🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

75K 13.9K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

05 කොටස

2.3K 475 10
By Sandee_96

"අනේ මගේ වස්තුවේ..වේ...මොකද උනේ..? කොහොමද මේ තුවාල උනේ..? ආ...යිගෝ...ආ...යිගෝ..."

නැනී ඔම්මා කෑම ප්ලේට් එක ඇඳ උඩින් තියලා අත් දෙකෙන්ම මගේ මූණ අල්ලගෙන ඇස් දෙකේම කඳුළු පුරවන් අහන්න පටන් ගත්තා..

" රන්ඩුවක්වත් උනාද...? බයික් එකෙන් වැටුනද..? නෑ නේද...? ආයිගෝ..."

නැනී ඔම්මා මාව හරව හරව මට තුවාල වෙලාද බලන්න පටන් ගත්තා..

" අ...අනී...අනී...නැනී ඔම්මා...අහන්නකො මගෙ ඔම්මා...මට කිසිම ප්‍රශ්නයක් නෑ...මගේ ඔම්මා කලබල වෙලානේ..."

" ප්‍රශ්නයක් නෑ කියන්නේ කොහොමද...මේ කම්මුල හොඳටම තඩිස්සි වෙලා...ඉන්න...
ඔහොම ඉන්න මම බෙහෙත් අරගෙන එන්නම්..."

මම කොච්චර කිව්වත් නැනී ඔම්මා ඇහුවේ නෑ...පහලට ගිහින් බෙහෙත් ටියුබ් එකක් අරගෙන ඇවිත් මූණ තුවාල උනු තැන ගාලා මට කවන්න පටන් ගත්තා..

" දැන් මේක කන්න...කෝ කට අරින්න.."

නැනී ඔම්මා කඳුළු පුරවගෙන කියනකොට මට ගොඩක් දුක හිතුනා..ඔම්මා වගේම වෙනසක් නැතුව නැනී ඔම්මා මට ආදරේ කලා..නැනී ඔම්මා නිසා මට ඔම්මා නැති පාළුව දැනුනේ නෑ...කන්න තරම් බඩගින්නක් නොතිබ්බත් ගෙනාපු කෑම ඔක්කොම කෑවේ නැනී ඔම්මා දුකින් ඉන්න නිසා...

" අරස්සෝ මගේ වස්තුව දැන් නිදාගන්නවද  ? කොට්ටෙන් ඔලුව තියන්නකො.මම නින්ද යනකම් ඔලුව අතගාන්නම්.."

"අනී...අද මම මෙහෙම නිදියන්නම්.."

එහෙම කියල මම නැනී ඔම්මගේ උකුලෙන් ඔලුව තිබ්බා.නැනී ඔම්මා දුකින් ඉන්න වෙලාවට එයාව සනසන්න හරි අමාරුයි.ඒ වගේම ඒක කරන්න පුලුවන් මට විතරයි...මම උකුලෙන් ඔලුව තිබ්බම නැනී ඔම්මා මගේ නලල ඉඹලා ඔලුව අතගාන්න පටන් ගත්තා..ටික වෙලාවක් යනකොට මට ඉබේම නින්ද ගිහින් තිබුනා..

පසුවදා
------

උදේ ම ඇහැරිලා පහලට ගියේ වෙනදට වඩා ගොඩක් සතුටින්...ජිමින් මගේ එක්ක ඉන්න එක මට ලොකු හයියක් උනා..නැනී ඔම්මා ඊයෙ රෑත් අවුලෙන් ඉදපු නිසා මම කාලම කැම්පස් එකට යනවා කියල හිතාගෙන කෑම මේසෙට ගියා.මම කෑම මේසෙට යනකොටත් අබොජි කෑම කනවා..

" චුහ්නාචිම් ජන්ගුක්....මො...මොකක්ද උනේ...මොකද මේ මූණ ? කා එක්ක හරි ප්‍රශ්නයක් දාගත්තද...?"

අබොජි එකපාරටම කලබලෙන් වගේ මගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්‍තා..

" අ....අනී අනී....ඊයේ රග්බි සෙල්ලම් කලා..එතකොට බෝලේ මුණෙ වැදුණා.."

මම එහෙම කීවත් අබොජි මා දිහා බලාගෙන ඉදියේ මම කියන්නේ බොරුවක් කියලා දන්නවා කියන්න වගේ...වැඩි වෙලා ඉදියොත් ප්‍රශ්නයක් ඇතිවෙනවා කියලා දන්න නිසාම මම ඉක්මනට කාලා බයික් එකත් අරන් කැම්පස් එකට ආවා..

