🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

73.7K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

08 කොටස

1.9K 411 4
By Sandee_96

" සර්....සර්...ටිකක් ඔහොම ඉන්න.."

ඒ කතා කලේ ටැක්සි ඩ්‍රයිවර්...මිනිහා කලබලෙන් වගේ අපි ඉන්න තැනට ආවා..

" සර්...ම...මට මතක් උනා.මට මතක් උනා....දවසක් ඒ නෝනා යුනික් බිල්ඩින් එකට එක්කගෙන ගිහින් බස්සලා එන්න හදනකොට මම දැක්කා කවුද කෙනෙක් එයාගේ අත අල්ලගෙන එයාව ඇතුලට එක්කගෙන ගියා.."

" මො...මොකක්....ඔයා...ඔයා එයාගේ මූණ දැක්කද...? ආයෙම දැක්කොත් අඳුරගන්න පුලුවන්ද...?"

මම කලබලෙන් ඇහුවේ මිආ ගැන හෝඩුවාවක් ලැබෙන්න යන නිසා හිතට ආව සතුටටමයි..

" අ....අනී සර්...ඒ මනුස්සයා කලු පාට කැප් එකක් දාගෙන කලුපාට මාස්ක් එකක් දාගෙන ඉදියේ...එයා ඇඳගෙන ඉදපු ඔක්කොම කලු..මම මූණක් දැක්කේ නෑ.එයා පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියලවත් මට අඳුනගන්න බැරි වුනා..ඒත් මට හිතෙන්නේ එයා පිරිමි කෙනෙක් .මම උවමනාවෙන් බැලුවෙත් නෑ..මම අහම්බෙන් දැක්කෙ ඒ දෙන්නව.."

" ක...කලුපාට...එයාව එදා විතරමද දැක්කේ...මීට කලින් දැකලම නැද්ද...?"

" අනී....මම එදා විතරමයි ඒ නෝනා එක්ක ඒ මනුස්සයා ඉන්නවා දැක්කේ.."

" එක දවසක් කියන්නේ මිආ ඔයා එක්ක නිතරම එතනට යනවද..?"

" අ...අනී සර්...මිආ නෝනගේ මරනේ වෙන්න කලින් දවස් තුනක් විතර මා එක්ක එතනට ගියා.."

"හොඳට මතක් කරන්න ඒ කිසිම වෙලාවක ඔයාගේ වාහනේට මගින් කෙනෙක් නැග්ගද ? ..අඩුම තරමින් මිආ වාහනේ යනකොට කාටහරි කෝල් එකක් හරි ගත්තද...? "

" මට එහෙම මතක නෑ සර්..ඒත් එක දවසක් මැඩම් අඬ අඬා තමයි වාහනේට නැග්ගේ..ඒ පලවෙනිම දවසේ.මම එදා තමයි ඒ නෝනව පළවෙනි වතාවට දැක්කේ...හරියටම කියනවනම් මිආ නෝනා නැති වෙන්න දවස් තුනකට කලින්..."

" අ...අඬ අඬා...? ඒ....ඒ කියන්නේ මිආ ප්‍රශ්නෙකද ඉදියේ...ඒත් එයා එක්ක ඉදපු පිරිමි කෙනා කවුද...ජිමින් ඔයාට ඒ ගැන මොකක් හරි අදහසක් තියෙනවද..?"

" අ...අනී JK.මට එහෙම අදහසක් නෑ.."

" එතකොට ඒ කවුද..? මිආ ව කවුරු හරි බ්ලැක්මේල් කළාද..?මොකක්ද උනේ..මට කිසිම දෙයක් තේරෙන්නෑ ජිමින්..."

" JK කලබල වෙන්න එපා...අඩුම තරමින් දැන් අපි දන්නවනේ මිආ ගැන දන්න කෙනෙක් ඉන්නවා කියලා.."

