WINTER BEAR | KTH FF | ✔️

By A_Shee1

39.8K 8.5K 7.3K

හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hell... More

preface
disclaimer
1st winter
2nd winter
3rd winter
4th winter
06th winter
_07th Winter_
_08th Winter_
_09th Winter_
_10th Winter_
_11th Winter_
_12th Winter_
_13th Winter_
_14th Winter_
_15th Winter_
_16th Winter_
_17th Winter_
_18th Winter
_19th Winter_
Spring Before Winter
_20th Winter_
_21th Winter_
_22d Winter_
_23rd Winter_
_24th Winter_
_25th Winter_
_26th Winter_
_27th Winter_
_28th Winter_
_29th Winter_
_30th Winter_
_31st Winter_
_32nd Winter_
_33rd Winter_
_34th Winter_
_35th Winter_
_36th Winter_
_37th Winter_
_38th Winter_
_39th Winter_
_Q & A_
_40th Winter_
_41st Winter_
_42nd Winter_
_43nd Winter_
_Last Winter_
_Postscript_

05th winter

747 183 32
By A_Shee1

_Winter Bear_
පස්වන ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
______________________________________

අහින්සා වීනාවී....

එයා ඇත්තටම හරි ලස්සනයි. ගොඩක් සුදුයි. ඒ නිසා ලංකාවේ දී එයාගේ ලස්සන ගොඩාක් කැපිලා පෙනුනේ නැහැ. කොන්ඩෙත් ගොඩාක් දිග නැහැ. උරහිසට ටිකක් පහලට වෙන්න තිබුණේ. ඒත් straight තද කළු පාට කොන්ඩයක් ඒක.

ගොඩාක් වෙලාවට කෙල්ලගේ ජාතික ඇඳුම තමයි ඩෙනිම සහ ටී - ශර්ට් එක. එහෙම ඇඳලා කොන්ඩේ ටිකක් උඩට කරලා ගුලියක් වගේ වෙන්න බැඳ ගත්තාම කෙල්ල හිතුවේ ඒක සුපිරි වැඩේ කියලා. එහෙමයි කියලා style නොකලේමත් නෑ. ඒත් ඉතින් ඕනි තැන් වලට ගවුමක් එහෙම ඇඳන් ගියොත් ඉතින් හැමෝම කන්න වගේ බලන් ඉන්න නිසා කෙල්ල ඒකට වැඩිය කැමති වුණේ නෑ.

ෆෝන් එක කියන්නේ හැම වෙලේම අහින්සගේ අතේ තිබුණු අනිවාර්ය අංගයක්. Purse එක ළඟ නැතත් ෆෝන් එක කවමදාවත් එයා අතින් මිස් වෙන්නේ නෑ. එහෙම වුණේ ෆෝන් එකට තිබ්බ ආසාව හින්දා නෙවෙයි. කොයි මොහොතේ තමන්ට කෝල් එකක් එයිද කියලා කෙල්ල දැනගෙන හිටියේ නැහැ. සමහර විට හදිසි ලෙඩෙක් බලන්න යන්න වෙන්නත් පුළුවන්. සමහර විට මොකක් හරි කරදරයක් වෙලා හදිසි අනතුරු සේවයට වාර්තා කරන්න වෙන්නත් පුලුවන්.

~~~~~~~~~~

ටේ හ්යුන් පැයක් විතර යනකල් එහෙමම office room එකේ හිටියේ හිත හදා ගන්න ට්‍රයි කරන්න. ඒත් ටිකක් වෙලා යන කල් එයාට ඒක කරන්න අමාරු වුණා. මොකද එච්චරම කොල්ලා noonaට ආදරේ කළා තමන්ගේම අම්මට වගේ.

ඒත් තවත් ටික වෙලාවක් යද්දි කොල්ලට තේරුණා දැන් මොකුත් කලාට වැඩක් නැහැ කියලා. ඒ නිසා තමයි ජන්කුක්ගේ recording එකේ වැඩේ කොහොමද බලන්න recording room එක පැත්තට ගියේ. ඒ වෙනකොටත් ඒක ඉවර වෙලා තිබ්බේ නැහැ. ඒක ටිකක් අමාරු song එකක්. ඒක නිසා ගොඩාක් මහන්සි වෙන්න වුණා ජන්කුක්ට ඒ වැඩේ ඉවර කරන්න.

" ටේ හ්යුන් සර්.. ඔයාට director sir office එකට කතා කරනවා.." guard කෙනෙක් ඇවිත් ආපහු කොල්ලාට කිව්වේ හදිස්සියෙන් වගේ.

' දැන් ඒකේ ඉඳන් ආවා විතරයි. ආපහු මොකක්ද දන්නේ නැහැ. එක පාරක් හිත රිද්ද ගත්තා මදැයි. දැන් ආපහු..... ' තනියෙන් හිත හිත ටේ හ්‍යුන් ආපහු office room එකට ගියා.

" ඔයාගේ අලුත් make-up artist ඇවිත්
ටේ හ්යුන්.." Director කිව්වා.

" ඕ එහෙමද.. ??" කොල්ලට නම් ඒකේ කිසිම වැදගත්කමක් තිබ්බේ නෑ.

" එයාව නම් ඔයාට noona නෙවෙයි. ඒත් අපි හොඳට බලලා තමයි මෙයාව ගත්තේ. Noona කෙනෙක් නොවන කෙනෙක් ඔයාගේ main make-up artist වුණාට ප්‍රශ්නයක් නැද්ද.. ?"

" මෙහෙ ගන්න හැම තීරනෙකටම අපි එකඟ වෙනවනේ.." කොල්ලා එහෙම කිව්වේ noonaට යන්න දීපු එකට director එක්ක කේන්තියෙන්.

ටේ හ්යුන් එහෙම කියනවත් එක්කම දොරට කවුරු හරි තට්ටු කළා. Director

' එන්න ඇතුලට ' කියලත් කිව්වා.

" ටේ හ්යුන්.. මේ තමයි ඔයාගේ අලුත් make-up artist"

Director එයාව කොල්ලාට අඳුනවල දුන්නත් කොල්ලා බැලුවේවත් නෑ. ෆෝන් එකට ඇන ඇන

"හ්ම්.." කිව්වා විතරයි.

ඒත් ඒ ආපු girl 'Nice to meet you sir.. I am Jee hee..' කියලා හරි ලස්සනට කිව්වා.

ඒ කටහඬ ඇහුණට පස්සේ තමයි කොල්ලා ඇස් උස්සලා එයා දිහා බැලුවේ. ඒ බලපු ගමන් කොල්ලගේ ඇස් නළලට ගියා..

' Wow.. මෙයාගෙ ලස්සන...'

එහෙම හිතන ගමන් ටේ, ජීහීගේ ඇස් දිහා බලාගෙන ගොඩාක් වෙලා ඉන්නැති.

( ඇනයක් 🙂)