මම පාර්ක් එකට යනකොටම වගේ ජිමිනුත් කැම්පස් එකට ආවා..අපි දෙන්නා ආව විතරයි කැම්පස් එකේ කෙල්ලො ටික අපිව වටකරගත්තා...මේකප් නාගෙන ඉන්න නීරා හැමදාම වගේ ඉස්සරහටම වෙලා අපි දිහා බලාගෙන ඉදියා...

" ජේකේඒඒඒඒ...."

බයික් එක නවත්තලා කෑ ගහගෙන මගේ ලඟට ඇවිත් ෆිට් එකක් දීපු ජිමින්ව දැකලා කෙල්ලො ටික කැගහන්න පටන් ගත්තා..

" ඔ....ඕමෝ...ඕමෝ...එයාලා යාලුවො වෙලා....වා......හ් කැම්පස් එකේ ඉන්න හැන්ඩ්සම් ම දෙන්නා දැන් යාළුවෝ...ඕමෝ.....
ඕමෝ...."

නීරා පිස්සුවෙන් වගේ කියවගෙන ගියා..

" ඕ.....ඕහ්....JK ඔයාගේ මූණ..? "

නීරා එහෙම කියාගෙන මගේ ලඟට ඇවිත් මගේ මූණට අත තියන්න හැදුවා...ඒත් ඊට කලින් මම නීරගේ අත අල්ලගත්‍තා..

" නෝ බේබි නෝ...ඔයාට මගෙ මූණ අල්ලන්න අවසර නෑ.."

මම එහෙම කියනකොට නීරා මට රවාගෙන ජිමින් ලගට ගියා..

" ජිමින් ඔයාට මොකද උනේ..ඔයාගෙ තොල තුවාල වෙලා..."

" දේ....මට නින්දෙන් තොළ හැපුනා."

ජිමින් නීරාව ගනන් ගන්නේ නැතුව කියනකොට නීරා ගස්සගෙන කැම්පස් එක ඇතුලට ගියා...නීරා විකාරයක් තමයි.ඒත් නීරගෙන් කාටවත් හානියක් උනේ නෑ..එකම කරදරේ උනේ මාවයි ජිමින්වයි දකින දකින තැන ඇඟේ එල්ලෙන එක..නීරා ගියාට පස්සේ වට වෙලා ඉදපු කෙල්ලො ටිකගෙන් ගැලවිලා මමයි ජිමිනුයි ලෙක්චර් හෝල් එකට ආවා..එකට එන අපි දෙන්නව දැකලා හෝල් එකේ ළමයි පුදුමෙන් වගේ අපි දිහා බලාගෙන ඉදියා..

ලෙක්චර්ස් ඉවර වෙලා ග්‍රවුන්ඩ් එකට යන්න කලින් වෙනදා වගේ ලයිබ්‍රි එකට යන්න ගිය මාව ජිමින් ලෙක්චර් හෝල් එකේදිම නැවැත්තුවේ ෆයිල් එකකුත් අතේ තියාගෙන...

" JK මේ ඔයා ගොඩ දවසක ඉදන් හොයපු ෆයිල් එක.."

" මො...මොකක්..? ඒක ඔයා ලඟද තිබුනේ..?"

" දේ...ඒක මම පුස්තකාලෙන් ඉස්සුවා"

" වා....හ් ජිමින් ඔයානම්..."

" මම.... වැඩ්ඩෙක් නේද...?"

ජිමින් හිනා වෙලා කිව්වත් ඒ හැම වෙලාවකම ජිමින් ඉදියේ ලොකු වේදනාවක් හිතේ තද කරගෙන කියලා මට තේරුණා...ජිමින් පිටට පෙන්නන චරිතෙට වඩා ගොඩක් ආදරණිය චරිතයක් .මිආ නැති උනත් එයා අදටත් මිආ ට පණ වගේ ආදරේ කරනවා කියලා මම තේරුම් ගත්තේ එයා ලඟට කොච්චර කෙල්ලො ලං වෙන්න හැදුවත් ජිමින් ඒ හැමෝවම ඈත් කරන නිසා..

මම ජිමින් දීපු ෆයිල් එක ඇරලා බැලුවේ මොකක්ම හරි හෝඩුවාවක් ලැබෙයිද කියලා...ඒත් හිතපු තරම් දෙයක් ඒකෙ තිබුනෙ නෑ....