" දේ...අපි දැන් හොයාගන්න ඕනි ඒ කවුද කියල..මිස්ටර් කම්සාහම්නිදා...මේ තොරතුර දුන්නට.ඒත් මම කලින් කීවා වගේම ඔයා මේ ගැන කිසිම දෙයක් දන්නවා කියලා කාටවත අඟවන්න එපා..කරුණාකරලා "

" අ....අනී සර්...මම කිසිම කෙනෙක්ට කියන්නෑ..."

එහෙම කියලා ඩ්‍රයිවර් ආයෙමත් වාහනේ ලඟට ගිහින් වාහනේ අරගෙන යන්න ගියා.මිනිහා හෝඩුවාවක් දුන්නත් මට ඒක එකපාරටම විස්වාස කරන්න හිත දුන්නේ නෑ..

" ජිමින්...මිනිහා ගැන අපිට ඇහැ ගහගෙන ඉන්න වෙනවා."

" ව්..වේ JK... ? ඇයි එහෙම ඇහුවේ..මිනිහා කිව්වේ බොරුවක් කියලා හිතෙනවද..?"

" අනී.ඒත් මේ වෙලාවේ එකපාරට කෙනෙක් කියල දෙයක් පස්සේ දුවන්න තරම් මෝඩ වෙන්න බෑ...මේක අපිව නොමග යැවීමක් වෙන්නත් පුලුවන්..ඒ නිසා අපිට මිනිහා ගැන ඇහැ ගහගෙන ඉන්න වෙනවා.."

" ඕ....හ්...දේ...මට ඒ ගැන කල්පනා වුනේ නෑ...සමහරවිට ඔයා කිව්ව වගේ මිනිහා අපිව නොමග යවනවා වෙන්න පුලුවන්..ඒත් අපිව දැන් මිනිහා දන්න නිසා මිනිහා එහෙම දෙයක්නම් කරන්නේ අනිවාර්යයෙන්ම අපෙන් පරිස්සම් වෙයි..."

" දේ ජිමින්...ඒ නිසා මිනිහා ගැන හොයන්න අපිට යන්න බෑ...ඒ වෙනුවට වෙන කෙනෙක්ව දාන්න වෙනවා...ඒකට මම මගේ කෙනෙක්ව දාන්නම්.."

ක්ලබ් එකට යන ගමන නවත්තලා ටැක්සි එකක් අරගෙන අපි ආයෙමත් කැම්පස් එකට ආවේ අපේ බයික් දෙකම කැම්පස් එකේ දාලා ආව නිසා...කැම්පස් එකේ පාර්ක් එකට ඇවිත් බයික් දෙක අරගෙන දෙන්නම ගෙදරට එන්න පිටත් උනේ ඉස්සරහට වෙන දේවල් ගැන පහුවදාට කතා කරමු කියලා..

ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන මම කල්පනා කලේ ටැක්සි ඩ්‍රයිවර් ගැන ඇහැගහගෙන ඉන්න වැඩේ හරියටම කරන්න පුලුවන් කාටද කියලා.එතකොට මට මතක් උනේ ටේයුන්ව..ටේයුන්ට කෝල් එකක් ගන්න ගමන් මම ගාර්ඩ්න් එකට ගියේ මේ ගැන ටේයුන්ට නිදහසේ පැහැදිලි කරලා දෙන්න ඕනි නිසා...දෙතුන්පාරක් රින්ග් වෙනකොට ටේයුන් ෆෝන් එක ආන්ස්වර් කලා..

" යොබොසොයෝ මිස්ටර් JK.."

" යොබොසොයෝ ටේයුන්... මේ දවස්වල විශේශ වැඩකද ඉන්නේ..?"

" අ...අනී මිස්ටර් JK..වේ...? මගෙන් මොකක් හරි කෙරෙන්න ඕනිද..?"

" දේ ....ටේයුන්. මට ඔයාගෙන්  ලොකු උදව්වක් ඕනි.."

" දේ...මිස්ටර් JK..මගෙන් මොකක්ද වෙන්න ඕනි..?"

