆ්‍රී..මොකක්ද වෙන්න ඕනි.."

" මට සෝල් පොලීසියෙන් රිපෝට්ස් ටිකකුයි , CCTV ෆුටේජ් ටිකකුයි එලියට අරගන්න ඕනි..."

එහෙම කියලා මම සුගාට හැමදේම මුල ඉදන් තේරුම් කරල දුන්නා..

" අරස්සෝ JK...අපි කරල දෙන්නම්.බය වෙන්න එපා අනිවාර්යයෙන්ම මිආ ගැන තොරතුරක් ලැබෙයි..මම හෙට වෙනකොට ඔක්කොම අරන් දෙන්නම්."

" අරස්සෝ එහෙනම් අපි ක්ලබ් එකේදී හම්බවෙමු "

" අරස්සෝ මිස්ටර් JK."

සුගා එක්ක කතා කරලා ඉවර වෙනවත් එක්කම පිටිපස්සෙන් ඇහුන කටහඬට මාවයි ජිමින්ටයි ඉබේම නැගිට්ටුනා..

" මේ ඉන්නේ ඩබල..."

" JK...අද නම් අපි ඉවරයි..."

ජිමින් මගේ කනට කරලා රහසින් කියනකොට නීරානම් පැත්තකට වෙලා අතින් කට වහගෙන හිනා වෙවී බලාගෙන ඉදියා...මුලු කැම්පස් එක ඉස්සරහම ලැජ්ජා වෙන්න වෙන වැඩක් අත ළඟමයි කියලා මටත් ඉවෙන් වගේ තේරුණා...

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

32.2K 3.1K 21
Omegaverseဖြစ်ပြီးMarried lifeလေးပါ Start date -2.8.2024 End date -??
304K 20.5K 60
ដើម្បីកូន អូនព្រមទទួលយកគ្រប់យ៉ាង សូម្បីតែនាមជា«ប្រពន្ធចុង» Jeon Jungkook x Kim Taehyung (Top) (Btt)
603K 103K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!