~~~~~~~~~~

ගුවන් ගමන අවසන් වෙන්න තිබ්බේ තව පැය බාගයක් වගේ කාලයක්. අහින්සා ඒ වෙනකොටත් පත්වීම Seoul වල Base hospital එකට හදා ගෙන තිබුණේ. ඒකට ගොඩක් මහන්සි වෙන්න කෙල්ලට ඕනි කමක් වුණේ නෑ. මොකද මෙච්චර දක්ෂ කෙනෙක් ගන්න අකමැති වෙන්නේ කවුද නේද..

Land කරලා check-in වුන ගමන් කෙල්ලට නැන්දලාගේ ගෙදර දුවන එක තමයි කරන්න තිබුනේ. කොරියාවට ආපු පළවෙනි වතාව වුණත් ඒ අමුත්ත පැත්තකට දාලා වැඩ කරන්න වුණේ ඉෂ්ට කරන්න ආවේ වගකීමක් නිසා.

ඒ වුණත් Airport එකේ ඉඳන් ගෙදරට එන වෙලාව ඇතුළතත් එක එක කරදර වලට මුහුණ දෙන්න සිදු නොවුනම නෙවෙයි. එකක් කෙල්ලගේ පෙනුම නිසා ඉතින්. අනිත් එක කෙල්ලගෙ ලෙක්චර්ස් වලට හිටපු ගොඩක් medical studentsලා හැමතැනකදිම වගේ එයාට හම්බුනා.

බැරිම තැන කොණ්ඩෙ උඩට කරලා cap එකක් දා ගත්තේ මූණ හන්ගගෙනවත් එන්න හිතාගෙන.

නැන්දලාගේ ගෙදර තිබුනේ Seoul වල දකුණු පැත්තට වෙන්න. පැය දෙකක් විතර යනකොට එහෙට යන්න අහිංසට පුළුවන් වුණා.

" අනේ පුතේ.." අහිංසාව දැක්ක ගමන් නැන්දා කෑ ගැහුවා.

" නැන්දේ.. "

නැන්දා කරපු පලවෙනි වැඩේ තමයි කෙල්ලව බදා ගෙන අඬපු එක. කෙල්ල මොකුත් කිව්වේ නෑ. එහෙමම හිටියා නැන්දට අඬන්න දීලා. ටික වෙලාවක් අඩපු නැන්දාම පස්සේ අඩන එක නැවැත්තුවා.

" ඇතුලට එන්න පුතේ.. "

" මට කණගාටුයි නැන්දේ.. ඒත් වෙන්න තියෙන දේ වුණා" අහිංසා කිව්වේ නැන්දව අස්වස්සන්න හිතාගෙන.