ටේයුන් අහනකොට මම හැමදේම මුල ඉදන් ටේයුන්ට පැහැදිලි කරලා දුන්නා..ටේයුන් කියන්නේ මගේ ළඟ ඉන්න දක්ශ වගේම විස්වාසවන්ත කෙනෙක්.මම කියන දේ හරියටම කරන්නේ ටේයුන් කියලා මම දැනගෙන ඉදියා..හැමදේම විස්තර කරලා දිලා ෆෝන් එක කට් කරලා මම ගියේ ගාර්ඩ්න් එකේ තිබුන බෙන්ච් එක ලඟට..මිආ ගේ මරණෙන් පස්සේ ගෙදර ආව දවසේ ඉදන් මම බෙන්ච් එක මගේ ඇස් වලින් මගහැරියා..එතන මිආ ගෙයි මගෙයි මතකයන් ගොඩාක් තිබුනා...

" මිආ... මැණික මතකද...? මෙතන ඉඳගෙන අපි සින්දු කිව්වා...මතකද ඔයාගේ මිස්ටර් ඩෙගූ...ඔයා ගියාට පස්සේ එයත් යන්නම ගිහින්.."

ඩෙගූ කියන්නේ බෙන්ච් එක ළඟ විලේ ඉදපු මාළුවෙක්.එයා ගොඩක් ලොකුයි..සුදු පාට තිප්පිලි විශේශයක්.

" දැන් මෙතන පාලු කනත්තක් වගේ..මගේ මැණිකගෙයි මගෙයි මතකයන් වළඳාපු කනත්තක් වගේ...තව ටිකක් ඉවසන්න මැණික.මම හොයාගන්නම් ඔයාට මේ අපරාදේ කලේ කවුද කියලා..තව ටිකක් ඉවසන්න.."

මිආ ගේ අතීත මතක ඇතුලේ හිරවෙලා ඉදපු මාව ගැස්සිලා පියවි සිහියට ආවේ නැනී ඔම්මාගේ කටහඬට..

" පුංචි මහත්තයෝ...මෙතන මොකද කරන්නේ.දැන් හොඳටම හවස්වෙලා...අපි ගෙට යන්.."

" දේ නැනී ඔම්මා.."

එහෙම කියාගෙන ඇස්වල කඳුළු පිහදාලා ඇගිටලා යන්න හැදුවත් නැනි ඔම්මා මාව නැවැත්තුවා..

" මහත්තයෝ...අඬනවා නේද..? වේ...මගේ මහත්තයට මිආ නෝනව මතක් උනාද..?"

" මිආ ව මතක් වෙන්න මට කවදාවත් එයාව අමතක වෙන්නෙ නෑ ඔම්මා..."

හිර කරන් ඉදපු හැඬුම් මැද්දෙන් කියනකොට මට කෑ ගහලා ඇඬුනා..

" ම....මට මගේ මිආව ඕනි ඔම්මා..ආ...යිශ්..මට මෙහෙම ඉන්න බෑ..."

ආපු ආවේගෙට ළඟ තිබුන චෙරිමල් ගහට අතින් ගහගෙන ගහගෙන ගියේ තවත් හිර කරගෙන ඉන්න බැරි නිසා

" අ..අනී අනී..ආයිගෝ මොකද මේ කරන්නේ..අනේ අතින් ලේ එනවා නේද..? පොඩි මහත්තයෝ ආයිගෝ...අත තුවාල වෙලානේද...අපි යන් ගෙට.යන් බෙහෙත් දාගන්න..."

නැනී ඔම්මා මාව එයාට වාරු කරගෙන ගේ ඇතුලට එක්කන් යන්න හැරෙනවත් එක්කම මම දැක්කා අබොජි කඳුළු පිහින ගමන් රෝද පුටුවත් තල්ලු කරගෙන ගේ ඇතුලට යනවා..
නැනී ඔම්මයි මමයි ගේ ඇතුලට යනවත් එක්කම කිසිම දෙයක් දැක්කෙ නෑ වගේ අබොජි අපේ ඉස්සරහට ආවා..