" ජිමින් මේකේ ඒ තරම් විස්තරයක් නෑනෙ."

" දේ...ඒකයි මම කීවෙ මට මෙච්චර කල් ගිහිල්ලත් කිසිම දෙයක් හොයාගන්න බැරි උනා කියලා..."

" ඒත් වේ...? ඔයා ඇයි මේක හංගලා තියාගත්තේ..?"

" මට ඕනි උනේ නෑ මම ආදරේ කරපු මිආ මැරුණා කියලා මේකට අලුතෙන් එන ළමයි දැනගන්න..මිආගෙ මරණෙන් පස්සේ එයා ගැන ගොඩක් කට කතා පැතිරුණා...ඒ නිසා මම එයා ගැන තියෙන හැම තොරතුරක්ම හොයන්න ට්‍රයි කලා..මට ඕනි උනේ මිආ ව මිනිස්සුන්ට අමතක කරවන්න..ඒ නිසා මේ ෆයිල් එක මම අරගත්තා.."

" එහෙනම් ඒක තමයි ඔයා මගේ පස්සෙන් හැමදාම ලයිබ්‍රි එකට ආවේ.මම මිආ ගැන හොයන නිසා.."

" දේ...මම හිතුවෙ ඔයා ජර්නලිස්ට් කෙනෙක් කියලා..ඒ නිසායි මම නිතරම ඔයා ගැන ඇහැ ගහගෙන ඉදියේ..."

" ඕ....හ්...ජිමින් මිආ ලඟින්ම ආශ්‍රේ කරපු කෙනෙක් කැම්පස් එකේ ඉඳියද..?"

" එක්කෙනෙක් කියල විශේශ කෙනෙක් ඉඳියේ නෑ..මිආ හැමෝම එක්ක ගොඩක් සුහදයි..ඒත් එයා එක්ක ඉදපු අය තවම කැම්පස් එනවා..ඒ කෙනෙක් තමයි නීරා.."

" චි....චින්චා...? අපි නීරගෙන් ඒ ගැන ඇහුවොත් මට හිතෙනවා අපිට වැදගත් දේවල් දැනගන්න පුලුවන් වෙයි කියල.."

" ඒත් JK නීරාට ඔයා ගැන සැකයක් එයිද..?මම මුලින්ම මිආ ගැන නීරා එක්ක ඉදපු කෙල්ලෙක්ගෙන් ඇහුවා.ඒත් එයා කීවේ මිආ හොඳින් ඉදිය කියල.ඒනිසා මම ඒ ගැන නීරගෙන් අහන්න ගියෙ නැ.."

" අ....අනී...ඒ ගැන බය වෙන්න එපා...නීරාව ට්‍රැක් එකට දාගන්න හැටි මම දන්නවා...ජිමින් දැන් අපි ග්‍රවුන්ඩ් එකට යන්.අනිවාර්යයෙන්ම නීරා එතන ඇති.ඒ වගේම මම නීරා එක්ක කතා කරනන්කොට ඔයා වෙනදා හැසිරුනා වගේම හැසිරෙන්න ඕනි...ඒකෙන් නීරා මා ගැන සැක කරන එකක් නෑ.."

එහෙම කියලා මමයි ජිමිනුයි ග්‍රවුන්ඩ් එකට ආවා..මම හිතුවා වගේම නීරා ග්‍රවුන්ඩ් එකට ඇවිත් ඉඳියා...මමයි ජිමිනුයි සෙට් උන නිසා ඒක ගැන කෙල්ලෝ ඔක්කොම ඉදියේ පුදුම වෙලා..ඒ නිසා අනිවාර්යයෙන්ම නීරා ග්‍රවුන්ඩ් එකට එනව කියල මම දැනගෙන ඉදියා..

" ජිමිනා මම කීව වගේම කරන්න හරිද..?"

" අරස්සෝ අරස්සෝ ....කෝකටත් පරිස්සමින්... ඔහොම ඉදියට නීරා ලේසි නෑ..නීරා කපටියි "

මාව දුර තියා දැකලම නීරා කට පුරා හිනා වුනා..නීරාගෙන් සැක නොහිතෙන්න විස්තර අහගන්න ඕනිනම් එයාගේ විදිහටම හැසිරෙන්න ඕනි කියලා මට තේරුණා..මා දිහා බලලා හිනා වෙන නීරට ඇහැක් ගහන ගමන් මම නීරා ලඟට ගියා...