" මට තේරෙනවා පුතේ. අන්තිමට වුණේ මන් තනිවුනා එක විතරයි අර කෙල්ලෙකුත් එක්ක" නැන්දා කිව්වේ කම්මුලක අත ගහගෙන.

" නැන්දා බය වෙන්නෙපා. නැන්දා තනි වුණේ නෑ. මන් ආපහු යන්න නෙවෙයි ආවේ. මන් ඔයාලාත් එක්ක ඉන්නවා දිගටම"

දිගටම ඉන්න අදහසක් නොවුනත් කෙල්ල ඒ වෙලාවේ ඒ විදිහට කිව්වේ තැනට සුදුසු හින්දා.

" අනේ දුව ඇත්තටමද කියන්නේ..??"

" ඔව් නැන්දේ.. අපි දැන් වැඩ ටික කරමුකෝ. ඊට පස්සේ කතා කරමු.. නංගි කෝ..??"

" නංගි Funeral hall එකේ දුව. මන් පොඩි බඩු වගයක් ගන්න ගෙදරට ආවේ"

" එයාව තනි කරන්නෙපා නැන්දේ මේ වෙලාවේ. මන් සේරම වැඩ ටික කරන්නම්. ඔයා එයා ළඟින් ඉන්නකෝ.."

නැන්දාගේයි, මාමගෙයි එකම දුව, ගයෙල් තාම ඉගෙන ගන්න වයසේ හිටියේ. තාත්තා නැති වුණා එක කෙල්ල කොහොම දරා ගෙන ඇතිද කියලා අහිංසට පුදුමත් හිතුනා. මොකද සම්පුර්ණයෙන්ම ගයෙල් සාම්ප්‍රදායික කෙල්ලෙක් විදිහටමයි හැදුනේ. හිනාවෙන්න පවා ලැජ්ජයි. ඉතින් මෙච්චර දෙයක් දරා ගන්න.

දවස් 4 ක් විතර ගෙවිලා ගියේ මාමාගේ මරණයේ වැඩ ටික කරන්න. අහින්සා මුල් වෙලා හැම දෙයක්ම කරපු නිසා හැම දේම පිළිවෙලට වුණා. නැන්දලට ලොකු
වගකීමක් තිබ්බෙත් නෑ.

කොහොම හරි ඒ වෙද්දිත් අහින්සා වීනාවි දකුණු කොරියාවට ඇවිත් සතියක් ගත වෙලා තිබුනා..

~~~~~~~~~~

ජීහී හරි smart. ඒකට smart කිව්වත් අදින විදිහයි, make-up කරන විදිහෙනුයි තමයි ඒ ස්මාර්ට් ගතිය රැඳිලා තිබ්බේ. හෙන ලොකු line එකේ හිටපු කෙල්ලෙක්. අම්මෝ.. make-up artist කියන්නේ bighit එකේ ලොකුම post එක කියලා හිතන් හිටියෙ. හැබැයි වැඩ නම් සුපිරියි ඉතින්..

ටේ හ්යුන් හෙව්වේ smart කෙල්ලෙක් තමයි. ඒත් ඩීසන්ට් කෙල්ලෙක්. ජීහී කොල්ලට ගැලපෙන්නේ නෑ කියලා වෙන ඕනි කෙනෙකුට තේරුනත් කොල්ලා ඒක තේරුම් ගත්තේ නැද්ද මන්දා. නැත්නම් ඉතින් මෙහෙම වෙයි යැ.

මේ දවස් ටික කොහොමත් live event තිබුණු දවස් නෙවෙයි. ඒත් ගොඩක් වෙලාවට event වලට ආවා මේ හත්දෙනාම. ටේ හරි ආසාවෙන් හිටියේ එහෙම live එකක් තියනකොට. මොකද දන්නවද.. make-up එක දා ගන්න පුළුවන්නේ ජීහීට කියලා..

( චී නේද..? 🙂 )

~~~~~~~~~~

අද ටේ හ්යුන් ගේ නිවාඩු දවස. Dorm එකේ එච්චර සද්දයක් තිබුණෙත් නෑ. හැබැයි හැමෝම ගෙදර හිටියා. එක පාරටම ටේගේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තේ කවමදාවත් දැකලා නැති නම්බරේකින්..

" හලෝව්.." 

_________________________________________

Cover by Raziel416

A_Shee ~

Continue Reading

You'll Also Like

4.9K 1.4K 11
♦️අවසානයේදී~~ ඔවුන් කෙසේ හෝ මා විනිශ්චය කරයි.. ඉදින් කෙසේ වුවත්... ? 🃏 🚫🚭⚠️️ Kim Seokjin FanFiction BTS FanFiction Just FanFiction
257K 45.6K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
110K 4.8K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
441K 62.2K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...