" ජන්ගුක්...මොකද මේ...කොහොමද මේ තුවාල කරගත්තේ..?"

"අ...අනී ලොකු මහත්තයා මේ.."

" නැනී මම ඔයාගෙන් නෙමෙයිනේ ඇහුවෙ...ජන්ගුක් මොකක්ද වෙලා තියෙන්නේ..ඔයා ඔය තරම් දුර්වලයෙක්ද..?"

අබොජි කියපු වචන වල මොකක්දෝ දෙයක් හැංඟිලා තියෙනවා කියලා මට හිතුනා.අ..අබොජිටත් ඕනි මිආ ගැන හොයාගන්නද...? දුර්වලයෙක්..? එයා මම ගාර්ඩ්න් එකේ ඉන්නව දැක්කත් නොදැක්කා වගේ දැන් මෙහෙම කතා කරන්නේ ඇයි..අබොජිගේ ඔළුවේ මොනවද තියෙන්නේ..?..

ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්න වෙලේ අබොජිගේ හැසිරීමත් මට ලොකු ප්‍රශ්නයක් උනා..ඒත් ඒ ගැන හිතනවට වඩා මිආ ගැන හිතන්න ඕනි නිසාත් අබොජි එක්ක කතා කරන්න ඕනිකමක් නොතිබුණ නිසාත් අබොජිට උත්තර නොදීම මම කාමරේට එන්න ආවා.

" ජන්ගුක්...දැන් මා එක්ක කතා කරන්නත් බැරිද ඔයාට...?"

පඩිපෙලේ ටිකක් දුර ගිහින් මම ආයෙමත් හැරුණේ අබොජි අහපු ප්‍රශ්නේ නිසා..

" අපිට මොනවද අබොජි තව කතා කරන්න තියෙන්නේ..? ඔයා මොනවද මට කතා කරන්න ඉතුරු කලේ..? මගේ මිආ...? අපි එයා ගැන කතා කරමුද..? ඔයාට පුලුවන්ද මම නැති අවුරුදු දෙකේදී එයා ඉදපු හැටි , ඔයා දිපු වේදනා ගැන කතා කරන්න..?"

" ජන්ගුක්...ඔයා හිතන දෙයක් මෙතන උනේ නෑ..."

අබොජි කේන්තියෙන් කෑ ගහන්න පටන් ගත්තා..

" දේ...මම හිතපු දේ මෙතන උනේ නෑ..මම හිතුවේ මම ගියහම ඔයා මිආව හොඳින් බලාගනී කියලා..ඒත් උනේ ඒක නෙමෙයි...අන්තිමට මම එනකොට මගේ මිආ නෑ..."

" ජන්ගුක්....ඔය ඇති...මිආගෙ මතක අස්සේ ඉන්න එක දැන්වත් නවත්තනවා..."

" නවත්තන්න...අනී...මිආගේ මරනේ ගැන හැම දෙයක්ම දැනගෙන උන්ට දඬුවම් කරනකම් මම මේක නවත්තන්නෑ.."

එහෙම කියලා අබොජි තවත් මොනවා හරි කියන්න කලින් මම කාමරේට ආවා.කාමරේට එනකොටම නැනී ඔම්මත් මගේ පිටිපස්සෙන් බෙහෙත් අරගෙන කාමරේට ආවා..

" මගෙ මහත්තයෝ ඉඳගන්න අපි බෙහෙත් දාමු.."

නැනී ඔම්මා ඇස්වල කඳුළු පුරවගෙන මගේ අතට බෙහෙත් දාන්න පටන් ගත්තා...

" ආයිගෝ...මුලු අල්ලම තුවාල වෙලා...පොඩි මහත්තයෝ ඔයාට රිදවගන්න එක නවත්තන්න වස්තුවෙ..."