"හේයි..බේබි...මම වෙනුවෙන් මේක තියාගන්න පුලුවන් වෙයිද...? "

මගේ අතේ තිබුන වතුර බෝතලේ නීරට පෙන්නලා අහනකොට නීරා මම කියන්නත් කලින් බෝතලේ අරගත්තා..

" වයි නොට්..?"

නීරා දිහා බලලා ආයෙම ඇහැක් ගහලා මම ප්‍රැක්ටිස් පටන් ගත්තා...ටිකක් වෙලා ප්‍රැක්ටිස් කරලා මම නීරා ලඟට දිව්වේ වතුර බොන්න හිතාගෙන.මම එනවා දැකලා නීරා ඉක්මනට වතුර බෝතලේ මූඩිය අයින් කරලා මගේ දිහාට බෝතලේ දික් කලා..

" මෙච්චර ලස්සන කෙනෙක් අතේ වතුර බෝතලේ තියෙනකොට ඔයා මට කියන්නේ මගේ අතින් අරන් බොන්න කියලද..?"

මම අහනකොට නීරා මගේ ලඟට ලං වෙලා එයාගේ අතින් මට වතුර පෙව්වා.ඒ එක්කම එතනට ජිමින් ආවා.

" නීරා මම කියල තියෙනවනේ..ඕනිවට වඩා කොල්ලන්ට ලං වෙන්න එපා කියල.."

ජිමින් එහෙම කියනකොට නීරා ලැජ්ජාවෙන් වගේ බිම බලාගත්තා..ඇත්තටම නීරා හිතුවේ මමයි ජිමිනයි එයා වෙනුවෙන් පොර කරනවා කියලා..නීරට කොල්ලෝ කියන්නේ සරල දෙයක්.අද තියෙන සම්බන්දේ හෙට නෑ..

" වේ....ජිමිනා..ආයිගෝ..නීරට වතුර බෝතලේ දුන්නේ මමමයි..."

" එහෙනම් ඕනි එකක්.මම යනවා.."

ජිමින් බොරු තරහක් මවාගෙන එහෙම කියලා ආයෙමත් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා..නීරගේ අතේ තිබුන වතුර බෝතලෙන් වතුරත් බීලා මම ආයෙම ජිමින් ඉන්න තැනට ආවා..

" JK...ලේසි නෑ ආහ්...! එක වචනයයි නීරා අතේ"

" මම මුකුත් කලේ නෑ ජිමිනා..එයාම තමයි මට ඕනි දේ කරලා දෙන්නේ.."

" දේ...නීරට ඕවා ගාණක් නෑ...කොහොමත් එයා කොල්ලො සීරියස් ගන්නෑ.."

" දේ...ප්‍රැක්ටිස් ඉවර වෙලා මම ටිකක් කතා කරන්නම් නීර එක්ක.දිගටම මේක කරගෙන යන්න බෑ..මොනා උනත් නීරා කියන්නෙත් කෙල්ලෙක්.."

ජිමින් එක්ක කතා කරලා අපි ආයෙමත් ප්‍රැක්ටිස් කලා...පැයක් විතර ප්‍රැක්ටිස් කරලා චේන්ජ් කරගෙන ස්පෝට්ස් ක්ලබ් එකෙන් එලියට එනකොට නීරා මගේ වතුර බෝතලෙත් අතේ තියාගෙන මම එනකම් බලාගෙන ඉදියා..

" හේයි...ඔයාට ටයර්ඩ්ද ?"

" දේ...ටිකක්...දැන් ගෙදර යනවද...? කැමතිනම් මාත් එක්ක යන්න පුලුවන්.."

" යා...හ් ශුවර් "

නීරා මා එක්ක එන්න එකපයින්ම කැමති උනා..මට එතකොට මතක් උනේ මිආ ව.යාලුවෙන්න අහන කොල්ලට මම ගැන කියලා මම එනකම් බලාගෙන ඉදපු මිආ යි නීරගෙයි වෙනස මට හොඳටම තෙරුනා.පාර්ක් එකට ඇවිත් මගේ බයික් එකට නගින මීරා දැක්කහම වටේ ඉදපු අනිත් කෙල්ලෝ කුටු කුටු ගාන්න පටන් ගත්තා .

" ඕමෝ...ඕමෝ...JK ට එයා වතුරත් පෙව්වා...දැන් එයාලා ඩේටින්ද..? ඕමො..."