නැනී ඔම්මා අඬ අඬා කියනකොට මට ගොඩක් දුක හිතුනා..අතේ වේදනාවට වඩා හිතේ වේදනාව වැඩි නිසා මටනම් අත තුවාල වෙලා කියලා ගානක්වත් තිබුනේ නෑ..ඒත් මම නිසා මේ ලෝකේ වේදනා විදින එකම කෙනා නැනී ඔම්මා නිසා මට නැනී ඔම්මා ගැන ලොකූ දුකක් දැනුණා..

" අරස්සෝ....අරස්සෝ..... ආයිගෝ ඔම්මා..අඬන්න එපා....මේක පොඩි තුවාලයක්නේ.."

" පො....පොඩි...මුලු අල්ලම තුවාල වෙලා...පොඩීයිලු.."

එහෙම කියන ගමන් ඔම්මා ආයෙම අඬන්න පටන් ගත්තා...තවත් වෙලා ගියොත් ඔම්මට හුස්ම ගන්න බැරි වෙනකම් අඬනවා කියල දන්න නිසා මම ඔම්මව බදාගත්තා..

" අරස්සෝ අරස්සෝ...මම ආයෙම කවදාවත් මට තුවාල කරගන්නෑ.."

එහෙම කියනකොට නැනී ඔම්මා අඬන එක නවතලා මගේ මූණම අත් දෙකෙන් බදාගෙන මගේ නලල ඉම්බා.

" මගේ පුංචි මහත්තයා හිනාවෙලා ඉන්න වස්තුවේ...මට ආයෙම මගේ පුංචි මහත්තයව දකින්න ඕනි..කොයි වෙලේත් හිනා වෙලා ඉදපු , කෝලම් කරපු පුංචි මහත්තයව මට ඕනි"

" ඔම්මා...මම එයාව දෙන්නම්..ඒත් දැන්ම ඒක කරන්න බෑ..මම ආයෙම හිනා වෙන්නේ මිආගේ මරණෙට හේතු වුන අයව හොයාගෙන උන්ට දඬුවම් දුන්න දවසට..."

" මම දන්නවා...පොඩි මහත්තයා මේක නවතන්නෑ කියලා...මම දන්නවනේ ඔයා ගැන..."

" දේ...මම පලිගන්නකම් මේක නවතන්නෑ.මගේ අහිංසකී මරාගත්ත උන් , මේකට සම්බන්ද හැම එකාවම මම ඉවරයක් කරනවා..."

" අරස්සෝ...අරස්සෝ..දැන් ඔය කතාව ඇති..අතත් තුවාල නිසා මම කවන්නද අද..? මම කෑම ගේන්නද..?"

" ඔම්මා....හවස යාලුවත් එක්ක මම මගින් කෑවා..දැන් බඩගිනි නෑ..මම අද නිදාගන්නම් කලින්..අතත් ටිකක් ඇදුම් දෙනවා වගේ.."

" අරස්සෝ...එහෙනම් නිදාගන්න..මම යන්නම්..."

නැනී ඔම්මට බොරුවක් කිව්වේ කන්න තරම් හිතේ නිදහසක් නොතිබුණ නිසා.නැනි ඔම්මා ගියාට පස්සේ මම කල්පනා කලේ ඩ්‍රයිවර් කියපු මනුස්සයා ගැන..මිආ එක්ක ඉදපු මනුස්සයා ගැන ඔළුවේ තිබුන නිසාද මන්දා හිතේ  තිබුනේ වෙනස්ම හැඟීමක්.ඒත් මිආගෙයි ඒ මනුස්සයයි අතර තිබුනේ මොන වගේ සම්බන්දයක්ද කියන එක මට ලොකු ප්‍රශ්නයක් උනා...

ප්‍රශ්නේ විසඳන්න පොටක් පෑදිලා තියෙන නිසා හැමදේම ඔළුවෙන් අමතක කරලා දාලා මිආගේ මරණෙ ගැන විතරක් හිතනවා කියලා හිතාගෙන මම නිදාගත්තේ පහුවදා කරන්න ගොඩාක් වැඩ තිබුන නිසා.

පසුවදා
-------

උදේම ඇහැරිලා කැම්පස් එකට ගිහින් ජිමින් එනකම් ලයිබ්‍රි එක පිටිපස්සේ හෝල් එකට වෙලා බලාගෙන ඉන්නකොට මම ඇවිත් විනාඩි 15 කට විතර පස්සෙ ජිමින් ආවා..

" JK....."

ජිමින් කෑ ගහගෙන හෝල් එක ඇතුලට ආවා..

" යා...හ් ජිමිනා..චුහ්නාචිම් "

" ආ...හ් චුහ්නාචිම්....අතට මොකද උනේ..?"

ජිමින් මගෙ අතේ බැන්ඩේජ් එක දැකලා පුදුමෙන් වගේ ඇහුවා..

" ආ...අනී...ඊයෙ ගෙදරදි පොඩ්ඩක් තුවාල උනා.."

" JK ඔයාටම රිද්දගන්න එක දැන්වත් නවත්තන්න..දැන් අපිට පොටක් පෑදිලා තියෙන්නේ..ඔයා කරන පොඩි දේකින් පවා මේ හැමදේම කනපිට හැරෙන්න පුලුවන්.."

ජිමින් කියන එක ඇත්ත...මේ වෙලේ අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි...ඒත් මගේ වේදනාව පාලනේ කරගන්න මට ගොඩක් අමාරු උනා...ඒක වචන වලින් කෙනෙක්ට තේරුම් කරන්නවත් ඒක තේරුම් ගන්නවත් කාටවත් බෑ..ඒ නිසා මම මුකුත් නොකියා ජිමින් කියන දේ අහගෙන ඉඳියා.

" දේ....ඒක නෙමේ අපි පොඩ්ඩක් ඉස්සරහට ගහන්න වෙන ගේම ගැන ටිකක් කතා කරමුද ජිමිනා...මොකද මේකේ කිසිම තැනක් ගැස්සෙන්න බෑ...දැන් තමා හරියටම මේක පටන් ගන්නේ..."

" දේ....JK ගේ අයිඩියා එක මොකක්ද...? "

" මෙහෙමයි අපි යුනික් බිල්ඩින් එකට යන්න ඕනි ජිමිනා...ඒත් මට පේන විදිහට බිල්ඩින් එකත් මේක එක්ක ලොකු සම්බන්දයක් තියෙනවා වගේ...කිසිම CCTV ෆුටේජ් එකක් ලැබිලා නෑ කියන්නේ ටිකක් අමුතු දෙයක්...ඒ නිසා අපිට ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා..."

" දේ..ඒක ඇත්ත JK.අනික යුනික් බිල්ඩින් එකේ හැම තට්ටුවකම CCTV තියෙනවා..."

" දේ..ඒ නිසයි මම කියන්නේ ජිමින්..මෙතන අපි නොදන්න ලොකූ දෙයක් වෙලා තියෙනවා..."

" JK මොකක්ද හිතන් ඉන්න ප්ලෑන් එක..?"

මම ජිමින්ට ප්ලෑන් එක ගැන කියන්න හදනකොටම ජිමින්ගේ යාලුවා මාර්ක් අපිව හොයාගෙන හෝල් එකට දුවගෙන ආවා..

" ජිමින්..JK..ඉක්මනට එන්න නී...නීරා...
...නීරට "

මාර්ක් කලබලෙන් වගේ හති අරින ගමන් මොකක් හරි බරපතල දෙයක් කියන්න හැදුවා...

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

33.7K 3.2K 25
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...
596K 38.8K 78
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
95.4K 12.7K 46
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
169K 12.1K 49
ត្រូវចាំទុកថាគីមថេហ្យុងគឺជារបស់ខ្ញុំតែម្នាក់គត់បើអ្នកហ៊ានប៉ះគេប្រៀបដូចអ្នកហ៊ានប្រឡែងនិងភ្លើងអញ្ចឹងហើយភ្លើងដូចជាខ្ញុំក៏និងដុតកម្លោចអ្នកតែម្ដង បើជឿប៉ះព...