එක කෙල්ලෙක් හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා..නීරාගේ නම ගාවලා මට දෙයක් අහන්න ඕනි නැති උනත් මිආ වෙනුවෙන් මම ඒක ඉවසගෙන ඉදියා.

" නීරා එහෙනම් ඔයා JK ව අල්ලගත්තා නේද...?"

" අ....අනී....JK මාව ගෙදරට දාන්නම් කීවා විතරයි..එහෙම මුකුත් නෑ.."

මම නීරගෙන් බලාපොරොත්තු උනෙත් එහෙම උත්තරයක්.මොකද මම හොඳටම දැනගෙන ඉදියා නීරා මම නිසා ජිමින්ව තරහ කරගන්නෑ කියලා..ඒ වගේම නීරට මා එක්ක යාලු වෙන්න ඕනිත් නෑ කියලා..එයාට ඕනි කැම්පස් එකේ කැපී පේන්න විතරයි..

නීරවත් බයික් එකට නග්ගගෙන ජිමින්ටත් කියලා අපි කැම්පස් එකෙන් පිටත් උනා..

" ජන්ගුක් අපි කොහේ හරි යමුද..?"

බයික් එකේ ටික දුරක් එනකොට මගේ ඉන වටේන් අත දාලා මගේ පිටට හේත්තු වෙන ගමන් නීරා ඇහුවා.නීරාගේ හැම හැසිරීමකින්ම මට මතක් උනේ මිආ ව.

" කො...කොහෙද...? ගෙදර යමු කියල නේද කිවෙ..?"

" තාම හවස් වෙලා නෑනේ.අපි ක්ලබ් එක පැත්තෙ යමුද..?"

නීරා එහෙම අහපු එක ගැන මම පුදුම උනේ නෑ...මේක මටත් හොඳ අවස්ථාවක් නිසා මම නීරා එක්ක ක්ලබ් එකට ආවා..ක්ලබ් එක ඇතුලට ගිහින් බාර් එක ළඟ වාඩි වෙලා අපි දෙන්නම බියර් දෙකක් ඕඩර් කලා.නීරාට හොඳට බොන්න පුලුවන් කියලා මම දැනගත්තේ එදා..නීරා මට කලින් වීදුරුව හිස් කලා..ඇත්තටම මට එවලේ පොඩ්ඩක්වත් වෙරි වෙන්න ඕනි උනේ නෑ.මට ඔනි උනේ මිආ ගැන නීරගෙන් අහගන්න...ඒ නිසා මම ඕනිකමින්ම බියර් එක බොන්න පරක්කු කලා..

පළවෙනි වීදුරුව හිස් කළාට පස්සේ නීරා තව එකක් ඕඩර් කලා...ඊට පස්සෙ නම් නීරා ටිකක් මත් උනා.ඒකෙන් ප්‍රයෝජන අරගෙන මම නීරගෙන් මිආ ගැන අහන්න පටන් ගත්තා...

" නීරා...බේබි.."

" දේ...."

" ඔ....ඔයාට මතකද අර මිආ කියලා ගර්ල් කෙනෙක් ඉදියේ කැම්පස් එකේ.."

" මිආ...? මොන මිආ ද...? ම...මට මතක නෑ.."

මට තේරුණා නීරා කියන්නේ බොරු කියලා.ජිමින් කියපු විදිහට එයාට මිආ ව අමතක වෙන්න විදිහක් නෑ...

" නීරා...අර සූසයිඩ් කරගත්ත මිආ..? ඔයාට මතක නැද්ද..?"

" ආ....යිශ්...JK මට මිආ කෙනෙක් මතක නෑ...කම්....ලෙට්ස් ඩාන්ස් "

නීරා නැගිටලා මගේ අතින් අදින ගමන් කිව්වෙ කලබලෙන් වගේ...මට තේරුණා නීරා මිආ ගැන කතා කරන්න කැමති නෑ කියලා..වේ...එයා මිආගේ මරණේ ගැන දන්නවද...? මොකක් හරි දෙයක් වෙලා තියෙනව වගේ..මට නානාප්‍රකාර දේවල් ඔලුවට ආවා..

නීරාව ශේප් එකේ තියාගන්න ඕනි නිසා මම නීරා එක්ක ඩාන්ස් කරන්න ගියා..ටික වෙලාවක් යනකොට නීරා ඩාන්ස් කරලම හෙම්බත් උනා..ඩාන්ස් කරලා තිබහට නීරා ආයෙමත් බාර් එකට ගිහින් බියර් වීදුරුවක් ඉල්ලගෙන එක හුස්මට බිව්වා..ඒක බීවට පස්සෙනම් නීරාට කෙලින් ඉන්න බැරි උනා..

මම ජිමින්ට කෝල් එකක් ගත්තේ නීරාව තනියම කන්ට්‍රෝල් කරන්න බැරි නිසා..

" යොබොසොයෝ JK..මොකෝ අවුලක්ද..?"

" දේ...නීරට හොදටම වැඩී...අපි ලිප්ස් ක්ලබ් එකේ ඉන්නේ.."

" ඕ...අරස්සෝ අරස්සෝ..මම ඉක්මනට එන්නම්.."

කොහොම හරි ජිමින් එනකම් මම නීරව කන්ට්‍රෝල් කරගෙන බාර් එක ලඟම තියාගත්තා...කොච්චර වෙරි උනත් නීරා හැදුවෙම ඩාන්ස් කරන්න යන්න...මේ වෙලේ මිආ ගැන ඇහුවොත් සමහරවිට කියන්න ඉඩ තියෙන නිසා මම ආයෙමත් නීරගෙන් මිආ ගැන ඇහුවා..

" නීරා....මිආ...එයාව ඔයා දන්නවද...?"

" මි.....මිආ...ඕඕඕ......ඔයා අහන්නේ අර සුදු ලස්සන මිආ ද...?"

නී....නීරා එයා මොනවම හරි දන්නවා...ඒ...ඒත් ඇයි එයා කලින් මිආ ව දන්නෑ කිව්වේ..මො...මොකක්ද මෙතන වෙන්නෙ..ඒ කියන්නේ...නී...නීරා මේකට සම්බන්දයිද...? මට දැනුනේ මිආ ගේ කතාව පැටලුනු නූල් බෝලයක් වගේ....

" ද්...දේ...දේ.... එයා තමයි....ඔයා එයාව දන්නවා නේද...?"

ඒ එක්කම ජිමින් එතනට ආවා..මම ජිමින්ට සද්ද කරන්න එපා කියලා අතින් සංඥා කලේ නීරා මිආ ගැන කියන්න හදන නිසා..ජිමින් මම කියන දේ තේරුම් අරගෙන සද්ද නොකර නීරාගේ පිටිපස්සෙ පුටුවෙන් ඉදගත්තා..

" නීරා...නීරා...කියන්න ඔයා මිආ ගැන දන්නවා නේද ? මට කියන්න ඔයා මොනවද දන්නේ කියලා.."

" මි....මිආ....එ...එයා තමයි මම වැඩියෙන්ම වෛර කරපු කෙල්ල...කැම්පස් එකේ මගේ තැන උදුරගත්තේ එයා...මි...මිආ මට වඩා ගොඩක් ල...ලස්සනයි...."

ඒ...එකියන්නේ නීරාද මිආට කරදයක් කලේ..ආ...අනී..අනී එහෙම වෙන්න බෑ..නීරට හොඳටම වෙරි නිසා මට හැමදේම දැනගන්න හදිසි උනත් නීරාට එතනින් පස්සේ කිසි දෙයක් කියාගන්න බැරි උනා..නීරා මගේ ඇඟට කඩාගෙන වැටුණා..එතනින් පස්සේ කොච්චර කතා කලත් නීරා ඇහැරුනේ නෑ...ජිමින් කතා කලත් නීරා ඇස් ඇරියේ නෑ..මට තේරුණා නීරා මිආ ගැන මොනවම හරි දන්නවා කියලා..

දැන් කොච්චර කතා කලත් වැඩක් නැති නිසා..මමයි ජිමිනුයි නීරාව ක්ලබ් එකෙන් එලියට එක්කගෙන ආවේ නීරාව ගෙදරට ඇරලවන්න ඕනි නිසා..

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

Continue Reading

You'll Also Like

874K 35.9K 30
"ကျွန်တော် တစ်ခါ နမ်းရင် ငါးသိန်း ထက်မနည်းရတယ်..သဘောပေါက်လား?"(18+) ကြၽန္ေတာ္ တစ္ခါ နမ္းရင္ ငါးသိန္း ထက္မနည္းရတယ္..သေဘာေပါက္လား?"(18+)
84.4K 11K 41
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
428K 67.8K 70
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
592K 102K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!